සෙනසුරාදා මාතරින් යනවා යාපන කෝචිචියක්. ඒක උදේ 6.20ට මාතරින් පිටත් වෙන්නේ. ලංකාවේ තිබෙන එක් වැඩිම දුරක් ගෙවායන කෝච්චිය තමයි ඒ.ඉන්දියානු එස් 11 පවර් සෙට් දෙකක් සම්බන්ධ කරලා හදපු දිග කෝච්චියක් තමයි මාතරින් සෙනසුරාද විශේෂ දුම්රිය විදියට යාපනේ යන්නේ. අපි ගිය පෙට්ටියට ගොඩ වුනු හාමුදුරු දෙනම මුලින්ම ගොඩ වුනේ මේන්න මේ ආකාරයට.
දකුණු වෙරළබඩ තීරයට ආවේනික කනෙක්ටඩ් ගස්මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී හම්බ වෙනවා. මේ රැහැන් මගින් සම්බන්ධ වුනු ගස් එකිනෙක බඩ ගාලා රා එකතුකරලා ජීවිකාව ගෙනයන පිරිසකුත්ඉන්නවා. ඇත්තටම මේකලේසි ක්‍රමයක්. අතුරේ යෑම අවධානම් වුනත් අතුරේ නොයා ගහෙන් ගහ බැහැලා නැගලා යන්න ගියොත් ඒකට සෑහෙන වෙලාවක් වගේම මහන්සියකුත් වියදම් වෙනවා.
කෝච්චිය කොළඹට පෑ තුනෙන් එනවා. කොළඹට කිට්ටු වෙද්දි තියෙන්නේ මුඩුක්කු. පොල් ගස් ඝන සැරේට තිබුනත් ඒ යට තිබෙන මුඩුක්කු ටික වහන්න අමාරුයි. ලස්සන මුහුදු වෙරලක් එක්කම වගේ යන මුහුදුබඩ දුම්රිය ගමන සුන්දර් අත්දැකීමක්.
කොළඹට එනකල්පිරිලා සෙනග ආවත් කොළඹින් යාපනේ කොටසට සෙනග ගොඩක් අඩුයි. මේ දුම්රිය ජනයා අතර ජනප්‍රිය නැහැ..නැතිනම් යන වෙලාව ජනයාට එතරම් හුරුපරුදු නැහැ. ඉතිං දෙවන පන්තියේ වුනත් ගොඩක් සීට් හිස්වට ගියේ. විශේෂ දුම්රියක් නිසා වෙලෙන්දෝත් අඩුයි. මේ ඈතින් පේන්නේ සංචාරක වෙලෙන්දෙක්.
මේ එක තැනක කෝච්චිය නැවැත්තුවා සිග්නල් නැතුව ඒ ළග බාර් එකක් තිබිලා මම දූවල ගිය බියර් එකක් ගේන්න..මෙන්න බොල කෝච්චිය ගැස්සුනා.. මම බයවුනා. ඒත් ටිකකින් කෝච්චිය ගියා රිවස් එකට..ගිහින් අනෙක් ට්‍රැක් එකට දාගෙන එන අතරේ මම බියර් කෑන් දෙකකුයි කව්පි එකකුයි අරං ආවා. මගේ යාලුවා අනුසයටත් ඒ වගේ කව්පි එකක් නම් කවදාවත් සෙට් වෙලා නැහැ..ඇත්තටම රසට තිබුනා.
අපේ කෝච්චි පාර තිබෙන විදියට අනුරාධපුරය වව්නියාව හරහා තමයි යාපනයට යන්න තිබෙන්නේ. ඉතිං ඒ ගමනේදී වැව් තලා මහා කෙත්වතු පොල් වතු එහෙමත් හරි හරියට හමු වෙනවා. නමක් නොදන්නා මේ වැවත් ඒහෙම සෙට් වුන වැවක්.
මේ අනුරාධපුරේ. අනුරාධපුරේ කෝචචියට ටික වෙලාවක් නවත්වනවා. කෝචිචිය මාතර ඉදලාම නන්සටප් ඇවිල්ලා තෙල් ඉවර වෙනෝනේ..ඉතිං කෝච්චියට අනුරාධපුරේදි තෙල් ගහනෝ. අනුරාධපුරේදි කැන්ටිමට ගියත් කැන්ටිම පිරිලා කොහෙන්දෝ වැඩ්ඩපු බැතිමතුන්ගෙන්. ඒ අය කෑමත් කාලා. අපි ඉතිං යෝගට්දෙකක් බඩට දාගෙන බිස්කට් එකකුත් කාගෙන සේප් කරගත්තා. වේල.
මේක දකුණු වෙරළ හරියේදි හමුවුනු පිංතුරයක්. මේකේ හොදට බැලුවොත් ඈත පිරිසක් මාදැල් අදිනවා පේනවා.ඒ වගේම සෙනසුරාද හින්දා දෝ ගෙදර රෙදිටික හෝදා දාලා ඒවා මූදුු හුලගට අව්වට අහුවෙන්න වනන අම්මා කෙනෙකුත් පේනවා.
කොළඹ කිට්ටුව ඉදිකිරිම් වැඩබිම්. කොළඹ අහස උසට බිල්ඩින් හදනවා. කොළඹට එද්දි පහුකරාල එන මුඩුක්කු ජනයා ඒමම ඉද්දි කොළඹ වෙනත් පැත්තක් මහා විසාල විදියට සංවර්ධණයක් වෙනවා වගේ පේනවා.
අපි යාපනයට යද්දි රැ වුනා..ඒත් මුලු ගමන පුරාවටම වට පිට බලන්න දේවල් ගොඩක් තිබුනා. මම ඉන්දියාෙව් ලස්සන ම දුම්රිය මාර්ග දෙකක ගමන් කරලා තිබෙනවා. එහේ ඉහල බංග්ලාේද්ශයට උඩින් ගුවාටි පැත්තේ ගිය ගමනේදි ලස්සන භූමි දර්හණ හමුවුනා.. ඇත්තටම මේ මාතර ඉදන් යාපනේ ගමන කියන්නේ වෙරළබඩ දර්ශණ, නාගරික දර්හණ. කෙත්වතු, පොල්වතු, තල්වතු, මුඩුබිම්, වනාන්තර කොටස්, පදුරු බිම්, වගුරු බිම් ආදී විශාල විවිධථ්වයකින් යුතු පරිසර පද්ධථි රැසක් දකින්නට ලැබෙන කදිම ගමනක්.
කෙනෙක්ට හිතෙන්නට පුලුවනි. හපෝ කෝච්චියේ මාතර ඉදන් යාපනේ යෑම මොන ට්‍රිප් එකක්ද කියලා. ඒත්.. ට්‍රිප්කියන්නේ ස්තානයක් බලන්න ගිහින් එතැන අත්දැකීම රැගෙන ඒමම නෙමෙයි. ලංකාව වගේ බොහෝම ලස්සන රටකදි වටපිට බලාගෙන කෝච්චියේ හමුවෙන අයත් එක්ක කතා බස් කරගෙන යන ගමනක් කියන්නෙත් හොද චාරිකාවක්. ඒක වෙනමම ආතල් එකක්.
මේ ගමන යන්න කැමැත්තක් ඇති වුණා.
ReplyDeleteමේක යාපනයෙන් එන්නෙ කවදා කීයටද ? දුම්රිය දෙපාර්තමේන්තුවේ අයගෙන් අහන්න ගිහින් බැනුං අහන්න බෑ නෙව.
ReplyDeleteනියම සංචාරක සටහනක්.
මං හිතන්නේ එන්නේ ඉරිදා උදේ..
Deleteඅම්මෝ .. එකදිගට කොහොමද බං හිටියේ
ReplyDeleteබොග වලේ වාඩිවුනා වගේ ඉන්න එකක්යැ..ඇවිදිනවා.. වෙන සීට් වලට යනවා.. ටිකක් වටපිට බලනවා..නිදාගන්නවා.
Deleteඒක මරු.
ReplyDeleteමෙන්න ට්‍රිප් ,
ReplyDeleteඅගේ ඇති සංචාරක සටහනක් .
කෝච්චියක ඔය වගේ දුර ගමනක් යන එකත් වෙනම ආතල් එකක් තමයි. සෙනග නැතිඋනාම තමය් ඒක හොඳටම විඳින්න පුලුවන්.
ReplyDelete//මේ එක තැනක කෝච්චිය නැවැත්තුවා සිග්නල් නැතුව ඒ ළග බාර් එකක් තිබිලා මම දූවල ගිය බියර් එකක් ගේන්න..මෙන්න බොල කෝච්චිය ගැස්සුනා..// මේක නිකන්ම ගැස්සීමක් නෙමෙයි බන්... කෝච්චියටත් බොන්ඩ හිතිලා.....
ReplyDeleteදුම්රිය තුළ මත්පැන් බිම තහනම් වගේම අවලන් වැඩක්.
Deleteබියර් කියන්නේ මැච් වලදි පවා බොන් දෙන සැර අඩු මත් පැන් වර්ගයක්..බියර් එකක් බිව්වා කියල මම හිතන් නෑ කෝචචියේ යන සිල්වත් ජනයාට හිරිහැරයක් වෙයි කියලා..ලංකාවේම වයිස්රෝයි එකේ නම් යද්දි ෂොට් එකක් දාගෙන සැනසිල්ලේ යන්න නිදහස තියෙනවා.. පොඩි මිනිහාට තමයි හැමතැනින්ම කේස් එක..
Deleteපහුගිය ටිකේ දේශපාලනයෙන් තොර බොගක් තිබුනේම නැති තරම්..මේ වගේ ලිපියක් කියෙව්වම හිත නිදහස් වෙනව.
ReplyDeleteහිටියෙ කොහේද..?..නවාතැන් හොයාගන්න අමාරුද..මිල...ඒ වගේ තොරතුරුත් දමන්න
ගමනාන්තය නොව ගමන අත්විඳීම තමයි හොඳ
ReplyDeleteයන්න හිතුනා තනියෙං
ReplyDeleteකුරුණෑගල ඉඳන් අනුරාධපුරේ ට යන්න අවුරුදු හතරක් විතර පාවිච්චි කළේ මේ කෝච්චිය තමා!
ReplyDeleteකතාව නම් සම්පූර්ණයෙන් ඇත්තගමමත් පහුගිය දෙසැම්බරයක මේ වගේ කොළඹ ඉදන් යාපනයට කෝච්චියෙන් ගියා. විවිධාකාර පරිසර පද්ධති අතරින් තමයි ගමන ගියේ .ඒ වගේම හරිම ලස්සන ගමනක් කිව්වොත් නිවරදියි.
ReplyDelete