Tuesday, June 29, 2010

Telecom man holes and hand holes

man hole-මෑන් හෝල් කියන එකට සින්හලෙන් කියන වචනය මම දන්නෙ නෑ..ඒ නිසාම ඒ වචනයම භාවිතා කරනව..ඔය වචනෙ තේරුම මිනිසෙකුට බැහැල වැඩකරන්න පුලුවන් වල කියන එකයි..ඔබ ඔය නගරයක එහෙ මෙහෙ ඇවිදිනකොට දැකල ඇති අඩි 2-3ක විශ්කම්භය තියෙන යකඩ රවුම්..ඔය රවුමට තියෙන යකඩ් රවුම් ගොඩක් වෙලාවට මෑන් හෝල් තමයි..දැනට මම නගර සභාවෙ අපවහන නල පද්ධති,,ජල සම්පාදනයේදී නල පද්ධති,,ටෙලිකොම් අවශ්‍යතා සඳහා කේබල පද්ධති සඳහා වන මෑන් හෝල් දැකල තියනවා,,ඉතින් ඔය මෑන් හෝල් එකෙ කවරෙ උස්සල ඇතුලට බැහැල තමා වැඩ කරන්නෙ..මම මින් ඉදිරියට කතා කරන්නෙ ටෙලිකොම් අව්ශ්‍යතා සඳහා වෙන මෑන් හෝල් ගැන විතරඉ අනික් එව්ව ගැන මම හරියටම දන්නෙ නෑ..

මොකටද මෑන් හෝල් ඕනි..ටෙලිකොම් ක්ශේත්‍රයෙ මුල්කාලෙදි ගොඩක් වෙලාවට ඒරියල් කේබල තමා භාවිතා උනෙ ඉතින් ඔය ඔක්කොම කේබල ඒරියල් ඒ කිව්වෙ කනු උඩින් පොලව උඩින් අදින්න ගියොත් අපිට සමහර වෙලාවට මහ ගැටලු ගොඩකට මූන දෙන්න වෙනවා..සාමාන්‍ය ටෙලිකොම් කනුවකට දරාගන්න පුලුවන් උපරිම 200/0.5 කේබල 3ක් වාගෙ ප්‍රමාණයක් විතරයි..ඉතින් ඔය 200කිව්වෙ යුගල ගණන 0.5 කීවෙ විශ් කම්භය මිලිමීටර් වලින්..එතින් එතකොට ඔයාලට තේරෙනව ඇති එතකොට එක්ස්චේන්ජ් එකේ ඉඳලම කනු දැම්මොත් සම්මත ක්‍රමය අනුව දෙන්න පුලුවන් ලයින් 600ක් විතරයි..ඒකිව්වෙ ටැලිෆෝන් විතරක් 600ක් විතරයි දෙන්න පුලුවන්..ඒත් සාමාන්‍ය ටෙලිෆෝන් හුවමාරුවක් මඟින් අඩු වශයෙන් ලයින්5000ක් වත් දෙන්න පුලුවනි..ඒ වාගෙ වේලාවට අපි විශාල කේබල පොලව යටින් අදිනව..මුල් කාලෙ අර ඉලෙක්ට්‍රික් කේබල වාගෙ කෙලින්ම පොලොවෙ කේබල වැලලුවත් පස්සෙ ඒක නඩත්තු කටයුතුවලට බාදවක් වෙන නිසා වැහි පීලි වතුර බට වාගෙ මහ බට් වලදමල ඒව ඇතුලෙ කේබල අදින්න ගත්ත එතකොට ඔය වාගෙ බට මීටර් 100ක්200ක් ව්ල දමල පස්සෙ කොන්ක්‍රීට් වලක් දමල ඒ බට සෙට් කරනව..දැන් අපිට අර වලවල් වල ඉඳගෙන අර වලලාපු බට හරහා කේබල ඇදගන්න පුලුවනි...
මේ පින් තූරෙ තියෙන්නෙ ඒ විදිහෙ කේබල ඇදපු ඩක්ට් රූට් එකක් වල ඇතුලෙන් පේන විදිහ

ඔය වලවල් කොයි තරම් කොන් ක්‍රීට් කලත් වතුර පිරිල තියන්ව..ඉතින් කේබල සම්බන්ද කරන්න ගන්න ගොඩක් ක්ලෝසර් වතුර ඇතුලට නොයන ඒව වෙන්න ඕනි...

ඔය මෑන් හෝල් වල වැඩ කරනකොට යොදන්න ඕනි ආරක්ශ විදි ගනනාවක් තියනව.

1.පාරෙ යන මඟීන්ට රථවාහන වලට පෙනෙන සේ බාධක තැබීම..-මෙව්ව තියන්නෙ මඟී සහ වාහන ආරක්ශාවට අපි කොවි තරම් කලර් කෝන් තිව්වත් කෝන් එක අස්සෙන් රින්ගන් යන්න දඟලන බයිසිකල් කරුවන් ඉන්නවා..ඒ වගෙම ෆෝන් කනේ තියාගෙන එලෝ විකාරෙන් මෙලෝ සිහියක් නැතිව ඇවිදින සමහරුන් උඩබලාගෙන වැටෙන්න යනව..

2.වලට බැසීමට ප්‍රථම වල තුල අහිතකර වායු ඇතිදැයි බැලීම..මෙව්ව සම්මත ක්‍රමේට කරනවනම් වලේ ගෑස් අයින් කරන්න වාතාශ්‍රය සපයන්න ක්‍රම තියෙන්න ඕනි..ඒත් අඩු තරමෙ ඔලුව දමන්නෙ නැතිව ව්ල ඇරල විනාඩි 10-15ක් ඉඳල බහින එක ඕන වලකට බහින්න කලින් කරන්න පුලුවනි නම් හොඳයි..සමහර වෙලාවට අපි හීනෙන්වත් හිතන්නෙ නැති තැන්වල ගෑස් එන වෙලාවල් තියන්ව.
.
3.වල පස් වලින් යටවී තිබුනේනම් ඉවත් කරන පස් ව්ලතුලට නොවැටෙන සේ ඈතින් තියා ගන්න ඕනි..ඔය පස් අතරෙ තිබුන ටිකක් ලොකු ගලක් හේම ඇඟෙ වැරදි තැනකට වැදුනොත් වදින කෙනා තමා ඒකට වගකියන්න වෙන්නෙ..

4.ආරක්ශිත ඇඳුම් කට්ටලය පැලඳීම-වලට බැසීමට ප්‍රථම හෙල්මට් එක,,ඕවරෝල් එක,,බූට්ස්,,ග්ලවුස් තියෙන්නම ඕනි..පිටරට නම් මෙව්ව නැතිව ලේබර්ල දමල සයිට් කරනව කියන්නෙ පොලිසියෙ හිර කූඩුව්වෙ ලගින වැඩක් ..ඒ ත් අපි හෙල්මට් ආදී දේවල් දුන්නත් ඒ අයට ජීවිතේට වඩා දාඩිය දමන එක ලොකුයි..කටාර් සව්දිවල දාඩිය ඕසෙට දැම්මත් ඔලුව වහන් ඉන්න ගෑනුන්ට වාගෙ මේ අයටත් නීති ගේන්න ඕනි..මොනාහරි වෙලා මේ කම්කරුවො මැරුනම ගන්න වන්දියක්...වත් සමහර අයට හිමි නෑ..කම්කරු ඇමතිල ඉන්නෙ අපේ රටේ පොර ටෝක් දීල වාල් වැඩට කම්කරුවො පිටරට පටවන්න විතරයි...

5.රාත්‍රී වැඩවලදී වල තුල මෙන්ම වල පිටත් හොඳින් ආලෝකමත් කිරීමත් බෝම වැදගත්...
දුරකතන හුවමාරු යා කිරීමට ,,,කැබිනට් වලට කනෙක්ශන් දීමටා ආදී විසාල අවශ්‍යත වලට මෑන් හෝල් ගන්නව..ඒ වගේම ඔප්ටිකල් ෆයිබර් අදින්නත් වඩා සුදුසු වෙන්නෙ මෑන් හෝල් රූට්ම තමා..මේ ඩක්ට් වල ඇදෙන කේබල හඳුන්වන්නෙ ඩක්ට් කේබල(duct cable ) කියල ඒවට ගුවන් කේබල (aerial cable ) බරීඩ් කේබල (approach cable )තරම්ම විසාල ආවරණ ඕනි නෑ...මොකද ඒව බටේකිනුත් කෝමත් ආවරනෙ වෙන නිසා..

hand hole-හෑන්ඩ් හෝල් කියන්නෙ කොටු යකඩ රවුමෙන් වහල තියෙන වලවල්..ඒව වැඩිය ගැඹුර නෑ..අතින් කේබල ඇතල එලියෙ ඉඳන් වැඩකරන්න පුලුවන් නිසා තමා ඒවට හෑන්ඩ් හෝල් කියන්නෙ...ගෙදරවල් වලට පාරවල් වලට කනෙක්ශන් දෙන්න තමා ගොඩක් වෙලාවට හෑන්ඩ් හෝල් භාවිත වෙන්නෙ...
පහත රූපෙ තියෙන්නෙ hand hole එකක් සවි කරන්න කලින් තියෙන හැටි විදහා දක්වන රූප රාමුවක්...



Friday, June 25, 2010

පාසල් ප්‍රවාහන සේවාව

මම මුලින්ම සීසන් එක අරන් පාසල් ගිය දවස මතකයි...එදා අපේ සීසන් බස් එකෙ ගොඩක් කට්ටිය පිරීල හිටිය අපේ හෝල්ට් එකෙ නැවැත්තුවහම කට්ටිය නැංග තවත් ෆුට්බෝඩ් නිකම් අර මල් වට්ටි වගේ කට කපල පුරෝල...මට නගින්න බැරි උනා...මම ඊලඟ බස් එක එනකම් නතර උනා,,,බස් එක හෝල්ට් එකෙන් ඇදල මීටර් දහයක් ගියෙ නෑ කලින් හෝල්ට් එකෙන් නැගපු අය්ය කෙනෙක් දඩස් ගාල මඩ වලට ඇදගෙන වැටුන..කට්ටිය වැඩි නිසා ඩයිවර් මාම දැක්කෙ නැති නිසා බස් එක නැවැත්තුවෙ ටිකක් දුර ගිහින් ඇවිත් ඒ අය්යගෙ යාලුවො බැලුවට වැඩක් උනේ නෑ...මඩ ගොඩේ වැටීම සහ බස්‍රියේ වේගය අඩුවීම නිසා ඔහුට භෞතිකව කිසිම හානියක් වෙලා තිබුනෙ නෑ..ඒත් ආයෙත් මඩ පිහිදාගෙන ආයෙ ගෙදර යන්න උන එක නම් මාර දුක් සීන් එක..


අපි සීසන් බස් වල ඉස්කෝලෙ යනකොට ඒ බස්වල වැඩකරන සමහර ඩ්‍රයිවර කොන්දොස්තර මාමල අපිව දකින්නෙ දුටුතැන පෑගිය යුතු සත්තු වාගෙ..උදේ බස් එක අපේ හෝල්ට් එකේ නවත්තන්නෙම නෑ..මොකද අපේ හොල්ට් එක කලින් අපි නොදන්න කාලෙක බ්ලැක් මාක් එකක් දාගෙන බස් එකට ගල් ගහල..සමහර වෙලාවට ටිකක් ඉඩ තිබුනත් අපේ හොල්ට් එකෙ සීසන් කෑලි වැඩි නිසා නවත්තන්නෙම නෑ..ඉතින් අපි ඊළඟ බස් එක එනකම් චාටර් වෙලා ඉස්කෝලෙ යනකොට ප්‍රමාද වෙලා....අපි ඉස්කෝලෙ විනය බාර ගුරුගෙන් ගුටිකාල බැනුම් අහල මොනාහරි චාටර් එකක් කාල ප්‍රබෝදමත්ව පන්තියට ගියාමත් සමහර වෙලාවට දනගස්වල තියනව...පරක්කු නිසා..දෙමාපිය රැස්වීමට අපේ අම්ම ආවම මම ගැන අපේ පන්ති බාර ගුරුතුමාට කියන්න තිබ්බෙ එකම වැරැද්දයි ඒ ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක..මට ප්‍රයිවෙට් බස්වල යන්න සල්ලි දෙනව තමයි..ඒත් ඉස්සර දැන්වාගෙ අතමිට නොතිබුනු නිසා මම ඒ දෙන ගාන සඳුද දෙන ගාන සතියෙම තියාගන්නව..සමහර වෙලාවට මම ඉස්කෝලෙ යන්න පාරෙ දවල් වෙලා ඉන්නකොට ගමේ ඉස්කෝලෙ යන ලමයිතුත් එනව..එහෙම වෙලාවට හිතෙනව ශිෂ්‍යත්වෙ දවසෙ උනවත් හැදුනෙ නෑ නෙව කියල..

අපි ඉස්කෝලෙ ඇරල එනකොටත් එහෙමයි කාලයක් පාස් එක කියල පර්මනන්ට් බස් එකක් තිබුනත් පස්සෙ ඒකත් නැති උනා...අපි ඉස්කෝලෙ අරින්නෙ 2ට නම් 1.55ට බස් නැවතුමෙන් බස් දෙකක්ම පිටත් වෙන්ව..ඉතින් අපි ශිෂ්‍ය නායකයොන්ගෙන් සර්ලගෙන් බැනුම් ටොකු ගුටි කාගෙන පෝලිම් පැනගෙන දුවනව අර බස් දෙකෙන් එකක් මගදිහරි අල්ල ගන්න..මම කාගෙන එනව බල බල අර පොඩි බඩියෙ හිටපු සපත්තුව(ඩයිවරගේ අනුවර්ථ නම ) ඇස්ලෑටරේ පාගනව දවසක් ඔහොම දුවගෙන දැන් නවත්තයි කියල හිතන් මමයි යාලුවයි හෝල්ට් දෙක-3ක්ම දිව්ව..අපි හෝල්ට් එකට කිට්ටු වෙනකොටම බස් එක අදිනව..හෝල්ට් 2-3ක් කීවට අපි කිලෝමීටරයක් විතර දිව්ව...අපේ මූනුවල මොනාහරි වරදක් පෙනුනද දන්නෙ නෑ..ඔහොම දුවල ගිහින් නගින්න ගිහින් දවසක් මම මහ පාර මැද ඇදගෙන වැටුන..දනපොලොතු දෙක සුදුපාට වෙලා තිබුන ඒ දවස්වල නිල් කලිසම නිසා ඔක්කොන්ටම පේනව..ටික දුරක් ප්‍රධාන බස් නැවතුමට පයි න් එනකොට මගේ කකුල් දිහා කට්ටිය බලනව පේනව එතකොට මම දනපොලොතු දෙක දිහා බැලිව..කලින් සුදු වෙලා තිබුනට දැන් පැනි ගලනව වාගෙ ලේ ගලනව...පස්සෙ බෑග් එකේ පොතකින් කොල දෙකක් කඩල හොඳට පිහදාගත්ත..ඒත් ආයෙත් එන නිසා..හෝටලෙකින් වතුර ඩිංගක් ඉල්ලන් හෝදගත්ත...මගෙ ඒකාලෙ හිටපු හොඳම ෆිට් එක වරුනයත් එදා බස් එකෙ මමවිතරයි වැටිල තියෙන්නෙ..ඒ වෙලාවෙ ලේ ගැලුවෙ නැති නිසා ඌ යන්න ඇති..

මම මේ විදිහට පරක්කු වෙලා හැමදාම ඉස්කෝලෙ යන්න බැරි නිසා කාලයක් පාන්දරින් ගිය කොළඹ බස් එකෙ යන්න ගත්ත..උදේ 5ට මම පාරෙ 5.45ට ඉස්කෝලෙ..උදෙ නිසා මාර වේගෙන් බස් එක යනව...ඉතින් කෙඩෙට් කරන අය..බාස්කට් බෝල් ගහන අය කරන සමහර එක්සයිස් මට කටපාඩම්..මොකද උදෙන් ඉස්කෝලෙ ගේට්ටු අරින්නත් කලින් ගිහින් උදේ ප්‍රැක්ටිස් පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඒව දිහා බලන් ඉන්න නිසා...අපේ ආගම උගන්නපු සර් කෙනෙක් හිටිය ශෝට කියල..මිනිහ මට ආගමට දෙන අටෝරාසියක් වැඩ කරන්නෙ නෑ කියල උඩ පැන පැන ගහල තියනව..ඒත් මම සීසන් බස් නැතුව ස්ටෑන්ඩ් එකෙ පාරෙ ඉන්නව දැක්කොත් ඔක්කොම මතක නැති කරල පොර අපිව සල්ලි දීල එක්කන් යනව..ඒ මදිවට ප්‍රයිවට් කොන්දොස්තරලට කියනව මේ අය අඩුවට අරන් යන්න ඉස්කෝලෙ යන ලමයි කියල..මිනිහ බෝඩ් වෙලා හිටියෙ අපේ ගෙවල් ගාව..කවි පාඩම් කලේ නෑ කියල දවල් තඩි බාල හවස අපි සල්ලි දීල එක්කරගෙන ආවට එයා අපේ ගෙදර කවුරුහරි ඇහුවොත් මගෙ වැඩ ගැන අවුලක් නෑ කියනව..මමත් ඔය කියන තරම් සමහර වෙලාවට සිල් ගන්නෙ නෑ..සමහර දවසට කැන්ටිම ළඟින් යනකොට හිතෙනව හා අදනම් හවස බස් එක තියෙයි කියල බස් එක තියෙනවනම් සුවඳ විඳගෙන ඉඳල මොකටද කියල කනව සල්ලි සත 50ට හිඳෙනකම්..ඒ දවස්වල මට ගෙදරින් බත් එකක් සුවර් එකට ලැබෙනවා,,..ඒත් ඉතින් කැන්ටිමත් තියෙන්න ඕනිනෙව කිය්ල හිතල කාල හවස පාරෙ 3-4 වෙනකම් රස්තියාදු වෙනව..

මම උදෙන් ආවත් සමහර දවසට බස් එක නෑ නැත්නම් නවත්වන්නෙ නෑ..නිල් කලිසන් අඳින කාලෙ මම කරන්නෙ කවුරුත් හෝල්ට් එකෙ නැති වෙලාවක් බලල මහ ගල් තඩියක් අමාරුවෙන් පාර මැද තියෙන වලට තල්ලු කරන එක...ඊට පස්සෙ තාප්පෙ පෝස්ටරෙකින් අත්දෙක පිහිදාගෙන ඉසිදෙයක් නොවුන ගානට පැයක් විතර ඉන්නව අපේ බස් එක එනකල්..ඉතින යන ස්කූල් වෑන් බස් ඔක්කොම වල ලඟින් ස්ලෝ කරගෙන යනව..ඔය අතරෙ බක පන්ඩිතයෙක් එහෙම ඇවිත් අර ගල අරන්දමන වෙලාවල් නැතුවම නෙමෙ..හප්පා ඒ වෙලාවට ඌ ගැන මගේ හිතේ ඇතිවන මෛත්‍රිය
මෛත්‍රී භාවනාව ගැන ශෝට කියවන හැමදේම ඩිලීට් වෙනව එතකොට..ඒත් මොනා කරන්නද...ඔහෙ මුකුත් නෑ වාගෙ ඉන්නව...ඉතින් බස් එක එනව ඇවිත් ගල් තඩි තියෙන නිසා ස්ලෝ කරනව..අපි රයිඩ් කරල නගිනව....ඒ නැගීම නිකම් කුලප්පු අස්සය ෆෝම් කරල නගිනව වගෙ..පාරෙ මඩ තිබ්බොත් ඒව අපිට අල්ලන්න ඩයිවර පසුබට වෙන්නෙ නෑ..දවසක් අපි එක්ක නයි වෛර ගජන් ඩයිවර් ඔය ගල් උඩින් දමන්න ගිහින් දුනු සැට් එකේ ඇනේ පන්නගෙන ...මාර ෆන්,,, බස් එකම අපේ හෝල්ට් එකෙ ඇනේ රී ප්ලේස් කරනකම්...ගොඩක් අය ඊලඟට ආපු බස් වල ගියා..අපි ඉතින් සීසන් නෙව..අපි හිටිය ඉඳල අපි විතරක් මාර සැනසිල්ලෙ අතපය දිගඇරගෙන බස් එකෙ ගියා..එදා ඉස්කෝලෙට යනකොට පරක්කුයි කියල මම හිතන්නෙ ආයෙම කියන්න ඕනි නෑ..

ඔය අතරෙ අපේ ජේස්ඨ ශිෂ්‍යයො ,,අපි ගල් ගහපු වේලාවල් නැතුවම නෙමෙ..දවසක් ගල් ඇහිඳින්න වෙලා යන නිසා බස් එක ඈතින් එන කොට අය්ය කෙනෙක් ගල් අතේ තියන් ඉඳල මෙන්න බොලේ බස් එක එදා හරිම අසාමාන්‍ය විදිහට එදා නැවැත්තුව නෙව හරියට හෝල්ට් එකෙම..ඉතින් ඔය වෙලාවෙ ගල් විසි කරන්න ගියොත් චාටර් වෙන නිසා ඒ අය්ය මේ ගල් දෙක අපේ දෙහිකෑල්ලගෙ (එයාගෙ පෙට් නම ) බෑග් එකෙ දමල ඉතින් පහුගිය දවසෙ මටත් දෙහි කෑල්ලගෙන් බැනුම් අහන්න උනා ගල් දෙකක් නිසා..ඕක නිසා මට තමා කැත නම ආවෙ..දෙහි කෑල්ලගෙ ගල් බෑග් එකට අතදැමල කියල...
දැන් අපේ හෝල්ට් එක ලඟ මහ වල වැහිල කාපට් දමල...බස් අලුත් වෙලා ඒත් තාම දවල් වෙනකල් ලමයි පාරෙ ඉන්නව මම දකිනව...හදිසියෙන් හරි ගමෙ ගියාම...

අපේ ඔෆිස් එකෙ මිස්ගෙ මල්ලි ඉන්නෙ නවසීලන්තෙ... ඒ රටේ කෝච්චි දෙපාර්ථමේන්තුවෙ තමා එයා වැඩ ...එහෙ තියන නීතිය අනුව..කිසිම ලමයෙක් සල්ලි දුන්නෙ නෑ කියල කෝච්චියෙන් බස්සල යන්න බෑලු..බස්වලත් එහෙමලු..ලමයෙක් ව නිකම් ගෙදර තියල යන්නත් බැරි තරම් ඒ රටේ පද්ධතිය ලමයි වෙනුවෙන් හිතනව කියල මිස් කියන්නෙ...අපේ මිස් බස් එකෙ ටිකක් දුර ඉඳල එන කෙනෙක් විදිහට දකිනවලු බස්වල ගෑනු පිරිමි ලමයිටත් කරදර කරන නාකි සහ තරුණ මහත්වරු..සමහරුන්ගෙ වැඩ කිඩ වැහෙන්න ලස්සනට හෙම ඇඳලත් එනව කියලයි මිස් කියන්නෙ...

මම බස් එකට නගින තැනිනුත් උදේට හරිම දුප්පත් ලමයි..ගොඩක් කෑ ගහගෙන ඉන්නව ස්කෝලෙ යන්න බස් එක එනකල්..ඒ එන බස් එක පරණ කොලම්බු රයිඩර් එකක් 16ට අඩු ලමයි විතරයි ඉස්කෝලෙ ගෙනියන්නෙ..ඒක ඒ පලාතෙ දේශපාලක මහතෙකුගේ ඉතාම වටින නිර්මාණශීලී සත් ක්‍රියාවක් විදිහට මම දකිනව..ඒත් උදේට ලස්සනට අන්දල ගෙදරින් එවන ලමය පාසලට යන්නෙ ඇඳුම් පොඩිකරගෙන..මොකද ළමයි නිකම් එක්කන් යන ඒ බස්සෙක පැත්තකට නැමෙන තරමට ලෝඩ් වෙන නිසා...අනේ අපේ සල්ලි තියෙන මහත්වරු චෛත්‍ය විහාර..බිල්ඩින් හදනවට වඩා මේ වාගෙ වැඩවලටත් ඔලුව දමනවනම් කියල මට නිකමට හිතෙනව...
මම දන්න එක ආරාමෙක දානයක් බාරගන්න බෑ..මොකද හාමුදුරු50-60ක් ඉන්න ඒ ආරාමෙ දාන අවුරුද්දටම බුක් වෙලා ඉවරයි..ඊට පස්සෙ හදිසි අවස්තාවලදි දාන බාරදෙන්න තියෙන ලිස්ට් එක නම් 200ක්ට වැඩිය දිගයි...

මම ඔය උදේ පාරෙ යන වාහන දකිනව..කාර් ජීප් වෑන් වාගෙ සැප වාහන ඉතින් ඔය වාහන වල යන මහත්තුරුත් අනේ මේ අපේ ලමය වාගෙම එකෙක් නෙව බස් නැතුව චාටර් කන්නෙ කියල හිතල දන්න කියන ලමයෙක්වත් දමාගෙන යනවනම්...අපේ ප්‍රධාන විධායක මහත්තයෙක් ඉන්නව එයා එන වාහනේ ස්ටාෆ් සර්විස් එක වාගෙ පාරෙ ඉන්නව දකින ඕන මයිනර් සේවක මහත්තයෙක් දමාගෙන එනව..ඉතින් සමහර ලොකු මහත්වරු ඔය වාහනේ නැවැත්තුවත් එයා චීප් ඔෆිසර් කෙනෙක් උනත් නගින්න කැමති නෑ..මොකද ඊලඟ හෝල්ට් එකෙ ටෙක්නිකල් පොරක් හිටියොත් උන්දැ එක්ක එකට යන්න වෙන නිසා..

ඒත් ඒ ලොකු මහත්තය අපිට ටාගට් එකක් දුන්නොත් අපි මොන දීමනාව නොලැබුනත් වැඩ කරනව කියන ටෙක්නීෂියන්ල ඉන්නව..(ඒත් කවදාවත් එයා එහෙම කරන්නෙ නෑ ).මොකද මනුස්ස ලෝකෙ ඉන්න දෙවි කෙනෙක් වාගෙ කිසි ලොකුකමක් ඒ මහත්තයෙගෙ නැති නිසා.....

අපේ සමාජෙ ළමා අයිතීන් ආරක්ෂා වෙනව කියල කවුරුහරි කියනවනම් ඉස්කෝලෙ ඇරෙන වෙලාවක බස් වල සතියක් ගිහින් බලන්න..ඒ ලමයි මානසිකව කොයි තරම් වාරන වලට ශාරීරිකව කොයි තරම් දුක් වලට අහුවෙනවද කියල...ඔය වාගෙ සමාජෙන් කිසි වරදක් නැතිව බැටකන ලමයි පස්සෙ කාලෙක පාතාලයො වෙලා සමාජ සේවය කරන්න අරන් ඔබේ දරුව උස්සල කප්පම් ඉල්ලනකොට ඔබ පොලීසියට දේශපාලනයට බැනල ෆන් එක ගනීවි...
.අද පෝය දවසෙ මෙත් මල් පිපේවා...
ඒත් මම අත්දැකීමෙන් දන්නව අපේ අයගෙ මෙත්මල් හවස ට්‍රිප් ගිහින් දන්සැල් වැඳල එනකොටම ඕෆ් වෙනව (පර වෙනව ) කියල....



Wednesday, June 23, 2010

optical fiber

ප්‍රකාශ තන්තු...

වර්තමාන සන්නිවේදන ක්ශේත්‍රය සහ තාක්ෂනය නැවුම් කල එක් මෙවලමක් ලෙස ප්‍රකාශ තන්තු හඳුන්වන්න පුලුවනි...ඉතා සිහින් වීදුරු කූරක් තුලින් ගමන් කරන ආලෝක කදම්භයක් මෙහි සංඥාව විදිහට භාවිතා වෙනව..ඉතා ශක්තිමත් ආවරනයකින් බොහෝවිට ප්‍රකාශ තන්තු ආවරණය වෙලා තියනව.ඒ අස්සෙ තියන ඉතාම කුඩා කෙස් ගසකටත් වඩා කුඩා වූ වීදුරු කූරක් හරහා තමා ආලෝකය විදිහට දත්ත ගමන් කරන්නෙ...
සාමාන්‍යයෙන් අංකිත දත්ත සම්ප්‍රේශනයෙදි 0 හා 1 යම සංඥා සපයන්නේ විද්‍යුතය ගමන් කිරීම මත...අපි සරල උදාහරණයක් ගමු අපි අල්ලපු ගෙදර අය රෑට නිදි කියල දැනගන්නෙ ඒ අය ලයිට් ඕෆ් කලාම ඉතින් ඔය ආලෝක සංඥාව අපිට ලබා දෙන්නෙ කවුද විදුලිය නේද??/ අන්න ඒ වාගෙ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදුලිය සංඥා වෙනුවට ආලෝකය ඇතිවීම නැතිවීම වෙනස්වීම මත පිහිටවුන මූලධර්මයකින් තමා ප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේශනයට යොදා ගැනෙන්නෙ...එතකොට අපිප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේශනයට භාවිත කරනකොට විදුලි සංඥා ආලෝකය විදිහටත් ප්‍රකාශ කෙඳි හරහා ගමන් කරන ආලෝකය අනෙක් කෙලවරේදි විද්‍යුත් සංඥා විදිහටත් පරිවර්ථනය වෙනව...මම ඔය කීවෙ ප්‍රකාශ කෙඳි කියන ඒව සාමාන්‍ය භාවිතා වෙන විදිහ...ඒත් ආලෝකය ගමන් කිරීමේ දී තියෙන කාර්යක්ෂම තාවය සලකා බලල සමහර රටවල හිරු එලිය ගොඩනැගිලි තුලට ලබාගැනීම විසිතුරු බඩු සෑදීම වාගේ දේවලටත් යොදාගන්නවා..තොටළඟ පෙරහර කඩේ මම දැක්ක ප්‍රකාශ කෙඳි භාවිතා කරපු සෙල්ලම් බඩු.. ප්‍රකාශ තන්තු අද ලෝකයේ ගෝලීය විදුලි සන්දේශ(Global communiction system) ක්ශේත්‍රය නව නැම්මකට අරගෙන ඇවිත් තියනව...රැහැන් රහිත තාක්ෂනය(wireless technology) කෙතරම් ජනප්‍රිය උනත් ඒ හරහා ගමන් කරවිය හැක්කෙ ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් පමණයි...අපි විශාල ප්‍රමාණයේ දත්ත සැකසුම් සඳහා රේඩියෝ සැටලයිට් වගෙ තාක්ෂන භාවිත කලාට ඒව උනත් සීමා සහිතයි...මම ඔයාලට ගන්න උදාහරණයක් කියන්නම්..මුලු ලංකාවෙම ගොඩක් දත්ත ප්‍රමාණයක් රැගෙන යන මුහුදු සංදාමයේ (Submarine cable)(කේබලයේ )තියෙන්නේ ප්‍රකාශ කෙඳි 4ක් පමණයි...
ගෝලීය සම්ප්‍රේශන වලින් 90%ක් විතරම යන්නෙ ප්‍රකාශ තන්තු හරහා..මහා සාගර හරහා සංදාම අදින ලද විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති නිසා තමා අද අපිට දත්ත සම්ප්‍රේශනය(data communication) මේ තරම්ම පහසු වෙලා තියෙන්නෙ..ව්‍යාපෘති ගොඩක් විසාල උනාට ඉතාම ශක්තිමත් ආවරණවලින් සමන්විත මේ මුහුදු සංදාම ගැඹුරු මුහුදෙදි ඔබ ලියන ඇට්ලස් චූටි කාබන් පෑනකට වඩා විසාල වෙන්නෙ නෑ..ඒත් ආරක්ශාව තකා ගොඩබිම හා මූදු වෙරල හරියේ මේ මුහුදු සංදාම ඔබේ නිවසේ වැහි වතුර බටය තරම් විසාල කරල ආවරණය කරන අවස්තා තියනව..

තඹ කම්බි මෙන් විද්‍යුත් ක්ෂේත්‍ර වල චුම්භක ක්ෂේත්‍ර (electro magnetic fields) වල බලපෑම් වලට යටත් නොවන නිසා අධිසැර විදුලිය ගමන් කරන සංදාම සමඟ හා උපකරණ සමඟ වුව යොදාගත හැක...නූතන ස්කෑන් යන්ත්‍රවල ඇති ඉතා ප්‍රභල චුම්භක ක්ෂේත්‍ර යටතේ නිවැරදි දත්ත සම්ප්‍රේශන කටයුතුවලට ප්‍රකාශ තන්තු භාවිතා කරනව...

ඉතා විශාල දත්ත ප්‍රමාණයන් හුවමාරුවට ඇති පහසුව..අපි හිතමු විශාල දත්ත ප්‍රමාණයක් තඹ කම්බි හරහා ගෙනියනව කියල,,ඉතින් එක්කො තබ කම්බි විසාල වෙන්න ඒනි නැත්නම් කම්බි ප්‍රමාණ්ය වැඩිවෙන්න ඕනි..ඒත් ප්‍රකාශ සන්නිවේදනයෙදි එක කෙන්දක් හරහා ගෙනියන දත්ත ප්‍රමාණය ඒ ඒ තාක්ෂනික ක්‍රමවේද අනුව වෙනස් වෙනවා...

හැසිරවීමේ පහසුව ,,,ප්‍රකාශ කේබලයක් අනෙක් කේබල වලට වඩා හැසිරවීම පහසුයි..ඒ කීවෙ බර එහෙමටිකක් අනෙක් විසාල තඹ සංදාම වලට වඩා අඩුයි..

උපකරණවල මිල ,,,,,,ප්‍රකාශ කේබල විසාල තඹ කේබලවලට සාපේක්ෂව මිලෙන් අඩු උනත් ප්‍රකාශ ජාල(optical networks) සඳහා යන උපකරණවල මිල තරමක් අධිකයි...මම කලින් කීව වාගෙ මේ උපකරණ ගොඩක් වෙලාවට කරන්නෙ විද්‍යුත් සංඥා සුදුසු පරිදි ආලෝකය බවට හැරවීම හා ආලෝකය විදිලි සඥා බවට හැරවීම..

ප්‍රකාශ තන්තු පිරිද්දීම (optical fiber splicing),,,,,ඔය වැඩේනම් ටිකක් අමාරු දෙයක්..අර මම කිව්ව කෙස්ගහක් වාගෙ කුඩා විශ්කම්භයක් තියෙන කෙන්දක්(a core) තවත් ඒ වාගෙම කෙන්දකට සම්බන්ද කරල වටේ ආවරණය කරනව..ඉස්සර මේක කරල තියෙන්නෙ අන්වීක්ෂ එහෙම පාවිච්චි කරල..ඒත් අදනම් ගොඩක් දියුනු මැෂින් තියන්වා..ඒවාට හොඳින් සුද්ද කරන ලද ප්‍රකාශ කෙඳි ඇතුල් කලාඅම පිරිද්දීම අපිට බලාගන්න පුලුවන් තිරේකුත්(LCD screen) නවීන මැසින්වල තියනවා..

මේ තොරතුරු තියෙන්නෙ මගේ තියෙන දැනුමෙ සීමාවට විතරයි වැරැද්දක් තියෙනවනම් පෙන්නල දෙන්න ඔයාල කාරුනික වෙයි කියල මම හිතනව...


Sunday, June 20, 2010

අන්සතු ලඳ

මාව කෙල්ලෙක් චාටර් කලා(කෙල්ලක විසින්)..ඉතින් මම දෙන දඬුවම මොකක්ද???මම ලඟ තියෙන්නෙ කෙල්ලගෙ යාලු කොල්ලගෙ ටෙලිෆෝන් නොම්මරයක් විතරයි.අපි ඉස්සෙල්ලම ගැහැනු ලමයගෙ නොම්මරය හොයාගන්න ඕනි...මම කොල්ලව තරහ ගස්සල කෙල්ලගෙ නම දැනගත්ත...මට කෙල්ල හමු උනේ කෝච්චියෙදි..මමයි එයය් අතර අයි කොන්ටෑක් ඇති උනා මම ගිහින් එයා තනි උන වෙලාවක එයාගෙ නොම්මර ගන්න පුලුවන්ද කියල ඇහුව..

එයා මගෙ ඇඟට ගොඩවෙලා ඇහුව මොකටද කියල..මම කිව්ව නිකමට කතාකරන්න කියල..සෙනඟ අඩු වෙලාවක් උන නිසා මම කෙල්ලගෙන් හොදි නැතිව අහගත්ත...දැන් ඒ ස්ටොර් එක ඉවරයි අපි දෙන්න ආයෙ ඇස් වලින් කතා කර කර යනව...ටික වෙලාවකින් මට අනික් අයට නොපෙනෙන්න එන්න කියල ෆෝන් එක මට පෙන්නුව..මම දැනගත්ත වැඩේ ඉල්ල ගත්ත නොම්මරේ කෙල්ලගෙන්...දැන් එපා හවස 4න් පස්සෙ කෝල් කරන්න කියල කිව්ව..මම එයාගෙන් නම ඇහුවට කීවෙ නෑ...

4 වෙනකල් ඉවසල මම ගත්ත නොම්මරේට ඉස්සුවෙනෑ...ඊට විනාඩි 10කට පස්සෙ මොකද කතාකලේ කියල අහල වෙන නොම්මරේකින් කොල්ලෙක් මට සද්දයක් දැම්ම..හවස මම ආයෙත් කලින් නොම්මරයට කතාකලා එතකොට කොල්ලෙක් කතාකරල මට හොඳ පරුෂ වචන ටිකක් අහන්න ලැබුන...මමත් ඇරියේ නෑ කාලෙකින් කටේ හිරිගැලවිලා යන්න කිව්ව.. උඹේ ඉඩම් මට ඕනෙත් නෑ මම ගන්නෙත් නෑ ඒත් සේල් බෝඩ් එක දැක්ක නිසා තමා කෝල් කලේ කියල ඉතින් එහෙම කිව්වම පනින මල මොනවගේද කියල හිතාගන්න...වාචාල කතාව ඇදිල ගියා ටිකක් දුර.එහා පැත්තෙන් වෙන එකෙක් මොකක්ද මේ කියවිල්ල කියල අහනව..එතකොට තමා මට ස්ටෝරිය මීටර් උනේ......එයා වෙන යාලුවෙකුටත් මම ලයින් එකෙ ඉන්නකොට කතාව කිව්ව...මූ කොහෙද යන පොලොස් කොට්ටෝරුවෙක්..අපේ ඉරේෂ කෝච්චියෙ යනකොට මූ ඒකිට එක එක ඒව කරන්න ගිහින් ඉතින් ඉරේෂගෙන් නොම්මරෙ ඉල්ලුවම මගේ එක දීල..

එක එක ඒව කරන්න ගියානම් ඌ එක්ක කතාකලේ මොකටද??නම්බර් දෙන්න තරම් ෆිට් උනේ කෝමද??ඔයවගේ බේසික් ප්‍රොබ්ලම්වත් ඒ කොල්ල 1ට ඇවිත් තිබුනෙ නෑ....

මම හිතන් ඉන්නේ මම දන්න ගේමක් දෙකක් දමල කෙල්ල ආයෙ මීට් වෙන්න...වෙලා මූනටම අහනව මම ඔයාට කරපු කරදරය මොකක්ද කියල...???

කස්ටිය හිතයි දැන් අහම්බෙන් මීට් උන නොම්මරයක්වත් නැති කෙල්ලෙක් කෝමද මීට් වෙන්නෙ කියල..ඒත් ඒවට තමා ගේම් කියන්නෙ..අර කොල්ලට මම දන්න කෙල්ලෙක් දම්මල රේඩියෝ චැනල් එකකින් හරි ටී වී එකකින් හරි මොනාහරි ප්‍රෝග්‍රෑමකට කපල් එක තේරිලා තියනව කියල දත්ත ගන්නව...

නැත්නම් තව ටිකදවසකින් ඉරේෂගෙ නොම්මරේ මතක නැති උන යාලුවෙක් ඒ කොල්ලගෙන් නම්මරේ ඉල්ලල මට දෙයි....

දැන් ඔය ජනප්‍රිය වෙලා තියෙන දෛව අංක විද්‍යාව වාගෙ දෙයක් කියල ඔබතුම කැමතිම ආසම කෙනාගෙ දුරකතන අංකය අග සිට මුලට කියනවද??/කියල අහන්න පුලුවනි..මම හිතන්නෙ ඔය වාගෙ සුලු කෝල් එකකින් කෙල්ලගෙ නොම්මරය මට ගත හැකි....

ඊට පස්සෙ ඩී එච් එල් DHL එකෙන් කියල කෙල්ලගෙ ෆෝන් එකට කතාකරල පාර්සලයක් තියනව මහත්මියගෙ නම සහ දුරකතන අංකය තියෙන..මම හිතන්නෙ මේක විශේෂිත තෑග්ගක් වෙන්න ඇති..අපිට මේක තැපැල්කරන්න පුලුවනි ඒත් තැපෑල ගැන අපි වගකියන්නෙ නෑ..මට මහත්මියගෙ ගෙදරට එන පාර දැනගන්න පුලුවන්නම් ..මේක හෙටම එවත හැකි....

නැත්නම් රජය මඟින් සිම් පත් ලියාපදින්චි වී ඇතිදෑයි නැවත පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙල දමල ඇඩ්‍රස් එක ගන්නව....

ඊට පස්සෙ ඉන්න වේලාවක ගෙදරටම යනව...

ඒත් ඉතින් මේ විප්ලව නිසා කෙල්ලගෙ නම සවුත්තු වෙයිද දන්නෙ නෑ..එක අතකින් බැලුවම මම නිකම් දමාගත්ත බාල්දියක්නේ..කෙල්ලෙක් වැඩිපුර බැලුවකියල නිකම් පිකප් වෙන්නෙ නැතිව හිටියනම් හරි...

Sunday, June 13, 2010

ලනුව අරං බස් එකේ යෑම....

A:යකෝ මේ පැත්තෙ ගෑනු ඔක්කොමල්ල මාර සයිස් නෙ බන්....
B:ඔව් ඉතින් උඹේ පැත්තෙ කෑට එව්ව වාගෙ නෙමෙයි මෙව්ව ඉස්තරම් සහ සුපිරි...
A:එතකොට උඹ කියන්නෙ මෙව්වයි ඇතුල රත්තරන් වගෙ වෙන්න ඇති කියලද අනේ පලයන් අපි නොදන්න මොණරතැන්න...
C:ඔය ගියාත්මෙ මස් දන් දුන්න උන් වෙන්න ඇති බන්...ඒකන් පුප්පං පූජේසි දසදහසක් පුප්පං ලබ්බති...
A:යකෝ පින්ටුව පාලිත් දන්නවනෙ...
D:ඔය කිව්වෙ එක මලක් දීමෙන් දසදහසක් මල් ලැබේ කියල...
A:ඕව මෙහෙට හරියන්නෙ නෑ මෙහෙ ගොඩක් ක්‍රිස්ටියානි අය ඉන්නෙ...
A:ඇත්තට මොකද බන් මේ පැත්තෙ ගෑනු මෙච්චර සයිස් බලපන් ඉස්කෝලෙ යන කෙල්ලොන්ටත් ඉස්කෝලෙන් දෙන රෙදි මදි වෙලාද කොහෙද වෙන ඒව ඇඳන් යන්නෙ....
C:නෑ පකිස් බූරුවො මෙහෙ ඉන්ටර්නැශනල් ස්කූල් වල කිට් එක වෙනස් ඒකයි..
A:හා උඹ කියන්නෙ මම දන්නෙ නෑ මුන් ඉන්ටර් නැෂනල් ස්කූල් කියල...
A:යකෝ මම අවුරුදු 12 ඉඳන් කොළඹ ෆාම් එකක වැඩ කරේ...
B:මම හිතන්නෙ මේ පැත්තෙ ඌර කන නිසා වෙන්න ඇති මහත් වෙන්නෙ...
C:මමත් දැක්ක තමයි ඌරු මස්කෑම කඩවල් ගොඩක තියෙනව....
D:වල් ඌර තරම් රස නැතිව ඇති..ශෙහ් ඒ වාගෙ කොහෙද මේ පින්ගුත්තර ඌරො..උන්නම් දඩමස් වාගෙ..මුන්ගෙ තෙල් විතරයි...

A:මස්නම් ඔය අපේ පැත්තෙ ගෑනුත් කන්නෙ ඒකනෙමෙ හේතුව..මේ පැත්තෙ අයට කෑම දිරවනව හොඳට මොකද කාල ඔහේ නිකන් ඉන්න එකෙනෙ...
B:හා එතකොට උඹලගෙ පැත්තෙ ගෑනු කාල ඉවරවෙලා ටයර් බහින්න එහෙ මෙහෙ පෙරලෙනවද...තියාගනින් උඹෙ පැති වරුනාව අපි දැක්කනෙ අර උඹලගෙ හන්දියෙ කඩේ හිටපු භාන්ඩෙ කෝමද සයිස් එක පාර අයිනෙ හිටං ඉන්නකොට නිකම් මාර ගහක් වගෙ..අත් දෙකම එකතු කලත් බදාගන්න බෑ...
A:බෑ කියන්නෙ උඹ නිකම් ට්‍රයි කරල වගෙ....
B:එහෙම නෙමෙයි ඕයි දැක්කෙ නැද්ද මේ කිලොමීටරේට කෑම කඩ කීයක් තියනවද ඔය කෑම කඩ ළඟ කොයි තරම් කට්ටිය දවල්ට කන්න ගෙනියන්න ඉන්නවද ...අපේ පැත්තෙනම් තේ වතුර එකක් බොන එක විතරයි පිටින් කියල කරන්නෙ...මං හිතන්නෙ මේ ගොඩක් ගෙවල් වල අය උයන්නත් කම්මැලියි...මටනම් මතක ඇති කාලෙක ගෙදර ඉන්නකොට පිටින් කෑම ගෙනත් කාල නෑ....
D:මේ අයට හොඳට සල්ලි තියනවනෙ බන් තුන් වේලම උනත් පිටින් කන්න..අපි ඉතින් ඔහොම සතියක් පිටින් කෑවොත් ඉතුරු මාසෙම බඩගින්නෙ ඉන්න වෙන්නෙ..
B:හම්මෝ දැක්කද දැන් ගිය පරානෙ සයිස් එක පස්සෙම කිලෝ අටක් විතර...මොන අටද විස්සක්වත් ඇති...
A:නෑ පොඩි ඌරෙක් හංගන් යනව ඇති...
C:මේ ප්‍රභාතය(prabhath) හිතන්නෙ ඌ අර හරකගෙ ලනුව අරන් බස්සෙකෙ ගියා වගෙ මෙහෙ ගෑනු ඌරො තැන්තැන්වල අරං යනව කියල....
මොකද්ද බන් හරකගෙ ලනුව අරං ගිය කතාව...
A:මෙහෙමයි මේක මගෙ යාලුවෙක්ට උන වැඩක්..අම්ම කිව්ව මිනිහට හරක තනකොල තියෙන තැනකින් බැඳලම 10 බස් එකට යන්න කොළඹ යන්න කියල...
ඉතින් මේ යෝදය හරකව අරං පාර දිගේ යනව කන්න තියෙන තැනක් හොයන්න... යනව යනව තැනක් නෑ තනකොල තියෙන...ඔහොම කිලෝමීටරයක් විතර අදිනකොට තැනක් සෙට් උනා හරක බඳින්න..ඉතින් හොඳට බඳින්න තැනක් හෙව්වට හමු උනේ නෑ...මිනිහ බැඳපි හරක තනකොල පඳුරකම....ඉතින් දැන් හරක බැඳල ගෙදර ගිහින් ලෑස්තිවෙලා මිනිහ එන්න එනව කොළඹ..පාරට තියෙන්නෙ එක බස් එකයි දවසට දෙපාරයි යන්නෙ...ඉතින් බස් එකෙ නැගල එනකොට බැඳපු හරක ලිහාගෙන ඔහෙ යනව..බස් එකේ වැඩිදෙනෙක් හිටිය නැති නිසා මිනිහ ඩයිවරයට කියල බස් එක නවත්ත ගත්ත හරක බැඳල එන්නම් කියල...ඉක්මනට එන්න කියල ඩයිවරයත් කිව්ව..ඉතින් මේ යකා හොඳ සූට් එක පිටින් බැහැල හරක බඳින්න තැනක් හොයනව...ඒ හරිය වගුර වගෙ නිසා තැනක් සෙට් වෙන්නෙම නෑ...ඉතින් මිනිහ එහෙමෙහෙ ඇවිද ඇවිද එලෝ විකාරෙන් ඇවිදිනව,,ඔය අතරෙ හදිසි වෙච්ච ඩයිවරය හෝන් ගහනව....ඉතින් කරගන්නම දෙයක් නැතුව..ඩයිවර අයියෙ පොඩ්ඩක් මේ යාය ඉවරවෙනකල් හිමින් යං කියල හරකගෙ ලනුව අරගෙන බස් එකෙ ෆුට් බෝඩ් එකට නැග්ග...දැන් හරකත් එක්කම බස් එක යනව පල්ලෙහා වෙල නිසා හරක පනින්න බලන්නෙත් නෑ..."බස් එකත් පොඩි ජර්නියක් ...අපි ගියා නෙ උන්ගෙ දිහා" ඒ වෙලාවෙ වෙලේ හිටපු උන් ඔක්කොම දැකල මූ ෆුල් කිට ගහල හරකගෙ ලනුව අල්ලන් ෆුට් බෝඩ් එකෙ යනව...වෙල ඉවරවෙලා හරක ගහක බැඳල බස් එකෙ යනගමන් ගෙදරට කෝල් 1ක් දීල කිව්වලු හරක බැන්ද තැන...
B:ඩයලොග් එක දන්නවනම් ඇඩ් එකක් කරයි කතාව අල්ලල....
C:මොන කතාද හරියට සිග්නලුත් නෑ බන් ඔව්වයි
A:සිග්නල්නම් වෙනස් වෙනව කියමුකො මන් මේ ලඟදි ටිගෝ සිම් එකට කාඩ් එකක් ගන්න ගියා දැන් ටිගෝ කාඩ් නෑලු වෙනස්වෙලා ඇටිසලා කියල...
D:මිනිහෝ මෙතන කිව්වවට තැන් තැන්වල කියන්න එපා...ඇටිසලා නෙමෙයි එටිසලාට්...
(මම මේ දවස්වල වැඩකරන්නෙ පාරෙ සයිට් 1ක ඉතින් කෑම විවේකෙට කට්ටිය වාඩිවෙලා පච හලන වෙලාවෙ මට ඇහුන කෑලි ටිකක් තමා... මේ අයගෙ නම් මම හරියට දන්නෙ නෑ.සයිට් එක කොළඹ කියල කස්ටියට තේරෙනව ඇති..ඔය වචන මට පුලුවන් උපරිමයෙන් වෙනස් කරල තියෙන්නෙ මීට වඩා වෙනස් කලොත් කතාවල රසේ නැතිවෙනව...)

තවත් එක පිටුවක්(in my real diary)

ආදරය ලන්සුවකි විවාහය වෙළඳාමකි...

මීට වසර 3කට පෙර සිරිසේන සහ මා දෙදෙනාම එකම ඩිප්ලෝමාව හදාරන අය විය..අපදෙදෙනාගේ බොහෝ අදහස් එක සමාන විය..විදේශ අධ්‍යාපනය සඳහා එන්ගලන්තයට යෑමේ උවමනාවක් අප දෙදෙනාටම විය..අදහසක් විනා ඒ සම්බන්ධ පැහැදිලි සටහනක් අප දෙදෙනාටම නොවීය..අප ඉගනගත් පන්තියේම රූපයෙන් ඉතා ලස්සන හැඩරුව ඇති යෞවනියක වූවාය..ඇය නමින් දයාවතී වූ අතර සීනියර් මෙන්ම සම වයසේ බොහෝ ආදර ඉල්ලීම් ඇය වෙත යොමුව තිබුනි..

ඇය ඉතා දුප්පත් බවත් ඇයගේ පියා සෙකියුරිටි ඔෆිසර කෙනෙකු බවත් අප දැන සිටියෙමු..බොහෝ ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කලත් මා හා ඇය යම්කිසි වූ මනාප සිතක් ඇතිබව මට යන්තමින් වාගේ වැටහිනි..ඒ සමඟම සිරිසේන කෙරෙහිත් එවැනිම නැඹුරුවක් දයාවතී කෙරෙන් දිස් විය..එවකට හොඳ යහලුවන් වූ අප මා ඇය ගැන කීමට ප්‍රථම සිරිසේන ඔහු සිත ඈ වෙත යොමු වී ඇති බව මට පැවසීය..ඉතා ලස්සන ගැහැනු ලමයෙකු වූ නිසා මාද මදි නොකියා තිබූ ලකුනු අනුව පැනි හැලීමට පටන් ගෙන තිබුනි..

බොහෝ දෙනෙකුට එල්ලවූ ඉතා රලු ප්‍රතිචාර අප දෙදෙනාට හිමි නොවීය..එහෙත් කතාවක් පටන් ගත්තේද නැත..කුකුල් කේන්තිකරුවකු වූ මා ඉස්සර විය..මා ඇගෙන් මනාපය විමසීමි..එස් එම් එස් හුවමාරුවක් වූ එය අවසන කිසිදු පැහැදිලි හෝ අපැහැදිලි ප්‍රතිචාරයක් රහිත පසුබිමක් දින 2-3ක් තිබූ අතර එය වැරදියට අල්ලාගත් මා ඇය මාහට අමනාප යයි වටහාගන්නා ලදී..එහෙත් ඒ වනවිට මායැවූ සමහර පණිවිඩ ඇයට දරාගත නොහැකි වූ අවලාද වූ නිසා අප යලිත් කතා නොකර සිටියෙමු..

කිසිදු භෞතික හේතුවක් නොමැතිව කතා නොකර සිටින අප දෙදෙනා බොහෝ යාලුවන්ට ප්‍රශ්නයක් ඇතිකලේය..ඇයද මාද අප දෙදෙනාට වූ කිනම් හෝ ලොකුකමක් නිසා සිද්දිය එක් අයෙකු හැර වෙනත් කිසිවෙකු නොදැන සිටින ලදී..ඉන්පසු ආවේ සිරිසේන වාරයයි පවුල් පසුබිමින් ප්‍රබලයෙකු වූ සිරිසේන එකසිතක් ඇතිව කැමැත්ත විමසා නොතිබිනි..මා ඇසීමෙන් සතියකට පසු ඔහු කරලියට පැමිණ සිටි අතර කිසියම් වූ හේතුවක් නිසා ඒ මඟුලද නොකෙරෙන තැනකට යෙදිනි...

ඇතිවූ ආර්ථික ප්‍රශ්න නිසා මමත්..හොඳ රැකියාවක් සෙට්වූ නිසා සිරිසේනත් අපගේ ඉගනීම් සම්පූරණ වීමට ප්‍රථම රැකියාවලට යොමුවිය..එකම සමාගමේ වෙනස් අංශ දෙකක සුලු සේවකයෙක් ලෙස මමත් නිලධාරියකු ලෙස ඔහුත් සේවය කලෙමි..බොහෝ කල් ගතවුවත් දයාවතී හා මා ටැලිෆෝනයෙන් හෝ කතාකලේ නැත..එහෙත්
සිරිසේන ඇය සමඟ කතාන්දර කියමින් සිට ඇත..ඒ අතර අප තිදෙනාම කලකදී එකට හමු වූ පාඨමාලාව් ඇයද සම්පූර්ණ නොකර වෙනත් රැකියාවකට යොමු වී ඇති බව මට අසන්නට ලැබිනි..යාන්ත්‍රික සහකාර ඉංජිනේරු වරුන් වීමට පැමිනි අප තිදෙනාම එම සිහිනය හැර යෑම හරිම පුදුම දෙයකි..අප පන්තියේ මුලින් සිටි හතලිස් ගනනින් සම්පූර්න කිරීමට කිසිදු අදහසක් නැතිව තව අයෙකුගේ වටිනා නිදහස් අධ්‍යාපන අවස්තාව පැහැර ගැනීමට අකාරුණික වී තිබුනේ අප තිදෙනා පමණි..

මීට මාස ගනනකට ප්‍රථම යහලුවෙකුගේ අවශ්‍යතාවයකට අප ආයතනයට පැමිණි දයාවතී හා මා හමුවිය.එකල මෙන්ම එදිනද ඇගේ ප්‍රියතම ස්ටයිල් එකක් වූ ඩෙනිම හා කලු සැට්ටය ඇයට මනා පෙනුමක් එකතු කර තිබිණි.හොඳින් කා බී පරණ කේස් අමතක කර අප කතාකල අතර ඇය වැඩිදුර ඉගනීම පිණිස එන්ගලන්තයට විදේශගත වීමට අදහස් කරගෙන සිටින බව දැනගතිමි..වෙනත් යහලුව්කුගෙන් ඇය විදේශගත වන්නේ ඇගේ අක්කා එන්ගලන්තයේ සිටින හෙයින් යැයිද මා දැනගතිමි..ඇයගේ අක්කා එංගලන්තයේ නම් ඇයගේ පියා සිකියුරිටි ඔපිසර කෙනෙකු වීම බොරුවක්ද??කිසිදු ආකාරයකින් ඇය අක්කා එංගලන්තයේ සිටින බව අපට නොහැඟුවේ ඇයි..වීසා ඇති රැකියාවක් කරන මට්ටමේ අක්කා කෙනෙකු සිටි නංගී අපට දුප්පත් ලෙස පෙනුනේ කිනම් අපගේ වරදක් නිසාද??එවැනි සරල ප්‍රශ්ණ කීපයක්ම මට ඇතිවිය..

ඊයේ මා හමුවීමට අප පන්තියේ එකට සිටි ගජ මිතුරෙකු පැමිණියේය..උඹ දයාවතී එක්ක කොක්කක් තිබුනද කියා මගෙන් ඔහු ඇසීය..නෑ යැයි මම කීවේ නොසැලකිලිමත් බවක් ආරූඩ කරගනිමිනි..හා එහෙනම් කමක් නෑ යයි ඔහු කීය..එහෙත් මා යලි බල කරන්නට වූ නිසා ඔහු කතාව කීය..ඔහු කීව ආකාරයෙන්ම මා ඉදිරිපත් කරමි..උඹට මතකද අපිත් එක්ක අර ඒ සී කෝස් එකක කරපු කෙමිකල් ඉංජිනියර්..ආරියපාල ..ඌ දවසක් මගෙන් අහනව දයාවතී දන්නවද කියල..

ඌ හෙන වයසයිනෙ(31) බන් අපිට වැඩිය ඉතින් මට පුදුමයි මූට කෝමද දයාවතී සෙට් උනේ කියල..හා එහෙනම් මූ ඒකි වැඩකරන ඔෆිස් එක පැත්තෙයන්න ඇති ඒපැන්නේ මාය..තෝ හිටපන් පනින්නැතිව..මෙහෙමයි සිද්දිය දයාවතීලගෙ අක්ක ආරියපාලගෙ යාලු ෆිට් එකක්,, උන් දෙන්න ෆේස්බුක් එකෙන් සෙට්වෙලා තමයි
දයාවතී සෙට් කරල අක්ක දයාවතී යූකේ වලට ආරියපාල එක්කම ගන්න..ට්‍රයි කරල.ආරියපාලයත් රට යන්න තමා ඉඳල තියෙන්නෙ ඉගනගන්න,, ඒත් ඌට බැඳල ඩබලක්ම වෙලා යන්න තමා ඔක්කොම ප්ලෑන ..විස්තරේ විදිහට අක්ක තමා වැඩේ ඔක්කොම රන් කරල තියෙන්නෙ..අක්ක දයාවතී ගැන ඉංග්‍රීසි පත්තරේක ඇඩ් එකකුත් දමල තිබුන කියල තමා චමිතය කිව්වෙ...ඉතිං ඉතිං වැඩේ හරිද දැන්.ඒ මාය .දන්නෑ බන් මම දන්නෙ ඔච්චරයි..

දැන් පරීක්ෂන නිරීක්ෂන හමාරය මගේ නිගමනය පහත වෙයි...
මා හා
සිරිසේන යන දෙදෙනාම යූකේ සිහින ඇත්තෝ වූ හෙයින් අපට කහ සිග්නල් වැටී ඇත..එහෙත් දෙදෙනාටම ඩ්‍රෝවින් එකක්(ප්ලෑනක් ) නොමැති වූ නිසා අප දෙදෙනාට දයාවතී කෑමැති වී නැත..එනම් රතු හෝ කොල නැතිව කහ දැල්වෙමින් තිබී ඇත්තේ හොඳ ස්තිර යූකේ ප්ලෑනක් එනතුරුය..

Friday, June 11, 2010

usage of atomic clock පරමාණුක ඔරලෝසු

සාමාන්‍යයෙන් දත්ත සම්ප්‍රේෂණයෙදි ආකාර දෙකක් තියනව ඒ තමා synchronous සහ asynchronous කියන මූලික ආකාර දෙක ඔබ පරිගණක විද්‍යාව හෝ විදුලි සංදේශ සම්බන්ද අයෙක් නම් ඔබ මෙම ආකාරදෙක අසා ඇති.දත්ත සම්ප්‍රේශනයෙදි අපිට අවශ්‍ය වෙනව දත්ත දෙකක් හෝ කීපයක් සම්ප්‍රේශනයෙදි අඳුනගන්න..ඒ කිව්වෙ අපිට සම්ප්ප්‍රේශනයෙදි එක් කෙලවරකින් ලබාදෙන දත්ත කොටස් කිනම් ස්ථානයකින් පටන් ගෙන කිනම් ස්ථානයකින් අවසාන වෙනවාද කියන එක දැනගන්න ඕනි.

මේ ලිපිය කියවන ඔබ ලිපියෙ වාක්‍ය වෙන්කරගන්නේ කොමා නැවතීමෙ තිත් වලින් අන්න ඒ වාගෙ එක් කෙලවර හා අනික් කෙල්වර අතර දත්ත සම්ප්‍රේශනයට එකිනෙක වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමයක් තිබිය යුතු බව ඔබට වැටහෙනව ඇති..ඇසින්ක්‍රොනයිස් ක්‍රමේදි දත්ත කොටස් වෙන්කර ගන්න අමතර දත්ත කොටසක් දත්ත වලටම ඇතුලු කරනව..සින්ක්‍රොනයිස් ක්‍රමේදි ඒ දත්ත එක්තරා වෙලාවකට අනුව යවනව...

ඉතින් ඔය සින්ක්‍රොනයිස් ක්‍රමේදි වෙලාව වෙන්කරගන්නෙ කෝමද??ඒක සරල කාරනාවක් නෙමෙ හිතන්න මේ ක්‍රමේට අපි ඇමෙරිකාවට සම්ප්‍රේශ්නය කරනව කියල එතකොට අමෙරිකාව සහ අපි කියන අන්ත දෙකම ඉතා නිවැරදි කාල ප්‍රාන්තර තෝරාගත යුතු වෙනව..මෙහෙම වෙලාවට අපි පරමාණුක ඔරලෝසු භාවිතා කරනව...

පරමානුක ඔරලෝසු (atomic clock) කියන්නෙ ලෝකෙ නෙමෙ මේ විශ්වයෙ උනත් ඉතාම නිවැරදි වෙලාව දක්වන දෙයක්...විකිරණශීලී මූලද්‍රව්‍ය ප්‍රමාණයක් පරමාණුක විපර්යාස වලට භාජනය උනාම ඒ මූලද්‍රව්‍යය භාගයක් වෙන්න සංවෘත පසුබිමකඩි ගන්න කලෙට අපි විකිරණශීලී මූලද්‍රව්‍යක අර්ධ ආයු කාලය කියල කියනව..ඉතින් මේඅර්ධ ආයුකාලය කියන එක විශ්වයෙ මේ සක්වල තුල නියත දෙයක්..කොටින්ම අපේ විද්‍යාඥ මහත්තුරු තත්පරය කියන එක අර්ථ දක්වන්නෙත් විකිරනශීලී මූලද්‍රව්‍යවල අර්ධ ආයුකාලය සැලකීමෙන්..

සීසියම් කියන්නෙ ඔය කාල ගණන කටයුතුවලට යොදාගන්න ප්‍රමුඛ මූලද්‍රව්‍යයක්..ඒක ආවර්තිතා වගුවෙ පලමු කාන්ඩයෙ තියෙන සක්‍රිය ලෝහයක්..සීසියම් කියන මූලද්‍රව්‍යය විදුලි සංදේශ ක්ෂේත්‍රයෙ කාල ගණනය සඳහා යොදාගන්නවා..ඒ කිව්වෙ ඔය මහලොකු දත්ත මලු ගෙනියන අන්තර්ජාතික සම්ප්‍රේශනවලට වාගෙම සාමාන්‍ය දේශීය ප්‍රකාශ තන්තු සම්ප්‍රේශන වලටත් මෙම පරමාණුක ඔරලෝසු භාවිත කරනවා...

ඔය පරමාණුක ඔරලෝසු වල පේටන්ට් බලපත්‍රය හරි පරමාණුක බලපත්‍රය හරි හිමිකම තියෙන්නෙ අමෙරිකාවට..ඉතින් අමෙරිකාවෙත් එකම එක කොම්පැනියක් විතරයි ඔය පරමාණුක බලපත් භාවිතා කරල ඒ ඔරලෝසු හදන්නෙ විදුලි සන්දේශ භාවිත වලට.... අනික් රටවල් වලට අමෙරිකාවෙන් මිලදී ගන්නම වෙනව..ඒත් චීන්නු වෙනත් ක්‍රම අත්හදා බලල ඒ අවසාන ප්‍රථිපලම ගන්න ප්ලුවන් විදිහෙ අලුත් පරමාණුක ඔරලෝසු හදල..ඒවයෙ ඇතුලෙ තියෙන්නෙ රුබීඩියම් කියන විකිරණශීලී මූලද්‍රව්‍යය...

සීසියම් තරම්ම නිවැරදි නැති උනත් අව්ශ්‍යතාව්ය පිරිමහගන්න රුබීඩියම් ඔරලෝසුවෙනුත් පුලුවන්...ඒත් මිල අතින් ගත්තොත් චීනක්‍රමය සහිත රුබීඩියම් ඔරලෝසු අමෙරිකා සීසියම් ඔරලෝසු වලට වඩා දෙගුණයක් විතර ම්ලෙන් වැඩියි...
මෙතන පරමාණුක ඔරලෝසුවක් කිව්වෙ අර කටු කැරකෙන හරි වෙලාව පෙන්නන හරි එකක් නෙමෙ එකෙ රාජකාරිය තමා නිවැරදි කාල සංඥා ලබාදීම...එය කොටු හතරැස් රවුම් වෙන්න පුලුවනි ඒත් වෙලාව ඇහැට පේන එකක් නම් නෙමෙ...

Thursday, June 10, 2010

මැදියම් කිස

දිනය: පසුගිය සතියේ දිනකි
වේලාව:පස්වරු 11.00 ට පමණ
ස්ථානය: පානදුර සිට බණ්ඩාරගම මාර්ගය..

උදේ සිට කල රාජකාරී ගමන නිමා වන්නට ආසන්න වී තිබුනි..අපේ සර් පානදුරෙන් බැස්සවූ මම හා රියදුරු චමින්ද පාර්සලයක් බාර දීමට බන්ඩාරගම වෙනත් මහතකුගේ ගෙදරට යෑමට වාහනය හැරවූවා පමණි..පොලීසියේ හා වෙනත් කීපදෙනෙකුගේම අත් පාරට යොමු විය..මෙම වෙලාවේ හැටියට උදව් කිරීම නුවණට හුරු වු දෙයක් නොවුනත් අපේ චමින්ද එම ස්ථානයේ සිටි හාමුදුරු නමක් දැක උන්වහන්සේව ගෙන යෑමට කැමති විය..අලුතින් ගත් කැබ්‍රියේ ඉදිරිපස අසුනට වී නිදිකිරමින් සිටි මටනම් මේ වෙලාව පින් කිරීමට සුදුසු වෙලාවක් නොවන බව සිතිනි..හාමුදුරුවෝ පසුපස අසුනක හෙලීම යුතු නොවන හෙයින් මා පසුපසට ගියෙමි..දැන් හාමුදුරුවෝ නැග අවසානය..කලින්ම ඔහු කතාව පටන් ගත්තේය..මෙතනට ආවම පොඩි බස් එකක් හම්බ උනා,, අර අතන කඩේ මනුස්සයෙක් එක්ක ඒකෙ කොන්දොස්තර ගෝරියක් දාගෙන එතන පොලිසියෙනුත් ඇවිත්,,එක්කෙනෙකුගෙ ඔලුවත් පැලිල ,,ඉතින් බස් එකෙ ගමන එතනම නැවතුනා....

වාහන කීපෙකටම අත දැම්ම ඔක්කොම ළඟට යන ඒව..


ඔය මහත්තයල කොහෙද කියා හාමුදුරුවෝ අපේ රියදුරු චමින්ද දෙස බැලීය..මම ගිරි උල්ලෙ චමින්ද කීය..ඉන්පසු මා දෙසට හැරී එතකොට ඔය මහත්තය,,මා ද මාගේ ආසන්නම නගරය කීවෙමි...
.යලිත් හාමුදුරුවෝ:මම ගාල්ලෙ ඉඳල එන ගමන් මම ගාල්ලෙ.............එකේ උගන්නනව ඒක ලොකු ඉස්කෝලයක් ,,මම දන්න කියන මහත්තයකුගෙ බණක් තිබුණ ඉතින් පුලුවන් ඉක්මනින්ම ආවත් ටිකක් රෑ උනා හෙට සෙනසුරාද මට පන්තියක් තියනව ඒ නිසා මම අදම එන්න පිටත් උනා...

ඔය මහත්තයල කොහෙයන ගමන්ද ??අපි අපේ මහත්තයෙකුගෙ පාර්සලයක් දෙන්න යනවා..හෙට සෙනසුරාද නිසා අද මේක දීලම යනව..අපි ...........එකේ චමින්ද කීය..
ඒ මහත්තය කොහෙද???

මහත්මයා හඳුනා ගැනීමට හාමුදුරුවන්ට අවැසි උවත් ළඟදී පදින්චියට ආ කෙනෙක් වූ මහතා හඳුනාගැනීම අප දුන් දත්ත මඳ නිසා හාමුදුරුවන්ට අපහසු විය....

මෙහෙ තමා මගෙ පන්සල..මම කලින් හිටියෙ මෙහෙ ඉස්කෝලෙක ඉතින් ඒ කාලෙ ඉඳල තාම මම මෙහෙ පන්ති කරනව..

ඔය මහත්තුරු කාලද???

අපි හාමුදුරුවනේ එමින් ගමන් තේ එකක් බීල ආවෙ ....

හාමුදුරුවන්ට කෝල් එකක් විය...සිරිදාස තව ටිකකින් මම එනව ...........එකේ වාහනයක් හම්බ උනා.පොඩ්ඩක් ඔය ගේට්ටුව එහෙම ඇරල තියන්න..

අප ගමන් කලේ කැබ් රියක උවත් කැබ්‍රිය අලුත් එකක් වීමත් පාර සීරුවට ළඟදී කාපට් වී තිබුන නිසාත් ගමන සුවපහසු විය....
මහත්තය මේක ගොඩක් සුවපහසුයි?/කීයක් විතර වෙනවද මේක...ලක්ෂ 40ක් වත් ඇති මයෙ හිතේ...

නෑ හාමුදුරුවනේ මේක ලක්ෂ 98කට අපේ කොම්පැනියට අරන් තියෙන්නෙ එලියෙ 80ක් විතර වෙනව...

දැන් 60ට විතර බැහැල ඇති..මාද කීමි...
හාමුදුරුවෝ විශ්මයට පත් විය.....

මේක ගැස්සෙනව එහෙමත් බොහොම අඩුයි නේ ආසනත් හරිම සනීපයි...එහෙත් දවස තිස්සේ බොහොම රලු පාරවල්වල ගැස්සෙමින් සිටි අප දෙදෙනාට කීමට පිළිතුරු යමක් ඉතිරි නොවීය...
එවිටම වේගයෙන් ගිය අපේ වාහනයට කාර් එකක් ඉදිරියේ දිස් වන්නට විය..දැන් හාමුදුරුවෝ බැසීමට ආසන්න තැනටද සමීපය,,..

ඔය ඉස්සරහින් යන වාහනෙත් නවත්ත ගත්ත ඒකෙ හිටපු මහත්තය කිව්ව බොහොම ළඟින් හරවනව කියල...

රෑනිසා බයවෙන්න ඇති හාමුදුරුවනේ ඒ අපේ චමින්දය
මං දවසක් ඔය වාගෙ කට්ටියක් අරන්ගිහින්,,උන් මහ අස්සකට යනකල් එක්ක යන්න උනා...චමින්ද කතාවක් කීය..එය බොහෝදුරට නයෙක් විය හැක...

ඔය ඉස්සරහ බෞද්ධ කොඩියක් තියෙන තැනින් නවත්තන්න...මෙතන ඉඳල වැඩි දුර නෑ නෙ හාමුදුරුවනේ.ඒ චමින්දය.නෑ මේ ලඟමයි හාමුදුරුවෝ කීය අප දෙදෙනාට පින් දුන් හාමුදුරුවො බැස ගියේය...

Wednesday, June 9, 2010

නම් තැබීම

රජ කෙනෙක් ගියාලු හම්බන්තොට පැත්තෙ සවාරියක්..ඉතින් වලවෙ ගඟ තියෙන්නෙ ඔය ඒරියා එකෙ නෙව..අපේ මහරජ හිතුවලු වලවෙ ගඟ මූදට වැටෙන තැන තමා හම්බන්තොට තියෙන්න ඕනි කියල..ඉතින් ඈතින් පේන වලවෙ ගං මෝය දැකපු මහරජ කිව්වලු ආම්බලන්තොට කියල ඉතින් රජ කියපු දෙයක් වෙනස් කොරන්ටත් බෑ නෙ..ඊට පස්සෙ තමා ඔය අම්බලන්තොට කියන නගරය හැදිල තියෙන්නෙ..

බෙලිඅත්ත කියන නගරය එක කාලෙකදි මහ කඩපිලක්..ඔය කඩපිල තිබිල තියෙන්නෙ බෙලි අත්තක් උඩ ඒ නිසා තමා බෙලිඅත්ත කියල හැදිල තියෙන්නෙ...

පස්සෙ කාලෙක බොහොම මොඩර්න් විදිහට හැදුන රජ කෙනෙක් ගියාලු අනුරාධපුරේ..ඒ කාලෙ ඔය සුද්ද එහෙම වෙරලබඩ රන් කරපු කාලෙ..ඉතින් බොහොමයක් සිද්ධස්ථාන දැකපු රජට හිතුන ටිකක් ඈතින් තියෙන විහාරයක් බලන්න ඉතින් අනුරාධපුරෙ පැත්තෙ තියෙන රස්නෙ නිසා ඒ ව්හාරෙට යන රජතුමාට ටිකක් මහන්සි ඇවිත් කීවලු මහ ඇමති ටූ ෆා(too far ) ආරාමයක්නෙ මේක කියල්,,,... ඒ විහාරෙ වෙන්න ඕනි අදත් අපේ අය වඳින්නෙ තූපාරාමය කියල..මම හිතන්නෙ,,,.

Tuesday, June 8, 2010

නපුන්සකත්වය ගැන අංශුවක්..

බොහෝ අයට ලංකාවේදී ඉපදුන ගමන් ලැබෙන සහතිකයක් වෙයි..එය උප්පැන්න සහතිකය වෙයි..ක්‍රීඩා අමතර ක්‍රියාකාරකම්,වෙනත් වැඩ සහ හරිහමන් වලියකටවත් අතනොදමන බහුතර මා වැනි අලයෝ ලඟ ඇති සහතික කීපයෙන් නිකම් ලැබුනු මහාර්ඝ වස්තුවකි උප්පැන්න සහතිකය..මා රැකියාවට යෑමට සැරසුඅ විට හොඳ ෆයිල් එකක් මිලදී ගත යුතුව තිබුනි..මා හට අවැසි වූයේ 5-6ක් සහතික ගබඩා කල හැකි ෆයිල් කවරයකි..මන්ද මා හට තිබූ සහතික ප්‍රමාණය ඉතා මද වූ හෙයිනි..

සාමාන්‍යයෙන් උප්පැන්න සහතිකයේ වැදගත් යමක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය දැක්විය හැක..අපේ පුන්චි තාත්තාගේ නමට අපේ රිචට් සීයා දී ඇත්තේ ගැහැනු නමකි(රන්ජිත් වෙනුවට රන්ජනී).එය බලාගෙන පහල තීරු ලිවූ නොතාරිස් රාලහාමි මොහු ගැහැනියෙකු යය් ලියා පසු කලෙක එය වෙනස් කර ගැනීමට හද්ද චාටරයක් කෑ වේය..ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන එම ආච්චී කියන්නේ එම අවස්තාවේත් අපේ රිචට් සීයා කාලක් ක්‍රියා කොට තිබිය හැකි ඇති බවකි..කෙසේ උවත් ඉපදුන අවස්තාවේ තිබූ ලිංගය ගැන අදහස් දැක්වීමට ඉතිහාසය ගැන ගල්පලන වංශකතා වැනි විස්වාශනීය ලිඛිත සාක්කියකි උප්පැන්න සහතිකය..

ලිංගික භාවය තීරණය කිරීමට බොහෝ අය පිටතින් පෙනෙන කකුල් දෙක අතර තීරුවේ පිහිටීම කෙබඳු දැයි කුඩා කලදී බලති..එහෙත් ප්‍රමාණයෙන් විශාල වෙත්ම එම පෙදෙස් කැත හා අවලස්සන වන හෙයින් ඒවා වසා ගන්නා ලෙස සංස්කෘතිය බලකරනු ලබයි..මා දන්නා පරිදි බොහෝ වනචාරී ගෝත්‍රිකයින් පවා තමාගේ ලිංගික අවයව වසා සිටීමට ක්‍රියා කරනු ලැබේ..නිරුවත් වානරයාහි ඩෙස්මන් මොරිස් අදහස් දක්වන පරිදි ඇඳුම් අදින්නේ විලිවසාගැනීමටවත්,සීතලෙන් ආරක්ශා වීමටවත්,මැසිමදුරුවන්ගෙන් ආරක්ශා වීමටවත් නොවෙයි..ලිංගික ආකර්ශනය වැඩිදියුනු කරගැනීම සඳහාය..ඔහුගේ මතය සනාථ කිරිමට වැඩ්දුර අදහස් ගෙනහැර දක්වන මොරිස් මැදපෙරදිග රටවල ගැහැනුන් හිසේ සිට පාදය තෙක් වසා ගැනීමත්,යුරෝපීය සෞම්‍ය කලාපීය රටවල ගැහැනු බොහොදේ නිරාවරණය කිරීමත් උෂ්ණත්ව වෙනස හා පරිසර තත්වවලට අනුකූල නොවන අයුරින් සිදුවී ඇති ආකාරය පැහැදිලි කරයි..මගේ නම් අදහස ලිංගික අවයව සෝදාගත් විගස හැර බොහෝවිට දැකුම්කලු අවයව නොවෙයි..ඉතින් මේ සැබෑ ආකාරය නිතර නිරාවරණය වීම ලිංගික හැඟීම වර්ධනයට බාධාවක් වන හෙයින්..දෙවියන් වහන්සේ එම කැත වස්තු අලන්කාර කොට වසා ගැනීමට වස්තර මවා ඇත..

ඉතින් අපි දැන් ඔය ලිංග වෙනස් වීම නොහොත් ලිංගික කියන බාහිර සාධක වලින් වෙන අපගමන ගැන ඉතාම චූට්ටක් කතා කරමු..උදේ 7.30-8.30 යන වෙලාවට තොටලඟ හන්දියට එනවනම් ඔයාලට අමුතු අය ටිකක් දකින්න පුලුවනි..ඒ ගොඩක් අය එකම කොම්පැනි 1ක තමා වැඩ කරන්නෙ..තියෙන විශේෂත්වය තමා රූපයෙන් හැඩරුවෙන් පිරිමි අයවලුන් ඇඳුමෙන්,කතාවෙන් සහ හැසිරීමෙන් ගැහැනු මෙන් හැසිරීම..ඇයි එහෙම වෙන්නෙ කියල මම දන්නෙ නෑ..ඒත් මම ගොඩක් වෙලාවට ගෑනු විදිහට ඉන්න ආස කරන පිරිමි අය දැකල තියනව..සමහර අය පිරිමි අය නිකම් පෙම්වතුන් වාගෙ ඇසුරු කරන වෙලාවල් තියනව..

මීට අවුරුදු 2කට කලින් කාන්තා දිනය නිමිත්තෙන් චිත්‍රපටියක් පෙන්නුව රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානෙ ඒ ගිය 1 චිත්‍රපටියක තේමාව උනේ පිරිමින්ට ආස නොකරන ගෑනු ලමයි දෙන්නෙක් ගැන..සමාජෙන් ලැබෙන අවමාන දරාගන්න බැරිව ඒ දකුනු ඉන්දීය කේරල සංස්කෘතියට අයිති ගෑනු ලමයි දෙන්නගෙන් එක් කෙනෙක් සියදිවි හානි කරගන්නව..ඒක නෙමෙ පුදුම වැඩේ කියන්නෙ..ඊට පස්සෙ තිබුන කතිකාව..ඉතින් ඔය චිත්‍රපටිය ගැන ගොඩක් අපේ නපුංසකද මන්ද පිරිමි ගොඩක් හොඳ කතාකලා...කාන්තා සන්විදානෙකින් ඔය වාගෙ .2% කටත් අඩු ප්‍රමාණයක් ගැන කතාකරන චිත්‍රපටියක් පෙන්වීම ගැන මම රම්පෙට පොරිහැලෙන්න කතා කලා..මේ සංවාදෙ කවුරුත් ඒ වාගෙ දෙයක් කතාකරල තිබුනෙ නෑ..යුද්දෙන් බැට කාපු ගෑනු..අස්වැන්න නැති නිසා අසරණ ගොයියගෙ ගෑනි,,මැසින් පාගල වහල්ලු වාගෙ වැඩකරන කලාපෙ සේවිකාවො ගැන කතා නොකර ඉතා දුර්ලභ නැති ප්‍රස්න ඇති කරන මේ වාගෙ හාල් ප්‍රස්න කතා කිරීම මේ වාගෙ උසස් කාන්තා සන්විදානෙක වගකීමද???ඕක තමා මගේ ප්‍රස්නෙ උනේ..මෙතෙක්වෙලා ගෑනු නිදහසට කඩේ ගිය බොරු පිරිමි රොත්තටයි ඒකෙ ඕගනයිසරියන්ටයි ටිකක් රිදුන..මගේ කතාව ඉවර උනා විතරයි කීප දෙනෙක්ම නැගිට්ට උත්තර දෙන්න...ඒත් ඒ අතරින් කීප දෙනෙක් හිටිය අමුතුම අය..ඒ අය පිරිමි අයට ආසාවක් නැති ගැහැනු විශේෂයක් කියල එයාල ලෙස්බියන්ලට මේ සමාජෙ තියන තැන ගැන කතාකලාම මට තේරුනේ...ඉතින් එහෙම අය ගැන අහල විතරක් තිබුන මට ඒ වාගෙ අය කීප දෙනෙක්ම දකින්න ලැබුන..ඒ අතර ඒ අය මීට කලින් වෙනත් ප්‍රස්න කතා කරල තියනව කියලත් කිව්ව..අවසානෙ මම කතා කරන්න ගියේ නෑ..1.මගේ සබකෝලය..2.මට මා හැර කිසිවෙකු ඉතිරි නොවීම...ඒත් ලංකාවෙ ඒ වාගෙ ගෑනු අය ඉන්නව කියල මම දැනගත්තෙ එදා....

සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති ලිංගිකත්වය හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ අධිකතර පීඩනය පහල පන්තිවල අයගෙ සමලිංගික නැඹුරු වීම්වලට බලපානව කියල මම හිතන්නෙ...කලාපේ වැඩකරන,,කාන්තා නේවාසිකාගාර ආදියෙ සමලිංගික හැසිරීම් තියෙන ගෑනු ලමෝ ඉන්නව කියල මම අහල තියනව..මට මතක් වෙනව නලින් පෙරේර මේ අසහන කාරී වටපිටාව ගැන කියනව,,මේක හරියට හොඳට කන්න දීල අධෝ මාර්ගයට ප්ලාස්ටර සෙට් කරගන්න කියන සමාජයක්..උදේ හවස ෆිල්ම් වලින් ලව් කරනව පෙන්නල,,සමහර විට ඉඹිනව පෙන්නන මේ සමාජෙ උන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඇතිල්ලිලා බස් එකේ යෑමත් වැරදි විදිහට දකිනව..වරද්දගන්න එපා බුදුදහම අනුමත සමාජෙ එක්ක..,,, ඒ කාලෙත් නගර සෝබිනියො හිටියෙ නගරෙ ලස්සන කරන්නද???උයන් වතු තිබුනෙ මිනිස්සුන්ට ගිමන් අරින්නද???එතකොට රජ සිටු මැතිවරු පරිවාර ස්ත්‍රී සේනාව තියන් හිටියෙ අනාගතේ ගෑනු හමුදාවක් එයි කියල බයේද????හප්පෝ ඔව්ව කතා කරන්න ගියොත් මම සිල් බිඳින්න හදනව කියල කට්ටිය චෝදනා කරයි..ඇත්තටම අද පවතින මේ රුවිත සිස්ටම් නිසා සමලිංගික නැඹුරුව වැඩිවෙනව කියන එක සමහරු පිලිගන්න කැමතිවෙන එකක් නෑ...ඒත් එහෙම දෙයකුත් තියනව..

අපි පහුගිය කාලෙ අහපු බස් සින්දු එකතුවක් තිබුන..ඒ තමා මාලනී දෙපල( බුලත්සිංහල සහ නන්දා ) කියන සින්දු නපුන්සක කටහඩින් කීම..ඇත්තටම එතන ලස්සනට මාලනී දෙපල කියන සින්දු හරි ලස්සනට අහන්න හැකියාව තියාගෙන මිනිස්සු නපුන්සක වොයිස් එකට ආස මොකද කියල මට හිතාගන්න බෑ..තාලෙන් සමහර තැන්වලින් සමාන උනාට ඒ වෙනස අඳුනගන්න බෑ කියන්නෙ නම් අතිශයෝක්තියක්ම තමා....

චීන ෆෝන් ආවට පස්සෙ ජනප්‍රිය උන වැඩක් තමා කටහඬ වෙනස් කර කතා කිරීම..ඉතින් සමහර උන්ට දැලිපිහියට වඳුර අහු උනා වාගෙ ඔය වාගෙ එකක් අහු උනාම හතර වටේටම ගෑනු කටහඬින් කොල්ලොන්ට ආතල් දෙනව...ඔව්වයි සමහර දේවල් රෙකෝඩ් කරල අහනව..මාර ෆන් ජෙනරේටින් වැඩක් සමහර උන්ට ඔය වැඩේ...තව ෆේස්බුක් එකේ ගෑනු ප්‍රොෆයිල් එකක් හදන් කාගෙහරි ගෑනු ලමයෙකුගෙ පවුලෙ පිංතූර දාගෙන නපුන්සක චරිත රඟපාන එකත් දැන් ජනප්‍රිය වැඩක්..ඉතින් අපේ පැනි කාරයො දාන පැනි..ලියන කවි..එන අටෝරාසියක් කොමෙන්ට් බලනව අර ලස්සන ගෑනු රූපෙකට මුවා වෙලා...

වැල්ලවත්ත උස්වැටකෙයියාව,බම්බලපිටිය පැත්තෙ වැටකෙයිය,පඳුරුවලට,ගල්වලට මුවාවෙලා පෙම්වතුන් දිහා බලන් අමුතු ආතල් ගන්න මුත්තල වාගෙ පිරිසක් විදිහට තමා මමනම් ගෑනු රූපයක් දමාගෙන මූනුපොත බලන පිරිමි අය දකින්නෙ...ඒ වාගෙම තමා කොමෙන්ට් වැඩි වෙනව කියල ගෑනු නමක් රූපකායක් දමන් බ්ලොග් ලියන අය..තමන්ගෙ ලිංගිකත්වෙ ගැන ෂුවර් නැති මිනිහෙක් දමන බ්ලොග් කෝම විශ්වාස කරන්නද මන්ද....

ඇත්තටම ජීව විද්‍යාත්මක පදනමක් සහිත ජානමය හා හෝමෝනමය සංකූලතා නිසා නපුන්සක ගති පෙන්වන අයත් ඉන්නව අපි ඒ අයටනම් පැහැදිලිව සමාජෙ නිසිතැන දෙන්න ඕනි..තැන දෙනව කියන්නෙ මිනිහට ඇහෙන්නම අනේ පව් නේද මෙයා එයාගෙ හැටි කියල උගෙ සනුහරේ තියෙන ආත්මගෞරවේ නැති කරල දාන එක නෙමෙ..එයාල දිහා සාමාන්‍ය විදිහට බලන්න හුරු වෙන එක..ඒ අයගෙ සාමාන්‍ය ජීවිතේ ගලාගෙන යෑමට ඉඩහැරීම..හැමවෙලාවෙම අනුන්ගෙ කුනු කන්දල් හොයන වට්ටි අම්මල පෙට්ටි තාත්තලටනම් මේක මාර අමාරු දෙයක්..ගමේ එකෙක් ඉංග්‍රීසි කෑල්ලක් වැරැද්දුවහම හිකිස් ගාන උන්,, ගෑනු වගෙ ඇඳන් ජෝගි නටන උන්ගෙ ජාන වෙනස් කියල අනුකම්පාව දෙයිද???

අනේ ඔයා නපුන්සක උනාට අපි ඔයාට අපි වෙනස් කම් කරන්නෙනෑ...ඔය වගෙ කමෙන්ට් වාගෙ අදහස් එපා...අපි මොනාහරි ලිව්වම එන කොමෙන්ට් අපේ ජාතකේ අවුස්සන,,මගේ මනස කියවල බෙහෙත් දමන්න හදන ඒව වෙන එකතමා මම නොදිරවනම කොමෙන්ට් ජාතිය..

.මේ ඉහත අදහස් වලට විවේචන තියනවනම් comment දමල යන්න...

Sunday, June 6, 2010

without install ubuntu reading sinhala

උබන්ටු ස්ථාපනය( install ) නොකර සිංහල කියවීම හා මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලින් වැඩගැනීම

මම අද කියන්න යන්නෙ...අතේ ගාගන්නෙ නැතිව සීනි කනව වාගෙ වැඩක්..අපිට හැමතිස්සෙම අපේම කොම්පීටරයක් ලැබෙන්නෙ නෑ නෙව..වැඩ කරන්න..හිතන්න ඔයා යාලුවෙක් ගෙදර ගියා..දැන් එයා කැමති නෑ එක එක ප්‍රෝග්‍රැම් උගෙ මැසිමෙ දානවට...නැත්නම් මාමලගෙ ගෙදර ගියා කොම්පීටරෙ තියනව..ඇඩ්මින් ලොග් කරල...වින්ඩොස් වලින්...තව ඔන්න ජොබ කරන තැන හිතමු..එතනසොෆ්ට්වෙයාර් දමාගන්න බෑ..අපිට මොනාද මේ වාගෙ වෙලාවට කරන්න පුලුවන්...කොම්පීටරේ බයස් වල පාස්වර්ඩ් නැත්නම්, සොඳුරු හොරකමකින් අපිට ඉන්ටර්නෙට් යන්න...සිංහල බලන්න පුලුවනි..

මේ සඳහා ඔබ යොදාගන්න පරිගණකය 512 විතර රැම් එකක් තියනවනම් හරි...

1.පලමුවෙන් ඔබ උබන්ටු 9.10 හෝ 10.04(Ubuntu) සී ඩී එකක් සපයා ගන්න...(ඔබට එවැන්නක් තිබෙනවානම් යන යන තැන සීඩී එක අරන් යන්න පුලුවනි..නැත්නම් ඩවුලෝඩ් කරගන්න හරි ගෙන්නගන්න හරි පුලුවන් නොමිලෙම )
2.ඉන්පසු ඔබ තෝරාගත් පරිගණකයට සීඩී එක ඇතුලුකර රී ස්ටාට් කරගන්න..(පරිගණකයට ඔබේ සීඩී එක ඇතුලු කිරීමට පරිගණකයට ලොග් වීම අවැසි නැත )
**දැන් ඔබට උබන්ටු ලෝඩ් වනවා පේනවා ඇති....එසේ නොපෙනෙනවානම් වහාම බයස් වලට ලොග් වී පලමු බූට් උපාංගය සීඩී ධාවකය බව ස්ථිර කරගෙන නැවත පරිගණකය පණගන්වන්න..
3.දැන් පැමිනෙන දර්ශන තිරයේ Try without installing යන වැකිය මත ඔබන්න.
4.ඔබ වාසනාවන්තයෙක් නම් දැන් ඔබට පහත අයුරු තිරයක් දිස් වෙනවා ඇති..(මෙය උන්බන්ටු 10.04 වල වෙයි )ඔබ සතුව ඇති අතුරුජාල සබඳතාවය මෙහි ඉහල බාර් එකෙහි සවුන්ඩ් වොලියුම් අයිතමයට ආසන්නයෙන් තියනවා..මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් එකක් නම් ඒකත් යස අගේට මේකෙ පෙන්නුම් කරනව ඒ පීකර් කෑල්ලට මෙහා කෑල්ල එබුවහම..ඔය මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකක් නම් මතක ඇතිව එතන මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් සිලෙක්ට් කරල අපේ රටයි තමාගෙ කොනෙක්ෂන් එකයි තෝරගන්න පුලුවනි..
එහෙම නැතිනම් system>>Preferences>>Network connections>> ගියාම එන පහත වින්ඩෝව භාවිත කරන්න පුලුවනි..තමන්ගෙ කොනෙක්ශන් එක හදාගන්න...

මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් එකකින් කොනෙක්ෂම හදාගන්න හැටි පහත තියෙන රූපරාමු වලින් පෙන්නුම් කරනව...පලමුව මොබයිල් උපාංගයHSDPA Modem සම්බන්ධ කරගන්න...
මතක තබාගන්න මෙහිදී කිසිදු විටෙක අර වින්ඩොස් වලදි වාගෙ මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ...ලිනක්ස් වල මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් කරගන්න දඟලනවට වඩා ලේසි ක්‍රමයකට ඉන්ටර්නෙට් යත හැකි..
මෙතනදි පාසුවෙන්ම මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් සිලෙක්ට් කරගන්න...

දැන් ඔබ විසින් සම්බන්ධ කරගත් මොබයිල් උපාංගය පෙන්වනවා ඇත...

ඊටපසු වින්ඩෝවෙහිදී සම්මතයෙන්ම ඇති United state වෙනස්කොට Sri Lankaතේරිය යුතුයි...
ඔබ සතුව ඇති සබඳතාව තෝරා නෙක්ස්ට් දෙන්න...
ඉන්පසු ඉහල බාරයේ සවුන්ඩ් අයිතමයට වමින් ඇති නෙට්වර්ක් අයිතමය ඔබා ඔබේ සබඳතාව තහවුරු කරගත හැක...

5.ඔබ ලඟ සින්හල යුනිකෝඩ් ෆොන්ට්( ttf වර්ගයේ)පෙන් ඩ්‍රයිව් එකක හෝ මෙම මැසිමෙහිම හාඩ් ඩිස්කයේ ඇතිනම් යුනිකෝඩ් ෆොන්ටය ඩබල් ක්ලික් කර ලැබෙන වින්ඩෝවෙ ඉන්ස්ටෝල් එබීමෙන් සින්හල බබා වගේ කියවාගත හැක...ටයිප් කිරීමට යුනිකෝඩ් කනවර්ටරය යොදාගත හැක...

සින්හල ෆොන්ට නැතිනම් http://www.locallanguages.lk/sinhala_unicode_converters හරහා අවැසි යුනිකෝඩ් ෆොන්ටයක් බාගෙන දමාගත හැක


6.ඔබ යොදාගන්නා පරිගණක මව්පුවරුව USB Booting සඳහා සපෝට් එකක්නම් ඔබට සීඩී එක ඔබේ පෙන් ඩ්‍රයිව් එකකට දමාගෙන පෙන් එක හරහා බූ ට් කරගන්නත් පුලුවනි...එතකොට සීඩී එකේ ඉමේජ් එක පෙන් එකෙන් කියවනව...මම පෙන් එකෙන් හාඩ් එකෙන් වාගෙ කෙලින්ම බූට් වෙන හැටි දන්නෙ නෑඒත් සීඩී ඉමේජ් එක රන් කරන හැටි දන්නව..

1.පලමුව සීඩී 1 මැසිමට දමා උබන්ටු බූt වීමට ඉඩ දෙන්න...
2.ඉන්පසු System>>Administration>>Startup disc creater ඔබා ගන්න

3.ඔබ තෝරාගත් ඉමේජය හෝ පවතින ඉමේජය ඔබ සම්බන්ධ කරගත් යූ එස් බීය ට දමාගත හැක...

4.බයස් වලින් යූ එස් බී බූටින් පලමු බූට් එක විදිහට ලබා දී ඉන්පසු ඔබගේ පෙන් ඩ්‍රයිව් එක හරහා උබන්ටු සීඩී රහිතව අත්විඳිය හැක..


කියන්න මොනාහරි තිබ්බොත් ඔය comment කියන එකේ හලල යන්න...

Wednesday, June 2, 2010

ගුරාගේ සාර්ථක ව්‍යාපාරය

ගුරාගේ සාර්ථක ව්‍යාපාරය
පාඨකයාගේ හිතසුව පිණිස මා මේ ගුරාගේ ව්‍යාපාරය පිළිබඳ විස්තර මාතෘකා වශයෙන් ගෙනහැර දක්වමි.බෝජනාගාරයක් වන මෙම ගුරා සම්බන්ධ ව්‍යාපාරය භෝජනාගාරයක් ලෙස තිබිය යුතු අටෝරාසියක් ලක්ෂණ වලින් කෙල පැමිණියක් වන හෙයින් ඒවාද විස්තර කරමි..

ව්‍යාපාරයේ ස්වභාවය....මූදු කොල්ල කරුවෙකු මෙන් මෘදු පෙනුමකින්ද..ඇසුවන් බියපත් කරවන සුමට කටහඬින් හෙබි සිරිපාල මෙහි ප්‍රධාන අයිතිකරුවෙකු වෙයි..සිරිපාල නැවියෙකු බවත් බොහෝ කලක් මූදෙහි සිට ඇති බවත් තතු දත්තෝ පවසති..ගුරා යනු කඩේ මැනේජරයා මෙන්ම ටී බෝයිද වන මල්ටි චරිතයකි..කෑම සෑදීම හා ඒවා සැපයීමේ අංශයේ ප්‍රධානියා වන සිරිවයිෆ් සමඟ එකතු වී සිරිපාල රට සිටි සමයේ ගුරා මේ ව්‍යාපාරය පටන් ගෙන ඇත..සත්තකින්ම ගුරා සේවකයෙක්ද නෑයෙක්ද කියා නොදනී..මා මෙම ව්‍යා පාරය දන්නා කාලයේ සිට ගුරා මෙම කඩයේ නොමැති දිනක් දැක නැත..එහෙත් බොහෝ විටමෙහි සියලු තීරණ ගැනීම් සිදුකරන්නේ සිරිපාල විසිනි..සිරිපාල පුදුම විදිහේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයකට අනුව සිතූ සිතූ දේ ඔහුට ඇවැසි අපිදි කරයි..හිටපු ගමන් කොමෙන්ට් දැමීම ගුරා විසින් කලත් සිරිවයිෆ් මෙන් සිරිපාලගේ තීරන වෙනස් කිරීමට කිසිදු උත්සාහයක් ගුරා නොදරයි..

පාරිභෝගික පසුබිම
ව්‍යාපාරයක් අධ්‍යනය කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් එහි පාරිභෝගික වටපිටාව ගැන සලකා බැලිය යුතු වෙයි..කැලනි ගඟ අසබඩ ඉතා කුජීත භූමිභාගයක කුනු ගඳ පෙනෙන නොපෙනෙන මනරම් වටපිටාවක් මෙම හෝටලයට හිමිය..එම ප්‍රදේශයේ බොහෝ ජනප්‍රිය කර්මාන්තයක් වන ප්‍රතිචක්‍රියකරන සේවකයන්ද(යකඩ,බෝතල්,පත්තර,ඇලුමිනියන්,ප්ලාස්ටික් මිලට ගැනීම හා සුදුසු පරිදි සකස් කිරීම ),හමුදා, පොලීසියේ අයද බෝඩින්කරුවන්ද,ගරේජ් කරුවන්ද,මෙම වීදිය භාවිතා කරන අටෝරාසියක් ජනී ජනයා සිය කුසගිනි නිවාගැනීමට මෙමෙ ගුරාගේ ස්ථානය භාවිත කරයි..ප්‍රතිචක්‍රිකරන සේවකයින් ඔබ නුදුටු පිරිසක් විය හැකිනිසා දැනුවත් කිරීමක් කලොත් මැනැවැයි සිතිනි..මෙම ප්‍රදේශය ආසන්නයේ බොහෝ සෙයින් ප්‍රසිද්ධ කුනු කඳු කීපයක් තිබේ..මාදම්පිටිය..බ්ලූමැන්ඩල් ඒවයින් දෙකකි..ඉතින් මෙම කුනු කඳු හා ආශ්‍රිත අමතර ජීවනෝපායක් ලෙස කුනු කර්මාන්තය වර්ධනය වී ඇත..කොළඹ වරාය ආශ්‍රිත ප්‍රදේශයක් නිසා ඉවතලන දෑ අපන්යන කිරීමට ප්‍රථම එක් රැස් කරන ස්ථාන මෙම ප්‍රදේශයේ ඇත..මැෂින් වලින් ඉවත්කරන ප්ලාස්ටි වීදුරු යකඩ ලෝහ වර්ග..ආදිය වෙන්කරගැනීම මෙහි සිදුවෙයි...උදාහරණ ලෙස ඉවතලන ශීතකරණයක් යනු පොල්ගස වැනි වස්තුවකි කුණු එකතු කරන අයට..එහි පිට රාමුව ලෝහ වලටත්..ඇතුලත ප්ලාස්ටි වලටත්..ඉන්සියුලේශන් කුෂන් වෙනමත්,,කොම්ප්‍රෙසරය ආදිය ඇත්නම් ඒවා වෙනමත් මස්කර ගැනීම සිදුවෙයි..මෙහි පාරක යනවිට..මහා කැබලි කුඩා කරගැනීමටත්..යම් යම් දේ ඉවත්කර ගැනීමටත් වෙර යොදා වදින මිටි පහරවල් වල ශබ්ධය හා දර්ශනය දුලභ දසුනක් නොවෙයි..ඔයිල් මජං මලකඩ හාවෙනත් දේ පිරුණ ගරාජ කරුවන් හා ඒ සමානම කුනු එකතු කරන්නන් අපේ ගුරාගේ ව්‍යාපාරයේ ප්‍රධාන පාරිභෝගික පිරිස වෙති..


ව්‍යාපාරයේ මානව සම්පත..ඉහත සදහන් පරිදි මෙම ව්‍යාපාරික ස්ථානයේ ප්‍රධාන ව්‍යවසායකින් තිදෙනෙකි..සිරිපාල,සිරිවයිෆ්,ගුරා ඒ ව්‍යවසායකයින් වෙයි..සිරිපාල මුදල් පාලනය,කලමනාකරනය හා අනෙක් විධායක නිලතල දෙකේද ප්‍රධානියා වෙයි.කුකරි ඇන්ඩ් අදර් සපලයි හැන්ඩ්ල් කරන්නේ සිරි වයිෆ් වෙයි..කඩේ පාරිභෝගිකයින්ට තේ බීම සැපයීම හා නඩත්තු කටයුතු සිදුවන්නේ ගුරා විසිනි..මේ තිදෙනාටම තාවකාලික හා අනියම් සේවකයින් රාශියකි..මෙහි සේවකයින් එක් වැඩකට පමණක් අනුයුක්ත කොට නැත..උදාහරණ ලෙස කූරක් ලෙස කෙසඟ සරීරය සහිත වූ නිසාත් දිගමූන උල් නාසය හා ඤාව් කට නිසා කූරා ලෙස නම් ලැබූ කූරා සිගරට් ගෙන ඒම,පිඟන් සේදීම,වේටර කම,අදී ක්ෂේත්‍ර ගණනාවක සේවය කරයි..ඔහුට කඩේ වගකිවයුතු නිලතල 3න්ම අණ ලැබෙයි..ඒ මා නමදන්නා පර්මනන්ට් අනියම් සේවකයා වෙයි..තවත් අනියම් සේවකයින් රැසකි..ළඟ ගෙවල් කීපයක ගැහැනු අය කීපදෙනෙක් සිරි වයිෆ්ගේ වැඩ වලට සහය වීමට පැමිණෙති..කඩේට එන දන්න අඳුනන එකෙකුට ප්ලේන්ටියක් දී කඩේ ගොස් බඩු ගෙන්වාගැනීමට තරම් අපගේ සිරිපාල දක්ෂයෙකි..ඔවුන් සමහරකුගේ වැටුප ආහාරය පමණි..එහෙත් ඔවුනට යම් කිසි මුදලක්ද දෙනවා විය හැක..කොත්තු සාදන්නා හා රොටී බාස් සාමන්‍යයයෙන් මාරු වෙයි..පරාට දැමීම ආප්ප දැමීම ඔම්ලට් දැමීම රොටී කැපීම කොත්තු දැමීම,එලවලු බිත්තර රොටී දැමීම රොටී බාස්ට අයිති කොටස් වෙති..ඉවීමට සමර්ථතාවක් ඇති අපේ සිරිවයිෆ් ෆ්‍රයිඩ් රයිස් දැමීමේ කටයුතු සිදු කරයි..අපේ බෝඩිමේ සුදා මෙම ගුරා කැෆේ එකෙන් ආහාර නොගන්නේ එහි මානව සම්පත පිළිබඳ ඔහුට ඇතිවූ ගැටලුවක් නිසාය..බුලත්විඩ කන සුදා කට සේදීමට කඩය පිටුපසට ගොස් ඇත..එවිට පොල්සම්බලක් අතින් මික්ස් කරන දර්ශනයක් දැක ඇත..එයනොවේ ගැටලුව එම පොල්සම්බල මික්ස් කරමින් සිට ඇත්තේ තංගෛ නම් ප්‍රසිද්ද වැසිකිලි වලවල් අදින්නා විසිනි..හිසේ සිට භූමිතෙල් නා ගන්නා තංගෙයි බූමිතෙල් සුවඳ නාසයට ආස්‍රානය කොට ගෙන..හිරවූ කානු වලවල් සුද්ද කරන ආකාරය අපේ බෝඩිමේ ත්‍රී වීල් රියදුරෙකු වන පෙරේරා රසකර කියනු මා කිහිප විඩක් අසා ඇත..සාමන්‍යජීවිතයේදී එතරම් අපිරිසිදු පුද්ගලයෙකු නොවූවත් තංගෛ නාගෙන මල නල වැසිකිලි වලවල් අදිනවා දැක ඇති සුදා කිසිම හේතුවක් නිසා සිගරට් එකක්වත් ගුරාගෙ කඩෙන් මිලදී ගැනීමට කැමති නොවේ..

පාරිභෝගික සත්කාරය
ව්‍යාපාරයක් දියුණු වීමට ඉහල පාරිභෝගික සත්කාරය ඉවහල් වන බව මා නොයෙක්විට අසා ඇත..සිරිපාලගේ මේසය සාමන්‍යයෙන් කැෂියර් එකක තිබෙන මේසයට වඩා උස අඩු 1කි..එනම් සිරිපාලගේ කැෂියර් මේසය අපේ පරිගණක තබන මේස හාඋසින් සමාන වෙයි..කඩයට කෙනෙක් පැමිණියොත් පිලිගන්නේ සිරිපාල විසිනි..සිරිපාලට ඇත්තේ පීකර කටකි..පැමිනෙන්නාගෙන් පලමුව ආගිය තොරතුරු අසන සිරිපාල ඉන්පසු කෑමට ඇතිදෑ ඔහුට ඇවැසි පරිදි විස්තර කරයි..ඔබ ඇසුවේ කොත්තු නම්ඉඳිආප්ප ,රොටී,චිකන්,මාලු,හොදිදාල,බිත්තර අදී දේ සමඟ කොත්තු මිල සිරිපාල කියයි..මෙහි කොත්තුවක් කන අයෙකුට..කොත්තුවේ මිල දර්ශනය පාඩම් නොසිටීමට හේතුවක් නැත..මන්ද සිරිපාල එය සියල්ලන්ටම ඇසෙන සේ අලුතින් එකෙක් කොත්තු තැටිය දෙස බලන විටම කියාගෙන යන බැවිනි..කලක් මහින්ද විරෝදියකු වූ සිරිපාලගේ දෙශපාලන දර්ශනය අකමැත්තෙන් උව කඩේ සියලු දෙනා අසා සිටිය යුතුයි..ඔහු අණ දීමට රුසියෙකි..ගුරා මේ මල්ලිට ප්ලේන්ටියක් දෙන්න,ඒයි ඔය රොටී ගේනව,අනේ මල්ලි ඔය ප්ලේන්ටිය බීල කඩේට ගිහින් සිගරට් 2ක් ගේන්න,කූර ඔය අයිස් වැඩ පැත්තක දාල මේක අතුගාල දානව..ආදී ලෙස හතර වටේට අනදෙති..ඒ සමඟම පශ්චාත් භාගයේ යමක් ඇතිසේ එකතැන වාඩි වී සිටීමට නොපුරුදු සිරිපාල කඩේ හැමතැනම ගොස් වැඩ සොයා බලයි..සමහර වැඩ හිතුනොත් ඔහුම කරයි..මේස පිසදැමීම,අතුගෑම සිරිපාල කැමති වැඩ කීපයකි..

මුදල් පාලනය මෙහි ගනන් තැබීම් පොත් තැබීම් නැත..ව්‍යාපාරයට අයිති ත්‍රී රෝදරථය හයර් අවසානයේ බඩු ගෙන ඒම සිදුකරයි..ඔහුසමඟ බොහෝවිට සිරිවයිෆ්ද ගමනට එකතු වෙයි..එදා වෙළදාම අනුව ගෙනෙන බඩු ප්‍රමාණය තීරණය වෙයි..එදාවේල සන්කල්පය නිසා වන වාසි කීපයකි..එලවලු මිලට ගැනීමේදී හෙට දින පිණිස මිලදී ගන්නා නිසා නරක්වීමට ආසන්න එලවලු ලාබයට ගත හැක..බොහෝවිට රෑ බෝ වී පටන් ගන්නා මේ බඩු ගෙන ඒමේ ක්‍රියාවලිය නිසා මාලුද මිල අඩුවෙන් මිලදී ගත හැක..කුමණ පොතක් නැතත් මෙහි එන වැදගත් පොතක් වෙයි..එනම් ණය පොතයි..සමහරු මාසෙ අන්තිමට බිල ගෙවීමේ හෝ පඩියට බිල ගෙවීමේ නවතම ලීසිං සන්කල්පයට අනුව කති බොති..

තරඟකාරිත්වය
අසල ඇති දෙමල කඩේ ඉඳිආප්ප ආප්ප විකිනීම සිරිපාල නුරුස්සයි..සිල්ලර කඩයක් වූ දෙමල කඩයේ හිටපු ගමන් මෙවැනි ආහාර වෙළඳාමක් පටන් ගත්තත් ටික දවසකින් එය නවතී..මන්ද ගුරා කඩේ තිබියදී දෙමල කඩෙන් කෑමට හේතු නොමැති බැවිනි..ළඟක සිට කලු උවත් ඇහැට කනට පේන ගෑනු ලමයෙක් සෙට් කරගෙන එකෙක් කඩයක් පටන් ගත්තේය..එහෙත් කඩයේ සිටින අයවත් ඒ කඩය හෙට විවෘතද කියා නොදනිති..එම අලුත් කඩයෙහි නව ආරකින් රොටී රයිස් දැමීමට හැකි උවත් සිරිපාල, ගුරාගේ ඇති මාකට් එක ඔහුට ගැනීමට බැරිවිය..එහෙත් පාරෙන් එහා පැත්තෙන් මීටර50 නුදුරින් ඉදිවූ නව හෝටලය නිසා ගුරාද අලුත් විය..නව රේඩියෝවක් සහ උපන්තෙකට සබන් කොම්පැනිකාරයෙකුගෙන් හැර කඩයේ තින්ත නොගෑවුනු බිත්ති තින්ත එකතුවිය.මේ තුන් කට්ටුව නව ආපනශාලාව සමඟ තරහය..සිරිවයිෆ් වෙනදාට වඩා මහහයියෙන් රයිස් දමයි.කඩයේ පාරිභෝගිකයින් වැඩි නොවුනත් ,ඉඳහිට වචනයක් දොඩන ගුරාගේ කටද වෙනදාට වඩා දොඩමලු විය.

අනුග්‍රහ සත්කාර පෙනුමෙන් රලු උවත් සිරිපාල සහ අනෙක් දෙදෙනාම හිත හොඳ අය වෙති සිඟන්නෙක් ආවත් ඉතිරි වූ ආහාර ස්වල්පයක්වත් දීම ඔවුන්ගේ සිරිතයි..දිනක් පන්සලේ කඨින පින්කම් ගැන රැස්වීමකි..එයට යන කෙනෙකුට කතාකල සිරිපාල," මල්ලි හාමුදුරුවන්ට කියන්න මට වැඩක් නිසා එන්න උන් නෑ හැන්දෑවට මේ සිරා පන්සලේ ඇති" කියල..වෙසක් එකට දන්සලක් දුන්නේ එසේ මෙසේ නොවේ දීල පිරිමහන්නම බැරි අයිස් ක්‍රීම්ය..වෙසක් දිනත් පෙරදිනත් කඩේට ආපිරිස දන්සල ගැන දැනුවත් කිරීම සිරිපාල අතින් විය..එහෙත් ඒ හැම වතාවකම මඟ නොහැරුන 1 වචනයක් විය .."මේක අපි විතරක් පුල් තනියෙන් දෙන එකක්..ඔහු දන්සල ගැන දැන්වීමට වයිට් බෝඩ් එකක ලියූ දැන්වීමේද අවසාන පේලිය මෙසේ විය "කිසිවෙකුගෙන් අධාර ලබාගත්තේ නැත පූර්ණ අනුග්‍රහය සිරිපාල...."

Tuesday, June 1, 2010

going to...

going to....( යම්කිසි ක්‍රියාවක් කිරීමට යන බව සඳහන් කිරීම පිණිස මෙම වාක්‍ය රටාව භාවිත වෙයි....)

1.It is going to rain..
වහින්නයි යන්නෙ..
2.I am going to give up smoking..
මම දුම්බීම අත්හරින්නයි යන්නෙ..
3.They are going to lose the match..
ඔවුන් තරඟය පරාදවෙන්නයි යන්නෙ..
4.You are going to catch a cold..
ඔයාට ප්‍රතිශ්‍යාව හැදෙන්නයි යන්නෙ..
5.She is going to faint..
ඇයට ක්ලාන්තය හැදෙන්නයි යන්නෙ..
6.I am going to keep quiet..
මම නිශ්ශබ්ධව ඉන්නයි යන්නෙ..
7.We are going to sell our old car..
අපි අපේ පරණ කාර් එක විකුණන්නයි යන්නෙ..
8.They are going to postpone the meeting..
ඔවුන් රැස්වීම කල්දාන්නයි යන්නෙ..
9.He is going to leave the country..
ඔහු රටින් පිටවෙන්නයි යන්නෙ..
10.They are going to buy a new vehicle..
ඔවුන් අලුත් වාහනයක් මිලදී ගන්නයි යන්නෙ..