Monday, December 7, 2015

අපිට සහාය වන වැදගත් මිනිස්සු

කොන්දොස්තර මහතා

දියුනු රටවල බස් වල කොන්දොස්තර මහත්වරු නැහැල්ලු. යන අයම මැෂිමකට සල්ලි දාල ටිකට් ගන්නවාලු. බොහෝ වෙලාවට රට ගිහින් එන අය මේක මහ ලොකු වරුණාවක් විදියට කියනවා. අපේ රටේ බස් රථයකින් ගමන් පහසුව ලබාගන්න ඉන්න මගීන් ගනනත් ඒ මගින්ගේ ආකල්පත් එක්ක බැලුවොත් ඒ විදියට තමුන්ම සල්ලි දාල ටිකට් ගන්න දුන්නොත් බස් හිමියාට අලාබ වෙන එක තමයි සිද්ද වෙන්නෙ.

කොළඹ නගරබද වුනත් ලංකාවෙ එක් තැනකින් තවත් තැනකට යන්න බලාගෙන ඉන්න මගීන් කොච්චර ඉන්නවාද? ඒ අය මොන ආකාරයෙන් තමුන්ගේ ගමන් පහසුව සලසාගන්නවාද කියලා හරියට සංඛ්‍යාත්මක දත්ත නැහැ. එහෙම සංගනනයක් කරලා ගමන් පහසුව සලසන්න ලොකු වැඩපිලිවෙලක් ලොකු මහත්වරුන්ටත් නැහැ. ඒ නිසා උදේ සහ සවස බස් වල තෙරපිලා ඒ මදිවට බස් එක ට්‍රැෆික් එකේ හිරවෙලා. ඒ අස්සෙ මිනිස්සු ගෑනුන්ගේ කකුල් අස්සෙ හිරවෙන්න තටමනවා. මේක ටිකක් අසහනකාරී දෙයක් මිනිස්සුන්ට. මේ වගේ වෙලාවට දාන දාඩියත් ඒ වගේ වෙලාවක ගමනක ගිහිල්ලම බලන්න ඕනි. 

මේ ගමන අමාරුවෙන් යන මගීන්ට නිතර කෑ ගසමින් මේ අසහනකාරී වටපිටාවෙත් තවත් කරදරයක් වෙන කොන්දොස්තර මහත්තයාව පේන්නෙ යක්සයෙක් වගේ. මිනිස්සු ඔක්කොම හෝල්ට් වලට වෙලා ඉන්නෙ ගෙදර යන්න බලාගෙන. හැමෝම හදන්න කලිං බස් එකක කලින් ගෙදර යන්න. සමහරු නැගලා යාන්තං ඇතුලට ගියාම හිතනවා මූ තවත් හොල්ට් වල නවත්තලා කොටනවා නේද කියලා. 

කොන්දොස්තර කියන්නෙ ලොකු රාජකාරියක්. කොන්දොස්තර මහත්මයා බස් රථය හිමිකාරයාගේ මඩිය තරකරන්න ඕනි.. ඒ වගේම බස් රියදුරා එක්ක කතා බහ කරලා බස් එකේ ගමන පාලනය කරගෙන වැඩි මගීන් ගානක් ගන්න විදියට වැඩ සලසාගන්න ඕනි. ඒ අතර කීයක් හරි යටිමඩි ගහගත්තෙ නැතොත් ලැබෙන ගානෙන් අතින් කාල හරක් බැලුව වගේ තමයි. දූවිල්ලද. වැස්සද, බස් එක හිරද..ඒ ප්‍රශ්ණ අදාල නැහැ. කොන්දොස්තර මහත්මයා සේවය කරන්න ඕනි. 

මේ කොන්දොස්තර මහත්වරු නැති කෝච්චි වල ඇතිවෙන ප්‍රශ්ණ එක්ක බැලුවාම කොන්දොස්තර මහත්වරු ඉන්න එක හොදයි කියලත් හිතෙනවා. කෝච්චි වලබොහෝ දෙනා ෆුට් බෝඩ් වල හිරවෙල. ඇතුලට යන්නෙ නෑ.. කොන්දොස්තර කෙනෙක් හරියට නැති නිසා ප්‍රශ්ණ ඇතිවුනත් ගහමරාගන්න තරමට දුරදිග යන වෙලාවල් තියෙනවා.. 

කොන්දොස්තර වරුන්ට මම දන්නා හැටියට ලැබෙන්න දවස් වැටුපක්. ඒ නිසා එයාල කරන අනතුරු දායක රස්සාව අනුව අඩුතරමෙ රක්ෂනයක් වත් නෑ..මෙඩිකල් එකක්, ජීවිත රක්ෂනයක්.. විශ්‍රාම වැටුපක්, හරිහමන් නිවාඩු ක්‍රමවේදයක් මොකුත්ම කොන්දොස්තර මහත්වරුන්ට නැහැ. ඔවුන්ට පොඩ හරි අනතුරක් රාජකාරිය අතරතුර වුනත් තියෙන්නෙ බස් හිමියා සතුටු ගානක් ලැබෙන එක විතරයි. එකත් බස් හිමියා හොද කෙනෙක් වුනොත් විතරයි. 

ආරක්ෂක නිලදාරි මහත්වරු

මෙහෙම කිව්වට කට්ටියට තේරෙන්නෙ නැහැ. සික්කා හෝ සිකුරුට්ටො කියලා කිව්වම ගොඩක් අය දන්නවා. සිකුරිටි කාරයෙක්ගේ සේවා කාලය පැය දොලහක්. බොහෝ සිකුරිටි සේවා වලදි පැය දොලහට මෙයාලට ලැබෙන්නෙ රුපියල් දාහකට අඩු වේතනයක්. ගේට්ටු ඇරීම, පොත් පවත්වාගෙන යෑම, අනතුරුදායක පුද්ගලයින් ඇතුලට නොගැනීම, ආයතනයේ පරිශ්‍රවල ආරක්ෂාව ආදී බොහෝ වගකීමක් මේ සිකුරිටි මහත්වරුන්ට ලැබෙනවා. ඔවුන් කරන රාජකාරිය නිකං සිටීම කියලා බොහො දෙනා හිතං ඉන්නවා. නමුත් බොහෝ තැන්වල කුඩා කූඩු වගේ තැන්වල තමයි මේ සිකුරිටි මහත්වරු ඉන්නෙ. කන්තෝරු ඇතුලෙ පංකා යට වායුසමන කරපු තැන්වල ලොකු මහත්වරු හිටියාට ආරක්ෂක නිළදාරි මහත්තයා ඉන්නෙ කුකුල් කූඩුවක් වගේ තැනක. 

මේ ආරක්ෂක නිළධාරින්ේග සේවා මුරය පැය 12ක් වෙන එක ලොකු අවනඩුවක්. එයාලට අනික් අයට බලපාන පැය 8ක වැඩ මුරය බලපාන්නෙ නැත්තෙ මොකද කියලා මට වැඩිමනක් දැනුමක් නෑ. ඒත් ඈතින් බැලුවම නිකං ඉන්නවා කියල පෙනුනට ගොඩක් ආයතන වල පැමිණිලි කරන්න එන අයගේ ආවේග පාලනය කිරීම වගේ මහ කුනු ගොඩවල් වැඩ කන්දරාවක් මේ ආරක්ෂක මහතුන්්ට පැවරිලා තියෙනවා. ඒ වගේම රාත්‍රී සේවා මුර ආදියේදි ඔවුන්ට පැවරෙන්නෙ නිදිමරන කෝස් එකක්. ඒ වගේ වෙලාවකට ටිකක් ඇහැ පියවිලා කන්තොරුවලට කුඩ්ඩෙක් පැන්නත් අර ආරක්ෂක නිළදාරි මහත්තයා වගකි යන්නට ඕනි. 

පිරිසිදු කරන සේවක මහත්වරුන් 
කොළඹ නගරය ගත්තාම තැඹිලි පාටන් ඇදගත් සේවක මහත්වරු කරත්ත තල්ලු කරමින්, ගස් යට අතුගාමින් ඉන්නවා පේනවා. ඔවුන්ට ලැබී ඇති නිළඇදුම පවා ඉතාම ලාබාල තත්වයේ එකක් තමයි අපිට පේන විදියට. මේ අය දවසෙ බොහෝ වෙලාවන් වල වැඩ. උදෑසන නගරය පිරිසිදු කිරීම තමයි මේ ගොල්ලට පැවරෙන රාජකාරිය. බොහා් විට රාත්‍රි කාලයෙත් මේ පිරිසිදු කරන සේවක මහතුන් සහ මහත්මින් සේවය කරනවා මම දැකල තියෙනවා. 

ඒ වගේම ආයතන ආශ්‍රිතව ඉන්න පිරිසිදු කරන සේවක මහතුන්ට ඇතැ්ම වෙලාවට පිරිසිදු කරනවාට අමතරව වෙනත් රාජකාරි පැවරෙනවා. ඇතැම් ආයතන වල ලොකු බඩු උස්සන්න. ආයතනයේ සේවකයින්ට තේ වතුර හදන්න.. ලියුම් බෙදන්න වගේ රාජකාරි වලටත් මේ පිරිසිදු කරන්න ඉන්න සේවක වරුන් ව පාවිච්චි කරනවා. මේ අයට නියම කල වැටුපක් මා දන්න තරමින් නැහැ. මා වැඩකරන මහා විසාල ආයතනයෙ ්පවා දිනකට රුපියල් 700ක වගේ සුලු වැටුපකට පිරිසිදු කරන සේවක මහතුන් දවස පුරාම වැඩෙහි යෙදෙනවා. 

ඕනි කෙනෙක්ට පුලුවන් වැඩක් කියලා පෙනුනාට ඒ කට්ටිය ඇවිල්ල ආයතන, පාරවල්. නගරය පිරිසිදු කලේ නැත්තං අපිට ජීවත් වෙන්න හැටියක් නැහැ. නාහෙ තියාගෙන ඇවිදින්නවත් බැරිවෙනවා ඒ මහත්වරුන් නැත වුනොත්. 

රෝහල් වල වැඩකරන වෘත්තිකයින්.

ලංකාවෙ තාමත් යටත් විජිත යුගේ වාගේ ශේුනි කිහිපයක සේවකයින් තමයි රෝහලක් තුල රාජකාරි කරන්ෙන. නමුත් වෙනත් රටවල විවිධ අංශයේ වෘත්තිකයින් රැසක් රෝහලක සේවය කරනවා. හෙදියන්, සාත්තු සේවිකාවන්, විකිරණ වේදින්. ඖෂධවේදින්, ආදී වෛද්‍ය නොවන වෘත්තිකයින් රැසක් ලංකාවෙ රෝහල් වල රාජකාරි කරනවා. මට පෙනී ගිහිපු විදියට නම් මේ වැඩකරන ගොඩක් අයට තරමක් හොද වැුටුපක් ලැබුනත් යම් ය්ම හේතු නිසා බොහෝවිට ඔවුන් රාජකාරි කරන්නෙ සතුටකින් නෙමෙයි. අසහනකාරී වටපිටාවක සේවය කරන විදියක් තමයි ඔවුන්ගෙන් පෙනුනෙ. 

වෛද්‍ය වෘත්තිය වගේම ඒ ආශ්‍රිත බොහෝ සේවාවන් දැන් විවිධ පැතිවලින් යාවත්කාලීන වෙලා අලුත් මුහුනුවරක් අරගෙන තියෙනවා. ඒ නවීන තාක්ෂණික උපායන් මේ රෝහල් කාර්යමන්ඩල වලට ලැබෙනවාද? පිටරට ගිහින් ඒ රටවල රෝහල් වලවැඩ සිද්ද වෙන්නෙ කෝමද ආදිය බලාකියා ගන්න කිහිප දෙනෙක්ට හරි අවස්තාවක් ලැබෙනවාද? මම හිතන්නෙ එහම දෙයක් සිද්ද වෙන්නෙ නෑ.. 

සෞඛ්‍යය කිව්වාම මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්, පෝෂණවේදීන්, මාතෘ නිවාස සේවකයින් ආදී විශාල පරාසයක සෞඛ්‍ය සේවකයින් ඉන්නවා. රටක සෞඛ්‍ය සේවය වර්ධනය වන්නට නම් දොස්තර මහත්වරුන්ගේ පමණක් සෞඛ්‍යය වැඩිදිුයුනු වෙලා පලක් නෑ..ඒ ආශ්‍රිත බොහෝ වෘත්තිකයින් ආකල්ප වලින්, දැනුමින් වගේම ලැබෙන දේවල් වලිනුත් පොහොසත් වන්නට ඕනි.

වෛද්‍ය වරුන්  කියන්නෙ සෞක්‍ය සේවාවේ එක් ප්‍රධාන පිරිසක් පමණයි. රටේ සමස්ථ කම්කරු සේවකයින් අතර වෛද්‍යවරුන් කියන්නෙ තවත් එක පිරිසක් පමණයි. රටට සාපේක්ෂව ගනනින් අඩු වෘත්තිකයින් ඉන්නෙ වෛද්‍යවරුන් පමණක්ම නෙමෙයි. තව විශාල පරාසයක වෘත්තිය වේදින්ගේ හිගයක් රටේ තියෙනවා. 

අපේ සමාජය ලක්ෂණ තැනක් වෙන්න නම් අපි හැමෝම අනික් අයගේ ත් අවශ්‍යතා ගැන සංවේදි වෙන්නට ඕනි. කුනු අදින කම්කරු මහත්වරු, කොන්දොස්තර මහත්වරු, සිකුරිටි මහත්වරු ගැනත් එයාල කරන සේවය ගැනත් අපි සංවේදි වන්නට ඔවුන්ට ඇති අපහසුතා දුරු කරලන්නට අපි වගබලා ගන්නට ඕනි. ලෙඩට බෙහෙත් කල පලියට දෙවිවරු විදියට සලකගෙන දොස්තරලාට විතරක් සලකන එක දොස්තර වරුන්ටත් හොද නැහැ..සමාජයක් විදියට ඒක අපිටත් හොද දෙයක් නෙමෙයි. 

7 comments:

  1. මැශිමක් දුවන්න හැම ඇනේම දායක වෙනවා. ඒ අය නැත්නම් අපිත් නෑ.

    ReplyDelete
  2. ඇත්ත බන්....රු.700ට සෑහෙන වැඩක් කරන අය අපේ ඔෆිස් එකෙත් ඉන්නවා!
    පැය ගානෙන් බැලුව ම අපි වැටෙන්නේත් ඒ ගොඩට ම තමා බන්! මගේ ෂීෆ්ට් එකත් පැය 12ක්...එහෙම නැත්තම් පැය 24ක්! කලාතුරකින් පැය 36ත් කරනවා! එහෙමයි කියලා වැඩි ගතමනාවක් ලැබෙන්නේ නෑ....

    ReplyDelete
  3. හොඳ ලිපියක් මල්ලි. රස්සාවෙන් කෙනෙක් මනින එකෙන් ඉවත් වෙලා මේ රැකියා වලට ගරුත්වයක් දෙන්න හැමොටෝම බැහැ .

    ReplyDelete
  4. ජපානයේ නම් මේ ගරුත්වය තියෙනවා..... ඔවුන් රැකියාව සමාජ තත්වයට අදාළ කරගන්නට උත්සහ කරන්නේනෑ...... ඒක රටක සමාජමය දියුණුවට ඉතා වැදගත්...

    ReplyDelete
  5. වැදගත් ලිපියක් ....
    මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම තමා කරන්න ඕන

    ReplyDelete
  6. සමහර ඩොක්ටර්ස්ලා ඉන්නව කඩේට යන්නෙත් නළාව කරේ දාගෙන.එළවළු මාලුවලට බෙහෙත් කරන්න වාගෙ.තමුන් කවුද කියා මවාපාන්න ඕන නෑ.බුදුහාමුදුරුවො කිව්ව වගේ මනුස්සයෙක් උස් පහත් වෙන්නෙ ක්‍රියාවෙන් මිසක තමුන්ගෙ කුලය,ධනය,බලය,රැකියාව වගෙ ඇති වෙලා නැති වෙලා යන පුහු දේවල්වලින් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. තමුංගෙ රැකියාව තමුංගෙ සමාජ තත්ත්වයට සම්බන්ධ වෙන්නෙ තමුං රැකියාව කරන තැනදි විතරයි. මගෙ හොඳ යාළුවො ගොඩක් පියන්ලා ඩ්‍රයිවර්ලා ඉන්නවා. ඒ අය සමාජයෙදි මට ගොඩක් දේවල් වලින් උදව් කරල තියෙනවා. ඒ අතිං බලනකොට මොකද්ද සමාජ තත්ත්වය සහ වෘත්තීය තත්ත්වය අතර සම්බන්ධය?

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...