Wednesday, January 16, 2013

මගේ පොලිස් චාරිකාව (Tour Around Police)

.මගේ ටෙලිපොන් එක නැතිවුනා. ටෙලිපෝන් එක කිව්වෙ ජංගම දුරකථනය..නැතිවුන එක ගැන පැමිණිල්ලක් දාන්න මං පොලිසියට ගියා..අප්පට සිරි පොලිස්සියෙ දැන් මාර සැලකිලි තියෙන්නෙ..රිසිප්සනිස්ට් අක්කා කෙනෙක් ඉන්නවා..එයා මගේ විස්තර අහලා ලියාගෙන සුලු පැමිණිලි අංශයට යන්න කිව්වා..
දැන් ඒ පොලිසිය ඒසීත් කරලා...සැකකරුවන්ටත් පුදුම සැප..

පොලිසියට අලුතින් බඳවාගත් ගැහැනු ලමයි හෙම උන්නා..හරි ලස්සනයි සමහරු..මං ඒවා දිහා කන්න වගේ ඇහැ දාගෙන ඉන්නෙකොට එක සුවිට් පොලිස් කාන්තාවක් ඇවිත් ඇහුවා මොකද කියලා. මම කිව්වා පෝං එක නැතිවෙලා පැමිණිල්ල දාන්න ආවෙ කියලා. ඇය මට වාඩිවෙන්න කියලා ටිකක් සැර පරුෂ විදියට කිව්වා. ඉන් පස්සෙ ස්ථානාධිපති උන්නැහැට මාව පෙන්නුවා. මගේ පෝන් එක නැතිවෙලා තියේනනෙ ඒ පොලිස් ස්ථානයට අදාල බල ප්‍රදේශයේ නොවුනත් ඒ සුලු පැමිණිලි අංශයේ ස්ථානභාර කාරුණික නිලධාරි මහත්මයා මගේ පැමිණිල්ල ලියාගන්න කටයුතු කලා. ඇත්තටම එතුමානෝ ටිකක් සැරපරුස වුනාට වැඩ ඉක්මනින් කරන ක්‍රියාශීලි කෙනෙක් වාගෙයි පෙනුනෙ..

ඉතිං විනාඩි පාලහක් විතර මම වාඩිවෙලා උන්නාම එතරම් මහත දෙහෙත නැති අලුත් ජාතියෙ කලිසම හැලෙන විදියෙ ලස්සනෙ පොලිස් කාරයෙක් ආවා. ඇවිත් මගේ අයිඩෙන්ටියයි අර මම ගෙනියපු ඉමි අංකෙ තියෙනෙ කොලෙයි අරගෙන විස්තර ලියාගත්තා පැමිණිල්ල විදියට. මම පැමිණිල්ලක් දැම්මෙ ආයෙ පෝන් එක හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. ඒත් මගේ පෝන් එක නැතිවුනාට ඒකෙ සිම් එක වැඩ නැතිවුනාට වෙන සිම් එකක් දාල ඒක අපරාධයකට හෙම පාවිච්චි කරලා තිබුනොත්ඒවා දුරදිග ගියාම මටත් පොලිස්සි වල රස්තියාදු වෙන්න වේවි. පස්සට එහෙම කරදර ඒවි කියන බයට මම කෝකටත් කියලා පැමිණිල්ල දාලාටී ආර්සි එකටත් දන්වන්න ඕනි කියලා හිතුවා..පෝන් එක අඩුමිල එකක් වුනත් පසුකාලෙක ඒ පෝන් එක යොදාගෙන මොකක් නමුත් අලුකුත්තේරු වැඩක් කාරුහරි කොලොත් ඒ දුරකථනය කලිං පාවිච්චි කරපු උන්දැලාටත් ඒකෙ වගකිමක් එනවා..ඒ වගේ වෙලාවටපොං පාවිච්චියෙදි...
  • විශ්වාසදායි තැනකින් මිලදි ගැන්ම..
  • මිලදීගත් වවුචර ලිපිද්‍රව්‍ය සුරැකිව තබාගැන්ම..
  • විශේෂයෙන් ඉමි අංකය මතක ඇති තැනක ලියාතැබීම..
  • පෝං පාවිච්චියේදි අන් අයට වැඩිවේලා තමුංගේ අවධානයෙන් තොරව පෝන් පාවිච්චියට දීමේදි සැලකිලිමත් වීම..
  • පෝන් එක නැති වූයේනම් වහාම අදාල ක්‍රියාමාර්ග ගැනීම සහ පැමිණිල්ලක් පොලිසියේ දැමීම.. 
  • ජංගම දුරකථනය මිලදී ගැන්මේදි එහි චාජර, හෙඩ් පෝන්, බැටරි ආදිය ඔරිමජිනල්දැයි බැලීම..
ආදි කාරණා වැදගත් වෙනවා මොකද අද ජංගම දුරකථනය නොයෙකුත් අපරාද හොයන්න පාවිච්චි කරනවා. ඒ නිසා ජංගම දුරකථන මිලදී ගැන්ම පරිහරණය වගේම නැතිවුනාමත් සම්මත ක්‍රම අනුගමනය කරන එක වැදගත්..කවුරු හෝ බොහෝ අඩුමිලට සෙකන්ඩ් හෑන් පෝං කෑල්ලක් ඇගේ ගැහුවාම ඒක සල්ලි දිල ගන්නවා වගේම ඒක පාවිච්චි කරපු අය ඔබ නොදන්නේ නම් එහිදි ඔබ සුලු අවධානමක් අරගන්නවා..

කොහොමින් හරි දැන් ඉතිං පොලිසියට ගියා ගිහිං බලං ඉන්නවා නෙව මගේ පැමිණිල්ල ලියන කං.. ඉතිං ඒ වෙලාවෙ මට ලංකාවෙ පොලිසිය තවමත් වැඩකරන්නෙ 1970 දශකයේ කියලා හිතුනා. කොම්පියුටර ආදිය ලොකු පොලිස් ලොක්කන්ගේ මේස වල ලස්සනට තිබුනාට පොඩි අය පැමිණිලි ආදිය ලියන්න පාවිච්චි කරන්නෙ තවම පරණ ටයිප් රයිටර.සහ පුරාණ පුස්කොල පොත් ලියාපු ක්‍රමය..පරණ ටයිප් යන්ත්‍ර බොහොම නාඹර වයසෙ පොලිස් කාන්තාවො පාවිච්චි කරනකොට හරිම නොගැලපීමක් දැනුනා මගේ හිතට නම්.. ඒ වගේමයි පරණ ගොනු හොයන්නම හතර පස් දෙනෙක් කැරකෙනවා..පරිඝනක ගත ගොනුවක් අපිට කොන්ට්‍රොල් එෆ් ගහලා ලේසියෙන් හොයන්න පුලුවන් වුනාට රලු ක්‍රමයට පරණ ලිපිගොනු හැඩල් කරන එකනම් පුදුම වහක්..අඩුතරමෙ ඒවා තියෙන පිලිවල හරි සොෆ්ට් කරගන්න පරිඝනකයක් එතැන තිබුනා නම් හොදයි කියලා හිතුනා..
පොලිස් කාන්තාවන් පිරිසක්..

නමුත් මේකෙ තව පැත්තක් තියෙනවා.. පොලිස් අංශයක් වගේ එකක් නෙට්වර්ක් කරලා කම්පියුටරයිස් කරන්න නම් ඉතිං හොද තාක්ෂනයක් යොදා ගන්න ඕනි.. නැත්නම් එතන ලොකු ගැටලු ඇතිවෙනවා..ඒවා අපි හිතන තරම් සරල වැඩනම් නෙමෙයි..මොකද පොලිසියෙ වැදගත් ගොනුවක් කාරිය පිට කට්ටියක් ජාලයකින් සොරකම් කලොත් ඒක ලොකු ගැටලුවක්.. ඒත් ඉතිං හැමදාම පරණ ටයිප් රයිටර පරන  ගොනු එක්කම ඉදලාත් බැහැ..අඩුම තරමෙ පොඩි පොඩි දේවලින් හරි පටන් ගත්තානම් ඒක වැදගත්.. මොකද පොලිසියෙ තුන් හතර දෙනෙක් ලිපිගොනු හොයන්නම ගියාම අනික් වැඩවලට යොදවන්න තියෙන මිනිස් පැය ගාන අඩුවෙනවා.. කවුරුහරි කැම්පස් ප්‍රොජෙක්ට් එකක් වාගෙ කරනවා නං පොලිසිය අධ්‍යනය කරන එක හොඳ ප්‍රවේශයක් වේවි.. වෙන රටවල කැම්පස් වල කරන එක දෙයක් තමයි පවතින ක්‍රමයේ ඇති ගැටලු සහගත තැන්වලට නිර්මාණශීලි විසඳුම් අත්හදාල බලලා අධ්‍යනය කරලා නව විසඳුම් ඇතුල් කරන්න උත්සාහ කරන එක.. නමුත් අපේ කැම්පස් සහ සාමාන්‍ය ජීවිත කැම්පස් වල තියෙන උස තාප්පෙන්ම වෙන්වෙලා තියෙනවා.ඒවා වෙනස් කරන්න මහින්ද රාජපක්සයි ඇස්බී දිසානායක උන්නහෙයි ඕනම නැහැ..අපි අධ්‍යාපනය කරනකොට එන ව්‍යාපෘති අාදිය හුදෙක් ගැලවිජ්ජාවට බොරුවම කරන්නෙ නැතුව ටිකක් පාරට බැහැලා එන ප්‍රශ්ණ ආදිය ගැන කරනවා නම් සහ ඒවා අන්තර්ජාලයේ හෝ පබ්ලිෂ් කරන්න උත්සාහ ගන්නවා නම් ඒක වැදගත්.. එතතොට මිනිස්සු හරි අඩුතරමෙ තේරුම් ගනී අපිමේ ක්‍රමය වෙනස් කරන්න ඕනි නම් ඒක චන්දෙ දාල පස්සෙ ආන්ඩුවට බනින එකතරම් ලේසි වැඩක් නෙමෙයි කියන එක.. 

ඒ එක්කම මං පොලිසියෙ මගේ පැමිණිල්ලෙ කොපියක් ගන්නත් තව විනාඩි පහලවක් විතර වාඩිවෙලා හිටියා..විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිනිලි කරන්න නම් අනිවාර්යෙන් පොලිස් පැමිණීල්ලෙ කොපියක් ඕනි වෙනවා.. එතකල් මම ළමා කාන්තා කාර්යාංශය ගාව තියෙන පුටු පේලියෙ වාඩිවෙලා අවට වෙන දේවල් බල බල හිටියා..ළමා හා කාන්තා කාර්යාංශයට ටිකක් හැඩිදැඩි කාන්තා පොලිස් කාන්තාවක් විසින් අවුරුදු දාහතක විතර ගෑනු ලමයකුයි අවුරුදු දහනමයක විතර පිරිමි ලමයකුයි ඇදගෙන ආවා.. දෙන්නම හොදටම බය වෙලා..ඒ ගෑනු ලමයා ගෙදරින් පැනලා ඇවිත්ලු.. පිරිමි ළමයා එනකල් බලාගෙන හිටියලු පැය දෙක තුනක්.. ඒ ගැනු ලමයාගේ කරෙ තිබුන මල්ලෙ රෙදි ඔක්කොම එක්ක ඒ ලමයා පැනලා යන්න සැරසිලා ඇවිත් කියලා පොලිස් කාන්තාව තම ප්‍රධානියාට දැනුම් දුන්නා.. ඉතිං ඒ ප්‍රධානියාට හිටියෙ ගැනු කෙනෙක් ..ඇයඒ කොස්තාපල් වරියට යම් දැනමුතු කම් ටිකක් දුන්නා..හැමතිස්සෙම මේ වගේ සරල ගැටලු ලොකු තැනට අරං එන්න නැතුව ඔයාටම තිබුනනේ මේ ගෑනු ලමයා අර පිරිමි ලමයාට අැරලන්න කියලා දෙන්නගෙම අයිඩෙන්ටි කාඩ් පොලිසියෙ තියාගන්න.. 

ඒ ගෑල්ලමයයි පිරිමි ලමයයි ත් වාඩි වුනේ මගේ ගාව..දැන් කොල්ලා අර කෙල්ලට හෙමීට බනිනවා හෝ ගාලා.. තමුසෙ මොකද බැග් අරං ආවෙ අනං මනං කියලා.. කොහොම හරි එතනින් පස්සෙ වුන දේට නම් මට ටිකක් නෙමෙයි ගොඩක් තරහ ආවා.. අර පිරිමි ළමයා කියනවා මට ගමේ යන්න ඕනි ග්‍රාමසේවා සහතිකගන්න තියෙනවා හෙට මට ඉන්ටවු එකක් තියෙනවා..අනික මට හෙටත් තව වැඩ තියෙනවා.. තව පොලිසියකින් මාව අල්ල ගනීද දන්නේ නැහැ..මෙයා එක්ක ගිහින්..මං මෙයාව එච්චර ආශ්‍රය කරලාත් නැහැ..ආදිය කියනවා.. ඇත්තටම ඒවගේ ඇපෙන් ගැලවෙන්න දගලන කොල්ලො. කොල්ලො කියන ජාතියටත් නින්දාවක්..කෙල්ල එක්ක ගෙදරටම යන්න බැරිනම් අඩුතරමෙ බස් එකට ඇරලලා එයා දන්න කියන යාලුවෙක් එක්ක සෙට්කරලා හරි මොනයම්ම දෙයක් කෙල්ල වෙනුවෙන් කරනවාට වඩා අර කොල්ලා හැදුවෙ ගැලවිලා දුවන්න. අපි පොලිසිය මේවගේ සිද්දි වලට මැදිහත් වෙනකොට උන් දෙන්නාට හොද නම් අපිට මොකෝ කියලා පොලිසියට පල් පතුරු යන්න බැන්නාට මේ වගේ තැන්වලදි පොලිසියත් අසරණයි..එකට කාමරේට යං කියලා කාමරේට උස්සං ගිහින් කොරගන්න දේ කොරගත්ත ට පස්සෙ නිකං වත් කෙල්ලා ගැන බලන්නෙ නැති කොල්ලො හරියට බැල්ලියෙක් එක්ක පාර මැද කාටත් පේන්න වැඩේ කොරලා ඉන් පස්සෙ බැල්ලි කොහෙද ඉන්නෙ කියලා හොයන්න වද නොවෙන වල් බල්ලො වගේ ජාතියක්.. 

ඒ ගෑනු ලමයාගේ පැත්ෙත වැරදි ඇති..එයා බෑග් එකපිටේ බැදන් උදේ පාන්දර පාරට බහින්න මොනයම්ම හෝ හේතු ගොඩක් තියෙන්න ඇති. නමුත් අවුරුදු දාහතක ලමයෙක් පොලිසියට පොඩි ලමයෙක් නෙමෙයි.. ටිකක් ලොකු ලමයෙක්.. ඉතිං පොලිසිය පැත්තෙන් ලොකුවට ලමයෙක් බලාගන්නවා වගේ මලක් වගේ ගෙදරට ඇරලන්න බැහැ.. අනික මොකෙක් හරි යාලුයි කියන කොල්ලත් ඉද්දි එයාට පොඩි වගකීමක් වත් ගන්න බැයිද? අනේ මන්දා අද තාක්ෂනේ දියුනු වුනාට ඒ දේවල් ක්‍රමික නැහැ.. ඇසුරු සැනින් ඇගේ දෙමාපියන් කවුද ඔවුන්ගෙ ජංගම දුරකථන අංක කවරේද? කියලා හොයාගෙන වහාම දෙමාපිය භාරකරුව්නට කතා කරලා මේ ඔයාලගේ දුව ගෙදරින් ඇවිත් අපිට හමුවෙලා කියලා දැනුම්දෙන්න මහා ලොකු තාක්ෂණ විප්ලවයක් ඕනි නැහැ.. රිසානා ගැන උඩදැම්ම ගොඩක් අය ඒ වගේ සමාජය සිස්ටමැටික් කරන්න තව රිසානලා හොර පාස්පොට් හදාගන්න එක වලක්වගන්න කතා කරන්නෙ නැහැ.. සමාජයේ මේ වගේ වැරදි ඉක්මනින් අදුනගන්න ක්‍රම ස්ථාපනය කරන්න දගලන්නෙ නැහැ..

කොහොම වුනත් දැන් පොලිසිය කියන එක සාපේක්ෂව හොඳයි..මේ සිද්ධියෙදි විතරක්ම නෙමෙයි පහුගිය කාලෙ මම අත්දැකපු සිද්දි ගානකදි පොලිසිය එතරම්ම සාමාන්‍ය ලාංකික මිනිස්සුන්ට සාපෙක්ෂව නරක නැහැ.. මම ගිය පොලිසිය ආකල්ප අතින් සහ එන අයට සැලකීම් අතින් හොඳයි.. තව වෙනස් වෙන්න දේවල් තිබුනත් ඒවා වෙනස් කරන්න මහජනතාවත් ඒ වගේම මහජන නියෝජිතයුනුත් ලංකාවෙ ඉන්නෙ ලෝකෝත්තර පල්හොරු ටිකක් වෙන බුද්ධිමත් නිලධාරින් ටත් කැපවීම් කරන්න වෙනවා.. එහෙම නැතුව අර නිලඇදුම අස්සෙ ඉන්න අහිංසක මිනිස්සු ටික අල්ලෙගන කන්න හැදුවට කිසි දෙයක් වෙනස් වෙන්නෙ නම් නැහැ..

Saturday, January 12, 2013

රියදුරු රාමවික්‍රම (a driver named Ramawickrama)

රාමවික්‍රම අයියා මා අඳුනාගත්තේ අද ඊයේ නොවේ..වසර කිහිපයක සිට හේ තෙමේ මාගේ මිතුරෙකි. රියදුරු මහතුන් සමග වැඩිදුර පයිරු පාසානම් තබාගැන්ම සුලු මහත්මයෙකුට සුදුසු නොවේ. නමුත් රියදුරෙකුට වඩා රොබෝවරයෙකුට සමීප වූ රාමවික්‍රම සමඟ ආස්‍රය කිරීම මටනම් එතරම් වදයක් ලෙස නොපෙනුනි. කිසිවිට තමුංගේ වෘත්තිය සීමාවෙන් පිට නොපනින රාමවික්‍රම හොඳ සේවකයෙකි..

පසුගිය දිනක වර්ශ අවසාන සේවක එකමුතුවකදී රාමවික්‍රම කටගොන්නටත් මදක් වැඩියෙන් අරගෙන සිටියේය. කොතෙක් බිව්වද කුනුහබ්බ හෝ දරුනු කලහකාරී ගතියක් නැති ඔහු මදක් කතා කිරීම පමණක් එවිට සිදුකරයි..

රාමවික්‍රම අතින් රියදුරකු ලෙස සිදුවන අනතුරු බොහෝ සෙයින් අඩුය. හෙ තෙමේ දක්ෂ රියදුරෙකි. යම් ගමනක් රාමවික්‍රම වේගයෙන් යද්දී කිසිවෙකු වාහනයේ සිට හදිස්සියක් නැහැ රාමවික්‍රම යැයි කීවොත් රාමවික්‍රම ඉබිගමනින්ම යයි. යලිත් මහත්තයා කියන තුරු වාහනය වේගවත් කිරීම රාමවික්‍රම සිදු නොකරයි. එසේම රියදුරෙකු ලෙස රියදුරු රාජකාරි කරනවා විනා ලොක්කන්ගේ හිතගන්නට පාර්සල් ඇදිම, අනවශ්‍ය කයි ගැසීම. ලොක්කන්ට වාසි වනසේ සිටීම රාමවික්‍රම නොකලේය. එනිසා රියදුරෙකු ලෙස කෙතරම් රාමවික්‍රම සාර්ථක වුවත් ඔහුට ලැබුන කාර්යසාධන ලකුණු හැමදා පහල අගයක් ගත්තේය. එයට මහත්වරුන් විසින් කියනු ලබන හේතුද වෙයි. එතරම් පිරිසිදු කම ගැන සැලකිල්ලක් රාමවික්‍රම ගේ නැත. වාහනය පිරිසිදු කිරීම ගැනද සැලකිල්ලක් ඔහුකෙරේ නැත. එබැවින් ලකුනු කපනවා යැයි අගවන්නට මහත්වරු උත්සාහ කරති..නමුත් සැබෑ හේතුව රාමවික්‍රම මහත්වරුන්ට ඕන විදියට වැඩ නොකිරීම සහ යටහත් පහත් නොවීමයි..

රාමවික්‍රම මොකද මේ වාහනේ ඇතුලෙ දුවිලි නේ..එයට උත්තර දෙන රාමවික්‍රම “ඉතිං මහත්තයා මට කියල තියෙන්ෙන උදේ ඉදලා වැඩක් එනකල් ඔපිස් එකට වෙලා ඉන්න කියලනේ..ඉතිං මං පල්ලෙහා ඔපිස් එකේ හිටියා..වාහනේට එන්නෙ මහත්තයල කිව්වම තමයි” රියදුරන් වැඩ නැතිවිට කොළඹ වටේ රවුං ගහන එක මහත්වරුන්ට දිරවන්නේ නැත. එබැවින් ඔවුන්ම කියා ඇත්තේ රියදුරු තැන පහල ඇති මීමැහි පොදිය වැනි තෙරපෙන කාමරෙයේ රියදුරන්ට රැඳී සිටින ලෙසයි. එයට තවත් බොහෝ හේතුද මහත්වරුන්ගෙන් අසා දැනගත හැක. කෙසේ වෙතත් එසේ එකතැනකට වි සිටින විට වාහනය බලන්නට එය සෝදන්නට වෙලාවක් නැති බව හැමෝම දනී. නමුත් සමහර රියදුරෝ මහත්වරුනට කියා වෙලාව වෙන්කරගෙන රිය සෝදති..නමුත් රාමවික්‍රම එසේ නැත. මහත්තයා ඉන්න කීවොත් ඔහු සිටියි. යන්න කිව්වොත් යයි.

රාමවික්‍රම මා සමග වැඩට ගිය දවසක කිව් කතාවක් මට මතක් වෙයි. දැන් මහත්තයා මේ කන්තෝරු වල ඉන්නෙ මහත්තුරු නෙමෙයි..පඹයෝ. පඹයා කාත් එක්කත් හිනා වෙනවා. පඹයා හැමෝටම හිනාවුනාට වැඩක් නැහැ. ඒ හිනාව මුට්ටියෙ ඇදලා තියෙන ඉරක් විතරයි නෙව. මට ඉන්නෙ කොල්ලොම දෙන්නෙක්. උන් දෙන්නගෙන් ලොකුම එකා මහ ඉහලින් පාස් වුනා ශිෂ්‍යත්වෙ. ඉතිං මේ කොල්ලා ටීවි එකේ පත්තරේ යනකොට අපේ ඔෆිස් වල හිටපු මහත්තුරු නෝනල කිව්ව කොල්ල කොළ ගෙනත් ඉස්කෝලෙකට දාන්න උදව් පදව් කරන්නං කියලා. සමහරු බොහොම තදින් සුබපැතුවා. කොල්ල අපිට බලන්න එක්කරං එන්න කියලත් කිව්වා.. සමහරු කිව්වා අපිට ලොකුවට සලකන්න බැහැ පොත් පත් සපත්තු හෙම අරං දෙන්න ඇහැකි කියලා. අපේ ගෑනිගේ නෑයො ටිකක් දලකාරයො. උනුත් කිවවෙ එහෙමම තමයි. ඉතිං අපේ ගෑනියි ඔක්කොම කියද්දි මම විතරක් කිව්වා කොල්ලා ඔය ඉස්කෝලෙම හිටපු දෙන් කියලා. මම ඔය මහත්වරුන් ගැන හොදට දන්නවා. වැඩක් කොරගන්න ඕනි වුනාම දරුවො ගැනයි පවුල ගැනයි අහනවා මූනිච්චාවට. ඉන්පස්ෙස මොකුත් නැහැ. දරුවට එක ඉදිකට්ටක දෙයක් හම්බුනේ නැහැ. මං එව බලාපොරොත්තු වුනෙත් නැහැ. ඒත් අරුං කිව්වෙ නිකං අලි දෙන්නං කොටි දෙන්නං වගේ. දරුව මෙහේ ඉස්කෝලෙ වලට දැම්මනං බස් කුලි වෑන් කුලි වලටම තව තුන් හාරදාහක් මගේ පඩියෙන් යනවා. හොද වෙලාවට නොදැම්මෙ.

රාමවික්‍රම අයියා දුර ගමනක් යන විට කෑම පාර්සල් තුනක් විතර අරගෙන එනවා. එයින් එකක් උදේට කනවා දවල්ට තව එකක් රෑටත් කරවල ටිකක් තෙල් දාල තෙලටම මොනවහරි හදාගෙන කෑමටිකක් අරගෙන එන්න රාමවික්‍රම අයියා පුරුදු වෙලයි හිටියෙ. සාමාන්‍යයෙන් රියදුරන් කෑම ගන්න වියදම් කරනවා අඩුයි. මහත්තයෙක් එක්ක කඩේට ගියොත් ඉස්සෙල්ලම පැනලා මික්ස් රයිස් එක දාගන්න දඟලන්නෙ රියදුරු මහත්තයා. නමුත් රාමවික්‍රම එහෙම නැහැ. මහත්තයා එහෙනං කාල එන්න මං ගාව වතුරු බෝතලයක් තියෙනවා.. මං ඒකෙන්ම අත හෝදං කන්නං..එවැනි විටක මා සිටියේනම් රාමවික්‍රම කඩයට එක්කරං ගොස් අඩුතරමින් මාලු කෑල්ලක් හොදිටිකක් හරි අරගෙන දෙයි. එසේම මට ඉහල එක්තරා මහත්මයෙකු යන දිනක නම් හේ ගෙදරින් අපි තුං හතර දෙනාටම උදේ දවල් කෑම උයාගෙන එයි. එවිට පංසලක හෝ ගස් සෙවනක වාහනය නවත්වා අපි කෑම ගනිමු. එවිට රාමවික්‍රම අයියාට කෑම ගේන්නට එපායැයි ඒ ලොක්කා තුමා විසින් කළින් දිනම අදෙනු ලැබේ.

සමහර මහත්වරුන් මේ රියදුරන්ට කෑමඅරන් දෙන්නට කැමති නැත. ඔවුන් යම්තාක් කොටසක් දුප්පත් වී ඇත්ද එසේ වී ඇත්තේ මේ රියදුරන්ට කැම අරන් දීම නිසායැයි සිතන්නෝද වෙයි. බොහෝවිට රියදුරුට ගන්නා කෑම එකට සරිලන විදියට හෝ සමහරවිට ඊටත් වඩා හොඳ ගනනක බිලක් ආයතනයට ඉදිරිපත් කොට ලොක්කන් ආයතනයෙන් සල්ලි ගනිති. එසේ ගත හැකි බවත් රියදුරන් දනිති. එහෙත් රාමවික්‍රම වැනි ප්‍රතිපත්ති ගරුක අනුන් දුන්නත් එහෙමට පැන නොකන අයවලුන්ද වෙති..

පසුගිය දිනක පාටිය වෙලාවේ රාමවික්‍රම කරටි කැඩෙන්නට ගසා සිටියේය. බොහෝ රියදුරන් එවැනි පාටිවලදී කන පැලෙන තුරු බොයි. ආයතනයට සම්බන්ධ ආයතන වලින් සම්මාදම් කර පවත්වන එම සාද ලොක්කන් විසින් සිය අතේ මුදලින් පවත්වනවා වැනි උජාරුවකින් පැවැත්වුවත් උවමනාවටත් වඩා මුදල් ලැබෙන බවත් බොහෝවිට ඒ මුදල් සියල්ලම පාටි වලට නොයෙදන බවත් රියදුරෝ දනිති. එබැවින් දින දෙක තුනක් නොකා නොබි සිටියාක් මෙන් ආපුවෙලාවේ සිට කන දේවල් සියල්ල කෑමටත් බොන්න ඇත්තම් පට් පට් ගා බීමටත් රියදුරන් උනන්දු වෙති. එසේ වන්නේ බීමට ඇති උන්න්දුව නිසාම නොවේ . සැමවිටම තමුංට වඩා වරප්‍රසාද ලත් මහත්වරුන් හා බීලා හෝ පලිගන්ට සමහරු බොති.

රියදුරන් ගැන ආයතනයේ බොහෝ අයතුල ඇත්තේ එය වැදගත් නැති රක්ෂාවක් ලෙසයි. ලංකාව වැනි රටක රියදුරු කෙනෙකු දියුනු රටක රියදුරකු මෙන් සැලකිය නොහේ. ලංකාවේ එලවීම යනු ඉබේ සිදුකල හැකි දෙයක් නොවේ. සමාජය ක්‍රමානුකූල නොවීම නිසා වාහන එලවීම යනු වෙහෙසකර රාජකාරියකි. දියුනු රටවල මෙන් ආයතනික වරප්‍රසාද සමව බෙදීමට වෙහෙසෙන්නේ නැති ආයන ප්‍රධානින් දියුනු රටවල රියදුරන් පාවිච්චි කරනනේ නැතැයි ආදී දේ කියා ..රියදුරන්ට පවු නිසා රියදුරන් තියාගෙන ඉන්නා වගක්ද රියදුරන්ට අගවන්නට උත්සාහකරති. නමුත් බොහෝ රියදුරුන් සිය වෘත්තිය ගැන ගරුත්වයෙන් සිටිති. නිතර පහලට හෙලා නොවැදගත් ජාතියක් ලෙසම රියදුරන් සලකන නිසා ආයතනයෙන් හොරාට දෙයක් පන්නාගෙන හෝ හොර වංචා සහගත ලෙස ඉපයීම් කර අමතර මුදල් සෙවීමට සමහරු පෙළඹෙති. ලොක්කන් ආකල්පීය අතින් සංවර්ධනය නොවන විට පහල ස්ථර වල කලකිරීම් ඇති වේ. එවිට ආයතනය ගැන ඇති සුබ ආකල්ප බිඳ වැටී ආයතන කාර්යක්ෂමතාවය අඩුවේ. නමුත් ලංකාවේ අඩුවෙන් වැරදි කරන සුලු සේවකයින් හැමදාම වැරදි කාරයෝ වෙති. වැඩියෙන් පඩි ගෙන වැඩිපුර වැරදි කොට නිකංම ඉන්න ලොක්කන් හැමදාම ඉහලම වැජඹෙති. විසාල ආයතන අලාබ ලබන්නේ ඇයිදැයි අලාබ ලබන ආයතනයක ලොක්කෙකු ගෙන් අැසුවොත් එය තමුං අයිති පරිපාලන ස්ථරයේ සහ විධායක ස්ථරවල වරදක් ලෙස කිසිම ලොක්කකු නොපිලිගනී. බොහේ අය චෝදනා එල්ල කරන්නේ පහල ස්ථර සහ ඒ ස්ථරයන්හි පවතින ආකල්පමය පසුගාමිත්වයටය.

රාමවික්‍රම අයියා උද්ගෝෂන වැඩවර්ජන ආදියට සහබාගි වනමුත් හේ තෙමේ ඉදිරිපෙල සාමාජිකයකු නොවේ. රැකියා හත අටක්ම කර ති ඔහු මේ රැකියාව සාපෙක්ෂව කරදර අඩු එකක්ලෙස දකී. පවර් ස්ටියරින් නොමැති බර වාහන එලවා ඇති රාමවික්‍රම අයියා යලිත් බරවාහන එලවිමට කැමැත්තක් නැත. නමුත් ඔහු ඩබල් කැබ් ආදිය එලවන විට විශාල ඉඩකඩක් පාරේ යොදාගෙන හරවන විටත් විශාල ඉඩකඩක් ලබාගෙන හරවන්නේ කලක් බරවාහන එලවා ඇති පුරුද්ද නිසාදෝයි මට සිතේ.

චන්ද්‍රසිරි කියල ඉස්සර මහත්තයෙක් හිටිය. අපරාදෙ කියන්න බැහැ රිටායර් වුනාට මොකද තව කල් වැඩ කරන්න තිබුන මහත්තයා. මහත්තයා වැඩකල කොම්පියුටරේ මට ගෙදර ගෙනියන්න දුන්න. ගෙදර ගිහිං අර පොඩි උං දෙන්නට දුන්නම උන් මොකද්ද ඔබල වැඩකරන්නෙ නැතුව ගියා. ඒපාර චන්ද්‍රසිරි මහත්තය ඇවිත් ඒක හදලම දුන්න. මේ ලඟක් වෙනකල් වැඩ කලා.. ඔය අලුත් කෑලි අනං මනං තියෙනව නේ මහත්තයා. ඔව්වා ගැන චන්ද්‍රසිරි මහත්තයා හරි උනන්දුයි. මටත් වාහනේ යනකොට ඒවා ගැන කියල දෙනවා. චන්ද්‍රසිරි මහත්තය හරි කැමති අපි ඉගන ගන්නවාට. මටත් නිකං ඉන් වෙලාවට කන්තෝරුවට ඇවිත් කෝම්පියුටර වැඩ ටිකක් ඉගනගන් කියලා කිව්වා. ඒත් ඉතිං ඕව කරන් ගිහින් චන්ද්‍රසිරි මහත්තයටත් හොද නැතිවෙයි කියලා මං ගියෙ නැහැ. අර කොම්පියුටරෙ දීලත් මට කිව්වා මටත් පුරුදු වෙන්නය කියලා. දැන් මටත් ටිකක් වැඩක් කොරගන්න ඇහැකි. ඉස්සර ලැට්ටප් හරි බර.. ඕකෙ තියනෙව අර බූරු කාඩ් පේලියට හදන සෙල්ලම් එකක්. චන්ද්‍රසිරි මහත්තය වැඩට ගියාම මං වාහනට වෙලා නිකං ඉන්නවනං ඕක ඕන් කොරල දීල යනව. ඉතිං මාත් මට උදව්වක් පදව්වක් කොරල දෙන්න කාරියක් හෙමට නැත්තං මං අර ලැට්ටප් එකේ තියෙන කාඩ් සෙල්ලම කරනවා. මේවා රාමවික්‍රම විසින් කියද්දී ඒ අතිත මතක සටහන් නිසා රාමවික්‍රම අයියාගේ මුවේ සිනාරැල්ලක් ඇඳේ..

පුතා සිස්සත්වෙ පාස් වුන කියල දැනගෙන චන්ද්‍රසිරි මහත්තයා පස්සෙ පොත්පතුයි සපත්තු කූට්ටමකුයි අරං දුන්න.බාගෙදා චන්ද්‍රසිරි මහත්තයා බැදපු නැති නිසා ලමයිට ආස ඇති. අන්න රත්තරං මහත්තුරු.. චන්ද්‍රසිරි මහත්තය ඕනි රෑක..රාමවික්‍රම වරෙං මිනියක් මරන්න කිව්වත් රාමවික්‍රම යන තරමට මං ඒ මනුස්සයට ගරු කරනවා. ඒකට දැං ඉන්න පකිස් බූරුවො. උං හිතං ඉන්නෙ සමහර දේවල් උං උපදිනකොටම මහවුසද පන්ඩිතයා හදුං කැටේ අරං ආව වගේ අරං ඇවිත් කියලා. ඇත්තමයි මං නං ඕකුං එක්ක වැඩි බජනයක් නැත්තෙත් ඒ නිසා. සමහර ඩයිවර් උන් එලෝලු බෑග් පවා ගිහිං ඩිකියෙ දානවා. කෑම එක අරං ගිහින් ඔපිස් එකෙන් තියෙනවා. දැං නං ඉන්න එවුවොන්ගේ ලබ්බක් බැහැලයි කිව්වත් මං නං නෙමෙයි කෑම අනං මනං අරං යන්නෙ.. ඇත්තමයි. කිසි ගුනයක් නැහැ.

අපි තුන්සිය හැටපස් දිනයක් මුං එක්ක වැඩකොරලා එක දවසක් අපි ස්ටයික කළාම මුං අපිට ලියුං එවනවා ගෙවල් වලට. (රාමවික්‍රම අයියලා එකතු වි ඔවුනට ලැබෙන බෝනස් මුදල මදි යැයි එක්දින වැඩවර්ජනයක් සහ පිකට් එකක් කල අතර එම පිකට් නීතිවිරෝධී යැයි සැලකූ ආයතනය යලිත් එසේ කරන්නේ නම් රැකියාෙවන් නෙරපන බවට ලියුං යවන ලදී. ඔවුන් එවිට සේවකයින් සේවයට නොපැමින පිට සිට උද්ගෝෂන කරන බව දැනගත්තේ ඒ ඒ අංශයේ සිටින ආයතන ප්‍රධානින් වෙතිනි. එම නිසා බොහෝ රියදුරන් එසේ තමුං වැඩට පැමිණියේ නැති බවට ඉහලට රපෝර්තු කල මහත්වරුන් ගැන සිටින්නේ වෛරයෙනි. )

ඉන්පසු රියදුරන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක්ද තිබුන අතර කිව්වත් නැතත් අකුරටම වැඩ කරන රාමවික්‍රම අයියා අකුරු දැන හැමදා වැඩකරන්නෙකු බැවින් ඒ හේතුවෙන්ම රාමවික්‍රම කැපී යන්නටද සමහර විට ඉඩක් ඇත.

Wednesday, January 9, 2013

සුද්දන්ගේ ජංගි හෝදපු අපිට මුස්ලිම් ඇඳුම් ගඳ ඇයි?

තව අවුරුදු විස්සකින් අපේ රට මුස්ලිම් වෙයිද

රටක බලය යනු එහි ජනගහනය නොවන බව තේරුම්ගන්නට මහා ලොකු දර්ශන කටපාඩම් කරන්නට අවශ්‍ය නැත..දකුනු අප්‍රිකාවේ සුදු ජනතාව සිටියේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයකි..නමුත් එරටේ පාලන බලය හිමිව තිබුනේ සුදු ජාතිකයින්ටය. එසේම අපේ රට වසර ගනනාවක් සුද්දන්ට යටත් වෙලා තිබුනි.. අපේ මිනිසුන් ගානට හරියන්න තබා කොළඹ නගරය පිරෙන්නවත් සුද්දෝ පිරිසක් ලංකාවේ සිටියේ නැත. නමුත් අපි සුද්දන්ට යටත් වී ගෞරවනීය ජාතියක් ලෙස අවුරුදු ගානක් සිටියෝය. 

මනුස්සයෝ වැඩි ගානක් සිටින විට චන්ද කෑලිටික අනුව පුටු ටික පොඩියක් එහෙ මෙහෙ වුනාට රටක හෝ රාජ්‍යයක බල කේන්ද්‍රය ඒ අනුව වෙනස් වන්නේ නැත. ලංකාවේද ලෝකයේද බලය හිමිවන්නේ ව්‍යාපාරික ප්‍රජාවටය. ඔවුන්ගේ නිශ්පාදන විකුනා ගත හැකි දේශපාලන බලමුලු වලට සහයෝග දෙමින් පුද්ගලික වාසි පිණිස ඔවුන් දේශපාලන බලය මෙහෙයවනු ලබයි.. ලංකාවේද ව්‍යාපාරිකයින් විසින් නමගිය පක්ෂ දෙකටම එකසේ ආධාර කරන බව ප්‍රසිද්ධ රහසකි..ව්‍යාපාරිකයේ දිනන කවර පාර්ශවයකින් වුව සිය වාසිය ලබාගෙන සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යති.. 

ලෝකයේ තෙල් ඇත්තේ අරාබියේය. එසේම තෙල් ව්‍යාපාරද අරාබියේම ඇත. නමුත් අරාබි තම්බින් අපේ තම්බින් එතරම්ම උඩදාන්නේ නැත. මක්කම ගිය විටද අපේ රට වැනි රටවල මුස්ලිම් ජනතාව අරාබි මුස්ලිම් අය තරම්ම සම තත්වයේ සැලකෙන්නේ නැත. අනික් පැත්තෙන් ගතහොත් ලංකාව වැනි තුන්වෙනි පෙලේ රටක සිටින සියයට දහයක මුස්ලිම් මනුෂ්‍යයින් ගැන අරාබි ලෝකයේ බොහෝ දෙනා දන්නේද නැත. හීනමානයෙන් පෙළෙන බොදු බල සේනා වැනි නින්දෙන් ඇහැරුන ජාතිවාදින්ට කතාන්දර ඇතිකල හැකිමුත් ඒ කතා ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ මොල ගෙඩි තුල පමණි. 

අපේ රටේ මනුෂ්‍යයින්ට දැන් දැන් පිටතින් එල්ලවන බදු වැඩිය. පෙනෙතෙක් මානයේ පඩි වැඩිවීමක් නැත. එවන් පසුබිමක බොදු බල සේනා වැනි සංවිධාන ලොකු වීම තුල මිනිසුන්ට ප්‍රශ්ණ ලේසියෙන්ම අමතක කරවනු ලබයි.. වැඩිවන ජීවන වියදම,.. වැඩිනොවන වැටුප් හමුවේ ඒවා තවදුරටත් ප්‍රශ්ණ නොවී කොහේද යන ලේබල් කෑල්ලක් හලාල් යනුවෙන් හඳුනාගෙන ඒවා මහා විසාල ජාතික ප්‍රශ්ණ කරගෙන මෝඩ ජාතිවාදීන් උඩදාන විට අනෙක් පිරිසද එයට හුරේ දමමින් සහයෝගය දක්වයි. මෙය රාජ්‍යයක් පාලනය කිරීමට ලෙහෙසි ක්‍රමවේදයකි. අප්‍රිකාවේ බොහෝ රටවල මේ ආකාරයේ ජාතිවාදී කලකෝලහාල පවතින අතර ඒ මගින් මිනිස්සුන්ට නිතර ආතල් එක ලැබනෙ නිසා සිය දරුවා බඩගින්නේ ඉන්නා බවද සමහර දෙමාපියන්ට අමතක වෙති.. 

ලංකාවේ පවතින්නේ අරුම පුදුම දේශපාලනික සංවිධාන වෙයි..කන්න බොන්න නැතුව වුනත් සමාජවාදය ඇත්නම් නින්ද යන ජාතියේ පොරවල්ද, මොක වුනත් අපි සිංහල  බොදු නේ කියන ජාතියේ පොරවල්ද, අපිට කෙලවන්න පිට උන් බලාඉන්නවා කියන පොරවල්ද වශයෙන් පොර බලමුලු ගනනාවකි. ඒ සමහරුන්ට අවශ්‍ය වන්නේ එක එක දේවල් කිරීමය. සමහරුන්ට අවශ්‍ය සමාජවාදය උඩදැමීමයි..තව අයට ඕනා සිංහල බොදු පිරිස උඩදැමීමයි..තවත් අයට බටහිර අධිරාජවාදයක්ද මොකද්දෝ කෙංගෙඩියක් නැති කිරීමට ඕනාය.. එවන් ටෝක්ස් ටික දුරක් කියවාගෙන යන විට ඒ අයට මිනිසුන්ට සේවය කරන්න උවමනාවක් නැති බව ඔබට පේනවා ඇත..ඔවුනට කෙසේ හෝ ටාගට් එක ගැහුවාම ඇතිය. ටාගට් එකෙන් පසු කුමක් වන්නේද කියා ඔවුන්ට අවැසි නැත.. මොවුන් සියල්ලම චන්ද කාලෙට චන්ද ඉල්ලන දේශපාලනයට වඩා අඩියක් වත් ඉදිරියට යන්නේ නැත. චන්ද කාලෙට මිනිසුන් රවටා චන්ද හිගාකන ඔවුන්ගේ එකම අරමුණ චන්දය දිනීම වන අතර ඉතිරිය පසුවට වෙයි..සිංහල බොදු හෝ වෙනත් සංවිධානද එසේය..පලමුව ඇලවී ඇති ජාතිය ගලවා ගත යුතුය. ඉන්පසු ඒ ජාතියේ උන් බඩගින්නේ මලත් කාටවත් ගානක් නැත. 

තව අවුරුදු තිහකින් තොපේ පුතාගේ කොණ තම්බි කපනවා යැයි සිංහල බොදු නාමික සංවිධාන විසින් මනුෂ්‍යෙයා් බයකරගෙන යති... පහ වසර ගනිතය සමත් මනුස්සයෝද දැන් මෙච්චරයි තව අවුරුදු පහකින් මෙච්චරයි..හැබෑ නේන්නං අපි දෙක වෙනවා යැයි අර ලනු ගෙඩි පිටින් ගිලදමති. සියලු ප්‍රශ්ණ අමතක කර ලොකු ප්‍රශ්ණයට කැ* තම්බියා ආදේශ කරගනී.. දැන් මනසේ වැඩකරන්නේ දවාට රෑට කන්නේ කොහොමද? දරුවාට උගන්වන්නේ කෝමද? කියන කාරණා නොවේ..අනාගත මුනුබුරාලාගේ කොන් කපන්නට ඉන්නා තම්බින් විනාස කිරීමයි.. ඉතිං ඒ කාලෙන් කාලෙට සටන් ද ඇති වේ..නීති විද්‍යාල හලාල්.. ආදී ප්‍රශ්ණ ඇතිවෙමින් හෝ ඒවා උඩදමමින් යයි.. ඒ අතර දරුවන් හදන්නට වදන්නට තියා හරියට රස්සාවක්වත් නැති සිංහල නිකමුන් ආ ළමයි හදපල්ලා නැත්තං ඉවරයි කියමින් තමුංට කොරගන්නට බැරි දේවල් අනුන් ලවා කොරවන්නට යති.. ළමයි හදන්න මූලික වෙන වැඩේ මනුස්සයෝ බොහෝ ආසා ඇති වැඩකි..එයට අකමැති එකෙක් සිටිනවා නං ඒ එහෙමත් එකකි..

ළමයි ඇතිකරන්ට මූලික වෙන වැඩේ විනාඩි දහයකින් විතර ඉවර වුනාට එසේ බඩට යන එකා මාස දහයක් විතර බඩ ඇතුලේ සිට එලියට ගත් පසුද තව අවුරුදු දහයක් විතර යනතෙක් අවම වශයෙන් නඩත්තු කල යුතුය. හරියට උගන්වන්නට විදියක් නැතුව හරියට කන්න අඳින්න දෙන්න විදියක් නැතුව හදන නිකමුන් දහ පාලොස් දෙනාට වඩා හොඳට හැදෙන උගත් පුතා වැදගත් බව පුරාණ කවියකම සඳහන් වෙයි.. නමුත් වැදගත් පුතුන් වැඩදායක පුතුන් නොව කොහොමහරි පෝට් එක ඇක්ටිව් නිසා පුතුන් හදන්නැයි කියන්නේ ඒ සංවිධාන විසින් කන්න අඳින්න දෙනවා වැනි පදනමක සිටලාය. 

ලෝකයේම සම්පත් හිග වෙමින් යන කලෙක සෑම ලෝක ජාතියක්ම අද වෙන විට ජනගහනය සම්බන්ධ ගැටලු වලට මුහුන දෙමින් සිටී.. තම ජාතියේ උන් වැඩිපුර කලර්ස් දැක්වීම පිණිස බොහෝ දියුනු ජාතින් කරන්නේ අධ්‍යාපනික අතින් ගුණාත්මක අතින් සිය ජාතින් දියුනු කරගැන්මට කටයුතු කිරීමයි.. එසේ නොමැතිව ගනනින් වැඩිකරගත් පමණින් අවුලක් මිස සහනයක් නොවන බව ඔවුන් කල්පනා කොරලාම සිතති. නමුත් අපේ රටේ මිනිසුන්ට හිස ඇත්ේත උදේට පීරාගෙන වැඩට යාමට පමණි..එය වෙහෙසෙන්නේ ඉඳලාම ඔය ඔලුගෙඩිය මොකක හරි වැදුනොත් පමණි.. කවුරු හෝ කියන දේකට පිටුපසින් හුමිට තබනවා විනා අවබෝධයෙන් සිතන්ට වැර වෑයම් කරන්ට අපේ ඇත්තෝ කම්මැලිය. 

ජාතියක් ඉදිරියට යෑමට නං අනික් ජාතින් නැති කිරීම යනු තරඟයක් දිනීමට අනික් තරඟකරුවන්ට පහරදෙනවා වැනි දෙකේ පන්තියේ වැඩකි.. කමක් නෑ කොහොම හරි ජාතිය ගොඩදාගත්තොත් කාටද? අපිද බලාසිටිමු.. ඉදිරියටම යමු.. 

Tuesday, January 8, 2013

ඉනි අවන් බලන්න ගිය හැටි (Ini avan film)


එදා සෙනසුරාද දවසක්. මම එදා රාජගිරිය ආයුර්වේදයෙන් බෙහෙත් ගත්තා.. බෙහෙත් අරං වෙලාව ඉතිරි වෙච්චි නිසා ඉම්පාලා එකට ඉනිඅවන් කියන චිත්‍රපටිය බලන්න ගියා..

සෙනසුරාදා දවසට ෆිල්ම් හෝල් වලට කපල් එනවා. බොක්ස් එකක් රුපියල් හයසිය පනහක් දීලා ඒ අය වෙන් කරගන්නවා. වෙන් කරගෙන ෆිල්ම් එක බලනවා. ඒක ෆිල්ම් හෝල් වලට තියෙන සරු ආදායම් මාර්ගයක්. දැන් ඉස්සර වගේ හෝල් එක පිරෙන්න රසිකයො නැහැ. මම එහෙම තෙරපෙන පෝලිම් ෆිල්ම් හෝල් ලග දැකලා තියෙන්නෙ මරදොනෙ සිනෙසිටි එක ලඟයි දෙමටගොඩ සමන්තා එකයි ලග විතරයි. දෙමල ජනතාව චිත්‍රපට බලන්න බොහොම ආසයි වගේ. ඒ අය සිනමාව තාමත් කලාවක් කියලා හිතනවා. නමුත් සිංහල පෙම්වතුන්ට තවත් ගාල්වෙන්න තැනක් විතරයි අද වෙනකොට ෆිල්ම් හෝල් කියන්නෙ.. ෆිල්ම් හෝල් තුල බොක්ස් එකට කපල් එකක් යෑම සමහරුන්ට මාර ප්‍රශ්ණයක්.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් එකට යන එක අපේ සමහර අති පන්ඩිතයින්ට ජාතික ප්‍රශ්ණයක්.. අද මම කොහේද දැක්කා කමල් අද්දර ආරච්චි කියලා තියෙනවා ලංකාවෙ ළමයි හම්බුවන්ෙන රෝස කැලෙන් කියලා සමහරු පිලිගන්නවා කියලා. එකෙ ව්‍යංගාර්ථය තමයි ලංකාවෙ ගෑනු පිරිමි සෙක්ස් කියන්නෙ අමුතු දෙයක්..ඒක නිකං අර පික් පොකට් ගහනවා හොරකං කරනවා වගේ ලැජ්ජාවෙන් අනවසරයෙන් කරන්න ඕනි දෙයක් බවට පත්වෙලා.. ගොඩක් කෙල්ලො කොල්ලො ජෝඩුදාල පාරෙ යන්නෙත් ගිනි බයකින්.. ඇයි එහෙම වෙන්නෙ කියන්න දන්නෙනැහැ.. ඒත් තමුං ආදරය හෝ මොකක් හරි රිලේෂන් ෂිප් එකක් තියාගෙන ඉන්නවා නං ඇයි ඒක අනවශ්‍ය විදියට හංගන්න හදන්නෙ..

ඕන්න අපි ලව් කරනෝ කියලා හැමෝටම පේන්න ඇවිදින්න තරම් පෙම්වතුන්ෙග් කොඳු නාරටි ශක්තිමත් නැත්තෙ ඇයි?

ලංකාවෙ හෝල් දැන් තියෙන්නෙ බොක්ස් නිසා. ඒ නිසාම ෆිල්ම් එක ගැන ඒ තරම් අවධානයක් හෝල් කාරයින්ගේ නැහැ වගේ. ඉස්සර තිබුන සීනු ගහන එක. ඉන්ටවල් එක දැනුං දෙන එක වගේ බේසික්ම දේවල් වත් රාජගිරිය ඉම්පාලා එකේ තිබුනෙ නැහැ. එ් මදිවට ෆිල්ම් හෝල් එකේ අයිතිකාරයොම විටින් විට මනුස්සයෝ ඇතුලට දාන්න ටෝච් ගහන එක හරිම වදයක්. මං නං හිතාගත්තා ආයෙ කවුරු හරි සල්ලි දුන්නත් ඉම්පාලා රාජගිරිය එකේ නම් ෆිල්්ම් බලන්න යන්නෙ නැහැ කියලා..
ඉනි අවන් හි රූපරාමුක්... 
ඉනිඅවන් ෆිල්ම් එක ගැන විචාර කරන්න නම් බැහැ. ලියනාඩෝ ඩාවින්චි කියන මනුෂ්‍යයා මෝනාලිසා කියලා චිත්‍රයක් ඇඳලා තියෙනවා. අපිට පුලුවන්ද ඒ චිත්‍රයේ වැරදි කියන්න..බැහැ නෙව..ආන්න ඒවගේ පරිණත සිනමාකරුවෙක්ගේ පරිණත සිනමා කෘතියක ආන්න ඒ චරිත හොඳ නැහැ..ආලෝකෙ සවුත්තුයි වගේ විචාර කරන්න බැහැ. මොකද ඒ ෆිල්ම් එක ෆිල්ම් එකටම අනන්‍ය වෙච්චි තලයක තියෙන නිසා. හරියට නිකං ෆේස්බුක් ගැන කතාකරනකොට අපිට ෆේස්බුක් විචාරය කරන්න බැහැ.. පොදෙුවේ ෆේස්බුක් එකෙන් වෙන වෙනත් බලපෑම් ගැන කියන්න පුලුවන් වුනාට ෆේස්බුක් වල තියෙන තාක්ෂණික දෝස.. ඒකෙ අලුතින් එන්න ඕනි දේවල් ගැන ආදිය අපිට කියන්න බැහැ. මොකද ෆේස්බුක් කියන්නෙ ඒ සමාජ ජාල කියන ජාතියෙ තියෙන හොඳ ම එක නිසා. ඒ වාගේ මං බලලා තියෙන ඉනිඅවන් ජාතියේ සිනමා කෘති තුල ඉනිඅවන් කියන්නෙ ප්‍රබලම එකක්. ඒක විචාරය කරන්න යන එක මෝඩ කමක්. ඒකෙ කතාව කියන්න යන එකත් ඒ තරං ගැලපෙන ව්‍යායාම එකක් නෙමෙයි..

ඉනිඅවන් කතාවක්ද?

ඉනිඅවන් බලලා ආපහු එන්න හදනකොට ආරක්ෂක අංශයක සේවය කරපු යාලුවො වගයක් කතා වෙනවා ඒ ෆිල්ම් එකේ ේතරුම හඳගමගෙන් ම අහගන්න ඔ්නි කියලා. හඳගම වගේ ප්‍රබල සිනමාකාරයෙක් කිව්ව ගමන් සාමාන්‍ය මිනිස්සු හිතනවා අපිට නොපෙනෙන වැදගත් දෙයක් සිනමා කෘතිය තුල ඇති කියලා. ඇත්තමට ඉනි අවන් තුල පෙන්වන දේවල් වලට එහා ගිය දැඩි ගැඹුරක් නැහැ. සාමාන්‍යයේන යුද්ධයෙන් පස්සෙ කාලෙක දෙමල තරුණයෙකුට විය හැකි දේවල් ටික ලස්සනට අමුනලා තියෙනවා ඒ ෆිල්ම් එක ඇතුලෙ. ඒක අස්සෙ නොතේරෙන අපබ්‍රංශ නැහැ.  සරලව දකින්න ආස අයට සරලවත්..බරසාර විදියට දකින්න ආසා අයට බර කරලාත් බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි ඉනිඅවන් කියන්නෙ.

ඒ කතාව ඉවර වුනේ නැහැනෙ..

පොත්වල තියෙන කතා ටෙලි නාට්ටි කතා ආදිය ඉවර වුනාට අපේ සාමාන්‍ය ජීවිතේ සිදුවන සිද්දි හරියටම මෙතනදි ඉවර වෙනවා කියලා එකක් නැහැ. ඒ වගේ වෙලාවක සාමාන්‍ය ජීවිතයම සිනමාත්මකව එලිදක්වාපු ඉනිඅවන් අස්සෙත් හරියටම ටක්කෙට ඉවරවෙන ආ අවසානෙ කෙල්ලයි කොල්ලයි සන්තෝසයෙන් ජීවත්වුනා ජාතියෙ කතා නැහැ. එතන එක්තරා ප්‍රමාණයකට ජීවිත පෙලගැස්ම පෙන්වලා නවත්වනවා. සමහර විට ඉන් පස්සෙ දේ හිතාගන්න පුලුවනි..නැත්තං හිතන් නැතුව නැගිටලා එන්නත් පුලුවනි.

කොහොම වුනත් සිනමාව කියන්නෙ ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීමක්.. ඒක කෙටිකතාවක් විදියට පත්තරවල බ්ලොග්වල දිගඅරින්න අමාරුයි. ඉනිඅවන් කියන්නෙ ඉතා සරල එහෙත් අපිට නොපෙනුන යථාවාදී දෙමල කොල්ලෙකුගේ කතාවක්. ඒක අස්සෙ ආමි කාරයො සහ යුද්දෙ පේන්නෙම නැති තරම් නමුත්. ඒයුද්ධයේ අතුරු ඵල බොහොම කාවදින විදියට අපි පෙන්වලා තියෙනවා. තව දුරටත් මේ ඉනිඅවන් විස්තර කිරීම නිකං හීනයක් දැකපු ගොලුවාගෙන් හීන විස්තර අහනවා වගේ වැඩක් වෙනවා. ඒ නිසා කස්ටියට කාලෙකට පස්සෙ තේරෙන විදියට තියෙන අපේම සහෝදර ජීවිත දැකබලාගන්න ඉනිඅවන් එක්ක එකතුවෙන්න කියාල මම ආරාධනා කරනවා..

Monday, January 7, 2013

වායුසමනයේ සුවදායකබව.(air conditioning comfortably)

වායුසමන(Air Conditioning) යන්ත්‍රයෙන් කරන්නේ කුමක්ද?

      වායුසමන යන්ත්‍රය මගින් කරන්නේ සීතල කිරීම(cooling) කියලා බොහොේ දෙනා සිතා සිටිනවාය. නමුත් ශීත රටවල වායුසමන යන්ත්‍ර මගින් සීත කාලයේදී උනුසුම් කිරීමේ කටයුත්තද කරනු ලබයි.. අවට වාතයේ තත්වය කෘතිමව පාලනය කිරීම වායුසමන යන්ත්‍රය මගින් සිදුකරනු ලබයි. ඒ යටතේ
  • ජලවාශ්ප ප්‍රමාණය පාලනය.(humidity control)
  • වායු සංයුතිය පාලනය.
  • දූවිලි තත්වය පාලනය.(control of dust level)
  • වායුමය අපද්‍රව්‍ය පාලනය. ආදිය 
සිදු වෙයි. නියමාකාර වායුසමනය යනු සීතල කිරීම හෝ උනුසුම් කිරීම නොවේ..අවට වායුවේ තත්වය අවැසි ආකාරයට පාලනය කිරීම වායුසමනය ලෙස හඳුන්වනු ලැබෙයි..

වායුසමන යන්ත්‍ර වර්ග. (Types of Air Conditioners)
ඇතුලත පිහිටා ඇති කොටසක් සහ එලියේ පිහිටා ඇති කොටසක් වශයෙන් ඇති කොටස් දෙකකින් යුතු වායුසමන යන්ත්‍ර ජාතිය ලංකාවේ ජනප්‍රිය ජාතියකි. ඒ ජාතිය ස්ප්ලිට් ටයිප්(Split type air conditioner) වායුසමන යන්ත්‍ර ලෙස හඳුන්වනු ලැබෙයි. ඊට අමතරව එක් කොටසකින් සමන්විත ජනේල ටයිප්(window type) වායුසමන යන්ත්‍ර මීට කලකට පෙර භාවිත වුනි. විශාල ගොඩනැගිලි විශාල පද්ධති සඳහා භාවිත වන්නේ මධ්‍ය වායුසමන පද්ධති(Central air conditioning system) වෙයි. එවන් පද්ධති වලින් අපට අවශ්‍ය තත්වයනට අනුකුලවට වාතයේ තත්වය පාලනය කල හැක. 
split type air conditioner
window type air conditioner
ජලවාශ්ප පාලනයේ වැදගත්කම

වාතයේ ඇති ජලවාශ්ප මගින් අපේ පරිසරයේ ඇති තාපය උරාගන්නවා. ඒ වගේම විශාල ප්‍රමාණයේ අණු මගිනුත් තාපය අවශෝෂණය කරගන්නවා. ඒ නිසා ජලවාශ්ප ප්‍රමාණය නියත අගයක තබාගැනීම සීතල පවත්වාගන යන්න උපකාරි වෙනවා. ඊට අමතරව මනුෂ්‍යයින් වසන කන්තෝරුවක වගේනම් මනුෂ්‍ය ශරීරයට ගැලපෙන මට්ටමක ජලවාශ්ප ප්‍රමාණය තබාගන්න වෙනවා. යම් වායුසමන පද්ධතින් නිර්මාණය කරන්නේ කාර්මික අවශ්‍යතාවයන්(Industrial AC) සඳහා.. උදාහරණ ලෙස අඩු ජලවාශ්ප ප්‍රමාණයක් තියෙනකොට පොත් පත් රෙදිපිලි ආදිය ඉක්මනින්ම දිරාපත් වෙනවා.. ඒ නිසා පුස්තකාල නිමි ඇඳුම් කර්මාන්තශාලා ආදියට ජලවාශ්ප ප්‍රමාණය වැඩි වන පරිදි වායුසමන පද්ධති නිර්මාණය කරනු ලබනවා..

දූවිලි පෙරීම..

වායුසමන පද්ධතියක බොහෝ වෙලාවට කරන්නේ ඇතුලත වාතය නැවත වායුසමන ක්‍රියාවලියකට සම්බන්ධ කොට නැවත මුදාහැරීම. ඒ අවස්ථාවලදි තෝරාගත් අවකාශයක පවතින දූවිලි අංශු ආදිය නැවත නැවත කැරකීමක් සිද්ද වෙන්න පුලුවනි. ඒ දෝශය මග හරවාගන්න දූවිලි පෙරීමේ පෙරහන් කඩ වායුසමන යන්ත්‍රවල වායු නිකුතුවල තිබෙනවා. ඒ වායුවල දූවිලි පෙරීමේ පෙරහන් කඩ මගින් දූවිලි සහ කුඩා අංශු පෙරා හැර වාතය තුල ඇති දූලි අංශු ප්‍රමාණය අඩුකරන්නට ක්‍රියා කරනවා.. මේ දූවිලි පෙරණ නිසිකාලයේදී පිරිසිදු කරතැබීම වැදගත්. නැතිනම් මේ දූවිලි බොහෝ තට්ටු ගනනක් එකතු වීම නිසා වායු සංසරණයට බාධා ඇතිවෙලා නිසියාකාරයෙන් වායුසමන යන්ත්‍රය ක්‍රියා නොකරන්නට එය හේතු වේවි.. 

නැවුම් වාතය එකතු වීම.. (Fresh air Intake)

මධ්‍යගත වායුසමන පද්ධති(Central AC) හෙවත් විශාල ගොඩනැගිලි සහ අවකාශ විශාල පද්ධති මගින් හසුරුවා තිබෙන බොහෝ අවස්ථාවල එම ස්ථානවලට නැවුම් වාතය හෙවත් බාහිර වාතයද එකතුවන්නට අවස්ථා සලසා තිබෙනවා. එසේ කර ඇත්ෙත් දිගින් දිගටම එකම වායු ප්‍රමාණයක් කාමර සහ අවකාශ තුල කැරකීම එතරම් මනුෂ්‍ය ශරීර සෞඛ්‍යයට නොගැලපෙන නිසා. ඒත් අපි එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ භාවිත කරන ස්පිලිට් ටයිප් කාමර වායුසමන පද්ධති වල නව වාතය කාමරයට ඇතුලුවන්නට තිබෙන්නේ එක් විවරයක් දෙකක් පමණයි.. ඒ දොර ජනෙල් පමණයි.. දොර හරහා නව වාතය එකතු වුනත් දොර විවෘත වන්නේද නව වාතය තිබෙන තැනෙකට නොවේ නම් එහි තත්වය සෝ ජනක වෙනවා.. දිගින් දිගටම නව වායු එකතු නොවන වායුසමන පද්ධතියක් යට වැඩ කිරීම නම් සෞඛ්‍යමය අතින් එතරම් හිතකර වන්නේ නැහැ.. 

ලංකාවේ බොහෝ දෙනා මේ නැවුම් වාතය වායුසමන කරන ලද කාමර වලට ගැන්ම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.. නමුත් දිගින් දිගටම එකම වාතය කැරකීම තුල ඒ වාතයේ ඔක්සිජන් සංයුතිය අඩු වී වෙනත් වායු වැඩි වීම. රෝගාබාධ පැතිරීමේ අවධානම පැවතීම නිසා මනුෂ්‍යයින්ට මානසික අවුල් සහගත තත්වයක් ඇතිවෙන්නත් තනිකර වැසුන වායුසමන වෙච්ච කාමර හේතුවන්න පුලුවන්.. 

  ඒ සී එක අවුල් වීම සුලු ගැටලුවක්ද? 

බොහෝ ලංකාවේ ආයතන වල වායුසමන යන්ත්‍ර තියෙන්නෙ නිකං නම්බුකාර සේවාවක් විදියට..ඒක ගෞරවනීය බව පෙන්වන තවත් එක් දෙයක් සමහර ආයතන වලට..කොටින්ම මටත් සමහරු බැනලා තියෙනවා ඒසී කාමරවල ඉදගෙන බ්ලොග් ලියන තරම් අනික් වැඩ සනීප නැහැ කියලා.. නමුත් සැබැවින්ම වායුසමන පරිසරයක් කියන්නෙ මිනිස්සුන්ට වැඩකරන්න පහසු තැනක් වෙන්න ඕනි.. දිගින් දිගටම නඩත්තු නොකිරීම, වායුසමන යන්ත්‍රයේ ක්ෂමතාවය ප්‍රමාණවත් නොවීම හෝ වෙන කිසියම් සුවදායී නොවන වටපිටාවක් වායුසමන යන්ත්‍රය යට ඉන්නකොට සේවකයින්ට දැනෙනවා වාගේ නම් සේවකයින්ට ඒගැන පරීක්ෂා කරන්න කියලා ඉල්ලන්න පැහැදිලි අයිතිවාසිකමක් තියෙනවා. සේවකයින්ගේ සුබසාදන විදියට කන්න බොන්න තේවතුර වගේ දේවල් හොදින් දෙනවා වගේම සේවකයා වැඩකරන පරිසරයේ වාතාශ්‍රය ගැනත් පැහැදිලි වගකීමක් ආයතනික ප්‍රධානියා සතු වෙනවා. දිගින් දිගටම "අනේ මගේ මොෙකා් මට විතරය උස්ම ගන් අමාරු" කියලා කර ඇරලා දවසට පැය අටක් දහයක් කාර්යාලයේ සුවපහසු නොවන වායු තත්වයක් යටතේ ඉන්න එක සේවකයාගේ පුද්ගලික ජීවිතයට පවා බලපාන්න හේතු වෙන්න පුලුවනි. ඒ නිසා ඒ වගේ ගැටලු ආවම නිකංම ඉන්නෙ නැතුව ඒවා ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. මොකද සමහර සුලු පරිසර වෙනස් වීම් කාලයක් තිබුනාම දරුනු ස්වසනාබාධ සමේ රෝගාදියට ඒවා හේතුවෙන්න පුලුවන් නිසා.. 
   
ඒ සී එක හැමවෙලේම හොඳයිද? 

වායුසමන පද්ධති වල ඉන්නකොට මනුෂ්‍යයින්ගේ සම සුදු වෙන ප්‍රවනතාවයක් තියෙනවා. ඒ වගේම පැහැපත් වෙලා ලස්සන වෙනවා. ඒත් වායුසමන පද්ධති වල දිගටම ඉන්න එක ඒ තරම්ම හොද පුරුද්දක් නෙමෙයි. අපි මනුස්සයො විදියට වසර දාස් ගානක් තිස්සෙ නිවර්ථන පරිසරයේ ඉන්න ඇති. ඉතිං අපේ සරීර කූඩුවෙ නොයෙක් පද්ධතිවල ක්‍රියාකාරිත්වය වඩාත්ම උචිත වෙනවා ඇත්තෙ නිවර්ථන පරිසරයට. අපි ඊට වඩා වෙනස් පරිසර තත්ව යටතේ ජීවත්ෙ වන්න උත්සාහ කරනවා කියන්නෙ ඒක ශරීරයට සුවල්ප හෝ වෙහෙසක් ඇතිකරන දෙයක්. මේක මම නිකං කටට එනවාට කියනෙ දෙයක් නෙමෙයි. ලෝකෙ විද්‍යාඥ ගොල්ල හොයාගෙන තියෙනවා ලෝකයේ මිනිස්සු තමුං ජීවත්වන කලාප වෙනස් කලාම ඒ අයගේ නියම කාර්යක්ෂම තාවය ආදිය අඩුවෙනවා කියලා.. 

අපිට අද තියෙන තත්ව අනුව වායුසමන පද්ධති පාවිච්චි කරන්න වෙනවා. නමුත් වායුසමන පද්ධති කියන්නෙ සාමාන්‍ය අපේ ගම් වල තිබුන නැවුම් වාතය තරම් හොද දෙයක් නම් නෙමෙයි.. ඒක මොන ප්‍රතිකාරය දාල දුන්නත් කෘතීම පරිසරයක්..වායුසමනය කියන්නෙත් එක්තරා විදියක විශයක්.. ඒ පිළිබඳවත් යම් යම් නිර්ණායක තියෙනවා.. 

ඉතිං අපි හුස්ම ගන්න වාතය කෘතිම ලෙස සැකසීම ලෙහෙසි දෙයක් නම් නෙමෙයි.. ඒ ගැන ටිකක් වැඩිපුර හොයලා බලලා අවධානෙන් ඉන්න පුරුදු වෙන එක  අපි හැමෝගෙම ජීවිතයට වැදගත් වෙයි..  

Sunday, January 6, 2013

පෝලිං පනින ලස්සන

ලංකාවේ ජීවත් වෙනවානං අපි පෝලිං පැනීම වැනි කාරණා වලදි කෝප වෙන්න හොද නැහැ..මොකද ඒක ලොක්කාගේ ඉදලා සොක්කා දක්වා තියෙන ජන්මාන්තර පුරුද්දක්..

පහුගිය සෙනසුරාද ආයුර්වේදයෙදි..
ආයුර්වේදය කියන්නෙ විකල්ප වෛද්‍ය ක්‍රමයක්.. ඒත් සාමාන්‍ය ව්‍යවහාරයෙදි ආයුරුවේදය කියන්නෙ ඒ බෙහෙත් කරන තැනට.. ඉතිං සෙනසුරාද අටට විතර මම ආයුර්වේදෙට ගියේ එතෙක් තිබුන සෙම තත්වෙට බෙහෙත් ගන්න..පෝලිම් ගැන මට තිබුන සුවර් එක නිසා මම ටිකක් උදෙන් ගියා. දවල් වෙන්න ඉන්නත් බලාගෙන. එදා නං වැඩියම කස්ටිය හිටියෙ නැහැ.. ඒත් එක මනුස්සයෙක් දෙන්නෙක් පෝලිම පැනලා මට කලිං බෙහෙත් ගන්න ගියා..ටිකක් වයස පහේ අය පුටුවෙ වාඩිවෙලා තමුංගෙ වාරෙ එනකල් සෝ බර මුහුනින් ඉද්දි එක එක අය ඇවිල්ලා එක එක බලපුලුවන් කාර කම් වලට ඇතුලට යනවා..තුංඩු ලියන්න එක පෝලිමයි..ලෙඩේ දොස්තර මහත්තයට පෙන්වන්න එක පෝලිමයි..තව ඉතිං දොස්තර මහත්තයා නියම කරාපු දියර, ගුලි, කුඩු ක්වාථ., තෙල් ආදිය ලබාගන්න තව පෝලිමයි.පෝලිම් තුනක් ආයුරුවේදයේ තියෙනවා. ඉතිං ඒ පෝලිම් තුනම බොහොම වේගෙන් තරණය කිරීමේ අවස්ථාව ස්ටාෆ් කවුරු හරි අදුනන අයකුට හිමි වෙලා තියෙනවා..මමනම් හිතන්නෙ ස්ටාෆ් නෙමෙයි දෙවියන් වහන්සේ ආවත් පෝලිමේ ඉදලා යන එක තමයි වඩා සාධාරන වෙන්නෙ..
මං දන්න කොළඹම ලොකු ඉස්පිරිතාෙලක මම දන්න ලොකු තැනක් ඉන්නවා. මට එහෙට ගියානං කිසිම පෝලිමක් නැතුව බෙහෙත් ගන්න පුලුවන්. ඒත් පෝලිං පැනගෙන වීරයා වගේ අනික් ලෙඩ්ඩු හූල්ලනකොට බෙහෙත් ගත්තාම ඒ බෙහෙත් යාදෙන්නෙ නැහැය කියලා තමයි මට හිතෙන්නෙ..

දවල් ෆිල්ම් හෝල් එකේදි..
හිතුව තරම් ආයුර්වේදෙ පෝලිම නැතිවුන නිසා බේත්ගතපු මම දවල් වෙලා ගියා ඉම්පාලා සිනමා හලට ඉනිඅවන් කියන සිනමා පටිය බලන්න. ඒ ගියාම ඒකටත් පෝලිම. වගේම පෝලිම පනින්න සැරසිච්ච මිනිස්සු.. අත්දැකීමෙන්ම මම නම් දැනගෙන හිටියා බොක්ස් ඇරුනාම අනික් ආසන වලට තරගයක් නැහැ කියලා. ඒනිසා ටික වෙලාවක් බලා ඉදලා පොදිය අඩු වුනාම මම හොල් එකේ ටිකට් එකක් ගත්තා.. මිනිස්සු හරි පුදුමයි..සමහරු පන්සලේ මොකක් හරි තිබුනත් ඒකටත් පෝලිම පනින්න තමයි හදන්නෙ..නිවිහැනහිල්ලෙ සිනමා පටියක් බලන්න ආවනං..පෝලිම පනින්නෙ කොහොමද කියලා නලියන්නෙ නැතුව ටිකක් පෝලිමට වෙලා හිටියනං ටික වෙලාවකින් ඇතුලට යන්න ලැබෙනවා. ඒත් අපේ වැසියො බහුතරයටම ඕනි සෝට්කට්.. 

ටෙලර් එකෙන් සල්ලි ගන්න ගියාම... 

අපි ටෙලර් මැසිම ඉස්සරහට වෙලා පෝලිමට ඉන්නෙ සල්ලි ගන්න බව අවබෝධයක් තියෙන ඕන මනුස්සයකුට වැටෙහෙනවා. අවසාන මොහොතක ඇවිත් පැනගෙන ඔය ටෙලර් පෝලිමත් පනින අය ඉන්නවා. ඒ වගේ වෙලාවක දවසක් සුද්දෙකුට තද වෙලා හොඳටම බැන්නා. මනුස්සයෙක්ට. හැමෝම එන්නෙ සල්ලි ගන්න..එකෙක් දෙන්නෙක් විතරක් කැරකි කැරකි නිකං ඉදලා ඉස්සරහින් පැනලා සල්ලි අරං යනවා..ඒත් ඒ අයට ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැහැ..

කෝච්චියෙ ටිකට් ගන්න ගියාම...

මම කාලයක් සීසන් ගියේ. ඒත් දැන් ලගක ඉදලා ටිකට් අරං තමයි යන්න වෙල තියෙන්නෙ. ආයිත් සීසන් එකක් හදාගන් හිතෙන තරමට සමහර වෙලාවට කෝචචි ටිකට් පෝලිම් අප්‍රසන්නයි..තරුණ වැඩිහිටි ගෑනු ටිකට් ගන්න පෝලිමෙ ඉන්න කැමතිම නැහැ.. ටිකක් පෝලිමෙ හිටියාම එයාලගේ රූපෙ නිකං කෑලි අඩුවෙනවද මන් දන් නැහැ..කොහොම හරි කොල්ලෙක්ගේ කරේ නැගලා හරි ටිකට් එක ගන්න ඇහැකිද කියල බලනවා..ගැනු කෙනාට අවුරුදු දාහත දහඅට වගේ සයිස් වුනත් කමක් නැහැ ලමයෙක් ඉන්නවා නං ලමයා ඉස්සරහට දානවා අනුකම්පාව ගන්න..අනේ මල්ලි මෙයාත් එක්ක බැහැ ටිකට් එක අරං දෙන්න කියනවා..මමනං ඒෙ වෙලේ එයාට දැන් මැරෙන්න වගේ යන ලයින් එකක් තිබුනත් ඇගිල්ලෙන් පෝලිමේ කොණ එයාලට පෙන්වනවා.. ඒත් මං විතරක් නෙමෙයි ලෝකෙ තව කරුණාවන්ත අය ඉන්නවා. ඒ වෙලාවට ලස්සන මිස්ලා හෙම ආවම ටිකට් අරන් දෙන්න කියලා..මිස් කිස් එකක් දෙනව නං..නැත්තං පොඩ්ඩක් අල්ලන්න දෙන්වනං ටිකට් එක අරං දෙන්න පුලුවනි කියන්න මගේ කට නලියනවා...ඒත් අපේ සමාජෙ ආත්තල මුත්තල පෝලිමෙ ඉද්දි තරුණ ගෑනුන්ට පනින්න අයිතිය තිබුනාට ඒ වගේ එකක් ඇහුවාම අපිට ගහන්න පනින සදාචාර වහන්සේලා ගොඩයි.. 

තව ඉතිං පිටිං කලිසම ලස්සනට පෙනුනට අන්ඩ වායු බැහැල තියෙන හර්නියා හැදිච්චි මහතත්තුරුද මන්දා එයාලත් එනවා පෝලිං තියෙද්දි කවුන්ටරේ ගාවින් සෝට්ටකට් ටිකට් ගන්න... 

බස් පෝලිම වෙලාවට..

දුර බස් වල පෝලිම වෙලාවට කස්ටිය නොයෙකුත් විච්චූරන නාට්ටි දාල සීට් බුක් කරගන්න දගලනවා...මම නම් ඒ වෙලාවට පෝලිම වැඩි නං එක්කෝ හිටගෙන යනවා නැත්තං එදා යන්නෙ නැතුව ඉන්නවා.. මම දන්න එකෙක් ඉන්නවා පොර හිටගෙන යන්න වගේ නැගලා ඊලග පස් එක නැවත්තන කොටම කලින් බස් එකෙන් බැහැලා අර පෝලිමෙ මුලට එනවා..මිනිස්සු කුනුහබ්බ කියද්දි ඌ ඌට නෙවෙයි වගේ බොහොම ගරුත්වයෙන් නැගලා වාඩිවෙලා වලි දාගන සීට් එක අල්ලගන්නවා.. 

අපේ කන්තෝරු වැඩ වලදි..

අපේ කන්තෝරු වැඩ වලදිත් බුරිය මිරිකල වැඩ ගන්න හදන මිනිස්සු ගොඩයි...උදාහරන විදියට අපේ ආයතනයෙන් සේවාවක ්අවශ්‍ය වෙලාවට මගේම සමහර යාලුවො ආයතනයනට නිකං වත් කතා කරන්නෙ වත් නැතුව අපිට කතාකරලම වැඩේ ගොඩ දාගන්න යනවා..හත්වලාමේ ආයතන වල පෝරං ොකාළ දීල, මිනිස්සුන්ගෙ දුක අහන්නම ගෑනු ගොඩවල් පත්කොරගෙන, කාර්යාල හදල ඔක්කොම තියෙද්දි සමහර උන් ඒක එක කෙහෙම්මලක් වත් කොරන්නෙ නැතුව පිට් එකට වැඩ ගොඩදාගන්න හදනවා..පිට් එකට වුනත් ආයතන වල වැඩ කරන්න පුලුවන් සීමා තියෙනවා..සමහර පකිස් බූරුවන්ට ඒවා කියලා තේරුං කරන්න බැහැ.. උං හිතන්නෙ අපි ආයතනයක වැඩ කරනකොට අපේ නෑදා යාලුවන්ට සලකන එක තමයි තියෙන එකම වැඩේ කියලා.. ආයතන වැඩ වලදි යම් යම් සුලු හදිසි කිරීම් යම් යම් මට්ටම් වලින් කරන්න පුලුවන් වුනත් සමහර රජකාරි තිබෙනවා ආයතන ප්‍රධානින්ට පවා කරන්න අමාරු සහ කල්ගතවෙන වැඩ.. ඉතිං ඒ වගේ වෙලාවට අපේ මේ බුරිය මිරිකල වැඩ කරගන්න පුරුදුවෙච්චි යාලුවන්ට වැඩේ කරගන්න ඕනි විදියට අපි මොන විදියට කියලා දුන්නත් උන් හදන්නෙ වෙන යාලුවෙක්ට කියලා වැරදි පාරෙන් වැඩේ ගොඩ දාගන්න.. ඇත්තටම හරි මාර්ගෙ ගිහින් වැඩේ ටිකක්ක ප්‍රමාද වුනාමනං ආයතන සේවකයින් ටිකක් කිව්වාම වැඩේ කෙරෙනවා...
ඒත් කිසිම ඇප්ලිකේසමක් දාන්නෙවත් කම්පෙලෙන් දාන්නෙවත් නැතුව එකපාර කිව්ව ගමන් කරන්න නම් කාට වුනත් අමාරුයි ආයතන වල වැඩ කරනකොට.. 

අපි සමාජයට ඕනි විදියට වෙනස් වෙනවා ඇර අපිට සමාජය වෙනස් කරන්න බැරිබව ඇත්ත..ඒත් හතර පෝයට සිල් බණ බාවනා වගේම මේ වගේ සුලු කාරණා ගැනත් අපි ටිකක් හිතලා හැදෙන්න ඕනි..
මාත් ඒ වගේ හදාගත්ත පොඩි පොඩි දේවල් තියෙනවා..උදාහරණ විදියට මම ඉස්සර කන්තෝරු එන්න බෝඩිමෙන් එන්නෙ හත හමාරට විතර..ඒ වෙලාවට ආවම කන්තෝරු එන්නත් පරක්කුයි..බස් වලත් හරිම තදබදේ..පාරත් හිරයි..දැන් මම අමාරුවෙන් හිතලා හයයි හතලිහට විතර පාරට එනවා..දැන් මට කලින්ම කන්තෝරු එන්නත්..බස් එකේ වාඩිවෙලා එන්නත් බස් එකේ අඩු කාලයකින් කන්තෝරු එන්නත් ලැබිලා තියෙනවා.. පොඩි වෙලාවක් කන්තෝරුවෙ ඉන්න වුනාට මොකද ඒ වෙලාවෙ වෙන වැදගත් දෙයක් කරගන්න හරි පුලුවන්.. 

ඒ වගේම වැඩකට යනකොට පෝලිං වලට තවත් දේවල් වලට කාලය කපලා ටිකක් දවාලියෙන් යන්නත් හුරු වෙන්න ඕනි ඉස්සරහට..එතකොට අපිට පෝලිං පනින්න හෝ තදබදය නිසා පෙට්‍රල් පුච්ච ගන්න සිද්ද වෙනවා අඩුයි..

Sunday, December 30, 2012

කට පුරවාගත් මාධ්‍යෙව්දිනිය.(a journalistic blowjob)


බ්ලෝවින් කියන්නෙ පිඹිනවා වගේ අදහසක්...ඒත් බ්ලෝ ජොබ් කියන්නෙ ජරා වචනයක්.. පුරුශයින්ගේ රහසඟ මුවෙහි රුවාගෙන කරන රති ක්‍රීඩා කොටස බ්ලෝජොබ් කියලා කියනවා.. මේක හොඳද නරකද කියලා හිතන්න ගියොත් අමාට ජොබ් එක නැතිවෙනවා.. කුමාර එන එකක් නැහැ මිනිහා කඩේට යැව්වා.. ලෝන්ග් වීකන්ඩ් එක නිසා හරි අමාරුයි අමා..බොසා කියවන්න ගත්තා..

අමා ප්ලීස් අමා..ඔයාම ලොක් කරගෙන එන්නකෝ දොර..අමා විසින් දොර ලොක් කරගෙන ඇවිත් එයා ඉල්ලු දේ දෙන ලදී.. ඇඹරීම ලැජ්ජාවීම මුල් කාලයට අයිති දෙයක් වූ අතර දැන් බොසා සමග ඒ සෙල්ලම කිරීම අවැසි නැත..මාධ්‍ය ක්ෂේත්‍රෙය් දැවැන්තයෙකු වන මේ කතු තුමාගේ රහසගේ රස බැලීම මහත් වු දෙයක් ලෙස මේ තුමාම සිතයි.. අමාලී ද දෙවරක් ඒ ගැන නොසිතා මෙතෙක් ආ මාධ්‍ය දිවිය ලැබූ රමනීය කඩඉම් ගැන මෙනෙහි කරමින් ඒ ක්‍රියාව සාර්ථකව කරයි..
මීඩියා ගැන උණක් තිබුනාට කවි කතන්දර ලියලා තිබුනාට පත්තරේකට ගෑනු මිනිස්සු ලේඛකයින් ගත්තාට හැමෝටම පැවැත්මක් නැත...පැවැත්ම ඔවුන විසින්ම සොයා ගත යුතුයැ.. නමගිය පරපුකින් පැවත එන්නෙකු..බලගතු දේශපාලක බලයක් සහිත කොක්කක් සහිත වූ හෝ වෙනත් බලගතු අතු කිසිවක් නැති අමාලිට තිබුනේ අහ වල් ඉනිමග පමණි..

ඇය වැරදි බව දැන දැනත් නොදන්නා සේ ඒ ඉනිමග භාවිත කලේය. අමා සමග එකම මීඩියා ක්ලාස් වල හිටි බොහෝ දක්ෂයන්ට වඩා අමාගේ තැන ඉහල එන්නට ඒ ඉනිමග හේතු වාසනා විය. අමාගේ බොසා එක්තරා කලක විප්ලව වාදියෙකි විටක හෙතේමේ අධික වාමාංශිකයෙක් වන අතර එය වෙනුවෙන් ඔහු අවන්හල් වල කයි බොයි.. කමින් බොමින් ටෝක්ස් දීම ලිපි ලිවීමෙන් වාමාංශිකත්වයට මාකට් එකක් තනාගෙන ඇති ඔහු එවන් තැන්වල ඒ හරහා මුදල් සොයා ගනී.. ඉන් අමතරව ඔහුට වැදගත් යැයි සිතන සෑම අත්තක් සමගම හොද සම්බන්ධතා ඇතිකර ගැන්ම පත්තරය ඉදිරියට යෑමට හේතු වෙන බව ඉවෙන් මෙන්  ඔහු දනී..

අද මාතෘකාව ලැබී ඇත්තේ අපූරු එකකි..පන්ඩිත වදන් ලිවීම විචාර ලිවීම මනෝ විශ්ලේෂන ආදියට අමාලි දක්ෂයෙක් නොවුවත් අමාලිටම එය ආවේ එය වටිනාකමින් යුතු ලිපියක ්වන නිසාත් අද දින පාන්දර බ්ලෝ ජොබ් එක සරුවට කෙරුන නිසාත්ය.
ආහ් අමා..ඔයා අර ඉන්ඩියන් රේප් එකයි..ලංකාවෙ අය ගූගල් එකෙන් සෙක්ස් සර්ච් කරපු එකයි... තව අසහනේ ගැනයි දාල වීකන්ඩ් ආටිකල් එකකට ඩි ජේ එකක් දාන්න.. අර පහුගිය කාලෙ ප්‍රාෙද්ශිය සබාවක මොකක්ද එකෙක් රේප් වලට අහුවුනේ..උෟව ටිකක් පස්ට ගැහුනට කමක් නැහැ.. ඒත් මහතැන් අල්ලන්න එපා..නිකං ලියලා කපනවාට වඩා ඒක හොදයි නේ අමාලි...
අමාලි මං ඔයාගේ නංගියාව ලගදි දැක්කෙත් නැහැ..දැන් බැන්දට පස්සෙ කෙල්ල ආඩම්බර වෙලා වගේ...අපි බදාදට විතර ගමනක් දාගමු ඈ...
ස...සර් බදාදට බැහැ ස...ර්..රායිට් බදාදට නේ බැරි..අපි හෙනං වෙන දවසක් දාගමු..

ම්ම් අමාලි අර ලිපියට පහු ගිය නඩු තීන්දු ගැන විස්තර සමරයාගෙන් අහගන්න..හාමුදුරු ටෝක්ස් දෙකයි..පාදිලි ටෝකයි...මුස්ලිම් ටෝස් ඕනි නැහැ මේ දවස්වල මිනිස්සු මුස්ලිම් අයට කැමති නැහැ...තව සමාජ විද්‍යා පොරක් හොයාගත්තනං හොදයි..නැත්තං අර ටීවි එකේ පවුලක් ගෙනියන ආකාරය ගැන කියවන තාරකා විද්‍යාඥයා වුනත් කමක් නැහැ...
කාන්තාව ගේ අධ්‍යාපන මට්ටම අඩුවීම...ලිංගික අධ්‍යාපනේටත් ටිකක් දෙස් තියලම දාන්න..මං මෙච්චර කියන්නෙ අමාලි ඔයාට නිසා...නැත්තං කරන්නෙ ලියාගෙන ආවම කපලා ඉතිරි ටික ඔයාගෙ අතට දෙන එක..ඒත් ඔයාගේ ඔය ලස්සන අත්වලින් ලියන දේවල් කපන්න මට හිතෙන් නැහැ..

ලිංගික අධ්‍යාපනේ ගැන කියනකොට මතක් වුනේ අමා..මං ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හිටියා පට්ට මෝල.. මට ටිකක් ලයින් වුනා..ප්‍රින්සිපල්ගේ කාමරේ ලග තියෙනවා අඳුරු කොරිඩොරයක් ටිකක් දිග..දවසක් පින්සිපල් නැති දවසක මම අර කෙල්ලත් එක්ක පොඩි සෙල්ලමක් කලා..ඒ කිව්ව නිකං හරියට ටච් කරලා දානවා වගේ එකක්..ටික වෙලාවක් යනකොට කෙල්ල පෝම් වෙනවා..මටත් ටිකක් පෝම් එක වැඩි වුනා.. තව පොඩ්ඩ මිස් වුනානං අපි ඉවරයි..ඇදුං පහත් කරන්න හදනකොටම පිනා පහත් වුනා..පොර හදිසි වැඩකට ඔපිස් ඇවිත්..

හපෝ සර් ඒ දවස්වලත් හරි මිනිහ තමයි...කියා අමා කෘතිම සිනාවක් දැමුවේ බොසාගේ සිත සතුටුවෙන පිණිසය..

අමා විටෙක අපි ලෝකයට වඩා නරක් වෙනවා..වෙලාවක ලෝකය විසින් අපිව නරක් කරනවා..ඒක ස්වභාවය..
අපේ තාත්තා ලොකු තැනක නිසා පිනා මට කිව්වා තාත්තගේ නම තියන්න තවත් මේ වගේ මැරෑට වැඩ නොකරන්න කියලා...ඒ මොකද්ද ඒ ගෑල්ලමයා එක්ක තමුං කලේ ? කියලා ඇහුවාම මම කිව්වෙ අනේ සර් මොනවා වුනාද දන්නෙ නැහැ..මං මුකුත් දන්නේ නැහැ කියලා...කෙල්ලත් ඒකම කියන්න ඇති... පිනා පස්සෙ දවසක ඉස්කෝලෙ රැස්වීමෙ කියනවා මේ දැන් කාලෙ ලමයි ගේ ලිංගික අධ්‍යාපනේ ගැන තියෙන්නෙ අල්ප දැනුමක්ලු..
ගොඩක් අය තමුං කරන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑලු..පිස්සු නේ අමා...අරකිට තිබුන මෝලට තව පොඩ්ඩෙන් මගේ එක අරං විකනවා... එහෙව්වට හිටිය අපි පිනා ගාවට ගියාම පූස් පැටවු..ලිංගික අධයාපනේ නොදන්න බබාල..ඉතිං ඔය බොසාම පොතක් ලිව්වානං ලිංගික අධ්‍යාපනය නොමැති දෙන්නෙක් කියලා අපි දෙන්නා උදාහරණ වලටත් ගනී..

සර් ඉන්දියාවෙ සිද්දිය ගැනනම් නෙට් එකෙන් ගත හැකි ඉන්පොමේෂන්ස්..ඒත් සර් ලංකාවෙ සෙක්ස් මොකද සර්ච් වැඩිවලා කියන එක ලියන එක තමයි අමාරු... ම්ම්...
ඒකටදාන්න ලංකාවෙ අයට අසහනේ...කියලා....එහෙම නැතුව
·       ලංකාවෙ උන් ඉංගිරිසි දන්නෙ නැති නිසා ඇමේචර්, ලෙස්බියන්, වෝයර්, ෆෙටිෂ් ආදි බරසාර වචන නැතුව කෙලින්ම සෙක්ස් කියලා සර්ච් කරනවා කියලවත්...
·       නැත්තං ඉන්දියාවෙ හින්දි දෙමල වගේ වෙනත් භාෂාවලින් වෙබ් තිබුනාට ලංකාවෙ සිංහල සයිට් නැති නිසා අපේ උන් ඉංගිරිසියෙන්ම සෙක්ස් සර්ච් කරනවා කියලවත්...
·       ආන්ඩුව සෙක්ස් සයිට් තහනං කලාම කොල්ලො සෙක්ස් සයිට් අලුතින් ගූගල් එකේ හොයනවා කියලවත්..

ලියල වැඩක් නැහැ..අපේ අයට අසහනේ ඒක නැතිකරන්න ඕනි...මිනිස්සු අතර ලිංගික අධයාපනේ වැඩි කර්න්න ඕනි..එදාට වැඩි අද රේප් සීන් වැිවෙලා ඒවාට විසදුම් දෙන්න ඕනි...රේපිස්ලට දඩුවම් දෙන්න ඕනි..කියාල හදන්න..මං සපෝට් එකක් දෙන්නම්...
ඔයාවනං අමා උකුල උඩ තියං වුනත් මට කියලා දෙන්න පුලුවං නේ කෝමද ලියන්න ඕනි කියලා...
ඊයෙ බිව්ව නිසා අමා අද ටික්ක මට මෙව්වා එක වැඩියි..ඔයා එහෙනං ලියං එන්න.. මං පොඩි ඇලට් එකක් දාන්න ඕනි..පුටුවෙම...දවල් වෙන්න බලමු ඉතිරි ආටිකල් ටික...

අමා ඔයාට වැඩ විතරක් නෙමෙයි අනික්වත් ලැබෙනවානේ...ගිය මාසෙ බෝනස් එකට මං ඔයාගේ පෝෆමන්ස් වැඩි කලා...අපිට ඒක සෙලිබෙරෙට් කරන්නත් බැරිවුනා නේ අමා..හරි ඒව පස්සෙ බලමු...
අමා ඇයට පැවරුන ලිපියට තොරතුරු ගැන්මට කතා  කල යුතු හාමුදුරුවරුන් සහ පන්ඩිතයින් සිතින් නිමානය කරමින් ඇය විසින්ම ලොක් කරන ලද දොර හැරපියා ඇගේ සැප පුටුවට සහ මේසයට ගියාය..
“පත්තරේක වැඩකරන පුවත් පත් ලේඛකයෙක් කියන්නෙ රෝස මල් යහනාවක ඉදන් පෝන් එක කනේ ගහගෙන කම්පියුටරෙන් ටයිප් ගහන එක නං නෙවෙයි ලමයි...“

අතීතයේ දිනක මාධ්‍යෙව්දිනියක වීමට පාඨමාලාවක් හදාරන අවස්ථාවක ආරාධිත ලේඛකයෙකු පැවසූ පඩිවදනක් ඇයට සැනෙන් මතක් වී ඇගෙ මුව අග සිනා රැල්ලක් මතුකරමින් ඒ මතකයන් ඈතට ඇදී ගියේය...