Tuesday, May 7, 2024

සිරිපා ගමන 2024

සිරිපාදේ ගමන


සිරිපාදේ තමයි මගේ පොටෝ ඇල්බම වල වැඩියෙන්ම පොටෝ තියෙන්නේ සිරිපාදේ ගිහින් ඇති වාර ගානක් මතකත් නෑ. මම හිතන්නේ වාර දොලහත් පාලහත් අතර ගානක් මම නැගල ඇති.


ගමනාරම්බය

මේ පාර යන්න මුලින් ලොකු කට්ටියක් ලෑස්ති වුනත් අවසානේ ගමනට ඉතුරු වුනේ 5යි. අපි සැලසුම් කරල තිවුනේ කොළඹ කොටුවෙන් හවස 02.50ට පිටත්වෙන නල්ලතන්නිය බස් එකේ නල්ලතන්නි ගිහින් නගින්න. අපි ඉතින් ලාහට ගෙම්බො එකතු වෙනවා වගේ පිටකොටුව බස් නැවතුමට එකතු වුනා පස් දෙනා පස්ෙ වලාවකට. ඇවිත් බස් එකේ වාඩි වුනා.

මග හිරවුන හැටි

අහෝ කරුමෙක මහත. මරදානෙදි බස් එක කැඩුනා. පටන් අරගෙන කිලෝමීටර දෙකක් ගියේ නෑ බස් එක හබක්. ඒ ගමන ඉතින් ඒ බස් එක අයිති අවිස්සාවේල්ල ඩිපෝවට නිසා අපිට වෙන රත්නපුර බස් එකක අවිස්සාවේල්ලට යන්න වුනා. ඒ ගියායින් පස්සේ අපේ වෙලාවට අවිස්සාවේල්ල ඩිපෝවෙන් අපි ගිය බස් එක නවත්වන තැනටම අඇවිත් බස් එකේ හිටි නල්ලතන්නි යන සෙනග බස් එකට පටෝගත්තා.

සිද්දිය විස්තර කිරීම

ඒක නිකං ගමේ බස් එක වගේ. කොන්දොස්තර සහ රියදුරු තැන හමුවුන කට්ටිය 10කට වඩා එකම විස්තරය කිව්වා. අර බස් එක කැඩිල ටවුන් හෝල් හරියෙදි. ඩීසල් කේස් එකක්. ඉන් පස්සේ අපිට ලෝඩ් එක දුන්නා. මේ යන්න හිටිය ගමනක් නෙමෙයි කියල කීප දෙනෙකුටම ඒ විස්තරය විස්තර කරනකල් අපිත් අහගෙන හිටියා.

චෙක් පොයින්ට් එක

ආ කියන්න මතක නැතිවුනා අපිව චෙක් කලා මගදි පොලිස් බැරියල් එකක් දාලා. පොලිසිය හොදට අතගාල බැලුවා. අපේ බෑගුත් බැලුවා. යුද්ද කාලේ මට මතක් වුනා. ඒ වුනාට ඉතින් මොනාවත් හොයාගන්න බරි වුනා. රත්නපුර යන් බස් එක තමයි චෙක් කරන් සෙට් වුනා. මට හිතෙන්නේ එයාල කුඩු ාආදිය හොයනවා වෙන්න ඕනි. පෞ ඉතින් අහුවුන් නැතොත් මොනාහරි.

නල්ලතන්නියෙන් බහිනකොට 11 විතර වෙලා අපේ නඩේ කොල්ලො තුනයි කෙල්ලො දෙකයි. අපේ ප්‍රියා මේ වගේ කදුකර ගමන් ඒ තරම් හුරු නැහැ. එයා ටිකක් ඇගට පනමදි ලයින් එකක හිටියා. ඒත් එයා දක්ෂ විදිහට කන්ද නගින වැඩේ නම් කලා. කෑමට අපි නල්ලනත්නි හොටලෙකට ගියා. එතනදි අපි අරං ගිය පලතුරු ආදියත් හෝද ගත්තා. මිදි ගෙනිච්ච ඒවත් හේදුවා. හෝදනකොට පිගන් හෝදමින් හිටිය යුවතියක් මිදි දැක්කා. මම එයාටත් මිදි ගෙඩි කිහිපයක් දුන්නා. අපිත් මිදි කෑවා. දොඩම් එහෙමත් කෑවා.

අපි ගියේ සිකුරාදා රැයක වුනත් ඒ හැටි තදබල සෙනගක් ඒ වෙලාවේ හිටියේ නෑ. සෙනග හිටියා සැරට නැහැ. ඉතින් අපි පහලින් අයිස් කැප් ජැකට් ආදිය අරගෙන ගමන පටන් ගත්තා. මම නම් ජැකට දාගෙන ගියේ අපරාදේ කියල හිතුනා. මොකද හීතල දැනෙන්න වෙලාවක් ආවේ නැහැ.

සිරිපාදේ කුනු

සිරිපාදේ නල්ලතන්නිය පාරේ ඉදිකටුපාන හරිය ගන්න දෙයක් නෑ. කුනු දෙපැත්තේ දාලා. අස් පරස් කරන්න පරක්කු නිසා මැස්සොත් ඇහිරෙනවා. විදේශික සුද්දෝ වගේම කාම්බෝජ කාරයො ටිකකුත් ඇවිත් හිිටියා. ස්වදේශිකයෝ විදිහට අවුරුදු ගානක් ගිහුනුත් මේ කුණු ගැටුමට විසදුමක් හොයාගන්න බැරි වෙච්ච එක නම් කණගාටුදායකයි.

තාවකාලික කඩ

මේ තාවකාලික කඩ සිරිපාදේ හැම අවුරුද්දකම අලුතින් හදනවා. මේ හන්දි වල ස්ථිර ගොඩනැගිලි හදලා ඒවායේ හිමිකරුවන් විතරක් පසසේ මාරු කරනවා නම් හොදයි කියල මට හිතුනා. මොකද සමහර තැන්වල වැසිකිලි පහසුකම් එහෙම හරියට නැහැ. තිබුනත් පිරිසිදු නැහැ. ස්ථිරව හොද ගෘහ නිර්මාණශිල්පයකට අනුව පරිසරයට ගැලපෙන්න හදලා අවාරෙට වහාල වාරෙට ඇරියනම් පාරත් ඒ කඩත් ලස්සනට තියේයි කියල මට හිතුනා.

නඩ සහ සද්ද

දැන් ඉස්සර වගේ තුන් සරණ කියන අය නැහැ. ඒ වගේම පීකර් දාගෙන නගින අයත් නැහැ. සිරිපා මග දෙපැත්තේ සිගාකන්න බලාගෙන ඉන්න සෙට් නම් වෙනදා වගේම හිටියා. සිරිපාදේ කියන්නේ මූලික සිද්ධස්තානයක්. ඒ තැන යන පාර දෙපැත්තේ පිලිම තියාගෙන පන්සල් හදාගෙන මොන කෙහුරක් එයාල කරනවද කියලා මට හිතාගන්න බැහැ. කාගෙ කාගේත් බිස්නස් තමයි

අපේ නඩේ කවුරුත් සීත නිසා සහ කම්මැලි නිසා නෑවේ නැහැ. අලුතින්ම ගිය ඩබල මූණ කට හෝදගත්තා දෙහි ගාලා සීත ගගුල ගාවින්. ඉන් පස්සේ අපි නැවත නගින්න ගත්තා. කලින් වතාවේ ගිහින් හිටිය උදේශට මේ පාර ටිකක් විතර අප්සට වුනා. එයා ගොඩක් කාලෙකින් ඇවිදල කියල නැහැ නේ. කකුල අත පය ඇග හොර වෙලා ඇවිදින්න අමාරුයි.

උඩ ඉර සේවය

අපි මේ පාර දැක්ක වටිනම දෙයක් තමයි ඉර සේවය. එදා වලාකුලු නැති කදිම දවසක්. උදේ පහට විතර යාන්තම් එලිය වැටෙන්න ගත්තා. අපි ඒ එක්ක ඉක්මනටම ගිහින් සිරි පතුල ඩබල් එකේ වැදල ආවා. මොකද ඉර සේවය මිස් වෙයි කියන බයට. ඒ වැදල ඇවිත් හැටන් පාරේ බහින හරියේ ඉදගෙන ඉර සේවය බැලුවා. ඉර හීනියට ඇවිත් එකපාර ලොකු වෙනවා අවට එලිය වෙනවා. හරිම ගතියි ඒ සිද්දිය.

බැස්ම

මෙ ේපාර බහිනකොට මටත් ටිකක් අමාරු වුනා. මගදි සිරිපාදේ බහින පොඩි එකකුත් ටික දුරක් වඩාගෙන ආව නිසාද මන්දා කකුලේ දනිස්ස කේස් වුනා. ඒත් ඉතින් අමාරුවෙන් හරි බැස්සා. බැහැලා රතු අම්බලම ගාවට ඇවිත් වෙනදා වගේ ගෲප් පොටෝ එක ගත්තා. ඒ ගෲප් පොටේ ගැහුව නංගි ලස්සනයි. වටිනා කියන අයිපෝන් වස්තු නිසා ගෑල්ලමයිට දීල තමයි අපි පොටෝ ගහගත්තේ.

කාම්බෝජ නඩේ

කාම්බෝජෙන් ඇවිත් හිටියා එහේ හාමුදුරුවෝ සහ නඩයක්. ඒ උදවියට සල්ලි තියෙනවා කියල හිතුනා. එයාලගේ තරුණ හාමුදුරුවෝ නමකුත් දෝලාවෙන් බැස්සා. ඒ කියන්නේ හතර දෙනෙක් උස්සන් යන පෝර බෑග් එකක් වගේ එකක එයාල ආවා. ඒකෙත් ලේසි නෑ හැබැයි ගැස්සි ගැස්සි තමයි පහලට එන්න වෙන්නේ.

දන්සැල්

අපිට උඩදිම ඒ කියන්නේ ැඇහල කණුවටත් උඩදිද මන්දා හාමුදුරුවෝ දෙන දන්සැලක් සෙට් වුනා. පොල්සම්බලුයි පරිප්පුයි බතුයි. බත් චුට්ටයි. ඒත් ඒ තැන ඒ වෙලාවට ඒ ලැබුන කෑම එක දිවිය බෝජනයක් වගේ. අපේ ප්‍රියා වමනේ යයිය කියන බයේ නොකා හිටියා. මම එයයිටත් කෑම ටිකක් කන්න කියල කිව්වා. කෑම එක සරලයි ඒ තැනට කදිමයි. ඒ හාමුදුරුවන්ගේ කැපවීම නම් මැක්සා.

ඊට පසේස් දන්සැල සෙට් වුනා ජපන් සාම චෛථයය ගාව. එතන්ට වුනත් කෑඹ බීම ජාති මම හිතනනේ කරෙන් තමයි ගේන්න ඇත්තේ. කොහොම හරි එතන මහ විසාලෙට ඉව්වා. අපිත් පෝලිමේ ගිහින් කෑම බෙදාගෙන කෑවා. කාල ඉවර වෙද්දි ඊලග දවසේ දවල් 10-11ට වගේ.

නෑම

මකර තොරණ ගාව තියෙන වතුර බට ටිකෙන් මම කීප ගමනක්ම නාල තියෙනවා. දැන ්සිරිපාදේ යන උදවිය යන එනකොට නාන්න දක්වන කැමැත්ත අඩුයි. සමහර විට සීතල නිසා වෙන්න ඇති. ඒත් මම ඇරියේ නෑ. මම සහ ලක්ශාන් ඒ වතුර පාරේ බටවලට ඔලුව අල්ලලා නෑවා. අනෙක් අය නෑවේ නෑ. අපි වගේ ලක්ශණ කොල්ලෝ නාන දිහා බලාගෙන හිටියා.

බස් නැවතුමට

ඊට පස්සේ ගෙවල් වලට දොදොල් ගැනීමේ චාරිත්‍රය තිබුනා. පහලම බස් නැවතුමට ආසන්න තැනකින් මාත් බුන්දි දෙසිය පනහක් ගත්තා. දෙසිය පනහ නෙමෙයි කිලෝ ගනන් ගෙනිච්චිත් දෙන්න කට්ටිය ඉන්නවා. එඒත් ඉතින් මක්කටද මම කන්තෝරුවෙ කට්ටියට විතරක් බූන්දි ටිකක් ගත්තා. අනෙක් යාලුවොත් බූන්දි ගත්තා. දොදොල් ආදිය ගත්තා.

කොළඹට

මේ පාර එන ප්ලෑන ටිකක් විතර චොර වුනා. අපි එනකොට බස් එක පිරිලා හැටන් වලට යන.ඒ ගමන ඒකේ හිටගෙන ආවා කකුල් දෙක රිදෙනවා වුනත්. එක යාලුවෙක්ට නම් ටකික් අමාරු වෙලා සීට් එකක් හම්බුනා. ඉන් පස්සේ අපි හැටන් කෝචචි ස්ටේශන් එකට ඇවිත් කොළඹට එන්න ආවා.

අපි ගිය වීකෙන්ඩ් එකේ අර සිරිපාදෙන් පැනපු තරුණයා මැරිලා කියල කට්ටිය හිතාගෙන හිටියේ. ඒත් ඊට පස්සේ දවසක් දෙකක් ගියාහම පොර මරේ වත්තේ කොහෙන්ද හම්බෙල තිබුනා.














2 comments:

  1. https://sutikkaa.blogspot.com/2017/04/

    කියවලා බලලා, ඔය පාරෙනුත් යන්න....

    ReplyDelete
  2. නියම විස්තරයක්...

    ReplyDelete