Sunday, June 27, 2021

ඔන්ලයින් ස්කෝල

ඔන්ලයින් එඩියුකේශන්

ඔන්ලයින් දේශන පැවැත්වීම දැන් ස්කෝල වලටත් ඇවිත්. ඒක ගැන කතාබහ හැමතැනම ඇති වෙනවා. ඒත් ඒවා ඉහල මට්ටමට යන්නේ නැහැ. ඔන්ලයින් යන්න සම්බන්ධතා සහ ෆෝන් නැති උදවිය ගැන වැඩි කතාබහක් නැහැ. ඉතින් ඒ ගැන පොඩි වචන ටිකක් කොටන්න හිතුවා.



 

ඔන්ලයින් යෑමේ වැදගත්කම


ළමයි හැමදාම ස්කෝලේ යවන එක කොළඹ නම් මහ ගැටළුවක්. කොළඹ මැද තියෙන වංශවත් බලවත් ඔද තෙදවත් පාසැල් ටික නගර සීමාවෙන් ඈත්වීම මේ කල්පයේ සිද්ද වෙන දෙයක් නෙමෙයි. කොළඹ නගරය ටිකක් ඈතට ගෙනිච්චොත් මිස කොළඹ දැන් තියෙන වටපිටාව ඇතුලේ ට්‍රැෆික් පාලනය මේ පාසැල් සෙට් එක නිසා ඇත්තටම අපහසු දෙයක්. ඉතින් මේ වගේ හේතු නිසා කොළඹ ඇතුලේ තියෙන යුනිවර්සිටි, ස්කෝල ටියුෂන් මඩු සහ විවිධ ආකරයේ අධයාපනික සිල්ලර තොග කඩ වල ඔන්ලයින් යන එක හැම අතින්ම හොදයි.

අපිට පුලුවන්ද?

අපේ රටේ පාසැල් ඇතුලේ ක්‍රියාකාරකම් විශේෂයෙන් විෂ්‍ය අනුබද්ධ බාහිර ක්‍රියාකාරකම් සිද්ද වෙන්නේ අඩු වෙන්. හැමදාම පාසැලේ විශයට ගුරුවරයෙක් එනවා ඔහු තමයි සිසුන්ට උගන්වන්නේ. ඔහු සිසුන්ට වෙනත් බාහිර දේවල් හෝ ක්‍රියාකාරක්ම පරීක්ෂණ නිරීක්ෂණ ආදිය කරනවා අඩුයි. ඉතින් මේ අද්‍යාපන ක්‍රමය ඔන්ලයින් කරලා දරුවන්ට ගෙදර ඉදන් ඉගෙනගන්න සලසන එක ලොකු අවුලක් නෙමෙයි. දුර බැහැර දරුවන්ටත් ඔන්ලයින් එන්න පහසුකම තියනෙවා නම් කොළඹ පැත්තේ ගුරුවරයෙක් උඝන්වන පාඩමක් වුනත් අහගන්නට පුලුවන්. ඉතින් ඒ අතින් සම්පත් නැති ටීචර්ලා නැති ඩොටේ පාසැල් වලට මේක වටිනවා. ගුරුවරයෙක් සම්පූර්ණයෙන්ම දෙන්න බැරිම වුනත් නැති අඩුව යම් තරමකින් පුරවගන්න මේ ඔන්ලයින් අධ්‍යාපනයට යොදගන්නට පුලුවන් දුරබැහැර ගුරුවරු නැති පාසැල් වලට. එය තියෙන හොදක්.

නැති ළමයි

මිනිස්සට පෝන් එකක් නැතිවීම හොද දෙයක් විදිහට තාමත් පඩියෝ හදුන්වනවා. පෝන් එකක් නැති මිනිස්සු හරි නිදහස් ආතල් ජාතියක් කියලා තමයි ටීවි එකට එන බකයෝ කියන්නේ. ඉතින් මේ පැන්ඩමික් කාල සීමාවෙදි නම් ඒක වෙනස් වෙලා. දරුවනට පෝන් අල්ලන්න දෙන්න එපා ස්ක්‍රින් හුරු කරන්න එපා කියලා කියපු අයත් දැන් දැන් දරුවන් ෆෝන් පාවිච්චි කරනවා බලාගෙන ඉන්නවා.

ඉතින් ෆෝන් එකක් නැති සහ සිග්නල් නැති ළමයිට වෙන අසාධාරනය සුලු නැහැ. අපේ ගමේ ඉස්කෝෙල් එක පන්තියක ළමයි ඔක්කම ඉන්නවාලු 72ක්. එයින් ඔන්ලයින් එන්නේ ළමයි 32ක් විතරයි. අර එන්නේ නැති ළමයිට මක්කද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන් කවදා හරි පාසැල් පටන් ගත්ත දාක අර කවදාවත් ඔන්ලයින් පන්තියට ආපු නැති ළමයිට මොකද වෙන්නේ කියන එක ගැටළුවක්. ඒ අය කොහොමද මේකට අනුගත වෙන්නේ.

ඔන්ලයින් පාඩම්මාලා වල වැදගත්කම

දැනට අපේ ලංකාවේ යනනේ පැරණි පෙළ පොත් ක්‍රමය. මෙතනින් එහා ගිහින් වෙබ් අඩවි හරහා දරුවන්ට ඔන්ලයින් පාඩම් මාලා ලබාදෙන්නට අපේ බලධාරින්ට පුලුවන්. ඒ කියන්නේ හුදෙක් ලෙක්චර ම නෙමෙයි. ඩොකියුමන්ටරි වීඩියෝ. පරීක්ෂණ ආදිය වගේම ක්‍රියාකාරකම් ප්‍රශ්ණ ආදිය ඒ ඔන්ලයින් පසුබිමටම ඇඩ් කරන්න පුලුවන්. එතකොට ඒ අනුව ඔන්ලයින් පාඩම් මාලා පිලිවෙලට තිබුනොත් යම් කෙනෙක්ට පසුකාලීනව ඕෆ්ලයන් වුනත් පාඩම් මාලා හදාරන්න පුලුවන්. හැබැයි මේවා ටිකක් වෙන ජාතියේ වැඩ නෙමෙයි නේ. සමහර විට ඒ වගේ අත්හදාබැලීම් ජාත්‍යන්තර පාසැල් වලට නම් කරන්න පුලුවන් වෙයි. දැනටත් ජාත්‍යන්තර පාසැල් වලින් නම් ඔන්ලයින් කටයුතු යම් පිලිවෙලකට කරන්න අවකාශ තියෙනවා.

රජය මගින් වගකීම ගැනීඹ සහ පැහැර හැරීම

අපේ රටේ අධ්‍යාපනය ලබන්න ළමයිට තියෙන මූලික මාර්ගයක් තමයි රජයේ පාසැල්. ඒකෙදි දරුවන්ට හෝ දෙමාපියන්ට වෙනත් තේරීම්ක නැහැ. අධ්‍යාපනය වැඩි කොටසක් රජයේ ඒකාධිකාරයකට තියෙන්නේ. ඇත්තටම පුද්ගලීකරණය වුනා නම් ඒ ඒ මට්ටමේ පාසැල් ඒ අයට උවමනා විදිහට ඔන්ලයින් ක්‍රම වලට යාවි. ඒත් සමස්ථ අපේ පාසැල් අධ්‍යාපනය ගත්තම දැන් වසර එකහමාරක් ගිහිනුත් කාටවත් කිසිම උවමනාක් නැහැ මේක වෙන්න පුලුවන් දෙයක්. රජයේ සේවකයින්ට ළමයි ඉගෙනගත්තාත් නැති වුනත් අදාල දීමනා පඩි නඩි ලැබෙනවා. ඔළුුන්ට අවසාන ළමයි ඉගෙනගත්තාද නැද්ද කියන එක එච්චර අදාල නැහැ.

ඒත් පුද්ගලික අංශය වුනානම් දරුවන්ට ඉගනුම ලැබෙන් නැතිනම් දෙමාපියන් පාසැල් වලට ගෙවීම් කරන්නේ නැහැ. එ නිසා කොහොම කොහොම හරි අධ්‍යාපන කටයුතු පටන් ගන්නවා. දැනට වුනත් හැම දේම නිකං ඉල්ලන්නේ නැතිව යම් කිසි ගෙවීමක් එක්ක අර්ධ වශයෙන් කොටසක් ගෙවන මට්ටමට හරි අපේ පාසැල් පද්ධතිය දියුනු වුනානම් අලුත් වෙනස්කම් වඩාත් ඉක්මනින් දරුවන්ට දනේනට පුලුවන් වෙයි.

1 comment:

  1. ඔන්ලයින් කියලා ගිහින් ළමයි ඕවයේ නන්නත්තාර වෙන්නේ නැද්ද.

    මම නං කියන්නේ අපේ රටේ සංස්කෘතියට මේක ගැලපෙන්නේ නැහැ. අවුරුදු 18 වෙනකන් වත් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් දුරකථන ළමයිට දෙන්න හොද නැහැ.

    රංග තේනුවර (GTRZ)

    ReplyDelete