Sunday, January 26, 2020

අහසින් ගිලිහුන තරුවක් විලසින්


අහසින් ගිලිහුන තරුවක් විලසින්
සඳට හොරා අහසින් නික්මුනේ නුඹයි
රහසින් කෙඳිරුව කවියක් විලසින්
කවක් තියේ කවි සිතනම් හුඟක් දුරයි 
නොදැනිම නෙතු අග කඳුලක් විලසින්
මඳක් රැඳී රහසෙම ගිලිහුනේ නුඹයි
මතකය මතකයි සුවඳක් විලසින්
හිතක් හඬයි නුඹ නිහඬයි නිසංසලයි  


ගඟක් ගලන්නේ සයුරෙන් අසා නොවෙයි
මලක් මියෙන්නේ පොළවට කියා නොවෙයි
හුඟක් කෙටියි අප ආදරයත් එහෙමයි
සඳයි තරුයි, නිල් ඇසුයි නුඹයි මමයි


සඳක් නොවී සඳ එළියක් වුනා තමයි
මලක් නොවී මල් සුවඳක් වුනේ නුඹයි
නුඹයි මමයි ඒ කතාව හරි පුදුමයි
හුඟක් දුරයි අපි, ඇස් පැටලුනා තමයි

පද රචනය - බීටල් බෙයිලි  

Monday, January 20, 2020

හොටන් තැන්න ගමන

හෝටන් තැන්න කියන්නේ කොච්චර බැලුවත් ඇතිවෙන් නැති තැනක්. ඉතින් මාත් හිතුවා ආයෙම හෝටන් තැන්න යන්න ඕනි කියලා. මේ ගමන යන්නහැදුවේ පට්ටිපොලින් බැහල. ඒත් පාන්දරම නයිට්මේල් එකෙන් පට්ටිපොල බැස්සම එතන ඉදලා යන්න හැටියක් නැහැය කියලා ආටිකල් තිබුනා ඉන්ටෙනෙට් එකේ ඒ නිසා මේ පාරත් ඔහියම ඇල්ලුවා. 



නයිට්මේල් ගමන 


ජනවාරි 10-15 දිග වීකෙන්ඩ් එකේ අලුතින් කෝච්චියක් දාල තියෙනවා කොටුවෙන් 19.35ට බදුල්ලට. ඒක පහුගිය දවස්වල ධාවනය වුනා. මම ගියේ සිකුරාදා ඒ කියන්නේ 10 වෙනිදා. දහ වෙනිදා රෑ මේ 19.35 කොටුවෙන් අදින කෝච්චියේ ලොකු සෙනගක් උන්නාලු. මම නැග්ගේ 20ට කොටුවෙන් අදින බදුල්ල නයිට්මේල් එකේ. මේ නයිට්මේල් එකේ ගියාම උදේ පාන්දර 5ට විතර ඔහියෙන් බහින්න පුලුවන්. ඒත් අර ස්පෙශල් එකේ ගියානම් ඒක 3.30 වෙද්දි ඔහියේ. පාන්දර 3.30ට ජනවාරි 10 වගේ දවසක් කියන්නේ හොදට ශීතලට ලෑස්ති පිට යන්න ඕනි. ඒ ගියත් එකපාර සීතලට අහුවෙන අපේ ඇට ගල් වෙලා මස් සීථල වෙලා ලෝක ලෙඩක් වෙන්න බැරි නැහැ. ඒ නිසා මම උදේ වෙන්න යන්න හිතුවා. 


ඇයි මේ උදේ ම යන් පුලුවන් නේ. ඔහිය හෝ පට්ටිපොල ස්ටේශන් දෙකේම ඉදන් හෝටන් තැන්නට කිලෝමීටර 11 බැගින් දුරයි. ඒ මාර්ගයේ මීටර 1000කට වඩා නැග්මකුත් සෙට් වෙනවා. එනකොට පයින් එද්දි මට එක කිලෝමීටරයක් යන්න විනාඩි 13ක් ගත වුනා. ඒ අනුව පැය දෙකහමාරක් තුනක් හති බලන්න නැතුව ගියත් යනවා හෝටන් තැන්නට ලගා වෙන්න. ඉන් පස්ේස හෝටන් තැන්නෙත් තියෙන්නේ පයින් යන්න. මම තනියම අනෙක් පසින් ඔය තරම් ලොකු කට්ටක් කන්න බෑ බෑ වගේ හිතුන නිසා මම උදේම ගිහින් ඔිහයෙන් වීල් එකක යන්න කියලයි හදුවේ. 


කෝච්චියේ ආතල් 


කෝචිචියේ ඉතින් එදා සෙනග. කලින් කිව්වත් වගේ ස්පේශල් කෝච්චියක් ගිහින් තිබුනත් මට වාඩිවෙන්න ලැබුනේ හැටන් වලදි. මම ගත්තේ දෙවනි පන්තිය. හැබැයි දෙවනි පන්ති ටිකට් මූ වෙන්නේ හෙමින්. ඒ කියන්නේ දෙවනි පන්තියට එකෙක් නැග්ගොත් ඌ මලාට බහින් නැහැ. තුන්වෙනි පන්තියේ මේ එක ස්ටේශන් එකකින් නගින එකා තා ටිකකින් බහිනවා. කොහොමින් හරි මම රාගමින් නැග්ගම වැඩිය අවකාශයක් තිබුන් නැහැ. රඹුක්කන හරියට එද්දි ඉඩ ටිකක් හම්බුනා හිටගෙන ඉන්න සරීරය හරියට තියාගන්න හැකි වෙන්න. නුවරදි ඇත්තටම මම සීට් කකට පැනල වාඩිවුනා. පේරාදෙණියේ බැහැපු එක්කෙනක් වඩිවෙල උන්න තැනක. ඉන් පස්සේ දෙමල සෙට් එකක් නැග්ග පොඩි එකෙක් එක්ක. නැග්ග වෙලාවේ ඉදලා පොඩි එකා ටත් වඩා වටේ උන් නාහෙන් අඩනවා. පොඩි එකාටවත් සීට් එකක් දෙන් නැහැ කියලා. උන් කයිය ගහල ගහල වටේ උන්ට රවල රවල මිනිස්සු නිදිමත වගේ ඇක්ට් එක දාල දාල ඒ ඔක්කෝම ඉවර වුනාට පස්සේ ඔන්න විනාඩි 15කට විතර පස්සේ පේරාදෙනීයෙන් කෝච්චිය හිමිහිට අදින්න ගත්තා. එතකොට අර පොඩි එකා සහ අම්මා බිම බෑග් එකක් දාගෙන බෑග් එක උඩ වාඩිවෙන්න ලෑස්තිය. ඒ ගමන මම සුටුස් ගාල නැගිටල සීට් ක දුන්නා. සමහර විට මම කොළඹ ඉදන් වාඩිවෙල ආව කියලා ඒ ගොල්ල හිතන් ඇති. 


නැගිට්ටට පස්සේ ඊට කලින් මම ඉදපු තැන හිටපු තරුන අම්මා මට ඔලොක්කුවට වගේ හිනා වුනා. ඇය දෙමටගොඩ ෆැක්ටිරියක සුපවයිසරියක්. එයාලයි ගෙවල් නාවලපිටියේ නේ. ගෙදර දානයක්. අම්මයි මල්ලියි විතරයිලු ගෙදර. ඉතින් මේ තරුණ මව තමුන්ගේ දරුවත් ඇකේ ලොඩ් කරගෙන කෝචචියේ රෑම යනවා ඊලග දවසෙ ේදානේ උයන්න. ෆැක්ටරි වල නිවාඩු නැහැල්ලු නේ. ඒ අම්මා ගැල්ලමයා නැග්ග වෙලේ ඉදලා ටැබ් එකකින් කොල් ගත්තා. අනේ මන් දන් නැහැ මට හෑන්ෆි එකක් අරන් දෙන්නත් හිතුනා එයා ටැබ කනේ තියාගන්න ගන් වීරිය දැක්කම. 


ඒක කොනේ සීට් එකක්. ඒ කේ දෙවන පන්තියේ කොනේ සිීට් තියෙන්නේ මූනූ මූනු බලාගෙන ඉන්න පිලිවෙලට. එතකොට ඒ අවට උන්නේ දෙමළ පවුලක්. අර යොවුන් වියේ අම්මාගේ දරුවා අරගෙන නලවලා බලාකියාගත්තේ අර දෙමල කන්ඩායම. ඒ අය පොඩි එකාවහුරතක් කරගන ගියා. ඌත් ලේසි පුතයෙක් නෙමෙයි. පුදුම දැගලිල්ල. කොහොම හරි ඉතින් ඒ ගොල්ල නානුඔයෙන් තමයි බැස්සේ. ඒ කෙල්ලො කොටට ඇදන් ඇවිත් තිබුනේ. ඒ  එක දෙමල කෙල්ලෙක්ගේ ගලෙන් වැඩි කොටහක් එලියේ. ගෑනු කියන්නේ සෙන්සර් ඖෆ් වෙච්චි ජාතියක්ද අනේ මන්දා..උන්ටත් ඔන්න නාවලපිටිය පනින කොට වගේ හීතල දැනෙන් පටන් ගත්තා. එකියක් ගවුමේ බ්‍රා කප් අස්සට අතදාලා අත් උණුසුම ්කරගන්න හැදුවා. ඇත්තටම කොටට සහ අත් කොටට ඇදන් ගියපු ඒ ළමයට තද සීත දැනෙන් ඇති.ෙ කාහෙද ඉතින් උණුසුම් කරන්න කිට්ටු වෙන්න බැහැ ෆැමිලි එකම ඉන්නව නේ වටේ. 


නාවලපිටියෙන් අර යොවුන් මව සහ පුතා බහින්න ලෑස්ති වුනා. විසාලා මහ නුවර වගේ මිනිස්සු බිම නිදි. ඒ ගමන මම ඒ අයවත් ටිකක් කතාබහ කරලා මෙව්ව කරලා එයාගේ බෑගුත් අරන් නාවලපිටියෙන්බැස්සුවා බස්සලා නැගලා මමත් බිම ටිකක් වාඩි වුනා. 


බිම වාඩිවුනත් හරි ආයිස්සම්මා මරු සෝ එක. ෆුට්ොබ්ඩ් එකේ කපල් දෙකක් යනවා කට කනවා. තන් මිරිකනවා. පුක අල්ලනවා. හරිම සෝ එක. ඒවා බලන්න හොද නැහැ. බලන මිනිස්සු ලිංගික ඉරිසියාකාරයෝ. අපිත් ඔහම ගියානම් කට්ටිය බලනකොට මොනාද හිතන්නේ. ඔවු ඔවු ඕ බයිල තියෙනවා තමයි. ඒත් වටේ උන් සහ මමත් ඒවා ලාවට බැලුවා. 


එක කපල් එකක් ෆුට්බොඩ් එකට මෙහා හිටගෙන ඉදලා එව්ව මෙව්ව කරනකොට පේන නිසා ඒ අය ෆුට්බෝඩ් එකට බැහැලා ජිගි ජිගි මිරිකන සෙල්ලම් කරන්න පටන් ගත්තා. අනෙක් සයිඩ් එකේ දොර බ්ලොක්. තනිකර ඒ පැත්තේ මිනිස්සු. ඒ නිසා ඒ පැත්තේ කපල් එක ඔන්න විනාඩි 5කට විතර සැරයක් කෙල්ල තන් දෙක වද්දනවා.කොල්ලගේ ඇගේ. තා ටිකකින් කොල්ල මෝල් වුනාම ඌ ඇට දෙක වද්දනවා. ඔය විදිහට ගියා. හොද මිනිහෙක් නම් ඕවා බලන් නැහැ. ඒත් මට බිම හිටියට නින්ද යන් නැහැ.අ ැරත් මගේ කැප් එක නිසා මම බලනව කියල හිටගෙන උන්න උන්ට පේන්නෙත් නැහැ. අපි නම්  කමක් නැහැ කියමු. මෙතන සෝ එකක් පේනෝ කියලා දැනගෙන එහා පෙට්ටියේ උන්නු සිරිපාද වන්දනා කාරයො ටිකකුත් කිට්ටු වුනා මේ සෝ බලන්න. ඒ ගමන තමයි අර එක කපලක් ෆුට්බෝඩ් එකට ගියේ. 


හැටොන් පහුවෙල නානුඔය හරියට කිට්ටු වුනත් හැමෝටම සීට් ලැබුන් නැහැ. මගේ මීටරය ඔන් එකේ තියෙන නිසා මම ෆුට්බෝඩ් එකේ කට්ටියෙග් ලව් සීන් බැලුවත් ටිකක් මැද හරියට ඒරියල් එක දාගෙන උන්නේ. ඒ නිසා මට සීට් එකක් ලැබුනා නානුඔයටත් කලින්. නානුඔයෙන් අර සීතල හැදුනු කෙල්ලා සහ ඒ දෙමල පවුල බැස්සා. 


නානුඔය, අඹේවෙල, පට්ටිපොල, ඔහිය. ඔන්න ඔහොමයි නානුඔය ඉදලා ස්ටේශන් තියෙන්නේ. ඔහියෙදි කෝචිචය නැවැත්තුවේ ෆ්ලැට්ෆෝම් එක එලියේ. ඒ කියන්නේ අපිට බහින්න තිබුනේ නිකං බිමට. මං ටිකක් වටපිට බලද්දි පාරක් හෙම පෙනුනා. ඒ පාර දඩාස් ගාල බැස්සා. ඒ ගමන මෙන්න බොල තව උන් ටිකක් බහිනවා. මම බැස්සම තමයි උන්ටත් මීටර වෙලා තියෙන්නේ මේ කෝච්චිය ඔහියේ ස්ටේශමේ තමයි නවත්තලා තියෙන්නේ කියලා. 


ඔහියේ සිට 


ඔහියෙන් බැස්සට පස්සේ ස්ටේශමට ගිහින් හොදට චූ කලා. චු කල්ලා ඩිංගිත්තක් කෑල්ල හෝදගන්න කියලා වතුර සුට්ටක් දාගන්න හැදුව විතරයි මගෙ අම්බෝ සීතල. අයිස් කැටයක් චූවට තිව්වා වගේ සීතයි. ඒ පාර ලාවට යාන්තම් හෝදං ආයේ ඇතුලට දාන් එලියට ඇවිල්ලා පොඩ්ඩක් වටේ උන්ව ටෝක් කල. ඒ වෙලාවේ ඔහියේ ස්ටේශන් කේ සෙට් තුනක් විතර හිටියා. එක සෙට් එකක් යකාගේ ස්ටෙයාකේස් එකෙ බලන්න යන උන් වගයක්. අනික් සෙට් එක මොකද්ද රෙස්ට් හවුස් එකකට යන ගමනක්. තව කානඩයක් වාහනයක් එනකල් ඉන්නවා කිව්වා යකාගේ ස්ටෙයාකේස්ම උඩ තැනකින් බහින්න. 


පොරක් කිව්වා ඈත කඩයක් පෙන්නල ඒකෙන් අහන්න ඒකෙ ත්‍රිවිලර් ඇති කියලා. ඒකෙන් ඇහුවා එතකොට පාන්දර 5 විතර ඇති. කඩේ බඩු ආදිය තියනවා පිලිවෙලට. එතන උයන රොටි තේ වතුර දාන තැනක්. ඉතින් පාන්දරම ගිහින් වීල් කාරයෙක් ටෝක් කලාම රුපියල් 2500ක් අප් ඩවුන් දෙකටම. මම විතරය් නේ කියලා වාත වෙලා 2000ට සේප් කරගත්තා. 


කඩේ ඇතුලට වෙලා ටික වෙලාවක් උන්නා මොකද ටිකට් දෙන්නෙත් 6ට පාන්දරම ගිහින් වැඩකුත ්නැහ නේ. උනුත් තිරිවිල් තිබුනට කඩේ වැඩ කරලා කවුද බුවෙක් හොයලා ඌව ඩයිවර් කරලා වීල් එක සෙට් කරලා ගන්න කොට හය වෙලා. ඉතින් හයයි කාල වෙද්දි කවුන්ටර එකගාවට ගියා. ගියාම වීල් එකටයි මටයි ඔක්කොටම ටිකට් එක රුපියල් 423ක්. ඒකත් ගෙවලා යනකොට දෙපැත්තේ වලිකුකුල්ලු උන්නා. ගෝන්නු දේනනෙකුත් පොරක් ගහලද මන්දා පාන්දරම පාරයිනට වෙලා උන්නා. හැම්බෝ මුන් දෙන්නෙක් මෙතන ඉන්නවා නම් තව ඇති ඉ්සසරහට ඕසෙට කියලා අන් දෙන්නාව පොටෝ ගන් නැතුව මම ඉස්සරහට ගියා. මේ වීල් මල්ලිලා සීතලටද මන්දා පාගනවා පෑගිල්ලක් ගෝනෙක්ට සෙට් වුනත් අංතට්ටුව සුනේ සුන් මුං යන යෑමට.. 


කිරිගල්පාත්ත මිස් වීම 


ඉතින් හයහමාරට විතර මම ආයෙත් හොටන් තැන්නේ බංගලාව එහා පැත්තේ වැසිකිලි සංකීර්ණය පැත්තට ඔලුව දැම්මා. ලස්සන ගෑනු සත්තු ටික්ක රෙනවා කියන අදහස ආවා මොකද ගෑනු සත්තු දෙකක් විතර මුර කරනවා වැසිකිලියේ. හම්මට යකෝ ඩිංගිත්තක් ඔළුව දැම්මහම දැක්කේ ඇතුලෙ ඉන්න එකියක් හෝටන් තැන්නේ යන්න කලින් ගෝන්නු හම්බුනොත් පේන්න වෙන්න ඇති ආලේප ගානවා. ක්‍රීම් කකුලෙත් උලනවා බුරියෙත් උලනවා. ආයේ මුලට.. මුන් කොළඹ ගෝල්ෆේස් ඇදන් යන්න ගනිපු කිට් එකම මේ සුද්දොත් සීතලේ ඉන්න බැරුව ඉන්න හෝටන් තැන්නේ ජනවාරි ට්‍රිප් එකටත් පාවිච්චි කරනවා. ඉතින් ක්‍රීම් බබා ක්‍රීම් ගානකල් මම විනාඩි 5ක්විතර ඉදලා ඒ යාබද වැසිකිලියට ගියා. එයා යනකොට මම දැක්කා තෙල්බේත් කාරයා ගේ පොට්ටනිය වගේමෙකප් සහ බෝතල අනං මනං සෙට් එකකුත් අරං යනවා. සත්තු බලන්න ආවට ඉතින් මේවත් පේනවා. 


ඉතින් මෙතැන වැසිකිලිය අමදින මහත්මයා මට කිව්වා ඔබට කිරිගල්පොත්ත යන්න සහායකයෙක් උවමනා නම් දෙන්නම ්කියලා මිනිහගේ බාසාවෙන්. මට ඒක නිකංවත් ක්ලික් වුනේ නැහැ. කවුන්ටරේ ගාවට ගියාම බෑගෙකේ තිබුන සොපින් බෑගෙකක් බාල්දියට විසික් කල වන නිළධාරියා මට තනියෙන් නිසා කිරිගල්පොත්ත යන්න දෙන්න බැහැ කිව්වා. එතාකට මට වැසිකිලි අමදින මහත්මයාගේ සහායක කතාව පොඩ්ඩක් වත් මීටර් වුනේ නැහැ. අපරාදේ. කොහොම නමුත් ඒ පාර හෙමිහිට හෙමිහිට හෝටන් තැන්න ගමන පටන් ගත්තා. 


හිම මිදුනු බිම 
හොටන් තැන්නේ පාම්පිටි ඉහලා වගේ ලා හිම තට්ටුවක් ගස් උඩ තිබුනා. සමහර තැන්වලඅ ැත්තටම අයිස් සූටි කෑලිත් තිබුනා. ඉතින් මේ හිම ගොඩේ ඇවිදිලා රවුමක් දාලා ආවා.


දැන් වචන වැඩියි වගේ ඊලග කොටහක් ලිව්වොත් ඉතුරු ටික බලමු. 






















Sunday, January 5, 2020

මුක්කුවත්ත පාරෙන් මරේ වත්තට




















සිරිපාදේ ට්‍රිප් එක ගැන දන්න අය දන්නවා සිරිපාදේ යන පාරවල් ගොඩක් තියෙනවා. එයින් එක පාරක් තමයි මුක්කුවත්ත දෙහෙනකන්ද පාර. ඒක කැලෑ පාරක්. එච්චර හොද නැහැ. ලයිට් නැහැ. කිසිම විදිහක පහසුකමක් නැහැ. අමාරුවෙන් බඩ ගාගෙන දන ගාගෙන තමයි ඒ පාරෙන් සිරිපාදේ බලන්න යන්න වෙන්නේ. අපේ කාන්ඩේ උදවිය කලින් ඒ පාරේ සිරිපාදේ ඇවිල්ලා තිබුනා. මේ පාර ඒ පැත්තෙන් බැහැලා මරේ වත්තට යන්නයි සෙට් වුනේ. 

අපි කොළඹින් උදේම ගිහින් පාන්දර 8-9 වෙනකොට උඩ මලුවට නැග්ගා. නැගලා අහක් වෙලා එතැන ටිකක් ඝන්ටාර ගහලා වැසිකිලි ගිහින් ආයේ පහලට බහින්න ගත්තා මුක්කුවත්ත පාර දිහාට. මේ පාර ගිහිපු සෙට් එකම හත් අට ගමනකට වඩා සිරිපාදේ ගිහින් තිබුනා. ඒ නිසා ඝන්ටාරේ තුනෙන් බෙදලා ඒ වාර ගාන විතරක් ගැහුවා. මුක්කුවත්ත පාර සෙට් වෙන්නේ රත්නපුර පාරට. රත්නපුර පාර දිහා පාන්දරට ලස්සනට තිබුනා. මේ රත්නපුර පාරේ බහිනකොට පලවෙනි කඩේ සෙට් වුනා. ඒ කඩේ ඉදියේ මහ මරුමුස් ඩෑල් ටිකක්.උ න් අපිට ඕනිවට වගේ බිස්නස් කරන්න්. අපේ අය මේ රොටි ටිකක් රත් කරලා දෙන්න හැකිද කියල ඇහුවම් උන් බෑ කිව්වා. තේ වතුර කෝපි ඉල්ලද්දි ඔක්කොමල්ල එකපාර ඉල්ලන්න කියලා සත්තමකුත් දැම්මා. 

සරිපාදේ කඩ කාරයින්ට බිස්නස් ස්ටඩි කිරීම නෙමෙයි අපේ අරමුණ වුනේ. ඉතින් ඒ නිසා අපි පපහලට බැස්සා. මුක්කුවත්ත පාරට හැරෙන්න තියෙන්නේ ඒ උඩ ඉදන් පහලට තියෙන පලවෙනි කඩේ ඉදලා පොඩ්ඩක් පහලට ගියාම තියෙන වතුර ටැංකිය දිහැන්. පහලට බහිද්දි ඒ වතුර ටැංකිය සහ මුක්කුවත්ත පාර තියෙන්නේ වම් පැත්තේ. 

තද බෑවුම 

මේ පාර කලින් කිව්වත් වගේ අනුමත නියම පාරක්නෙමෙයි. හොදට ගල් වැටි අල්ලලා එහෙම නැහැ. හෝදගෙන ගිහින් පලාත් ගනන්. අපි ගියෙ වැස්ස කාලෙක නිසා තවත් ලිස්සනවා. බෑවුම් වල බහින එක නම් එච්චරම ගින්නක් වුනේ නැහැ.ඒත් නගින්න වුනා නම් කෙල වෙනවා ඉතින්. මොකෝ ඒ උස තැන්වල අඩිය තියලා නගින්න ගියාම එපා වෙනවා. මේ තදබල බෑවුම බහිනකොට හැබැයි අහුවෙන බූමි දර්ශන නම් සුප්පා. 

මේ පාර අපි හොදට බැස්සට මේක වැඩිය ජනප්‍රිය වෙලා ගොඩක් අය යන්න ගියොත් නම් ගල්වැටි ටිකක් වත් අල්ලලා පාර නිසා වෙන පරිසර විනාසය අඩු කරගන්න මොනාහරි කරන්න වෙයි. මේ සිරිපාදේ තියෙන අතුරු පාරවල් නිසා පස හෝදගෙන පහලට යන්න ලොකු අවදානමක් තියෙනවා. කොන්ක්‍රිට් කරලා හෝ මොකුත්ම ආවරනයක් නැති නිසා වැස්සක් වැස්සාම ඒ පස් ටික ඔක්කෝම පහලට හෝදගෙන ගිහින් මහ විනාසයක් වෙනවා. 

මේ පාරේ ඔහෝම යද්දි වැඩිපුරම හම්බෙන්නේ මලානික වෙලා වේලුන ගහ කොල. අපිට සිරිපා ගමන් වලදි හොදම පාරක් විදිහට සෙට් වුනේ උඩ මාලිබොඩ දැරණියගල පාර. ඒ පාරේදි බොහොම සුන්දර සදාහරිත වනාන්තර කොටස් හම්බෙනවා. එත් මේ පාර මම හිතන්නේ සිරිපාදේ වැස්ස අඩු පැත්තේ තියෙන නිසා කටුක වියලි පදුරු ආදිය තමයි ගොඩක්ම දකින්න තිබුනේ. 

පලවෙනි දොල පාර. 

අපේ නඩේ මග සටහන්කරු විදිහට හිටපු මංජු වා කියපු විදිහට අපි මරේ වත්තට බහින්න බලාපොරොත්තු වෙන පාර පටන් ගන්න් දෙවනි දොල පාරෙන්. පලවෙනි දොල පාර ගාවදි අපේ මංජුවාට කක්ක බරක් ආවා. ඒ පාර ඌ ඒ වැඩ ඉවර කරලා එනකල් අපි දොලපාර ගාව නැවතිලා බිස්කට් රට ඉදි ආදිය කන්න පටන් ගත්තා. මේ වගේ කැලෑවකට ගියාම අනේ සෝක් වතුර ටිකනෙවද කියලා හිතෙනවා. ඒත් ඉතින් වතුර ටිකක් බොන්න බයත් හිතෙනවා. මොකද සිරිපාදේ මිනිස්සු දහස් ගානක් හුජ්ජ කරපු ටොයිලට් වලට මේ වතුර මික්ස් වෙලාද දන් නැහැ නේ. 

එතැන ඉදන් පාරේ මීටර පන්සියක් විතර ගල් තලාවක් තිබුනා. ගල් තලාව දිගට හොදට දියසීරාව ගලනවා. ලිස්සනවා. ඔහොම තව පැයක් දෙකක් ගත වෙද්දි අපි බලාපොරොත්තු වුන මුක්කුවත්ත පාරේ සීත ගගුලට ආවා. සීතගගුල කිව්වට ඒ තැන නම් ටයිකෙන සීතලක් තියෙන්නේ. හම්බෝ. මම නේපාලේ ගිහින් එහේදි වෝටර් රාෆ්ටින් වලට සෙට් වුනා. ඒ ග්ලැසියර දියවෙල එන වතුර සීතලයි. ආන්නේවගේ මය යකඩ සීතලක් මේ මුක්කුවත්ත පාරේ සීත ගගුලේ වතුර වල තිබුනා. 

ඉතින් අපි එතැන නෑවා. නෑවා කිව්වට ඉතින් ඉක්මන්ට ගිහින් ඔලුව ඔබාන ඇවිත් ආයේම සබං ටිකක් ගාලා ගිහින් ආයෙත් ඔලුව ඔබාගෙන ආවා. දිය කෙලි කරන්න අමාරුයි සීථල වැඩි නිසා. කොහොම හරි එතකොට වෙලාව එකහමාර දෙක විතර වෙලා. අපි කලුවර වැටෙන්න කලින් බැහැල තියෙන්න එපැයි ඒ නිසා බහින්න පටන් ගත්තා. 

මේ දොලපාර දිගේ බැහීම 

දොල පාර දිගේ පහලට බැහීම මගේ ජීවිතේ මහුන දුන්න ත්‍රාසජනකම අත්දැකීමක්. දොලපාර ටිකක් විතර පලලයි. වතුර වැඩියි මොකද කලින් දවස් වල වැහල තිබුනා. ඒ මදිවට වටේ පිටේ කලු කරනවා. පොදත් වැටෙනවා. එ ්කියනනේ අදත් තව ටිකකින් මහ වරුසාවක්සොට ්එක දෙන විදිහක් තමයි පේන්නේ. මේ මහ කැලෑවල කදුකර පැතිවල වහින කොට දොලපාරවල් ගාව ඉන්න එක හරි අවදානමක්.අ පෙ කරවටක් විතර උස තැන්වලට වතුර ගිහිපු පාරවල් දොලේ තැන් තැන්වල පෙනුනා. ඒවා නොදැක්කා වගේ අපි හිමින් හිමින් පහලට බහින්න ගත්තා. 

මුක්කුවත්ත සීතගගුල ගාව තියෙනවා පට්ටම ඇල්ලක්. ඒක ලස්සන දිය ඇල්ලත්.අ පි ඒකත් බලාගෙන තමයි පහලට බැස්සේ. ඇත්තටම දොලේ ගිහිපු වතුර පාර ටික්ක සැඩ වුනානම් උඩට වැහැලා වතුර ගොඩක් ආවනම් තත්වය බොහෝම සෝචනීය වෙන්න තිබුනා. මොකද මේ දාල පාරවල් ගලන ගොඩක් තැන්වල කැලේ තියෙන්නේ උඩින්. කැලේට යන්නත් ටිකක් ගේමක් දෙන්න වෙනවා. ඇරත් මේ දොල පාර දිගේ පහලට එන්න පහසු වුනාට ඉහලට යන එක සැරම ගේමක්. දොලේ වතුර වැඩි වුනානම් මොකෙන් මොක වෙයිද කියාල හිතන එකත් අවුලක් නිසා අපි ඒක ගැන හිතන් නෑ වගේ ආවා. වැස්ස සමහර වෙලාවට පොදක් වගේ ආවා වුනත් අපේ වෙලාවට වැස්ස වැඩි වුනේ නම් නැහැ. 

මේ අදුරු ගුප්ත දොලපාරේ තැනින් තැන කදිම සුන්දර තැන් තිබුනා. 

අපි කිලෝමීටරයක් විතර ආවම අපිට තද අභියෝගයක් ආවා. ඒ තමයි තවත් දිය ඇල්ලක්. බහින්න කියලා තැනක් නැහැ. දිය ඇල්ල හේ ගාල ගලනවා. අපි ඒ දිය ඇල්ලෙන් වටෙන් ගිහින් කැලේට ගිහිල්ලා කැලෙන් ආමරුවෙන් බැස්සා. බැස්සා කිව්වාට පුක බිම තියලා රූටගෙන තමයි සමහර තැන්වල ආවේ. මේ දොල පාර දිගේ බැස්සාය කියලා අපි ගාව තිබුන අන්තර්ජාල සටහන මීට අවුරුදු 4 කට වඩා පරණයි. ඒ පිරිස මරේ වත්තේ ෆිෂින් හට්ස් වල ඉදන් උඩට තමයි නැගලා තිබුනේ. 

මේ පාරේ බැහැගෙන යද්දි බහින්න රූට් නැතුව සමහර තැන්වල දනගාගෙන බඩගාගෙන බැස්සේ. පෙලක් ස්ථානවලදි ලෙස්සලා ගියානම් මීඨර කිහිපයක් පහල ලොකු ගලක් උඩට ජොග් ගාල ඇදන් වැටෙනවා. ගල් ලිස්සනවා. ඒ මදිවට වැස්සත් ලාවට තිබුන නිසා ලිස්සීම තවත් වැඩියි. ගල් උඩ අඩිය තිය තිය යද්දි පෙලක් තැනකදි ඔන්න ලිස්සල වැටෙනවා. ආයේම වැටුන් නැහැ වගේ අපි නැගිටලා යනවා. 

 එක මිතුරෙක් නම් ලොකු ගලක් උඩට නගින්න උත්සාහ කරද්දි දොග් ගාල ගලේ නාහේ වද්දගත්තා. නාස් ඇටේටත් තුවාල වෙලා ඒකෙන් ලේ එන්නත් ගත්තා. තවත් මිතුරෙක්ට හොදටම සෙම. බුවා කහිනවා තුන්මාස කාස කාරය වගේ නොනවත්වාම.

හැන්ද වෙන්නත් ආවා. කොහොම හරි දොල පාර දිගේ යද්දි බත්තුලුඔය සහ මේ අපි ආපු මුක්කුවත්ත පාරේ සීතගගුල දෙකම එකට සෙට් වෙන හංදියක් හම්බුනා. මම කලින් මරේ වත්තේ ගියපු වතාවක මේ හංදිය හරහා ගියා වගේ මතකයක් තියෙනවා. මීට වසර 8-10කට ඉස්සර මරේ වත්තේ ෆිෂින් හට් වලට ගියාම ඉස්සර මේ දිය ඇලි බලන්න අපිට යන්න පුලුවන් කම තිබුනා ගයිඩ් විදිහට කොල්ලෙක් අරගෙන. මම හිතනනේ දැන් ඒ දිය ඇලි බැලීම කියන එක නැතුව ඇති. 
ඒ හංදිය ගාවිනුත් පහලට තවත් ඇවිත් අපි යාන්තම් තේ වත්ත දැක්කා. දැක්ක ගමන් අපිට හරි සතුටු. මොකෝ ඉතින් මේක සෙට් වුන් නැත්තං අපිට කැලේ ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. ඒ වෙනකොට වෙලාව හවස පහ විතර ඇති. 

ෆිෂින් හට්ස් 

ෆිසින් හට්ස් තියෙන්නෙත් මරේ වත්තේ කෙලෝරක. ඒ හරියට හොද කාර් වගේ වාහන වලට යන්න බැහැ. යට වදිනවා පාර සෞත්තුයි. ඒ නිසා ෆිසින් හට් කියන සුන්දර නවාතැන් පොල බුක් කරන උදවියත් එන්නේ පොඩි බස් වල නැතිනම් මස්කෙලින්යෙන් අල්ලගත්ත වෑන් ඩිමෝබට්ටා වල. අපි අනාරාදිතව ගියත් ඒ ෆිෂින් හට්ස් වල ඉදපු අය්යලා අපිට නාන්න ඉඩකඩ දුන්නා. අපිඑ තනින් හොදට නාගත්තා. ඒ නිකම් ගලන දොලපාර තමයි. ඒත් එයල එන සංචාරකයින්ට නාන්න හදාපු තැන නේ. ටිකකින් ඒකේ එතකොට හිටපු සංචාරකයෝ ටික සිරිපාදේ ගිහින් ආයෙම නවාතැනට ආවා. එතකොට නම් අපිට නනා උන්න තැනින් එහාට යන්නෙයි කියලා කිව්වා. 

මේ මරේ වත්ත කෙලෝර ෆිෂින් හට්ස් ඉදන් දැන් නල්ලතන්නියට අපිට යන්න ඕනි. මොකද අපි රෑ කොළඹ යන්න ඕනි. අපි ඉතින් අපිට පුලුවන් එකම විදිහ වුනු ඒ ෆිෂින් හට් වල හිටපු අය්යලා ටෝක් කලා. ෆිෂින් හට්ස් වල ඉදන් නල්ලතන්නියට ත්‍රිවිලර් එකක් රු 2,000ක් ඉල්ලුවා. මොනා කරන්නද අපි ඒවායේ ආවා. මේ වොලවේ වෙන ඔප්ශන් බලන්න විදියක් නැහැ..වෙන නවාතැනක් පේන මානෙක නැහැ..ඇරත් දැන් රෑ වේගෙන එනවා. මොබයිල් පෝන් සිග්නලුත් නැහැ.

නල්ලතන්නියේ සිට 

ඒත් ටිකකින් ආපු පොඩි මිනි බස් එක මස්කෙළියේ ඉදන්  එනවා කිව්වෙත් හාරදහකට වගේ. කොහොම වුනත් ඉතින් සමහර විට ගාන වැඩි වුනත් වෙන ඔප්සන් එකක් නැහැ. පාර කොහමත් සෞත්තු. අපි එන අතරමග ත්‍රිවිලර් එකේ ටෑර් එකකුත් ගියා. ඒ ගමන කලුවරේම වගේ ඒකත් දාගෙන අපි නල්ලතන්නියට ආවා. නල්ලතන්නියට ඇවිල්ලා යාලුවාගේ ලේ ගලන නාහේ නල්ලතන්නියේ තියෙන ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පෙන්නුවා. එතන දොස්තර මහත්තයෙක් ඉදියා. එයා බෙහත් දීල ලොකු අමාරුවක් නැහැය. නාස් පොල්ල බිදිලා වගේය කියලා බේත් ලියා දුන්නා. 

ඒ බෙත් අරන් යාලුවෝ නල්ලතන්නියෙන් ගෙවල් වලට බූන්දි හෙමත් ගන්නකොටම වගේ ඔන්න බස් එකක් ආවා. බස් එකේ නගිද්දි වෙලාව හැන්දෑවේ 7.30යි. අට හමාර වෙනකොට අපි හැටන් වල. හැටන් ස්ටේශන් එකේ කෝච්චියක් තිබුනා නුවරට. ඒකේ නොගිය එකනම් සැර මෝඩකමක්. අපි ඉතින් දවස තිස්සේම බඩට හරියමන් දෙයක් නැති නිසා කාලම යන්න බලාගෙන උන්නා. 

කාල බීල ලෑස්ති වෙලා එද්දි නයිට් මේල් කොළම යන කෝචචිය ප්‍රමාදයිලු. හැටන් වල දුම්රිය ස්ථානයට පොඩ්ඩක් එහයින් සිරිපාද නඩ වලට නවාතැන් ගන්ම විශ්‍රාම ශාලාවක් තියනවා. අපි ඒකට ගිහින් විශ්‍රාම සුවෙන් ටිකක් නිදාගත්තා. ඉන් පසසේ නයිට් මේල් එක ආහම ඒකේ නැගලා කොළඹ ආවා. කොළඹ එද්දි හොදටම එලි වෙලා තිබුනා. 

මම අවදානම් කදු නැගිලි කිහිපයක් කරලා තියෙනවා. තායි රටේ නේපාලෙ හෙමත් පොඩි පොඩි කදු කෑලි නැගල බැහැල තියෙනවා. ඒත් මේ ගමන නම් සැරටම බය උනා. මොකද සීන්ස් එක අපිට බහින්න තිබුන එකම රූට් එක දොල පාර. දොල පාර දිගේ දිය ඇලි දිගේ බහින්න තිබුනා. ඒ දිය ඇලිත් සමහරක්වා මීටර පාලහ විස්ස විතර උස ඒවා.ඒ මදිවට වැහි බීරානිය. වැස්ස දරුණු වුනානම් තත්තේ තවත් සෞත්තු වෙන්න ඉඩ තිබුනා.