Wednesday, June 30, 2021

විනය තකන ක්‍රිකට්


විනය ගැන හැමෝම කතා වෙනවා. විනය තියෙන්න ඕනිය ක්‍රීඩාවේ ඒක නැහැය කියනවා. අපි හොදටම දන්නවා නේ පහුගිය දවසක ඩැනියි, කුසලුයි තව දික්කයි පාරක සිගා එකක් ගහලා ආතල් එකක් අරං මාට්ටු වුන සීන් එක. දැන් ඉතින් ඇර සොයිසා කියලා උන්ට නෙලන එක තමයි ට්‍රෙන්ඩ් එක. උන්ට නෙලුවා කියලා අපිට ලැබෙන කෙංගෙඩියක් නැහැ. ඇත්තටම 11ක් සෙල්ලම් කරන ගේම් එකක බැටාලා තුන් දෙනෙක් කියන්නේ ලොකුෙ දයක් තමයි. ඒත උන් තුන්දෙනා හැර අනෙක් අයය කියලා ලොකු තැනක ඉන්න විදිහක් පෙන්නෙත් නැහැ.

ඇරියස්

අපිට කලින් අපි දැකපු නැති කාලේ ක්‍රිකට් ගහපු පරම්පරාව ඇවිල්ලා සිල්ගත්ත බවුන් වඩන සෙට් එකක් නෙමෙයි. ඩේවිඩ් බූන් 80 ගනන්වල මැද හරියේ ඉදලා 96 වෙනකල් සෙල්ලම් කල තස්මේනියන් බුවෙක්. ඔසී වල ටෙස් මැච් එකක බූන් ආවා කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ. ලෑල්ල ඒ වගේම ගහනවා. දක්ෂයෙක්. මිනිහා කොපමණ දක්ෂ වුනත් හොදට බොන්න දන්නවා. කොපමන බොනවාද කිව්වොත් ඔසී ඉදන් එංගලන්තේ යන ගුවන් ගමනේදි පොර බියර් කෑන් 52ක් බීලා තියෙනවා. දැක්ක විදිහට එකපාරක් මැච් එකක බීලා බීලා අහක් වෙලා වමනෙ දදාත් පොර ශතකයක් ගහලා තියෙනවා.


ඊට අමතරව ඉතින් ශේන් වෝන්, වසිම් අක්‍රම් සහ චමින්ද වාස් හෙමත් සිගා ගහනවා කියන එක ලොකු රහසක් නෙමෙයි. උන් සිගා ගැහුවා ක්‍රිකටුත් ගැහුවා උන් දක්ෂයි. ඒත් ක්‍රිකට් වලින් ප්ලේයර්ස්ලා අසාර්ථක වෙන හැම වෙලාවකම උන් මොකවත් නොබී ආතල් ගන්නේ නැතුව ඒ පරාජය ගැන අඩ අඩ වැලපෙන්න ඕනිද? විකාර නේ. පැරදුනාම අපි ටීව එක වහලා අපේ ආතල් ගන්නවා වගේ උන්ටත් ජීවිතයක් ෆන් එකක් තියෙන්න ඕනි. ඒක පොඩ්ඩක් ඕවර් ගියොත් ඉතින් ඒවා ගැන බලාගන්නත් කට්ටිය ඉන්නවා නේ.

මේ සිද්දිය.

ජෛව බබුල එහෙම නැතිනම් බයෝ බබල් එකෙන් එලියෙ ආතල් ගැනීඹ ටිකක් කේස් වැඩක්. මේ කරන්නේ කොරෝනා නිසා. පවුලෙන් සහ සමාජෙන් ඇත් වෙලා හෛාටල් ගත වෙලා ඉන්න එක අමාරුයි. ඒත් හෝටල් කාමර වල අවශ්‍ය නම් බීම වගේම වෙනත් පහසුකම් වුනත් ගන්නට පුලුවන්. කුමාර ධර්මසේන කියපු විදිහට පාකිස්තානයේදි ඔවුන්ට ඉන්න තැනටම අවශ්‍ය නම් පහසුකම් ගෙන්නවාගන්න පුලුවන්. ඉතින් ඔවුන් ඇතුලේ ආතල් ගන්න නැතුව එලියට පැනලා ආතල් වැඩිපුර ගන්න ගිය සීණ් එක ලීක් වුනා. ඒ වෙද්දි මැච් ලොස් වෙල තිබුන නිසා සිද්ධිය තවත් සැර වුනා. එච්චරයි. ඒක ඉවරයි.

තරග තහනම

තරග තහනම අවුරුද්දක් කියලා තමයි දැන් කතා එන්නේ. ඒත් සමහර අය මේ සෙට් එක අවුරුදු ගානක් බ්ලොක් කරන්න කතා කරනවා. ඒක නම් හෙන කැත වැඩේ නේද? අයි සී සී හෝ එංගලන්තය පැත්තෙනුත් එච්චර ලොකු සද්දයක් නැහැ. ඒ වගේ තත්වයක් යටතේදි ලොකු දඩුවමක් දෙන්ෙන් ඇයි? මම හිතන්නේ එංගලන්තයේ එහෙම කොවිඩ් අතෑරලා වගේ දැන් මැච් බලන්න සෙනගත් එනවා. ඒ නිසා ලොකුවට තරග තහනම් දාන එකෙන් ඒ ප්ලේයර්ස්ලාට වෙන අසාධාරනය වැඩියි. ඇරත් ආයේ ඩැනීලා දික්කලා කුසල්ලා ගැහුවේ නැතොත් ඒ අයව කාටත් මතක නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔවුන් ඉතිහාසගත වෙලා දඩුවම ටිකක් ජනප්‍රිය වෙන්න නම් එවුන් නැවත ගහන එක වැදගත් වෙනවා.

ලයිට් කොටේ බලන ෆෑන්ස්ලා

තොරණක ආතල් එක තියෙන්නේ ඉස්සරහ. ඒක වැඩ ගොඩයි. විනාඩි දහයක් විතර බැලුවම තොරණ එපා වෙනවා. ඉන් පසේස සමහරු ලයිට් කොටේ ඒ කියන්නේ තොරණ පස්සේ තියෙන කෑල්ලත් බලන්න යනවා. ඒකේ ලොකු ලල් එකක් නෑ, ඒත් බලනවා. එ වගේ ක්‍රිකට් වලත් ඇත්තටම පේන්න තියෙන කෑල්ලේ තියෙන දේවල් වලට අමතරව ඇතුලේ තියෙන ලබ්බවල් ක්‍රිඩකයින්ගේ ප්‍රොෆයිල් ඒවායේ ලයික් කරන කෙල්ලෝ. ක්‍රීඩකයා් යන පාටි වලදි උන් කරන කියන දේවල් බලන්න වෙනමම දයාවතීල සෙට් එකක් ඉන්නවා. ඒකේ ලල් එකක් නැතුව නෙමෙයි. ඒත් උන් ක්‍රීඪාංගනයෙන් පිට නිකං සිල්වතුන් වෙන්න ඕනිද? ඒක අමතර ප්‍රෙශර් එකක්.

ක්‍රීඩාවේ බේසික් මෙව්වා එක

ක්‍රිකට් කිය්නනේ ටික්ක අලස ක්‍රීඩාවක්. ටෙස් හෙම ගත්තම එහෙම ගෝ එකක් තියෙන වැඩක් නෙමෙයි. බලන්න ගියාම අපා වෙනවා. මම දැකලා තියෙන විදිහට ඉස්සර ක්‍රිකට් වගේම දැනුත් ඔසී එංගලන්ත රටවල ක්‍රිකට් කිය්නනේ බියර් බිබී මොනාහරි කකා දවස ගෙවාගන්න ක්‍රමයක්. හොදට අව්වේ ඉදලා දවසක් ගතකරන්න ලැබෙන අවස්තාක්. අවුරුදු ගානකට කලින් ප්‍රේමදාස එකේ මැච් එකක් බලන්න ගිය වෙලාක මට මතකයි එදා ඒ ග්‍රවුන්ඩ් එකේ බියර් විකුනන්නත් තිබුනා. කට්ටියසිගාත් ගහනවා. ප්‍රේක්ෂකයින්ට විතරක් නෙමෙයි ක්‍රීඩකයින්ටත් ලයින් එකෙන් පිටතදි ඔය දේවල්ෙ ලාකු සීන් නෙමෙයි. 95 වගේ කාලෙදි බෙන්සන් ඇන් හෙජස් වගේ සිගා සමාගම් ක්‍රිකට් වලට අනුග්‍රහ දක්වන්නත් උන්නා.

පසුකාලීනව ඉන්දියාවට බලය වැඩි වීමත් එක්ක ක්‍රිකටුත් ආගමක් වගේ ආතල් එකකට ොවා. ඒත් තාමත් සුද්දෝ මැච් බලන්නේ ආතල් එකට. මහා මානසික පීඩනයකින් අපි දිනන්නම ඕනි කියන මෙව්වා එකට නෙමෙයි. අපි ඉති්න ජාන වලින් එන හැම රෙද්දම සීරියස් සීන් එකේ ඉන්න නිසා ඒ තත්වෙට එන්න අමාරුයි. ඒත් ඉතින් පොඩි්ඩක් ශොට් එකක් දාලා සිගා එකක් ගහලා ඉන්න ප්ලේයර් කෙනෙක් කියන්නේ ලොකු මැජික් එක්ක වීමනම් අවුලක්.

වැටුන තැන හෙවීම

ක්‍රිකට් වැටුනාම කල යුත්තේ කුමක්ද කියලා ෆෑන්ස්ලා පහුගිය කාලේ දිගටම කිව්වා. මම හිතන්නේ ෆෑන්ස්ලාට හොදයි දැන් මෙයාව දාන්න කියලා රෙද්දක් ඇදගෙන තවත් නම්කරන්න ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා නැති තරම්. ඒ හැමෝටම වගේ හැකි විදිහ අවස්තාව දුන්නා. කවුරුවත් එහෙම ලොකුවට හැදිලා ඇදිලා ආවේ නැහැ. පුහුණුකරුවන් ඔවුනුත් වෙනස් කලා. සිලෙක්ටර්ස්ලත් වෙනස් කලා. පරිපාලනය ආ ඒකත් මොනාද කලා. දැන් කරන්න දෙයක් නැතිම වගේ. නේද?

මේ වගේ හිර වුන වෙලාවක කරන්න ඕනි මොකද කියලා කට්ටිය නොදන්නවා නෙමෙයි දන්නවා. ඒත් ඒදේවල් කරන්න විවිධ දේශපාලන බාධාන් තියෙනවා. ඒ වගේම මොනාහරි කරන්නත් ඕනි වෙනවා. මොනාහරි නොකර හැමදාම පරණ සෙට් එක දානවා. පරණ සෙට් එක හැමදාම මැච් පරදිනවා. ඒහෙම වැඩකුත් නැැහ නෙ. ඉතින් ෆෑන්ස්ලා විදිහට ස්පෝට් එකක් බලලා ගන්න ආතල් එක දිගට පරදිනකොට නැතිවෙන එකට දුකයි තමයි. ඒත් ඒකට ඉතින් වැරදිකාරයෝ හොයලා එල්ලන මානසිකත්වයට එන එක හරිද? සමහර විට ඉතින් කොඤ්චර නැටවත් අපිට ඇත්තටම බැරුවත් ඇති. නේද?

Sunday, June 27, 2021

ඔන්ලයින් ස්කෝල

ඔන්ලයින් එඩියුකේශන්

ඔන්ලයින් දේශන පැවැත්වීම දැන් ස්කෝල වලටත් ඇවිත්. ඒක ගැන කතාබහ හැමතැනම ඇති වෙනවා. ඒත් ඒවා ඉහල මට්ටමට යන්නේ නැහැ. ඔන්ලයින් යන්න සම්බන්ධතා සහ ෆෝන් නැති උදවිය ගැන වැඩි කතාබහක් නැහැ. ඉතින් ඒ ගැන පොඩි වචන ටිකක් කොටන්න හිතුවා.



 

ඔන්ලයින් යෑමේ වැදගත්කම


ළමයි හැමදාම ස්කෝලේ යවන එක කොළඹ නම් මහ ගැටළුවක්. කොළඹ මැද තියෙන වංශවත් බලවත් ඔද තෙදවත් පාසැල් ටික නගර සීමාවෙන් ඈත්වීම මේ කල්පයේ සිද්ද වෙන දෙයක් නෙමෙයි. කොළඹ නගරය ටිකක් ඈතට ගෙනිච්චොත් මිස කොළඹ දැන් තියෙන වටපිටාව ඇතුලේ ට්‍රැෆික් පාලනය මේ පාසැල් සෙට් එක නිසා ඇත්තටම අපහසු දෙයක්. ඉතින් මේ වගේ හේතු නිසා කොළඹ ඇතුලේ තියෙන යුනිවර්සිටි, ස්කෝල ටියුෂන් මඩු සහ විවිධ ආකරයේ අධයාපනික සිල්ලර තොග කඩ වල ඔන්ලයින් යන එක හැම අතින්ම හොදයි.

අපිට පුලුවන්ද?

අපේ රටේ පාසැල් ඇතුලේ ක්‍රියාකාරකම් විශේෂයෙන් විෂ්‍ය අනුබද්ධ බාහිර ක්‍රියාකාරකම් සිද්ද වෙන්නේ අඩු වෙන්. හැමදාම පාසැලේ විශයට ගුරුවරයෙක් එනවා ඔහු තමයි සිසුන්ට උගන්වන්නේ. ඔහු සිසුන්ට වෙනත් බාහිර දේවල් හෝ ක්‍රියාකාරක්ම පරීක්ෂණ නිරීක්ෂණ ආදිය කරනවා අඩුයි. ඉතින් මේ අද්‍යාපන ක්‍රමය ඔන්ලයින් කරලා දරුවන්ට ගෙදර ඉදන් ඉගෙනගන්න සලසන එක ලොකු අවුලක් නෙමෙයි. දුර බැහැර දරුවන්ටත් ඔන්ලයින් එන්න පහසුකම තියනෙවා නම් කොළඹ පැත්තේ ගුරුවරයෙක් උඝන්වන පාඩමක් වුනත් අහගන්නට පුලුවන්. ඉතින් ඒ අතින් සම්පත් නැති ටීචර්ලා නැති ඩොටේ පාසැල් වලට මේක වටිනවා. ගුරුවරයෙක් සම්පූර්ණයෙන්ම දෙන්න බැරිම වුනත් නැති අඩුව යම් තරමකින් පුරවගන්න මේ ඔන්ලයින් අධ්‍යාපනයට යොදගන්නට පුලුවන් දුරබැහැර ගුරුවරු නැති පාසැල් වලට. එය තියෙන හොදක්.

නැති ළමයි

මිනිස්සට පෝන් එකක් නැතිවීම හොද දෙයක් විදිහට තාමත් පඩියෝ හදුන්වනවා. පෝන් එකක් නැති මිනිස්සු හරි නිදහස් ආතල් ජාතියක් කියලා තමයි ටීවි එකට එන බකයෝ කියන්නේ. ඉතින් මේ පැන්ඩමික් කාල සීමාවෙදි නම් ඒක වෙනස් වෙලා. දරුවනට පෝන් අල්ලන්න දෙන්න එපා ස්ක්‍රින් හුරු කරන්න එපා කියලා කියපු අයත් දැන් දැන් දරුවන් ෆෝන් පාවිච්චි කරනවා බලාගෙන ඉන්නවා.

ඉතින් ෆෝන් එකක් නැති සහ සිග්නල් නැති ළමයිට වෙන අසාධාරනය සුලු නැහැ. අපේ ගමේ ඉස්කෝෙල් එක පන්තියක ළමයි ඔක්කම ඉන්නවාලු 72ක්. එයින් ඔන්ලයින් එන්නේ ළමයි 32ක් විතරයි. අර එන්නේ නැති ළමයිට මක්කද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන් කවදා හරි පාසැල් පටන් ගත්ත දාක අර කවදාවත් ඔන්ලයින් පන්තියට ආපු නැති ළමයිට මොකද වෙන්නේ කියන එක ගැටළුවක්. ඒ අය කොහොමද මේකට අනුගත වෙන්නේ.

ඔන්ලයින් පාඩම්මාලා වල වැදගත්කම

දැනට අපේ ලංකාවේ යනනේ පැරණි පෙළ පොත් ක්‍රමය. මෙතනින් එහා ගිහින් වෙබ් අඩවි හරහා දරුවන්ට ඔන්ලයින් පාඩම් මාලා ලබාදෙන්නට අපේ බලධාරින්ට පුලුවන්. ඒ කියන්නේ හුදෙක් ලෙක්චර ම නෙමෙයි. ඩොකියුමන්ටරි වීඩියෝ. පරීක්ෂණ ආදිය වගේම ක්‍රියාකාරකම් ප්‍රශ්ණ ආදිය ඒ ඔන්ලයින් පසුබිමටම ඇඩ් කරන්න පුලුවන්. එතකොට ඒ අනුව ඔන්ලයින් පාඩම් මාලා පිලිවෙලට තිබුනොත් යම් කෙනෙක්ට පසුකාලීනව ඕෆ්ලයන් වුනත් පාඩම් මාලා හදාරන්න පුලුවන්. හැබැයි මේවා ටිකක් වෙන ජාතියේ වැඩ නෙමෙයි නේ. සමහර විට ඒ වගේ අත්හදාබැලීම් ජාත්‍යන්තර පාසැල් වලට නම් කරන්න පුලුවන් වෙයි. දැනටත් ජාත්‍යන්තර පාසැල් වලින් නම් ඔන්ලයින් කටයුතු යම් පිලිවෙලකට කරන්න අවකාශ තියෙනවා.

රජය මගින් වගකීම ගැනීඹ සහ පැහැර හැරීම

අපේ රටේ අධ්‍යාපනය ලබන්න ළමයිට තියෙන මූලික මාර්ගයක් තමයි රජයේ පාසැල්. ඒකෙදි දරුවන්ට හෝ දෙමාපියන්ට වෙනත් තේරීම්ක නැහැ. අධ්‍යාපනය වැඩි කොටසක් රජයේ ඒකාධිකාරයකට තියෙන්නේ. ඇත්තටම පුද්ගලීකරණය වුනා නම් ඒ ඒ මට්ටමේ පාසැල් ඒ අයට උවමනා විදිහට ඔන්ලයින් ක්‍රම වලට යාවි. ඒත් සමස්ථ අපේ පාසැල් අධ්‍යාපනය ගත්තම දැන් වසර එකහමාරක් ගිහිනුත් කාටවත් කිසිම උවමනාක් නැහැ මේක වෙන්න පුලුවන් දෙයක්. රජයේ සේවකයින්ට ළමයි ඉගෙනගත්තාත් නැති වුනත් අදාල දීමනා පඩි නඩි ලැබෙනවා. ඔළුුන්ට අවසාන ළමයි ඉගෙනගත්තාද නැද්ද කියන එක එච්චර අදාල නැහැ.

ඒත් පුද්ගලික අංශය වුනානම් දරුවන්ට ඉගනුම ලැබෙන් නැතිනම් දෙමාපියන් පාසැල් වලට ගෙවීම් කරන්නේ නැහැ. එ නිසා කොහොම කොහොම හරි අධ්‍යාපන කටයුතු පටන් ගන්නවා. දැනට වුනත් හැම දේම නිකං ඉල්ලන්නේ නැතිව යම් කිසි ගෙවීමක් එක්ක අර්ධ වශයෙන් කොටසක් ගෙවන මට්ටමට හරි අපේ පාසැල් පද්ධතිය දියුනු වුනානම් අලුත් වෙනස්කම් වඩාත් ඉක්මනින් දරුවන්ට දනේනට පුලුවන් වෙයි.