Friday, March 5, 2021

යාපන ගමන 2021 දෙක

 ඉතින් අපි බස් එකට නැග්ගම එතන තිබුන ආතල් එක කලින් කිව්වා. යාපනේ කියන්නේ කටුක ගමනක්. ඒකේ මිශ්‍රණයක් විදිහට ගත්තම සෙට් එකත් එක්ක ආතල් එකක් තිබුනට යාපනෙ ්කියනනේ එච්චරම ලල් අත්දැකීමක් නෙමෙයි. ඉතින් අපි යාපනේ ටවුමට ඇවිත් ආයෙත් නාග විහාරයට පයින ්ගිහින් වොෂ් එකක් දාගෙන රීෆ්‍රෙෂ් වුනා.ආ අපි  නාග විහාර නවාතනට එද්දි මගදි තිබ්බ මුස්ලිම් කඩේකින් බිත්තර රොටියයක් පරාටයක් අනුමත වුනා. ඔහු ගැන රටතොට ඊ්ස්ටර ඉරිදා වැරදිකාරයො ගැන පොඩි චැටක් දැම්මා. ඇත්තටම බුවාග් බිත්තර රොටි පරාට රසයි. ඒත් ඉතින් වෙනදා තරම් බිස්නස් නෑ විදිහක් තමයි පෙනුනේ. 

දඹකොළ පටුන සෑය
අපි නාග විහාරයට යද්දි එදා පූජාවක්. යාපනය විශ්ව විද්‍යාලයේ සිසු දරුවන් සහ පිරිසක් එදා පූජාවට සහභාගි වුනා. ඒකට ආමි එකේ නිළධාරි කට්ටියත් සහභාගි වෙලා හිටියා. අපිට ඊලගට තිබුන පස්නය ඊලග දවසට වාහනයක් හොයා ගැනීම. අපි 6ක් කාර් එකකට වැඩියි. වෑන් එකකට මදි. ඉතින් ඒ නිසා හරියන විදිහට වාහන හෙවිම ගැටළුවක්. ස්කූටි ඔප්ෂන් එකක් ආවා. ඒත් ස්කූටි පදිනන් බෑනේ අපි සම්පූර්ණ නොදන්න දිහාක ඇරත් අපිට ඊලග දවස විතරයි තියෙන්න් නාස්ත්ි කරන්න. ඉතින් අවසානේ යාපනේ තිබුන ගූගල් එකේ හැම රෙන්ට කාර් එකකටම කතා කලා. අපේ වැඩේ ගැන අපි නාග විහාරයේ නවාතැන ්බාර මහත්මයාට කියලා තිබුනා. ඔහු අපිට හොද වැනට් එකක් හොයාල දුන්නා ඊලග දවසට.අපි කිලෝමීටර 120ක් විතර ගිහින් තිබුනා ඊලග දවසේ ගාන පන්දාස් පන්සියක් විතර වුනේ. 

රෑ කෑම 


රෑ කෑමට අපි ගියේ යාපනේ හොස්පිටල් ස්ට්‍රිට් එකේ මැද හරියේ තියෙන ටිකක් ලොකු හෝටලයකට. එතැන කැම මරු. ඇත්තටම නම මතක නහැ පස්සේ යාලුවන්ගෙන් අහලා දාන්නම් මතක් වුනොත්. දැන් දහම් එව්ුවා තැන Jaffna Authentic Cuisine. එතැන පෙලක් මිතුරන් රෛස් ගත්තා. තව අය බුරියානි ඉදිආප්ප කොත්තු ගත්තා. මායි ලක්ෂානුයි මංජුයි පිට්ටු ගත්තා. මංජු වෙජි නිසා එයා වෙනම වෙජි ඩිෂ් එකක් ඇනවුම ්කලා. මායි ලක්ෂානුයි කකුලුවෝ කරියක් ඇනවුම් කලා. මෙතැන කියන්න ඕනි කෑමක රස කියන එක වචනයෙන් විස්තර කරනන් බැහැ. අපි ගත්ත පිට්ටු මාලු සහ කකුලුවෝ තුනම අමුතු ආවේණික රසක් තිබුනා. ඒවා ලාබෙට දාන රස කාරක රස වලට වඩා එහා ගිය කොලිටි රහක් වුනා. ඇත්තටම මම කලකින් කාපු රසවත් කෑම වේලක් තමයි ඒක. අපි 6 දෙනාට ඒ කෑමට රුපියල් අටදහක් විතර වියදම් වුනා. එත් ඒ කෑම වටිනවා ඉතින්. 


එලි වීම සහ වාහනය 


ඉතින රෑ වුනා සහ එලි වුනා. අපි හිතන් හිටියේ පාන්දර 6.30ට නැගිටිනන්. මොන කලින් දවසේ බස් වල හිටගෙන ගිහින් බෝට්ටුවල තෙරපිලා ගිහින් පයින ්ගිහින ්අමාරුවට නින්ද ගියා සරුවට. අපි ලෑස්තිවෙල එලියට එද්දි අපේ වැනට් එකේ අයියා ඇවිත් හරියට පැයක් වෙනවා. ඉතින් ගමන පිටත් වුනා.


දඹකොල පටුන. 


දඹකොල පටුන කියන්නේ සංඝමිත්තා තෙරණිය බෝධිය උස්සන් ආවා කියලා සැලකෙන තැන. එතැන බෞද්ධ ආරාම අංග තියෙනවා. හැබැයි ඒවා නවීන විදිහට තමයි තියෙන්නේ. පැරණි කාලයට අයිතිය කියන්න පුලුවන් මොකවත් තිබුන් නැහැ. 

 

රා හමුවීම 

අපිට යනකොට පාන්දරම වගේ රා හමුවුනා. මේ පැත්තේ තියෙන්නේ තල් රා. තල් රා බෝතලතල් ගහෙ ේමල් කීපයකම ගැටගහලා තියෙනවා අපි දැක්කා. අපි තල් රා වලටත් වඩා බිව්වේ තල් තෙලිජ්ජ කිව්වොත් නිවැරදියි. පොල් තෙලිජ්ජ වලට වඩා තල් එක පැණි රසයි. අපිට තව රා ඕනිද කියලා අහලා ඊලගට ගෙනත් දුන්නෙ ේනම් රා වෙන්න ඕනි. ඒක ගදයි සහ රසත් ටිකක් කටුකයි. ඒ නිසා කට්ටිය ඒක බිව්වේ නැහැ. බෝතල තුනක් ගත්තා මම විතරක් බෝතලයකට වැඩිය බිව්වා. 

රා සහ ගස

 කීරමලෙයි ලිද 

මේ ලිද බලන්න යන තැන ඉස්සරහින් තියෙනවා පරණ කෝවිල් නටඹුන් වගයක්. පෙනුන විදිහට නම් ඒවා සියවස් දෙකකට වඩා එහා යන ඒවා නෙමෙයි. ඒත් ඒවා පුරාවිද්‍යා එකට අයිති නිසාද මන්දා ඒවායේ පොටෝ ගන්න එපාය කියලා අපිට කිව්වා. අපිට ඵුකයැ. අපි ඉතින් පොටෝ ගත්තේ නැහැ. ලිද කොහෙන් කොහොම එන එකක්ද මන්දා. ඒකේ මූදු වතුරත් සෙට් වෙනවා. මිනිස්සුට නාන්න ඛනිජ ද්‍රව්‍ය මුසු වූ ජලය තියෙන පොකුණක් තියෙනවා. මේ පොකුණු ලග පොටෝ ෂූට් එකකට සෙට් වෙච්චි අපේ තරිදුට සහ කසුන්ට අපූරු රාජකාරියක් පැවරිලා තිබුනා. උන් දෙන්නා බොගක් බාන්න ඕනිය කියලා එහේ ටිකක් කැරකුනා. අපි ඒ වෙලේ හිටියේ හංදියේ අර පොඩ්ඩක් මහත රටකජු විකුනන යුවතියගේ කජු රස විදිමින්. 

කීරමලේ ලිද

නාන ලිදේ බෝඩ් ගැසීම 

ඉතින තරිදු බිත්තියක තද අකුරින් මෙහි ෂැම්පු සහ සබන් ගාන්න එපා කියලා හෝ ඒ වගේ එකක් සිංහලෙන් ලියලා ඇවිත ්තිබුනා. අපි පසුව ඒ ගැන විශ්ලේෂනය කලේ ඇත්තටම "මෙහිදී නානවි පුක කහන්න එපා" වගේ වදනක් ලියලා ආවත් හරි. මොකද දෙමල අය සිංහල දන් නැහැ නේ. ලියන එක හරි ඇතිය කියලා පිලිගනීවි. කොහොම වුනත් මේ යාපනේ තැන්වල සිංහල නම් වල නම් පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනා. ඒකට මොකද ඉතින් අපේ පලාත්වල තියෙන දෙමල නම් වල තියනෙ වැරදි අපි දන් නැහැ නෙ. 

 

වෙරළ තීරයක් සහ ධීවර බෝට්ටුවක්
නිරාවලෙයි ලිද 

පතුලක් නැතියි සැලකෙන මේ නිරාවලෙයි ලිද ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් ගවේශනය කරලා තියෙනවා. එයාල කියන විදිහට මේකේ පතුලක් තියෙනවා. පතුල හිරිගල් මිශ්‍ර පතුලක්. ජනප්‍රවාද වල කියන විදිහට මේකේ පතුලේ මුහුද හා සම්බන්ධ විය යුතු වුවත් එසේ නොවන බව සමුද්‍ර ගවේශකයින ්ෙසයාාගන තියනෙවා. එතැන සවිකර තිබෙන දැන්වීම් අනුව මෙහි ගවේශන අවසන් කර නැතිමුත් මේ පල වෙන 2020 දෙසැම්බර් මාසයේ වාර්තාව අනුව නම් මේ ලිදේ අභීිරහස සම්පූර්ණයෙන්ම සොයාගෙන අවසානයි. මෙහි පතුලේ ලවණ අධික ජලය තිබෙන බවටත් කලක් තිස්සේ එකතු වූ අපද්‍රව්‍ය පතුලේ ගොඩ ගැසී ඇති බවටත් මේ ලංකාදීප ලිපියෙන් කියා තිබෙනවා. 

නිරාවලෙයි පතුල නැති ලිද

කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානය 

ඊලගට අපි ගියේ කදුරුගොඩට. කදුරුගොඩ තියෙන්නේ චුන්නාකම් ඉදලා කිලෝමීටර හය හතක් ඇතුලේ. ටිකක් තැන සොයාගන්නට අමාරුයි. ඒත් අමාරුවෙන් හරි හොයාගන යන්න වටින තැනක්. කදුරුෙගාඩ ගලින් සැදූ චෛත්‍ය රැසක් තියෙනවා. ඒවා කෝම්පිට්ටු තිව්වා වගේ ගලින් හදා තියෙනවා. වැඩිය උස නැහැ. හැම චෛත්‍යම මීටර දෙක තුනක් තමයි උස. ඒවායේ ඇති ස්වරූපය අනෙක් තැන්වල තිබෙන සාමාන්‍ය චෛත්‍ය වලට වඩා වෙනස්. මේ පලාතේ තිබෙන ගල් වලින් කරන්න ඇත කියා සිතුනත් චෛත්‍ය අඇතුලත පස් පුරවා තිබෙනවා. ජනප්‍රවාද විශ්වාසයන් අනුව රහතන් වහන්සේලා සෙට් එකක්ම මෙතැනදි අපවත් වෙලා තියෙනවා හතු ව්‍යාංජනයක් විශ වෙලා. ඔවුන් සිහිවෙන්න තමයි මේ පුදබිම ඉදිකරලා තියෙන්නේ. 

කදුරුගොඩ පෞරාණික චෛත්‍යය 


චුන්නාක්කම් කෑම 


චුන්නාකම් ටවුන් එකේ බස් ටෑන්ඩ් එක ලග තිබෙන තේ වතුර කඩෙන් තමයි අපි උදේට කෑවේ. ඒක පොඩි කඩයක්. කලින් දවසේ ලොකුටව පොශ්වට කෑවට අපිට හරියට වාඩිවෙල කන්නත් ඉඩ නැති මේ පොඩි ඉඩේ අපිට උදේට කන්න වුනා. සාමාන්‍යයෙන් අපේ ගම් පලාත් වල වුනත් කඩෙන් කෑම අඩුයි. කොවිඩ් නිසාද මන්දා චුන්නාකම් වලත් මිනිස්සු කඩෙන් කෑම කනවා අඩුයි. ඒ නිසා කෑම කඩ ගොඩක් අඩුයි. තිබුනත් කෑම අවේලාවට හෙම ඇත්තෙම නැහැත් වගේ. 


අවට දසුන්. 


ඉතින් මේ අවට යද්දි මිනිස්සු අමාරුවෙන් කරපු වගාවන් පේනවා. මේ පලාතේ තිබෙන්නේ හුනු ගල් තට්ටුවක් උඩ පසක වුනත් සමහර තැන්වල රතුපාට කදිම පසක් තියෙනවා. ඒ පසේ රටකජු, දුම්කොළ. ලූනු, අල  වගේ වගාවන් සරුවට වවාල තිබුනා. බලන්න ලස්සනනයි. 


අත් හරින ලද ගොඩනැගිලි 

 

අපි ඊලගට ගියේ කන්කසන්තුරේට.ඒ යන ගමන අපිට අත්හැරදමන ලද ගොඩනැගිලි ආදිය හමු වුනා. සමස්තයක් විදහිට මේ ආකාරයෙන් පාලු ගොඩනැගිලි යාපනේ බහුලයි. ඒ මින්සසු රට දාල ගිහින්ද? නැත්තං ඒ ඉඩම් වල හිටි උදවිය යුද්ද වලින් මැරිලද මොකද දන නහැ ගොඩක් පාලු ගෙවල් අපිට යාපනයේ අතන මෙතන කරක් ගහද්දි හමු වුනා. 


කේ කේ එස් 


කන්කසන්තුරය තල් සෙවනින් නාන්න තමයි අපේ අදහස වුනේ. එතැන කදිමයි. මූදට මුහුනලා ලස්සන කාමර තියෙනවා. එතැන අපි ගිය දවසේ පරාක්‍රම සමුද්දරය තරම් වත් රැල්ලක් තිබුන් නැහැ. පූල් එක වේග් සෞම්‍ය වතුර පාර. නාන්න මරු. අපි නෑවා. ඇත්තටම මේ දවස්වල කොවිඩ් නිසා නාන්න දෙන් නැහැ. ඒත් අපිට තල් සෙවන පැත්තෙන් ගිහින් නාන්නට අවසරයක් ලැබුනා. ඒකෙන් නාල අහක් වෙලා අපි බලාපොරොත්තු වුනේ එතැන තල් සෙවන රෙස්ටුරන්ට් එකෙන් කන්න. ්ත ්ඒකේ ෆුයිඩ් රයිසක් වෙනවා රුපියල් 800ක් විතර. ඒ ගමන වැඩේ අතෑරලා යාපනෙන්ම කනවා කියලා හිතුවා. 

දඹකොළ පටුන වෙරළ තීරය
සක්කෝටයා සහ පේදුරු තුඩුව. 

 

තව ටිකෙන් මේක අමතක වෙනවා. ඇත්තටම අපිඋදේ ට කෑවට පස්සේ ගියේ පේදුරු තුඩුවට. ඒකෙදි පේදුරු තුඩුව ලයිට් හවුස් එක බැලුවා. පේදුරු තුඩුව හරියේ තියෙන මූද හිරිගල් ගොඩක්. ඒ හිරිගල් අතර හරියට බෝට්ටුවක් නවත්වන්න වත් වැල්ලක් නැහැ. සක්කෝටයි තුඩුව කියන තැන තමයි ලංකාවේ ඉහලම කෙළවර අපි සුපුරුදු විදිහට එතැනදී සෙල්ෆි සහ පිංතුර ගැනීමේ වතාවත් ඉටු කලා. ආන්න එයින් මනත තමයි අපි පැය බාගයක විතර ගමනකින් පස්සේ කන්කසන්තුරේ ආවේ. කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ ඒ වනවිටත් අපි රාත්‍රියේ යන්නට නියමිත දුම්රියත් තවත් ඉන්දියානු ඇස් 13 සැට් එකකුත් නවත්වා තිබුනා. 

සක්කොට්ටායි තුඩුව ලග

නව සෙල්වා හෝටලය 

යාපනයට කිට්ටුව තිබුනා නිව් සෙල්වා හෝටලය කියලා එකක්. අපි ඒක අස්සට ගිහින් කෑවා. මිතරන් රයිස් මම බත් කෑවා. ඒකෙන් ගත්ත දැල්ලෝ එක නම් එච්චර රසක් නැහැ. ඒත් බැදපු බත් කෑ මිතුරන් ඒ බත් කදිමය් කියා කිව්වා. ඉන් පසු අපි සුපුරුදු විදිහට රියෝ ගියා. රියෝ අයිස්කිම් ඇතිපදන් කාපු අිප ඊලගට යාපන ටවුමට ආවා. අපේ රියදුරු අයියාට හදිසි වැඩක් යෙදීම නිසා ඔහු අපිව දාලා පහට විතර කැපුනා. අපේ කෝචචිය 18.45 තිබුනේ. ඉතින් අපි යාපනේ මාර්කැට් ටුවෙන් ගෙවල් වලට බඩු අරගෙන ස්ටේශන් එකට ඇවිත් කෝච්චිය නැගලා ගෙදර ආවා. 

මග හමු වූ පෙරහැරක්
 

එතකොට අපි යාපනේ ගියෙත් නයට් මේල් එකේ. ආවෙත් නයිට් මේල් එකේ. එද්දි නම් පාන්දර 4 වෙද්දි හරියටම කියපු වෙලාවටම වගේ නයිට් මේල් කන්කසන්තුරය දුම්රිය කොටුවට ලගා වුනා. අපි යාපනයෙන් ගත්ත කොට්ට කිලංගු කෑවා. තව අර චිප්ස් වගේ තූනි වඩේ එකක් ගත්තා ඒකත් ලෙසට තිබුනා. ලඩ්ඩු යැව්ව අය ඒවා රසයි කියලා එවා තිබුනා. මිදි කෝඩියල් එක නම් මිදි ගෑවිලාවත් නැහැ. ඒක අමුවෙන්ම නෙක්ටෝ රසයි. ගෙදර ගිහින් ඒක හදලා ෆ්‍රිජ් එකේ දැම්මහම පාට රසය ඔක්කම නෙක්ටෝ ..

නල්ලූර් හි රියෝ හිම කිරම 
 

අපිට යාපන ටවුමේ කොටුව බලන්න බැරි වුනා. තව ඉතින් අර ලස්සන කසුරිනා වෙරළ බලන්න බැරි වුනා. අපි යාපනේ ගියා තැන් බැලුවා හොද හොටල වලින් කෑවා. ඉතින් සතුටු වෙලා අපි ආයෙම එන්නට ආවා. වීකෙන්ඩ් එක සැපටම ආතල් ගන්න අපිට ඒ ට්‍රිප් එක නිසා පුලුවන් වුනා. 

 

Monday, March 1, 2021

21 යාපන චාරිකාව

යාපනෙ නෙමෙයි කොහෙවත් යන්න හොද නැති මහ නපුරු කාලයක් නෙව මේක. ඒත් අපි ගියා නෙව. අපි යන්න හිතුවේ කෝච්චියේ. රෑ නවහමාරට තියෙනවා යාපනේ කෝච්චියක්. අපි දිග සති අන්තයක තමයි ගමන සෙට් වුනේ. සිකුරාදත් නිවාඩු තිබුන නිසා අපි බ්‍රහස්පතින්දා තමයි ගමන පටන් ගත්තේ. මේ ගමන පටන් ගන්නේ කොටුවෙන් මුලින්ම කෝච්චියට නැග්ගේ මම. කෝච්චිය යාපනේට පාන්දර වෙනකොට යනවා කියලායි තිබුනේ. අපරාදේ කියන්න බැහැ ඒක දිග කෝචචියක්. මම හිතන්නේ පෙට්ටි පාලහක් විතර තිබුනා. ඒකේ දෙවවන පන්තියේ සීට් වල ඉඩ තිබුනා. මහිතේ ඒ ඉඩ තියෙන්නේ මේ දව්ස්වල කොවිඩ් නිසා වෙන්නට ඕනි.

කෝච්චි ගමන ගැන කියනවා නම් ඉතින් සැප තමයි. බස් වගේ අමාරුවක් නැහැ. ඒත් මේ කෝච්චිය ටිකක් පප්‍රමාද වුනා. පහයි ගානට යාපන යනවා කිව්වට කෝච්චිය හරියටම යාපනෙට කිට්ටු වෙද්දි පාන්දර හත විතර වෙලා තිබුනා. ඒ යාපනයට කලින් තියෙන දිග තැනිතලා බිම් වැහෙන්න උදේම මීදුම තිබුනා. ඒ සීතල මීදුම අස්සෙන් වෙල් යායවල් වල ඈතින් තියෙන ගස් ආදිය ලස්සනයට පෙනුනා.

නාග විහාරය හරහා කුරිකඩ්ඩුවාන් බසයට


අපි නැවතුනේ යාපන නාග විහාරයේ. නයි විහාරේ හාමුදුරුවෝ අපරාදේ කියන්න බැහැ ලාබ කාමර කෑලි ටිකක් හදලා තියෙනවා. ඒ නිසා අපිට නවාතැන් ගන්න එතැන කියාපු තැන. එතැනට ගියාම අපිට නාග විහාරයේ විහාර භූමියේම තියෙන ලොකු තැනක නවාතැන් හම්බුනා. විහාරය එක්කම තියෙන මේ උස බිල්ඩිම තාම හදනවා. ඒත් ඒකේ තියෙන කාමර ආදියේ නවාතැන් ගන්න පහසුකම හොදටම තියෙනවා. මේකේ බාත්රූම් වල ඉඩ පොඩියි. ඒ වගේම කාමර වල ඉන්ටිරියර් අජපල්. ඒත් රුපියල්ෙ දදාහකට ඒ සී එකේ හතරකට නවතින්න පුලුවන් කාමරයක් කියන්නේ පට්ට නෙ. ඉතින් ඒ නිසා ඒක වාසි ඩීල් එකක්. අපි ගියේ 6ක් නිසා කාමර දෙකක් ගන්නට වුනා.


උදෑසන පාතරාසය


උදේ කෑමට ඒ නාග විහාරය ඉදිරිපිටම තියෙන අක්ෂතායි කියන රෙස්ටොරන්ට් එකට ගියා. ඒකේ තනිකර දෙමල. නාග විහාරේ කාමර බාරව ඉන්න මහ උපාසක ජොකියා කන්නෙත් එතනින්. ඉතින් ඒ රෙස්ටොරන්ට් එකෙන් අපි බඩ පිරෙන්න කෑවා. එතන තියෙනවා මසාල ගී ප්ලස් ප්ලස් තෝසයක්. රුපියල් දෙසිය හැටක් වගේ. ඒක බඩපිරෙන්න හොදටම ඇති. තව පෙපර් තෝරස ගී තෝස ඉට්ලි සහ පූරි පිගන් වලට ඇවිත් අපෙ බඩව්ල අස්සට ගියා. ඉන් පස්සේ එකෙන් කිරි එකකුත් ගැහුවම කට ගාවට ඇති. මේ දෙමල කඩවල කෑම ලාබ වුනාට මේකේ ටිකක් විතර කෑම ගන්න ඒත් අපි 6 දෙනාට කෑමට රුපියල් දෙදාහයි වියදම් වුනේ.


ජැටිය බලා

අපි ප්ලෑන් කරලා තිබුනේ ඩෙල්ෆ්ට් යන්න. ඩෙල්ෆ්ට් වලට බෝට්ටු යන්නේ නැහැය කියලා ආරංචියක් ආවා. පස්සේ ඒක බෝට්ටු යන ගාන අඩුය කියලා වෙනස් වුනා. ඒත් අපි කෝකටත් කියලා ගිහින්ම බලනවා කියලා නාග විහාරයේ ඉදන් යාපනේ ටවුමට ඇවිත් කුරිකඩ්ඩුවාන් බස් එකට නැග්ගා. කුරිකඩ්ඩුවාන්. බස් එකක් ගැහුවා වුනත් අපි කලින් ගිය බස් එක පස්සේ එලෝලා ඒකේම නැග්ගා. අපි හිතුවේ මගින් සෙනග බහී කියලා. ඒත් බැස්සේ නැහැ. ඉතින් පැයයි විනඩි දහහක් විතර බස් එකේ හිරවෙලා හිටගෙන ගියා. ඇත්තටම බස් එක හිස් වුනේ ජැටියට ගියාට ප්සසේ.


හුටස්. බෝට්ටුව ගිහින්


බෝට්ටුව ගිහින් තිබුනා. මොකද අට වෙද්දි බෝට්ටුව යනවා. එක බෝට්ටුවයි ඩෙල්ෆ්ට් වලට තියෙන්නේ. ඉතින් ඒක අටට ගිහින් අපි එද්දි දහය විතර වෙලා නේ. ඉතින් අපි පෝලිමට සෙට් වුනා. එකම පෝලිම තිබුනේ. ඒකෙදි නාවික හමුදාව ආපු අය ගේ ඩීටෙල් ආදිය පොතක ලියාගන්නවා. මම ඉස්සරහින් ගිය නඩය නාවික භටයා එක්ක හිතවත් කමක් ගොඩනගාගත්තා. ඉන් පස්සේ නාවික භටයා ඒ අය පෝලිමෙන් පන්නලා වෙනම තැනකින් බෝට්ටුවට නග්ගවාගන්න සැලසුම් කලා. කොහොම හරි එතන නාවික භටයා පොඩි පගා සීන් එකකට ඒ අය තල්ලු කලා කියලයි මට පස්සේ හිතුනේ.


ඒ පාර නාගදිපේ


අපි ජැටියට එද්දි දහයයි. දොලහමාරට තමයි ඩෙල්ෆ්ට් යන බෝට්ටුව තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා නාග දදීපේ යන්න. නාග දීප ගමන කොටයි පැය බාගයක් වත් නැහැ බෝට්ටුවේ යන්න. ඉතින් අපි ගියා නාගදිපේ කියන නවින විහාරස්ථානය බැලුවා ආවා. නාගදීප විහාරස්තානය අපේ ගමේ පංසලක් වගේ. කිසිම පිලිවෙලක් නැති ඉදිකිරීම් කිහිපයක් තියෙනවා. ඒ හැර ඒකේ කිසි ගතියක් ලල් එකක් නැහැ. ඒකේ තියෙන හින්දු කෝවිල නම් හින්දු අය ගෙොඩක් යනඑ න තැනක්. එතනත් බාහිර පෙනුම නම් ලොකු ලල් එකක් නෑ. නාගදීපේ දි බෞද්ධ ජැටියෙන් බැහැලා හින්දු ජැටියෙන් තමිය එන්නට තියෙන්නේ. ඒක ටිකක් දුර ගමනක්. ඉතින් නාගදීප වන්දනාව ඔහේබලලා කියලා අපි දොලහමාරට කලින් කුරිකඩ්ඩුවාන් ජැටියට ආවා.


ජැටියට ඇවිත් ටිකක් ඉදලා ඩෙල්ෆ්ට් බෝට්ටුවට නැග්ගා. අපි කලින් එද්දි සීට් තිබුනත් මම සහ මංජු ගියා වතුර සහ කෑමට මොනාවත් අරන් එන්න. ඒත් මාර වැඩේ නේ වුනේ. එතකොට අපේ සීට් එක නැතිවෙලා තිබුනා. ඉතින ්අපි හිටං ගියා. මාර ගිරිස්මේ. ඒත් ඇතුලට වෙලා හිටං ඉන්නවාට වඩා එලියට එන එක සැපයි කියලා හිතලු එලියට ආවා. ඇවිත් අවුවෙම ටිකක් වාඩිවෙලා තුවායකින් ඔලුව වහගෙන අපි ඩෙල්ෆ්ට් කරා ආපු පැය ගෙවා දැම්මා.


ඩෙල්ෆ්ට් වලදි


ඩෙල්ෆ්ට් වලින් ඇතුලට ගනිද්දි නාවික හමුදාවේ අය හාවා ඇදුමින් සැරසිලා උන්නා. එයාලා දූපතට යන එන අයගේ දත්ත පද්ධතියක් සකස් කරනවා වෙන්න ඕනි. කැමරාවවකින් පින්තුර ගත්තා. අයිඩන්ටි කාඩ් වලත් ස්කෑන් කොපි තියාගත්තා. ඉතින් ඔය විදිහට දත්ත අරගත්තට පස්සේ අපි ගිහින් ඩෙල්ෆ්ට් වල එහෙ මේ යන්න තියෙන ඩිමො බට්ටා කැබ් එකකට සල්ලි දීලා ටුවර පටන් ගත්තා. මුලින්ම පැලවෙන ගල බැලුවා. ඒක පැලවෙනවාද මන්දා ගිය පාර දැක්ක විදිහට තමයි මට ඒක පෙනුනේ පැලවීමක් නම් පෙනුන් නැහැ


ගස සහ අස්සයෝ


ඉතින් ඒක බලලා ඊලගට ගියා ඩෙල්ෆ්ට් වල තියෙන බයෝබැබ් ගස බලන්න. ගිය වතාවේ ඩෙල්ෆ්ට් එන කොට මේ ගසේ කොල ඔක්කම හැලෙන්න අරගෙන තිබුනා. ගස කණාටු ලුක් එකකට ඇවිත් තිබුනා. ඒත් මේ වතාවේ ගස හොදට කොල දාල නිල් කැටේට හැදිලා තිබුනා. ඉතින් ගසේ තියෙන බෙනේට හොදට ආතල් එකක් අපේ යාලුවෝ දුන්නා. යෝනි ආකාර හැඩේ තියෙන බෙනේ අස්සට රිංගලා ඇතිල්ලි ඇතිල්ලි අපේ උදවිය පොටෝ ගත්තා. ගසට කිතිත් හිතෙන්න ඇති පෞ නේද යාලුවනේ.


ඊලගට ඔන්න විනාඩි විස්සක විතර ටිකක් දුර ගමනකින් පස්සේ අපි ගියා අස්සයා බලන්න. ඇත්තටම ගිය පාර ඩෙල්ෆ්ට් ආෙ වෙලේ අස්සයෝ දෙකයි දැක්කේ. අපේ එතකොට හිටිය ගයිඩා අපිට කපිල් අපිට කිව්වේ අෙස්සයෝ වද වෙලා වගේ කතාවක්. ඒත් මේපාර අස්සයෝ ගොඩයි. එක තැන විස්සක් තිහක් විතර උන්නා. අස්සයි ටික හොදට සතුටින් අර අස්ස සද්දේ හෙමත් දාගෙන උ්නනා. උන් වතුර බිව්වා. පැටවු ඉන්න උන් පැටවු හුරතල් කලා. මේ අස්සයෝ දැන් ඇත්තටම කොළම කොටුවේ ඉන්න ට්‍රැෆික් අස්සයින්ට වඩා කොටයි. ඒ වගේම මේ අස්සයින් උන් තරම් පෙනුමත් නැහ. ඒත් උන් තාමත් අස්සයෝ. ඒ නිසා අපි අස්සයෝ ආසාවේන බලාල පිංතුර අරන් ආවා.


ජැටියේ පල හිලව්ව


තැන් හතක් බලන්න තියෙනවා කිව්වට ඇත්තටම අපි බැලුවේ තැන් හතරයි. අස්සයින්ගෙන් පස්සේ අර පරයි කූඩු සහ ඒ පැරනි රෝහල තිබුන බිල්ඩිමත් තව බලකොටුවත් බැලුවා. ඒ වගේම බීච් එකත් තියෙන තැන බැලුවා. ඒත් අපිට තව දෙකක් විතර තැන් ඉතුරු වුනා. ඒ එකක් තමයි ලයිට් හවුස් එක. අනික් එක තමයි පරණ අස්සයෝ බැදපු තැන. ඒ අස්සයො බැදපු තැන ආදම් ගේ කකුල් සටහනකුත් තියෙනවා. ඒ තැන් දෙක මේ පාර බැලුවේ නැහැ.


ඩෙල්ෆ්ට් ජැටියේ පල හිලව්ව

අපි ජැටියට එනකොට කට්ටිය පිරිලා උන්නා. අපි ඉතින් එතැන තෙරපෙන්නේ නැතුව සයිඩ් එකෙන් ඉදලා පෝලිමට යද්දි නාවික හමුදාවේ ගොබිලෙක් කිව්වා අපිට යන්න දෙන්න බැහැය බෝට්ටුව ඕවලෝඩ් ය කියලා. ඇත්තටම මම එතකොට ජැටියේ හිටපු අය ගනන් කරලා බැලුවා එතන හිටියේ හැටක් විතර. ඉන් පස්සේ බස් එක ආවා. දැන් ඩෙල්ෆ්ට් වල බස් එකකුත් තියෙනවා. මේ බස් එක එනකොට අපි හිටියත් බස් එකේ අයට මුලික තැන ලැබුනේ එතන දූපතේ අයත් ඉන්නවාය කියලා.


කොහොම හරි ටිකක් වාත කරලා අපිත් බෝට්ටුවට දැම්මා. මට නම් හිතුනේ හමුදාව හමුදාව අහම ලොකුය හරි විනයය කියලා කිව්වට එතැන නාවික හමුදා ගොබිලා හැදුවේ අපෙන් බෝට්ටුවට ඇතුලත් කරගන්න කියලා කීයක් හරි ගරාගන්න. කලින් කුරිකඩ්ඩුවාන් ජැටියෙදිත් උන් ඒ වගේ වැඩක් කරන්න හැදුවා. කමක් නැහැ ඉතින් අපේ මිනි්ස්සු කවදාවත් වලේ වැටෙන්න කලින් ඒකේ ඉෆේකට් එක තේරුම් ගන්න ජාතියක් නෙමෙයි. මේ දවස්වල මියන්මාරයේ හමුදාව දැන් එහේ රෝහින්ගයා මුස්ලිම් අයට නෙමෙයි ගහන්නේ. එයාලගේම බෞද්ධ වරුන්ට. මොකද දැන් රාජ්‍යයේ සතුරන් මියන්මාර හමුදා පාලනයට විරුද්ද වෙන අය.


ඉතින් හමුදා පාලනය අහමය මෙහෙමය විනයය කියලා මෙලෝ ලබ්බක් දන් නැතුව ඔහේ කියවන උන්ට නියම හමුදා පාලනයක ආතල් එක ගන්න ඒහෙම එකක් ආවොත් ඒකත් හොදයි. එහෙම එන්නේ නැතුව කොච්චර කිව්වත් ඉතින් කට්ටියට අර ගෞරවේය විරුවාය කියන පොයිය හිතේ තියෙනකල් හමුදා බුවාලගේ කෙරුවාවල් වල ගැඹුර පේන් නැහැ.


ඉතින් හරිනම් ඊලගට තියෙන්න ඕනි අපි යහතින් බෝට්ටුවෙන් කුරිකඩ්ඩුවාන් වලට ආවාය කියන කතාව. ඒත් කුමක් හෝ හේතුවකට බෝට්ටුවේ ඩීස්ල ඉවර වුනා. ඉන් පස්සේ බෝට්ටුව ජැටිය පේන තෙක් මානයේ හිට්ටා. ඉන් පස්සේ ආධාරක බෝට්ටුවක් ඇවිත් ඩීසල් දමාලා ආයෙත් බෝට්ටුව ගමන් ආරම්භ කලා. මේ බෝට්ටඑු වල ඉස්සර වගේ සැප දැන් නැහ. ඉස්සර ඩෙල්ෆ්ට් ගිය වඩතරකි, නදුන් තරකි වගේ බෝට්ටු නෙමෙයි දැන් යන්නේ. දැන් යන්නේ අපේ අය ඔස්ත්‍රේලියා යන්න පාවිච්චි කරන මහා විසාල ටෝලර් යාත්‍රා වලට ළෑලි ආසන ගහපු පරණ මොඩල් ටිකක් හඩු බෝට්ටු ටිකක්. ඉතින් කොපමණ සල්ල්ි කාරයා වුනත් මේ බෝට්ටුවන් තමයි නාගදීපයට ඩෙල්ෆ්ට් වලට ගමන් පහසුව සලසාගන්න තියෙන්නේ.

ජැටියේ වලිය


ජැටියට බෝට්ටුව නවත්වන කොටම වගේ එතැන තිබුන සී ටී බී බස් එක ඇද්දා. ඒ අදිනකොට මඒ ගැන දන්න මහජනයා බුරුතු පිටින් අවැිල්ලා බස් එකේ එල්ලුනා. ඉතින් අපිත් ගිහින් ඒකේ නැතුව ඊලග බස් එක බැලුවා. මොකද බස් එකේ හිටගෙන යන එක අමාරු නිසා. අනික් බස් එකත් එතකොට පිරිලා තිබුනා. ඒ නිසා අයෙම සී ටී බි එක බලද්දි ඒක කටකපලා අපිට අඩිය තියන්න බැහැ ඒ පාර අපි පයිවෙට් බස් එකට නැගලා හිටගන යන්න සෙට් වුනා.


නයිනතිව් ගිහිපු බෝට් කීපයක්ම ජැටියට ආවා. ඒ නිසා සෙනග වැඩි වුනා. පෞ ඒ සෙනගට අර බස් එකට නැගලා ගිනි අව්වේ තැම්බි තැම්බි ඉන්න වුනා. බස් එක පැයක් විතර නවත්වලා තිබුනා. මිනිස්සු දෙමලෙන් බනින්න ගත්තා.ෙ කාවිඩ් නීති මේකද කියලා ඇහුවා. ඒත් වැඩක් වුනේ නැහැ. යක්සයා වගේ උන්න ඩයිවරයා දෙමලෙන් දෙතුන් පාරක් ගොරවනවා ඉන් පස්සේ එකතැන රේස් කර කර ඔහේ ඉන්නවා.


ජැක් කතාව


ඉතින් බස් එක ඉතාම අපහසු කාලයක් පහු කරලා කලින් බස් එක ගිහින් විනාඩි පනහක් විතර වාත වෙලා වෙලා බස් එක යන්න ගත්තා. කලින් නැගලා සීට් අල්ලාගත්තත් ඉන් පස්සේ නාගදීප ගිහින් එන දෙමල බැතිමතුන් අතර ඉන්න බඩදරු අම්මලා, කුඩා දරුවන් ඉන්න අම්මලා සහ වයසක උදවිය නිසා වාඩිවෙලා ඉ්නන අයට සීට් දෙන්නත් වුනා. බස් එක ඇතුලට ඉර එලිය එන්න ගත්ත නිසා මිනිස්සු දැඩි අපහසුතාවයෙන් උන්නේ. ඔහොම ඉදලා බස් එක යන්න ගත්තා විතරයි එතනත් වලියක්.


ජැක් ගැහුවාය කුට්ටම හේත්තු කලාය කියලා සැකකටයුතු පුරුෂයා නුවර පත්තේ බුවෙවක් බුවාට සිංහල පුලුවන්.එ යා කිව්ව විදිහට නම් වල්ල නෙමෙයි ඒ තියලා තියෙන්නේ මිනිහගේ පර්ස් ක. ඒ වලිය බස් එක ඇතුලේ විතරක් නෙමෙයි යාපනෙන් අපි බස් එකනේ බහිනකොටත් ඇල වුනා. ජැකක් ගහලා මාට්ටු වුනා නම් ඒක වුනේ පස්සෛ් නම් ආයේ එතන හැමිනි හැමිනි ගෑනුන්ට උත්තර දෙන් නැතුව සද්ද නැතුව ඉස්සරහට එන්න ඕනි. ඕ ගෑනුන්ගේ කතා වලට උත්තර දිදී එතැන හිටියම ඌ නිකම්ම නෝන්ඩ් වෙනවා. ඉතින් ඒ තියර ි නොදැන ඌ අත්ම ගෞරවේ වෙනුවෙන් අභිතව සටන් කලා බස් එකෙන් බැහැලත්.


බස් එක වේගෙන් ආවෙත් නැහැ. එන ගමනත් හිටගෙන. ඉතින් අපි කාන්ඩෙට ගමනේ පලවෙනි දවසේ හොද කට්ටක් සෙට් වුනා. දුවන පෙරහැරේ ඩෛල්ෆ්ට් වල තැන් බැලුවා වගේම දඩි බිඩි ගාලා අපි නාගදීපෙත් ගිහින් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමිය අපෙ පලවෙනි දවස ගත කලේ. පලවෙනි දවසේ රෑ අපි කෑව සුපිරි ආකාරය සහ දෙවනි දවස අපි පස්සේ වෙලාවක බලමු නේද?