Monday, September 26, 2016

සද්ගුණවත් දොස්තර වරු

දොස්තර ල වුනාම මනුස්සකම තියෙන්නට ඕනි.. මට පේන්නම බැරි වචන වලින් එකක් තමයි මනුස්සකම කියන්නේ..ඕනි ජඩ වැඩක් පල් වැඩක් කරලා හිනාවෙවි යන්න මිනිස්සු මේ මනුස්සකම කියන වචනය පාවිච්චි කරනවා..ඉන්න කාලේ මොකුත්ම නොකර ඉදලා චන්දෙ කාලේ කිට්ටු වුනාම සුදු රෙදි හොරුන්ගේ මනුස්සකම් ගැන පෝස්ටර් වල දකින්නට ලැබෙනවා. ඒ වගේම කවුරුහරි අපතයෙක් ගැන වර්ණනාවක් දෙද්දී ඌ ගැන කියන්න මෙලෝම දෙයක් ඉතුරු වෙලා නැත්තං ආන්න ඌට උතුරා යන මනුස්සකමක් තියෙනවා කියනවා..මොකෝ නෑ කියන්නයැ.. මනුස්සකම මනින්න බෑනෙ .. ඒ නිසා හැම එකාටම ඕක තියනවා කියල ගන්න පුලුවන්..ඒ වගේම මොක්ක හරි මරි වැඩක් මාට්ටු වුනොත්.අ.පි ‍ ඔක්කොම මනුස්සයො නේ..පොඩ්ඩක් මනුස්සකමට සලකලා බලන්න කියල විලි ලැජ්ජ නැතුව සමාව ඉල්ලන්නත් ඒ නිසා හැකියාව ලැබෙනවා. 

දොස්තර වරුන් ගාව තියෙන්න ඕනි මනුස්සකම හැදිච්චකම වගේ මාකටින් වචන නෙමෙයි ආචාර ධර්ම කියන ජාතිය. දොස්තරයෙක් කියන්නේ කරුණාවෙන් ලෙඩුන්ට සලකන්න බැඳිලා ඉන්න කෙනෙක්. ඒ කරුණාව හිනාවේ කතාවේ විතරක් නෙමෙයි..මිනිහාගේ චරියාවෙත් තියෙන්නට ඕනි.. දොස්තර කියන චරිතය ඇගට විතරක් බෙහෙත් කරන මැසිමක් නෙමෙයි..රෝගියාගේ මානසික සමාජිය ගැටලු ආදිය ගැනත් යම්කිසි සංවේදී තාවයක් දොස්තරට තියෙන්නට ඕනි..නැත්නම් රෝගය වටහාගන්නත් රෝගයට ප්‍රතිකාර කරන්නටත් සාර්ථක හැකියාවක් දොස්තර මහත්තයට ලැබෙන් නෑ.. 

දෙවන ලෝක යුද්ද කාලේ හිම්ලර් යටතේ හිටිය දොස්තර මහත්වරු ඇතැමෙක් ඉතාම නරක විදියට මිනිසුන්ට හිංසා කලා.. මිනිසුන්ව පෙලා තලා දැම්මා..නමුත් ඔවුන් ඉගෙන ගෙන තිබෙන්නේ රෝගීන් සුවපත් කරන්නට. අවසානේ වෙන්නේ මොකද්ද එයාල ලෙඩුන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් දැඩි ලෙස හිංසා පීඩා කරනවා. 

පහුගිය දවසක කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු තමා පාඩම් කරන කුටිය තුලම මිය පරලොව ගියා. ඔහු සිය සිරුරට සේලයින් අධික ලෙස ඇතුලත්  කරගෙන තමයි මිය පරළොව ගියේ. ඉන් අනතුරුව ඔහු ගේ දෙමාපියන්ට දන්වලා යවන්න වෛද්‍ය සිසුන් ක්‍රියාකරල තිබුනා. විදුහල්පතිවරයෙකු වුනු ඒ මියගිය සිසුවාගේ පියා ..මිනිය බලන්න ඇවිත් අහපු මුල්ම ප්‍රශ්ණය " කොහෙන්ද අඩුවටම මිනිය හදාගන්න පුලුවන් ?" කියන ප්‍රශ්ණය..ඒ අවස්ථාවේ සිය මියගිය පුතා දැකීමෙන් කිසිම තැතිගැන්මකට ලක් නොවූ පියා මියගිය සිසුවා දෙස බලා තිබුනේ සිය පවුලට දැඩි අවමානයක් කල පුතෙකු ගැන බලන ආකාරයෙන්.. 

සිය දිවි හානිකරගැන්ම වරදක්..මිය ගිය අය ලොකු කරන් දගලන එකත් හොද නෑ,. ස්වභාවිකවම සිය පුතා කෙරෙහි පියානන් කෙරේ එන කිසිදු හැගීමක් ඒ පියාගේ තිබිල නෑ කියල තමයි ඒ සිදුවීම බලාගෙන හිටපු වෛද්‍ය සිසුන් කියලා තියෙන්නේ. 

ඒ සිසුවා දෙවරක් අවසන් විභාග අසමත්. තුන්වෙනි වර අසමත් නම් ඔහු ගෙදර. ඒ සිසුවා යම් මානසික ආබාධයකින් පෙලී බෙහෙත් ගන්නට යොමුවුන අයෙක්..හුදකලාව ප්‍රිය කල ඔහු අනෙක් සිසුන්ට හැකි පමණ පාඩම් වැඩ වලදීත් උධව් කර තිබෙනවා. අපේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය කොච්චර දුර්වලද කියලා ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුලුවනි ඒ සිදුවීම ගැන සිතුවොත්..වෛද්‍යවරයෙකු වන්නට ඉගෙන ගන්න සිසුවා දැඩි තරඟය සහ අපාසු විබාග නිසා  මානිසක රෝගියෙක් වෙලා..ඒක උත්සන්න වෙලා.. සියදිවිත් හානිකරගෙන ගඳ ගහන අවස්ථාවේ තමයි අනෙක් සහෝදර සිසුන්ට ඔහුව හමුවන්නේ..ඉතිං මේ අහිංසක අපි ඔය බිහිවෙන සංවේදී දොස්තර මහත්වරුන්ගෙන් තමයි අනාගෙතේ බෙහෙත් ගන්නේ. 

ලංකාවේ දොස්තර ලා විදියට තෝරගන්නේ උසස් පෙල වැඩිම ලකුනු ‍තියෙන අය. මේ විබාග ක්‍රමයෙන් වැඩිම ලකුනු ගන්නේ කවුද? කිසිම බාහිර වැඩක් නැතුව ගොඩාක් පාඩම් කරන අයට,  ස්ටඩි වල දැඩිව නිරත වෙලා ඉන්න අයට වැඩිම ලකුනු ගන්න ලොකු හැකියාවක් තියෙනවා. එතිනින් පස්සේ වෛද්‍ය විධ්‍යාල තුලත් හොදට ඉගෙන ගන්න විභාග වලින් වැඩි ලකුනු ගන්න අයට තමයි හොද ලොකු දොස්තරයෙක් වෙන්න පුලුවන් වෙන්නේ.. 

ඒ අතරමැද කිසිම තැනකදී මේ සිසුන් කරුණාවන්තද? සිසුන් ඇත්තටම දෛාස්තර මහත්තයෙකු කරන්න සුදුසුද? රෝගියාගේ මනසට සුවයක් දෙන්න මෙයාට පුලුවන්ද? කියල අපි හොයනෝද?   මේ මස් කඩේකටවත් නුසුදුසු ඒ ලෙවල් විතරක් සුපිරියටම පාස්වුන එකාව දොස්තර ල කලාම මොකෝ වෙන්නේ  කියල සමාජය හිතන්නේ නෑ...බලන එකම සුපරි සුදුසුකම ඒ ලෙවල් වැඩිම ලකුනු විතරයි.. අනික්වා බලන්නත් අමාරුයි මේ තියෙන බලුපොරේ ඇනුව.. 

අපි දොස්තරයෙක් බිහි කරන කොට කරුණාව, ආදරය, ආචාර ධර්ම කිසිම දෙයක් ගැන වැඩි තැකීමක් නෑ.. අවසානෙ නිකුත් වෙන දොස්තරලා කියන්නේ ඕපපාතික නෙමෙයි නේ..කාලයක් තිස්සේ දීර්ඝ විභාග ගනනාවකට දැඩි ආතතියක් යටතේ මුහුන දෙන පිරිසක්.ඔවුන් එලියේදී  වඩාත් කරුණාවන්ත සානුකම්පිත සමාජය ගැන සෙනෙහසින් තීරණ ගන්න පිරිසක් වේවිද? නෑනෙව. 

මං හිතන්නේ වෛද්‍යවරුන් කියන විකෘතිය ගැන සුලු අවබෝධයක් ඔබට එන්නට ඇති. අපි මේක වෙනස් කරන්න නම් අපේ බලුපොරයක් වැනි අද්‍යාපනය ක්‍රමය දියුනු රටවල වගේ ‍ දියුනු පද්ධතියකට යටත් කරන්නට ඕනි.. එහෙම කලොත් යාන්තං හරි සුලු බලාපොරොත්තුවක් හරි තියන්න පුලුවන් අනාගත වෘත්තිකයින් සම්බන්ධයෙන්.. නැත්නම් තව තවත් හඹායන තව තවත් පුද්ගලික ඉලක්ක කරා ඇදෙන පිරිසක් හැර... පුලුල්ව සිතන වෘත්තිකයන් නම් ඉස්සරහට රටේ බිහිවන එකක් නෑ. 

11 comments:

  1. Well said Amila, oba point ekatama katha karala thiyenawa. Meka thamayi ape dostharalage thathwaya e wagema meka thamayi api kala yuththe

    ReplyDelete
  2. "කියල අපි හොයනෝද? "
    මේව නම් උඹේම වචන.
    ඇවුලක් නෑ. ලිපියත් අගෙයි

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/UK_Clinical_Aptitude_Test

    ReplyDelete
  4. kiyala thiyana ewa baluwama therenawa amila umba melo deyak nodana liwwa deyak kiyala.
    hari umbama kiyahan balanna pothema inne nathuwa awurudu 5 kin oya hamadema igenagene enna widiyak. mamath medical student kenek ban. api ude 7 ta ward giyama enne raa 10ta 12ta. a karalath amaruwen exam goda danne. hama batch ekakama 4k 5k magadi course eka atha arala gedara yanawa exam fail wela. kochchara try karath minissunta beheth denna knowledge eka naththan gedara yanna wenawa.
    ehew eke umba methana melo hasarak nodana magul katha karanawa.
    hospital ekakata awith balahan kochchara honda doctorsla innawada kiyala. ekek dekek hinda boruwata kaa nogaha

    ReplyDelete
    Replies
    1. මම රිප්ලයි එක සුට්ටක් ප්‍රමාද වුනාම හිතුවේ එන එකක් නෑ කියල.. හුදකලා සිද්ධියක්..ඕව කලාතුරකින් වෙන දෙයක්..
      මෙහෙම නැතුව කොහොමද ඔයා කරන්න කියන්නේ?

      මෙඩිකල් ස්ටඩි කියන්නේ කොළඹ විතරක් කෙරෙන දෙයක් නෙමෙයි..ඒ වගේම ලංකාවේ විතරක් වෙන දේකුත් නෙමෙයි..සාමාන්‍යයෙන් දියුනු රටවල මෙඩිසින් වගේ එකක් ස්ටඩි කරන්න ලමයි තෝරාගද්දි වගේම ප්‍රෝගැම් එක ඇතුලෙදිත් එන්ටර්ටේනින් වලට ටයිම් ස්ලොට් තියෙනවා..ඒ වගේම ඒ අදාල පරිසරයකුත් තියෙනවා. කොළඹ වෛද්‍ය පීඨය තියෙන මනරම් පරිසරය.. ඉන් පස්සෙ ක්ලිනිකල් ජීවිතය.. බෝඩිම් හොස්ටල් තියෙන විදිය.. සැමන්වගේ පැක් වෙලා..

      මගේ ඉංගිරිසි දැනුම එච්චර නෑ..ඔබතුමාල අපිට වඩා උගත් අය..හැම තිස්සෙම ඔයා මොනවද දන්නේ අපේ කැම්පස් ඇතුලේ වෙන දේව්ල ගැන..ඔයාල මොනවද දන්නේ අපේ ස්ටඩි ලයිප් එක ගැන කියලා අහන්නේ වැඩිමනක් දන්න නිසා නෙව.. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න දියුනු රටක මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙකුගේ ලයිෆ් එක මොන වගේද? දවස ගතවෙන්නේ අවුරුද්ද ගත වෙන්නේ කොහොමද කියන එක ගැන..

      හැමදාම මේක අපේ කරුමේ අපේ මල්ලිලාට නංගිලාටත් මේ කරුමෙම තමයි උරුමේ කියල හිතනතාක් අපි එතනමයි..

      Delete
  5. අනේ අමිලයො නොදන්න උලව් කතා නොකර හිටු. ඔච්චරටම දන්නවනන් උබට තිබ්බනෙ ඔය කියන සද්ගුනවත් දොස්තරෙක් වෙන්න මෙතන කැහැ කැහැ ඉන්නෙ නැතුව. කියන එකා මොක කිව්වත් කරන එකාලුනෙ ඒකේ අමාරුව දන්නෙ. දොස්තරකම විතරක් නෙවි වෙන කොඉ වැඩෙ උනත් එච්චර තමයි. උබල වගෙ උන් දන්නෙ හැම දේටම බණ කියන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔවු මචං අර වැල වල රගපාන්න ඉන්න ඩෑල් එකක් ඉන්නවා තට්ටේ එක්ක ඌ වෙලාවකට ඉලෙක්ටිසියන් කෙනෙක්..තා වෙලාවක සෙල්ස් මන් කෙනෙක්..තා වෙලාවක මැෂින් හදන එකෙක්.. මටත් එහෙම වෙන්න තිබුන නම් හොදයි..

      Delete
  6. machan ubata NEVIL FERNANDO ganak wath dunnada?? uba private medical campus 1 promote hadanne..

    ReplyDelete
    Replies
    1. නෙවිල් ප්‍රනාන්දුගේ ලබ්බක් ගැන මෙතන කාරුවත්ම කතා කරල නෑනෙ..අඩුම ගානෙ පුද්ගලික කියල වචනයක් වත් තියේද බලහං.. ත‍ොපිට තියෙන්නේම තියෙන එකේ කොලිටිය හදාගන්න උත්සාහ කිරීම නෙමෙයි.. අනික් එකාගේ එකේඅඩුවැඩිය හොයන එක..දැන් බොලා කෑ ගහල වහගත්තද? ප්‍රනාන්දු රෝහල? නෑනෙ.. නිකං සෙම හල හල පාරෙ ගියා විතරයි..

      Delete
  7. අමිල උබල වගෙ බහුශ්‍රැත උන් නැතුව පොත් ගිල ගිල හිටපු මැටි මෝල්ලු කැම්පස් ගියම ඔහොම තමයි බන්. මේ වගෙ දේවල් වලට අවුල් ගන්නෙ නැතුව ඊළඟ සැරේ අසනීපයක් උනාම සින්හල බෙහෙත් ගනින්. එතකොට ඔය ඔක්කොම හිතේ අමාරුකම් හරියයි.

    ReplyDelete
  8. අමිල මේ දේවල් ගැන කියන්නෙ රටේ මිනිස්සුන්ගෙ හොඳට. එහෙම නැතුව ඌට දොස්තරලත් එක්ක තරහකට නෙවෙයි. මොකද උඹලාටම තමයි ඔය පිස්සු දොස්තරලගෙන් බෙහෙත් ගන්න වෙන්නෙ. නැතුව අමිලයා උන්ගෙන් බෙහෙත් ගන්නෙ නැහැ නොවැ. ඌ බෙහෙත් ගන්නෙ පශු වෛද්‍යවරුන්ගෙන්නෙ...

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...