Tuesday, September 22, 2015

අකුරු කියවන අය පොත් නොකියවති

මේ පාර බුක් ෆෙයා එකට මගේ තියෙන පොඩි කැමරාව අරං ගිහින් පොත් ප්‍රදර්ශනය බලන්න එන ගෑනුන්ගේ පුකවල් ටික පොටෝ ගහලා පොත් ප්‍රදර්ශනයකට ඇදන් යන්න සුදුසු මොස්තර කියලා පෝස්ට් එකක් දාන්න ඕනි කියලා මට මුලින් හිතුනා. නමුත් මේ දිනවල කාන්තාවන්ට හිංසා කිරීමට එරෙහිව දියත් වෙලා තියෙන මහා ජනමතයත් එක්ක මගේ කලාත්මක අදහස කෙසේ වෙතත් හොදහැටි ගුටිකාල පොලිසියෙ ලගින්න වේවි කියලා බය හිතුනා. 

වෙන රටකදි නම් පොලිසියෙ ගියා කියල ඒකත් අත්දැකීමක් විදියට අරගෙන ඉන්න කලාකාරයෙකට ඉවසන්න හැකිවෙනවා ඇති. නමුත් මේ රටේ මාධ්‍ය විසින් බොහෝම ඉක්මනින්ම වැරදි කරුවන් තෝරා බේරා දුන් පසු ඒ මාධ්‍ය දිහා බලං කැලෑ නීතිය අතට ගන්න මහාජනයා තොගයක් ඉන්න රටකදි ඒ වගේ ගෑනුන්ගේ පුකවල් පොටෝ ගැනීම (ඇදුම් සහිතව) කියන්නෙ ලොකු අවධානමක්.
පොත් පලන ගෑනු දෙදෙනෙක්
මීට අවුරුදු දෙක තුනකට තිබුන පොත් සල්පිලවල් වලට වඩා මේ පාර කෑම කඩවල් එහෙම හොදට තිබුනා. කාලයකට ඉහත කන්න තිබුනෙ තැන් දෙක තුනයි..දැන් ගොඩාරියක් කෑම බීම කඩ පොත් ප්‍රදර්ශනයෙ ඇතිවෙලා තියෙනවා. 

ප්‍රෝ මේට් කියන අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍යවෙළද නාමය සහිත සමාගම පොත් ප්‍රදර්ශනයේ මූලික අනුග්‍රාහක බවතෙක් වෙලා. එතනින් මම හිතන්නෙ අභ්‍යාස පොත් වලට මහා පොත් ප්‍රදර්ශනයේ ඇති බලපෑම හොදට පේනවා ඇති. 

ගියවසරකදි පොත් ප්‍රදර්ශනයේ බලන්න ගිහින් එකපොතක්ගැනවත් අදහසක් නොකිය පොත් ප්‍රදර්ශනයේ තිබුන කෑම බීම සහ ලස්සන ගැන මම පෝස්ට් එකක් ලිවුවා..බොහෝ දෙනෙක් ඒ පෝස්ට් එකේ තිබුන අදහස අරගෙන තිබුනෙ නෑ..ඇත්තටම මම පොත් මිලදී ගන්නෙ නැති කෙනෙක් වත් පොත් නොකියවන කෙනෙක් වත් නෙමෙයි.. නමුත් පොත් කියන දේ පොත් ප්‍රදර්ශනයෙන් ඈත් වෙමින් යනෝ කියලය ිමට හිතෙන්නෙ. 

දකුනු ආසියාවෙ බංගලිදේශය පාකිස්ථානය වගේ රටවල් සැලකුවොත් ඒ රටවල අකුරු කියවන්න ඇහැක් මිනිස්සු සහ බැරි මිනිස්සු කියලා කොටස් දෙකක් ඉන්නවා. පාකිස්ථානයේ සහ බංගලිදේශයේ මිනිස්සු දහයක් ගත්තෝතින් අකුරක් යන්තම් කියෝගන්න පුලුවන් වෙන්නෙ හය දෙනෙකුට පමනයි. සාක්ශරතාවය තියෙන්නෙ සියයට 57ක මට්ටමේ. 

නමුත් ලංකාවෙ මිනිස්සුන්ගේ කියවීමේ හැකියාව වැඩියි. මිනිස්සු සීයක් ගත්තොතින් එයින් 98කටම අකුුරු කියවන්න හැකියාවක් ලංකාවෙදි තියෙනවා. නමුත් ලංකාවෙපොත් පත් පත්තර වෙලදාම දිහා බැලුවම පෙනී යන දෙයක් තමයි අකුරු කියවන්න හැකි වුනාට පොත් පත් කියවන්නෙ ඉතා අඩු පිරිසක්. ඔය පිරිස කොය ිතරං සුලු පිරිසක්ද කිව්වොත් කප් ගහපු ලිංගික කෑලි ඔබපු පැරණි රසාංග සහිත ජනප්‍රිය නවකතා කඩමාල්ලක් හෝ ජනප්‍රිය සාම්ප්‍රදායික බොලද ආදර නවකතාවක් නොවන කෘතියකින් පිටපත් 5000ක් විකුනගන්න එක හරි අමාරු වැඩක්.. හැමෝටම කියවන්න පුලුවන් වුනාට කියවන්නෙ බොහොම අඩු පිරිසක් කියලා තමයි එතනින් පෙනී යන්නෙ. 

එක පැත්තකින් පොත් කියවන පිරිස අඩුයි. අනික් පැත්තෙන් පොත් කියෙව්වත් අපේ උන්දැලගේ විඥාණය හරි මොකක් හරි අඩුයි. කොහෙම උනත් පොත පත කියෝන මිනිහෙක් සාහිත්‍ය ආස්සරේ කොරන මිනිහෙක්  හෝ කලා කාරයෙක් කියන්නෙ අමුුතු ආකාරෙ සතෙක් නෙමෙයි. ලංකාවෙදි කලාකාරයො කියන්නෙ සංවේදී සත්තු ජාතියක්ය කියලා  ජනප්‍රිය මාධ්‍යයේදී අපිට උගන්වනවා. නමුත් ඔය කියන කලාව ලෙව කෑව පලියට මිනිස්සුන්ගේ සංවේදීකම වැඩිවෙන්නෙ නෑ.. 

හැබැයි ොගඩක් පොත පත කියෝන උන්ට යමක් කමක් ගැන ටිකක් පලල්ව හිතන්න ඇහැක් කම පොඩ්ඩක් වැඩිවෙන ගතියක් තියෙනවා. අර අබුද්දස්ස රටේ ලබුත් මෙව්වා රහ වෙනවයි කියන්න වගේ අපේ උන්ටනං ඒකත් වෙනවද කියල මට වෙලාවකට සැකයි. 

යම්කිසි සාපරාදී දුක හිතෙන අපරාධයක් වුනාම මාධ්‍ය වලට නඩු විසදලා වැරදි කාරයො තෝරන්න වල් බූරු නිදහසකුයි.. ඒ මාධ්‍ය මගින් තප්පුලන දේවල් වලට කුලප්පු වෙලා අහිංසකයින් එල්ලා මරන්න කියලා උඩදාන මහජනයායි දැක්කම මටනං හිතන්නෙ අපි මහ ලොකුවට වැනුවට අකුරු කියවන්න බැරි උන් වැඩි පකිස්ථාන් බංගලිදේශ මට්ටමින් එහාට අපි ගිහින් නෑ.. 

අපි සාක්ශරතාවය කියන එක තියන් ඉන්නෙ හරියට අපේ මුත්තට තිබුන ආරච්චි පට්ටම වගේ වැඩකට. දැන් මුත්ත නෑ.. උගේ ආරච්චි පට්ටමෙන් ඇත්තටම දැන් වැඩකුත් නෑ.. හැබැයි ලොකුකමට අනික් උන්ට අපේ ලොකුව පෙන්වන්න.. වරිගෙ ගැන කියනකොට ලොකුකම වදාරන්න අපේ මුත්තගේ ආරච්චි පට්ටම අපිට පට්ට විදියට පොරෝජන වෙනවා. 

දැන් අපේ උන් සාක්ශරතාව තිබුන කියලා කියවන ලබ්බකුත් නෑ..ඒ කියෝන උන් කියෙව්වි කියලා අඩුතරමෙ සමාජෙ මිනිස්සුන්ට තියෙන අයිතීන් ටිකවත් රැකල දෙන්න ඇහැක් මට්ටමට සමාජයක් හැදෙන්නෙත් නෑ.. හැබැයි අපිට ලෝකෙට පෙන්වන්න මාර වැදගත් දෙයක් තමයි සාක්සරතාවය. 

ඔබ යන්න පොත් ප්‍රදර්ශනේ බලන්න. ටිකක් කල්පනා කරන්න වසරකදී අපේ රටේ අලුතින් මුද්‍රනය කරපු අධ්‍යාපන මූලික නොවන පොත් අතලොස්ස ගැන. ඒ වගේම නවකතා,පරිවර්ථන හැර නිකුත් වුන අනෙකුත් පොත් සංඛ්‍යාව ගැන ටිකක් හිතල බලන්න.

11 comments:

  1. යන්න නම් හරි ආසයි , සෙනඟ ගොඩේ තෙරෙපෙන්න බැහැ. ඕක ඔන් ලයින් සීමිත දවස් සහිත ප්‍රදර්ශණයක් කලා නම් කොහොම වෙයිද කියලා හිතුවා. ඒ උනාට පොත් වල සුවඳ එන්නත් ඕනෙනෙ නේද?

    ReplyDelete
  2. පොත් පලන ගෑනු දෙදෙනෙක් !

    මීට කලින් මේ දෙන්නා දැකල තියෙනවා........
    Indian xxx Categoryයක දුටුවේත් මොවුන්මද ?
    ....... නෑ එහෙම වෙන්නේ කොහොමද ?
    ම්.....
    ... මේ පින්බර පොත් මාසේ.

    ReplyDelete
    Replies
    1. ow ow un denna thama.. mata sure.. malli hari malli..
      e unata potho owa save koranawa ehema nemei.. online balapiya balana magulak

      Delete
  3. අපි සාක්ශරතාවය කියන එක තියන් ඉන්නෙ හරියට අපේ මුත්තට තිබුන ආරච්චි පට්ටම වගේ වැඩකට. දැන් මුත්ත නෑ.. උගේ ආරච්චි පට්ටමෙන් ඇත්තටම දැන් වැඩකුත් නෑ ++++++++++++++++

    ReplyDelete
  4. කොහොමද පුකවල් වල පින්තූර පෙන්නලා ඇදන් යන්නේ කාවද ඇදගෙන යන්නේ? ඇඳන් යන්න නම් පුළුවන් වෙයි.
    //බොලද ආදර නවකතාවක් // බොල.#$%@&*.....ද?

    //අපේ උන් සාක්ශරතාව තිබුන කියලා කියවන ලබ්බකුත් නෑ//

    ඔව් ඒ වගේම ලියන ලබ්බකුත් නෑ

    ReplyDelete
  5. ඕං අර සාක්ෂරතාවද මොකද්ද එක තිබ්බ හින්දා මේක කියෝ ගත්තා.

    ReplyDelete
  6. ඇත්තටම සාක්ෂරතාව කියන මිනුම් දන්ඩ යල් පිනු එකක්..

    ReplyDelete
  7. wus,hg kx tfyu tlla e''' ke;a;x fual oel, ug nkshshe

    ඕක කියවගං මචෝ ටටා

    ReplyDelete
    Replies
    1. wus,hg kx tfyu tlla e''' ke;a;x fual oel, ug nkshshe

      අමිලයට නං එහෙම එකක් නෑ නැත්තං මේක දැකල මට බනියියැ

      Delete
  8. අර මුල කතාව ගැන අදහස කියන්නම්...... මොනවා වුණත් අපේ මාධ්‍ය හරිම ෆෝවඩ් නේ.... කොච්චර ද කියනවානම් පොලීසිය හිතන්නත් කලින් අපේ කට්ටිය වරද කරුවෙක් හොයා ගන්නවා.... කවුරුත්ම නැත්තං අහල පහල ඉන්න ලැප් ඒකක නිල් චිත්‍රපටකෑල්ලක් හරි තියෙන කොල්ලෙක් අල්ලා ගන්නවා.. නැත්තං අපරාධය වුණ පවුලේ ම කෙනෙක් හරි අල්ල ගන්නවා... ඊට පස්සේ ඉතින් මාධ්‍ය වලින් නඩුව විසදලා ඉවර ම කරලා දානවා.. ඉතින් මේවා බලාන නටන මිනිස්සු මාධ්‍යය කියන කෙනාව අල්ලාගෙන මරණ දඩුවම දෙන්න හදනවානේ...

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...