එක් මනුෂ්‍යයෙක් සිරිපා බිමට කසල ග්‍රෑම් සියයක් එකතු කරනවා යැයි අපි සිතමු. මිනිසුන් දසදහසක් යන කල සිරිපා මග දෙපසට කසලකිලෝ දාහක් හෙවත් මෙට්‍රික් ටොන් එකක් එකතු වේ. එම කසල පහලට ගෙන ඒම ගේමකි. කිලෝ දාහ ට්‍රැක්ටරයකින් පහසුවෙන්ම ගෙනආ හැකිය. එහෙත් ටැක්ටරයක් සිරිපා යන මගටයා නොහැකිය. කසල මල්ලක් හාල් මල්ලක් මෙන් පහසුවෙන් ගෙන ඒමට බැරිය. කසල කිලෝ විස්සක මල්ලක් රැගෙන කන්ද බැසීමද ඇතැම් විට අපහසු කාර්යයකි. කසල කිලෝ විස්ස බැගින් බැලුවද කසල කිලෝ දාහක්ඉවත් කිරීමට අඩු ගානේ මිනිස්සු 50ක් වත් උවමනාය. එයින් කසල මගින් සිරිපා පරිසරයට වන බලපෑම ඔබට සිතාගත හැකිය. සැබැවන්ම සති අන්තයේ සිරිපාදයට ඇදෙන පිරිස දහදාහක් නොවේ. ලක්ෂ ගනනකි. එවිට සිරිපා මග දෙපස මුදාහරින කසලවිශාල ප්‍රමාණය ඉවත් කරන්නේ කෙසේද? එය ගැටළුවකි.
රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ගවේශකයේ කන්ඩායම මෙවරත් 2018 මාර්තු 17 වැනිදා පෙර වසරේ පරිදිම ශ්‍රමදානයකට සූදානම් විය. සිරිපා සමයේදීම කරන මෙම ශ්‍රමදානය මගින් ජනතාව බලාසිටියදීම, බැතිමතුන්ගේ ඇල්ම බැල්ම යටතේම කුනු ඉවත්කිරීමේ කාර්ය සිදුවේ. එය එක් තරා අතකින් ජනතාවට කුනු කෙරෙහි නැවත සිතා බැලීමට ලැබෙන මාහැගි අවස්ථාවකි.
17 වැනිදා ශ්‍රීපාද හැටන් මගට තදින් වැස්සේ නැතත් යම් තරමක පොද තත්වයක් තිබුනි. පොද තත්වය නිසා කුනු ඉවත්කිරීඹ මන්දගාමී විය. අපිට වනය තුලට පිවිස කුනු එකතුකිරීම සිදුකල නොහැකි විය. එකතුකරන ලද කුනු වල ප්ලාස්ටික් පොලිතීන් හැර අනෙකුත් කුනු වල බර වැඩිවිය. ප්ලාස්ටික් බෝතල නම් අත් දෙකට දෙකක් වශයෙන් මලු දෙකක් වුවද ඔසවාගෙන ආ හැකිය.එ හෙත් බරැති කුනු එසේ නොවේ.
තරමක් වයසක නඩයක සීයා කෙනෙකු අපි ඉවත්කරන දිහා එබිකම් කර ඔක්කෝම බෝතල් නෙව යැයි කීවේය. බෝතල් විතරක් නෙවෙ සීයේ යට ජංගි, ඩයපර, සෙරෙප්පු, ඇදුම්, කුඩ, පාර්සල්, මලු, බෑග්,පූජාබාන්ඩ වගේ ගොඩක් දේවල් තියෙනවා.. නැත්තේ මිනිස්සු විතරයි.. යැයි අපේ කන්ඩායෙමේ අයෙක් කුනු වල සංයුතිය පිළිබද හරබර දේසුමක් සීයාට දුන්ෙන්ය.. හොහ් හොහ් හොහ්.. මිනිස්සුය කියලා වෙනසක් නෑ.ඔය එලවුන්ස් කරන්නේ අරකා මග ඇරුනාය.මූ නැතිවුනාය. පොඩි එකා මගැරිලාය කියලා.. මුන්ට ඇහැන්නං මිනිස්සුත් දාල යාවි මේකේම යැයි සීයාද අපි සමග එකතුව වන්දනාකරුවන්ට දොස් කීවේය.
මා යන එන ගමනසිරිපා මගේ කඩයකට තේ වතුර එකක් බොන්නට ගොඩ වූ අතර එවිට මගේ අතේ කුනු එකතුකරන පාර්සලයක් නොවීය. කඩයේ තිබූ දැන්වීම තිබුනේ ලෑලි මත වාඩිවෙන්න එපා කෝමද ඒක යනුවෙනි. එහි කෝමද ඒක යන්න හිනා එන කැල්ලක් වූ බැවින් මා එය සද්දෙන් කියවීමි. එවිටකඩේ අතුගාමින් සිටි මහත්මයෙකු.. ඕම ගහල මදි .. මුන්ට කොහම කිව්වත් තේරෙන් නෑනේ. දැන් බලන්න අර ලමයි ඇවිල්ලා බෑග් අරං කුනු අස්කරනවා. මුන් මොකෝ කරන්නේ කුනු දානවා හැමතැනම. බලන්න අර රටින් එන සුද්දා.. ටොපි කොලේ කෑවද ඒකත් දාගන්නවා නේ බැග් එකකට..
මේ පහලැති සාම චෛත්‍යයට පහල තැනක බත් කොල ගොඩකි. ආහාර පාර්සල් ගෙනාආ නඩේක බත් නරක් වෙලාදෝහෝ බත් ගොඩක් බත් සමගම කොල සමගම දමා තිබුනි. දින දෙක තුනක් ගොස් තිබූ නිසා ඒවායින් තද දුගදක්ද තිබුනි. ඒවා අපි මල්ලකට පුරවා ගත්තෙමු. එය කිලෝ ගානක බරකි. අඩුගාන්ඒ මල්ල කිලෝ 40ක්වත් බරය. එසේබර වැඩි වූවාය කියලා අපිට මල්ල තබායන්නට නොහැකිය. ඕජස් ගලන ජරාව වන හෙයින් ඒවා කරතියාගෙන යන්නටද නොහැකිය. ඒ කසල ටික කෙසේහෝ අපි අමාරුවෙන් පහලට ගෙන ආමු. බාල්දි වලට වෙන් නොකර කොලවල ඔතා ආහාර ජාති දැමීමෙන් කසල ඉවත්කරන අය මුහුනපාන්නේ මහත් කරදරයකටය.
ගෙනියන ඔක්කොම ගේමු.
සිරිපාද නොව ඕනෑම සංවේදී පරිසර පද්ධතියක් නරඹන්නට යන විට ඒ පරිසරයට යමක් මුදාහරන්නේ නැති ලෙස කෑම ආහාර ආදිය රැගෙන යෑම කල යුතුය. පුරාතනයේ අද මෙන් ලන්ච් සීටි තිබුනේ නැත. උයාපිහාගෙන්නා ආාහාර පෙට්ටිවල ඇතිලිවල බහාගෙන ඒවා ඔසවාගෙන ගොස් අදාල තැන්වලදී ආහාර ගත්හ. එලෙස ආහාර මලු බදින්නේ නැතිව කන්ඩායම් වලට අවශ්‍ය ආහාර තොග පිටින ්රැගෙන යා හැකිනම් එය පහසුවකි. එවිට ඉතුරු වෙන ආහාර ටිකක් වෙත්නම් ඒය රැගෙන ඒමට හෝ මුදාහැරීමට වඩා පහසුය.
පොලිතීන් ප්ලාස්ටික් හෝ නොදිරන හෝ දිරන දෑ සිරිපා බිමට නොදමා නැවත මල්ලේ රුවාගෙන පැමිණ අන්තයේදී ඇති කුනුබාල්දියට දැමීමමේ කුනු පස්නය විසදීමට ඇති සාර්ථකම විසදුමයි. එසේ නොමැතිව රජයට ආණ්ඩුවට හතරවටේ බැන වැදීමෙන් මේ ගැටලුව විසදිය හැකි මගක් පේනතෙක් මොනයක නොපෙනේ.
මේ සිරිපා ඉමේ වැඩිම ආදායමක් උපයන්නේ පංසලයි. පඩි පේලි කිහිපයක් නවීකරණය කල තැන පවා නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ මෙන් වහ වහා පුරවරුවක් කරවා සිය නම එහි ඔබාගැනීමට ධම්මදින්න හිමියෝ කටයුතු කර තිබුනි. එහෙත් සිරිපා මහ මළුවේම වැසිකිලි දිහාවේ කුනු පුලුස්සති.සිරිපා හැටන් මග අයිතිප්‍රා සභාවවත් වනජීවි අංශවත් දැන් කලක සිට කුනු පුලුස්සන්නේ නැත. අනෙක් අතින් සිරිපා මලුව යනු බැතිමතුන් පොදි ගැසෙන තැනකි. අහිතකර වායු මුසුවන ලෙස එතැන කුනු පිලිස්සීම කුමන ඇල්ම බැල්මකින් සිදුවේදැයි ගැටළුවකි.
දොලොස් මහේ පහනෙ ්සිට පහල බැලූකල පෙනෙන කුනුගොඩ මේය. සිරිපා මලුවේ හතරඅතින්ම පහල බැලූ කල පේන්නේ කුනුය. එනම් මලුව වටේම කුනු අතුරාගෙන කුනු උඩ සිටීමට ස්වාමින් වහන්සේලා මනාප සෙයක් පෙනේ. බැතිමතුන්ගේ පඩුරු ආදාර යහමින් ලැබෙන සිරිපා පංසල කුනු සම්බන්ධයෙන් දක්වන දායකත්වය නම් බොහෝ මදිය.පිටතින් පිරිස් ගියද මෙම කුනු ඉවත් කිරීමට පංසල මගින් දෙන්නේ අඩු දායකත්වයකි. අවාරේ සිරිපා පිරිසිදු කරන කන්ඩායම් වලට මලුවට පැමිණීම පවා වරක් ධම්මදින්න හිමි විසින් තහනම් කර තිබුනි.
රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ගවේශකයේ කන්ඩායම මෙවරත් 2018 මාර්තු 17 වැනිදා පෙර වසරේ පරිදිම ශ්‍රමදානයකට සූදානම් විය. සිරිපා සමයේදීම කරන මෙම ශ්‍රමදානය මගින් ජනතාව බලාසිටියදීම, බැතිමතුන්ගේ ඇල්ම බැල්ම යටතේම කුනු ඉවත්කිරීමේ කාර්ය සිදුවේ. එය එක් තරා අතකින් ජනතාවට කුනු කෙරෙහි නැවත සිතා බැලීමට ලැබෙන මාහැගි අවස්ථාවකි.
17 වැනිදා ශ්‍රීපාද හැටන් මගට තදින් වැස්සේ නැතත් යම් තරමක පොද තත්වයක් තිබුනි. පොද තත්වය නිසා කුනු ඉවත්කිරීඹ මන්දගාමී විය. අපිට වනය තුලට පිවිස කුනු එකතුකිරීම සිදුකල නොහැකි විය. එකතුකරන ලද කුනු වල ප්ලාස්ටික් පොලිතීන් හැර අනෙකුත් කුනු වල බර වැඩිවිය. ප්ලාස්ටික් බෝතල නම් අත් දෙකට දෙකක් වශයෙන් මලු දෙකක් වුවද ඔසවාගෙන ආ හැකිය.එ හෙත් බරැති කුනු එසේ නොවේ.
සිරිපා ඉමේ ජනතාව දැනුවත් කරන දැන්වීම් බොහෝ තිබුනි. බොහේ ඒවායේ කුනුබාල්දි වලට කුනු දම්න්නැයි ඉල්ලා තිබුනි.එ හෙත් ඒ බාල්දි අස් කරන්නේ කවුද? වනජීවි සංරක්ෂණ අධිකාරිය ප්‍රා සභාව ඒ සදහා පිරිස් පත්කර ඇතත් එකතුවන කුනු කන්දරාවේ හැටියට ඒ පිරිස කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මිනිසුන් සියයකට එක් අයෙක් ගානේ දැමුවද ලක්ෂ ගනනක් එකතු වන බිමක කසල අයින් කිරීමට මහ සේනාවක් සෙනග සිටිය යුතුය. එනිසා කුනු බාල්දි තිබෙන තැන්වල අවට වනය හොදින් බැලුවොත් බාල්දි වල තිබෙන දෑ එසේම වනාන්තරයේ නොපෙනන තැනක ගොඩගසා තිබෙනු දකින්නට හැකිය.
පසුගිය වසරට සාපේක්ෂව සිරිපා ඉම වඩාත් පිරිසිදුය. සිරිපා පඩිපෙල්හි බොහෝ තැන් වල ටොපි කොලයක් තරමක දෙයක්වත් නොවන ලෙස පිරිසිදු කරන්නට අපිට හැකි විය. අපි යෑමට පෙර සතියක ගුවන් හමුදාව දායක වී සැලකිය යුතු කොටසක් පිිරිසිදු කර තිබුනි. ඒ නිසා අපිට එතරම්ම කුනු තොගයක් එක්රැස් නොවීය. තරමක් වයසක නඩයක සීයා කෙනෙකු අපි ඉවත්කරන දිහා එබිකම් කර ඔක්කෝම බෝතල් නෙව යැයි කීවේය. බෝතල් විතරක් නෙවෙ සීයේ යට ජංගි, ඩයපර, සෙරෙප්පු, ඇදුම්, කුඩ, පාර්සල්, මලු, බෑග්,පූජාබාන්ඩ වගේ ගොඩක් දේවල් තියෙනවා.. නැත්තේ මිනිස්සු විතරයි.. යැයි අපේ කන්ඩායෙමේ අයෙක් කුනු වල සංයුතිය පිළිබද හරබර දේසුමක් සීයාට දුන්ෙන්ය.. හොහ් හොහ් හොහ්.. මිනිස්සුය කියලා වෙනසක් නෑ.ඔය එලවුන්ස් කරන්නේ අරකා මග ඇරුනාය.මූ නැතිවුනාය. පොඩි එකා මගැරිලාය කියලා.. මුන්ට ඇහැන්නං මිනිස්සුත් දාල යාවි මේකේම යැයි සීයාද අපි සමග එකතුව වන්දනාකරුවන්ට දොස් කීවේය.