ලේහ් කියන්නෙ ඉන්දීය චීන ටිබෙට් බෝඩරය ආසන්නයේ පිහිටි කුඩා නගරයක්. ජම්මු කාශ්මීර පලාතට අයිති ලදාක් කියන ප්‍රදේශයේ තමයි ලේ නගරය පිහිටලා තියෙන්නෙ. උතුරු ඉන්දීය හිමාල ඉන්දීය දේශ සීමාව පුරා විසිරී ඇති හිමාල කදුමැටියේ වියලිම ප්‍රදේශයක තමයි ලේහ් නගරය පිහිටලා තිබෙන්නෙ.
මනාලි කියන හිමාචල් ප්‍රදේශයේ පිහිටා ඇති ආකර්ශනීය කදුකර සංචාරක නගරයටත්, ජම්මු කාශ්මීර යේ අගනුවරක් වන ශ්‍රී නගර් නගරයටත් කිලෝමීටර හාරසිය පනහක විතර ආසන්න දුරකින් තමයි මේ ලේහ් කියන කුඩා නගරය පිහිටා තියෙන්නෙ. අපේ ගමනෙදි අපි ගිය කාලෙ මේ පාරවල් දෙකම විවෘතයි. ඒ කියන්නෙ කාලයකදි අධික හිම පතනය නිසා මෙ ්පාරවල් දෙක වැහෙනවා. එතකොට ගුවනින් පමණයි ලේහ් නගරයට ළගාවෙන්න පුලුවන් වෙන්නෙ.
භූ විෂමතාවය
ලේ ලදාක් කියන පලාතේ තියෙන බොහොමයක් කදු මීටර 4000 සීමාව ඉක්මවා යනවා. හිමාල කදුකරයේ මෝසම් සුලං වැදෙන කොටසේ නෙමෙයි අනික් පස පිහිටි කොටස තමයි ලේ ලදාක් කියන්නෙ. මේ පැත්තට මෝසම් සුලග නැති නිසා ලැබෙන ජලය ප්‍රමාණය අඩුයි. ග්ලැසියර දියවීමත් එක්ක එන සුලු ජල ප්‍රමාණයක් මත තමයි මෙහි ජීවය රදා පවතින්නෙ. වර්ග කිලෝමීටර 84,000කින් සමන්විත ලේහ් ලදාක් පලාත තුල වාසය කරන්නෙ මිනිස්සු ලක්ෂ දෙකක් පමණයි.ඉන්දියාවේ තිබෙන ජනඝනත්වය අඩුම පලාතක් තමයි ලේහ ්ලදාක් කියන්නෙ.
වලි සහ යුද්ධමය තත්වය.
මේ ලේහ් ලදාක් කියන්නෙ චීනය, ඉන්දියාව සහ පාකිස්ථානය වෙන්වන ඉහල සීමාව. 1940ට පෙර මෙම බෝඩරය හරහා චීනයට ළගා වෙන්නට පාරක් තිබිල තියෙනවා. පසුකාලීනව ඒ පාරෙන් චීනය පාකිස්ථානයට පාරක් කපාගෙන තියෙනවා. පාකිස්ථානය බිහිවීමත් එක්ක චීනය පාකිස්ථානයේ පැත්තේ ඉන්න උත්සාහ කලා. ඉන්දියාව මේ රටවල් දෙකම එක්ක ඒ තරං හොදක් නෑ.. ඒ නිසා දැන් ඉන්දියාවෙන් චීනයට මේ පැත්තෙන් තියෙන මාර්ග වහල කියල තමයි අන්තර්ජාලයෙ ්සදහන් වෙන්නෙ.
මේක බෝඩරින් ඒරියා එකක්. අප ිගිහිපු ශ්‍රී නගර් කාර්ගිල් ලේහ් මහාමාර්ගය 1999 2009 ආදී වසරවල පවා පාකිස්ථාන හමුදාවේ යම් යම් මුරන්ඩු ක්‍රියාවලට යටත් වෙලා තියෙනවා. එක්දාස් නවසිය හැටේ දශකයේදී චීනයත් එක්කත් සුලු යුද්ධයක් මේ ලදාක් පැත්තෙන් ඇතිවෙල තියෙනවා. කොහොම වුනත් මේ පලාතේ තියෙන මිලිටරි වැදගත් කම නිසා ඉන්දීය හමුදා කදවුරු පුහුනු කදවුරු වගේ ඒවා ගොඩක් පිහිටලා තියෙනවා. අපි ගියපු පාරෙ නිතරම මිලිටරි වාහන ධාවනය වෙනවා ඇපි දැක්කා.
වහපු පැති.
මේ බෝඩරින් ඒරියා ගත්තාම සමහරක් ස්ථාන සම්පූර්ණයෙන් කිසිම සංචාරකයෙකුට තබා ඉන්දීය ජාතිකයන්ට පවා නිසි අවසර නැතිව අැතුළුවෙන්න බැරි තත්වයක් තමයි තියෙන්නෙ. නියම චීන පාකිස්ථාන ඉන්දියා බෝඩරය තියෙන්නෙ මේ ලේහ් නගරයෙනුත් කිලෝමීටර 100-200ක් ගියාම. නමුත් ඒ ස්ථාන වලට ලගාවෙන්න හැකියාවක් සංචාරකයින්ට නැහැ. දකුනු ආසියාවේ සංචාරකයින්ට හැර වෙනත් රටවල සංචාරකයින්ට නම් ලේසියෙන්ම මේ පලාතට යන්න අවසර ගන්න හැකියාවක් තියෙනවා.
ටුවරිසම්..
ලේහ් ලදාක් නගරය කටුක වුනත් ඊශ්‍රායල් යුරෝපා ජාතිකයින් තරමක් ආස කරන පරිසරයක් වෙන්න ඕනි මෙහෙ තියෙන්නෙ. ඔවුන් රෝයල් එන්ෆීල්ඩ් වැනි විශාල අස්සයින් වැනි බයික් රථ වල නැගිලා මහ සද්දෙන් එහෙ මෙහෙ යනවා හෙල්මටුත් නැතිවම.
සාමාන්‍යයේන මේ ලදාක් පලාත ලංකාවෙ සාචාරකයින්ගේ නෙත ගැටෙනවා අඩුයි. අපිට ශීතල කිව්වොත් ඒත් එක්ක මතක් වෙන්නෙ නුවරළිය වගේ කොලපාට කදු තියෙන පලාතක්. ශීතල කදුකර කාන්තාර පරිසරය තරමක් අපිට ආගන්තුකයි. අනික් කාරණාව තමයි මේක යම් අවධානමක් තියෙන ගමනක්. ඉතා ඉහල උස මට්ටම් වලදී ඇතිවන සෞඛ්‍යමය අපහසුතා.. ගමනේදී ඇතිවෙන අපහසුතා ආදිය වැඩියි මේ ගමනෙදි.

ලේහ් සිට කැරකෝරම් දුර්ගය හරහා ටිබෙටය ට පාරක් තියෙනව නේද.. ඒ සම්බන්ධව යමක් දන්නෙ නැද්ද
ReplyDeleteස්තූතියි සටහනට
මරු ටුවර් එකක්
ReplyDeleteඅමිල ඔබ විශිෂ්ඨයි .
ReplyDelete