Wednesday, June 22, 2016

කිම්බරාසෝ ද එවරස්ට් ද ?

ලෝකේ උසම කන්ද එවරස්ට්(Mount Everest).  මේක මෙහෙම කියන්නේ කෝමද? ලෝකේ මුහුදු මට්ටමේ සිට බැලුවාම උසම තැන තමයි එවරස්ට්. මුහුදේ සාමාන්‍ය ගැඹුර මීටර 3688ක් වෙනවා. ඒ කීවෙ කිලෝමීටර 3.5 ක් තමයි මුහුදේ ගැඹුරේ සාමාන්‍යය අගය. ඉන්දියානු සාගරයේ මධ්‍ය ගැඹුර මීටත් වඩා පොඩ්ඩක් වැඩියි කිලෝමීටර 4කට ආසන්න අගයක් (3960m) තමයි ඉන්දියානු සාගරයේ මධ්‍ය ගැඹුර.

 එ් කියන්නේ ලංකාවේ මුහුදු මට්ටමේ සිට ගොඩබිම තියෙන උෂම තැන වෙන පිදුරුතලාගලටත් වඩා වැඩියි ලංකාව අවට සාගරේ ගැඹුර. සරලව හිතුවොත් ලංකාව අවට ඈත ගැඹුරු මූදට වැටෙන කෙනෙක්, කොළඹ දිහා නම් රුපියල් දෙසීයක විතර ත්‍රීවීලර් දුරක් ගැඹුරට මූදු පතුලට වැටෙන්න හැකියාව තියෙනවා.  සාගරේ තරං ආදරේ අනං මනං කිව්වාට සාගරේ කොයි තරං විසාලද කියලා නිච්චියක් වැඩිමනක් පිරිසට නැතුව ඇති මහිතෙ.
එවරස්ට් කන්ද 
මුහුදු මට්ටම කියන එකේ ඉදං මැන්නාම මේ වායුගෝලයේ ඒ කිව්වේ අපිට මේ හුලං හමන අවකාසේ තියෙන උසම තැන තමයි එවරස්ට්. මේ ලෝකේ හරියට දොඩමක් වගේ.. ඒක වටේට නෙව ඔය මූදු කදු ආගාධ විල් අනම් මනම් ඔක්කෝම තියෙන්නේ..ඕක වටේටම මූද තියෙනවා. නමුත් මේ මූදු මට්ටම කියන එකත් සමාන එකක් නෙමේ..මුහුදු මට්ටමත් ලෝකයේ කලාප අනුව මීටරේක දෙකක වෙනසක් වෙන්න පුලුවනි.
මේන්න මේ ආකාරේට බැලුවොත් එවරස්ට් තමයි වායුගෝලයේ ඉහලින්ම තියෙන ස්ථරය. මොකෝ වායුගෝලය පටන් ගන්නේ මුහුදු මට්ටමින් නෙව. උස මුහුදු මට්ටමේ සිට මීටර 8850ක්.  හැබැයි මිනිහා හදාපු බඩු කෑලි තියෙනවා ඔයිටත් උඩින් නිතරම යන එන. සාමාන්‍ය ගුවන් යානා යන්නේත් සැටලයිට් යන්නේත් ඔයිට වඩා උඩ ලේයර් එකක. ඒ ස්‍ට්‍රැටොස්පියර් (Stratosphere) කියන මීටර 10,000ට වැඩි  රීජන් එකේ..ඒකෙදි වායුගෝලයෙන් ඇතිවන බාධා සහ වලාකුලු ආදියෙන් ගුවන් යාත්‍රා වලට ආරක්ෂා වන්නට පුලුවනි.

කිම්බරාසෝ.. (Mount Chimborazo) 

මේ ලිපියේ මාතෘකාව කිම්බරාසෝ..කොහොමෙයි මේ කිම්බක් මේකට අදාල වෙන්නේ කියල ඇතැමුන් සිතනවා ඇති. ලෝකයේ මුහුදු මට්ටමක් කියලා එකක් අපිට පහල වෙලා තියෙන්නේ මොකෝ..සරලම එක වසරේ උත්තරේ තමයි මුහුදක් තියෙන නිසානේ මට්ටමක් තියෙන්නේ. දැන් මුහුදක් නැති අර වෙනත් ග්‍රහලෝකයක් වගේ වුනානං..හුටා..එහෙනං කොහොමෙයි මුහුදු මට්ටමක් හොයන්නේ..එතකොට අපි එහෙට මූදක් දාන්නවත් වෙයිද?

මේ ලෝකය බෝලාකාරයි නේ. බෝලා නෙමෙයි නියම වචනෙ ගෝලාකාරයි. මේක ගෝලාකාරයි කීවට සිරාම ගණිතමය ගෝලයක් නෙවෙයි නේ. මේක ඇවිල්ලා ඇපල් දොඩං වගේ ගෝලයක්..ඇපල් සහ දොඩං රවුං වුනාට ඒවායේ නැට්ට සහ පුක අතර දුරට වඩා අනික් පැත්තේ විශ්කම්භය ලොකුයි . ආන්න ඒ වගේ ඉහල සිට පහලට ඒ කිව්වේ ආක්ටික් කොනේ සිට ඇන්ටාක්ටික් කොනට තියෙන දුරට වඩා වැඩියි සමකයේ විස්කම්භය.


මේ කිම්බරාසෝ කන්ද තියෙන්නේ සමකාසන්නයේ. එත‍කොට පෘථිවියේ මධ්‍ය ලක්ෂයේ සිට දුර බලද්දී පෘථීවියේ මද්‍ය සිට වැඩිම දුරක් තියෙන කන්ද නැත්තං ස්ථානය තමයි කිම්බරාසෝ කන්ද. මේ කිම්බරාසෝ තියෙන්නේ සමකය මායිම් රටක් වෙන දකුණු අමරිකාවේ ඉක්වදොර් රටේ. සමාකාසන්න රටක් වුවත් කන්දේ උස නිසා කිම්බරාසෝ කන්දේ උඩ හිම තට්ටු මිදිලා තියෙනවා. මෙතනදි එවරස්ට් කන්දට වඩා කිලෝමීටර දෙකකට වැඩි වාසියක් ලැබෙනවාලු මේ කන්දට පෘථිවිය ගණිතමය ගෝලයක් නොවීම නිසා.
මධ්‍යයේ සිට උසම කිම්බරාසෝ 
කිම්බරාසෝ කන්ද මූදු මට්ටමේ සිට ඒ තරං උස එකක් නං නෙවෙයි. ඒක එවරස්ට් වලට වඩා ගෙඩිපිටින් කිලෝමීටර 2කට වඩා කොටයි. ඒත් පොලොවේ මධ්‍යයේ සිට වැඩිම දුරක් තියෙන තැන තමයි කිම්බරාසෝ.. කිම්බරාසෝ එකේ උස මුහුදු මට්ටමේ සිට මීටර 6268ක් වගේ වෙනවා. ලෝකයේ උසම කදු ලැයිස්තුවේ ගොඩාරියක් උෂම කදු තියෙන්නේ හිමාල කදු සීමාවේ.. ඊට පස්සේ උසම කදු ගොඩාරියක් තියෙන කදු පන්තියක් තමයි දකුනු ඇමරිකාවේ අන්දීස් කදු පන්ති..ඒ කදු වලින් එකක් තමයි මේ කිම්බරාසෝ.. 

හැබැයි මේ විදියට හිතුවාම පිදුරුතලාගල උසටත් කිලෝමීටර එකහමාරක විතර තා උසක් දාගන්න පුලුවනි පෘතිවි මධ්‍යයේ සිට දුර බැලුවනං..අපිත් මෙහෙම හිටියට සමකාසන්න කොල්ලෝ නෙව. අපි සමකාසන්න වුනාට ශ්‍රීලංකාව සමකය මත පිහිටි රටක් නෙවෙයි. අපිට ආසන්නතම රටක් වෙන මාලදිවයින නම් සමකයේ පිහිටි රටක් ලෙස සැලකෙනවා. 

මවුනා කියා.. Mouna Kea

සිරීපාදේ කොච්චර උසද කියලා බලන්න නම් රත්නපුරෙන් හෝ කුරුවිටෙන් නගින්න ඕනි. අපි හැටන් පාරෙන් යනෝ නම් බාගයක් නගින්නේ මහ පාරෙන්..ඉතිරි සුට්ටක් තමයි පයිං කොටාබාන්නේ..කුරුවිට සහ පලාබද්දල, සිරිපා මුදුනේ සිට නල්ලතන්නියට වඩා පහලින් තියෙන තැන්.. පිදුරුතලාගලට නං ඉතිං වාහන උනත් යන්න ඇහකි පාරක් තියෙනවා ලු නේ. 

කදු පාමුල සිට වැඩිම උෂ බැලුවාම ලෝකේ උසම කන්ද මවුනා කියා කියල පැසිෆික් සාගරේ දූපතක තියෙන කන්දක් සැලකනෙවා.. ඒකෙදි කන්දේ මීටර 6000ක් මුහුදෙන් යට ඉතිරි මීටර 4200ක් තියෙන්නේ මූදෙන් උඩ.. ඒත් ඉතිං මූධ යට ඉදන් කන්දක් නගින්න ඇහැකියැ..ඒත් මේ කන්දේ සීඝ්‍ර බැස්ම මූද පතුලට යනකල් තියෙනවාලු. 


මෙතනදි කියන්නේ හිමාල අන්දීස් වගේ කදු පන්ති ඒ පිහිටි පොලවෙන් ඉවර වෙනවා. නමුත් මේ කියන මවුනා කියා කියන එකෙ එහෙම පිහිටි පොලවක් නෑ ඒ නිසා මුහුද යටට යනකල්ම බැස්ම තියනවා. 

දෙයක් මනිනකොට ඒ දේ මනින්නේ කුමක් පදනම් කරගෙනද කියන එක වටිනවා. එක මූලික දෙයක් පදනම් කරගෙන තමයි අපිට යමක් මැනිය හැකි වෙන්නේ. ඒ මූලික දේ වෙනස් වීම මත අකුරු ඉලක්කං ලේසියෙන්ම වෙනස් වෙනවා. 

3 comments:

  1. කිම්බක් ගිය දුර හැබෑටම.

    ReplyDelete
    Replies
    1. දුර යන්න හිතුනාට සැඟවී හොරෙන්...

      Delete
  2. කලින් දැනගෙන හිටියෙ නැති දෙයක්.

    හැබැයි මට හිතුනා එවරස්ට් කන්ද තියෙන නේපාලය/ඉන්දියාවත් සමකාසන්න රටක් නේද කියලා. ඒත් භූගෝල විද්‍යාව ගැන ලොකු දැනුමක් නැතුව මට හරියටම දෙයක් කියන්න අමාරුයි.

    ස්තුතියි ලිපියට.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...