විසිතුරු බඩුව
ඇය කිසිවිට නැහැ සැලුනේ..
බියකරු වනය
බිය නැහැ ඇය වෙත දැනුනේ..
සිය සැමි
නැතිය එන මග දරු අහිමි වුනේ..
නැති විය සිහිය
ඇය අරමට මයැ ඇදුනේ..
නැති ඇඳිවත
නැතිය කිසිවිට හරස් වුනේ..
රති සුව පිණිස
නැහැ මිනිසුන් පෙල ගැසුනේ..
බුදු රජ පිහිට
ලැබ ඇය නිවනට වැටුනේ..
එව දන් අසන දන
නැත තවමත් නිවුනේ..
පෙකනිය තනය
විහිදා පෙන්වා ලු සැනේ..
බිකිනිය තනපටය
දැක මුන් හැම පුදුම වුනේ..
සිත නොව රූ
සොබා වත ගැන කතා වුනේ
සිත සංවරය කෝ?
කොයිබද එය වැටුනේ..
excellent !
ReplyDeleteලිඛිතා අලුත් නමක්....
Deleteකතුවරී ලියනගේ කියා බ්ලොග් ලියන්නියක සිටියා නේද?
Deletehttp://magenavakatha.blogspot.com.au/2013/05/blog-post_22.html
?
++++
ReplyDeleteඅරුත් පිරි වදන්....
ReplyDelete