Monday, March 1, 2021

21 යාපන චාරිකාව

යාපනෙ නෙමෙයි කොහෙවත් යන්න හොද නැති මහ නපුරු කාලයක් නෙව මේක. ඒත් අපි ගියා නෙව. අපි යන්න හිතුවේ කෝච්චියේ. රෑ නවහමාරට තියෙනවා යාපනේ කෝච්චියක්. අපි දිග සති අන්තයක තමයි ගමන සෙට් වුනේ. සිකුරාදත් නිවාඩු තිබුන නිසා අපි බ්‍රහස්පතින්දා තමයි ගමන පටන් ගත්තේ. මේ ගමන පටන් ගන්නේ කොටුවෙන් මුලින්ම කෝච්චියට නැග්ගේ මම. කෝච්චිය යාපනේට පාන්දර වෙනකොට යනවා කියලායි තිබුනේ. අපරාදේ කියන්න බැහැ ඒක දිග කෝචචියක්. මම හිතන්නේ පෙට්ටි පාලහක් විතර තිබුනා. ඒකේ දෙවවන පන්තියේ සීට් වල ඉඩ තිබුනා. මහිතේ ඒ ඉඩ තියෙන්නේ මේ දව්ස්වල කොවිඩ් නිසා වෙන්නට ඕනි.

කෝච්චි ගමන ගැන කියනවා නම් ඉතින් සැප තමයි. බස් වගේ අමාරුවක් නැහැ. ඒත් මේ කෝච්චිය ටිකක් පප්‍රමාද වුනා. පහයි ගානට යාපන යනවා කිව්වට කෝච්චිය හරියටම යාපනෙට කිට්ටු වෙද්දි පාන්දර හත විතර වෙලා තිබුනා. ඒ යාපනයට කලින් තියෙන දිග තැනිතලා බිම් වැහෙන්න උදේම මීදුම තිබුනා. ඒ සීතල මීදුම අස්සෙන් වෙල් යායවල් වල ඈතින් තියෙන ගස් ආදිය ලස්සනයට පෙනුනා.

නාග විහාරය හරහා කුරිකඩ්ඩුවාන් බසයට


අපි නැවතුනේ යාපන නාග විහාරයේ. නයි විහාරේ හාමුදුරුවෝ අපරාදේ කියන්න බැහැ ලාබ කාමර කෑලි ටිකක් හදලා තියෙනවා. ඒ නිසා අපිට නවාතැන් ගන්න එතැන කියාපු තැන. එතැනට ගියාම අපිට නාග විහාරයේ විහාර භූමියේම තියෙන ලොකු තැනක නවාතැන් හම්බුනා. විහාරය එක්කම තියෙන මේ උස බිල්ඩිම තාම හදනවා. ඒත් ඒකේ තියෙන කාමර ආදියේ නවාතැන් ගන්න පහසුකම හොදටම තියෙනවා. මේකේ බාත්රූම් වල ඉඩ පොඩියි. ඒ වගේම කාමර වල ඉන්ටිරියර් අජපල්. ඒත් රුපියල්ෙ දදාහකට ඒ සී එකේ හතරකට නවතින්න පුලුවන් කාමරයක් කියන්නේ පට්ට නෙ. ඉතින් ඒ නිසා ඒක වාසි ඩීල් එකක්. අපි ගියේ 6ක් නිසා කාමර දෙකක් ගන්නට වුනා.


උදෑසන පාතරාසය


උදේ කෑමට ඒ නාග විහාරය ඉදිරිපිටම තියෙන අක්ෂතායි කියන රෙස්ටොරන්ට් එකට ගියා. ඒකේ තනිකර දෙමල. නාග විහාරේ කාමර බාරව ඉන්න මහ උපාසක ජොකියා කන්නෙත් එතනින්. ඉතින් ඒ රෙස්ටොරන්ට් එකෙන් අපි බඩ පිරෙන්න කෑවා. එතන තියෙනවා මසාල ගී ප්ලස් ප්ලස් තෝසයක්. රුපියල් දෙසිය හැටක් වගේ. ඒක බඩපිරෙන්න හොදටම ඇති. තව පෙපර් තෝරස ගී තෝස ඉට්ලි සහ පූරි පිගන් වලට ඇවිත් අපෙ බඩව්ල අස්සට ගියා. ඉන් පස්සේ එකෙන් කිරි එකකුත් ගැහුවම කට ගාවට ඇති. මේ දෙමල කඩවල කෑම ලාබ වුනාට මේකේ ටිකක් විතර කෑම ගන්න ඒත් අපි 6 දෙනාට කෑමට රුපියල් දෙදාහයි වියදම් වුනේ.


ජැටිය බලා

අපි ප්ලෑන් කරලා තිබුනේ ඩෙල්ෆ්ට් යන්න. ඩෙල්ෆ්ට් වලට බෝට්ටු යන්නේ නැහැය කියලා ආරංචියක් ආවා. පස්සේ ඒක බෝට්ටු යන ගාන අඩුය කියලා වෙනස් වුනා. ඒත් අපි කෝකටත් කියලා ගිහින්ම බලනවා කියලා නාග විහාරයේ ඉදන් යාපනේ ටවුමට ඇවිත් කුරිකඩ්ඩුවාන් බස් එකට නැග්ගා. කුරිකඩ්ඩුවාන්. බස් එකක් ගැහුවා වුනත් අපි කලින් ගිය බස් එක පස්සේ එලෝලා ඒකේම නැග්ගා. අපි හිතුවේ මගින් සෙනග බහී කියලා. ඒත් බැස්සේ නැහැ. ඉතින් පැයයි විනඩි දහහක් විතර බස් එකේ හිරවෙලා හිටගෙන ගියා. ඇත්තටම බස් එක හිස් වුනේ ජැටියට ගියාට ප්සසේ.


හුටස්. බෝට්ටුව ගිහින්


බෝට්ටුව ගිහින් තිබුනා. මොකද අට වෙද්දි බෝට්ටුව යනවා. එක බෝට්ටුවයි ඩෙල්ෆ්ට් වලට තියෙන්නේ. ඉතින් ඒක අටට ගිහින් අපි එද්දි දහය විතර වෙලා නේ. ඉතින් අපි පෝලිමට සෙට් වුනා. එකම පෝලිම තිබුනේ. ඒකෙදි නාවික හමුදාව ආපු අය ගේ ඩීටෙල් ආදිය පොතක ලියාගන්නවා. මම ඉස්සරහින් ගිය නඩය නාවික භටයා එක්ක හිතවත් කමක් ගොඩනගාගත්තා. ඉන් පස්සේ නාවික භටයා ඒ අය පෝලිමෙන් පන්නලා වෙනම තැනකින් බෝට්ටුවට නග්ගවාගන්න සැලසුම් කලා. කොහොම හරි එතන නාවික භටයා පොඩි පගා සීන් එකකට ඒ අය තල්ලු කලා කියලයි මට පස්සේ හිතුනේ.


ඒ පාර නාගදිපේ


අපි ජැටියට එද්දි දහයයි. දොලහමාරට තමයි ඩෙල්ෆ්ට් යන බෝට්ටුව තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා නාග දදීපේ යන්න. නාග දීප ගමන කොටයි පැය බාගයක් වත් නැහැ බෝට්ටුවේ යන්න. ඉතින් අපි ගියා නාගදිපේ කියන නවින විහාරස්ථානය බැලුවා ආවා. නාගදීප විහාරස්තානය අපේ ගමේ පංසලක් වගේ. කිසිම පිලිවෙලක් නැති ඉදිකිරීම් කිහිපයක් තියෙනවා. ඒ හැර ඒකේ කිසි ගතියක් ලල් එකක් නැහැ. ඒකේ තියෙන හින්දු කෝවිල නම් හින්දු අය ගෙොඩක් යනඑ න තැනක්. එතනත් බාහිර පෙනුම නම් ලොකු ලල් එකක් නෑ. නාගදීපේ දි බෞද්ධ ජැටියෙන් බැහැලා හින්දු ජැටියෙන් තමිය එන්නට තියෙන්නේ. ඒක ටිකක් දුර ගමනක්. ඉතින් නාගදීප වන්දනාව ඔහේබලලා කියලා අපි දොලහමාරට කලින් කුරිකඩ්ඩුවාන් ජැටියට ආවා.


ජැටියට ඇවිත් ටිකක් ඉදලා ඩෙල්ෆ්ට් බෝට්ටුවට නැග්ගා. අපි කලින් එද්දි සීට් තිබුනත් මම සහ මංජු ගියා වතුර සහ කෑමට මොනාවත් අරන් එන්න. ඒත් මාර වැඩේ නේ වුනේ. එතකොට අපේ සීට් එක නැතිවෙලා තිබුනා. ඉතින ්අපි හිටං ගියා. මාර ගිරිස්මේ. ඒත් ඇතුලට වෙලා හිටං ඉන්නවාට වඩා එලියට එන එක සැපයි කියලා හිතලු එලියට ආවා. ඇවිත් අවුවෙම ටිකක් වාඩිවෙලා තුවායකින් ඔලුව වහගෙන අපි ඩෙල්ෆ්ට් කරා ආපු පැය ගෙවා දැම්මා.


ඩෙල්ෆ්ට් වලදි


ඩෙල්ෆ්ට් වලින් ඇතුලට ගනිද්දි නාවික හමුදාවේ අය හාවා ඇදුමින් සැරසිලා උන්නා. එයාලා දූපතට යන එන අයගේ දත්ත පද්ධතියක් සකස් කරනවා වෙන්න ඕනි. කැමරාවවකින් පින්තුර ගත්තා. අයිඩන්ටි කාඩ් වලත් ස්කෑන් කොපි තියාගත්තා. ඉතින් ඔය විදිහට දත්ත අරගත්තට පස්සේ අපි ගිහින් ඩෙල්ෆ්ට් වල එහෙ මේ යන්න තියෙන ඩිමො බට්ටා කැබ් එකකට සල්ලි දීලා ටුවර පටන් ගත්තා. මුලින්ම පැලවෙන ගල බැලුවා. ඒක පැලවෙනවාද මන්දා ගිය පාර දැක්ක විදිහට තමයි මට ඒක පෙනුනේ පැලවීමක් නම් පෙනුන් නැහැ


ගස සහ අස්සයෝ


ඉතින් ඒක බලලා ඊලගට ගියා ඩෙල්ෆ්ට් වල තියෙන බයෝබැබ් ගස බලන්න. ගිය වතාවේ ඩෙල්ෆ්ට් එන කොට මේ ගසේ කොල ඔක්කම හැලෙන්න අරගෙන තිබුනා. ගස කණාටු ලුක් එකකට ඇවිත් තිබුනා. ඒත් මේ වතාවේ ගස හොදට කොල දාල නිල් කැටේට හැදිලා තිබුනා. ඉතින් ගසේ තියෙන බෙනේට හොදට ආතල් එකක් අපේ යාලුවෝ දුන්නා. යෝනි ආකාර හැඩේ තියෙන බෙනේ අස්සට රිංගලා ඇතිල්ලි ඇතිල්ලි අපේ උදවිය පොටෝ ගත්තා. ගසට කිතිත් හිතෙන්න ඇති පෞ නේද යාලුවනේ.


ඊලගට ඔන්න විනාඩි විස්සක විතර ටිකක් දුර ගමනකින් පස්සේ අපි ගියා අස්සයා බලන්න. ඇත්තටම ගිය පාර ඩෙල්ෆ්ට් ආෙ වෙලේ අස්සයෝ දෙකයි දැක්කේ. අපේ එතකොට හිටිය ගයිඩා අපිට කපිල් අපිට කිව්වේ අෙස්සයෝ වද වෙලා වගේ කතාවක්. ඒත් මේපාර අස්සයෝ ගොඩයි. එක තැන විස්සක් තිහක් විතර උන්නා. අස්සයි ටික හොදට සතුටින් අර අස්ස සද්දේ හෙමත් දාගෙන උ්නනා. උන් වතුර බිව්වා. පැටවු ඉන්න උන් පැටවු හුරතල් කලා. මේ අස්සයෝ දැන් ඇත්තටම කොළම කොටුවේ ඉන්න ට්‍රැෆික් අස්සයින්ට වඩා කොටයි. ඒ වගේම මේ අස්සයින් උන් තරම් පෙනුමත් නැහ. ඒත් උන් තාමත් අස්සයෝ. ඒ නිසා අපි අස්සයෝ ආසාවේන බලාල පිංතුර අරන් ආවා.


ජැටියේ පල හිලව්ව


තැන් හතක් බලන්න තියෙනවා කිව්වට ඇත්තටම අපි බැලුවේ තැන් හතරයි. අස්සයින්ගෙන් පස්සේ අර පරයි කූඩු සහ ඒ පැරනි රෝහල තිබුන බිල්ඩිමත් තව බලකොටුවත් බැලුවා. ඒ වගේම බීච් එකත් තියෙන තැන බැලුවා. ඒත් අපිට තව දෙකක් විතර තැන් ඉතුරු වුනා. ඒ එකක් තමයි ලයිට් හවුස් එක. අනික් එක තමයි පරණ අස්සයෝ බැදපු තැන. ඒ අස්සයො බැදපු තැන ආදම් ගේ කකුල් සටහනකුත් තියෙනවා. ඒ තැන් දෙක මේ පාර බැලුවේ නැහැ.


ඩෙල්ෆ්ට් ජැටියේ පල හිලව්ව

අපි ජැටියට එනකොට කට්ටිය පිරිලා උන්නා. අපි ඉතින් එතැන තෙරපෙන්නේ නැතුව සයිඩ් එකෙන් ඉදලා පෝලිමට යද්දි නාවික හමුදාවේ ගොබිලෙක් කිව්වා අපිට යන්න දෙන්න බැහැය බෝට්ටුව ඕවලෝඩ් ය කියලා. ඇත්තටම මම එතකොට ජැටියේ හිටපු අය ගනන් කරලා බැලුවා එතන හිටියේ හැටක් විතර. ඉන් පස්සේ බස් එක ආවා. දැන් ඩෙල්ෆ්ට් වල බස් එකකුත් තියෙනවා. මේ බස් එක එනකොට අපි හිටියත් බස් එකේ අයට මුලික තැන ලැබුනේ එතන දූපතේ අයත් ඉන්නවාය කියලා.


කොහොම හරි ටිකක් වාත කරලා අපිත් බෝට්ටුවට දැම්මා. මට නම් හිතුනේ හමුදාව හමුදාව අහම ලොකුය හරි විනයය කියලා කිව්වට එතැන නාවික හමුදා ගොබිලා හැදුවේ අපෙන් බෝට්ටුවට ඇතුලත් කරගන්න කියලා කීයක් හරි ගරාගන්න. කලින් කුරිකඩ්ඩුවාන් ජැටියෙදිත් උන් ඒ වගේ වැඩක් කරන්න හැදුවා. කමක් නැහැ ඉතින් අපේ මිනි්ස්සු කවදාවත් වලේ වැටෙන්න කලින් ඒකේ ඉෆේකට් එක තේරුම් ගන්න ජාතියක් නෙමෙයි. මේ දවස්වල මියන්මාරයේ හමුදාව දැන් එහේ රෝහින්ගයා මුස්ලිම් අයට නෙමෙයි ගහන්නේ. එයාලගේම බෞද්ධ වරුන්ට. මොකද දැන් රාජ්‍යයේ සතුරන් මියන්මාර හමුදා පාලනයට විරුද්ද වෙන අය.


ඉතින් හමුදා පාලනය අහමය මෙහෙමය විනයය කියලා මෙලෝ ලබ්බක් දන් නැතුව ඔහේ කියවන උන්ට නියම හමුදා පාලනයක ආතල් එක ගන්න ඒහෙම එකක් ආවොත් ඒකත් හොදයි. එහෙම එන්නේ නැතුව කොච්චර කිව්වත් ඉතින් කට්ටියට අර ගෞරවේය විරුවාය කියන පොයිය හිතේ තියෙනකල් හමුදා බුවාලගේ කෙරුවාවල් වල ගැඹුර පේන් නැහැ.


ඉතින් හරිනම් ඊලගට තියෙන්න ඕනි අපි යහතින් බෝට්ටුවෙන් කුරිකඩ්ඩුවාන් වලට ආවාය කියන කතාව. ඒත් කුමක් හෝ හේතුවකට බෝට්ටුවේ ඩීස්ල ඉවර වුනා. ඉන් පස්සේ බෝට්ටුව ජැටිය පේන තෙක් මානයේ හිට්ටා. ඉන් පස්සේ ආධාරක බෝට්ටුවක් ඇවිත් ඩීසල් දමාලා ආයෙත් බෝට්ටුව ගමන් ආරම්භ කලා. මේ බෝට්ටඑු වල ඉස්සර වගේ සැප දැන් නැහ. ඉස්සර ඩෙල්ෆ්ට් ගිය වඩතරකි, නදුන් තරකි වගේ බෝට්ටු නෙමෙයි දැන් යන්නේ. දැන් යන්නේ අපේ අය ඔස්ත්‍රේලියා යන්න පාවිච්චි කරන මහා විසාල ටෝලර් යාත්‍රා වලට ළෑලි ආසන ගහපු පරණ මොඩල් ටිකක් හඩු බෝට්ටු ටිකක්. ඉතින් කොපමණ සල්ල්ි කාරයා වුනත් මේ බෝට්ටුවන් තමයි නාගදීපයට ඩෙල්ෆ්ට් වලට ගමන් පහසුව සලසාගන්න තියෙන්නේ.

ජැටියේ වලිය


ජැටියට බෝට්ටුව නවත්වන කොටම වගේ එතැන තිබුන සී ටී බී බස් එක ඇද්දා. ඒ අදිනකොට මඒ ගැන දන්න මහජනයා බුරුතු පිටින් අවැිල්ලා බස් එකේ එල්ලුනා. ඉතින් අපිත් ගිහින් ඒකේ නැතුව ඊලග බස් එක බැලුවා. මොකද බස් එකේ හිටගෙන යන එක අමාරු නිසා. අනික් බස් එකත් එතකොට පිරිලා තිබුනා. ඒ නිසා අයෙම සී ටී බි එක බලද්දි ඒක කටකපලා අපිට අඩිය තියන්න බැහැ ඒ පාර අපි පයිවෙට් බස් එකට නැගලා හිටගන යන්න සෙට් වුනා.


නයිනතිව් ගිහිපු බෝට් කීපයක්ම ජැටියට ආවා. ඒ නිසා සෙනග වැඩි වුනා. පෞ ඒ සෙනගට අර බස් එකට නැගලා ගිනි අව්වේ තැම්බි තැම්බි ඉන්න වුනා. බස් එක පැයක් විතර නවත්වලා තිබුනා. මිනිස්සු දෙමලෙන් බනින්න ගත්තා.ෙ කාවිඩ් නීති මේකද කියලා ඇහුවා. ඒත් වැඩක් වුනේ නැහැ. යක්සයා වගේ උන්න ඩයිවරයා දෙමලෙන් දෙතුන් පාරක් ගොරවනවා ඉන් පස්සේ එකතැන රේස් කර කර ඔහේ ඉන්නවා.


ජැක් කතාව


ඉතින් බස් එක ඉතාම අපහසු කාලයක් පහු කරලා කලින් බස් එක ගිහින් විනාඩි පනහක් විතර වාත වෙලා වෙලා බස් එක යන්න ගත්තා. කලින් නැගලා සීට් අල්ලාගත්තත් ඉන් පස්සේ නාගදීප ගිහින් එන දෙමල බැතිමතුන් අතර ඉන්න බඩදරු අම්මලා, කුඩා දරුවන් ඉන්න අම්මලා සහ වයසක උදවිය නිසා වාඩිවෙලා ඉ්නන අයට සීට් දෙන්නත් වුනා. බස් එක ඇතුලට ඉර එලිය එන්න ගත්ත නිසා මිනිස්සු දැඩි අපහසුතාවයෙන් උන්නේ. ඔහොම ඉදලා බස් එක යන්න ගත්තා විතරයි එතනත් වලියක්.


ජැක් ගැහුවාය කුට්ටම හේත්තු කලාය කියලා සැකකටයුතු පුරුෂයා නුවර පත්තේ බුවෙවක් බුවාට සිංහල පුලුවන්.එ යා කිව්ව විදිහට නම් වල්ල නෙමෙයි ඒ තියලා තියෙන්නේ මිනිහගේ පර්ස් ක. ඒ වලිය බස් එක ඇතුලේ විතරක් නෙමෙයි යාපනෙන් අපි බස් එකනේ බහිනකොටත් ඇල වුනා. ජැකක් ගහලා මාට්ටු වුනා නම් ඒක වුනේ පස්සෛ් නම් ආයේ එතන හැමිනි හැමිනි ගෑනුන්ට උත්තර දෙන් නැතුව සද්ද නැතුව ඉස්සරහට එන්න ඕනි. ඕ ගෑනුන්ගේ කතා වලට උත්තර දිදී එතැන හිටියම ඌ නිකම්ම නෝන්ඩ් වෙනවා. ඉතින් ඒ තියර ි නොදැන ඌ අත්ම ගෞරවේ වෙනුවෙන් අභිතව සටන් කලා බස් එකෙන් බැහැලත්.


බස් එක වේගෙන් ආවෙත් නැහැ. එන ගමනත් හිටගෙන. ඉතින් අපි කාන්ඩෙට ගමනේ පලවෙනි දවසේ හොද කට්ටක් සෙට් වුනා. දුවන පෙරහැරේ ඩෛල්ෆ්ට් වල තැන් බැලුවා වගේම දඩි බිඩි ගාලා අපි නාගදීපෙත් ගිහින් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමිය අපෙ පලවෙනි දවස ගත කලේ. පලවෙනි දවසේ රෑ අපි කෑව සුපිරි ආකාරය සහ දෙවනි දවස අපි පස්සේ වෙලාවක බලමු නේද?

4 comments:

  1. පාතරාසය කියන්නෙ උදේ කෑමට. ඒක නිස උඈසන පාතරසය කියල ලියන්න අවශ්‍ය නෑ

    ReplyDelete
  2. ඉතාම හොඳ ලියවිල්ලක්.කදිමයි

    ReplyDelete
  3. සෞම්යාට දිව දාන්න ආසයි. රෝස පාට ඇති. ම්ම්... මතක් වෙද්දීත් ඉන්නම බැහැ.

    ReplyDelete