Tuesday, December 30, 2014

හම්බන්තොටත් ඉන්නවද මෛත්‍රිට දෙන උන්


ඔව්. රාජපක්ෂ වරුන්ගේ ඡන්ද බල ප්‍රෙද්ශය වූද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිය දේශපාලන දිවිය තුල ආසනය වූද හම්බන්තොට පළාත තුලද රාජපක්ෂ වරුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් යන බව බොහෝ දෙනා පිලිගන්නේ නැත. ගාල්ලත් මාතරත් යන දකුනේ දිස්ත්‍රික්ක දෙකටම වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින් මහින්ද රාජපක්ෂ හම්බන්තොට ජයග්‍රහනය කරාවි යැයි මගේ පුද්ගලික අදහස වෙයි. 
ගාල්ල මාතරට සාපේක්ෂව හම්බන්තොට ජනජීවිතය කටුකය. රට මැදට වන්නට ඇති කඳුකරයේ වැවෙන තේ රබර් සහ සුළු අපනයන බෝග වලින් අපහසුවකින් තොරව ආදායම ලැබීමත් වෙරළබඩ ජනයා කොළඹ රැකියාවන්හි නිරත වීමත් හොඳ අධ්‍යාපනයක් ලද පිරිස වැඩිවීමත් යන කාරනා නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් හම්බන්තොට රේඛීයවම වෙනස් වෙයි. ඡන්ද ප්‍රතිපල වලින්ද මේ වෙනස උදක්ම පැහැදිලි වෙයි. 

නූතන වාමාංශික අදහස් වල සරලම ලාංකික නියෝජනය වන්නේ ජනාත විමුක්ති පෙරමුණයි. එහි මුල්ම නැගිටීම සහ මෙතක් ලබා ඇති විශාලම ජයග්‍රහන අත්පත් කරගෙන ඇත්තේ හම්බන්තොට නම් වූ දිස්ත්‍රික්කය පදනම් කරගනිමිනි. එසේම කොන් කිරීමට සිතාදෝ හම්බන්තොට නම් වූ කර්කශ පළාතට දක්කන ලද සජිත් ප්‍රේමදාසයන්ද ඉතා ඉහල ජන පදනමකින් සවිමත් වන්නේ ද මහින්ද රාජපක්ෂයන්ගේ මැතිවරණ බල ප්‍රෙද්ශය තුලම වේ. 

බෙලිඅත්ත තංගල්ල සහ ඒ අවට පොල් වගාව යම්තාක් දුරට පැතිරුණත් ආහාර බෝග වගාව හම්බන්තොට ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වේ. සුළු පිරිසක් ධීවර ක්ෂේත්‍රෙය්ද රැකියා කරති. වම්බටු, තක්කාලි, කරිවිල, පතෝල, වැටුකොළු, බණ්ඩක්කා, වී ආදී බෝග රැසක් මේ හම්බන්තොට කර්කශ පොළොවේ හොඳින් වැඩේ. 

විරැකියාව 

ජනාධිපති තුමාත් සියළු රාජපක්ෂ දේශපාලකවරුත් යන යන තැන දුගී දුප්පත් මව්පියන් සහ මිනිසුන් දිගු ලියුම් කවර දිගුකරන දර්ශනය රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නරඹන ඔබ දැක ඇති. එසේ මිනිසුන් බොහෝවිට දිගුකරන්නේ සිය වැඩිවිය පැමිණි පුතාට හෝ දුවට රැකියාවක් දෙන ලෙස වූ ආයාචනයකි. නැතිනම් රැකියා අයදුම් පතකි. 

හම්බන්තොටට වරායක්ද ගුවන්තොටක්ද ඇති වූ නමුදු සැලකිය යුතු මට්ටමේ රැකියා උත්පාදනය වන මාර්ග ඇති වූයේ අඩුවෙනි. ආර් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන්නට යෙදුන ඇඟලුම් කම්හල් කිහිපයක් තවමත් හම්බන්තොට ප්‍රෙද්ශයේ ක්‍රියාත්මකය. බෙලිඅත්ත, වාඩිගල, ලුනම ඉන් කිහිපයකි. ඒවායින් එවකට රැකියා පන්සියයක් එක් කරමාන්ත ශාලාවකින් ජනනය කරන ලදී. වරාය ගුවන්තොට හෝ වෙනත් යටිතල පහසුම් හි විශාල ආයෝජන වලින් තොරවම ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ රැකියා ජනිත කිරීමේ සමර්ථකම පෑවේය. 

යටිතල පහසුකම් ලෙස සැලකිය හැකි, මංමාවත්, විදුලිය, දුරකථන ආදී බොහෝ සම්පත් දැන් වසර කිහිපයක සිට හම්බන්තොට ප්‍රෙද්ශයේ ඇතත් තවමත් තරුණ තරුණයින්ගේ රැකියා ගැටළුවට තිරසාර විසඳුමක් නැත. කර්මාන්ත ශාලාවක් දෙකක් ඇතිවුන මුත් ඒවායින් සමස්ථ රැකියා අපේක්ෂිත පිරිසෙන් කාලකට වත් රැකියා ලබාදීමට රජය අපොහොසත් වී තිබේ.

ආර්ථික වැඩපිලිවෙල

හම්බන්තොට වරායට ගොඩබෑමට නැව් නිතර එන බවත් ඒ එන නැව් වල වැඩකරන නාවිකයින්ට එලවලු විකිනීමෙන් හම්බන්තොට ජනයාගේ ආර්ථිකය සවිමත් වන බවත් නිල් බලකාය මගින් බෙදාහරින පත්‍රිකා වල තිබේ. හම්බන්තොටට නැව් පැමිනෙන්ට පටන් අරන් දැන් වසරකට වැඩිය. නමුත් එක වම්බොටු පන්සීයක් නාවිකයන්ට විකුනා මුදල් ගත්ත තැනක් වේදැයි සැක සහිතය. 

ගොවි ජනතාවගේත් සාමාන්‍ය ජනතාවගේත් විචාර බුද්ධිය ඉතාම පහල බාල මට්ටමට ඇද දමන මෙවැනි සංදර්ශනාත්මක දැන්වීම් තුලින් අපේ මහින්ද මහත්තයා ලෙස සලකාගෙන සිය ඡන්ද ලබාදීමට පෙල ගැසී සිටින ගොවි ජනතාවගේ ඡන්දද ඔහුට නැති වේ. වරායක් ඇති වූ පමනින් එලවලු පළතුරු ඉබේ පිටරට යන්නේ නැත. ඒ සදහා රජය විසින් යම් යම් දිරිමත් කිරීම් පුද්ගලික අංශයට සිදු කල යුතු අතර ඒ ආකාරයේ අපනයන වැඩපිලිවෙල සදහා ඇති බාධා ක්‍රමවත්ව හදාරා අවහිරතා ඉවත්කර ලිය යුතු වේ.

ඇසට පේන ගොඩනැගිලි පාරවල් හෝ වෙනත් වෙසක් කූඩු වැනි සංදර්ශනාත්මක දැන්වීම් හැර වෙනත් වැඩපිලිවෙලවල් හදුන්වා දී ගොවිජනතාව ශක්තිමත් කිරීමේ නියම වැඩපිලිවෙලක් මහින්ද රාජපක්ෂට නැත.

පසු සටහන

මා හට පෙනුන අයුරින් සහ ඇසුන අයුරින් හම්බන්තොට ජනතාවට අලංකාර ගොඩනැගිලි මංමාවත් සහ පොදු පහසුකම් විදුලිය ආදිය ලැබුනත් ඔවුනට නොවිසදී ඇති පද්ධතියේ ඇති දෝෂ ගනනාවක් ඇත. ඒවා සිමෙන්ති හෝ කොන්ක්‍රිට් වලින් විසදාලිය නොහැකි ඒවා වේ. නමුත් නාමල් රාජපක්ෂ සහ අනෙක් රාජපක්ෂ වරුන් කියනා අයුරින් යටිතල පහසුකම් සංවර්ධනය කල පසු ඒ හා සමානුපාතිකව අනෙක් අංශ ඉබේම දියුනු වේ. එය හරියට අපි කාරුවත් නැති තැනක ලස්සන සිල්ලර කඩයක් දමා පහසුකම් ඇති කල පසු ටික දවසකින් මිනිස්සු කාර් වලින් ඇවිත් බඩු ගනීවි යැයි සිතනවා වැනි වැඩකි. 

යටිතල පහසුකම් ඇති වූ පසු ආයෝජකයින් බුරුතු පිටින් ඇවිත් කර්මාන්ත ශාලා සහ ආයෝජන සිදුකර ඉන් පසු ඒ පළාත  හෝ රට දියුනු වේ යැයි ඇතැමකේ සිතති. එසේනම් මදක් හම්බන්තොට දෙස බලන්න. වරායක් ගුවන්තොටක් සහ පුළුල් මංමාවත් ක්‍රීඩාංගන ආදී අනේකවිධ යටිතල පහසුකම් වලින් හම්බන්තොට දැන් වසර දෙක තුනක සිටම ආඩ්‍ය වී ඇත. නමුත් තවමත් හම්බන්තොට මිනිසුන්ට ද රටේ අනෙක් පැතිවල මිනිසුන්ට සේම සංවර්ධනය යනු මිරිඟුවකි. යමක් ඈත පෙනේ. එය ලගාවේයැයි ඔවුන් කීවත් එය අප ජීවිත කාලය තුල ලගාවෙන ආකාරයක් නැත. එබැවින් අපි ඒ මවා පෙන්වන බොරු මිරිගුවෙන් දෑස මදකට හෝ ඉවත ගෙන අප අප දෙසම බැලිය යුතු කාලය එළැඹ ඇත.

14 comments:

  1. රටේ මිනිස්සුන්ට මහින්ද හොඳ වෙලා තිබුණු කාලෙත් හම්බන්තොට මිනිස්සුන්ට මහින්දගෙ ලොකු හොඳක් තිබුනෙ නෑ .කොටින්ම මහින්ද ලොක්ක ජනාධිපති උනයින් පස්සෙ මිසක හම්බන්තොට කියන්නේ අලි සීනු රජකරපු පළාතක්.ඒකට හේතුව හම්බන්තොට නිල් බලය අල්ලං ඉන්න රාජපක්ෂලා මෑතක් වන තුරුම හම්බන්තොටට කරපු ඇටි කෙහෙලක් නොතිබීම.හැබැයි මෑත කාලෙ නම් 'අපිට කැකිරි හම්බන්තොටට කිරි' කියල අනිත් පළාත්වල මිනිස්සු කියන තරමටම හම්බන්තොටට 'සංවර්ධනේ' ආවා .හැබැයි ඒකෙ තරම අහන්නත් ඕනි හම්බන්තොට ඉන්න නිල්බලකායට හරි ආණ්ඩුවේ කොන්ත්‍රාතුවකට හරි සම්බන්ද නැති සාමාන්‍ය මිනිහෙකුගෙන්.වැඩිය ඕනි නැහැ හම්බන්තොට මැදින් වැටුණු යෝධ කාපට් පාරක තඩි බිල්ඩින් වරාය රන්මිණිතැන්න එහෙම බල බලා යන ගමන් අතුරු පාරකට හරෝල මීටර් පන්සීයක් ගිහින් බලන්න 'සංවර්ධනේ' රෙද්ද පල්ලෙන් බේරෙනව!

    ReplyDelete
    Replies
    1. ඔය ගැන දවසක් මම කමෙන්ටුක් දැම්ම බුකියෙත්.
      එතන කියල තිබුන හම්බන්තොටට සිදුවුනා යයි කියන ඊනියා සංවර්ධන වැඩ වෙනුවෙන් අනෙක් ප්‍රදේශ වලට යෙදවියයුතු මුදල් නිරපරාදේ නාස්ති කිරීම වගේ කතාවක්.
      සාමාන්‍යයෙන් පිටින් බලන මිනිහෙකුට හිතෙනව ලොක්ක ගමට වැඩ කරනව කියල. නමුත් පාරවල් හැදීම වගේ කාරණා (ඒව හැම තැනම තියනව) හැරුනම අනෙක් මහා පරිමාණ ව්‍යාපෘති වලින් අපිට සෙතක් නෑ. වරායක් හැදුව ගුවන් තොටුපොලක් හැදුව ආදායම නැති. ඒවායේ කොමිස් කුට්ටි කට්ටියකට ගියා. නිල් බලකාය හරහා තමුන්ට ගොට්ට අල්ලපු අයට රැකියා ප්‍රමාණයක් දුන්න. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නව මේ තැනක වැඩ කරන. නාමල් ‍බේබි ලඟ අවුරුදු ගනනක් කඹුරල ගත්ත රස්සාව. අවුරුදු තුනක්ද කොහෙද මාසිකව රුපියල් දහදාහට වැඩ කලා. දැන් ස්ථිරයි. හැබැයි ඔවුන් වරායේ නෙවේ වෙන සමාගමක.
      ඔන්න ඔයවගේ තමයි හම්බන්තොටට සැලකීම.

      අමිල කියනව හම්බන්තොට මාතර සහ ගාල්ලට අඩුවෙන් දිනනව කියල. මට හිතනේනෙ බෙලිඅත්ත රැකගන්න මහින්ද ලොක්ක සමත් වුනත් අනෙක් ආසන වලදී තත්වය අමාරුයි.

      Delete
    2. මට මතකයි ඌව 81% ක් විතර අරගෙනත් හම්බන්තොට 70% ට බැස්ස.අපි පුදුම වුනා.එදා විජිත හේරත් කිව්ව ගමේ වෙදාගෙ හැටි දන්නෙ ගමේ මිනිස්සුනෙ කියල.
      හම්බන්තොට වුන ඊනියා සංවර්ධනය ඒ පැත්තෙ මිනිස්සුන්ටත් වැඩක් නෑ.
      ආදායමක් නැති ව්‍යාපෘති සිහිවෙනකොට ආන්ඩුව පරදිනවනම් හොඳයි කියල හීන් සතුටක් දැනෙනව.මං මහින්දට තැපැල් චන්දෙ දීපු කෙනෙක්.ඒ උතුරෙ ප්‍රශ්නෙ හා රජයේ සේවකයන්ට ලැබෙන සහන වගෙ වෙනත් සාධක සළකලයි.ඒකත් කළේ දෙකට දෙවාරෙන්.ආර්ථික විනාශය දකිනකොටනම් මෙයා පරදිනවනම් හොඳයි කියලත් හිතෙනව.

      Delete
  2. පහන් කනුව යට අඳුරුයි වගේ?

    ReplyDelete
  3. වැදගත් ලිපියක්.ඇත්තටම හම්බන්තොට මිනිස්සුන්ට හම්බන්තොට ලංකාවෙ අගනුවර කරගන්න ඕන වුනේ නෑ.එහෙම වුනොත් මැතිවරණ කොට්ටාස 160 ටම වරායවල්,රන්මිණිතැන්නවල්,ගුවන් තොටුපොලවල්,ක්‍රීඩාංගන,කොන්ෆෙරන්ස් හෝල් ඕන වෙනවනෙ.හම්බන්තොට කරන්න ඕන දේවල් ඕන තරම් තියනව.පොඩි එකෙක් දකින දකින දේවල් ඉල්ලනව වගෙ දකින දකින ඔක්කොම හම්බන්තොට අටවනව.මේව කරන්නෙ රටම නයකාරයො කරලනෙ.
    මේ සල්ලි නාස්තියෙන් ලබාගෙන තියෙන්නෙ පුංචි ලාභ .රු 16,000ක් වගෙ.ගමේ තේ කඩෙත් මීට වඩා ලාභයි
    මේ සල්ලි හම්බන්තොට මිනිස්සු අතර බෙදුවනම් මීට වඩා හොඳ නැද්ද
    ඕව හැදුව කියල ආයෝජකයො හම්බන්තොට යන්නෙ නෑ.නැව් එහෙමත් කොලඹට ආපුවනෙ හරෝල යැව්වෙ.
    යූඇන්පියෙ ආර්ථික වැඩ නම් සුපිරි.මහවැලිය වගෙ ඒවගෙ ප්‍රතිලාභ පරම්පරාවෙන් පරම්පරාවට තියනවනෙ.ජේ ආර් මහවැලිය කැළනියට හැරෙව්වනම් ලොකු විනාසයක් වෙන්නෙ.වාසනාවට ජේ ආර් ප්‍රදේශවාදියෙක් නොවුනෙ.
    හම්බන්තොට නාස්තියෙ සල්ලි අපි හැමෝම ගෙවන්න ඕන නේද කියල හිතෙනකොට නම් සිතට හරි වේදනයි.
    කට කතාවක් ගියා අධිවේගෙ මුල් සැළැස්ම වෙනස් කළාලු ඇමතියෙකුගෙ ගේ ලගින් බහින්න.ඒක බොරුවක් වෙන්නත් පුළුවන් ඒත් ප්‍රාදේශීය සභා මානසිකත්වය තියන අය එහෙම නොකළත් පුදුමයි

    ReplyDelete
  4. මිනිස්සුන්ට මැජික් පෙන්නන ගමන් වෙන උන් දාලා පොකට් ගහනවා වගේ වැඩ තමයි ඔය සංවර්ධනේ කියන්නේ.

    ReplyDelete
  5. Good article. Thanx Rasikologist for sharing

    ReplyDelete
  6. අමිලගෙ ලිපිය බොහොම සමබරයි සහ සාර්ථකයි.

    මගෙත් ඥාති මිත්‍රයො ඉන්නව ඔය පළාතෙ. ඒ අය ආන්ඩුවට සම්භන්ධ නැති සාමාන්‍ය වෘත්තිකයො සහ සුළු ව්‍යාපාරිකයො. තංගල්ලෙ මිනී මැරීම්, චන්ඩිකම්, සංචාරක ව්‍යාපාරය පිරිහීම, සංවර්ධනය නිසා බලාපොරොත්තු වූ වාසි නොලැබීම, කොළඹ කතරගම මග වෙනස් වෙච්චි නිසා වැටුන බිස්නස්, චමල්ගෙ නෝනගෙ පගා වගේ දේවල් නිසා ඒ අය මහින්ද ගැන කළකිරීමෙන් ඉන්නෙ. මොකද අවශ්‍ය දේ නොදී, ඒගොල්ලොන්ට ගාන ලැබෙන අනවශ්‍ය දේ විතරක් දුන්න කියල.

    ඇත්තටම සූරියවැව පිට්ටනියයි මත්තල එයාපෝට් එකයි, අර සෆාරි පාක් වගේ පලක් නැති ඒව වෙනුවට යාල පහසුකම් හදල, නීතිය රකින, සංචාරයන්ට අවශ්‍යම සාමය, රාත්‍රී ආරක්ෂාව වගේ දේ ඇති කරානම් ඒවගෙ ප්‍රථිලාභ පහලටම යනව. ප්‍රේමෙ ගමුදාවෙදි කතරගම පිලිවෙලක් කල එකෙන් වන්දනාකරුවො වැඩි උනා, ගමට වාසිය ගියා. මේගොල්ලො හිතන්නෙ තමන්ගෙ වාසිය මිස ගමට රටට වෙන වාසිය නෙමෙයිනෙ. ඒකෙ ප්‍රථිඵල මේපාරවත් එයිද බලමු!

    ReplyDelete
  7. 'හම්බන්තොට සංවර්ධනෙන්' උපරිම ප්‍රයෝජන ගන්න එකෙක් මං.. ගාල්ල බදුල්ල අතර නිතර යනෙන නිසා තණමල්විල ඉඳල අම්බලන්තොට කිට්ටුවට එනකං කිසිම වාහන කාරයෙක්ගෙංවත් ට්‍රැෆික් කාරයෙක්ගෙන්වත් කරදරයක් නැතුව මත්තල හරහා තියෙන පාරෙන් එකසිය හතලිහට පණහට විදින්න පුළුවන්.. ලඟදි දවසක් මට ඈතට පේනව පාරේ මොකක් හරි වෙනසක්.. වේගෙ හොඳටම අඩුකරල බැලින්නම් 'හම්බන්තොට- මීගහජඳුර මහා මාර්ගයේ' අත්ට්‍රැක්ටරේකට යන්න විතර පුළුවන් එක තීරුවක් ඉතුරු වෙන්න එක දිග...ට වී වේලෙන්න දාල.. අතරින් පතර වී ගෝනිද මොනවද දෙක තුනක් ඇරෙන්න වෙන කිසිම අනතුරු සංඥාවක් නෑ.. වෙනදට පාරෙ වැරදියට වාහනයක් නවත්තල තිබ්බත් අම්ම මෝ නැතිවෙන්න බැන බැන යන මං හිනාවෙවී පරිස්සමට අර හරියෙන් වාහනේ අරන් එනකොට අපේ ගෙදර උන්දැට ෆුල් අප්සෙට්..

    පස්සෙ මං හිමින් සීරුවේ පහදල දුන්න වරද කාගෙද කියල.. :)

    හෙට ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා! ජය ශ්‍රී!

    ReplyDelete
  8. මිනිස්සුන්ව බඩගින්නෙ තියල,උන්ගෙ සල්ලි ටික හූරගෙන,කරල තියෙන්නෙ සංවර්දනයක් නෙමේ කියල,තේරුම් ගද්දි පෙරහැර ගිහිල්ල ඉවරයි.

    ReplyDelete
  9. සුභම සුභ නව වරසක් වේවා............ ඔබටත් ඔබේ පවුලේ සැමටත්............

    කුගැගීප

    ReplyDelete
  10. ඒක පුද්ගල ආදායම ඇ.ඩො 3200 කියන්නෙ. ඒක 7200 කරන්න, ආයෙ වතාබක් බලේ දෙන්නලු.

    ඒ අස්සෙ කියනවා රු 2500 ඇතිලු මාසෙ ජීවත් වෙන්න.මේ තරම් විෂම, ඇති- නැති පරතරයක් ඇති රටක, මේ ඒක පුද්ගල ආදායම කියන්නෙ අලි බොරුවක්.

    සැමට සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  11. ඔබට සුබ නව වසරක් වේවා.

    ReplyDelete