Tuesday, June 13, 2017

තනියම පිටරට නිවාඩුවකට යන එකේ ආනිසංශ සහ අවුල්

ප්ලෑන් කරන් ඕනි හැමදේම 

තනියම පිටරට හෝ ලංකාවේ සවාරියක් යන්නට හදනවා කියන්නේ පොඩි රිස්ක් එකක්. එතනදි අපි මුලින් හැමදේ ගැනම යම්තාක් දුරට හොයාබලන්නට ඕනි..එතනින් කියවෙන්නේ නැ හැමදේම කපලා මහලා වගේ බුක් කරලා කරගන්න ඕනි කියලා..ඒත් තනියම යද්දි ආයෙ ්තමුන්ගේ කෑම වේල හොයාදෙන්න කෙනෙක් නෑ..රෑට නවතින්න තැන බුක් කරදෙන්න කවුරුත් නෑ.. තමුන් යන එන තැන ්එදා දවසේ වැඩපිලිවෙල කියාදෙන්න කවුරුවත් නෑ..ඒ නිසා කලිං ගිහිපු අයගේ විස්තර අන්තර්ජාලයෙන් බලලා නවාතැන් ආදිය තියෙන්න් මොන ඉසව්වේද? ඒවායේ ගනන් මිමි කොහොමද බලන්න යන තැන් මොනවද ? ඒවට යන්න ප්‍රවාහන පහසුව කොෙහාමද කියලා පොඩ්ඩක් අධ්‍යනයක් කරලාම යන්න වෙනවා තනියම යනවා නම්..එහෙම නැත්නම් පොඩි පොඩි අවුල්වලට මුහුනපාන්න වෙනවා.. 

මෙහෙම රිසර්ච් එකක් කරන එක අවාසියක්ම නෙමෙයි.අපිට අනෙක් අයගේ චාරිකා ගැන අවබෝධයක් ලබාගන්න ඒ පලාත ගැන අමතර දැනුමක් ලබාගන්න, අපි බලන්න යන ස්ථාන ආදියේ වැඩිමනක් විස්තර ආදිය දැනකියාගන්න මේක හොද අවස්ථාවක්..උදාහරණ විදියට අපි තාජ් මහල් බලන්න යනෝ නම් ඒ ගැන අන්තර්ජාලයෙන් හොයලා යනවා නම් එතන ඉන්න ගයිඩා කියන හතරවරං වලට වැදගෙන ඒක අදහගන්න ඕනි නෑ.. අපි ඒ ගැන යම්තාක් දුරට දන්නවා..ඒක අපේ චාරිකා මෙව්වා එකටත් අපේ දැනුමටත් වඩාත් වැදගත්. 


මේ දේ කොරන්න මේ දේ නොකරන්න කියල කෙනෙක් නෑ,. 

ලංකාවෙන් චාරිකා සංවිධෘනය කිරීම අනාදිමත් කාලෙක සිට කරන දෙයක්..විශේෂයෙන් දඹදිව සහ මැලේසියා සිංගා තායි සවාරි වඩාත් ලාංකිකයින් අතර ජනප්‍රියයි. එතනදි චාරිකා සංවිධායකයා විසින් අපි ඒ ඒ ස්ථානයේ නැවතිය යුතු කාලය, නවතින්නේ කොතනද? අපි ගන්න ඕනි ආතල් එක මොනවද කියලා කලින් තීරණය කරලා ඉවරයි..හැටහතර දෙනෙක් විතර සෙට් වෙන ගෲප් එකක් එක්ක අපි ජොයින් වුනාම ආයේ අපේ අවශ්‍යතා කියන දේට ලැබෙන්නේ අඩු තැනක්..අපි පොදු රැල එක්ක සෙට් වෙලා ඒ පස්සෙන් යනවා.. කරන දේ කරනවා කියන දේ අහනවා ..කියන තැන නිදාගන්නවා.. පෙන්වන දෙයක් බලනවා.. 

එත් මොන තරම් ප්ලෑන් කරල ගියත් තනියම ගමනේ දි අපි පස්සෙන් ඉදලා අපිට මේදේ කරන්න මේ දේ නොකරන්න කියලා කියන්න කෙනෙක් නෑ..මම චෙන්නයි ගියා..යද්දි සහ එද්දි එද්දි නම් චෙන්නයි වල ෂොපින් පාරකුත් කලා..චෙන්නයි අපේ ගොඩක් අය දකින්නෙ අවුල් සිටි එකක් විදියට අපිට..නමුත් ඒමම නෑ. මිනිස්සු මිත්‍රශීලියි. 


මමනේපාලයේ කදු නගින්න ගියාම දවස් 5-6ක් යනවා කිව්ව ගමනට මට ගියේ පුල් ම දවස් 3ක් විතරයි..ඉතිං මට දවස් දෙකක්ම ඉතුරුයි. මම සෙට් එකක් එක්ක ගියානම් ගයිඩ් කෙනෙක් අරගෙන අර දවස් පහම වාත වෙන්න වෙනවා.. අනික හැමතිස්සේම ඇවිදින්න සහ තැන ්තැන් නරඹන්නම යන එක වෙහෙසකර වැඩක්..මම නේපාලේ ගිය ගමනෙත් දවස් දෙකක් විතර මොකුත්ම නැතුව විල අද්දර එහෙ මෙහෙ ඇවිද ඇවිද හම්බෙන සුද්දෝ නේපලි එක්ක කතා බහ කර කර කාලේ කෑවා. මොකද නිවාඩුවක් වචනයෙ ්පරිසමාප්ත අර්ථයෙන්ම නිවාඩුවක් වෙන්නට ඕනි..සාමාන්‍ය ජීවිතේටත් වඩා නිවාඩු සෙඩුල් එක තද නම එතනදි ඒක මනසට සිරුරට නිවාඩුවක් වෙන්ෙ නෑනේ.. 

ඒ වගේ අපිට ඕනි විදියට කන්න බොන්න නවතින්න සහ ප්‍රවාහන පහසුකම ්ගන්න ඕනි තරම් නිදහසක් තනියම ගමෙනේදි අපිට සෙට් වෙනවා.. මම සෙට් එකක් අරං ගියත් මම පන්ඩිතයා නම් මම කියන දේ අනික් උන් අහන්න ඕනි..එයාලගේ පුද්ගලික රුචි අරුචි කම් හැමකටම රිප්ලයි කරන්න අමාරුයි..ඒ නිසා තනියම ගමන කියන්නේ නිදහස නම්සුපිරියටම තියෙන හොද ගමන් ස්ටයිල් එකක්...හැබැයිරිස්ක් එක හෙවත් අවදානම නම් වැඩියි. 


චැටක් දාන්න්වත් කවුරුත් නෑනේ පාලු නැද්


සාමාන්‍යයෙන්ලංකාව ඉන්දියාව වගේ රටවලදි තනියම සවාරි යෑම ටිකක් අඩුයි.මම තනියම ආවා කිව්වම අපේ රටේ අය වගේම ඉන්දියාවේ අයත් තරමක් පුදුමයට පත් වුනා..මොකද දවස් ගනන්  තනිකර ට්‍රේන් එකේ හින්දිවත් නොදන්න මමඉන්දියාවේ සම්පූර්ණයෙන් යාලුවෙක්වත් නැතුව දවස් හතරක් විතර ගත කලා..

ඉන්දියාවේ ට්‍රේන් එකේදි උනත් මම බුක් කලේ පහල පන්තියක් නිසා මිනිස්සු  ෆෙන්ඩ්ලි අය හමුවුනා. ඔවුන් බොහොම සුහදව ගනුදෙනු කලා..හැමෝම හැම ඉන්දියන් කාරයම සවුත්තු නෑ.. විසේසයෙන් ඇසැම් වල දි හමුවුන ගොඩක් අයහොද මිනිස්සු.. ඒ අය කනබොන විදිය හැසිරීම අධ්‍යනය කරන්නත් තනියම ගමන හොද අවස්ථාවක්..හින්දි දැනගෙන ගියානම් පංකාදුයි.මොකද ගොඩක් අයට හින්දි තමා පුලුවන්.. ඉංගිරිසි හැමෝටම බැහැ..
 

ලෝකෙ වටේ යාලුවෝ 


මේ ආකාරයෙන් තනියම ගමන් යන මෝස්තරය අපිට ටිකක් ආගන්තුක වුනාට මම ගමනේ යෙදෙද්දි, ජර්මන් කාරයෝ, ඉතාලියෝ, ප්‍රංශ කාරයෝ, රුසියන් කාරයෝ එංගලන්ත කාරයෝ හමු වුනා..ඒ ඇතැම් අය කුට්ටියක් පිටින් ඇවිල්ලා ඒත් ඇවිද්නන යන්නේ තනියම..තව අය ලෝකේ කොහෙන් හෝ කරකිලා නේපාලේට පැන්නට පස්සේ සෙට් වෙලා යනවා එහේ මෙහේ..එයාල අදුරගන්නෙත් නේපාලෙදිමයි.. මම වෝටර් රාෆ්ටින් වලට සෙට් වුනාම අපි එක්ක ගිය ටීම් එකේ යුරෝපීයන්ස්ලා වගේම ඇමරිකන් කාරයෝ තායිලන්තකාරයෝ මම ශ්‍රී ලාංකික තව නේපල් උනුත් හරි හරියට හිටියා.. අපි ඔක්කොම් අර කබල් බස් එකක රාෆ්ටින් පටන් ගන්න තැනට ගිහින් ඒ වැඩේ පටන් ගත්තා..රාෆ්ටින් එක වෙලාවෙදි අපි අතර හොද යාලුකමක් හැදෙනවා.


රාෆ්ටින් එක ඉවර වෙලා වතුර පිටින්ම වාහනේට් නගින්න බැරි නිසා මම කලිසමක් මාරු කරගන්න පොඩ්ඩක්ලග තිබුන පස් කන්ඩියක් පිටිපස්සට ගියා..මෙන්න ටිකකින්අනික් සෙට් එකේ බෙල්ජියම් කෙල්ලො තුන් දෙනාත් ආව එතන්ට..උනුත් මම ඉන්න බව ගානක් නැතුව ඔහේ ඇදුම ්මාරුකරගන්න ගත්තා..මම ඉතිං හනි හනික කලිසම දාගෙන මාරු වෙලා අවා.. හොද නෑනේ ඉතිං..

තනියම ගියාට අපි නවතින කන බොන ඉන්න තැන්වලදි අපිට ලෝකේ වටේ යාලුවෝ හමුවෙනවා අපි යන්නේ පොපියුලර් ටුවරිස්ට් ප්ලේස් එකකට නම්. ඉංගිරිස බාසාව පරතෙරට ඒනි නෑ..මොකද ගොඩක් සුද්දොත් ඉංගිරිසි අපි හිතන තරම්ම දන්නේ නෑ,. යාන්තම් තිබුනාම ඇති ජාම බෙර්ගන්න..


අවසානේ 

තනියම ගමන කියන්නේ ටිකක් බය හිතෙන පාලු දෙයක්..ඇත්ත ඒත් හැම වෙලාවේම එහෙම නෑ,.ඉතිං තනියම යෑම ගැන ඔ්‍යාල මොනාහරි අදහසක් මේකෙන් ගන්නට ඇති ඒ අදහස යාලුවොන්ටත් බලන්න ෆේස්බුක් ටුයිටර් වල මගේ බ්ලොග් ලිපිය සෙයාකරගන්නත් අමතක කරන්නට එපා..

Sunday, June 11, 2017

චාරිකාවකට නේපාලය තෝරාගන්න හේතු

ඇක්සස් ලේසියි

අපිත් ආසයි ලස්සන යුරෝපීය රටකට ගිහින් අපේ දේශපාලක උතුමන්ලා වගේ සනීප අරං සතියක් මාසයක් ඉදලා එන්න. ඒත් ප්‍රායෝගික ගැටළු ගොඩයි..අපිට වීස දෙන්නේ නෑ..ඒ දුන්නත් ඒ යන වියදම අපිට දරාගන්න බෑ. ඒ වගේම යුරෝපීය රටවලදි අපිට හමුවන කෑම බීම තරමක් වෙනස්.. ඒවා ට හුරුවීමත් ටිකක් විතර අමාරු වෙයි. 

නේපාලය කියන්නේ වීසා මාසයක් නොමිලේම වදිනවා ලංකාවේ අයට. ඒ වගේම නේපාලයට යන්න ලංකාවේ ඉදලාතනි කෙලින් ගුවන් ගමන් නම් පැය තුනක් වගේ..ඉන්දියාවේ බැහැල යනෝ නම් පැය හත අටක්යනෝ.. ඒත් ගමන ලේසියි.. ඒ වගේම ගියාම අපිට හමුවෙන එන්වයරමන්ට් එකේදි මිනිස්සු බොහෝවිට ලංකාවේ අය තරම්ම මිත්‍රශීලි ජනතාව..කන්න බොන්න ඉදුම ්හිටුම් නම් බොහෝම ලාබයි.ඉතිං මේ වගේ ගමන ගිහින් අපිටඑහේට සැපත්වෙන්න තියෙන බාධෘව බොහොම අඩුයි නේපාලයේදී.. 


හිම කදු යායේ ..ලා ලා ලා ල ලා.. 


නේපාලයට ගිහිල්ලගුවනින් බහින සල්ලි වලින්ම අපිට අග්නිදිග ආසියාවේ තායිලන්තය ඉන්දුනීසියාව වගේ රටකට ගිහින් එන්නත් පුුලුවනි. ඒත් එතනදි වෙන අවුල තමයි අපි ලැබෙන දේසගුනික වෙනස් වීම අඩුයි.ඒ පැත්තේත් ලස්සන තැන්තියෙනවා ඒත් අර උඩහට යන කොට වගේ උස පත හිමාල කදුඉවසන්න බැරි සීතල.. සුවිට්සර්ලන්තේ වගේ එන්වයරමන්ට ්එකක් නැහැ..සවුතිස්ට් ඒෂියා වල.. ඒත් නේපාලයේ එහෙම නෑ.. 

ලෝකයේ උෂම කදු 10න් 7ක් ම නේපාලය මත පිහිටා තිබෙනවා..ඇතැම් ඒවා මායිම ්ෙවලා..ඒ්ත් නේපාලයට කෑල්ලක් අයිතියි. ඉතිං එවරස්ට් නගින්න නම් අපි බොහෝදෙනාට අපහසුයි..ඒත් හිම තියෙන කදු කෑල්ලක උඩට නැගලා ගල් ගැහෙන සීථල විදගනෙ එන්න කිසිම බාදාවක් නෑ,. මේ විදියට හිම අල්ලන්න ලැෙබන චාන්ස් එක නේපාලයේ දි ලේසියෙන් ගන්න පුලුවන් ආතල් එකක්. 


අපේ ගෙදර වගේ නෙව.. 


මම නේපාලේ ගිහින් ගියා ට්‍රෙකින් එකක් . ඒ කියන්නේ එහෙ ්තියනවා දවස්දෙක තුනේ ඉදන් සති දෙක තුන දක්වා ඇදෙන දුර තියෙනපාගමන්..මේපාගමන් පෙලක්වා කදුබලන්න යන ඒවා පෙලක්වා රට තොට බලාගන්න යනඒවා.. නේපාලය කියන්නේ පාරවල් එහෙම වැඩිය හැදුනු නැති කදුකර දුප්පත් රටක්..ඉතිං ඇතැම ්පලාත් තියෙනවා කදු වලින් දිය පාරවල් වලින් වටවෙලා ඈත් වෙලා..ඒවායේ මිනිස්සුත් හරිම සරලයි.. එදාවේල කොහොම හරි ගැටගහගෙන ජීවත් වෙනෝ.. 

මම ගියේ මාර්ඩි හිමාල් කියන ටිකක් අලුත් ට්‍රැක් එකක..සාමාන්‍ය යෙන් ට්‍රැක්ින් එක දවස් 5ක් එහෙත් මම වැඩ්ඩ නිසා 3න් ගැහුවා.. කොහොම හරි ඒ ගමනෙදි මට හමුවුන බොහෝ දෙනා මට සැලකුවේ එයාලගේ රටේ මිනිහෙක්ට වගේ..ඉන්දියන් අය එක්ක නේපල් අය කොහොමත් තරහයි..ඉන්දියන් අයට වඩා සැලකිල්ලක් ලාංකික වන මට ලැබුනා.. ඇත්තටම කෑඹ බීම සහ මිනිස්සු අපේ වගේම තමයි..අපිටත ්වැඩි ටිකක් හොදද මන්දා.. 

හැබැයි ඉතිං පොයිකෙලියට කියන්න ඕනි ඒ පොකරා පැත්තේ වැඩිය ලාංකිකයින් ගිහින් නෑ..ලුම්බිනිය නිතර ලාංකිකයින් යන එන තැනක්..ලුම්බිනියෙදි නම් ලංකාවේ කිව්වම එ ්තරං හොද සැලකිලි ලැබෙන්නේ නෑ..අපේ අය ගිහින් චාටර වෙලා වෙන්න ඇති. 

කොහොම වුනත් කත්මන්දු පොකරා සහ වෙනත්සංචාරකස්ථාන බොහොමයක ඉන්න අය මිත්‍රශීලියි..ඒ වගේම මහා ලොකු ඉංගිරිසි දැනුමක් ඕන වෙන්නේත් නෑ.. 





එක සොට් එකයි ආතල් ගොඩයි.. 


මේ ලගදි මම බැලුව එක සංචාරක වීඩියෝ එකක ලෝකයේ බජට් ටුවර් ඩෙස්ටිනේසන් කියාගෙන යන අතරේ ඌ ලංකාව ගැන කිව්වා.. ලංකාවෙ ටුවරිස්ට් ලට තියෙන පහසුකම් අඩුය..තවම ටුවරිස්ට් ලට හරිහමන් බජට් ලෙවල් ඉන්ෆාස්ට්‍රක්චර් එකක් හැදිල නෑය කියලා පොර ගෙඩියට පිටින්ම කිව්වා.. එයාල බැක්පකර්ස්ලා.. කිව්ව කතාවේ අමූලික ඇත්තක් තියෙනවා කියල තේරෙන්නේ නේපල් ගියාම..

මම ගිය පොකරා වල සිටි එකේ වෙනමම බස් නැවතුමක් තියෙනවා ටුවරිස්ට්බස් ටෑන්ඩ් කියලා..පොඩි එයාපෝට් එකක් තියෙනවා කත්මන්දු ඉදලා බහින්න..ඒ වගේම ලේක්සයිඩ් ටුවර් ඒරියා එකේ මේන් රෝඩ් එක කිලෝමීටර4ක් විතර දිගට ඒක දෙපැත්තේ හෝටල..ඒ කැපෑෂිටිය වැඩියි..ඒ නිසාම පහසුකම් බොහොමයි.. 

ටුවරිස්ට්ලාට ආතල් ගොඩයි..පැරාග්ලයිඩින් ද? වෝටර් රාෆ්ටින්ද? අර පොඩි ප්ලේන් එකකින් යන ඒවද? හෙලිකොට්ටර සවාරිද? එතකොට දිය ඇලි වලින් කඹ දාල බැහිලිද ට්‍රැකින්ද? විලේජ් ටුවර්ද? සිටි ටුවර්ද? වැඩ කෝටියයි.ඒ වා වුනත් තව සබ් කැටගරි කැඩෙනවා..උධාහරණ විදියට අපි වයිට් වෝටර් රාෆ්ටින් ගමු පොකරා වල විතරක් වයිට් වෝටර් රාෆ්ටින් කරන ගංගා තුන හතරක් තියෙනවා..දවස් දෙක තුන නයිට් පාක් කරලා රාෆ්ටින් කරන ඉවෙන්ට් තියෙනවා..ඒ වගේම ටැකින් වුනත් අතර මැද මිනිස්සුන්ටබේසික් නවාතන් සෙට් කරලා ඒවයි කෑඹ එහෙම විකුනගෙනඒ මිනිස්සු ටුවරිසම් වලට වෙනම යටිතල පහසුකම් සැපයීම්ක එහේ තියෙනවා.. 

විසේසයෙන් අපේ බජට් අනුව ගයිඩ්ලා සහිතන හෝ රහිතව බොහොම සරලව ආතල් ගොඩාරියක් අරගන්න නේපාලය සුදුසු රටක්.. ඒ හැම ඉවෙන්ට් එකක්ම වගේ ලංකාවට වඩා ලාබයි..මම ගිය වෝටර් රාෆ්ටින් කේස් එක රුපියල් හාරදාහයි.. හැබැයි බෝට්ටුවේ දාන්නේ උපරිම 4යි.. සේෆ්ටි උපරිමයි. තව කොල්ලෝ දෙතුන් දෙනෙක් අර සිංගල බෝට්ටු වල යනවා අපිව ගලෝගන්න.. ඉතිං ඔය විදියටපෑ දෙකක් විතර යනවා බෝට්ටුව..තනි අයිස් කූල් වතුරේ.. ගැස්සෙන ආතල් එකත් සුපිරියටම තියෙනවා.. 

ඉතිං නේපාලයට බුදුන් වදින්න දෙවියන් බලන්න නෙමෙයි නිවාඩුවකට යන්න හේතු ටිකක් ඔ්‍යාලට මේකෙන් ඇහිදාගන්න හැකි වේවි..ඔයාලටත් අත්දැකීඹ ්තියෙනවා නම් කියලා යන්න.ඒ වගේම අපේ බ්ලොග් සයිට් අපිට සල්ලි දීල හිට් කරගන්න බෑනේ.. ඒ නිසා ඕගොල්ලා ටුවිටර එකේ ෆේස්බුක් එකේ මේවා සෙයා කරලා තව අයට මේ විස්තර දැනුන් දෙන එක හොද වැඩක්..

Saturday, June 10, 2017

ඉන්දියා නේපාල් ගිහින් මසාජ් ගිය හැටි

මම අවුරුදු නිවාඩුවට නෙපාලේ ගියා.. ඉන්දියාවේ බැහැල නේපාලෙට ගියේ.. 

අප්‍රේල් 5- චෙන්නයි වල බැස්සා එතනින් ගුවාටි (ඇසෑම් වල අගනුවර) ට ගියා..
අප්‍රෙල් 6- ට්‍රේන් එකේ ගුවාටි සිට නේපාල එන්ටරන්ස් එකට එනකල් ආවා ඒ කියන්නේ ඉන්දියාවේ ගොරක්පූර් දක්වා.. 
අප්‍රේල් 7 - ඔන්න දැන් මං නේපාලේ.. 
නේපාලේ කදු බැලුවා.. ට්‍රැකින් එකක් ගියා..වෝටර් රාෆ්ටින ්ගියා.. පොකරා වල බයිසිකල් ටුවර් එකක් ගියා.. කෑම ජාති කෑවා බිව්වා..හිම තියෙන කදු බලන්න ගියා.. බෝට්ටු පැද්දා.. අවට තියෙන තැන් බලන්න ගියා.. 
ලුම්බිනියට ආවා.. ලුම්බිනියත් බැලුවා.. ඉතිං ඔහොමයි කෙටියන්. 


අප්‍රෙල් 16- දිල්ලි 
අප්‍රේල් 17- ආයෙත් චෙන්නයි වල දවසක්. (උදේ 11ට විතර චෙන්නයි රෑ 11ට ෆ්ලයිට් එක තිබුනේ) 

ඔය ගමන ගිහින් ආවත් හරි යාලුවෝ අහන පොදු ප්‍රශ්ණයක් තියෙනවා..මචං ඉන්දියාවේ ගියාට ඩිස්ටි ඩිඩිං පාරක් දැම්මෙ නැද්ද? එහේ ලාබයි නේ..අපරාදේ තොට තායි යන්න තිබුනේ තායි වල නං බඩු පාරෙත් ලු..අනම් මනම් කියලා යාලුවෝ කියනවා.. සමහර විට මට ඉන්නේ හොද නොවන යාලුවො නිසා එහෙම අහනවැති.. 

මම බඩු ගහන්න නොයන්නෙ  මගේ ඇති සීලෙකට හෝ මෙතක් කාලෙකට හම්බ නොවුන ගෑනි වෙනුවෙන් පතිවතක් ආරක්සා කරගන්න නෙමෙයි..ඇත්තටම බඩු ගහන්න ගියාම ඒක ටිකක් මිලයි.. ඔ්‍ය කොහේ කොතන ලාබයි ලාබයි කිව්වත් ටිකක් හොද බඩුවක් ගහගන්න නම් රුපියල් හත් අටදාහක් අපේ සල්ලි වලින් වියදම් වෙනවා..ඒත් නේපාලේ ඉන්දියාවේ ඒ වගේ සල්ලියකින් වෙන වෙන ආතල් ගොඩක් ගන්න පුලුවනි. අපි ඉතිං සල්ලි විසික් කරන්න ටුවර් යනෝ නෙමෙයි නේ.. අනික මොන බඩුව ගැහුවත් පැයක්වත් නෑ ආතල් එක..අයියෝ සල්ලි කියල හිතෙනවා..ඔන්න ඉිතං ලක්ස හත අටක් දවස් 12ට වියදම් කරන්න බලං ගියානම් අනිවා මමත් සුප්පර් බඩ්ඩක් හිඩන් ෆයිල් ෆෝල්ඩර් වල හරි සරච් කරල ගහනවා..ඒත් ඉිතං එහෙම නෑනෙ අපි දුප්පත් නේ.. 

දුප්පත් කිව්වට ඉතිං අර මෙහෙ එන පෙලක් සුද්දෝ වගේ කඩවල් හැටහතරකින් ගනං අහල ලාබම එකෙන් කන්න යන්නයි.. කාබර තෝර තොර වටේ යන්නයි ගියේ නම් නෑ..ටිකක් මැද ලෙවල් එකෙන් ඉන්න එක හැම අතින්ම හොදයි.. අපි දුප්පත් ම නවාතැන් වල සෙට් වුනෝත ඒවගෙදි අපිට මීට් වෙන්නේ දුප්පත්ම හිගන වහන්තරා කෙල්ලෝ සුද්දෝ සුද්දෙියෝ... ඒව එක්ක ගතහැකි ෆන් අඩුයි..ඊට වඩා ලොකු පරාසෙක හොද සෙට් එක්ක සෙට් වෙනවා මැද මට්ටමේ ගියොත්..ඒත් ඇත්තම කිව්වොත් නේපාලේ මැද මට්ටමේ ටුවර් එක්ක දාන්න ලංකාවේ වගේ ලොකු සල්ලියක් යන් නෑ..කාමරයක් මෙහෙ ස්ලලිවලින් රුපියල් 1000ට අඩුයි..ඇටෑච් බාත්රුම් එක්ක. ගමන් බිමන් අනික් හැමදේම ටුවරිස්ටලාගේ ලෝ බජට් වෙනුවෙන්ම වගේ හැදිල තියෙනවා. 

නේපොලේ කෙල්ලෝ 

ඉන්දියාවෙ ඉදලා නේපාල බෝඩරේ ක්‍රොස් කලාම බස් එක සෙට් වුනෙ අපේ රොස බස් එකක් වගේ ටිකක් ලොකු එකක්. ඒකිව්වේ රෝසත්නෙමෙයි ලේලන්ඩ්ඩුත් නෙමෙයි අතර මැද බස් එකක්. අතර මැද බස් එක සැපයි සනීපයි. මං ගාව වාඩිවුනා ටිකක් දැනමුතු කම් තියෙන ඉගෙනගත්ත නේපල් කොල්ලෙක්..ඌ එක්ක චැටක් දාගෙන ඔන්න ඉතිං බස් එකේ යනවා..මේ යන්නේ නෙප්ල් බෝඩර් සොනෝලි සිට නේපාලේ ලස්සන ටුවර් ඩෙස්ටිනේසන් එකක් වෙන පොකර වලට.. පොකර සිරා ප්ලේස් එක..හරියට නුවරෙලි වගේ තමයි..ඒත් ඊට වඩා කිප ගුනයක් ලොකුයි දර්ශනත් වැඩියි. නුවරඑලියට එක පිදුරුතලාගල කදු යාය විතරයි..මේකට එහෙමය විල වටේම කදු යායවල්..



ඉතිං පොකරා විස්තර නෙමෙයි වෙන එකක් නෙව කියන්න ආවේ.. ඔන්න බස් එකේ යද්දි තැනක නැවැත්තුවා බස් එකේ ගෝලය දූවල ගිහින් පදුරකට චූ පාර ඇල්ලුවා..ඩයිවරයා බැස්සා කොන්දත් බැස්සා මිනිස්සුත් බහිනවා..මේ නවත්තපු හරියේ කඩයක්වත් වැසිකිලියක්වත් මෙලෝ දෙයක් නෑ..දනිහ දක්වා විතර උස ඇති ගස් තියෙන කැලෑව. කැලෑවට ගිහින් සුදුසු මිටි පදුරක් තෝරලා ගහකට මුවාවෙල හෝ නොවී චූ කරනවා සෙට් එකම. මාත් ගියා ඉතිං සිරිතක් වගේ වැඩක් නෙව.. 

ඔන්න ඉතිං අපි ගිහින් ආව විතරයි ගෑනු ටික බැස්සේ නැතෑ..අපි ගියේ වමට නම් උන් ටිකක් විතර දකුනට ගිහින් කිසි ලැජ්ජාවක් නැතුව ලෙගින්ස් සායවල් පහත්කරගෙන පදුරු අස්සෙන් වාඩිවුනා.. පොඩි උන්ටත් චූ කෙරව්වා.. එහෙ ගෑනු වල් නෙමෙයි..උන්ගේ හැටි ඒ..මට නං මැජික් වගේ මම ඉතිං දෙතුන් විඩකට වැඩිය බැලුවෙ නම් නෑ ඒව දිහා.. 

මසාජ් එකක විස්තර 


මසා කියන එක අපේ වගේ නැහැ..ඇත්තටම පොකරා වල ඉන්න ලෝකල් උන්ට මසා ඕනි නැතුව ඇති..මොකද එහේ අපේ වගේ වික්ටෝරියා ආච්චිගේ රෙද්දේ සදාචාරය සංස්කෘතිය සභ්‍යන්තවය අනම් මනම් ලොකුවට නෑ වගේ.. කොල්ලො කෙල්ලෝ එකට සෙට්වෙලා කිසි අවුලක් නැතුව ලව් කරනවා.. ඒ වගේම මම ට්‍රෙකින් වලට ගිය ගම්මාන වල දිත් කෙල්ලෝය කොල්ලෝය කියල මහ ලොකු බක්කක් නෑ..  ආ එතනත් තව විස්තරයක්..අපි මසා එක තියලා එක්ත් පොඩ්ඩක් බලල ඉමු.. 
මෙහෙ තියනෙව නේ මහින්ද්‍රා කැබ්..අර ලොකු දිග ඩිපෙන්ඩර් වගේ එක. ආන්න එකේ උඩත් යටත් මැදග් ඇහැක්නම් ටයර එක උඩත් පටවං සෙනග සහ බඩු අදිනෝ නේපාලේ කදුකර පැතිවල.. කදුකර පැතිවල ඒක නැතුව මහ විසාල බස් වලට යන්නබැහැ සමහර පරවල් වල්. ඉතිං ඕකක තමයි මම ආවේ ලුම්රේ වල ඉදලා පොකරා වලට.. ලුම්රේ ඉදලා පොකරා වලට ම එන්නේ නෑ..මගදි නවත්වනවා මතක විදියට ඒ නවත්වන්නේ මිලාන් චෝක් වල..  කොහොම හරි ඉතිං ලුම්රේ වලින් ඒකට නැග්ග පලවෙනි එකා තමයි මම..මුලින්ම නැගලා හොදට කොනට වෙලා වාඩි වුනා..මෙන්න යන්න පටන් ගත්ත විතරයි අංකල් හිපාටුවෙක් ඒ පැත්තෙ දොර ඇරං නැගලා දැන් ඌ කොනේ මම මැද තැලෙනවා.අනික් පැත්තෙනුත් පවුලක් නැග්ගා.. 

ඉතිං ඔහොම යද්දි තව මගදි සෙනග එකතු වෙනවා. ඒ පාර හේයි සිරිලංකන් වයියා.. කියලා පොඩියට පානිය දාලා අර හිටිය කොන්දොස්තර වගේ කොල්ලා මාව දමන්න හදන්නේ පස්සට.. පස්සට යන්න කියලා හොදට වට පිට බලන්නත් ඇහැකි උඩට නගින්න කිව්වා..ඒ කියන්නේ මහින්ද්‍රා එකේ උඩත් සෙනග..මම ඉතිං නගින්න ගියේ නෑ උඩ මොකද දූවිල්ල නේ.. ඒත් ප්සසෙ තියෙන ටේලර් කෑල්ල අස්සට රිංගුවා.

ඒත් තව මීටර් දෙසීයක් යන්න උන් නෑ..ලස්සන ඇන්ටිල දෙකකුයි කෙල්ලො දෙකකුයි නැග්ගා මහින්ද්‍රා එකේ වහලට..මම ඉතිං පිටිපස්සට වෙලා අහෝ බේදයකි වගේ අවුලෙන් උන්නා..ඒක ඇතුලේ යද්දි තව ටිකකින් තව නැග්ගා..දැන් ඔක්කොම මහින්ද්‍රා එකේ සෙනග යනෝ 20ක් විතර..පොඩි උන් කකුල උඩ.. ඒ අස්සේ ලග ඉන්න ගෑ නිත් කකුලට ගොඩ වෙන්න යනෝ.. මං ඉතිං කෝමහරි උන්නා.. 

මසා 

මසා ඇත්තටම එහේ උන් ගැවසෙන ටවුන් ඒරියා එකේ නැතිම තරම්.ටුවරිස්ට් ඒරියා එකේනම් මසාජ් පොට් ගොඩාරියයි. .ටවුන් එකේ බස් නැවතුම ගාව නම් බඩු පොට් තියෙනවාලු..ඒත් ඒවා ටිකක් පර්මිස්න එක්ක තමයි ඇක්සස්. නේපල් පොකරා වල බඩු නම් ටිකක් විතර තදයි . එ කියන්නේ නිතිය ටිකක් තදයි..ඒත් ඕනි නම් සල්ලි වියදම් කලොත් රූම් එකට එක්ක ගෙන්න ගන්න ඕනිතරම් හැකියාව තියෙනවා.. 

මම මුලින්ම පොකරා බැස්ස වෙලාව රෑ 11යි..ඒ වෙලාවේ පොකරා ලේක්සයිඩ් එකේ කඩවල් හොටෙල් වහන වෙලාව..අමාරුවෙන් ටිකක් වැඩිමිලට හෝටල කාබරයක් හොයා ගත්තා..මම කන්න කියලා පාරට එද්දි පොලිසියෙන් 15ක් විතර.. පාරේ ඉන්න කෙල්ලොන්ගෙන් පස්න කරනවා.. පස්සේ දැනගත් විදියට පොකරා වලට සියලුම නයිට් ක්ලබ් අනම් මනම් ඩිස්කෝ 1130ට වහන්න ඕනි.. ඒක හරියට කෙරනවද කියලා බලන්න තමිය අර හමුදා පොලිස් සෙට් ඉන්නේ.. 

මසා එකකට මාත් ගියා. ඒකෙ ගියගමන් ගාන කිව්වා.. මම හ්ම් කිව්වා.. මුලින් කලිසමක් (ශෝට් එක්ක)_ දුන්නා අදින්න..ඉන් පස්සේ මසා එක නම් සුප්පර්...ඇත්තටම ගාන ගත්තොත් ලංකාවේ හැටියට ඒක හඩු රුපියල් 1000ක මසාජ් පොට්එකකට යන ගානට වඩා පොඩ්ඩයි වැඩි. එත් මසාජ් එක නම් සුපිරියටම තිබෙුනා..ඒකෙදි ගෑනු කෙනා අපිව මසා ටේපල් එක උඩ තියලා ඒක උඩ නගිනවා..නැගගෙන කට්ට කාගෙන මසා කරනවා.. 
අවසානේ මේ කෙල්ල මම ඉන්න හෝටලේ ඇහුවා හින්දියෙන්..යන්තං සන්තං වනාගෙන මම ඈත තැනක් පේනනුවා.. ඒත් මට නම මතක නෑ හෝටලේ.. අපරාදේ කාඩ් එකක් අරං ආවනං කියල හිතුනා.. කොහොම උනත් හෝටල් කාමරේට එකක් පන්නාගන්න එක නම් ලොකු කජ්ජක් නෙමෙයි කියලයි මට හිතුනේ.. 

ඒ නැතත් ගොඩක් වෙලාවට නයිට් පාටි තියෙනවා ලේක් සයිඩ් එකේ..ඒ නයිට් පාටි පටන් ගන්නේත හයට හතට වගේ..ඒවට ගොඩවුනා නම් යන ගමන් රෑට අතුරුපසට කැල්ලක් අරගෙන යන්න හැකියි කියලයි ඒ ඒරියා එකේ සුද්දෝ ටෝක් කලාම උන් කිව්වේ.. 

චෙන්නයි මසා.. 

යද්දිත් මම චෙන්නයි වල බැහැලා පොඩි රවුමක් දැම්මා..ඇත්තටම මෙහෙ ඉන්න සර්වලෝක පූට්ටු පන්ඩිත හැත්ත කියන විදියට චෙන්නයි වල උන් බලාගෙන ඉන්නේ ලංකාවේ බුවාල එනකල් පලි ගන්න..ඒත් මට නම් හිතුනේ දිල්ලි වලට සාපේක්ෂව චෙන්නයි බුවාල හොදයි.. දිලිලියේ ඉන්න ඉන්දියන් කාරයො හිනාවෙන්න කතාකරන්න ටිකක් කම්මැලියි..ඒත් චෙන්නයි උන් කට පුරවල හිනා වෙනවා.. 

මුලින් ගිය දවසේ මට සිම් එකක් ගන්න ඕනි වුනා.. මම ත්‍රවිල් කාරයෙක්ට අහුවෙලා චෙන්නයි වල ලොකු රවුමක් දැම්මා සිම් එකක් ගන්න තැනක් හොයාගන්න..ඌත් මරු බුවෙක්..ඌ ලොකු ට්‍රයි එකක් දුන්නා සිම් එකක් අරං දෙන්න..ඒත උදේ 10ට කඩවල් ඇරලා නෑ චෙන්නයි වල.. ඉතිං පොරට බැරිවුනා වඩේ කරන්න..අනික ඉන්දියාවෙදි පිටරට එකෙක්ට සිම් එකක් ගැනීම කියන්නේ පට්ට වහක්.. ඒක ගත්තා වුනත් රෙජිස්තර කරන්න යනවාලු දවසක් විතර.. 

මසා එක 

චෙන්නයි වල මෙට්‍රො එකේ මම ගියවෙලාවේ පොඩ්ඩක් එහා මෙහා ගිහින් කාල එහෙම ආවා.. ඒ නිසා එනගමන මෙට්‍රො වල ගිහින්  වඩපලනි කියන ස්ටේෂන් එකෙන් බැස්සා..එතනම ඉස්සරහ තිබුනා මසා එකක්..මගේ හිත නිකං මොකද්ද වුනා..මම ඉස්සරහ කඩෙන් කාලා ගියා මසා එකට.. 

හප්පට ඒකෙ දි මාව බාර වුනේ ටිකක් තායි පෙනුම තියෙන කෑල්ලකට.. මෙහෙ දි නම් මසා යද්දි මුලින් ඇගපත හෝදන්න වෙනවා..මම ඉතිං ඇහුවා ඒම ඕනි නැද්ද කියලා..ඒ ඇහුවා කිව්වට ඒ වාහේට ඉංගිරිසි බෑ..අමාරුවේන කිව්වා.. ඒ ගමන මේකි බයවුනා..වගේ මට ටිකක් ඉන්න කිව්වා..මම ඉිතං කලුවර කාබර කෑල්ලක විනාඩි 10ක් විතර උන්නා..ඉන් පස්සේ දෙමල ෆිල්ම් එකක ලොකු බුවේක වගේ එකෙක් ආවා..ඌට උඩ රැවුලකුත් තිබුනා.. හැබැයි මිනිහා හිනාවුනේ බොහොම අහිංසක තාලෙට.. 

ඇවිත් සොරි සර්.. ඔයා ඕඩර් කරල තියෙනනෙ ඩ්‍රයි මසාජ් එකක්..ඩ්‍රයි එකට කලිං ක්ලිනින් ඕනි නෑ කිව්වා.. යකෝ හඩු ගද පිටින් ගෑනියෙක්ට පුලුවනා මගේ ඇග පත අල්ලන්න..ඒත් ඉතිං ඒකිට හැකිනං මට මොකෑ.. ඔන්න ඔහේ.. 

ඒ මසා එකේදි නං කෙල්ල පට්ට ප්‍රෙෂර් එකක් දෙනවා ඇගට..ඇග උඩ නැගලා පාගනවත් එක්ක. ඒක ඇත්තටම කේරල මසාජ ්එකක් ද දන්නෙත් නෑ..කෙල්ල මනිපුරි වලින් ආපු කෙනක් කීවා..මනිපුරි කියනනේ තනිකර මියන්මාර පෙනුම.. විනාඩි 45- පැයක් හරියටම සුපිරියටම මසාජ් එක දැම්මා ඉන්දියන් රුපියල් 1500ක් ගාන.. ඒත ඒ ගානට මෙහෙ තියන ඒවාට වඩා හොදයි කියලා මට හිතුනා.. මම රුපියල් 500ක ටිප් එකක් දුන්නාම කෙල්ලට මාර හිනාවක් ආවා.. ඇත්තටම එහේ එහෙම ටිප් දෙන්නේ නෑද දන්නේත් නෑ.. 

චෙන්නයි වල දවල්ට එහෙ මෙහෙ ඇවිදින්න බෑ ඒ කාලේ පට්ට රස්නේ.. ඉතිං මසාඓකප පැය එකහමාරක් විතර උන්න එකත් ලේසි වුනා.. හැබැයි නේපාල මසා එකෙයි චෙන්නයි මසා එකෙයි දෙකේදීම මෙහෙදි වගේ අවසානේ ලාබෙට හැපි එන්ඩින් නෑ .. මම හිතන්නේ හැපි එන්ඩින් ඇති..ඒත් පලවෙනි දවස නිසා තැන් දෙකේදීම උන් ඒකට ට්‍රයි කරන්නේ නැතුව ඇති.. 

හැපි එන්ඩින් වැදගත් තමයි..ඒත් සුපිරි මසාජ් එකක් කියන්නේ ඒකෙ තියනවා වෙනමම ලල් එකක්.. විසේසයේන මනිපුරි ගැනු කෙනා මාව දැම්මේ බිම..අමු බිම..ටේබල් එකක නෙමෙයි..බිම මෙට්ටයක් උඩ දාලා ඒ වහේ මගේ ඇග උඩ නැගගෙන මෝල කරකවනවා වගේ අත පය කරකවලා මසාජ් කලා..වෙලාවකට හිතුනා අර වේදනාකාරි සැක්ස් වැඩ වගේ ද කියලාත් මේක.. 


ඉවරයි..

සමරිය ගත්තෝත් නේපල් ඉන්දිය ගියා..බඩු නම් ගැහුවේ නෑ..මසා දෙක්කට ගියා..ඒ දෙකෙත් හැපි එන්ඩින් නෑ.. හැබැයි ගහනවා නම් බඩු කාබරයට ගෙනවගන්න තිබුනා..ඒම කලෙත් නෑ.. ඉති මම හොද ලමයෙක් නේද? ඔවු කියපල්ල යකෝ ඔව් කියපල්ල.. 

Monday, June 5, 2017

මට පුලුවනි ෆේස්බුක් එකේ රෙන්න..ඔබ අකමැති නම් නහය වහගන්න

What's on your mind? කියල ෆේස්බුක් එකේ දැම්මාහම අපි අපිට හිතෙන දේ කියනවා. අපිට හිතෙන දේ අනික් අය දකිනවා..අපි කරන කියන දේවල් අගනික් මිනිස්සුන්ට පේනවා.

ෆේස්බුක් ආපු කාලේ තිබුනේ අපිට යාලුවෝ ඉන්නවා..එයාල ඇත්තම ජීවිතේ ඉන්නම අය..පස්සේ පස්සේ තත්තේ වෙනස් වෙන්න ගත්තා..අපි දන්න කියන හැමෝම වගේ සජෙස් කරනවා..අපිට ගෲප් එනවා..පේජ් එනවා..දැන් ඇත්තටම කල්පනා කරල බැලුවොත් ඇත්තටම මූණට නොදන්නකී දෙනෙක් අපේ පෙන් ලිස්ට් වල ඉන්නෝද? මම හිතන්නෙ ලංකාවේ ඉතාම සීමිත පිරිසකට ඇරෙන්න බොහෝ දෙනෙකුට හැබැහින් හමුවෙලා නැති විසාල තොගයක් මිනිස්සු ෆේස්බුක් හරහා හමුවෙනවා.. 

ගෲප් එකක හෝ පෙජ් එකක තියෙන දෙයක් සෙයා වෙද්දි ඒ කියන අදහසට සම්පූර්ණයෙන්ම එකග නොවුනත් අපි කුමක් හෝ නිසා ඒක සෙයා කරනවා.. ඉන් පස්සේ අපේ මිතුරන් බලනවා.. සමහර සුලු සිද්දි එකක් හෝ දෙකක් සතියට ෆේස්බුක් නිසා ලංකාවේ හිට් වෙනවා. 


 

 ෆේස්බුක් පිංවත් ව්‍යෘපෘතියක්ද? 

බැලූ බැල්මට ෆේස්බුක ්කියන්නේ හරිම හොද අවස්ථාවක් අපිට කාලෙ කන්න සහ විස්තර දැනකියා ගන්න. ඒත් ගැඹුරින් හිතුවාම ලෝකේ පතල කිසිම ස්ථානයක ෆේස්බුක් කියන්නේ අධ්‍යාපනික අඩවියක් කියල සදහන් වෙන්නේ නෑ.. මට මතක් වෙන්නේ ඉ්සසර ඔ්‍ය ගෑණු ටෙලි සීරියස් ආපුම කාලේ අපේ ගමේ ඇන්ටියෙක් මට දුන්න දේසනාවක්..ඒ ඇන්ටිය කියනවා ලංකාවෙ බයිල වාගේ නෙමෙයි ලු..ඉන්දියන් කතා වලින් මිනිස්සු අනික් අයට ඉරිසියා කරන හැටි.. අනික් මිනිස්සුන්ගේ තියන නපුරු ගත් වගේ දේවල් ලේසියෙන් අදුරගන්න අපිට පුරුදු කරනෝලු..ජීවිතේ සමාජේ තේරුම ්ගන්න ඉන්දියන් ටෙලි මාර වැදගත් වෙනෝලු.. 

ෆේස්බුක් කියන්නේ අධ්‍යාපනික අඩවියක්ය කියන අය මට පේන්නේ ආන්න අර ඉන්දියන් ටෙලි හොදයි කියපු ආන්ටි ස් වගේ.. ෆේ

ෆේස්බුක් කියන්නේ ලාබ ලබන ව්‍යාපෘතියක්.. ඡන්ද කාලෙකදි හැම පලාතේම ඉන්නලංකාවේ අපේක්ෂකයෝ ෆේස්බුක් ඇඩ් දානව ..ඒ එන ආදායම මහිතන තරම්ම ලේසි ගානක් නෙමෙයි.ඒ වගේම දැන් ලැට් බඩු ඉදන් රූපලාවන්‍ය බඩු දක්වා විසාල බඩු තොගයක් ෆේස්බුක් හරහා මාකට් වෙනවා.. 

රිපෝට් කරන්න පුලුවන් නේ.. 

පහුගිය දවසක එක වීඩියෝ එකක සිංහලෙන් කියනවා මෙන්න මෙතන වැරදි වැඩක් වෙනවා..පොලිසියට කියල වැඩක් නෑ උඹල මෙතනින් යද්දි මේකට ගල් ගහගෙන පලයල්ලා කියලා..ඒ වගේම ගහපියවු, මරාපියව්, කොටාපියව් කියල දැඩි වෛරී ප්‍රකාශත් නිතරම ෆේස්බුක් හරහා ෂෙයා වෙනවා.. ඉතිං මම ඔ්‍ය කියන වීඩියෝ එක රිපෝට් කලා..එතකොට ආපු රිප්ලයි එක තමයි..ඒක අපිට අනුව පස්නයක් නෑ,. ඔ්‍යාට කැමති නම් මේ සෙයා කල පුද්ගලයා හෝ පේජ් එක බ්ලොක් කරගන්න පුලුවන්ය කියලා.. 

ගහපියව්, මරාපියව්, කපපියව් කියලා මිනිස්සු භීෂණයට පොළඹවන වීඩියෝවක් හෝ පෝස්ට් එකක් ගියතැන මම කරන රිපෝට් එකට රිප්ලයි එකවෙන්නේ ඔ්‍යා කැමති නැත්තං ඔයා එතනින් එහාට යන්න කියන එක විතරයි.. 

ආන්ඩුව අපි සහ ෆේස්බුක්  

ෆේස්බුක් හරහා පලවන දැන්වීම් වලින් ආන්ඩුවට බදු මුදලක් එකතු වෙන්නේ නෑ.. ආන්ඩුවක් රජයක් විදියට ගත්තාම ෆේස්බුක් නිසා රජයකට ලැබෙන වාසියක් එහෙමට තියෙන බවකුත් පේන්නේ නෑ.. 
දැන් ෆේස්බුක් එකේ ජනප්‍රිය වුනු පේජ් සහ කන්ඩායම් වලින් වෛරය පතුරුවන වැඩේ ජයට යනවා..පිරිසක් මිනී ගොඩදානවා..තව අය ආගම් උඩදානවා..තව අය නොයෙක් බෙදීම් දාගන්නවා. හැබැයි මේවා පාලනය කරන්න ෆේස්බුක් එක මැදිහත් වෙන පාටකුත් නෑ.. 
ෆේස්බුක්අයට ලංකාව පොඩි මාකට් එකක්..ඒත් අපි ෆේස්බුක් තහනම් කිරීඹ වගේ දෙයක් ෆේස්බුක් එක බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි.. මම නම් පුද්ගලිකව හිතන්නේ මිනිහෙක්ගෙන් වට්ස් ඔන් යුවර් මයින්ඩ් කියලා ඇහුවාම ඒ මිනිහා හිතේ තියෙන හැමදේම කියාවි..ඒක එයාගේ මට්ටම..
ඒක හරියට ෆිල්ටර් කරලා අනවශ්‍ය දේවල් අයිනේ වෙන්නේ නැත්නම්..සාමෙන් ඉන්න මිනිස්සුත් මේ බඩකඩුත්තුව නිසා තවත් වෛරක්කාරයෝ වෙනවා නම්..කෙල්ලෙක්ට නිදහසේ මැරිලත් ඉන්න නැත්තං..ඕක තහනම් වුනාට අවුලක් නෑ,.

Tuesday, May 30, 2017

ආයෙ ආවොත් ආයෙත් බෙදමු

මේ දිනවල පවතින අනතුරුදායක කාලගුණයෙන් අපිට පෙනෙන මාධ්‍ය වලින් පේන ප්‍රමාණයට වඩා දැඩි හානියක් වෙලා තියෙනවා කියන එක රහසක් නෙමෙයි. අපි මේ ආපදාවට මුහුනදෙන ආකාරය කලින් ආපදාවලට මුහුනදුන්න ආකාරයම තමයි..ඉතිං ඒ ගැන කරුණු කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට හිතුවා. 

රාජ්‍ය යාන්ත්‍රනය 

පරිගණක ස්ක්‍රින් එකක් හෝ ෆෝන් එකක් ඉස්සරහට වෙලා දවස තිස්සෙම ෆේස්බුක් ඉන්න අපිට එහම රාජ්‍ය යාන්ත්‍රනයක් පනේනේ නෑ..ඒත් එහෙම ප්‍රබල යාන්ත්‍රනයක් තිබෙනවා. ගමකට ගංවතුර ආවම හානි වෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි..ඒ හානිය අදාල රාජ්‍ය යාන්ත්‍රනයකටත් ඒ විදියටම වෙනවා.. (ඒක වෙනස්කිරීම ටිකක් ගැඹුරු දෙයක්) කොටින්ම සමහර විටෙක ග්‍රාම නිළදාරි මහතාට ප්‍රා ලේ තුමාට තුමියට මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට වෙන්නේ තමුනගේ ගේත් යටවෙලා තියෙද්දි.. ඉතිං ඒ වුනත් ඇතැම් කැපවිම සහිත රාජ්‍ය නිළධාරින් සිය වගකීම හොදට කරනවා.. මෙතනදි තාක්ෂණික වශයෙන් දියුනුය කියලා හිතාගෙන ඉන්න අපි විසින්මේ  මිනුසුන්ට ගරහන එක තේරුමක් නැහැ..කරන්න ඕනි ලෝකේ  වෙන දියුනු පද්ධති අධ්‍යනය කරලා ගංවතුර නාය වලදී මීට වඩා ශක්තිමත් සහ ඉක්මනින් ප්‍රතිචාර දක්වන පද්ධතියක් නිර්මාණය කරගන්න එක. 

අපේ ආපදා උගත් පාඩම් සහ මැප් 

2016 කොළඹ කඩුවෙල ගංවතුර..ඔය ගංවතුර ඇතිවන්නේ ඇයි..එහිදී රාජ්‍ය යාන්ත්‍රනය මුහුනදීපු ගැටලු මොනවද ආදී කරුණුවල වාර්ථාවක් කා හරි ලග තියෙනවද? මට නම් හමුවුනේ නැහැ.. එතනදි ගංවතුර ඇතිවීම සහ දින කිහිපයක් තිස්සේ වතුර බැස නොයාමට හේතු කාගාව හරි වාර්ථාවක් විදියට විද්‍යාත්මක ව තියෙනවාද? සමහර විට ඇති ඒත් ප්‍රසිද්ධ වුනේ නෑහැ.. අපි ආපදාවකට පසසේ ඒ ගැන කොතරම්ම අලසද කියන කතාව එයින්ම බලාගන්නට පුලුවනි.. 

ආපදා ඇතිවන්නේ යම් කාලගුණික තත්වයක් නිසා නම් (බටහිර බෑවුමට මිලිමීටර 500ක් වර්ශාව) වැනි දෙයක් හෝ ගංගාවේ පථය වෙනස් වීම, මුහුදු මට්ටම උස වීම ආදී භූගෝලීය කාරණා නිසා නම් අපි ඒවා කලිං දැනගන්න ඕනි..එතකොට අපිට නිසි වෙලාවට බයවෙලා ඉවත්වෙන්නට හැකියාව ලැබෙනවා..අවාසනාවකට වාගේ මීඩියා වල ලියන අපි (මං කුඩා පරිමාණ මාධ්‍යෙව්දියෙක් ) සහ සමස්ථ සමාජය විපතකින් පස්සේ ඒකට හේතු සහ එහි හානි අවම කරගන්න වෙහෙස මහන්සි වෙනවා අඩුයි.. 

වැස්ස සහ කුණාටු නවත්තන්න බෑනෙ ඕයි..බයිල නෙ තමුසෙගෙ.. 

ඇත්ත ඒත් වැස්සකදි ඇතිවන ආපදාව නවත්තගන්න ඇතිවන මරණ ගාන නවත්තගන්න සහ  ආධාර සහ රැකවරන ඉක්සැමනින් සැලසීමට ආපදා කළමණාකරන ය වැදගත් වෙනවා..අපි සරල උදාහරණයක් ගමු.. කදු නාය නම් ඇමරිකාවෙත්, නේපාලයෙත්, ඇෆ්ඝනිස්ථානයෙත්, ලංකාවෙත් ස්විට්සර්ලන්තයෙත් සිදු වෙනවා. නේපාලයේ ඇෆ්ඝනිස්ථානයේ අපි වගේමයි.. නාය යනවා මිනිස්සු බුරුතු පිටින් මැරෙනවා ඉන් පස්සේ මොකෝ වෙන්නේ මිනිස්සු හැකි පමණ තමුන්ගොගේ සක්තියෙන් ගොඩනැගෙනවා. ..ඇෆ්ඝනිස්ථානයෙ එක අවස්ථාවක විශාල කන්දක් නාය ගියා. එයින් නැතිවුන ජීවත හොයන්න විශාල පිරිසක් කන්ද නාය ගිය තැනට එසැනින්  එකතු එකතු වුනා..අවසානේ ඊලගට ආපු විශාල තවත් නාය යෑමකින් ලේයර් දෙකක කේක් එකක් විදියට මිනිස්සු පස් වලට යට වුනා.. 

නමුත් ඇමරිකාවේ නාය යාමක් වුනාම තරමක් වැඩේ බරපතලයි.. මුලින්ම කලින් සිතියම් පාවිච්චි කරලා ගෙවල් තිබුන තැන් හොයනවා. ඉන් පස්සේ හෙලිකොප්ටර වලින් ඒ ගෙවල් ගාව සකෑන් කරලා පොලව අසසේ පණ තියෙන ජීවින් ඉන්නවද කියල හොයනවා.. එයින් මනත ස්කෑන් කරපු තැන හාරල ඉවර වෙල පණ තියෙන උන්ව ගොඩගන්නවා.. ඇමරිකාව කියන්නේ තාක්සනේ සැටලයිට් ඉමේජ් එහෙම පාවිච්චි වෙන රටක් නේ..එයාල ගාව ඕනෑම භූගෝලිය පලාතක වසරින් වසර සැටලයිට් ඒරියල් පිංතුර තියෙනවා..විසේසයෙන් නාය යන්න කිට්ටු කදු ගාව එහම..එතකොට ඒ ගොල්ලන්ට නාය තුල නිවාස තිබුනේ කහෛ්ද කියල සරල අදහසක් ගන්නට හැකියාව තිබෙනවා..ඇතැම් විට ඒ නිවාස වුවත් මීටර් ගානක් ඈතට ගහගෙන ගිහින් තිබෙන්නට ුපුලුවනි.

ඒ ක්‍රමයේදී නාය වගේ එකක් ගැන හොද පෙරහුරුවක් තියෙන ස්වේච්චා පිරිස් ඉන්නෝ.. ස්වේච්චා කන්ඩායම් එකතුවෙන්නෙම ඒ අදාල නිල ඇදුම් සහ උපකරණ සහිතව. එයාලට ආරක්ෂාව ගැනත් හොද පුහුනුවක් තියෙනවා..පින තිබුන පලියට හැමෝටම ස්වෙච්චා සේවකයෝ වෙන්න එහෙදි  අමාරුයි.. 

ඇමරිකන් කාරයා මොන පොයිය ගැහුවත් එයාලගේ වුනත් සිය ගානක් නාය යෑම් වලින් වසරකට මැරෙනවා.. ඒත් නාය යෑම් ගොඩක් අවුරුද්දකට සිදු වෙන ස්විස් වල මරණ අවුරුදු තිහක් තිස්සේ අවුරුද්දකට එකකට වඩා වාර්ථා වෙලා නැහැ..නාය වලින් ස්විස් වලත් බර තොගයක් වෙනවා..ඒත් මරණ අඩුයි.. ඒම වෙන්නෙ කෝමද? 

ලගම ඉන්න එකාට තැලීම 

අපි දේශපාලනිකව සබුද්ධික ජනතාවක්.ඒ නිසා ඒ ඒ ඇමතිවරු වතුරට බැස්සද? ඒ ඒ කට්ටිය ආදාර දුන්නද කියල නිතර හොයනවා.අපේ දෛශපාලන බුද්ධිය ගැන එතනින් එහා කතරකරල තේරුමක් නෑනෙ. 

ඒත් හොදට බැලුවොත් අපි අනතුරකට පස්සේ වැඩිපුරම තලන්නේ අපිට පේන කෙනාට විතරයි.. ඒ වගේම මේ වගේ වෙලාවක අපි අපි විසින්ම දියුනු කරගත යුතු දෙවල් ගැන කතාබහක් ඇත්තේ්ම නැති තරම්.. උදාහරණ ලෙස අපි කවුද ගංවතුර හෝ නාය විපතකින් පසු ඒ ගැන විමසා බලනනේ.. කවුරුත් නෑ? කොටින්ම දැන් මීතොටමුල්ල කුනු ගැන හොයනෝද? නෑනෙ.. 

ඒ වගේම තාක්ෂණික අංශයෙන්..දැන් ඉස්සරට වඩා බොහෝම දියුනුයි. අපි දැක්කා ෆේස්බුක් හරහා උදේ හවා අතන මෙතන අනතුරු වෙලා මෙච්චර මෙච්චර අසරණ වෙලා කියල පෝස්ට්..ෆේස්බුක් කියන්නෙ මොකද්ද ෆේස්බුක් කියන්නේ හොදට ඩේට සිග්නල් තියෙන හොද ස්මාට්  පෝන් තියෙන මිනිස්සු විනෝදෙට කරන සෙල්ලමක්. ඒක අස්සෙ තියෙන්නෙ සම්පූර්ණ විපතෙන් සියයට 10ක් විතර ප්‍රමාණයක්..මොකද අපේ ගමෙ වුනත් ෆේස්බුක් කියන්නේ තාමත් මිනිස්සුන් ට මැජික් එකක්. 

එතනින් පෙනුන දෙයක් තමයි ආපදාවක් වුනාම ආපදා සිතියමක් ඉක්මනින්ම හදාගන්න එකේ වැදගත් කම..ග්‍රාම නිලධාරි ප්‍රා ලේ දිසාපති මහත්වරුන්ගෙන් තොරතුරු අරගෙන ඉක්මනින් එහම සිතියමක් ගහගන්න ඕනි. ඒ වගේ දේවලට අපිට පාවිච්චි කරන්න පුලුවන් සරල ක්‍රමවේද ලේසියෙන්ම හදාගන්න ඇතැම්විට අපිට උනත් රජයට සහාය වෙන්න පුලුවන් කම තියෙනවා. 

නාය මරණ 


නාය යෑම් වලින් අනුයාත පසුගිය අවුරුදු සෑම එකකදීම මිනිසුන් සිය ගනන් පොලව යට වැලලුනා..දැන් මම හිතන්නේ නාය ගැන විශේෂ තාක්ෂනික සහය විදේශ වලින් අරගෙන නායට යටවුනු මිනිසුන් සෙවීම, නාය යාම කලින් හදුනාගැනීම..මිනිසුන් ඉවත්ක්රීම ගැන මීට වඩා තාක්ෂනිකව සහ ප්‍රාෙයා්ගිකව කටයුතු කරන්නට කාලය ඇවිත්.. 

හැමදාම අපේ ජනාධිපතිතුමා නායෙන් යටවුනු අයට ගෙවල් දෙනවා..යටවෙලා මලාට පස්සේ ගෙවල් දීම ට වඩා ඒ අයට ආරක්ෂිත මහල නිවාස හෝ හදාදෙන්න උත්සාහ කරන්නට ඕනි.. 

අපේ ජීවිත තාලේ වෙනස් කරන්න කාලේ.. 

ජනගහනේ වැඩිවෙනවා..ඒ හැමෛා්ටම ගෙවල් දොරවල් ඕනි වෙනවා..ඉතිං වගුරු ගොඩකරනවා, ජල රක්ෂිත ගොඩ කරනවා, තද බෑවුම් කපල ගෙවල් හදනවා..නිලධාරින් දේශපාලකයින් ගෙවල් අනුමත කරන්නේ නැත්තං පස්සේන ගිහින් බලෙන් හෝ පගාවට හෝ වැඩය ඇපෘෘ කරගෙනඅ පි ගෙවල් හදනවා.. නිළදාරින් කොච්චර එපා කිව්වත් පගාව දීල හේ දේශපාලන බලය පිට වගුරුබිම් ගොඩකිරීම, ජල රක්ෂිත පිරවීම සහ ආනතිය වැඩි තැන්වලගෙවල් සැදීම ලස්සනට සිද්ද වෙනවා මහ පොලව උඩ.. 

ලංකාවෙ ටීවි චැනල් බලං ඉන්නකොට අපිට පේනවා ලස්සන ගෙවල් හදන හැටි..ගාඩන් ගහන හැටි..ඒ වෙග්ම ලංකාවේ සාමාන්‍ය තරුණයෙක්ගේ මූලික අරමුණ ඉතාලි ගිහින් හෝ, කොරියන් මැදපෙරදිගි ගිහින් හෝ කරන එකෙන් ලෝන් ගහල හෝ ඉඩමක් අරං ගෙවල් හැදීම..හැමෝටම ඉඩම් සහ ගෙවල් කියන්න දැන් නම් ටිකක් නවත්වන්න කාලේ හරි ෆැෂන් එකක්.. වඩාත් ආරක්ෂිත ස්ථාන වල මහල්නිවාස ඉදිකොට අනතුරුදායක භූමිවල ජනයා පදිංචි වීම අවම කරන්න වැඩපිලිවෙලක් දීර්ඝකාලීනව එන්න ඕනි.. 

අපි සහ අපේ ලමයි හැමෝටම ඉඩම් කෑලි එක්ක ගෙවල් හැදෙන්න ගියොත් අවසානේ මේ රටේ වැව් උඩ, ගංගා උඩ දරුනු කදු උඩ පවා ගෙවල් හදන්නට වේවි..මහල් නිවාස හොදම දෙයක් නෙමෙයි..ඒත් අපි පරිසරයට අනුව හැඩගැසුනේ නැත්නම් වෙන්නනේ ඉස්සරහට පරිසරයේ දරුනු බලපැම් වටල යට වෙන්න සිදු වීම.. 

කාලෙට අනුව වෙනස් නොවුනම ඒ සතුන් වදවෙනවා..ඉතිං අපිත් අවරුද්දකට මිනිස්සු දේපල විශාල ප්‍රමාණයක් විනාස කරගන්නේ අපි කාලයට අනුව අපේ පද්ධති, ඔලුව වෙනස්කරගන්නේ නැති නිසා..ඒ නිසා ඇමතිතුමා බැස්සද ලොක්කා වතුරෙද මලමිනි කොයි තරම් දුකද කියලා හිතනවා වගේම මේ අනතුරු වලක්වා ගන්න විදිය ගැන අලුතින් හිතන්න ඔබට වාසනාව සක්තිය ධෛර්ය ලැබේවා.. 

ස්තූතියි. 

Wednesday, May 17, 2017

නූතන පටාචාරාවත


විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ..
බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ..
සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ..
නැති විය සිහිය ඇය අරමට මයැ ඇදුනේ..

නැති ඇඳිවත නැතිය කිසිවිට හරස් වුනේ..
රති සුව පිණිස නැහැ මිනිසුන් පෙල ගැසුනේ..
බුදු රජ පිහිට ලැබ ඇය නිවනට වැටුනේ..
එව දන් අසන දන නැත තවමත් නිවුනේ..

පෙකනිය තනය විහිදා පෙන්වා ලු සැනේ..
බිකිනිය තනපටය  දැක මුන් හැම පුදුම වුනේ..
සිත නොව රූ සොබා වත ගැන කතා වුනේ
සිත සංවරය කෝ? කොයිබද එය වැටුනේ.. 


Friday, May 5, 2017

අපි ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන්

මේ දවස්වල දොස්තර මහත්වරු අපි වෙනුවෙන් අපේ අනාගත සෞඛ්‍ය ක්සේත්‍රයට සයිටම් වගේ උපාධි කඩවලින් ඇතිවෙන්නට යන මහා ව්‍යසනය වෙනුවෙන් පෙනී සිටිනවා.. 

දවස දෙක තුනකට කලින් ගෝල්පේස් එකට ගැලූ මහ ජන ගංගාවක් ඒ ගොල්ලන්ගේ නායකයින් මේ රට ගොඩනගලා රට ගැන හිතලා රට දියුනු කරන්න හදන කැපකිරීම ගැන සිය කෘතඥතාවය පල කලා.. 

ඔය නිතරම වගේ පාරේ යන අන්තර් විස්ස විජ්ජාල සිස්ස බලමන්ඩලය කියන්නෙත් අපි මේ යන්නේ අපි වෙනුවෙන් නෙමෙ ජනතාව වෙනුවෙන් කියලා.. 
ඒ වගේම සමස්ථ ලංකා බයිට් නිපදවන්නන්ගේ සංගමය වුනත් පාරට බැස්සාම කියන්නේ අම්මේ තාත්තේ මේ බයිට් කියන්නේ සරල දෙයක් නෙමෙයි.. මේක රටේ ජීවනාලිය අනම් මනම් බයිලා.. 

අපි මාසයක් සලකා බැලුවොත් හුදී මහජනයා වන මේ අහිංසක අපි වෙනුවෙන් මිනිස්සු කොච්චර පෙනී ඉන්නවද? අනේ අපි වෙනුවෙන් එයාල කොච්චර කදුලු සලනවද? කොච්චර කැප වෙනවද? මේ තරං වටින මිනිස්සු ගොල්ලක් නෙව අපි.. 

මන්ත්‍රී ල බැලුවොත් දෙයියනේ ප්‍රා සබා, නගර සබා, පලාත් සබා, පාර්ලිමේන්තු කොච්චර නම් මන්ත්‍රීලම ඉන්නෝද අපිව බලාගන්න.. ඒ වගේම දැන් මීඩියා ගත්තෝතින් අපි වෙනුවේන එයාල කොච්චර නම් දේවල් කරනවද? සමහර චැනල් වලින් සල්ලිත් දෙනෝ.. 

සබන් විකුනන එකාගේ සිට කිරිපිටි විකුනන එකා දක්වා එකී මෙකී නොකී බඩු වෙලෙන්දෝ හැමෝමත් අපිට ආදරෙයි..අපිට සුදුසු දේ දෙන්න ඒ අය පොරකනවා.. ඇත්තටම මේක සුරපුරයක් වගේ.. 

අපි කියන පොදු මහජනයා කියන එකා වෙනුවෙන් අනික් කොච්චර පිරිසක් කැප වෙනෝද? කොච්චර නං මහජනයාගේ සුක විහරනය වෙනුවෙන් පෙනී ඉන්නෝද? අනේ මෙහෙම රටක ඉපදීමත් වාසනාවක් නෙව.. මං හිතන්නේ කෝටි දෙකට තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නෝ වගෙ මේ කෝටි දෙක අස්සේ ඉන්න කෝටියක් විතර සෙනගම කරන්නේ අනුන්ට සේවය කිරීම.. සමාජ සේවය.. අනික් මිනිස්සු ගැන හිතීම.. අනුන් ගේ දුකේදි පිහිටවීම.. එහෙම රටක ඉපදීම..දෙය්යනේ.. කෝචචර පිනක්ද? 

මනුස්සයෙක් වෙනුවෙන් මේචචර සංවේදී රටක ඉපදීම ගැන මට ඇත්තටම ආඩම්බරය්ක එනවා මේ යූනියන් කාරයෝ සහ දේසපාලුවෝ සහ වෙලෙන්දෝ අපි වෙනුවෙන් පෙනීඉන්න විදිහ දැක්කාම..