Monday, February 24, 2014

තහනම් කලොත් ඉන්න නැතිවෙන ෆේස්බුක්

ගෑනුලමයි දෙතුන් දෙනෙක් දැන් මැරිල නේ. ඒ මැරුන ලමයි පේස්බුක් නිසා මැරුනා කියලයි ගොඩක් දෙනෙක් කියන්නෙ. එක අතකින් ඒ දෙමව්පියන්ටත් ඒක මාරම අස්වැසිල්ලක්. ළමයා ගැන බලන්නෙ හොයන්නෙ නැතුව අයාලෙ යන ගොනෙක් වගේ යන්න ඇරලා ගිහින් කොහේ හරි ලනුව පටලෝගෙන බෙල්ල වැලදාගත්තම දැන් එක හේතුවක්,මාරයෙක් තියෙනවා. ඒ හේතුව ෆේස්බුක්. ෆේස්බුක් නොතිබුනා නම් පත්තර කාරයොන්ට සහ හුදී මහජනයාට කෙලින්ම පේන්නෙ දෙමාපියන්ව සහ ගුරුවරු. දැන් මේ දෙගොල්ලන්ටම හොද අතරමැදි විරුද්ධ කාරයෙක් හමු වෙලා එයා තමයි ෆේස්බුක්. මේ ගතවෙන මෙහොතෙ දි බස් වල ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක්ට ඉන්න දෙන්නැති පස්ස මිරිකන්න හදන මහත්වරු ෆේස්බුක් එකටත් අර සිද්දිවල වැරදිකාරයො වෙලා ඉන්න දෙමාපියො සහ ගුරුවරුන්ටත් බනිනවා ඇති. එක අතකින් මේ වගේ චූන් එකක් යන එක හොදයි. නැත්තං කිසි ගතියක් නැති වෙනවා නේ. 
 අපිට මේ අපි ජීවත්වෙනවාය කාලය ගතවෙනවාය කියල දැනෙන්නෙ කැලැන්ඩරය බැලුවාම විතරයි. එහෙම නැතුවඅපි ඉන්න අපිට අදාල ලාංකිය වටපිටාව වෙනසක් නොවෙන තරම්. ඒ ඒ බලය තියෙන අය ඒ ඒ අයගෙ වැඩටික ඒ ඒ විදියට කරනවා මිසක වෙන දෙයක් සිද්ද වෙන්නෙනැහැ. මට යාන්තමින් මතකයි පේමදාස ජනාධිපති තුමාව. එදා එතුමා හදපු ගෙවල් කඩන එකත් අද ආන්ඩුවට මහ ගැටලුවක්.  පේමදාස උන්නැහැ හදපු ගෙවල් පේන්ට් කරන්නත් දැන් වෙනම ඇමතිලා ඉන්නවා.  ඒ ගෙවල් හදවන්න එතුමා මොන විදියෙ දේවල් කරන්න ඇතිද? ඒ කාලෙ එක මාසෙට සතියට සිද්දි කියක් වෙනවද? ආන්ඩුව කියන දේ කොයි තරම් නම් තීරණ තීන්දු හරි හෝ වැරදි ඒවා ගන්නවද? ඒත් අද? ආන්ඩුව පැරණි රජ කාලෙට ගිහින්.

සිංහල රජකාලෙ හිටපු රජවරුන්ට ප්‍රශ්ණ විසඳන්න කියල ලොකු අමාරුවක් නැහැ. එයාලට ඕනි එයාලගේ බලය රැකගන්න එක විතරයි. අධිකරණ බලතලත් එයාලටමයි. එතනදි රටේ බලවත් නිළදාරින්ට අධිකාරම්ලට නිලමෙලාට අවාසි වෙන තීරණ රජතුමා ගාවට ගියත් එකයි නැතත් එකයි. කවදාවත් අර ඉහල තලයේ ඉන්න තෝරාගත් ප්‍රභූන්ට අවාසියක් වෙන්නෙම නැහැ. ඒ නිසා ලේසියෙන් තීරණයක් නම් රජතුමා ගන්නෙ නැහැ. ඔක්කොම කැමති වෙන සිද්ධින් විදියට පෙනුන චෛත්‍යක් හදන එක, ලොකු වැවක් ගහන එක, පාරක් හදන එක ඇරුනාම මිනිස්සුන්ගේ ජීවිතය උසස් කිරීමක් ගැන රජවරු හිතන්න නැතුව ඇති. දැනුත් අපිට පහලවෙල ඉන්නෙ ආන්න ඒ වගේ රජෙක් සහ රජයක්. 

මේක ඇතුලෙ වැරදි තිරන ගැනිල්ලකුත් නැහැ හොද තීරණ ගැනිල්ලකුත් නැහැ. වැරදි දෙව්ල් ඔක්කොම හොද වගේ පෙන්නල හොරපාරෙන්ම කරගෙන යනවා. කිසිම අවුලක් නැහැ. එහෙම නැතුව තීරණ ගන්න ගියොත් ආන්ඩුව වැටෙනවා. එක අතකින් මේක තමයි ලංකාවෙ අපිට ගැලපෙනම වැඩිම කාලයක් පවතින විශ්වාසදායි ක්‍රමය. තීරණ ගත්තම අනිවාර්යෙන් තීරණය නිසා පොඩි අවාසියක් වෙන සෙට් එකක් ඉන්නවා. ඒ නිසා කාරුවත්ම තරහ කරගන්නෙ නැතුව මොකුත්ම නොකර සංදර්ශන දාන එක වඩාත් ලේසියි. අනික් එක මිනිස්සුන්ටත් එතකොට විරුද්ධ වෙන්න ඕනි වුනත් හේතුවක් නැතිව අසරණ වෙනවා.

 ගොවින්ට කලිං තිබුනා විශ්‍රාම වැටුපක් කියල දෙයක්. ඒක නැතිවුනෙත් මේ  ජනාධිපති කාලෙමයි. ඒත් ඒ නැතිකරන කාලෙ හිටියෙත් මෙයාමයි කියල දැන් අපේ අයට මතක නැහැ.තිබිල නතර කරපු  එක ආයෙත් දෙන එකටත් අපේ අය හුරේ දානවා. ඒ නිසාම වෙන්න ඇති ඔය ඔප්පු තිරප්පු විස්‍රාම වැටුප් ආදිය දෙනකොට ඔය උතුමන්ලා හිටගෙන ඕවා දෙන්නෙ. ආන්ඩුවෙන් අපෙන්ම අරගෙන අපිටම දෙන එකටත් දෙකට හතරට නැමිල වැදගෙන බාර ගන්නකොට දෙන උන්ට හිනායනව ඇත්තෙ සරම අස්සෙ තියෙන පෝට් එකෙන්. ඒ හිනාවලට ඉඩ හසර තියෙන්න ඕන නිසා, නැගිටල මදක් පස්ස පස්සට දාල ඒ උන්නැහෙලත් නැමිලම ඔය දෙන සහනාධාර පිලිගන්වනවා ඇති.
තව එකක් දෙකක් මැරෙනකොට ආන්ඩුවෙ කාරුහරි කියනවා පේස්බුක් තහනම් කරමු කියලා. ඒකට එන ප්‍රතිචාරය ආන්ඩුව බලනවා. ඒ ප්‍රතිචාරය කියන්නෙ පේස්බුක් තහනම් කරන්න කියල නම් ආන්ඩුව වීරයා වෙලා පේස්බුක් තහනම් කරනවා. ඒක කියන්නෙ පේස්බුක් තිබුනට කමක් නැහැ කියල නම් ආන්ඩුව පේස්බුක් එක ඕෆ් කරන්නෙ නැහැ. කොහොම වුනත් ආන්ඩුවෙ ඉන්න මෝඩ ආර්ථික විද්‍යාඥයො නිසා පේස්බුක් තහනම් වෙයි කියල හිතන්න බැහැ. මේ මෝඩ රෑන හිතාවි පේස්බුක් එක කරන්නෙ ඇමරිකාව මූලික සමාගමක්. ඉතිං ඕක තහනම් කරොත් ඇමරිකාව තරහත් වෙයි. කියලා. ඒ වගේ අපේ මහ තැන් ඇමරිකාවට තියෙන හුඹස් බිය නිසා ෆේස්බුක් නම් මේ අවස්ථාවෙ තහනම් වෙන එකක් නැහැ. අනික අපේ රා ජපක්ස රජ පවුලෙන් තුන් දෙනෙක්ම ඇමරිකන් පුරවැසියන් නේ. 

මං බ්ලොග් ලියන කෙනෙක්. ඒ කියන්නෙ මේ අන්තර්ජාලය කියන මහා අවකාශයේ සුට්ටි සයිස් දූවිලි කෑල්ලක්. ලංකාවෙ පේස්බුක් තහනම් කලොත් අපි විරුද්ධ විය යුතු ඇති. මොකද අපේ මාධ්‍යයත් ෆේස්බුක් වගේම අන්තර්ජාලිය එකක් වෙන නිසා. නමුත් මම  නම් ෆේස්බුක් තහනම ඒ තරං ලොකු දෙයක් කියල හිතන් නැහැ. 

ලංකාවෙ ගත්තොත් හෙන බට්ටා පෝන් වල පවා. රුපියල් තුන් හාරදහට තියෙන චීන කෑලිවල පවා පේස්බුක් වලට වෙනම ඇප් එකක් තියෙනවා. ඒකෙන් ජී පී ආර් එස් වලින් ෆේස්බුක් වලට ලොග් වෙන්න දැන් ගොඩක් තරුණ අය පුරුදු වෙල තියෙනවා. ෆේස්බුක් හදපු සකර්බර්ග් සමාජශීලි තරුණයෙක් නෙමෙයි වාගේ පේන්නෙ. ඒ වගේම සාමාන්‍ය සමාජයට බිය පිරිස ෆේස්බුක් එනවා කියල කාරුහරි කිව්වොත් ඒකෙ මහ වැරැද්දකුත් නැහැ. බස්සෙකේ ස්කෝලෙ, පන්තියෙදි, නැත්තං වෙනත් තැනකදි හමුවෙන ගෑනුලමෙයක් පිරිමිලමෙක් එක්ක සුහදව කතාකරලා පස්සෙ ඒක සම්බන්ධයක් විදියට ඉස්සරහට අරං යන්න අවශ්‍ය කරන ශක්තිය අද සමහර  තරුණ තරුණියන්ට නැහැ. ඉතිං ඔවුන් දවල් දවස තිස්සෙම ගෑනු එක්ක හැමිනි හැමිනි ඉදලත් උපාසකයො වගේ මොකුත් නොකර ඉදලා රෑට ෆේස්බුක් ගිහින් සෙක්ස් කරන්න හොයනවා. 

නංගිලාත් ඒ වගේ. බස් එකක හම්බෙන කොල්ලෙක් ව පොඩ්ඩක් මෝල් කරලා සෙට් කරගන්නෙ නැතුව ගෙදර ගිහින් මහ රෑ අම්මලටත් හොරාට මූන වත් දැකපු නැති හරියට ඇවිදන්නවත් පුලුවන්ද කියල නොදන්න පකිරෙන්තුවො එක්ක චැට් කරනවා. ඒ චැට් කරලා සමාරු මැරෙනවත් එක්ක නෙව. 

පේස්බුක් කේස් එකට මම දකින්නෙ විසඳුම් දෙකයි. එකක් තමයි ලමයිට පේස්බුක් සහ අන්තර්ජාලය ගැන පාඩකමක් දහය නවය වසරෙදි දාන්න ඕනි. ඒක ඉතාම අප්ඩේට් විදියට ගෙනියන්න ඕන.  හොදට ගුරුවරු පුහුනු කරලා පෝන් ගැනත් ගුරුවරුන්ට කියාදීල. ගුරුවරුන් දැනුවත් නැත්තං වීඩියෝ ලෙසන් විදියට හරි ළමයිට අන්තර්ජාලය සයිබර් සහ පේස්බුක් ගැන හොද අවබෝධයක් දෙන්න ඕනි. පේස්බුක් සෙටිං ගනත් හොද දැනුමක් දෙන්න ඕන. අපි ඉස්කොලේ ගිය කාලෙත් ඔය 10-11 පන්තිවල අපි හිටියා. 
ගොඩක් වෙලාවට සර්ලා අපිට ඒ පාරෙන් යන්න කිව්වොත් අපි ඒ පාරෙන් නෙමෙයි යන්න හදන්නෙ බී පාරෙන්. ඒ ඒ වයසෙ තියෙන ඇට්ටර ගතිය.

ළමයිට පේස්බුක් ගැන එසයිමන්ට්, ප්‍රශ්ණ, සෙටිං ගැන හොදට කියල දෙනකොට උන්ට සර්ලා මිස්ලා කියන දේවල් කොහොමත් ඇලජික් වෙන නිසා පේස්බුක් යන එව්වො ටික දෙනත් ඒක අතඇරල වෙන එකක්ට යාවි. නැත්තං පාඩම හොදට ඉගෙන ගත්තෝතින් එයාල පේස්බුක් ගැන සහ සයිබරය ගැන දැනගනීවි. 

ඕවා අමාරු වැඩ. පේස්බුක් සමාජය හරහා පැතිරෙන්න තියෙන හැකියාව වැඩි නිසා ආන්ඩුවට පුලුවන් එක පාරින් ඕක තහනම් කරන්න. පොක්සි වලින් යනවනම් ඒවත් ටික ටික ඩවුන් කරගෙන යන්න පුලුවන්. කොහොමත් පේස්බුක් තිබුනා කියල එක සතේක දෙයක් ඒකෙ යූසර්ලාට ලැබෙනවාද? ලංකාවෙදි නම් නිකං කාල නාස්තියක් විතරයි.සමාර වෙලාවට පාක් වල සහ අලුත හදපු වෝකිං ඒරියා වල යනකොට හෙන හැන්සම් කොල්ලන්ට කැත අජූත කෙල්ලො සෙට් වෙලා ඉන්නවා. ඇන්ටිලාට නාඹර වයසෙ කොල්ලො සෙට් වෙලත් ඉන්නවා. මට ඒ වෙලාවට නම් හිතෙනවා ආ මේවනං පේස්බුක් වෙන්න ඇති කියලා. ඒ අතින් නම් සිළුමින පත්තරේ මංගල දැන්වීම් දාන වැඩේට වඩා ලේසියි  පේස්බුක් කේස් එක. ඒ්ත ඔය ඇලෙන ඇලිලි ගලෝගන්න බැරුව බලුපූට්ටු වගේ පොලිසි ගානෙ ගියාම පොලිසිය විඳින දහදුක් කන්දරාව..ඒ වගේම සමහර දරුවො ඉන්න පවුල් වල මහ උන් වෙන තැන්වල ඇලිල දරුවො දාල ගියාම දරුවන්ට ලැබෙන ආතල් ...යොවුන් වයසෙ ගෑනු පිරිමි ලමයි ඇත්තටම දිවි නසාගන්න ගත්තහම ඒ දෙමාපියො විදින වේදනාව... ආදී වශයෙන් හිතුවාම අපේ සමාජය ලබන පේස්බුක් ලාබාංශය ඒකද කියලා හිතෙනවා.

Thursday, February 20, 2014

වෙළඳාම් කොරන්නෙ කොහෙමෙයි මේ වගේ තැනක Doing Business

පොලවල් වල කෙහෙල්ගෙඩි බිස්නොස් කරන මා දන්න නෑයෙක් ඉන්නවා. ඇය කරන්නෙ කෙසෙල්ගෙඩි තොග වශයෙන් අරගෙන පොලේ විකුනන එක. ඇය සතියේ දින කිහිපයකදී පොලවල් ..තුන හතරකට යනවා. ඇගේ වෙළ හෙළඳාම් වලට බලපාන සාධක ගනනාවක් තියෙනවා.
කෙහෙල්ගෙඩි මිල :- කෙහෙල්ගෙඩි විකුනනකොට ලාබයක් තියාගෙන තමුන්ට කෙසෙල්ගෙඩි වෙනුවෙන් වැයකරන ශ්‍රමයට වටිනාකමක් තියෙන විදියට විකුනන්න වෙනවා. එතනදි තොග වෙළඳපොලේ කෙහෙල්ගෙඩි මිල වැඩිවුනොත් විකුනන්න වෙන්නෙ වැඩිමිලට. කෙහෙල්ගෙඩි කියන්නෙ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් නෙමෙයි. රුපියල් පනහට විතර ඇඹුල් ඇවරි කෑල්ලක් ගන්න බැරිනම් කෙහෙල්ගෙඩි වලට තියෙන අදහස අතහැර ගන්න මිනිස්සු ක්‍රියාකරනවා. ඒ නිසා තොග වෙළඳපොලේ කෙසෙල් මිල වැඩිවන කාලයේදී කෙසෙල් වෙළඳාම අඩුවෙන නිසා පොලේ කෙසෙල් වෙලෙන්දන්ට විකුනන කෙසෙල් ගෙඩි ටික තවත් වැඩිමිලට විකුනලා තමුන්ගේ ලාභය පවත්වාගන්න සිද්ද වෙනවා.

කඩ කුලිය :- පොලවල් හතර පහකට ගියාට ඒ පොලවල් හැම එකේම බඩු විකිනෙන ප්‍රමාණය සමාන නැහැ. සමහර ඒවයි විකිනෙනවා වැඩියි. සමහර පොලවල් වල පොෂ් මට්ටමේ කෙසෙල් ගෙඩියක් වන කෝලිකුට්ටු වගේ ඒවා වැඩියෙන් විකිනෙනවා. මේ පොලවල් වල භූමිය වෙන්කරගන්න මුදලක් පොලේ මුදල් එකතු කරන අයට ගෙවන්න වෙනවා. මේ පොලවල් සමහරක් ප්‍රාෙද්ශිය සභා වලින් බදු දෙනවා. බදුදුන්නම අපිට ඒ බදුගත් අයට සල්ලි ගෙවන්න ඕන අපේ කට්ටිය වෙනුවෙන්.

වාහන කුලිය :- කෙහෙල්ගෙඩි තොග වෙළඳපොලෙන් අරගෙන කෙලින්ම විකුනන්න බැහැ. අමු කෙසෙල් අරගෙන ඒවා ඉදවල තමයි ගොඩක් කෙහෙල් ගෙඩි වෙලෙන්දො සිල්ලරට පොලේ විකුනන්නෙ. ඒ විදියට අමු කෙසෙල් ගේන්නත් ඉදුනු කෙසෙල් ගෙනියන්නත් අපිට ප්‍රවාහන වියදමක් වියදම් වෙනවා. ඒක ලොරි කුලිය කියලා කියනවා. සමහර වෙලාවට පොදු ලොරියක් පොලේ යනවා. එතකොට පාන්දරම අර ලොරියට බඩු ටික පටෝල සමාර විට වෙලඳන් කරන කෙනාට බස් එකේ වුනත් යත හැකි.

කෙසෙල් සැකසීම :- කලින් කිව්වා වගේ අමු කෙසෙල් අරගෙන ඉදවලා විකුනන කොට ඉදවන්න විවිධ ක්‍රම යොදාගන්නවා. ඒකට තිබෙන සුදුස්‍රම ක්‍රමය ලෙස දක්වන්නෙ දුම් ගැසීම. නමුත් ඒක හිතන තරම් ලේසි නැහැ වාණිජමය වැඩ වලදි. ඒ නිසා කාබයිඩ් හෝ ඒ ආසන්න රසායන ද්‍රව්‍ය කෙසෙල් ගෙඩි වලට පිටතින් ඉසිනවා. ඉතිං මේ විදියට ගෙඩි ඉදවන එක ගැන දැන්නම් විවිධ විරෝධතා නැගෙන නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මේ කෙසෙල් වෙලෙන්දියන්ගේ නිවෙස් පරීක්ෂාකරන්න පවා යොමුවෙලා තිබෙනවා. මේ කියන කෙසෙල් ගෙඩි නිසි පරිදි ඉදවන්නත් සමහර වෙලාවට කාලය ශ්‍රමය සහ කුලීකාරයෙක් ගත්තොත් ඒ මිනිහට සල්ලි ගෙවන්නත් සිද්ද වෙනවා.

අලුතින් අපි පොලේ පලතුරු විකුනන රස්සාවක් කරන්න හිතුවත් ඒක පිටිපස්සෙ තියෙන වියහියදම්. ශ්‍රමය වැයවෙන තැන්, සල්ලි වියදං වෙන තැන්, අපි ව්‍යාපාරය නීති රෙගුලාසිවලට යටත්ව පවත්ව ගෙන යන්න අවශ්‍ය කරන දේවල්. ආදිය දැනගෙන ඉන්න ඕන. එහෙම නැතිවුනොත් බිස්නොස් එක කඩාගෙන වැටෙනවා. දැන් අපි හිතමු අපේ ගම පැත්තෙම අලුත් පොලක් දැම්මය කියල. ඕක අලුතින් දැම්ම කියල එකපාර වෙලෙන්දියො කඩා පාත් වෙන් නැහැ. ඒ මිනිස්සු ඒ අලුත් පොලට එන්න කලින් ටිකක් හොයල බලනවා වැඩේ ලාබද? මිනිස්සු එයිද? තව ටිකක් එරෙන වැඩද්ද කියල ඒ වෙලෙන්දියො තම නැණ පමණින් සැට් එක(සැටලයිට්) දාල බලනවා.

මං දන්න කියන අනූව දශකෙ මුල් කාලෙ ඉඳලා අපේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු පිටරට යනවා. ගිහින් ඒ රටවල ව්‍යාපාරික මහත්වරු හමුවෙලා කතා බහ කරනවා. ඒ කතාබහ ප්‍රවෘත්ති වල පෙන්නන කොට ඒ ප්‍රවෘත්ති කියන ඇන්ටි හෝ අක්කා කියනවා අදාල රටේ ආයෝජකයො ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් අපේ රටේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්න කැමති වුනා කියලා. ඒ අපේ ජනාධීපති වරු ගිහින් හමුවෙලා හිනාවෙලා අතට අත දුන්න ව්‍යාපාරිකයො ඇවිත් මෙහෙ බිස්නොස් පටන් අරං ෆැක්ටරි දැම්මනං දැනට මේ රටේ තියෙන සිල්ලර කඩ ගානටත් වඩා පිටරට ආයෝජන ඇවිත් තියෙන්න ඕන. නමුත් එහෙම වෙන් නැහැ. ඒ බිස්නොස්කාර මිනිස්සු එදා අපේ ජනාධිපතිවරු එක්ක හිනාවෙල කතාකරල අඩියක් ගහල ගියාට බිස්නස් කොරන්න එන පාටක් නැහැ.

ඇයි මේ එන්නැත්තෙ කියල හිතුවොත් අර මං මුලින් කිව්වා වගේ අලුත් පොලක් දැම්මහම පරණ පොලේ කෙසෙල් වෙලෙන්දියො අලුත් පොලට යන්න කලින් හිතනවා වගේ මේ ආයෝජකයොත් මේ අලුත් සිරි ලංකාද්වීපය කියන රටේ බිස්න්ස කොරනවාද? අපිට ඒ රටේ නිකං වගේ වැඩගන්න පුලුවන් ගෑනු මිනිස්සු ටිකක් අඩුවට හොයාගන්න ඇහැකි නිසා අපේ ෆැක්ටරියක් දෙකක් එහේ දානවද කියලා හොයලා බලනවා. එහෙම හොයල බලල අපේ ඇත්තන්ගේ තියෙන සැබෑ තත්වය ගැන දැකල සන්තෝස වෙනව ඇති. අතින් කාල හරක් බලන්නැහේ මේ රටේ ආයෝජනය කරන්න ඉන්න සල්ලි ටික පොතේ දාල පොලියෙන් බඩුවග් ගහ ගහ ඉන්න එක සැපයි කියල ඒ රටවල ව්‍යාපාරික මහත් වරු හිතනවා ඇති. ඒ නිසා ආයෝජකයෝ ලංකාවට එන්නෙ ඉතාම අඩුවෙන්.

ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යන්න සුදුසු රටවල් ලැයිස්තු ගත කරලා තිබෙනවා. ඒ අනුව යම් රටක ව්‍යාපාර කරන්න හිතන අය මේ කියන දේවල් ගැන සොයලා බලලා තීන්දු තීරන අරගෙන අදාල රටේ ව්‍යාපාර කිරීමට කොතරම් සුදුසු වටපිටාවක් තිබේද කියලා ආයෝජකයෝ හිතනවා. මෙයින් මූලික මට්ටමේ දර්ශකයක් තමයි ලෝක බැංකු දර්ශකය.

මේ දර්ශකයේ අපි ඉන්නෙ 85 කියන තැන පහුගිය අවුරුද්දෙ අපි ඉඳල තියෙන්නෙ 83 කියන තැන. ඒ ගැන වැඩි විස්තර මේ කියන තැනින් (http://www.doingbusiness.org/data/exploreeconomies/sri-lanka) බලාගන්න පුලුවනි. පොඩ්ඩක් ගිහින් එතන බලලා වෙන රටවල් කොහේද තියෙන්නෙ කියලා හොයලා බලන්නකෝ. ඒ වගේම මුල් තැන් ගතපු රටවල් කොහොමද ඒ තැන අරං තියෙන්නෙ කියලත් මේ ලකුණු ක්‍රමය හරහා බලාන්න පුලුවනි. හැමදාම අනුර කුමාරයයි,වික්‍රමසිංහයයි,රාජපක්සයයි,අරුයි මූයි කියන දේවල් ඉහ මුදුනින් පිලි අරං අහගෙන ඉන්නෙ නැතුව තමනුත් මේ වගෙ දෙයක් බලලා තේරුං අරගන්න හුරුවෙනවා නම් හොදයි. මං මේ ගැන මට හිතෙන දේ ඊලග පෝස්ටුවකින් දමන්නම්.

Tuesday, February 18, 2014

වලට හිනාවුන සුනිල්



පෙරලෙන ලෝකෙට
පෙරළෙන්න යන ගෙවල්
තවත් පෙරළියක් නෙමෙයි

පෙරලෙන දෙසට වැනෙන
පෙරලුන පිට හොඳයි කියන
පෙරල පෙරල පොත් පිටු පෙන්වන
පෙරළියක් නැති අල වගේ මොල ගෙඩි..

පුහු පෙරලිකාරයින්ගේ හෘද සාක්ෂිවලට
උඹේ පෙරළිකාර කතාව
පෙර මහ අලියෙක් වගේ
මතක හැටියට උගෙ නම පනාමුරේ ඇත් රාජා

තමුන්ගේ සනුහරේ උන්නු එකා දෙන්නා
අනික් පැත්තට යද්දි
උන් හීලවෙලා නියාලු වෙද්දි
කෝල ගැහෙන හිත
සතුරාට ආලසිනා පාන්න නොදී,,,,
වාත වේගයෙන් තමුනගේ පිරිස වෙනුවෙන් එදිරිව සිටි
පනාමුරේ ඇතා එදා හිටියා

මාලු කඩේ මාලු සුවඳ පරයා
නැගුන වනාතේ සුනිල් සැර
වෙනුවෙන් එසවුනු අත් වල බර
නින්දෙන් ඇවිදින අපිට ලැජ්ජ කරා

වීරයා මැරිල යාවි
ගොට්ට සහ භය හැමදා දිනීවි
ඒත් එක මොහොතක්
ඔබ ලබාදුන් මානසික සුරතාන්තයට
ස්තුතියි සුනිල්...

http://www.33000lk.com/2014/02/sunil-revealed-the-truth.html 

Monday, February 17, 2014

වචන The Words

පොතක් ලියනව කියන්නෙ අමාරු කාර්යයක්. කොටින්ම කතාන්දරයක් කියන්න ලියන්න තියෙන හැකියාව හැමෝටම එන්නෙ නැහැ. ඒකත් ඇවිල්ල මිනිස්සුන්ගේ රුචිකත්වයට ගැලපෙන්න ඔවුන් කැමති වන වට්ටෝරු අනුව ලිව්වොත් තමයි පොත් කියන ජාතිය මිනිස්සු අතරට යන්නෙ. මේ වට්ටෝරු විදි ගානක් තියෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ කෙල්ලන් ආසකරන බොළඳ ප්‍රේම කථා විධිය සැලකුවොත් ඒක මල් පොත් කියල හඳුන්වනවා. ඉන් එහා ගිහින් ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන සංකීර්ණ ස්වභාවයන් විදහා දක්වන කෘතින් සම්භාව්‍ය කෘතින් විදියට හදුන්වනවා. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. මම පුද්ගලිකව හිතන විදියට මිනිස්සු ජීවත් වන ක්‍රමය වෙනස් කරන්න ලොකු හැකියාවක් පොත් වලට නැහැ. පොත් සහ සමස්ථ මාද්‍ය ක්‍රියාකාරිත්වය තමුන් අතට ගතපු පාලකයින්ට පුලුවනි මිනිස්සු හිතන විදියට සහ මිනිස්සුන්ගේ ආසාවල් වල දිශාව සහ බර තීරණය කරන්න. 

මිනිස්සුන්ගේ ආශාවල වල දිශාව සහ බර කිව්වම ඒක නොතේරි යන්න පුලුවන් කස්ටියට. දැන් අදකාලෙ ලංකාවෙ මිනිස්සුන්ට හරි උනන්දුවක් තියෙනවා මංගල උත්සව වලට. මේ උනන්දුව ඇත්තටම ජානවලින් එන අපේ ජෛවීය අවශ්‍යතාවයක් නෙමෙයි. අපිට සමාජය සහ මාධ්‍ය මගින් උරුම කරපු දෙයක්. මංගල උත්සවයකියන එක නිසා අවුරුදු ගනන් වෙන්වෙලා දුක්විඳලා සල්ලි හම්බ කරන අය ඉන්නවා. ඒක ඇවිල්ලා කෘතිමව අපේ සමාජය හිස් වලට ඔබ්බාගත්පු බාහිර උත්සවයක්. ඉතිං මේ වගේ සංස්කෘතිය කියලා හඳුන්වන සමහර ආශාව හා සම්බන්ධ ස්ථාන සහ සිද්දින් වෙනස් කිරීමේ හැකියාව මාධ්‍ය වලට තිබෙනවා. එයින් පොත් පත් වලටත් යම් කිසි සීමාවක මිනිස්සුන් සිතන පතන විදිය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා. 

අපි හැමෝටම පුලුවන් දන්න කැටයම් දාලා කතාවක් ලියන්න. නමුත් ආධුනික ලේඛකයෙක් දැන ඇඳුනුම් කමක්, නෑකමක්, හිතවත් කමක් නැති තැනකින් පොතක් ප්‍රින්ට් කරන්න යනකොට ඒ අයට විඳින්න වෙන අමිහිරි මතකයන් ගොඩායි. ලියපු කතාව ගොඩක් අය ලියපු ජාතියෙ එකක් නම් එයාල කියනවා මේක හරි කොමන් කියලා. කතාව ගොඩක්දෙනෙක්ට නොතේරෙන ගැඹුරු එකක් නම් ඒත් කතාව විකුනගන්න බැරිවෙයි කියලා ප්‍රතික්සේප වෙන්න ඉඩකට තිබෙනවා. ඉතිං එක්තරා තරුණයෙක් යනවා තමුන් ලියන පොතක් අච්චු ගස්සව ගන්න. නමුත් ඔහුට ලැබෙන උත්තර කිසිසේත් සුභවාදී වෙන්නෙ නැහැ.

එයින් මනත එයා හොරකම් කරගන්නවා අනුන් සතු පොතක්. ඒ පොත නැවත ඒ විදියට අකුරක් නෑර කොපි කරලා ඒ නවකතා කාරයා තමුන්ගේම පොතක් වාගේ ඉදිරිපත් කරනවා.  පොත ජනප්‍රියවෙනවා. පොත විකිනෙනවා.  මේ පොත සොරකම් කරපු කෙනා සීනෙන් වත් නොසිතු විදියට පොතේ නියම අයිතිකරුවා ව එයාට හමුෙ වනවා. ඔවුන් පොතේ කතාව නැවත සමාලෝචනය කරගන්නවා. ඒ පොතේ කතාව සහ ඒ හමු වූ මනුෂ්‍යයාගේ කතාව යන දෙකම එකක්. ඒ කියන්ෙන බොහොම කාලෙකට පෙර ජීවත් වුන තරුණයකුගේ සැබෑ කතාවක් තමයි අර අලුත් නවකතා කරු තමුන්ගේ වගේ එලිදක්වල තියෙන්නෙ. 

මේ ෆිල්ම් එක වලි තියෙන නිතර සිදුවෙන සිදුවීම තියෙන ඇක්ෂන් එකක් නෙමෙයි. ඒ වගේම චමත්කාර ජනක ආදරනීය සිදුවීම් පිරුන ලක්ෂන එකකුත් නෙමෙයි. හැබැයි මේ ෆිල්ම් එක සිනමාව කියන එක හොදට පාවිච්චි කරපු එකක්. ෆිල්ම එකේ කතාව මට නම් ඇත්තටම සම්පූර්ණයෙන්ම තේරුං ගියේ නැහැ භාෂා ගැටලුව නිසා. ඒ වුනත් ෆිල්ම් එකෙන් කියන්න හදන දේවල් ගොඩක් අපිට සංගීතය සහ දෘෂ්‍ය රූප පෙලගැස්ම හරහා බලාගන්න හැකි වෙලා තියෙනවා. 

ද වර්ඩ්ස් කියන ෆිල්ම් එකේ කතාව ජර්මන් නවකතාවක කතාවක් කියලා මතයකුත් තියෙනවා. හැබැයි කදිම සිදුවීමක් තමයි ඒකට පාදක වෙන්නෙ. මේ ෆිල්ම් එක කතාව අපිට ඉදිරිපත් කරන්න උපයෝගී කරගන්නා මාර්ගයත් අලුත්ම ජාතියෙ එකක්.

මේ ෆිල්ම් එකේ කාල වකවානු දෙකකදී යුරෝපීය සහ අමරිකාවෙ සිද්ද වෙන විවාහයන් දෙකක් දැක්වෙනවා. ඒ විවාහයන් දෙකටම එකතු වෙන්නෙ ඒ ගෑනියි මිනිහය් විතරයි. අධික තර දරිද්‍රතාවය නිසා එයාලට ලොකු වෙඩින් ගන්න සල්ලි නැති නිසා එහෙම එයාල තනිවෙලා පොඩි විනෝදයක් ගන්න හිතන්න ඇති. කලාත්මක ජාතියෙ කතාන්දර බලන්ට ආස අයට ගැලපෙන කදිම ෆිල්ම් එකක් තමයි ද වර්ඩ්ස් කියන්නෙ. ඉතිං කස්ටිය ෆිල්ම් එක බලලා ඒකෙ කතාව රසවිඳීවි කියලා මම හිතනවා. 

http://www.imdb.com/title/tt1840417/

Friday, February 14, 2014

පංසල් යන ඇඳුම suitable temple

ඔය ඉන්නෙ මල් අරං බුදුන් වඳින්න යන ගෑනුය කියලා මතයක් තියෙනවා. නමුත් මේ මල් අරගෙන යන අය වෙනත් වැඩ වලට මල් ගෙනියනවා කියලත් මත තියෙනවා. අපි හිතමු නිකමට මේ යන්නෙ බුදුන් වඳින්නය කියලා. එතකොට එහෙම හිතුවාම මේ ගෑනු අය ඇයි සුදු ඇදන් යන්නෙ නැත්තෙ. ඇයි මේ එක්කෙනක් උඩ හෙලුවන් යන්නෙ. අනේ මන්දා දැන් නම් හිතනවා මම මේ අය පංසල් යනවා කියල හිතුව එක පවක් කියලත්.
මේ ඉන්නෙත් සිංහල ගෑනු දෙන්නෙක් අයිති වෙන්නෙ 1890ට කියලා සදහන් වෙලා තිබුනා. එතකොට නුවර පැත්තෙ රාජධානිය තියෙනකොට ලංකාවෙ සමහර කාන්තාවො උඩට ඇන්දෙ නැහැලු. ඒ අය පංසල් ගියෙත් මෙහෙමද? බුද්ධාගමේ කියල තියෙන විදියට කුලය සලකන එක වැරදියි. නමුත් තාමත් ලංකාවෙ පංසල් සංස්ථාව තුල කුල අනුව බෙදිමක් තියෙනවා. මේ අය යන්න ඇත්තෙ තමුන්ට කියල තියෙන තමුන්ගේ කුලේ අය මහණ වෙච්චි පංසලට. දැනටත් පංසලට එන කෙල්ලොන්ගෙ ලස්සන පලන්න පංසල් යන පාහර කොල්ලො නං කැමැත්තෙන්ම ඉන්න ඇති අඩු කුලේ අයගේ පංසලට යන්න. නමුත් එයාලටත් පස්සෙ කුලේ මතක් කරන්න දෙමාපියො ඉන්න ඇති. 
මේ වර්ථමාන අසපු සම්ප්‍රදායේ නැටුමක්. මේක තිබුනෙත් අසපුවක තමයි. මේ මල් ගන්න ලලනාවෙො නම් පංසලට සරිලනවිදියට ආගමට ගැලපෙන විදියට ඉන්නව කියල තමයි නිරූපනය වෙනවා ඇත්තෙ. දැන් නම් හොදයි ඔක්කොම වැහිල ගිහින්. නිසි නොනිසි හැමදේම වැහිල ගිහින් තව කාලයක් යද්දි පංසලට ගිහින් ගැනු ඇස් ගහවිය. කොන්ඩ පෙන්නලා කොල්ලන් අමාරුවෙ දාවිය කියලා ලොකු බුර්කාවක් එයිද? අනේ මන්දා . සමාජෙ අපි කිව්වත් නැතත් වෙනස් වනවා.

ගෑනු අය පංසල් යන්න ඕනි මේමය මේමය කියලා සමහර අය කියනවා. කොහොම ගියත් අපිට නං ඒවා වැඩක්නැතිය කියල හිතන්න බැරි මොකද? දැක්ක ගමන් චූන් වෙලා ගෑනු අයට හිරිහැර කරන්න යනවානං කෝ ඒ අයගේ සිල්. බුද්ධාගම කියන්නෙ ස්වභාවයෙන්ම ලිහිල් ආගමක්. ඒ ලිහිල් බව නිසාම එක එක කොටස් විවිධ අර්ථකතන දිගෙන රාමු සෙට් හදාගන්නවා. බුදුන් වහන්සේ රාමුවලින් මිදෙන හැටි ඉගැන්නුවට දැන් ඉන්න අය පුරුදු වෙන්න මේ රාමු අඩු බුද්ධ ධර්මෙට අලුතින් රාමු එකතු කරන්න.

Saturday, February 8, 2014

ඩොයිලිගේ දින පොත D'OYLY'S DIARY

ඩොයිලිගේ දින පොත නැමැති පොත සකස් කර ඇත්තේ උඩරට ප්‍රථම ඉංග්‍රීසි දිසාපති ලෙස වැඩකල ජෝන් ඩොයිලි මහත්මයාගේ දිනපොත් සටහන් උපයෝගී කොටගෙනය. එම දිනපොත දිගින් දිගටම ලියා ඇති මුත් එහි 1814 වර්ශය සම්පූර්ණයෙන්ම නැති වී ඇත. එම වකවානුව වැදගත් වන්නේ 1815 මාර්තු වලදී ඉංග්‍රීසින් විසින් සම්පූර්ණයෙන් උඩරට අල්ලා ගැනීමට හේතු වූ කරුණු සහ උඩරට රජ තුමාගේ පිරිහීමට හේතු වුන කරුනු බොහොමයක් ඇතුලත් වන්නේ 1814 වර්ශයට වන හෙයිනි. 

 පිලිමතලව්වේ මහ නිලමේ විසින් එවකට 18වන වියේ සිටි කන්නසාමි නැමැත්තා රජ ලෙස පත්කරගත්තේ පසු කලෙක රජ කම ගැනීමේ සිතක් නිලමේ සතුව තිබුන නිසාය. මේ පොතත් ඉතිහාසයත් බැලූ බල්මට බලන අයෙක්ට සිංහලේ අවසාන රජතුමා නරක අයෙක් ලෙස දිස්වීමට හැකි වුවත් ඔහු සතුව නායකයකු සතු විය යුතු බොහොමයක් ගති ගුණ නොමඳව තිබී ඇත. අවසානයේ සිංහල රදලයින්ගේ පාවාදීම් නිසා රජතුමාට නික්මෙන්නට සිදු වුවත් රජතුමා විසින් ඉංග්‍රිසින්ට යටත් නොවීමේ දැඩි ප්‍රතිපත්ති වල නිරතව ඇත. 

ජෝන් ඩොයිලි විසින් පහතරට මෙන්ම උඩරට සිටි රදලයින් සහ සාමාන්‍ය ජනතාවට තෑගි ලබාදෙමින් එම සමාජයේ තොරතුරු රැස්කරගන්නා ක්‍රමයක් පවත්වාගෙන ඇත. එවකට ජෝන් ඩොයිලි රජයේ භාෂා පරිවර්ථකයා මෙන්ම කොළඹ දිසාපති තැනද වූයේය. මෙය අති සාර්ථකව සූක්ශමව කලේ යැයි ඇතැමෙක් සඳහන් කර ඇතත් සිංහලේ රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් කිහිප විටක්ම ඩොයිලිගේ දූතයින් හඳුනාගෙන ඔවුන්ට රජකාලේ දඬවම් ලබා දී ඇත. එසේම මල්වත්ත විහාරයේ උන්නාන්සේලා ඩොයිලි සමග වැඩිපුර ඇයි හොදයි කම් දක්වනවා යැයි රජුට හැඟී ගොස් ඇති බැවින් ඔවුන් සමග තිබූ ගනුදෙනු බොහොමයක්ම රජු විසින් අඩු කොට තිබුනි. අවසානයේ ඩොයිලිගේ ළඟම හිතවතෙක් වූ වත්තල අප්පු නැමැත්තා උඩරට රජු විසින් අල්වා උල තබා මරන තැනට පත්කරන ලදී.

උඩරට රාජ්‍යෙය් වැටීම ගැන මගේ අදහස නම් ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජතුමා සැබැවින්ම සැබෑ දක්ෂයෙක් වී තිබුනි. දැනට නුවර යැයි අපට හඳුනාගන්නට ඇති නුවර දලදා මාලිගයේ කොටස්, නුවර වැව, අවට පාර ආදිය රජතුමාගේ නිර්මාණයන්ය. ඊට අමතරව ඩොයිලිගේ පොතේ සඳහන් වන අන්දමට රජතුමා වැසියන් ගැනද හොඳ අවබෝධයකින් කටයුතු කොට ඇත. උඩරට රාජ්‍යය වැටීම කෙරෙහි උඩරට රාජ සභාවෛ් එවක සිටි මහාධිකාරම් වරු සහ නිළමේ වරුන් සතුව තිබූ රාජපක්ෂ භාවයේ අඩුපාඩුව හේතු වී තිබේ. රාජාන්ඩුවක පැවැත්ම රඳා පවතින්නේ ඉහළ සිට පහලට රජතුමාගේ අණසකට යටත් වීම මතය. නමුත් ඇහැලේපොල,පිළිමතලව්වේ,මොල්ලිගොඩ ආදී ප්‍රධාන අධිකාරම් වරුන්ම රජතුමාට විරුද්ධව ඉංග්‍රිසින්ගේ පැත්ත ගත්තේය.

1806 දි පමණ සුදු හමුදාවක් නුවර ආක්‍රමනය කරන්නට ගියේ මහ නිලමේ වූ පිළිමතලව්වේගේද රහස් උදව් ඇතිවය. නමුත් ඒ මුලු හමුදාවම එකෙක් හැර සමූළඝාතනය කරන්නට රජු සමත් විය. එවන් අවස්ථාවක ඒ යටත් වූ සුද්දන්ද සමූළඝාතනය කිරීම ඩොයිලි විසින් හෙලා දැක ඇතත් අනුන්ගේ රටක් පැහැර ගන්නට ගිය කිසිම බාහිර සේනාවක් පරාජයේදී උතුම් සැලකිලි ලැබිය නොහැකිය. ඔවුන් අනිවාර්යෙන් ඒ රාජ්‍යෙය් හමුදාවෝ අතින් මරණයට පත්වීමේ අවධානම ගනිති. ඒ කන්ඩායමේ නායක වූ කැප්ටන් ඩේව් නැමැත්තා ඝාතනය වූයේ රජුගේ සිර භාරයේදීය. ඩොයිලිගේ දිනපොත් මුල් පරිච්ඡේද වල ඩොයිලිගෙන් නොයෙක් තෑගි ලැබූ අධිකාරමලා දිසාවේලා මේ ඩේව් නම්  සුදු නිළධාරියා නිදහස් කර දෙන්නැමැයි කොළඹ සුදු ආන්ඩුවට කියා විශේෂ සත්කාර ලබා ඇත. නමුත් ඩොයිලි ලාට ඩේව් නිදහස් කරගන්නට ලැබී නැත. ඔහු රජුගේ සිර භාරයේදීම මිය පරළොව ගොස් ඇත. 

උඩරට රාජ්‍යෙය් වැටීමට උඩරට පැවති කාලය අනුව වෙනස් නොවූ කුල පරතරය සහ රාජ්‍ය පාලනය සම්බන්ධ වත්පිළිවෙත්ද හේතු වන්නට ඇත. 1815 දී සුද්දන් උඩරට අල්වා ගත් පසුද පාතරට කරාවේ දුරාවේ මිනිසුන්ද ගොවිගම වංශිකයින් මෙන් දෝලාවලින් ගමන් කරන්නේ යැයිද එසේ කිරීම උඩරට වංශවතුන්ට නින්දාවක් යැයිද සංඝයා වහන්සේ විසින් එවකට නුවර පැමිණ සිටි රොබට් බ්‍රවුන්රිග් (General Sir Robert Brownrigg) ආන්ඩුකාරයා වෙත චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට ඇත.උඩරට පවතින කුල සම්ප්‍රධායන් එසේම තිබිය යුතු බවත් එහෙත් රාජකාරි ආදිය පිණිස පාතරට සිට උඩරටට පැමිණෙන පාතරැටියන් දෝලාවෙන් ගමන් කිරීම ගැටළුවක් කරනගෙත යුතු බවටත් බ්‍රවුන්රිග් විසින් දන්වා ඇත. 

පාතරට එවකට වසර  සියගනනක සිට විදෙස් පාලනයට නතු වූ වටපිටාවක් තිබී ඇත. එවන් පසුබිමක පහතරට පහත් කුලවල ජනයාට තිබූ නිදහස උඩරට විසූ පහත් හෝ ගොවිගම නොවුන කුලවල ජනතාවට නොලැබී යන්නට ඇත. රජතුමාට පක්ෂව තවදුරටත් කටයුතු කිරීමෙන් තමුන් තවත් මේ නරාවලේම මිය යෑ හැකි බවක් මහජනයාට සිතෙන්නට ඇත. ඉංගිරිසි ආන්ඩුව ආ තැන ඇහැලේපොලට රජ කම ගන්න ආශාවක් තිබු අතර ඇහැළේපොල ඒ තනතුරට සුදුස්සෙක් විය.  නමුදු ඇහැළේපොල විසින්ද පෙර දිසාවේ තනතුර  කල ජනයාට දැඩි පීඩා ගෙනදෙන පාලනයක් ගෙන ගිය නිසාද ඇහැලේපොල පැරණි කුල මල ආදිය දැඩිව සැලකූ අයෙකු නිසාද ඔහුගේ පත්වීමට එරෙහි උඩරට නායකයින් සිටි නිසාද ඇහැලේපොල උඩරට මහ තැනින් විසිවී ගියේය. 

ඇහැළේපොලවත් මොල්ලිගොඩ දිසාවේවෙත් පිළිමතලව්වේ දිසාව වත් රජතුමා අසල බොහෝ කලක් සිටි සේවකයින් වූ නමුත් රජතුමාට තිබූ ශටකපට ගති බොහොමයක් ඔවුන් සතුව තිබු බවක් පේන්නට නැත. වඩාත් ජනප්‍රිය කතාවක් වන ඇහැළේපොල කුමාරිහාමි සහ මද්දුම බණ්ඩාර ඝාතනය කිරීම යනු ඇහැළේපොලගේ තිබූ ගොන් කම ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ඇහැලේපොල සබරගමුව දිසාව ලෙස පත්ව සබරගමුවේදී රජතුමාට එරෙහිව ඉංග්‍රිසින්ගේ උදව් ගෙන රජුට විරුද්ධව සේනා සංවිධානය කරන විට ඇහැළේපොල සිය බිරිඳ සහ දරු තිදෙනා කන්දේ නුවර රජතුමා අසල තබා යෑම අණුවන කමකි. මින් පෙර රජතුමාට එරෙහි වූ පිළිමතලව්වේ මහ නිළමේ මේ වරද නොකොට ඔහු රජතුමාට එරෙහි වන්නට බොහෝ කලකට පෙර සිය පවුල සහ දරුවන් රජතුමා සිටින මානයෙන් ඉවත් කරගත් බව සඳහන්ය. 

උඩරට රජතුමාට මත්පැන් හුරුකලේ ඩොයිලි විසින් මෙහෙයවන ලද මොල්ලිගොඩ විසිනැයි කතාවක් තිබේ. මේ ඩොයිලි දිනපොතේ 1814 වර්ශය ගැන සඳහනක් නැති වුවත් නුවර මහ දිසාව ලෙස ඩොයිලි පත් වූ විට 1815 දී ඔහුට වයින් බෝතල් රාශියක් කොළඹින් යැවේ. ඒ අවස්ථාවේදී මේ පුරුද්ද තව දුරටත් ව්‍යාප්ත කිරීම සිංහල සමාජයේ ඉංග්‍රීසින්ට එරෙහි විරෝධය වැඩි වන්නට හේතු වේ යැයි සටහනක් ඩොයිලි දිනපොතේ වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මතට හුරුවීමත් ඔහුගේ විශ්වාසවන්තයින් ඝාතනය කිරීම සහ රජු සහ ඇමති මණ්ඩලය අතර විරසකයක් හට ගැනීමත් නිසා රජුට නරක කලදසාවක් උදා වීය. 

ගිරවුන්,තොප්පි, ඇඳුම්, මාලු,විසිතුරු බඩු තෑගි ලෙස ගත් බොහෝ සිංහලයෝ ඩොයිලිට සිංහල රටේ විස්තර කේලාම් ලෙස කියා ඇත. ඒ අතර අපේ මහ ගරුතර සංඝරත්නයේ උන්නාන්සේලාද සිටී. උඩරට රාජ්‍යය ගැන ඉංගිරිසි දිසාපති ඩොයිලිට කේලාම් කියපු හාමුදුරුගොල්ලාද කිහිප දෙනෙක්ම සිටිති. නමුත් බොහෝ ඔත්තුකරුවන් දී ඇති තොරතුරු සැබෑ යැයිද රජතුමාට ඉංගිරිසි පාලනය ගැන ඔත්තු නොලැබුනේ යැයිද සිතීමට හැකියාවක් නොමැත. රජතුමා රට වටේටම ඉංග්‍රීසි පාලනයක් තිබියදී පවා ලංකාවට විත් උණ හැදීම නිසා පිටව යන්නට සිද්ද වුන ප්‍රංශකාරයින් සහ පැරණි ලංසින් සමග සම්බන්ධකම් පවත්වාගන යන්නට මුල් කාලයේදී සමර්ථව තිබේ. ප්‍රංශකාරයින් ත්‍රිකුණාමලයට පැමිණියත් ඔවුන්ට මෙහි වැඩිකලක් වසන්නට හැකියාවක් නොවුනේ උණ රෝගය පිරිසට වැළඳීම නිසාය.

රජතුමාද ඔහුගේ අණසක තිබුන තැන්වලදී ඉංගිරිසි ඔත්තුකරුවන්ට දැඩි දඬුවම් පමුණුවා තිබේ. ඉතිහාසය අයිති ඉතිහාසයට මිස වර්ථමානයට නොවේ. දැන් සුද්දන් අපේ රට අල්ලාගෙන ඉවරය. සුද්දන්ගෙන් නිදහස ලබා පත් වූ ජයවර්ධන, බණ්ඩාරනායක, සේනානයක,කොතලාවල ලා පමණක් නොව රාජපක්ෂ පවා පහතරට ප්‍රභූන් විය. උඩරැටියෙකු ලසෙට ලොකු තැනකට ආවේ මගේ මතකයට අනුව සිරිමා රත්වත්තේ මැතිනියත් ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාත් පමණි.  සිරිමා මැතිණියටද දේශපාලනය ආවේ ශරීරයේ යට අර්ධයට පහතරට සොලමන් ඩයස් මුදලිඳුගේ පුත්‍රයාගෙන් සත්කාර ලැබීමේ පිනෙනි. 

ජෝන් ඩොයිලිගේ සටහන් අතර ශ්‍රී පාදස්ථාන අඩවියේ ගවරා නමින් අං පහතට හැරුන මී හරකාගෙන් බාගයක් සයිස් වෙන සතෙකු සිටි බවත් එයින් එකෙක් අල්ලා වරක් කන්දේනුවරට ගෙනා නමුත් ඌ මසක් වත් ජීවත් වූයේ නැතැයිද සඳහන් වී ඇත. මේ සතා දැන් ඇති බවක් මා දන්නේ නැත. දැන් ඌ වඳවී ගොස් ඇතිවා විය හැක. නැතහොත් කඳුකරයේ සහ ඝන කැලෑවල සිටින අලින් උසින් අඩු පෙනුමෙන් කාලවර්ණ කුරු අලින් වනවා සේ සිරිපා අඩවියේ සිටි විශේෂ මී හරක් ජාතියක් වන්නටද පුලුවන. ජෝන් ඩොයිලි ද ඉංගිරිසින් උඩරට අල්වාගන්නට පෙර සිරිපා වඳින්නට ගොස් ඇති අතර ඒ ගමන් විස්තරයේ දුරද ඇතුලත් වාර්ථා කොටසක්ද දිනපොතේ ඇත.

අපේ රටේ මිනිසුන් සහ අපේ දේශයේ අතීතයේ පාවාදීම් කෙසේ සිදුවීද යන්න බුද්ධියෙන් විමසා බලා දැනගත හැකි කෘතියකි ඩොයිලිගේ දිනපොත. සමහර අයෙක් ඩොයිලි කපටියෙකු ලෙස දක්වා ඇත.  සැමවිටම රජකමම අපේක්ෂාවෙන් වස්තු සහ බල තණ්හාවෙන් ක්‍රියාකල ඇමති මණ්ඩලය ඩොයිලිට සිය ශටකපට කම් වපුරන්නට සරු බිමක් තනා දුන්නේය.  මා මේ කෘතිය බලා අදද ඒ වැනි වස්තු තන්හාවෙන් සිය ජනයාත් රට ජාතියත් ක්‍රමයෙන් විදෙස් රටවලට(චීනයට) විකුනමින් අපි නං රට ජාතිය ආගම ආරක්සා කොරනවා යැයි කට්ටියක් සද්දෙන් බෙරිහන් දෙති. සංඝයාට දුටු තැන වඳිමින් මල් වට්ටි උස්සන් විහාර වන්දනාවේ යන සුදෝ සුදු ඇඳුම් ඇඳගත්  කපට නරියන් අද මෙන්ම එදාද සිට ඇති බව මේ පොත බැලූ විට වැටහේ.

පොත :- ඩොයිලිගේ දිනපොත 
සංස්කරණය :- එච් ඩබ් කොඬ්රින්ටන් මහතා
පරිවර්ථනය :- ධර්ම ශ්‍රී ගුණපාල
ප්‍රකාශනය :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
මිල :- රු 125/= (1994 ප්‍රථම මුද්‍රණය)
පොතේ අංකය :- ISBN 955-20-1109-4

Friday, February 7, 2014

කාන්තාවන්ට රැකියා (Jobs For Girls)

පුටු සෙල්ලම
වර්ථමානයේ කාන්තාවන්ට රැකියා ලබාදීම වනාහී කාම සම්පත් ලබාගත හැකි මාර්ගයකි. කුඩා කල සිටම මවගේ පියාගේ සෙවනේ ඔවුන් විසින් නියම කරන ලද වටපිටාවක ජීවත් වන ලාංකික කෙල්ලෝ අවට ලෝකය පුලුල්ව දැකීමේ ආසාවෙන් පෙළෙති. එවැනි කෙල්ලන් හා හාදව ඔවුන්ගෙන් යම් අකටයුතු ප්‍රොෙයා්ජන ගැනීමට කපටි කොල්ලෝ පිරිසක් සැදී සිටිති. එයින් කෙල්ලන්ට අවැඩැක් වෙතැයි බොහෝ පිරිස කීවත් කෙතරම් වටනා මැණිකක් වුව නිවෙසක එකතැන තිබෙන්ට හැරි විට එහි වටනා කම අඩුවන්නා සේ කෙල්ලෝද ගෙයි මුල්ලේ තබා කරකාර බඳිනා තෙක් ගෙදර වැඩට හුරු කිරීම වර්ථමාන සමාජයට ගැලපෙන දෙයක් නොවේ.

හරි හෝ වැරදි කෙල්ලක විසින්, ගැහැනුන්ගේ වැරදි වැඩිපුර සොයන සමාජයේ කුඩා හෝ සන්තෝෂයක් විඳන්ට ආශාවක් ඇත්නම් ඇය විසින් රැකියාවක් කළ යුතු බව මාගේ අදහසයි. එසේ රැකියා නොකලත් හොඳ විවෘතව සිතන මතන ස්වාමියෙක් ලැබීමෙන් ඇයට සැනසීමක් ලැබිය හැකිය. තවමත් ලාංකික අති බහුතර පිරිමියා ආසා කරන්නේ ගෙදර සිට කෑම උයා දෙන,තමුන්ගේ බසට නැමෙන, තනිව තීරණ නොගන්නා, රෙදි සෝදන සාම්ප්‍රදායික ගැහැනියක වන බැවින් බොහෝ රැඩිකල් පිරිිමි තර්කානුකූල ලෝකයේදී ගෑනුන්ගේ නිදහස ප්‍රිය කලත් පුද්ගලික වාසයේදී ආදි කාලීන සංස්කෘතික සීමා අනුව ගෑනු කොටුකර තබන්නට වෙර දරති.

කෝස් තේරීම.


රැකියා යනු පඳුරට ගසන විට වැටෙන තරම් සුලභ දෙයක් නොවේ. එබැවින් රැකියාවෝ ලබාගැන්මට නම් අප විසින් යම් යම් වෘත්තිය කුසලතා ලබාගත යුතුයැ. ඒවා ලබාගනු පිණිස පාඨමාලාදිය රාශියක් ඇත. පාඨමාලා කෙතෙක් තිබුනත් ඒවායින් ලැබෙන සෑම සහතිකයක්ම වැදගත් වන්නේ නැත. එක් එක් ක්ෂේත්‍රවලදී ඒ ඒ ක්ෂේත්‍රයට අදාලව ලැබෙන සහතික වල වටිනාකම තීරණය වේ. උදාහරණ ලෙස ලංකාවේ වෘත්තිය අධ්‍යාපනයේදී...රූපලාවන්‍ය,ගෘහ අලංකරණය,කාර්මික වැඩ, කොන්ඩා සැකසීම ආදිය සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් රාමුවක් හඳුන්වා දී ඇත. ඒ ජාතික වෘත්තිය සුදුසුකම්(National Vocational Qualifications) යනු රටේ පිලිගන්නා සහතිකයකි. එම සහතිකය රජය මගින් නිකුත් කරන එකක් නිසා ජාත්‍යන්තර පිළිගැන්මද වැඩිය. එසේම සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්( City and Guilds) හරහා ලැබෙන සහතික වලද වටිනාකම සාපේක්ෂව වැඩිය.

පරිඝනක ක්ෂේත්‍රෙය් දී වුව නානාප්‍රකාර ආකර්ශනීය දැන්වීම් සෑම තැනම තිබුනත් විශාල මුදලක් ඒ පාඨමාලාදිය සඳහා වියදම් වුනත් ඔබ ලබාගන්නා කුශලතාවය අනුව ඔබට ලැබෙන සහතිකය කුමක්වේද එහි වටිනාකම කුමක්දැයි මුලින්ම සිතා බැලිය යුතුය. රැකියාවට ගොස් කලක් ගතවන විට සහතික වල සැබෑ වටිනාකම අඩු වී අත් වල ඇති හැකියාව මත රැකියාවේ ඉදිරිගමන තීරණය වන මුත් මුල්ම රැකියාවක් සොයන අයට නියමිත සහතික තිබීම වැදගත්ය.

ගාමන්ට් කෝස්.(Textile And Apparels)


විජය කුමාරිය එනවිට කුවේනිය කපු කටිමින් සිටියේ ජිල් ගසන්නට නොවේ. ඇය කපු කටිමින් සිටින්ට ඇත්තේ ඇඳුම් ආදිය විවීමට විය හැක. ඒ නයින් බලන කල අපේ ගෑනුන් රෙදි මැසීමට ගාමන්ට් යෑම සමාජයේ මිනිසුන් අවඥාවට ලක් කලද එදා අපෙ ජාතිය ආරම්භ වූවායැයි අදහන පුරාවෘතයේද ගෑනියෙක් රෙදි සකසමින් සිට ඇත. ලංකාවේ ගම්බද ගෑනුන්ට පේෂ කර්ම ක්ෂේත්‍රෙය් රැකියා ලබාදෙන්නට දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා මහත් වෙහෙසක් ගත්තේය. එතුමා එසේ කරන විට අපේ උතුම් ජාතියේ ගෑනු සුද්දන්ට ජංගි මහන්ට යවනවායැයි සමහර උන් දොස් කීවෝය. නමුත් රැකියාවක් නැති එකා වනචර කමෙහි නොයෙදී අනුන් සතු දේ නොගෙන ජංගිය මහලා හෝ ගන්න තුට්ටු දෙක වඩාත් වටී. තැන් තැන්වල එක එක කයි කෙලිමින් කාලය නාස්ති කරන උගත් බුද්ධිමත් බමුණන් මේ රටට කර ඇති සේවයට වඩා විසාල සේවයක් ඒ පේෂකර්මාන්ත වල යෙදුන යුවතියන් විසින් මේ රටට කර ඇත.

පේෂකර්ම ක්ෂේත්‍රය යනු ලෝකයේම දියුනු කර්මාන්තයකි. අප්‍රිකා වනාන්තර වල, ඇමසන් වනාන්තරයේ ආදී පෙදෙස්වල සිටින සුලු ප්‍රමාණයක් වන ගෝත්‍රිකයින් හැර කිසිවෙකු බොහෝ වෙලාවක් ඇඳුන් අඳින්නේ නැතුව ඉන්නේ නැත. ටික වෙලාවක් නැතුව සිටියද උන් පසුව ඇඳුන් අඳී. එබැවින් ඇඳුන් කර්මාන්ත වල රැකියාවෙහි යෙදීම පිටරට යෑමට සහ පිටරටවල පදිංචි වීමට අවස්ථා ලැබිය හැකි වටිනා රක්ෂාවන්ය. පේෂකර්ම හා ඇඟලුම් යන නම කියන විටම සමහර අයට මතක් වන්නේ මහන ළඳුන්ය. එයද වටිනා රැකියාවක් වන නමුත් පේෂකර්මාන්ත හා සම්බන්ධ අටෝ රාශියක් රැකියාවන් ඇත. සමහර රැකියාවන් වල නිරත වූ අය පඩි ලබන්නේ මාසෙට ලක්ෂ ගනනිනි. මේ ලංකාවේ පේෂකර්ම සහ ඇඟලම් ආයතනයේ අඩවියයි. මේ එහි 2014 වසරේ කාලසටහනයි.

සාත්තු සේවය. (Health and Social Care)


මේ කියන සාත්තු සේවය යනු අර ඉස්පිරිතාල වල අපි කන්නට මෙන් නිතර බනින්ට බලාගෙන සිටින ඇටෙන්ඩන්ට් ලා වැනි සාත්තු සේවිකාවන් නොවේ. රෝගීන් සහ ගිලන් අය බලාගන්නට සිටින සාත්තු කරන කරුණාවන්ත කාන්තාවන් සාත්තු සේවිකාවන් ලෙස හැඳින්වේ. මේ සාත්තු සේවිකාවන් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි පාඨමාලා පිටරට තිබේ.නමුත් ලංකාවේ දොස්තර ගොල්ලා මේ අනෙක් අයට වෛද්‍ය දැනුම ලබාදෙනවාට අකමැති නිසා එවැන් පාඨමාලා මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වල ව්‍යාප්ත කරනවාට දොස්තර ගොල්ලා විරුද්ධ වෙති. විකිරණ ශිල්පීන්ට,හෙදියන්ට,සහ ඒ වැන් සේවාවන්ට උපාධි දෙන්නට ඇරඹූ පේරාදෙනි සම සෞඛ්‍ය විද්‍යාපීඪයේ වසර 4 උපාධිය වසර 3කට අඩු කොට ඔවුන්ට කරන්නට හැකි හැම නොපනත් කමම කරන්නට තරම් හැකියාවක් ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ට තිබේ. වෙනත් රටකනම් වෛද්‍ය වෘත්තිය යනු හුදෙක් තවත් වෘත්තියක් පමණි. ඔවුන්ට ලංකාවේ මෙන් විසේස චර්ම රෝග ලක්ෂන (කැසිලි) පෙන්නුම් කිරීමට ඒ රටවල ඉඩ නැත.

මුදල් ටිකක් වියපැහැදම් කොට හෝ මේ සාත්තු සේවිකා සහ හෙදි පාඨමාලා හැදෑරීමෙන් ලංකාවේ දීම පුද්ගලික රෝහල් වල රැකියාවක් පහසුවෙන්ම සොයාගත හැක. මේ ආකාරයේ සාත්තු සේවිකා පාඨමාලාවලට වැඩි ඉල්ලුමක් දියුනු රටවල තිබේ. සීයලා ආච්චිලා බලාගන්නා එකේ සිට විශාල රෝහල් වල වැදගත් රැකියාවන් දක්වා වූ පරාසයක් වෛද්‍ය ක්ෂේත්‍රෙය් තිබේ. ඒ බොහෝ වෘත්තින්හි ගැහැනුන්ට වඩාත් ආරක්ෂාකාරී ලෙසත් අධික වැටුප් ලැබිය හැකි ලෙසත් සේවය කල හැකිය. පරිඝනක ක්ෂේත්‍රය ගණකාධිකරණ ක්ෂේත්‍ර,ඉංජිනේරු ක්ෂේත්‍ර. ආදියෙහි සමර්ථ කම් පෙන්වා දියුනු රටවලට රිංගා ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතුය. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයක එතරම්ම වෙහෙසකර නොවන පාඨමාලාවක් සහ වසර කිහිපයක පළපුරුද්ද ඇතිනම් ඒ දියුනු රටවල හොද රස්සා වලට යන්නට හැකිකම අපේ රටේ උදවියටද ලැබේ.

ඉංජිනේරු ක්ෂේත්‍රය.


ඉංජිනේරු ක්ෂේත්‍රය තුල කාන්තාවන්ට ලංකාවේදී නිසි තැනක් ලැබිලා නැත. බොහෝ විට ඉංජිනේරු වරයා යනු ගෑනියෙක් නොව පිරිමියෙකැයි යන මතයක්ද නිර්මාණය වී තිබේ. ඕනෑම ඉංජිනේරු විද්‍යාවක් ගැහැනුන්ටද හැදෑරිය හැකිය. මහා විශාල පශ්චාත් උපාධි උපාධි මට්ටමේ සිට කාර්මික සහකාරි ආදී තනතුරු වලද කාන්තාවන්ට නිරතවීමේ හැකියාව යුරෝපා රටවල සහ අමරිකානු රටවල තිබේ. ලංකාවේ නම් පවතින ආකාරයට සහකාර ඉංජිනේරුවරියන්, ප්‍රමාණ සමීක්ෂකවරියන්, සැලසුම් නිර්මාණකාරියන් වැනි තැන්වල ගෑනුන් සිටියාට මේසන් බාස්ලා,සහායකලා. වඩු බාස්ලා, මෝටර් මැකැනික්ලා,විදුලි කාර්මිකලා අතර නම ගෑනු දකින්නට නැත. ගෑනුන් අතර ලංකාවේ රැකියා හිග වීමට මේ ස්ත්‍රි පුරුෂ භාවය අනුව සමහර රැකියා වෙනස් වීමද බලපා ඇත.

සිවිල් ඉංජිනේරු වැනි ක්ෂේත්‍රයක සහකාර ඉංජිනේරු වරියක් ලෙස පත්වීමට අවශ්‍ය වන්නේ වසර දෙක තුනක ඩිප්ලෝමාවක් සහ පළපුරුද්ද පමණි. ඒ අනුව එවන් තත්වයක් ලබාගන්නට හැකි ස්ත්‍රියක් නිබඳවම මසකට විශාල පඩි පැකට්ටුවකට හිමිකම් කියයි. ගණිත අංශයට අකමැති ගණිතය පේන්න බැරි අයට නම් ඉංජිනේරු ක්ෂේත්‍රය එතරම්ම දිරවන්නක් නොවේ. උසස් පෙළ ගණිතය හෝ විද්‍යාව කල ගැහැනු දරුවන් කෙලින්ම බුග් ගාලා රැකියා සොයන්න යන්නේ නැතිව හොඳ සාමාර්ථ තිබේ නම් දෙමාපියන්ට කාරණා පැහැදිලි කොට මේ වැනි ඉංජිනේරු පාඨමාලාදියට යොමු විය හැකිනම් ඔවුන්ට හොඳ රැකියාවක් ලබාගන්නට හැකියාව ලැබේ.

මා දන්නා එවැනි සහෝදරියන් කිහිප දෙනෙක් රුපියල් ලක්ෂ කිහිපයක් වියදම් කොට දස අතේ ණය වී එවැනි පාඨමාලා හැදෑරුවද ඔවුන්ට පසු කලෙක ඒ වියදම් කල මුදල මාස හය හතකින් හොයාගන්නට හැකි තරම් මුදලක් අතගාගන්ට ලැබුනි. ඉගනීම යනු රැකියාවම නොවුනත් අප වැනි දුප්පත් රටවලදී ආතල් එකට ඉගනගන්නට සැලැස්වීමට තරම් මුදලක් අප දෙමාපියන්ට නැතිය. එනිසා අපි කරන්නට යෙදෙන කුමක් හෝ පාඨමාලාවක් අවසානයේ අපිට කුමක් වන්නේද? මීට පෙර පාඨමාලා කරපු උන් ඇත්නම් උන්ට කුමක් වී ඇතිදැයි සලකා බැලීම වටිනා වැඩකි.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය. (Hairdressing and Beauty Therapy)

තමුන්ගේ රූපය ගැන සෑහිමකට පත්වෙන ගෑනියෙක් ඉන්නවා නම් ඒ ඉතාම කළාතුරකිනි. බොහෝ ගෑනු තමුන්ගේ රූපය ගැන සිටින්නේ කුමක් හෝ හිත් අමනාපයකිනි. ගැහැනුන්ගේ නිතරම පවතින මේ රූප මදය නිසා වසර දාස් ගානක සිට ගෑනු සිය රුව ලක්ෂනට තබාගන්නට වැර වෑයම් කරති. මේ රූපය සැකසීමද ආවට ගියාට කල හැකි දෙයක් නොවේ. එයට මනා කුශලතාවයක්ද නිර්මාණ හැකියාවක්ද තිබිය යුතුය. රූපලාවන්‍යය හුරුවූ අයෙක්ට මනාලියන් හැඩගැන්වීම, කාන්තා සැලෝන් වල රාජකාරි කිරීම. නිවසේ සිටම කුඩාවට ස්වයං රැකියාවක් ලෙස සැලුන් පටන් ගැනීම වැනි දේ කල හැකිය. මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයද නවීන විෂය කරුණු වලින් සහ නවීන භාවිතාවන්ගෙන් නිතර අලුත් වෙන එකකි. නිසි අධ්‍යනයකින් ආසාවකින් මේ රූපලාවන්‍යය කලාව ප්‍රගුණ කරන්නේ නම් ඒ කාන්තාවන්ට අතට තරමක මුදලක් මෙන්ම මානසික සතුටද නිබඳවම ලැබේ.

මා හොඳින් දන්නා එක්තරා යුවතියක් රූපයෙහි මනා හැඩයත්‍ සතුව ඇති යහ ගුනයත් ඇති සුන්දර ලක්ෂන දුටුවන් කටින් පැණි වැටෙන තරම ලක්ෂන එකියකි. ඇයට රූපලාවන්‍ය දැනුම තිබුනත් ඇය වැඩිදුර ඉගෙනගන්නට ජාතික වෘත්තිය සුදුසකම් පාඨමාලාවට(NVQ) ඇතුලත් වී එයට ගියාය. නමුත් ඇයට එම පාඨමාලාව හදාරන්නට ලැබුන සහෝදර ශිෂ්‍යාවන් බොහොමයක් තාරුණ්‍යයට හොටක් යටතේ යොවුන් සේනාංක නැමැති වැඩපිලිවෙලවල් හරහා අහසින් පාත්වුනාක් මෙන් ඒ පාඨමාලාවට වැටුනු අය වූයේය. ඒ රූප හැඩ කිරීමේ කලාව ගැන මෙලෝ දැනුමක් වත් පුරුද්දක් වත් ආසාවක්වත් නැති අය වූ බව ඇය කීවාය. ඉතිං එවැනි අය ඒ වටිනා පාඨමාලාවන් වලට අහසින් පාත්කර ඔවුන් ඒවා ඉගෙන ගත්තත් එයින් වැඩක් නම් වන්නේ නැත. අත් වලින් කරන ශිල්පයක නිපුන වීමට නම් ඒ කෙරෙහි යම් තරමක හෝ ආශාවක් තිබිය යුතුය.

රූපලාවන්‍යයද නිසි පළපුරුද්ද සහ කුසලතාවය සහතිකව ඇත්නම් ඔස්ත්‍රේලියාව නවෂීලන්තය ආදී රටවලට වෘත්තිකයෙක් ලෙසම පැනගන්නට තරම් වාසනාව සහිත වෘත්තියක් වේ. පැන්නත් නැතත් නිසි ලෙස පුරුදු පුහුනු රූපලාවන්‍ය ශිල්පිනියන්ට විශාල ආදායමක් ලැබීමට කවර පසුබිමකදී වුව අවස්ථාවක් ලැබේ.

මා පරිඝනක කෝස් සහ වාණිජ්‍ය පාඨමාලා ගැන එතරම් කතාකරන්නේ නැත්තේ ලංකාවේ වාණිජ්‍ය විශය ධාරාව හදාරා සහ වාණිජ්‍යය පාඨමාලා හදාරා විශාල පිරිසක් දැනට රැකියා නැතුව උඩබලාගෙන සිටින බැවිනි. පරිඝනක ක්ෂේත්‍රෙය් උපාධියද ලත් ගෑනු කිසිම අදාලත්වයක් නැති තැන්වල ඉතා අඩු පඩියට රැකියාගතව සිටිනවා මම දැක ඇත. ඒ ඔවුන්ගේ ආකල්පමය ගැටලුවක් නිසා විය හැක. නමුත් අපිට ලබාගන්නට බැරි තරම් දරුණු හීන ගැන හීන මවන්නේ නැතුව හීනය මදක් වෙනස්කොට දෑතේ වැඩක් ඉගෙන ගැන්මට හිත හදා ගත හැකි නම් ගෑනු ලමුන්ට වුව වසර කිහිපයකින් කැමති මිනිහා විවාහ කොට ගෙන සතුටින් සිටිය හැකි විමුක්තිදායක වටපිටාවක් ඇතිකරගත හැකිය.

Thursday, February 6, 2014

පොන්න වංශය (ponnaya's ancestry)

මේ පොන්නයින් යැයි වරදා වටහා ගැන්ම නොකල යුතුයැ. 
              පොන්න යන පදය වර්ථමාන සිංහල බසෙහි යොදාගන්නේ ලිංගික අප්‍රාණිකත්වය සහ ස්ත්‍රිත් නොවන පුරුෂත් නොවන ද්වීලිංගික මනුෂ්‍යයින් හැඳින්වීම සඳහාය. පොන්න යන පදය පොන්නයා,පොන්නකම,පොන්න වැඩ,පොන්න පාට්,පොන්න විදිය,පොන්න ඇඩ් ආදී ලෙස සමාජයේ භාවිත වෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ පොන්න යන පදය යෙදෙන නමුත් එය නරක වචනයක් ලෙස සමාජයේ හඳුන්වයි. සිංහල සමාජයේ කුඩා දරුවන් කතා නොකල යුතු පදයක් ලෙසද පොන්න යන වදන හැඳින්වෙයි.

පොන්න යන පදයට එලෙස නපුංසක හා ඒ සම්බන්ධ අර්ථයක් පැමිණීම නම් අරුම පුදුම කාරනාවකි. වෙනත් සිංහල කුණුහරුපයක් ඉංගිරිසි වදනින් ලියා ගූගල් සෙවුමක් කල විට (උදා:-පෙට්ටිය-Pettiya) ලැබෙන ප්‍රථිපලය බොහෝවිට ලංකාවේ අය විසින් විවිධ තන්හිදී කුනුහරුපෙන් බැනගෙන ඇති අවස්ථාවන් දකින්නට ලැබේ. ඒ අතර අසභ්‍ය අඩවිද බොහෝ විට දකින්නට ලැබේ. නමුත් මේ පොන්න(Ponna) යන වදන ඉංගිරිසියෙන් සොයා බැලූ විට ලැබෙන්නේ විවිධාකාර ප්‍රථිපලයන්ය. ඉන්දියාවේ පොන්න නමින් ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉතාලි උප නගරයක්ද Ponna ලෙස දැක්වේ. ඉන්දියාවේ තරමක් පැතිරුන පෙළපත් නමක් ලෙසද පොන්න යන නම දැක්වේ. ඉන්දීය ඉතිහාසයේද පොන්න නමින් පතල කවියෙක්ද සිට ඇත.

පොන්න යනු ඉන්දියාවේ  ජනප්‍රිය වී ඇති නමකි. ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වන අන්දමට එක් අවස්ථාවක “මරක්කල,වෙල්ලාල,පදු,පොන්න ආදී මිනිසුන් රැසක් යුද්ධයේදී සිරභාරයට ගැණුනු ලන්සි මිනිසා විසින් පුරුදු පුහුනු කරනු ඔවුහු දුටුහ.“යි ඔත්තුකරුවෙකු විසින් කියන ලද වාක්‍යයක් සටහන් වෙයි. මෙහිදී මරක්කල ලෙස හැඳින්වෙන්නේ මුස්ලිම් ජාතිකයින් පිරිසකි. වෙල්ලාල නම් වූ කුලයක් ඇතැයිද මා අසා ැඅත. එවිට පොන්න යනු එවැනිම ජන කොටසක් හෝ ගෝත්‍රයක් විය හැකිය.

නුවර යුගයේ කුණ්ඩලාභරනයක් වහලකට වැටීම සහ එයට දෙදෙනකු පොරකෑමේ සිද්ධි දෙකක් සඳහන් වෙයි. එයින් එකකදී මහවැලි ගඟ අසල කුණ්ඩලාභරණය එනතෙක් අහස දෙස බලමින් කූඩාරම් ගසාගෙන සිටි ප්‍රකට නැකැත් කරුවන්දෙදෙනාගෙන් එක් අයකුගේ පෙළපත් නාමය පොන්න වේ. පොන්නා හෝ පොන්න හෝ පොන්නයා යන නමින් හැඳින්වුන ඔහු සිකුරු ගෙන් පැමිණි මේ ග්‍රහක කැබැල්ලක් යැයි සැලකෙන ලෝහ කැබැල්ල අල්ලා ගත් හෙයින් එයින් මතු මේ පොන්නා සිකුරා රාජපති ලෙස හැඳින්වූ බව පොත පතේ සඳහන්ය.

කොත්මලේ ගණිතයා ලෙස හැඳින්වූ මෙ පොන්නා නැකැත්තා ගේ පරපුරේ පුස්කොල පොතක් අදද ඒ සිකුරාරාජපති නිවෙසක ඇති බවත් එහි මලයාලම් සහ ද්‍රවිඩ අක්ෂර සහිත පොන්නා නැකැත්තා විසින් ලියන ලද නක්ෂත්‍රය සම්බන්ධ කාරණා එහි ඇතිබවත් කියවේ. ඒ පොතේ ඇති අකුරු මලයාලම් හෝ ද්‍රවිඩ බසින් ලියවී ඇති නිසා පොන්නා යන නැකැත්තා ඉන්දියාවේ සිට පැමිණි අයෙක් හෝ ඉන්දීය ශාස්ත්‍රයන් හැදෑරු අයෙකු බව අපට නිගමනය කල හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සිළුමිණ පසුගිය කලාපයක දක්ණට ඇත.

ඒ අනුව ඒ පොන්න නැකැත්තා විසින් වැදගත් අනාවැකි කිහිපයක්ම කියා ඒවා පසුකලෙක සාර්ථක වී තිබෙන බවද අපිට දැකගන්නට පුලුවන. නමුත් වසර සිය ගනනක් පැරණි පුස්කොල පොතක් පුද්ගලික නිවසක පුද්ගලයකු සන්තකව තිබීමට මට නම් පුදුමයට කරුණකි. තාක්ෂණයක් ඇතැයිද වටිනා ගණිතය සම්බන්ධ දේ එහි ඇතැයිද සිතමින් එයට වඳිමින් තිබෙන්නට හරින්නේ නැතිව එය නිසි බළධාරින් ලබාගෙන කියවා එහි ඇති වැදගත් දෙයක් වෙත්නම් එය බෙදාගැන්ම පුරාවිදු බළදාරින්ගේ වගකීමයි. ඔය කියන පුස්කොල පොත පසුකලෙක පරපුරේ අය විසින් සොයාගත් ව්‍යාජ එකක් වන්නට හැකියාවක්ද ඇත. කෙසේ වෙතත් එය තවදුරටත් සංරක්ෂනයක් හෝ අඩුතරමේ පිටපත් කිරීමක් වත් නැතිව එතැනම තිබෙන්ට හැරීම නම් ඒ පොතට කරන අගෞරවයකි.

මේ පොන්න නැකැත්තා ගැන විස්තරයක් දුටුගැමුනු රජතුමාගේ කොත්මලේ අවධිය ගැන කියවෙන ජනප්‍රවාද වලද කියවේ. ඒ කොත්මලේ ගැමුණු කුමරු සැඟවී සිටි අවධියේදී ගැමුණු කුමරු දුටු සිහිනයක් විස්තර කර දෙන්නේ පොන්න නැකැත්තා විසින් යැයි කියනු ලැබේ. මේ ගැමුණු කුමරු සිටි අවධියෙන් අවුරුදු දහස් ගනනක් ගිය තැන යලිත් ඒ කොත්මලා ප්‍රෙද්ශයේම නුවර යුගයේදී විසූ පොන්නා වරුද නැකැත් බැලීමේ දක්ෂයෝ වූහ. එක්කෝ පොන්නා යනු දීර්ඝ ඉතිහාසයක් ඇති පරම්පරාවක් විය යුතුය. නැතහොත් පොන්නා වරුන් විටින් විට ලංකාවට පැමිණි ඉන්දීය ශාස්ත්‍රඥයින් පිරිසක් විය හැකිය.

පොන් යනු ද්‍රවිඩ බසින් රත්‍රන් හඳුන්වන නමක් යැයිද එය රත්‍රන් හා සම්බන්ධ කුලයක් යැයිද මතයක් ද පවතී. පොන්න යන පදය බොහෝවිට සිංහල ශාස්ත්‍රිය ලිපි ලේඛන වලදී නොයෙදෙන ග්‍රාම්‍ය යැයි සැලෙකෙන කථන ව්‍යවහාරයේ යෙදෙන පදයක් නිසා පොන්න යන පදය නපුංසක ස්වභාවය දැක්වීමට යෙදෙන්නේ මන්දැයි ඉතිහාසගත තොරතුරු සෙවීම අපහසුය. ඉතිහාසයේ එක්තරා පොන්න නම් වූ පෙළපතක් ඉතාම යටහත් පහත්ව(දීගෙන) නපුංසකයින් පරිදි අවඥාසහගතව සිටි නිසා ඔවුන් පසුකලෙක උදාහරණ බවට පත් වී පොන්න යන පදය එසේ නපුංසකයින් හැඳින්වීමට යෙදුනා වන්නට ද පුලුවන. නමුත් එසේ නොවී ඒ වචනය ලංකාවට විවිධ දේශ දේශාන්තර වලින් පැමිණ අප සමග මිශ්‍ර වූ වෙනත් බසක ආභාෂයෙන් අපේ බසට එකතු වූවා වන්නටද පුලුවන.

කෙසේ වෙතුදු යමෙකු තවත් අයෙකුට පොන්නයා යැයි බනී නම් එසේ බැනුම් අසන ලද තැනැත්තාට පොන්න යනු පහත් ජාතියක් නොවේය. ඉන්දියාවේද වැදගත් පොන්න වරුන් සිටින බවද ලංකාවේද අති දක්ෂ පොන්න නැකැත්කරුවන් ඉතිහාසයේ සිටි බවද සිතා තමාද එවැනි පොන්න යෙකු ලෙස හැඳින්වීම ගැන යටි සිතින් සතුටුවීමට හැකිය.

Wednesday, February 5, 2014

වංගීස ගේ සිහිනය 2

අදාල නැත

මේ ඒ ක නෙමෙයි වංගීස වෙනද ඇන්ටිගෙ කාමරේ ලයිට් එක නිවල තියෙන්නෙ. ඒත් අද එයා ඒක දාගෙන මොකද්ද කරනවා. මට ආසයි මෙයා මොනව කරනවද කියල බලන්න. මටත් අරකම හිතුන මෙයා. දැන් මේ අපේ බෝඩිමේ කුම්මැහි නන්දැන්ටි ගාව අනිවාර්යෙන් රත්තරං බඩු විතරක් නෙමෙයි හොඳ දියමන්ති මාල බ්‍රේස්ලට් වගේ ඒව වගේකුත් තියෙලු. දියමන්ති බඩු තියෙද්දි ඇයි මේ ගෑනි ප්ලාස්ටික් ආබරණ ගෙනල්ල හැඩ බැලුවෙ කියල හිතාගන්න බැහැ. මොකක් හරි හොරයක් තියෙන් ඕනි කියල මට හිතෙනවා. හංසිනී කියන්න ට විය.

ඉතිං හලෝ ඔය ඔතනින් පෝඩ්ඩක් ඔලුව දාල බලනව ඇන්ටි මොකද කාමරේ කරන්නෙ කියලා.දවසක් කිව්වෙ ඇන්ටි ඇඳුන් ගලවන ඒවත ්පේනව කියල. අර ටයර් බාගෙ බලාගන්න ඔයාට ඔත්තු බලන්න පුලුවනි. මේ වගේ වැදගත් දේවල් තමයි බැරි. වංගීස හංසිට කියන්න විය.

හයියෝ. වංගීස අයියේ. ඔ්‍යා නං එසේ මෙසේ නෙමයි හොදටම වල්. මං ඒ කියපු එක තාම මතකයි නේ. මෙයා හීනෙනුත් හිතන්න ඇති අපේ සුදු රෝස පාට නන්දැන්ටි ඇඳුන් මාරු කරන හැටි. සික් සික් සික්..මහ වනචර අයියෙක් තමයි මෙ ්වංගීසය. අයියෙ කියනවට මට ගහන්න ඕනි.

ඔයා කියන් ඕන නැහැ. මං මේ ලයිට් එක නිවල හිමීට ආව බැල්කනියෙන් කාමරේ පේන තැනකට. මට පේන්නේ අර ප්ලාස්ටික් ආබරණ ටික පෙට්ටි වලට දාල පැක්කරනවා. ඒ අස්සෙ අල්මාරිය ඇදල අරං ඒකෙ තිබුන බඩු අයින් කරනව වගේ පේන්නෙ. ආබරන ටිකක් කන්නාඩි මේසෙ තියෙන ලාච්චුවකටත් දානවද මන්දා. හරියට පේන් නැහ නේ. මේ රෙද්දක් කවර් වෙලානේ.. හංසනී කියන්නට විය.

අහ් එහෙනං දියමන්ති ටික වෙනුවට සුවර් එක ට ප්ලාසිට්ක් ආබරණ මාරු කරනවා ඇති. අද කාලෙ හොරු ඉන්න නිසා බයට කරනවා ඇත්තෙ. ඔයා ඉන්න තැන ඉඳන් ඉස්සරහ නේද ඔය කාමරේ තියෙන්නෙ. ඇයි දන් නැැහ එයාල උඩ තට්ටුවෙ ඉන්නෙ තට්ටු දෙකක් තියාගෙන. අංකල් කාරයත් තාම ඇන්ටිගෙ කාමරේට එනවද? එහෙනං ඔයාලට රෑ ට සෙල්ලං බලාගන්නත් පුලුවන් ඇති. නේද? වංගීස අහන්නට විය.

මොනවද වංගිස අයියෙ කියන්නෙ. මං ඔන්න තවත් කතාකරනේනෙම නැහැ ඔ්‍ය වගේ වනචර කතා කියන්න ආවොත් හෙම. පොඩ්ඩක් බුරුල දුන්නම ඔයාගේ බෝක්කු කට නොකියන දෙයක් නැහැ.

අංකල් සමාර දවසට එනවා. ඒත් ගොඩක් දවසට එයා යට කාමරේකට වෙලා ඉන්නවා. හංසිනී කියන්නට විය.

මෙ ආන්ටිගෙ කාමරේ පූසෙක් ඇවිත් ජරා කරල තිබුන නේද එකපාරක්. එය වංගීසගේ ප්‍රශ්ණයකි.

ඔව් අනේ අපේ අංකල් මාර තියරි හොයාගෙන එනවා නේ. එයා කියනවා කාමරේ ඒසී කරලා වුනාට දොර සම්පූර්ණයෙන්ම වහල තිබුනම අලුත් හුලං එන්නෙ නැතුව ඇතුලෙ තියෙන වාතයම නිතර කැරකිලා ෆෙරෙෂ් එයා නැතුව කේස් වෙන්න පුලුවන් කියල හොයාගෙන තියෙනවය. ඉතිං ඒ නිසා එයා දොර ඇරල තියන්න කියල ඇන්ටිට කියලා තියෙනවා. ඕකට කාමරේ ඇතුලට අලුතින් බිත්තිය කඩල ෆෑන් එකක් දාන්න ඕනි කතාවක් කියනවා. ඒත් මේ ලෝබ ජෝඩුව එක්ක වැඩ කරන්න බාස් ල කැමති නැහැ නේ. එ නිසා දොර යාන්තමට ඇරල ඇතුලින් ලොකු බරක් තියල ඇත්තෙ. හංසිනී විස්තර කරන්නට විය.

මේ ඒක නෙමෙයි. දැන් අද අංකලුත් නැත්තං අපේ බොඩිමෙ කාරුවත්ම නැති එකේ මං ආවොත් ඔ්‍යාෙග් තනියට ඉ්න පුලුවන් වෙයි නේද? ආන්ටි තව ටිකකින් නිදා ගනිවි. වංගීස කියන්න ටවිය.

මේ වංගීස අයියේ.. ඔයාට මොකක් හරි පිස්සුවක් හැදීගෙන එන ගතියක් තියෙනවද? මෙතන හොරෙක් වගේ පැනල මගේ කාමරේ නිදාගෙන පොඩ්ඩක් හරි කාටහරි ආරංචි වුනොත් කාටද පාරෙ බැහැලයන්න බැරි වෙන්නෙ මට නේද? අනික මහ රෑ.. ඔයාට බය කියනදේ පොඩ්ඩක් වත්නැද්ද? ඔයා නම් විස්වාස කරන්න බැරි කෙනෙක් වංගීස අයියේ. මං හිතං හිටියට වඩා ඔයා වෙනස් ගොඩාරියක්ම වෙනස්. හංසිනී කියන්නට විය.

නැහැ නැහැ මට මේ නිකමට හිතුන දෙයක්. ඔයා ගනන් ගන් එපා. සොරි. මොනවහරි අවුලක් හිත්න එපා ඉට්ස් ඕ කේ.

එහෙනං මට නිදිමතයි .මං කැපුනා. ඔයා දැන් පිස්සු නැතුව ලයිට් වහල නිදා ගන්න. බායි. කියා වංගීස සංවාදය නවත්වන්නට හැදුවේය.

හරි අයියෙ හෙනං බුදු සරණයි. ගුඩ් නයිට්. හංසිනී වංගීසට සමු දුන්නාය.

යටලීයෙන් නාරිලතා මල් පීදෙන තුරු බෝඩිමේ ඇස්බැස්ටස් අහස බලාගෙන සය අවුරුද්දක් පුරාවට සිටියත් අහසින් දෙව්ලියන් පහල වන්නේ කතාන්දර වල පමණක්ම බව වංගීසට වැටහී තිබුනි. ලැබෙන තුට්ටු දෙක ගණිකාවන්ට වියදම් කරන්න මැලිකමක් තිබුනා සේම වංගීස එයට ඇබ්බැහි වේයැයි ඔහුටම බිය වූයේය.

පැයක් දෙකක් ඒ මේ අත පෙරළෙමින් නිදාගන්නට හිතුමුත් ඔහුට මැවී පෙනුනේ මේ අවස්ථාවේ නිදාග්නනට බැරි කමින් රාත්‍රී ඇඳුමින් පෙර‍ෙලමින් සිටින හංසනීය. හංසනී යනු රාගයෙන් තොරව සඳක් මෙන් බැලිය ුයුතු වස්තුවකැයි වංගීස විසින් යැවුනු එස් එම් ඇස් වල තිබිය හැකි මුත් කෑම කඩේ ඇය සිටින විට ඈ හැරෙන විටත් සිනාසෙන විටත් ඇය කතාකරන විටත් ඇගෙන් රාගය මුසු සංඥා නිකුත් වෙතැයි වංගීස සිතුවාය. ඇය තමාට අකමැති යැයි මෙතෙක් කියා නැත. ඇය පුදුමයට පත් කර ඇය ග්‍රහනයට ගත හොත් කෙසේ හෝ ඇය මෙල්ල කරගත හැකි වෙතැයි වංගීස සිතුවාය.

ඉවසීම වැඩි තැන ඇතිව කම්මැලි කම හේතුවෙන් බොහෝ කලක් කිසිත් නොකර සිට නාකි වූ අය ගැන වංගීස දනී. ඔහුටත් කිසිදු සැපයක් නොලැබ නාකිවෙන්නට සිදු වන බවක් වංගීසට සිතෙන්නට විය. එවිට බිය මුසු අඳුරු වලාවකින් වංගීසගේ සිතුවිලි අහස කළුවර කරන්නට විය.

මහා ඝනාන්ධකාරයේ ගමනට වටා කුඩා විදුලි පන්දමක් දා ගැන්ම වඩාත් උචිත විය හැකි බැවින් ඔහු විදුලි පන්දමක් සාක්කුවට රුවා ගත්තේය. ඊට අමතරව කකුල් වල සපත්තු තිබීමද මැනැවැයි සිතූ වංගීස සපත්තු දෙකද දාගති. තිබෙන හොඳ කළු පැහැති අත් දිග ෂර්ටය දමාගත් වංගීස සෙමෙන් සෙමෙන් හංසනීගේ බෝඩිම දෙසට අතුරු පාරකින් යන්නට විය. කෙලින්ම පාරෙන් වත්තට පැණීම අනතුරු දායක බැවින් හංසනී සිටින බෝඩිමට අල්ලපු වත්තෙන් ඔහු වත්තට පැන්නේය. සිතූ පරිදි ම ඒ නිවසේ සිට අනෙක් නිවසේ වහලය දක්වා වූ අඹ ගසක්ද විය.

ගම සිටියදී වංගීස බඩ නොගෑ අඹගසක් සොයාගත නොහැක. අවසර තිබුනාද නැතිද යන්න වැදගත් නොවූ අතර වංගිසට වැදගත් වූයේ ගසේ අඹ තිබීම පමණකි. එකල ගෙවූ අඹ අතීතය අමතක කර වංගීස අඹ ගසට පැන ඉහලට බඩගාන්නට විය. අක් අත්තක් අල්ලුප ගෙදර දෙවනි තට්ටුවේ ගෑවෙන නොගෑවෙන දුරින් යයි. නමුත් එය ඇත්තේ කෙලින්ම දෙවන තට්ටුවේ සඳලුතලයට ගොඩවිය හැකි අයුරින් නොවේ. වංගීස විසින් දැන් පෙනෙන ආකාරයට අඩි දෙකක පමණ දුරක් අවධානමක් ගෙන සඳුලු තලයට පැනිය යුතුය. මේ අවධානම ගන්නට වංගීස බිය විය.

වට පිට බලන ඔහුට අසල තිබූ ගසකට හේත්තුකර තිබු කුඩා ඉනිමගක් පේන්නට විය. වංගීස ඉනිමග අඹ අත්තට සීරුවෙන් තබා එහි බඩගාමින් සඳලුතලයට ඇතුළු විය. එක්වරම ඉනිමඟ වැටෙන්නට මෙන් ගියත් අවසානය තෙක් සමබරව සිටින්නට වංගිසට හැකිවිය. ඔහු ඉනිමග සෙමෙන් සඳලුතලේ බිත්තියකට හේත්තු කලේය. අඩි ශබ්ධය නොනැගෙන අයුරින් සෙමෙන් අඩිය තැබූ වංගීසට යාන්තම් ඇරුන දොරක් දකින්නට ලැබුනේය.

දොර තල්ලුකොට ඇතුලට යෑමටත් ඉසේ සිට පොරවාගෙන සිටි බෝඩිමේ නන්දා ඇන්ටී ගේ කාමරය බව පසෙක තිබූ ඇඳුම් වලින් අදුනාගන්නටත්. ඉන් අනතුරුව දියමන්ති මාල ඇතැයි සැකකල කන්නාඩි මේස ලාච්චුවට අතදමා එහි වූ යමක් ගෙන සාක්කුවට දාගැන්මටත්. දොර පෙර පරිදි තිබනෙ පරිදි යන්තම් ඇද දැමීමටත් වංගීසට විනාඩියකට වඩා ගත නොවීය. දැන් එක්කෝ ප්ලාස්ටික් මාලයක් නැත්තං නියම දියමන්ති මාලය වංගීස ළඟය. එය දියමන්ති මාලයැමැදැයි දැන ගැන්මට වංගීස විසින් එය යන්තම් එලියට අල්ලා කළුවරට අල්ලනු ලැබීය. එහි බර අනුවත් වූ දිලිසීම අනුවත් මෙය නම් නියම දියමන්ති මාලය යැයි වංගීසට සිතුනි.

දියමන්ති මාලය ගැනීම සමග තමුන්ට හංසනී හා එක්වීමට තිබු සියලු බාධා දුරුවූ යේ යැයි වංගීසට සිතෙන්නට විය. නමුත් ඇය කුමක් කරයිදැයි දැකගැන්මට වංගීසට උවමනා විය. ඔහු සෙමෙන් ගොස්ඇය විසින් සුලඟ එනු පිණිස ඇර තිබූ කවුලුවකින් එබුනේය. ඇගේ කන් දෙකේම ඇබ ගසාගෙන තිබුන අතර ඇය සිටියේ උඩු බැලි අතට වැතිරිගෙනය.

කන් දෙකේ හෙඩ් පෝන් ගසාගෙන සිටීම මත ඇයට කිසිම ශබ්ධයක් ඇසෙන්නට නැතිබවට විශ්වාසයක් වංගීසට පහල විය. නමුත් ඉන් පසු ඔහු දුටුවේ ඔහු හීනෙන් වත් සිතාගෙන සිටි දසුනක් නොවේ. ඇය සිය නග්න පියොවුරු අතගාමින් එක අතක් ඇගේ රාත්‍රී යට ඇඳුම් අස්සෙ ්රුවාගෙන කා සමඟ හෝ දැඩි ස්වරයකින් කතා කරමින් සිටියාය. “ඔයා මට ආදරෙයිද පැටියෝ.. ගොඩාරියක්..කියන්න බබා කියන්න කෝ“.. යැයි හංසනී කියනු වංගීසට ඇසුනි. ඔහු ඔහුගේ දුරකථනය සාක්කුවෙන් ගෙන එය දෙස බැලීය. එහි ටච් ස්ක්‍රිනයේ අතුරු මුහුනතට තමා තිබූ වංගීසගේම රුවක් ඔහුට සරදම් කරන්නාක් මෙන් වංගීසට පෙනුනි. නමුත් එහි කිසිදු ඇමතුමක සේයාවක්වත් නොවීය.

හංසනී වෙනත් අයකු හා කතාකරමින් ඒ සමගම ස්වයං වින්දනය වැනි යමක නිරතවෙයි. එය වෙන කිසිම අයකු කීවත් විශ්වාස නොකරන මට්ටමක වංගීස සිටියත් ඇස් දෙකෙන්ම දැකගත් පසු එය විශ්වාස නොකිරීටම හේතුවක් වංගීසට නොතිබුනි.

තවත් මේ ගැන වංගීස හඩා වැලපුනත් ප්‍රේමයේ උත්කර්ෂයේ සිටින හංසනීට ඇසෙන්නට හැකියාවක් නැත. නමුත් දැන් සොරකමක නිරත වී ඇති තමාට පෙම්වතකු ලෙස හඬා වැලපිමට පෙර කාර්ය නිම කිරීමට සිදු ඇති බව වංගීසට සහජ ඉවකින් මෙන් වැටහුනි.

ඔහු නැවතත් ඉනිමග තබා අඹ අත්තට ගොඩ වී අනෙක් නිවසට පැන එයින් විනාඩි විස්සක් ඇතුලත ඔහුගේ නවාතැනට ගොස් විදුලි ආලෝකය මධ්‍යෙය් ඔහු පැහැරගත් දියමන්ති මාලයේ හැඩරුව බැලුවේය.අත් දිග කමිසයේ දික් කරගත් අත් වලින්ම වංගීස විසින් දොරවල් කන්නාඩි මේසයේ ලාච්චුව ආදිය අල්ලනු ලැබූ නිසා ඔහු වහාම සිය කමිසය හා ඇඳුම සෝදන කුඩු දමා වතුරේ පෙගෙන්නට දැමීය.

නිවසේ සිටි එකම අමුත්තා හංසනී වුවද ඉනිමග සහ සපත්තු අඩි කිහිපයක්ම තිබු නිසා හංසනී වැරදිකරු නොවීය. පරම්පරාවෙන් ලැබුන පළඳනාව නැති වීම නිසා නන්දා ඇන්ටී දවස් කීපයක්ම සොවින් තැවුනාය. අහ් මට වෙනදට කවදාවත් නින්ද යන් නැහැ එදා නින්ද ගිහින් තිබුන නේ. හංසනී යාලුවන්ට කියා තිබුනි.

හංසනීගේ පෙම්වතා වූ වංගීස පැරණි කාර් රථයක් මිලදී ගෙන තිබුනි. වංගීසට එවන් මුදලක් ලැබුනේ වංගීසගේ සහෝදරයකුට ලොතරැයියක් ඇදීම නිසායැයි වංගීස කියා තිබුනි. එය වංගීසගේ නොව සිය සහොදරයාගේ බවත් ඔහු රට සිටින කල පාවිච්චියට දුන් එකක් බවත් වංගීෂ විසින් හංසනීට කියා තිබුනි.

හනී මට නං බස් වල යන්න බැහැ වංගීසයියේ. අනික ඔයා වගේ නෙමෙයි මං කෙල්ලෙක්. ඔයා හිතන තරං ලේසි නැහැ. අනික අපේ නෑයො හැමතැනම.කියමින් තොඳොල් වූ හංසනී. නොබෝ දිනකින් පැරණි කාර් රථයක නැගී ජේත්තුකාර ඉපැරණි සංචාරක හෝටලයක වංගීස සමඟ සතුටින් කල් ගතකරනු දකින්නට ලැබුනි. 


ඉවරායි. 

වංගීස ගේ සිහිනය 1

අදාල නැත

මට බැහැ අනේ ගොඩක් දුර බස්වල යන්න වමනෙට එනවා. අනික මට තාත්තිල අනිවාර්යෙන් ගෙයක් දෙනව කියනවා. ඒ වුනාට මං කැමති නැහැ එයාල දෙන්න බලං ඉන්න පරණ මහ ගෙදර ජීවත්වෙන්න. මං අනික් අයට වඩා වෙනස්. මගේ අරමුණක් තියෙනවා පටන් ගත්ත ටාගට් එකට නවතින්නෙ නැතුව යන්න. සමහර විට මම ටාගට් එකට කිට්ටු වෙනකොට වයසට ගිහින් තියේවි. ඒත් මගේ උපදින්න ඉන්න දරුවො හරි ලස්සන ගේක ඉඳලා කාර් එකක වැඩට යන්න පුලුවන් මට්ටමක ඉන්න ඕනි.

හංසිනී කියාගෙන ගියාය. ඒ කියන හැම වදනක් පාසාම නුපරුදු බොළඳ සිහින පේලියක් අතර තමුන් අතරමං වන බවක් වංගීසට වැටහෙන්නට විය. වංගීසට අනුව ඇය ළඟ ඇත්තේ සැබෑ නොවන හීනයකි. බියර් බොන්නට තනියට එක්කරං ආ මිතුරා සමඟ වංගීස කියවන්නට විය.

මචං හිතපං. මට දැන් තිහක් හම්බෙනවා. මං කරන්නෙ කොළඹ කන්තොරුවක රස්සාවක්. මට තිහක් ලැබුනම තිහම ඉතුරු කලා කියමු. අවුරුද්දෙම එකතු කලත් කීයද කියහං ඉතිරි වෙන්නෙ. රුපියල් ලක්ෂ තුනහමාරයි. තුන හමාරට වාහනයක් තියා ත්‍රිවිල් එකක් වත් ගන්න පුලුවන්ද බං? දැන් මේකිට රුපියල් දහඅට දාහයි පඩිය. ඒ වුනාට ගෙවල් ගහලා නැව් ගන්න කතාව. අනේ මන්දා බං මට මේ වාහෙල තේරුං ගන්න බෑ ඕයි.

බියර් පදම නිසාම නොව වංගීසට ප්‍රේමයේ බොළඳ බව තේරුම් ගන්නට වූ නොහැකියාව නිසා වේදනා දැනෙන්නට විය.

චතුර වංගීසට හොඳින් සවන් දී..ඔය ගෑනු ඉල්ලන හැම දේම අරං දිල ගෑනුන්ව සෙට් කරගන්න මිනිස්සු ලෝකෙ ඉන්නව කියල උඹ හිතනවාද? ගෑනු ඔහොමයි බං. බූරුවෙක් අරං දුන්නොත් කොටලුවෙක් ඉල්ලනවා. කොටලුවෙක් අරං දුන්නොත් ඌ මදි අශ්වයෙක් ඕන කියනවා . අස්සයෙකුත් අරං දුන්නොත් අනේ අර අල්ලපු ගෙදර ගෑනි අලියෙක් ගත්තා මටත් අලියෙක් නැතුව සොපින් යන්න බෑ කියලා කියනවා. ඕක ජාතියෙ හැටි බං. ඕවා ගනන් ගන්න ගියොත් බොට මේ ආත්මෙට ගෑනියෙක් ගෙ සැප ගන්න ලැබෙන් නැහැ. උඹ හිතන්නෙ මේ අපේ ගෑනු ඕව ඉල්ලන් නැති පත්තිනි අම්මල කියලද? නෑ ඕයි කොතනත් එක වගේ. තියනවාට වඩා සුන්දර ලෝක වල ඉන්න ගෑනු ආසයි. ඉතින් අපිට පාන්යැ බං. ඔන්න තව ටිකක් තොඳොල් වෙලා චාටුව දාල වීකන්ඩ් එකක ඕකිව ඇදපං. මං කිව්වට එක දවසක් ඇදපං. බෑ කියාවි. ඒත් පස්සෙ ඕව හරියනවා. නාහෙන් අඩන්නෙ නැති සෝක් ගෑනු ඉන්නෙ ෆිල්ම් වල විතරයි බං. කෙල්ල නෙමෙයි අවුල් උඹයි. තේරුං ගනිං. වචන කියන්නෙ ලයිෆ් එක නෙමෙයි. වචන විතරයි.

චතුරට මඳක් තද වී තිබුනේ පොතේ ක්‍රමයට ආලය කරන්නට ගොසින් වංගීස නිතරම වරද්දා ගන්නා හෙයිනි. චතුරට අනුව ආලය යනු ලිංගික හැසිරීමේ වර්ණවත් ඇසුරුමයි. ඒ වර්ණවත් ඇසුරුම ගෙන එය මඳින් මද ඉවත් කර ලිංගික සුව නැමැති මහාර්ඝ වස්තුව මතු කරගැන්ම පිරිමියා සතු කාර්යයකැයි චතුර සිතුවේය.

අනේ මන්දා බං. බොරු කියනවා කියල මං කෝමද බං එච්චර බොරු කියන්නෙ. මං කෝමද කියපං මේ ගානින් ගෙයක් තියා කාමරයක් වත් හදන්නෙ? මේ ගෑනු බදින්න යද්දියි. ඉන් පස්සෙයි හැමදාම මලගෙදර වගේ නාහෙන් අඩන්න ගනීවි. ඊඨ හොදයි මෙහෙම නිකා ඉන්න එක. අනික ඔය උඹට වගේ ගෑනියෙක් කියන්නෙ වල් වැඩේට විතරයි. අනේ මන්දා. ඒත් උඹට කෑලි සෙට්වෙනව නේ. ..වංගීස අවසාන කොටස කීවේ ඇසෙන නෑසෙන ගාන්ටය.

මචං මට අද වැඩිය බොන්න බැහැ. දන්නවනේ පොලිස් කාරයො හැම තැනම. අපරාදෙ එක අතකින් මේ බයික් එකට පුරුදු වුනේ. උඹ වගේ බස් එකේ ගිහිං හෝල්ට එකෙ බහින්න බෑනෙ මට. උඹ තව ටිකක් ඉඳල වරෙං මං යන්නං. අනික ගෑනිගේ බර බරේ අහං ඉන්න වෙනවා වරුවක් විතර..වැඩිය බීළ ගියාම. චතුර යන්නට සැරසුනි.

චතුරව වංගීස විසින් කැඳවාගෙන ආවේ ඔහුගේ දුක චතුරට කියා සමනය කරගැන්මේ අදහසිනි. නමුත් ගෑනුන්ගේ කංකරච්චල අලුයම ලූ කෙල පිඩක් තරම් වත් නොසැලකිය යුතු යැයි නරිවාදන් දෙන චතුරයාම දැන් “ගෑනිගෙ බර බරේ අහං ඉන්න වෙනවා බං“ යැයි කියමින් නික්මී යන්නට සැරසෙයි. ලෝකය ස්ටේජ් එකක්ය අපි ඔක්කොම ඒකෙ නලුවෝය කියල කවුද කියල තියන බවක් වංගීස ට වැටහෙන්නට විය.

තවත් බියර් වීදුරුවක් පුරවා ගත් වංගීස සෙමෙන් කල්පනා කරන්න ට වූයේ ඔහු මුහුන දිය යුතු සත්‍ය තත්‍ය ලෝකය ගැනය. දැන් හංසිනී මොක කීවත් මට අකමැතියි කියල නහැ. එයා කැමැතියි කියල ත් නැහැ. අනේ මන්දා. ඒත් එයා කැමති හරි ලස්සන ලෝකෙකට. මං කොහොමද එයා ඉල්ලන ලෝකෙ දෙන්නෙ. ඉතිං මේ ලව් එක හරියන් නැහැ. අනික මෙච්චර දවස් කතා කරලත් හංසිනී වචනයක් දෙන්නෙ නැත්තෙ මොකක් හරි අවුලක් ඇති. හංසි මේ වගේ තැනක වැඩකලාට නම්බුකාර පවුලක ලමයෙක් වෙන්න ඇති. ඒ නිසා අම්මල කැමති වෙන එකක් නැහැ. අපේ ගෙදරින් නම් ප්‍රශ්ණයක් නැහැ. ප්‍රශ්ණයක් නැති වුනාට මට කියල ඇති දෙයක් නැහැ. ගෙයක් වාහනයක් තියා කාමරයක් වත්.

මිනිස්සු බඳිනව. අපේ ඔෆිස් එකේම මගේ පඩියම ගන්න උන් කීදෙනක් බැඳලද.? සමාර උන්ට දරුවොත් ඉන්නව. සමාර බුවාල ණය ඉල්ලගෙන එනකොට පවු කියල හිතල සල්ලිත් මංම දෙනව. ඒත් ඒ මිනිස්සු ඔක්කොම කරගෙන කොහොම ජීවත් වෙනව ඇද්ද? අනික මේ හංසනී කොච්චර ලස්සන වුනත් බොළඳ වැඩියි. එයාට අනුව ජීවිතේ ටාගට් කවර් කරන එක අපේ වැඩපොලේ ටාගට් කවර් කරනවා වගේ වැඩක්. එක අතකින් මෝඩ කෙල්ලෙක්. ඒත් මං කොහොමද හැමදාම අඩන ගෑනියෙක් එක්ක එක වහලක් යට ඉන්නෙ? මේව හිතන එකත් මහ මෝඩ වැඩක්. ඒත් හිතන් නැතුව නිකං ගලන්නැහේ ජීවිත ගැලුවට වැඩකුත් නැහැ නේ. යැයි වංගීස සිතන්නට වූයේය.

වංගීස බියර් මත වැඩිපුර වැඩිවීම බස් රියේ යෑමට අහිතකරව බලපාන බව නුවණින් දැන බස්රයේ නැගී බෝඩිමට ගියේය.

වංගීසට හංසනීව හමු වූයේ ඇය වැඩකරන කෑම විකුනන ටේක් අ වේ කඩයකදීය. ඇය එහි කැෂියර් එක බලාගත් යුවතිය විය. ඇය එතරම්ම සැර ලක්ෂණක් නොමැත්තේ වුවද දුටුවන් නැවත හැරී බැලීමට තරම් මනා ශරීර ලාලිත්‍යයකින් යුතු වූවාය. දින කිහිපයක් කතා කල පසු දෙදෙනා අතර දුරකථන නොම්මර හුවමාරු විය. ඉතාම අඩු මිලට කෑම ගන්නට ගොස් කෑම කඩයේදීම ඇය හමුවීමත්. එසේ හමු වූ ඇය රාජකීය මහේෂාක්‍ය ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් එය වෙනුවෙන් ජීවත්වෙන්නට යෑමත් වංගීස මුහුනදුන් මානසික ගැටළුවක්ම විය. හංසනී පතන ජාතියේ මුදල් හදල් ඇති ධනවත් අයෙකු සිය වැඩකාරයෙක්ට හෝ සේවකයන්ට කෑම ගැනීමට මිස මෙන් ලාබ කඩවලට ගොඩ නොවන බව වංගීස දනී. ඇය යනු වංගීසට අනුව පිරවීමට අමාරු ප්‍රෙෙහ්ලිකාවකි.

කිසිදු වෙනසක් නොපෙන්වා හංසනීට ඇමතුමක් ගත්තේය. වෙනදා ඇගේ ෆෝන් එක විටෙක එන්ගේජ් වීම සිදුවුවත් ඒ ඇය ගෙදර සමග කතාකරන වේලාව යැයි වංගීස සිතා ගත්තේය. දැන් නම් ෆෝන් එක රිංග් යයි.

ඔයා දන් නැහැ නේ. අද බෝඩිමෙ මම විතරයි ඉන්නෙ. අපේ ඇන්ටි කතා කලා මට එයා ගෙනාපු ප්ලාස්ටික් ආබරණ ටික පෙන්වන්න. ඒ ප්ලාස්ටික් ආබරණ ඔක්කොම ඩයමන්ඩ් වගෙමයි අනේ. හොඳ කඩෙකින් අරං තියෙන්නෙ. හරිම ලස්සනයි. හංසනී කියන්නට විය.

ඉතිං. ඔය මනුස්සයට ලොකු සල්ලියක් තියෙනව කිව්ව නේද? මොකටද ආබරණ. වැඩක් නැහැ නේ ආබරණ. ඒ ගෑනු කෙනාට සල්ලි දීල ගන් ඇහැක් කම ඇති නේ. වංගීසට බෝඩිම අයිතිකාරිය ප්ලාස්ටික් ආබරණ රැගෙන ඒම ගැටළුවකි. බෝඩිම අයිතිකාරිය වංශවත් මෙන්ම ධනවත් ගැහැනියක වූවාය. ඇගේ පවුලේ පුතුන් සියල්ල පිටරට වාසය කල අතර මහ ජෝඩුව පමණක් ලංකාවේ විය. ඔවුනගේ තනිය නිවාගැන්ම සඳහාත් නිවෙස පාලුවට යෑම වලක්වා ගනු පිණිසත් නිවසේ කාමර දෙකක් ගැහැනු ළමුන්ට කුලියට දී තිබුනි. එයින් හංසිනි වඩාත් නන්දා නැමැති නිවෙස් හිමිකාරිණියගේ කෘතඥතාවයට බඳුන් වූයේ හංසිනී නිවාඩු දවස්ද බෝඩිමේම ගෙවා දැමූ නිසාය.

අනෙක් ගැහැනු ළමුන් නිවාඩු දිනවලට නිවෙස් වලට යති. එකියක් නිවාඩු දින යෑමට පෙර ගන්නා දීර්ඝ ඇමතුමට කන් දෙමින් සිටි හංසනීට ඇය කෙලින්ම නිවසට නොයන බවත් පෙම්වතා හෝ වෙනයම් අයෙකු සමග යෑමට නියමිත බවත් වටහා ගති. නමුත් ඒවා විමසන්නේ කුමක් පිනිස දැයි සිතා හංසිනී මුවින් නොබැන සිටියාය.

මේ වංගීස.යියේ.? ඔයා අදත් රෑ වෙනකල් ඉන්නව නේද? මට අද ටිකක් බයයි. මේ කාමරේ ලයිට එකත් නිවි නිවි පත්තුවෙනෝ. හරියට හොල්මන් ෆිල්ම් එකක් වගේ. ඔයා නේ මට කිව්වෙ බෝඩිමෙ කවුරුත් නැති නිවාඩු දවසට නින්ද යන් නැත්තං ලයිට් එක දාගෙන පොත් කියවන්න කියලා. ඒ වුනාට මට පොත් කියවන්න බැහැ මේ ලයිට් කඑ අප්සට් හොඳටම. අනික කාරුවත් නැහැ. මෙ දවස්වල හරිම හීතලත් එක්ක.හංසනී තොඳොල් වන්නට විය.

සති අන්ත රාත්‍රින් වල වැඩිපුර හංසිනී සමග කතාකිරීමට වංගීසට සිදු වූයේ බෝඩිමේ වෙනත් කිසිවකු නැතිකමින් කළුවරට බිය වන හංසිනීගේ බිය දුරු කිරීම සඳහාය. ඒ වෙනුවට සතියේ දිනවල හංසනී හා වංගීසට කතා කිරිමට ලැබුනේ ස්වල්ප වේලාවකි. මන්ද අනික් අක්කලා ඉන්න නිසා එයාලට ඇහේ යැයි බියෙන් හංසනී කතා කිරීමට අදි මදි කල නිසාය.

හරි හරි.හංසි. ඔයා බයවෙන් එපා. කොහෙද ඔයා ඉතිං මට එන්න එපා කිව්ව නේ. මංආවනං ස්පයිඩර් මැන් වගේ ජනේලෙන් පැනල ඔයාට කිස් එකකුත් දීලම යනවා. ඔයාව නිදි කරන්න පොඩි එක්සයිස් එකකුත් කියාදීලම යන්න තිබුනා. කොහෙද ඉතිං ඔයාට කොහෙට හරි යන්න කතා කලත් බැහැ. කොහොම හරි මං එන්න හැදුවම ඒකටත් එපා කියනවා. යැයි වංගීස කියන්න ටවිය.

අහ් එහෙමද? ඇවිල්ල ස්පයිඩර් මෑන් ජනේලෙන් පැනල කිස් දීල යනකොට හරි චූන් ඇති නේද? අනේ මේ ස්පයිඩර් මෑන්ටත් තියෙන ආසාවල්.... නේ.. ද?? හංසිනී ඇද පැද කියා වංගීස කුලප්පු කරන්නට වූවාය. 


තව කෑල්ලක් තියෙනවා..

Tuesday, February 4, 2014

ව්‍යාජ ආදේශනය (the changeling)

උරුමය සහිත දරුවන් හදිසියේ අතුරුදහන් වීමේ සංසිද්ධි අපේ රටේ පුරාවිද්‍යාව අධ්‍යනය කරන විට අපිට හමු වන සිද්ධියක්. යසලාලක තිස්ස කියන රජතුමා රාජ්‍යය කරපු කාලෙ දොරටුපාලය වෙච්චි සුභ විසින් සිංහාසනය පැහැරගතපු කතාව අපි කුඩාකාලෙ අහල තියෙනවා. අහල නැත්තං මෙතනින් බලාගන්න පුලුවනි. එතනදි සිංහාසනය වංචාවෙන් පැහැරගැනීමක් සිද්ද වෙලා තිබෙනවා. 

අපේ රටේ වගේම වෙනත් රටවලත් ඉතිහාසයෙ ්මෙසේ උරුමකරුවන් අදිසියේ මරා දැමීම් සිද්ද වෙලා තිබෙනවා. සමහර උරුමකරුවන් කුඩා කලදීම ඝාතනය කර දමන්නට රජවරුන් සහ බිසෝවරුන් කටයුතු කොට තිබෙනවා. ඒ වගේම යම්කිසි වස්තුව සහ උරුමවන්නට නියමිත විශාල බූදලයක් සහිත දරුවනුත් ඒ වැනි විශාල අවධානමකට මුහුනදෙනවා.ක්‍රිස්තු චරිතයේ වගේම බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ පන්සිය පන්ස ජාතක පොතේත් ඒ විදියට කුඩා කල උරුමකරුවන් ඝාතනය කරපු කතාන්දර තිබෙනවා.

මේ නිසාමදෝ මන්දා සමහර ජනප්‍රිය මුදල් ඇති අයගේ දරුවන් වඩාත් ආරක්ෂාකාරී පසුබිමක තබන්න ධනවත් දෙමාපියන් කටයුුතු කරනවා. අපේ රටෙත් ගොඩක් මුදල් ඇති අයගේ දරුවන් පිටරට ඉගෙනගන්න තීරණය කරන්න එක හේතුවක් වෙන්න ඇති දරුවන් මෙහෙදි අනතුරට ලක් වෙන එක නැවැත්වීම. 

මේ විදියට ධනවත් ව්‍යාපාරිකයකුගේ පුත්‍රෙයක් ධනය ලබාගැනීම පිණිස පැහැරගැනීමේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන “පන්තියෙ පළවෙනිය වුනේ සමන් කුමාර“ කියල ගීතයක් අපේ ඇන්ටන් ජෝන්ස් මහතා විසිනුත් ගායනා කරනවා. මේ සමන් කුමාර අද හිටියනම් අවුරුදු හතලිස් ගානක් වෙන මනුස්සයෙක්.  තිලකරත්න කියන මතුගම හිටපු ව්‍යාපාරික මහතාගේ හොඳම හිතවතෙක් තමයි තිලකරත්න මහතාගේ දරුවා මේ විදියට පැහැරගෙන  ඝාතනය සිදු කරලා තියෙන්නෙ. ඒ වෙලාවෙ ප්‍රධාන ඇසින් දුටු සාක්කිය කියල තිබුනෙ කුඩා ගැහැනු ලමයෙක්. ඒ කුඩා ගැහැනු ළමයා අද වෙනවිට පොලිස් කාන්තාවක්. ඝාතකයා විසි අවුරුදු සිර දඬුවම අවසාන වෙලා දැන් නිදහස් වෙලා ඉන්නවා. එතනදි දරුවා ඝාතනය කරන්නෙ කප්පමක් වෙනුවෙන්. ඒක ඒ කාලෙ රටම හොල්ලපු මහා අනුවේදනීය සිද්ධියක් වෙලා තිබුනා.

එක්තරා නිවෙසක සිටින ධනවත් වංශාධිපතියෙක් තමුන්ගේ උරුමය වෙනස් කිරීමට හිතාමතාම තම ලෙයින් උපන් පුත්‍රයාව ඝාතනය කරනවා. ඒ ඝාතනය කලාට පස්සෙ ඒ දරුවා ඒ පැරණි නිවසේ හොල්මන් කරන්න පටන් ගන්නවා. හොල්මන සම්බන්ධ කතා වස්තුව තමයි මේ සිනමාපටයට වස්තු බීජය වෙලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක හැදුව අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික අත්දැකීමක් අනුව මෙහි තිරනාටකය ලියවුනා කියලත් කතාවක් තියෙනවා.ෆිල්ම් එකේ පෙන්වන විදියට ඒ සංගීතකාර කතානායකයාගේ සංගීතයට තමයි හොල්මන නැවත පනනැංවිලා එන්නෙ. ඒ මනුස්සය නං බය නැති යකෙක්. ඔන්න මං වුනානං එක දවසයි හොල්මන් සද්ද අහන්නෙ ඊලග දවසෙ නිදන කාමරෙත් හෝදලම ගෙදරින් එලියට බහින්න වෙනවා.

මේ ෆිල්ම් එක ඇවිත් තියන්නෙ 1980 අවුරුද්දෙ. එවකට පැවති තාක්ෂණික උපකරණ ආදිය වෙනස්. ඔවුන් රෙකෝඩින් කටයුතු සඳහා යොදාගන්නෙ ටේප් පටි. කැසට් පටි නම් දැන් උපදින පරම්පරාවෙ අය දකින්නෙත් නැති වස්තුවක් වේවි.  ඒ කාලෙ පරිඝනක වුනත් ඒ තරම් චිත්‍රපටි කර්මාන්තයට යොදාගන්නෙ නැතුව ඇති. පරිඝනකය අද මේ අපි දකින ආකාරයේ මුහුනකට ඇවිත් තියෙන්නෙත් 1990ට කිට්ටු කාලෙකදි.

පරිඝනක භාවිතය ආදි අද පරම්පරාවේ තාක්ෂණය නැති වුනාට සිනමාපටියේ දෘෂ්‍ය ප්‍රෙයා්ග ඉතාම හොඳින් ඉදිරිපත් කරලා තිබෙනවා. අද කාලෙ තිරගත වෙන සිනමාපටයක විලාසෙන්ම හඬ සැකසීමත් කරලා තිබෙනවා. හොඳ ජාතියේ ශ්‍රවණාධාර(Headphones)   ගසාගෙන ෆිල්ම් එක බැලුවොත් ඇත්තටම යසට බයවෙන්න පුලුවන් සිනමාපටියක් තමයි චේන්ජ්ලින් කියන්නෙ. මේ ෆිල්ම් එක බයහිතෙන පරණ ගෙවල් සම්බන්ධ කතා අතුරින් විශිෂ්ඨ එකක් වෙන්න ඕනි. මේ ළඟදි නිකුත් වුන හොල්මන් සිනමාපටි කීපයක්ම මම බැලුවත් මේක තරම් ගතියට ඒවායෙ කතාව සහ ප්‍රෙයා්ග තිබුනෙ නැහැ. 

කොහොම වුනත් බයහිතෙන සිනමාවට කැමති අයට කියාපු ෆිල්ම් එකක් තමයි මේ the changeling  ෆිල්ම් එක.

Monday, February 3, 2014

රට කුරුල්ලා



ඕව ඉගෙනගත්ත කියල මොකටද බං? ඔය උපාදි අරගෙනත් අර කන්තෝරු ගානෙ ගිහින් ගෙවල් ගානෙ යවන්නෙ දැන්. රුපියල් පාලොස්දාහයි ලැබෙන්නෙ. උඹ මොකද මේකට අකමැති කියපං.?

උඹ මුලින් කැමති වෙල වගේ හිටියෙ. ඒත් දැන් වෙනස් වෙලා.තොපිටත් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලිං මදන විසේ ගහනව. ඒකවෙන් ඇති මේ.

පියදාස සිය දුවනියට ඔහේ කියවාගෙන ගියත් දුවනිය මුවින් නොබැන සිටියාය.

සාමාන්‍ය පෙල යාන්තමට පාස් වුනි. ඇයට ගණිතය සී එකක් තිබුන බැවින් ගුරුවරු ඇයට උසස් පෙළ වාණිජ්‍යය කරන්නැයි කීවෝය. ඇය වසර දෙකක් අමාරුවෙන් ක්ලාස්ගොස් ගත් සාමාර්ථය බී තුනක් විය. එය කැම්පස් යන්නට හොදටම මදිය. වෙනත් දේකට යන්න වත් කිසිවෙකුගෙන් හව්හරණක් නැත.

දුවේ,..මං උඹට සල්ලි එවල ඉගැන්නුව. උඹ ඔයින් හරි පාස්සුනා ඇති. අර අනික් උන්ගෙ උන් පාස් වුන් නැති නිසා උන් බොට ඉරිසිය කරනව ඇති. පරිස්සමින් හිටහං. ඊලගට මොකක් කොරනවද කියල හිතාගන්න බැහැ.

නිම්ෂාට සිය මව ස්කයිපියේන කතා කල විට එසේ දැනමුතු කම් දුන්නාය. නිම්ෂාගේ පියාට නැතිව නිම්ෂාට කෙලින්ම මුදල් එවීමට නිම්ගේ මව කටයුතු කලාය. බොහෝ දෙනා හිතුවේ මවත් නැති නිසා නිම්ෂා පංති යන අතර කොල්ලෙක් සමග එකතු වී එයින් මතු ඔවුන් පැනයාවි යැයි කියලාය. නමුත් කුමක් හෝ පුදුමයක් නිසා එගම යුවතියන් බොහොමයක් ගිය මග නිම්ෂා නොගියාය.

දිනක් නිම්ෂාට බස්රියේදී අයියා කෙනෙක් හමු විය. ඔහු සේනක විය. සේනක විදෙස් රැකියාවන්ට කාන්තාවන් යොමුකරන ඒජන්තයෙක් බව නිම්ෂා දනී. එහෙත් ඒ ගැන වැඩිවිස්තරයක් ඇය නොදනී. ඇය සමග බලෙන්ම මෙන් කතා කල සේනක පසු දිනෙක පියාද නැති විටෙක නවකතාවක් කියවමින් සිටි නිම්ෂා හමුවන්ට ආවේය.

නංගි මේ රට යන විදිය හොද නැහැ. ඕගොල්ල ඉගන ගෙන තියෙන නිසා හොදටම පේනව නේ. කසාදයක් ඉතිං බැඳගත්තොතින් බැන්ද ම තමයි. ආයි ඉගනගැනිල්ලක් සල්ලි හෙවිල්ලක් ගැන හිතන්න බැහැ. නංගි තරහවෙන් එපා මං මෙහෙම කිව්වට. හැමදාම ඔය විබාග ඉවරවුනාම තැපැල් කන්තෝරුවෙ ලියුං ගොඩගැහෙනව විබාගෙ පාස් වෙච්චි අය රස්සාවලට දාන ඉල්ලුම් පත්තර වලින්. ඒත් ඒවට උත්තර එන්නෙ එහෙමත් එකකින්. ඒකෙනුත් තැපැල් කන්තෝරු පෝසත් වෙනව විතරයි.

සේනක කියාගෙන යයි. නිම්ෂාට මේ සියල්ල හැරදා රට යන්නට සිතක් පහල වී තිබුනි. නමුත් දැන් දැන් ඇයට එන ඇවිටිලි නිසාම ඇයට රට යෑමට තිබූ සිත මඳක් පසුබාගෙන එයි. කුඩා කල සිටම ඇයට හිතුන දෙයක් මිස බලෙන් ඇය මත පටවන දැයට අකමැති වීමේ ගතියක් නිම්ෂා සතු විය. ඇයට බොහෝ අය උසස් පෙළට ජීව විද්‍යාව කරන්නැය ිබල කරන්නට වුයේ ඇයට සයන්ස් වලට හොඳ සාමාර්ථයක් තිබුන නිසාය. නමුත් ඇය විශාල පිරිසක ්බල කරන ලද නිසාම ඇගේ කැමැත්ත කොමස් වලට දුන්නාය.

සේනක අයිය කියන කතාව ඇත්ත. ඒත් මං තාම එච්චර ලොකු නැහැ. මට කසාද බඳින්නත් ඕන නැහැ. තරහවෙන් එපා මෙහෙම කිව්වට සේනක අයිය වෙන කෙනෙක් අල්ලගන්න මං රට යන එකක් නැහැ.

එකවර කුරුල්ලා බිම දාගත නොහැකි තැන මස්වැද්දා විසින් උපායෙන් උගුල් අටවා කුරුල්ලා අල්වාගන්නට තනයි. නිම්ෂාගේ පියා වන පියදාස උන්නැහේ හමු වූ සේනක. දින කිහිපයක්ම පියදාස උන්නැහේ සමග කතා බහ කරමින් කුලුපගු වන්නට වෑයම් කලාය.

අනේ කොහොමෙය් සේනක ලමයො දෝනියැන්ද යවල. උන්දැ විතරයි නේ ඉන්නෙ දැන්. මුලින් පියදාස එසේ කීවේය.

නමුත් ටිකෙන් ටික දැල එලූ සේනකට අවසානයේ.

ම්ම් සේනක කියන එකත් ඇත්ත එකාතකින්. අපේ මහ එකීළ වගේ හැමදාම රට ඉ්නනවට වඩා ඒ දරුවට කීයක් හරි හම්බක රගන්න අවස්ථාව ලැබුන නම් හොඳයි නේ. යැයි කියන මට්ටමට ආවේය.

පියදාස උන්නැහේ මෙහෙම කිව්වට තරහ වෙන් එපා. දුව කෝමහරි යන්න කැමති වෙල එහෙ ගියොත් ඔහෙටත් රුපියල් විසිදාහක් ලැබෙනවා. මොකද ඒ රටවල කට්ටිය දැන් අම්මන්ඩිලා ට වඩා ගෙයක් දොරක් හරියට කඩිසරව පාලනේ කොරග්නන කැමති කට්ටිය දූවරු විදියට ගෙවල් වල තියාගන්න කැමතියි. සමහර සවුදි ගිහිපු ගෙවල් වල කෙල්ලන්ට කොම්පියුටර්,වෙනම කාමර හොද ඇදන් කෑම බීම යසට ලැබෙනව ඒ වගේම දුවෙකුට වගේ ඒ මහත්තුරු සලකනවා. අනික මං කතාකරල යැව්වොත් ඉතිං ආයි අහන්න දෙයක් නැහැ නේ. මේ ගමේම කී දෙනෙක් යවල තියෙද? සමාර ඔය වෙස අම්මන්ඩිල ඉන් බැරුව ආවට ගොඩ දෙනෙක් හොද තැන්වල.

පියදාස උන්නැහෙට දුව කෝමහරි රට යන්න ප්ලේන් එකට නැග්ග දවසට පහුවෙනිද විසිදාහ අතේ. හොඳ සීල් අරක්කු බොත හැකි හැමදාම රා බොන වෙලේ. නැද්ද මං අහන්නෙ?

සේනක පැවසීය. පියදාස කිසිත් නොබැන සිටිය මුත් විසිදාහ ගැන ලෝභය ඔහුගේ සිත තුලට ඇතුල්විය.

නිම්ෂාගේ මව දැන් පියදාසට සල්ලි එවන්නේ නැත. ඉඳහිට ලැබෙන කුලියක් මලියක් කල විට පියදාසට බොන්න ගාන හොයාගත හැක. ගේ දොර අඩුම කුඩුම නිම්ෂා විසින් රැගෙන එන්නේ අම්මා එවන මුදල් වලිනි. නිතර සිය ගෙදර තොරතුරු හොයා බලන නිම්ෂාගේ නැන්දනිය ගිමාරා නිම්ෂාලාගේ පවුලේම අයෙක් මෙන් විය.

ගිමාරාගේ පවුලේ දරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම අඩු වයසෙන් දීග තල ගොස් ඇත ිනිසා ගිමාරා සහ සැමියා ඒ නිවසේ තනි විය. ඉඳහිට මුනුබුරන් දකිනු රිසියෙන් ගිමාරා සිය දරුවන් බලන්නට ගියත් ඔවුන් සමග වසන වාට වඩා සැමියා සමග තනිව වාසය ප්‍රිය කලාය.

සේනක අවසන ගිමාරාටද කිට්ටු කලාය. ගිමාරක්කේ වැරදියෙට හිතන් එපා. ඔහේ දන්නව නේ. නිකංම වැඩ කෙරුවෙ ඉස්සර කාලෙ. අනික කෙල්ලට නරකක් කොරනව නෙමෙයි නේ. කෝමහරි අනාගතේ නොදකින එකීට අනාගතේ පෙන්නල දෙන වැඩක් නේ. ඔහොම හිටියත් තව ටික දොහකින් මොකෙක් හරි එක්ක පැනල යන එක නේ. ගිමාරක්කට ඉතිං ඒව කියල වැඩක් නැහැ නෙව. ඔහෙට මං දහදහක් දෙනවා නිම්ෂා ප්ලේන් එකට නැග්ගම. ඔය පිටරටම මහත්තුරු දෙන සන්තෝසං වලිං තමයි උඹලටත් ඕව ලැබෙන්නෙ. වැරදි දෙයක් නෙමෙයි නේ. කෙල්ලගෙම හොඳට නේ.

ගිමාරාද රුපියල් දහදහක් එකවර ලැබීමේ පින ගැන සිතා බැලුවාය.

නිම්ෂා දරුවෝ. දැන් මෙහෙට වෙලා කොරන්න ඇහැක් ලොකුම විබාගෙ කොරා. ඉතිං තව මොකද්ද කොරන්න තියෙන්නෙ. තව ඉගනගත්තත් ඉතිං ඔතනම තමයි. දැන් ඉතිං අර අම්මල වගේ නාකිවෙල රට යන්න බලං ඉන්නෙ නැතුව හිතල මතල කලිංම ගිහින් ආවොත් හොදයි නේද? ගිමාරා නිම්ෂාට කිව්වාය.

අනේ ගිමාර නැන්දෙ..දැන් අපේ තාත්තත් ඔ්‍ය කතාවම කියනව දැන් සතියක දෙකක ඉදල. මට සේනක අයියත් මගදි හමුවෙල කතාකරනව රට හොඳම තැනක් හොයල දෙන්නංලු. අපේ අම්මගෙන් මං තාම ඇහුවෙත් නැහැ. ඒත් ගිමාර නැන්දෙ මට රට යන්න එච්චර ආසාවක් නැහැ. කලිං නං තිබුනා. ඒත් අර ඇගේ කටු ගහං ලංකාවට එන ගෑනු දැක්කම මට රට යන එක එපා වුනා.

ඉතිං මෝඩ ලමයෝ ..ඔය් ලමයි ඉගනගත්තට ඔය දේවල් ගැන දන් නැහැ නේ. ඔය සේනක ලමය හොද තැන් තමයි හොයල දෙනව කියන්නෙ. අනික ඒ මහත්තුරු දුවෙක්ට වගේ සලකනවය කියල තමයි ගමේ කට්ටිය කියන්නෙ. අම්මප මං ඔය ලමයයි වයසෙ උන්න නම් විබාගෙ ලිව්ව දවසට පස්සෙ දවසෙම ප්ලේන එකෙන් එහෙ. මෙහෙ මොන මගුල බලං ඉන්නවද බං? අනික අපිට කියල මහ ලොකු ඉඩ කඩං දේපල තියෙන එකක්යැ. තියෙන අක්කර බාගෙ ඉඩං කෑල්ලයි මේ හදාගත්ත ගේ කෑල්ලයි විතරයි. ටිකක් ඔය ඉගනගත්ත මොලේ හිතල බලහං කෝ. ගිමාරා රුපියල් දහදාහට ඇතිවන තෙක් උපදෙස් නිම්ෂාට දුන්නාය.

දිනක් බීගෙන පැමිණි තාත්තා නිම්ෂාට දැඩිව දෙස් තියන්නට විය. තෝ මෙතන ගෙදර ඉන්නකොට එන මදාවියොන්ගෙන් ආරස්ස කොරන්න මට බැහැ. තොට එහෙ හොද මහත්තයෙක්ගේ ගෙයක් හොයා දෙන්නං කියලත් තෝ නොයන්නෙ මෙහෙ උන් එක්ක ඉස්සර වගෙ අර ක්ලාස්ය මේ ක්ලාස්ය කියල රවුං යන්න බැරි හින්ද වෙන් ඇති. අවුරුදු දෙකක් උඹ ගිහින් කොරගත්තෙ. ඉඳපං බලාගෙන ජවුසං නටන්න. මට අහුවෙනකං විතරයි ඔය ඔක්කොම සෙල්ලං. මට ආරංචි වුන දවස් කීපයක්ම උඹ ඔය පන්ති යන ගමන ්බස්වල කොල්ලො එක්ක කතා කොර කොර ගිහින් තියනවය කියල. මං ගනන් ගත්තෙ නැහැ. ඒත් දැන් ඉතිං කියන දේ නාහන්නත් පටං අරං නේ. අනික අපි මරන්න යවනවයි. අර ගිමාරයි මායි කොයි තරං නං කියනවද බොට?

නිම්ෂාට හැඬුම් ආවේය. ඇය ඉකිගසාගෙන ඇඩුවාය. ඇයට දරන්නට බැරි වූයේ ඇය ඉතාම පරිස්සමින් රැකගත් චරිතයට සිය පියාම දැඩි ලෙස දෝස කියන්නට වූ නිසාය. දුර දේශයක සිට තමුන්ගේ සුවදුක් විමසන මවට සමාර දිනවල ගෙදරට ඇමතීමට නිම්ෂාට කතා කිරීමට වත ්විවේකයක් නැත ිබව ඇය දනී. ගෙවල් හොඳ වුනත් අලුතින් ආ ගෙදර වැඩ වැඩි බව අම්මා කිව්වාය. තරුණ සේවිකාවන් ඉන්න නිවෙස් වල අතවර ස්වාමින් විසින් කරනවා මෙන්ම මෙහෙන් යන ගෑනුද අතවර කරගන්නට බලාගෙන සිටින බවක් ද අම්මා කියා තිබුනි. නිම්ෂාට මේ විස්තර කීමට යුතු නැතත් අම්මා ට ඒවා කියා හිත හෑල්ලු කරගන්නට සිටියෙ නිම්ෂා පමණි.

දිනක් ගතවිය. පෙරදින මෙන් පියදාසට තේ එක ලැබුනේ නැත. වෙනදා මෙන්ම ගිමාරාද උදෑසන ඇගේ නිවසේ උදා ආහාරයට සැදූ යමක් රැගෙන නිම්ෂාගේ ගෙදරට පැමිණ තිබුනි. කෝ ළමය කැමති නැහැ වගේ බං. මං නං දැන් සේනකට කියනව මේකි කැමතිනැහැ වෙන කක් හොයාගනිං කියල. කෙල්ල තාම නිදිද් දන් නැහැ. පියදාස ගිමාරාට කිව්වේය.

ටික වෙලාවක් ගත විය. කෙල්ලා ලියුමක් ලියා නිවසින් පැන ගොස් තිබුනි.

තාත්තේ ඔයාලට මාව බරක් නම් තවත් මං මේ ගෙදර ඉන්නෙ නැහැ. මං මැරෙන්නෙ නැහැ. ජීවත් වෙනවා. ගිමාර නැන්දටත් කියන්න ගියා කියල. අම්මට මං කෝල් පස්සෙ දැනුං දෙන්නම්.

මීට දුව

නිම්ෂා.

පියදාසට රුපියල් විසිදාහ විසිරි ඔහු ඉදිරියේ යන්නාක් මෙන් වැටහුනි. ගිමාරාටද දහදාහට තිබූ ආසාව සුනු විසුනු වී ගියාක් මෙන් වැටහුනි. බීගත් පියදාස සේනකට පහර දෙන්නට ගොස් පොලිසියේ රිමන්ඩ් එකට වැටුනි. “ෂැහ් ගුටිකාපු එකට වඩා දුක මට ලැබෙන්න තිබුන රුපියල් තිස්දාහ නැතිවුන එකට.“ යැයි සිතමින් සේනක දුක්වන්නට විය.


ප.ලි :- ගෘහසේවිකාවක් විදෙස් ගත කරන විට අදාල ඒජන්සි කරුවාට රුපියල් ලක්ෂයකට අධික මුදලක් පිටරට ස්වාමියාගෙන් ලැබේ. ඊට අමතරව සමහර ඒජන්සි කරුවන් ගෘහ සේවිකාවන් ගෙන්ද මුදල් ලබා ගනී. මෙසේ මේ ලැබෙන අධික මුදල නිසාම රට යන්නට හීනෙන් වත් අදහසක් නැති ගෑනුද විවිධ වෙළඳ දැන්වීම් පෙන්වා බ්‍රෝකර් වරුන් යොදවා රට පැටවීමේ සිද්ධි ද ඇත. කෙසේ හෝ මනුස්ස ගෑනියෙක් ඒජන්සිය හරහා රට යෑම යනු ඒජන්සියට ද ඒ අදාල බ්‍රෝකර් වරුන්ටද එකවර විශාල මුදලක් ලැබෙන සිද්ධියකි. දැනුදු කුරුණෑගල වැනි විදෙස් රැකියාවලට පතල පැතිවල දුප්පත් ගම්වල මෙවන් බ්‍රෝකර්වරු නැති ප්‍රශ්ණ පෙන්වමින් ගැමි ගැහැනුන් රට පටවති.

එසේ පටවන අය යන්නේ බොහෝවිට ගණිකා වෘත්තිය නීතිගත නොවූ අරාබි රටවලට ය. ගණිකා වෘත්තිය නීතිගත නොවූ විට ඒ රටවල මුදල් ඇත්තන්ට ගෘහ සේවිකාවක් ඒ ගණිකාව වෙනුවෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් ද පවතී. බොහෝ විට එසේමැ නොවුනත් සියයට පහක් වැනි සුලු ප්‍රමාණයක් ගෘහ සේවිකා පිණිස රට යන පිරිස එවැන් අවධානමක් දරන බව මගේ විශ්වාසයයි. සමහර ඒජනසි කරුවෝ එසේ අවධානම දැන දැනම ගැහැනුන් එවන් තැන්වලට යොමු කරන අවස්ථා ද ඇත.

ලක්ෂයකට අධික විශාල මුදලක් එකවර ඒජන්සි කාරයාට ලැබීම යනු මෙය ව්‍යසනයක් ලෙස සමාජය ගිලගන්නා පිළිලයක් වීමට හැකි අවධානම වැඩි කරන හේතුවකි.

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...