Thursday, October 23, 2014

වත්තක් ගන්නවා වෙනුවට ජනේලයක් ගැනීම

වත්තක් ගන්න බැහැ ලේසියෙන්. ඒ නිසා අපි ලස්සන ජනේලයක් අරගෙන ලස්සන තිර දානවා. අවුලක් නැහැ යසට පේනවා නොවැ. හැබැයි ඉතිං දැන් හැදෙන ගෙවල් වල ලොකු තිර දාල ලස්සන ජනේල තිබුනාට ඉස්සර වගේ මහා දුර ඈතක් පේන්නෙ නැහැ. වැඩිම වුනොත් අල්ලපු ගෙදර අවුරුදු හැටදෙකක් විතර වයසක රූමත් ඇන්ටි රෙදි වනනවා පෙනේවි. එච්චරයි.

මම අලුතින් ෆෝන්, ඉන්ටනෙට්, ලැප්ටොප්, හෙඩ්ෆෝන්, සීඩී ආදිය මිලදී ගන්න හදන හැමවෙලාවෙම අපේ තාත්තා කියන දෙයක් තමයි. ඕවයින් එක රුපියල් හම්බ කරන්න ඇහැක? වියදම විතරයි. නිරපරාදෙ. ඒ ඔහුගේ අදහස. 
දැන් කාලෙ තවදුරටත් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් බඩු වලින් ඉස්සර කාලෙ වගේ නම්බුවක් තැනක් ලැබෙන්නෙ නැහැ. ඇපල් ෆෝන් එකකින් එහෙම දෙයක් ලැබුනත් ඒකත් භාවිත කරන  තැන අනුව වෙනස් වෙනවා. 

අද මම ඇතුළු තරුණ ජීවිත බොහොමයක් දුවන්නෙ යම් කිසි කෘතිම වේදිකාවක. ඒ කෘතිම වේදිකාව වෙලාවකට ඉන්ටෙනෙට් , ෆේස්බුක්, වයිබර් හෝ ෆෝන් එක වෙන්න පුලුවනි. කෝල්, මැසේජ් සෝෂල් නෙට්වර්ක් හරහා අපි අලුත් ලෝකයක් අපේම වෙනම අවකාශයක් හදාගෙනයි ඉන්නෙ. අපේ ජීවිතය නිර්මාණය වෙන්නෙ මේ ඉලෙක්ටොනික අවකාශය හරහා..කෙනෙක් කියන්න පුලුවනි. අනේ මම පේස්බුක් යන් නැහැ. ෆෝන් එකෙන් ගේම් ගහනවා විතරයි කියලා. නමුත් ගේම් ගහන්නෙ කා එක්කද? කාරුවත් නැහැ නේද? ඒ කියන්නෙ ඉස්සර ගේම් ගහද්දි හිටපු පිරිස වෙනුවට අද ඉන්නෙ නිර්මාණය කරපු අවකාශයක් විතරයි. 

මං එක්ක කෝච්චියෙ යනවා ලස්සන ගෑනු ලමයි දෙන්නෙක්. සංකරණ හා සංයෝජන අනුව කෙසේ වෙතත් අපි තුන්දෙනා බොහෝ වෙලාවට එකලග යනවා. ඒ ඇයි කියන්න දන්නෙ නැහැ. එකම දොරෙන් අපි තුන්දෙනාම නගිනවා. 
මං එක ගෑල්ලමයෙක්ට ලයික් වෙලා ගුඩ් මෝනින් කිව්වා දවස් තුන හතරක්. එ් ගෑල්ලමයා සුදුයි. ලස්සනයි.එයා මම ගුඩ්මෝනින් කිව්වාම උත්තර දෙන්නෙ අර ඊජිප්තුවෙ ගීසා වල පිරිමිඩ් එකේ ඉන්න ගෑනු රූපෙ වගේ. කිසිම හැරිල්ලක් නැහැ..එයා බලං ඉන්න පැත්තම බලාගෙන ගුඩ් මෝනින් කියනවා. කිසිම ඇක්ෂන් එකක් නැහැ. මං දවස් කිපයක්ම උත්සාහ කලා. ම්හු.. වැඩක් නැහැ ඒක මහ පරණ ඇන්ජිමක්..කොච්චර ගැහුවත් ස්ටාට් වෙන් නැහැ. 

එයා මම කරදර කරනවාට අකමැති නම් කෙලින්ම කියන්න තිබුනා නෙව..එපා කියල..එහෙමත් නැහැ. සති තුන හතරක් තිස්සෙ වාතවෙලා කතා කරන්න ගිහින් තව මාසයක් විතර දැන් කතානොකරත් ගෙවිල ගියා. තාමත් එහෙම්මයි. අපි එකලග කෝච්චියෙ ගියාට මං හිතන්නෙ මැෙරනකල් එක ලග  ගියත් කතා බහ කරන එකක් නැහැ.

ඔය ගෑනුනේ..පිරිමි කියාල මහ වෙනසක් නැහැ. සමාර විට අවුරුදු ගනන් එක ලග වාඩිවෙල යනවා නෝ කතා නෝ සිනා..කිසිම හැල හොල්මනක් නැහැ. සමහරු ෆෝන් කනේ ගහන්. සමහරු ගේම් ප්ලේ කරනවා. තවත් අය ෆෝන් එකෙන් චැට් කරනවා. නැත්තං නිදි. 

නමුත් මීට අවුරුදු පනහකට හැටකට කලිං එහෙම නැහැ. මිනිස්සු බස් එකක යද්දි කතා බහ කරනවා. දැනටත් ගමකට හදිසියකට යන්න වුනොත් ගමේ මිනිස්සු පිටින් එන අය එක්ක කත කරන ගතියක් තියෙනවා. නමුත් කොළඹ දි එකිනෙකා වැදුනත් සොරි වලින් එහාට කතා වක් නැහැ. 

අද අපි විනෝදය ගන්නෙ උපකරණ හරහා. රූප පෙට්ටිය, පරිඝනකය, රේඩියෝව.ෆෝන් එක..ආදී දේ වලින් අපි විනෝදය ලබා ගන්නවා. නමුත් අපේ තාත්තලා රන් කරපු නවසිය පනහ හැට ගනන් වලදි විනෝදය බොහෝවිට ලබාගන්නෙ උපකරණ වලින් නෙමෙයි. එයාල අවස්ථාවන් හරහා සාමූහික ක්‍රියාකාරකම් හරහා විනෝදය ලබනවා. සමහර විට ඒ සාමුහික ක්‍රියාකාරකම් ජීවිතය රක්ෂාව සමග බැදුන ක්‍රියාකාරකම් වෙන්න ඇති. 

ඉස්සර ගොයිතැන් වැඩ ආදිය කරද්දි ඒ වගේ සාමුහික වැඩ කටයුතු ආදිය තියෙන තැන් තිබුනා. පසුකාලීනව චිත්‍රපටි, මියුසිකල් ෂෝ තොවිල් පවිල් ආදිය ආවත් ඒවා පවා සාමූහික ක්‍රියාකාරකම් වුනා. ඒ දවස්වල මැච් බලනවා වගේම මැච් ගහනවා. නමුත් අද බොහෝ සාමූහික වැඩ නැවතිලා අපි ඉලෙක්ට්‍රොනික් මය විනෝදයට ඇබ්බැහි වෙලා තියෙනවා. 

වියදම අතින් ගත්තා වුන්ත ලැප් එකක්,ස්මාට් ෆෝන් එකක්.ඩේටා කනෙක්සමක්, හෙඩ් ෆෝන් එකක් ගන්න වියදං කරන සල්ලි ඔක්කෝම එකතු කරලා තව කරන්ට් බිලත් එකතු කලොත් අපිටඒ සල්ලි ඔක්කොගෙන්ම නාට්ටි කීයක් බලත හැකිද? මියුසිකල් කොන්සැට් කීයක් අහත හැකිද? ෆිල්ම් කීයක් බලත හැකිද? 

අපේ තාත්ත ඔය ඉලෙක්ටොනික් බඩු ගන්න හැමවෙලාවම අහන ඔය දේවල් වලින් හම්බකරන්න හැකිද කියන ගැටලුව අස්සේ තියෙනවා  පොඩි පරම්පරා වෙනසක්. අපේ තාත්තලයි කාලෙ බඩු ආදිය ගත්තෙ යම් කිසි තැනකට ආවම. උදාහරන විදියට අපේ ගමේ ඉස්සර ටීවි  රේඩියෝ, ෆෑන්, ටැට්ටර්, බයික්, ත්‍රීවිල් ගන්නවා. ඒ බඩු ආදිය ගන්නෙ ඒ ඒ තත්වයට ආවම. ඒ කියන්නෙ සල්ලි ගොඩක් තියෙන මිනිස්සු බඩු හරහා තමුන්ගේ තත්වය ප්‍රදර්ශනය කලා. 

ඒ වගේම අපේ තාත්තලා පාවිච්චි කරන බඩු කෑලි සීමිත ගානය් ඉස්සර ගෙවල් වල තිබුනෙ. කැත්ත උදැල්ල, මුල්ලුව, වීල් බැරෝව, කරත්තෙ වගේ හැම දෙයක්ම කුමක් හෝ ආදායම් ලබන්න හේතු වුනා. ඒ නිසා අපේ තාත්තලයි පරම්පරාවෙ අය හිතනවා අඩේ හැම බඩුවම සල්ලි හොයන්න දායක වෙනවා කියලා. ඒ අතින් බලනකොට අපේ තාත්තට මේ පෝන් එක සල්ලි හොයන්න දායක වෙන හැටි හිතාගන්න බැහැ. 
මේකට එක්තරා විදියක ෆෝන් සහ තාක්ෂනයේ දියුනුවට සාපේක්ෂව ලාංකික අපේ ජීවිත සරල කරන්න ලේසි කරන්න තාක්ෂණය ඒ තරං උදව් නොවීමත් හේතු වෙනවා වෙන්න ඇති.

කස්ටියක් හිතන්න පුලුවනි. ෂැහ් ඒ කාලෙ වැල බලන්න ටීවි, ලැප්, ෆෝන් නැහැ බඩුවක් ටෝක් කරගන්න ෆෝන් එකක් නැහැ.. මලක් කඩාගන්න විදියක් නැහැ. කොහොමද ඒ කාලෙ කෑලි සෙට් කරගන්නෙ කියලා. අහ්..කාලයේ වෙනසක් නැතුව ඒකාලෙත් මේ වගේම තමයි. මට ඔය පරණ අයගේ කතාවලට රබර් කණ දානකොට ඒ කාලෙ ලදු කැලෑ, කටුපදුරු, වගේම බඩවැටි ඕවිටි අස්සෙත් සිද්ද ිෙවච්චි විවිධ සිද්දි කණට වැටෙනවා. එතකොට හිතෙනවා අඩේ මේ කොන්කිරිට් වලට වඩා බඩවැටි, ඕවිටි, කටුපදුරු, ලදුකැලෑ කොචඤ්චර සනීපෙට තියෙන්න අතිද කියලා.. 

9 comments:

  1. අමිල චතුරංගත් වයසට යනවා වගෙයි!

    ReplyDelete
  2. wfkauxo nx fndf. T<.qj Wfoa mdxor fldfy yrs jeoqKo'''
    ox weyqfj .,l jf.a

    ReplyDelete
  3. සිරා කතාව ඒකනම්.. සහතික ඇත්ත...

    ReplyDelete
  4. // ඕවයින් එක රුපියල් හම්බ කරන්න ඇහැක? වියදම විතරයි. නිරපරාදෙ.// නිරපරාදේ නෙවෙයි මට හිතෙන්නෙ මෙතන අපරාදේ වෙන්නෝන.. අහ්! මුළින්ම ආව දවසෙත් අඩුපාඩුවක් හොයන් ආව කියන්නෙපා අමිල.. මාත් ඔය අනුන්ගේ ඩයරි කියවන්න කැමතියි..පස්සෙ මඩ ගහන්න නෙවෙයි.. ඒත් ඒවා හරිම රසවත්.. අවසරයි දිගටම එන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
  5. "වැඩක් නැහැ ඒක මහ පරණ ඇන්ජිමක්..කොච්චර ගැහුවත් ස්ටාට් වෙන් නැහැ. " අතඅරින්නේපා මචෝ නරකද අලුත් බැස්ටි කැල්ලක් දාලා බැලුවොත්

    ReplyDelete
    Replies
    1. මේ කොටස දැකපු ගමන් මට මතක් උනේ අර 40 ශ්‍රී ලොරියක් ගැන ඇඩ් දදා ගිය ඇනෝගේ කමෙන්ට් එක....

      Delete
  6. මේක උඹ ලියපු හොඳම ලිපියක් වෙන්න ඕනේ....
    කමෙන්ට් නොදැම්මට හැමදාම වගේ ඇවිත් යනවා
    කකා කිව්වා වගේ.. උඹත් දැන් වයසට යන ගතිය පේනවා

    ReplyDelete
  7. ටවුමේ ගමේ කියල වෙනසක් නැහැ. මාත් හැමදාම උදේට පැය එකාමාරයි.හවසට පැය එකාමාරයි බස් එකේ යනවා. හවසට නම් වැඩි හරිය නිදි.මාත් නිදි. මම නම් බස් එකේ පිටිපස්සේම සීට් එකේ වම් පස කෙලවරේ තමා වාඩි වෙන්නේ.ඒ බොහෝ දුරට මගේ මනෝ ලෝකයට වෙලා යන්න තියෙන ලේසිම හා පහසුම තැන නිසා වෙන්නැති.
    බස් එකේ යද්දි කතා කර කර යනේක හරිම කරදරයක් මට නම්. මට නම් ඕනි හීනියට වටපිට බල බල යන්න. බස් එක පස්සෙන් දුවන මිනිස්සු දැක්කම බෙල් එක ගහල නවත්තනේකත් මගේ එක වැඩක්.මොකද ඒ වෙලාව උදේ පාන්තර නිසා බස් එකෙත් වැඩි සෙනගක් නැහැ.
    සමහර වෙලාවට මගේ ලගින් වාඩි වෙන ඈයෝ කතාවට අර අදිනවා.
    “ අදත් වහින්න වගේ නේද?“
    “ ස්කෝලෙ ද යන්නේ “
    “ අද නම් පායන පාටයි නේද?“
    “ වෙලාව කීය ද?“
    “ බස් එක අද යාවි ද?“
    ඒත් කෙටි පිළිතුරු (ඔවු, නෑ.බෑ, ඒ වගේ, හ්ම්.) දෙන මම ආයෙත් මගේ ලෝකෙට එනවා.ඉන් එහා ඉතින් ඒ උන්දෑ කතා කරන්නෑ.
    හැබැයි ෆෝන් එක නම් කොච්චර බෙරිහන් දුන්නත් ගනනෙ නම් නෑ බස් එකේ දී එළියට. ඒ නිසා සයිලන්ට් තමා ගොඩාක් වෙලාවට. ඒක දැන් පුරුද්දට ගිහින්. ජංගම දුරකතනය මට නම් මහ වාතයක්. විශේෂයෙන් බස් එකේ දී , මහ හයියෙන් කතා කරන්න වෙනව මට. ඒ නිසා ගන්නෙ නම් නෑ..හෙහ්
    කාලෙකට පස්සේ හොඳට ලියලා........... ඒකයි කමෙන්ටුවක් කොටන්න හිතුනේ. අන්න බස් එක එනවා.එහෙනම් අපි ගියා.බෘම්ම්ම්ම්ම්ම්...............

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...