Sunday, October 30, 2016

ටියුං කලාට පස්සෙ උසාවිය සද්දයි

මන්ද ලෙනින් පිටවෙලා ගියේ.. සමහර විට ස්ටාලින්ගේ වැඩක්ද දන්නෙත් නෑ..නැත්තං සිංහ සීවලීගේ අවුලක්ද දන්නෙත් නෑ.. හැබැයි ලෙනින් පිටවෙලා ඉවරයි.. දැන් ලෙනින්ට ලැජ්ජ හිතිල පොලවේ පස් කනවැති නේද? අනේ පවු ලෙනින්. ලෙනින් රත්නායකට දැන් මොනව හිතෙනවා ඇතිද? 
ගස් බෙනයක් 

වැරදි කාරයට හරි ලැජ්ජ ඇති.


අපරාධ රැසක් කරපු අපරාධ කරුවන් ඒවා ගැන පසුතැවෙනවා ඇති කියල අපිට හිතෙනවා.. ඒත් බොහොමයක් වෙලාවෙදි ඒක සත්‍යයක්ද? එහෙම පසුතැවෙනවාද? උසාවිය හෝ කිසියම් බල අධිකාරියක් වැරදිකායෙක් කියලා නියම කල පලියට යමෙක් තමුන්ගේ වරද පිලිගන්නේ නෑ. කොතර්ම වරද ඔප්පු වන්නට සාධක තිබුනත් ඒ කාරණාව සාධාරනීකරනය කරගන්නට වරදකරුට අපමණ සිතීමේ බලයක් තිබෙනවා.. ඔබ නිකමට ඔබ කරන ලද සුලු වැරදි කීපයක් ගැන සිතාබලන්න..ඔබට එවැනි දේවල්සොයාගන්නට අපහසුයි නේද? වරදක් සොයාගත්තත් ඔබට ඒවා කරන්නට බොහෝ හේතු සාධක තිබෙන්නට ඇති..

උසාවිය නිහඩයි බලනකොට මම දැක්කා ඒ දූෂණයට ලක් වුන කාන්තාවට ලොකු පස්සක් තිබුනා.. ඇය මවක් වුවත් හැඩ කාන්තාවක්.. ඇගේ නිවුන් සහෝදරියක් හිටියා කියල හිතමු ඒ සයිස්මයි පස්ස..ඒ වගේමයි සෙක්කි පෙනුම.. දැන් ඒ නිවුන් සහෝදරිය ෆිල්ම් එකක නවල් එකක වගේ පොඩි කාලෙම අතුරුදන් වෙලා.. ඒ නිවුන් සහෝදරිය සාමා කියල හිතමු... සාමා ලංකාවේ හොද පාසැලකට ගිහින් තිබුන නම්.. සාමා හොදට ඉගෙන ගෙන තිබුන නම්.. සාමා හොද පවුල් පසුබිමක් තිබෙන කෙනෙක් වුනා නම්..සාමා දේශපාලක පවුලකට සම්බන්ධ වුනානම්..සාමා කොළඹ හතේ ඉංගිරිසි කතාකරන පැලැන්තියේ වුනානම්..සාමා අපේ ගමේ ලොකු ඩෑල් එකකගේ දුවෙක් වුනානම්.. එහෙම වුනානං අහම වෙයිද? 

ඒ ජේඩුව අද ආවනම් අයිවන් සීට් එකේ ඉදියිද?


ඇත්තටම උසාවිය නිහඩයි එකේදි වික්ටර් අයිවන් සොයාගෙන එන කාන්තාවන් දෙදෙනාට නෑකම මිතුරු කමකට හෝ නිල බලයකට මොකුත්ම හයියක් නෑ. එයාල ලොකු ඉස්කෝල වල ඉගෙන ගෙන නැති නිසා ඒ යාලුවොත් නෑ.. එයාල හොදට උගත් කැම්පස් ගිහින් නැති නිසා සමාජේ ලොකු තැන්වල දන්න අදුරන කට්ටියත් නෑ.. එයාල හොද වලව් කාරයෝ පෙලපත් කාරයෝ පරම්පරා සල්ලි කාරයෝ නොවෙන නිසා ඒ මට්ටමේ සැලකිලිත් නෑ.. කොටින්ම නමගිය හොරෙක් වුනත් පස්සෙ කාලෙක චන්දෙ ඉල්ලලා බලේට පත්වුන නෑයෙක් වත් එයාලට නෑ.. මොකුත්ම දැන ඇදුනුම් කමක් ෂේප් එකක් දාගන්න විදියක් හෙල්ප් එකක් ගන්න ජැක් එකක් මෙයාලට නැහැ..

අද උනත් ඔය වගේ ජෝඩුවක ඒ නිවුස් එක වටින්නේ මීඩියා කාරයෙක්ට විතරයි..ඒකත් අයිවන් වගේ වෙනස් පැත්තක ලියන කෙනෙක්ට විතරයි..අනික් සාමාන්‍ය අය නෑකම මිතුරු කමකට හෝ බලයකට සම්බන්ධයක් නැත්තං ඔය වගේ කේස් එකක් කතාවක් විදියට චිත්‍රපටියක් විදියට බලනවා හැර කිසිම විදියකින් ඒකට මැදිහත් වෙන්න ආසා නැහැ..
කොන්ඩයක් 

සමාජේ ස්පෙශල් හැදි ගෑරුප්පු වැදුන තැන්


පහුගිය දවසේ අපි දැක්කා එක පාසැලක ලොක්කෝ දෙන්නෙක්ම ෆෝසස් වල ලොක්කො වෙලා..ඇත්තටම ඒ ඉස්කෝලේ මිලිටරි විද්‍යාව උගන්වනෝද? ඒ තරං පෝසස් ලොක්කො බිහි වෙන්න.. හැමෝම නොදන්නවා වගේ උන්නට ඔය ආනන්ද නාලන්දේ අයට ආමි එකේ ෆෝසස් වල උඩ පට්ටං ලැබෙන එක මහ දෙයක් නෙමෙයි එදා මෙදා තුර ඕක හැමදාම වගේ වුනා..

කැම්පස් වල ඇතැම් ෆැකල්ටි වල සීනියර්ස්ල දෙයියෝ වගේ සලකනවා...ඒක සම්ප්‍රදාය..අන් නිකං ගෝඩ් ෆාදර් ඒ විසයන් හොයගත්ත උන් වගේ තමයි ජූනියර්ස්ලට රගන්නේ..

දැන් අර්ජුන් බබා ගිහින් සිංගා.. රනිල් බබා කියනවා එයා මගුල්ගෙදරක ගියාලු..ජෙප්ස් බබාල ටික තටමල කෝප්ප බබා වැදුවා.. අනේ... දැන් බබා කෑ ගහනවා.. හරි සතුටුයි.. ඒත් වැඩක් යැ.. තව අවුරුදු දෙකකින් මේ පෝස්ට් එක සේව් කරල රිමයින්ඩ් කරල බලන්න ඔය අර්ජුන මහේන්ද්‍රන් ඕකට වැරදි කාරයා වෙන්නේත නෑ.. සල්ලි ආයෙ අයකරගන්නෙත් නෑ.. ඕක ඔහෝම යට යනවා.. 

අහ් දැන් තව සූට්ටයි මේ විදියට යා පාලනේට ආ...හ් !


ඒ අස්සේ රවිකුම්බා පැපොල් බෑයක් වගේ කට හදාගන මිනිස්සුන්ට කියනවා අහසින් වැටෙන එක බදු රුපියලක් වත් නිකරුනේ යන්න දෙන්න එපා ඔක්කෝම එකතුවෙලා බදු ගෙවන්න කියලා.. ඒ මදිවට ඇඩ් පවා දානවා බදු ගෙවන්න..තියෙන ඒව හොරකං කරල ඒ මදිවට බදු ගෙවල තවත් උපයලා දෙන්න..පිස්සුවක් ඇතෑ බං..

සිරිසේන ප්‍රත්‍රතුමාගේ නයිට් ක්ලබ් නාට්ටිය මොකෝ වුනේ..ඔන්න අපි වගේ ජෝං බයියෙක් පාරක් අයිනේ ඉදන් බීල පොල්ලක් වනනෝ දැක්කත් පොලිස් කාරයා දන්න කියන එකෙක් නොවුනොත් සහ අපි කිසිම වැඩකට නැති උන් කියල පොලිසියට හිතුනොත් අපි එදා රෑම ඇතුලේ.. ඒත් සිරිසේන පුත්‍රවහන්සේ දැනටත් යෙහෙන් මාලිගාවේ ඇති.

ඉදලාම මම ඔය කොළඹ සැර තැන්වල තියෙන වැඩ කිඩ වලට යනවා..හප්පා..වදින කඩු තොගේ.. අමු ගොබ්බ ඉන්දියන් කඩ්ඩටත් අන්ත සිංග්ලිෂ් කඩු කෑලි වදින්නේ ඒත්..උන් බැරියාව තිබුනත් ඉංගිරිසිම වනනවා.මොකෝ පැලැන්තිය වෙන් වෙන්නේ බාසාවෙන්..

තල් ගස් කීපයක් 

ෆේස්බුක් එක නං මල් වගේ..ඒක හරි ඉදිරිගාමියි..


දැන් මේ දන්න කියන රනිල් සිරිසේන අනුර වගේ යාලුවො විතරක් නෙමෙයි වැඩිය ජනප්‍රිය නැති ෆේස්බුක් රැඩිකල් කැරැක්ටර ගමු..උන් කොහොමද ලයින් එක...ඔන්න එකෙක් පෝස්ට් එකක් ගහනවා ..ඒකේ එකේකා ගිහින් ඇට අතගානවා..වටෙන්.. ඒකෙන් ඌ ව්‍යංගයෙන් කියන්නේ මොකද්ද ඊලගට මං එක්ක දැම්මහම උඹ ඇවිත් පුක අතගාපන් කියන එක නෙව.. ඉතිං ඒ විදියට සෙට් වෙලා පිටස්තර උන්ගේ මත සතපහකට ගනන් ගන්නේ නැති ෆේස්බුක් මතවාදී දෙයිවරු ටිකකුත් ඉන්නවා..උන් ඇකඩමික්ස් හෝ මොකක් හරි ගැට්ටක් උඩ උන් උන්ම කොමෙන්ට් දාගෙන උන් උන්ම පෝස්ට් ගහගෙන සැර ආතල් එක්ක ගන්නවා.. වෙන එකෙක් අරින්න ආවොත්.. හරියට සැඩොල් බුවෙක් රජ මාලිගාවට ආව වගේ දත් විලිස්සාගෙන කඩු කිනිසි අරගන ගිහින් එලෝ එලෝ ගහනවා..

එංගලන්තෙ ඇමරිකාවේ ගත්තත් ටික්ක ගැට්ට කියන එක තියෙනවා.ඒත් රටක් විදියට ඉස්සරහට යන්නම බැරි තරමට අපි මේ ගැට්ට එහෙම නැත්තං ෆිට් එක අස්සේ හිරවෙලා.. දියුනු රටකදි නෑකම මිතුරු කමකට නිල බලයකට සීමාවන් තියෙනවා..ඒවායින් කරන්න පුලුව්න දේවල් මෙහේ වගේ අසිමිත නෑ.. ලොකු පුතා වැඩිම ලකුණු ගත්ත නීතීඥ, දෙවනි පුතා නේවි එකේ දක්ෂම නිළධාරියා, තුන ලංකාවෙන් බිහිවුන හොදම අජටාකාශගාමියා.. දැන් අය කියල ලොකු වෙනසක් නෑ..ඒ්ත දියුනු රටවලදි මෙහෙම මෝඩ ආතල් අඩුයි කියලයි මම අහල තියෙන්නේ.. 
බෑවුමක් ,දනිස්සක් 

ලොකුම අවුල උස අනුව සිකුරුටි කම්කරු තෝරපු එක


සජියා උස වැඩි උන් සිකුරිටි මිටි ඩෑල් කම්කරු කියද්දි සැර ආතල් එක්ක තිබුනා..ඒත් එක අතකින් සිකුරිටි කම්කරු කියන්නේ පහල රස්සාවල්.. ඒ වගේ පහල තනතුරුවලට නියමිත රාජකාරියක් පැහැදිලිවම තියෙනවා.. ඒ තනතුරුවලට කෙලිම්ම දේසපාලන ජැක් වලින් දැම්මා කියල මහ ලොකු අවුලක් වෙන්නේ නෑ.. කොටින්ම කොරියාවේ යවද්දි දේසපාලන ජැක් වලින් කොරියාවේ ගියා කියල කොරියාවට ඒක ගානක් වත් නෑ..මොකද යවන්නේ කම්කරු නෙව..

ඉහල තීරණ ගන්න තැන්වලට.. සැලසුම් හදන තැන්වලට.. වැදගත් මර්මස්ථාන වලට හුදෙක් හිතවත්කම නෑදෑකම..ස්කෝලෙ පිට් එක, යාලු පිට් එක, වගේ ලැදියාවන් අනුව නුසුදුසු අය පත් කොරාම මෙකෝ වෙන්නේ... ඒ වෙන දේ තමයි අපේ රටට මේ වෙලා තියෙන්නේ.. ඇතැම් ආයතන ලොක්කෝ දිහා අහ බැලුවම තේරෙනවා මූ ඇවිල්ල අමු කබ්බා කියලා..ඒත් අරයාගේ මෙයා නේ.. ඒ නිසා තියං ඉන්නවා.

ඉතිං අද මේ ගත වෙන වෙලාවෙත් ලෙනින් රත්නායකලගේ අත් වලට අහුවෙලා මිනිස්සු කොළම ඇවිත් කන්තෝරු ගානේ රස්තියාදු වෙනවා ඇති..නමුත් එයාල අපේ කාරුවත් නෙමෙයි..අපිට ගානක් වත් නෑ.. සමහර විට ලෙනින් අපේ ෆේස්බුක් යාලුවෙක් වෙන්න පුලුවන්..ලෙනින් අපේ ස්කෝලේ කෙනෙක් වෙන්න පුලුවන්..ලෙනින් මට බොනකොට සෙට් වෙලා තියෙන්නෙ පුලුවන්..ඇරත් ලෙනින්ගේ වයිෆ් මගේ වයිෆ්ගේ ඔපිස් යාලුවෙක් වෙන්න පුලුවන්..ඒත් කීයටවත් අර ලෙනින්ගේ අත් වලට අහුවෙලා තැලුන මිනිස්සු මගේ යාලුවො වෙන්න බෑ.. මගේ හිතවතුන් වෙන්න බෑ..

අවසානේ මොකක් හරි සම්බන්ධ කමක් උඩ අපි ලෙනින්ව ගොඩදාන්න යනවා.. අර පීඩිතයා මේ සිද්ධියේ වුනා වගේම ඈතට විසික් වෙලා පස්සෙ කාලෙක ෆිල්ම් එකකට නවල් එකකට ස්ටෝරියක් සපයාවි..

Saturday, October 29, 2016

සුද්දෝ මෙට්‍රො එකක් වත් හදල ගියේ නෑනේ

මොන වුනත් බං සුද්ද අපිට පාරවල් හදල රටට හරිහමං ආර්ථික ක්‍රමයක් හදල අපේ තිබුන නීතියක්නැති රට නීති රාමුවකට යට කරල.. මේක රටක් බවට පත් කරා බං.. 

මං එහෙම කතාවක් කිව්වා චැට් එකක..එතකොට යාලුවෙක් ඒකට රිප්ලය් විදියට.. ඒ මොක කලෙත් අපිට ආදරේට නෙමෙයි..උන්ට සූරාකන්න..සූරාකන්න පහසුවෙන්න තමයි එහෙම කලේ.. 

මම : ඒ වුනාට මචං අපිට මුලින්ම පාරවල් හැදුනේඇතුලේ කැරැලි ඇතිවුනාම බීච් සයිඩ් එකෙන් ඇතුලට සේනාව ගේන්න අමාරු නිසා.. ඉස්සර පාරවල් නැති කාලේ සේනාව එනකොට බාගයක් මැරිලමැෙල්රියා වලට..ඉතුරු ටිකට ක්ලයිමේට් අවුල්.. ඉතිං ඒ නිසා සුද්ද පාරවල් හදපු එකේ එක අරමුණක්  ඒක.. 

යාලුවා.. : ආන්න ආන්න..බලහං..ඒකෙනුත් පේන්නේ..අපේ ජාතික සටන් සහ දේශීය විප්ලවකාරීන් මර්ධනය කරන්න ආයුධයක් විදියට තමයි උන් පාරවල් පාවිච්චි කලේ..කිසිසේත්ම අපේ හොදකට නෙමෙයි.. 

ඉතිං යාලුව කිවවේ ඇත්ත..සුද්දඇවිත් අපිව සූරාකන්න හැන්දක් පාවිච්චි කරනවා වගේ වැඩකට තමයි අපිට ඔය පාරවල් වගාවල් ඔක්කොම දුන්නේ. ඒ ම නැතුව අපිට ආදරේට නෙමෙයි.. 

පැපුවා නිව්ගිනියා, සුමාත්‍රා වගේ කාලයක් වෙනත් ජාතිකයින්ගේ යටත් විජිත විදියට පැවතුනු පලාත් දිහා බැලුවාම අපිට පුදුමත් හිතෙනවා.. ඉන්දුනිසියාවේ සුමාත්‍රා කියන්නේ අපිටත් වැඩිය ලොකු දූපතක්.. මේ සුමාත්‍රා වල හරිහමන් පාරක් නැහැ.. කොනේම තියෙන බන්ඩා අචේ හෙවත් කුප්‍රකට අචේ වල ඉදන් අනික් පැත්තට ඒ කිව්වේ දූපතෙන් පහලට මැලේසියා කෙළවරේ මෙඩන් දිහාට යන්න තියේනේන එකම එක පාරක් විතරයි.. ඒකත් ඇවිල්ල ඒ තරම්ම හොද පාරක් නෙමෙයි.. මුලු දූපතේම එක් දිශාවකින් පමණයි ගමනාගමනය කරන්න පුලුවන්..අනික් පැතිවලින් ගමනාගමනය පට්ටම දුෂ්කරයි.. 

සරලව හිතුවොත් ලංකාවේ යාපනෙන් කිලිනොච්චියට, මරන්නාරමට, මුලතිව් පැත්තට විහිදෙන මාර්ග තුනක් තිබෙනවා.. පහල දෙවිනුවර තුඩුව සැලකුවත් රට තුලට යන්න මාතරින් ප්‍රධාන පාරවල් ගනනාවක් තිබෙනවා.. නමුත් සුමාත්‍රා වල එහෙම නෑ..උඩ ඉදං යටට එනෝ නම් එකම පැත්තකින් එක ප්‍රධාන පාරයි තියෙන්නේ..
සුමාත්‍රා දූපත 443,066 sq km තරම් විශාලත්වයකින් යුක්තයි. ලංකාව 65,610 sq km ඒ අනුව ඔබට පෙනී යනවා ඇති ලංකාව වගේ සත් ගුණයක් විශාල වුවත් සුමාත්‍රා දූපතේ පාරවල් නැති නිසා ඒ දූපතේ ඈත ගම්මාන වල ජනතාව මොන තරම් ආතල් එක්ක විදිනවාද කියන එක. සුද්දා ඇවිල්ල හූරගෙන කන්න මේකම තෝරගත්ත එක කොච්චර දෙයක්ද? කියල කියාවි සුමාත්‍රා මිනිස්සු මෙහෙ ආවනම්..

පරණ ට්‍රෑම්ප් පීලියටින්.. මතුවේ


අද කොළඹ කොටුවේ පාරක් දාගෙන හාරනවා බොහෝවිට අධිසැර විදුලි කේබලයක් එලන්නටවෙන්න ඕනි.. විශාල ඩොසරයකින් කඩන්න හදනවා හදනවා විශාල කොන්ක්‍රිට් තට්ටුවක් නිසා යටට වදින්නේම නෑ.. අවසානේ අමාරුවෙන් මැෂින් දමලා මහන්සි වෙලා කැඩුවා.. කැඩුවම තියෙන්ෙන් රේල් පීලි.. 

පේනෝ ඇති මේ හාරන්නේ පාර මැද හරිය.. කොළඹ කොටුවේ පාර මැදින්ම මොකද මේ රේල් පීලි.. රාජසිංහ රජතුමා පෘතුගිසින්ට ගහන්න කෝච්චියෙන් වත් ආවද? නැත්තං පෘතුගිසි කාලේ කානිවල් එකක රේල්පාරක්ද මේ.. නෑ නෑ.. මේ ඇවිල්ල සුද්දනගේ කාලේ ට්‍රෑම්ප් කාර් ගිය පාර.. 


මෙ ්තියෙන්නේ පොලවට අඩියක් විතර පහලින් ඉතාම තද කරපු කොන්ක්‍රිට් තට්ටුවක් උඩ පිහිටුවා තිබුන රේල් පීලි..මේවා ගලවන්න අපමණ වෙහෙසක් ගන්න වුනා වැඩකරන අයට.. 

අද නිවාඩු දවසක් නිසා වැඩිමනක් සෙනග නෑ පාරවල් වල..ඒකනිසා වැඩකරන අයට ලොකු අපහසුවක් වුනේ නෑ වැඩ කරන් යන්න.. දැනට කොළඹ තියෙන ට්‍රැෆික් වලට විසදුම මොකද්ද? අපේ අය රිපෝට් ගහනවා කතා පවත්වනවා..කරන්න ඕනි කියල පත්තර වල ලියුම් දානවා..එහේ මෙහේ ගිහින් සිරි නරඹල එනවා..ඒත් වැඩේ තාම එතනමයි.. මොකුත්ම නෑ..අවුට්පුට් එකක්. කස්ටියක් ලයිට් රේල් යෝජනා කරල තිබුනා.. ඒත් ඒකත් මදි කියල තමයි මට හිතෙන්නේ.. 

ට්‍රෑම්ප් කියන්නේ මොකද්ද 

සුද්දගේ කාලේ කොළඹ තිබුන ප්‍රවාහන මාධ්‍යයක් තමයි ට්‍රෑම්ප් කාර් කියන්නේ. පොඩි වෑන් එකක් වගේ එකක් ඉතාම හිමින් ඉදිරියට ඇදෙනවාලු.. ඒ කාලේ නගරය තුල ප්‍රවාහනයට තිබිල තියේනේන් ට්‍රෑම්ප් කාර්.. 

ට්‍රෑම්ප් කාර් වල වේගය අඩුයි.. පස්සෙ කාලේ ඒ නිසා ට්‍රෑම්ප් කාර් පාර උඩින් ම තාර දාල පාර හදන්න ඇති.. දැන් ඉතිං හාරනවිට පරණ පිලි මතු වෙනවා.. විචාරක මහත්මයා වරක් කියපු විදියට එතුමා මේ ට්‍රෑම්ප් දැකල තියෙනවා..ඉතාම සෙමෙන් ගිහිපු නිසා වර්ථමානයට ඒක ගැලපෙන්නේ නැහැ කියලයි එතුමා කිව්වේ.

සුද්දට මෙට්‍රො එකකුත් හදල යන්න තිබුනේ..

අපිව හූරගෙන කන්න ඌමනාවට හැමදේම කරපු සුද්දට මෙට්‍රො එකක් හදල යන්න බැරිවුනා.. සුද්දා මෙහෙන් යන කාලේ වෙද්දිත් ලන්ඩන් මොස්කව් මෙට්‍රො පොලව යටින් ගියා.. පොලව යට හාරපු උමන් අස්සෙන් නගරවල කෝච්චි ධාවනය කලා..වර්ථමාන පවර් සෙට් කෝච්චි  වාගේ  වුන ඒවයින් නගරබද මිනිස්සු ගමන් පහසුව සලසගත්තා.. එතොකට නගරය උඩ පාරවල් වල බස් කාර් වෑන් ආදී ඒව යද්දී පොලව යටින් ප්‍රධාන නාගරික ස්ථානවලට දුම්රිය ධාවනය වුනා..

සුද්දා අපේ මුතුන් මිත්තන්ගේ ඔක්කෝම වස්තුව දේපල කොල්ල කාගෙන අපේ ජාතික උරුමෙ විනාස කරගෙන යද්දි උන්ට අපිට මෙට්‍රො එකක් වත් හදල යන්න තිබුනා..එහෙම වුනානං කොටුවේ ඉදලා රාජගිරියට ගිහින් එන්න සාමාන්‍ය කාර්යාල වේලාවක අපිට පැය දෙක තුනක් යන එකක් නෑ..  

අපි කැළණිවැලි පාර මදකට සලකමු..පාන්දර 6 සිට 0830 දක්වා මහරගම සිට කොටුවට පෙට්ටි 6ක විතර කුඩු දුම්රියන්  8ක් ධාවනය වනවා.. මේ දුම්රිය 8ම හොදටම පිරිලා යන්නේ.. ඒ දුම්රියට පුරුදු නැති කෙනෙක්ට ඇත්තටම ඒකේ යන්න අමාරු ඒ තරං සෙනග ඒ කැළණිවැලි දුම්රියවල.. ඒත් මහරගම සිට කොටුවට ඒ වෙලාවට විනාඩි 40කින් එන්න තියෙන එකම ක්‍රමය ඒක..ඒ නිසා මිනිස්සු අමාරුවෙන් එනවා.. ඒ දුම්රිය එන්නේ සෙමෙන්.. පාර හොදට හැදුවොත් ඔය දුර විනාඩි 20කින් 30කින් එන්න පුලුවන්.. ආන්න ඒ වගේ කෝච්චි සිස්ටම් එකක් උඩින් යටින් හෝ කෝමහරි කොළඹ ඇතිවෙල තිබුන නම්....අපිට කාර් එකෙන් තැනකින් තැනකට යන්න බැරි වුනත් කෝච්චියෙ ඉක්මනින්ම යතෑකි වෙනවා.. 

නමුත් සුද්දා අපිට එහෙම කොළඹ ඇතුලත නගරබද රේල්වේ එකක් දායාද කරල ගියේ නෑ.. ඒක සුද්දා අපිට කරපු වස වැරැද්දක්..උගේ කසිකබල් ට්‍රෑම්ප් කාර් ටිකක් තමයි දාලගියේ ඒ මලදානේ වැඩකට ඇති දෙයක් නෙමෙයි..වේගෙත් මදි වුනා නේ..

රණවක සාදු එහෙම හිටපු ගමන් තටමනවා ඇහෙනවා කොළඹ ට්‍රාන්ස්පෝට් ප්ලෑන් එකක් ගැන මෙගාපොලිස් ගැන කතාන්දර කිය කිය.. අනේ හැමනියං රණවක..සුද්දට බැන බැන තොපි අඩුතරමේ මහරගම කොටුව යන කැළණිවැලි පාරේ සිග්නලින් සිස්ටම් එකවත් අලුතින් දාන්න හිතුවද? නෑනේ. අලුතින් පාරවල් හදන්න තියා දැනට කොළඹ ප්‍රධානම පොට් ටිකක් වෙන බොරැල්ල, මරදාන, නාරහේන්පිට, නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව යාකරන රේල් පාරවත් හරියට නවීකරණය කරගන්න බැරුව රණවකලා අපිට මෙගාපොලිස් චිත්‍රපටි පෙන්වනවා.. 

ප: ලි..
මෙහි ට්‍රෑම්ප් ලෙස ඇති යෙදුම වැරදියි. එය ට්‍රෑම් කාර් ලෙස නිවැරදි විය යුතුයි.
 මේ තියෙන්නේ කොළඹ ඒ කාලේ ගිහිපු ට්‍රෑම් කාර්.. මේවා විදුලි බලයෙන් තමයි වැඩ කරන්නේ.. ආමර් වීදිය තොටලග මරදාන බොරැල්ල කොටුව පැති දක්වා මේ ට්‍රෑම් කාර් සේවාව පැවතිලා තියෙනවා.  පහල තියෙන්නේ වෙන රටක ක්‍රියාත්මක ට්‍රෑම් කාර් රථයක්. දැන් කොළඹ ට්‍රෑම් කාර් නැහැ.. ඒ පාරවල් පොලව යට තියෙනවා..

Friday, October 28, 2016

මරේ වත්තේ හෝටලේ සිරිපාදේට

මරේ වත්ත කියන්නේ නල්ලතන්නියෙන් සිරිපාදේ යද්දි මාවුස්සාකැලේ ජලාශය පහුවුනාට පස්සේ තියෙන තේ වත්ත.. මේ තේ වත්තේ තියෙන ෆිෂින් හට් කියන ලස්සන නවාතැනට තියෙන්නේ මරේ වත්තේ කෙළවරේ. මේ මරේ වත්ත කෙළවරේ සිට සිරිපාදයට තියෙන්නේ පොඩි දුරක්.. පොඩි කිව්වේ කිලෝමීටර 5ක වගේ දුරක්..
මරේ වත්තමේ පිංතුරය අනුවශ්‍රී පාද රක්ෂිතභූමිය ඝන කොල පාටිනුත් දුඹුරු සහලා කොල පාටින් මරේ වත්තත් ඔබට පැහැදිලිවම පෙනී යනු ඇත. 


මේ සිතියම අනුව නල්ලතන්නිය හැටන් පාරේ ඉදලා ‍ෆිෂින් හට් වලට කිලෝමීටර 8කට වඩා තිබෙනවා. ඒ කිව්වේ සිරිපාදේ යන නල්ලතන්නි පාරේ ඉදලා මරේ වත්ත කෙලවරට කිලෝමීටර 8-9ක් තියෙනවා. ඒ වගේම ගූගල් සිතියමේ නිකමට වර්ගඵලය මැනලා බැලුවොත් පෘෂ්ඨ වර්ගඵලය වර්ග කිලෝමීටර 5ක් ඒ කිව්වේ අක්කර 1200ක් වගේ භූමියක් මරේ වත්තට අයිති වෙනවා කියල පේනවා. එක් පසෙකින් මාවුස්සාකැලේ පෝෂක රක්ෂිතය අනික් පසින් මැප් එක අනුව සිරිපාද හා සමනල අඩවි රක්ෂිත තිබෙනවා .මේ දෙකට මායිම් ප්‍රදේශය විශාල එකක්.. කදු සහිත වටපිටාවකදී අහසින් බලන වර්ගඵලය වැඩිවෙනවාද අඩුවෙනවාද කියල මට නිච්චියක් නෑ..ඒත් කොහොම වෙතත් මරේ වත්ත කියන්නේ අඩු තරමේ අක්කර 1000ක් වත් තිබෙන වත්තක්.



මරේ වත්තේ තේ වගා කරල තිබුනත් ෆිෂින් හට් හරියේ එයාලම කොටසක් පරිසරය වෙනුවෙන් ඉතිරි කරගෙන තියෙනවා.. ඇතැම් විට ඒ කොටස දැන් එක්තරා රක්ෂිතයකට අයිති වෙනවා ඇති. නමුත් එකල සුද්දාගේ කාලේ පටන්ම මේ වනාන්තර කොටස වත්ත අයිති අයම වෙනම වෙන් කොට තිබිල තියෙනවා.. මේ වනාන්තරය තුල අලංකාර දිය ඇල්ලක් වගේම..දොල මතින් දිය ඇල්ලට ඇදෙන බොහොම කුල්මත් වූ චාරිකාවක්ද මා විදගෙන තිබෙනවා.


හම්බකොප්ටරය බාල තියෙන්නේ කොහේද? 


මම දැක්ක පිංතුර අනුව හම්බයින් හෙවත් අරාබි ජාතිකයින් බැහැල තිබුන හෙලික‍ොට්ටරුව බාල තිබුනේ මරේ වත්තේ තේ වගා කරන ලද භූමියකට.. තේ වත්ත මරේ වත්ත. එතන සිරිපාද අඩවිය නෙමෙයි.. අක්කර 1000ක විතර තේ වත්තේ ඇත්තටම ඔය හෙලිය බාල තියේනනේ කොහේද? ඒ වගේම හෝටලය හදන්නේ කොතනද කියලා තවමත් හරිහමන් තොරතුරක් නෑ..


මොකද්ද හදන්න යන්නේ.. 

මේ දිනවල තේ වගාවේ නිශ්පාදන වියදම ලැබෙන ආදායමට වඩා වැඩියි. තේ වගාව කියන එක යන්නේ  ‍හොද දිශාවකට නෙමෙයි. ඒ නිසාම දෝ හෝ මේ මනරම් භූමි භාගයකට හිමිකම් කියන මරේ වත්තත් හෝටලයක් වෙනුවෙන් විකිනීමට තීරණය වන්නට ඇති.. තේ වගාවක් තියෙන භූමියක් කොහොමටව්ත රක්ෂිතයක් නෙමෙයි... රක්ෂිත වල වගා කරන්නට බැහැ.. මරේ වත්තේ තියෙන අක්කර සිය ගානකින් අක්කර 80ක් තමයි මේ අරාබි ජාතික සමාගමකට  විකුනලා තියෙන්නේගොසිප් වලට අනුව..


හෝටලය හැදුවොත් රක්ෂිතයට මොකද වෙන්නේ.. 

උස කදුකරයේ තේ වැවීම තමයි කදුකර පරිසරයට ලංකාවේදී එල්ල වුනු විශාලතම පහර.. මේ තේ වගාව හේතුවෙන් අක්කර දස දහස් ගානක් වනාන්තරය තේ වගාව වෙනුවෙන් එලි වුනා.. ඒ මීට අවුරුදු සිය ගානකට කලින්.. දැන් හෝටල් කියන්නේ මේ කාලයේ ආර්ථික උපාය මාර්ගය. එහි හොදක් තිබෙනවා කියල කියන්නට අමාරුයි නමුත්..තේ සුද්දා හදුන්වා දුන්නයින් පස්සේ මෑතක් වනතුරු ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය තේ..

දැන් තේ වගාවෙනුත් පස්සේ වැලිමඩ.. බණ්ඩාරවෙල බදුල්ල පැත්තේ ඇතිවෙල තියෙන තත්වය මොකද්ද? මිනිස්සු තේ වලට වඩා එලවලු වලින් ලාබ ගන්න පෙලඹිලා..කුඩා කුඩා පාත්ති හැම තැනකම.. පස ජල වහනය හා ස්වාභාවික පරිසරය ගැන මෙලෝම වගක් නැතුව හැම තැනම ඕනෑම බෑවුමක එලෝලු වවනවා.. මුලින් තේ වගාවන් වලදී ඇතැම් විට කදු වල ඉහලම කොටස් ඉතිරි කිරීම,නිසි පරිදි කානු සහ ජල මාර්ග තැබීම ආදී කදුකර පරිසරයකදී තිබිය යුතු මූලික ක්‍රමවේදයන් ගැන සැලකිලිමත් වුනා.. ඒත් දැන් කුඩා එලවලු වගාකරුවන් ගැන වගේ වගක් නැතුව  කදුකරය පුරා හිතුන හිතුනු විදියට ගෙවල් හදනවා..වවනවා..

මේ ආකාරයේ දැන් මේ වැලිමඩ දිහාවේ පාර දෙපැත්තේ තියෙන එලවලු වගාවල අක්‍රමවත් බව දැක්කාම හිතෙන දෙයක් තමයි එක අතකින් තේ තිබුනනම් මීට හොදයි කියන එක..

ජනගහනය වැඩි වෙනකොට ඒ කදුකර අය දල බෑවුම් පවා සකස් කොට වගා  කරනවා. ගෙවල් හදනවා.. අපේ රට වගේ දුප්පත් රටකදි මිනිස්සු වගේම දේශපාලකයිනුත් දැක්ම අතින් දුප්පත්.. ඔවුන්ට යන හුළගට ගසාගෙන ගොස් යමක් කමක් කරගන්නවා මිසක ලොකු දැක්මක් නෑ..ඉතිං කදුකරයේ නගර ටිකවත් සැලසුම් සහගතව හදලා ක්‍රමවත්ව ජලවහන පද්ධති සකස් කරන්න ඕනි ..කියල ලියන්න පුලුවනි.. නමුත් කවදා වෙන දේවල්ද ඔව්වා..


සංචාරක හෝටල කියන්‍ේන පරිසරේ කන්නම ආපු දෙයක්ද? 

සංචාරක හෝටල කියද්දි කලකට පෙර තිබුන සංචාරක කර්මාන්තය සහ වර්ථමානය මදක් වෙනස්.. කලකට පෙර සුද්දෝ අැවිල්ල අලින්ගේ පිටේ ගිහින්..අලි එක්ක සෙල්පි ගහලා.. වන සතුන් එක්ක මුහු වෙලා ගෙනියපු ඒ සංචාරක කර්මාන්තයට දැන්  දැන් සුද්දෝ කැමති නෑ.. පින්නවල ගැන ට්‍රිප් ඇඩ්වයිසර් සයිට් එකේ තියෙන රිවිව්ස් කියෙව්ව නම් පින්නවල අපිට තියෙන ලස්සන සුද්දන්ට පේන්නේ නෑ කියල සෝක් එකට පේනවා..

දැන් කාලෙ තියෙන සංචාරක රැල්ල තමයි පරිසරයට වැඩිමනක් හිරිහැර නොකර පරිසරයේම ජීවත් වෙමින් අවම කරදරයක් කර පරිසරය විදීම සහ බැලීම.. ඒ අනුව සංචාරක හෝටල හැදීම සහ ඒවා සැලසුම් කිරිමේදී පරිසරය සමග බද්ධ වන අාකාරයට පරිසරයේම‍ කොටසක් ලෙස හැගෙන ආකාරයට ඒවා සැලසුම ්කරන්නත් ඉදිකරන්නත් සංචාරක ව්‍යාපාරිකයින් පෙළඹෙනවා.. සුවිසාල තරු පන්ති හෝටලයක් වගේ නම් අවට පරිසරය ගැන බොහෝිවට ඔවුන් විශේෂයෙන් සැලකිලිම්ත වේවි..

සංචාරකයෙක් හැටන් මස්කෙළිය වගේ දුර පැත්තකට ගිහින්.. පාරවල් වල වෙහෙසකර ගමනකින් පස්සේ ඒ සංචාරකයාගේ අරමුණ වන්නේම කදුකර පරිසරය විදීම.. එහෙම නැතුව කොළඹ තියෙන කැරොකේ, නයිට් ක්ලබ්, වගේ නයිට් ලයිෆ් එකක් වැඩියම ඔ්‍ය වගේ ඈත පලාතකදි වැඩිය මාකට් නෑ.. ඉතිං ඒ වගේ අරමුණකින් හොට්ලයක් හදනවිට බොහෝවිට ඔවුන් ඒ පරිසරය ගැන විශේෂයෙන් සැලකිලිමත් වේවි.


හම්බයෝ ගේන හැමදේම එපාද ? 

මුස්ලිම් කිව්වාට මුලු ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සු එක වගේ නෙමෙයි... ආකල්ප සමාජ මට්ටම ආදිය ‍විවිධ ජාතිකයින් අතර වෙනස්.. සැබැවින්ම ආවේ අරාබි ජාතිකයින් නම් ඔවුන් මේ අපේ ගමේ ඉන්න සයිබු නානා වගේ නෙමෙයි.. ඊට වඩා වෙනස්..

අරාබියේ තෙල් නිසාම කප් ගහල උන්නට මුස්ලිම් අය අතරේ බුද්ධිමතුන් නිර්මාණ ශිල්පින් අඩුයි.. ඔවුන් සියලුම නිර්මාන කටයුතු කරගන්නේ බටහිර රටවල ශිල්පීන්ගෙන්..ඒවා නිමකරන්න දායක වෙන්නේ ලංකාව ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය සහ අප්‍රිකාවේ සිට ආපු වෘත්තිකයින් සහ කම්කරුවන්.. අරාබි කාරයින්ව තම්බලා හොදම මස් කෑළි ටික යුරෝපයේ ඇමරිකාවේ ඉන්න බුවාල ටික ගද්දි කටු ටිකක් ලැබෙනවා අපි වගේ දුප්පත් රටවලට..

එක හෝටලයක් ලොකුවට හැදෙනවා කියන්නේ, ඔය වගේ කදුකර පලාතක ඉන් පස්සේ අර ඇල්ල වගේ හෝටල සහ සංචාරක කර්මාන්තය හොදින් ව්‍යාප්ත වෙලා යාවි.. ඉන් පස්සේ කාලෙකදි තේ වගාවට වඩා සංචාරකයින් හරහා ලොකු මුදලක් උපයාගන්න ඒ පැත්තේ ජනතාවට ඉඩකට ලැබේවි..


නීති මොකුත්ම නැතුව හම්බයින්ට රගන්න දෙන්න.. 

ගොඩනැගිල්ලක් හදනකොට අපි කාට වුනත් අදාල භූමිය පිහිටි තැනට බලපවත්වන නීති රීති වලට සහ ආයතන වලට යටත් වන්නට සිදු වෙනවා.. මරේ වත්තේ හෝටලයක් හැදුවත් එහෙමම තමයි.. පරිසර වාර්ථා, ඉදිකිරීම ්වාර්ථා, සැලසුම ආදිය නිකංම නිකං පාස් වෙන්නේ නෑ...ඒවා නිකං පාස් වෙනවනම් ඒකෙ වැරැද්දත් අරාබි අයගේ නෙමෙයි අපේම අයගේ..

ඉඩම් විකුනල තියෙන්නේ මරේ වත්තෙන්..ඒක තේ වත්තක්.. මාවුස්සාකැලේට සහ සිරිපාදේ කියන දෙකටම මේ මරේ වත්තේ මැද සිට කිලෝමීටර 5-6කට වඩා දුරක් තිබෙනවා.. තේ වත්තක හදන්න යන ඉදිකිරීමකට පරිසරය විනාස වෙනවා කියල පැමිණිලි කරන්න නම් අඩුම තරමේ හදන තැන සහ ඉදිකිරීමේ සැලසුම වත් අපි සතුව තිබෙන්නට ඕනි.. ඒ මොකුත් නැතුව හෙලිකොප්ටරයක් බාලා අරාබි ජාතිකයින් දෙතෙුන් දෙනෙක් බැස්ස පලියට කෑ ගහගෙන දුවන මේ පිරිස දැක්කම තල් අත්තට බෙලි ගෙඩිය වැටුන වෙලේ දිව්ව හාවා මතක් වීම හැර වෙන කිසිවක් කියන්න ඉතිරි වෙලා නෑ.. 

මනරම් කදුකරයේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම් වූ...ලස්සන පරිසරයක හෝටලයක්..දිය ඇලි, ලස්සන දොලපාරවල් සතා සීපාවා අතලගම.... ඕක  හැදුනොත්.. මට කාමරයක් ගන්න හැකි වුනොත්.. මමත් අනිවාර්යෙන් ඕකේ එක දවසක් හරි ඉන්න බලාපොරොත්තු වෙනවා.

Wednesday, October 26, 2016

පොතුවිල් සිට අම්පාරට

පොතුවිල් පාලමේ සිට ඉදිරිය බැලූවිට පේන දර්ශනය තමයි මේ..අපි නැවතිලා උන්නේ අරුගම්‍ේබ් වල. බුකින් වලින් කබානා එකක් බුක් කලා..අරුගමබේ බීච් එකට පොඩ්ඩක් විතර දුර වුනත් තැන ඩොලර් 10ට පට්ටම ලාබයි...අම්පාරට එන්නයි අපි පිටත් වුනේ..ඒ අතර තිබෙන පාරවල් බොහොම පැහැදිලියි. වාහන අඩුයි.. ගමනාගමනය ලේසියි..එලවන්නත් පහසුයි.. 
පොතුවිල් ඉදලා මුහුදු මහා විහාරයට එන අතරමැද මිනිස්සු පිරිසක් දැලක් අදිනවා දැක්කා.. මා දැල් මේ විදියට අදින එක සමුද්‍ර ජීවින්ට නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි..කොරල් සහ තිබෙන සියලුම ජීවින් ටික දැලට ඇදිලා එනවා මා දැල් අදින කොට..ඒත් ඉතිං මිනිස්සුන්ගේ ජිවිකාව නිසා ඒ අයට ලොකු වැටහීමක් පරිසරය ගැන නැතුව ඇති. 
මුහුදු මහා විහාරය තිබෙන්නෙත් පොතුවිල් වල..පොතුවිල් වල මුහුදු මහා විහාරය වර්ථමාන සහ ඓතිහාසික ආගමික වැදගත්කමකින් යුතු ස්ථානයක්. මේ තැන පැරණි නටඹුන් රැසක් හමු වෙනවා. මෙම ස්ථානය සහ අවට ඇති සෑම කදු මුදුනකම පාහේ විහාර ආරාම වල පැරණි නටඹුන් ආදිය හමු වී තිබෙනවා. 
ඉපැරණි යුගයකට අයිති යැයි සැලකිය හැකි විශාල නටඹුන් රැසක් අතර මෙම පිළිම ගෙය වැදගත් ස්ථානයක් උසුලනවා..එය එකල තිබූ ස්වරූපයෙන්ම අදත් විරාජමානව පවතිනවා.. ඒ අසල පංසලේ බණ කියපු හාමුදුරුවෝ නම් මෙය දුටුගැමුණු රජතුමා කාවන්තිස්ස රජතුමා ගේ කාලයේ වුන දෙයක් විදියට දක්වන්න උත්සාහ කලා.. නමුත් එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගේ පොත හැරුන කොට මෙැතන අයිති වන්න‍ේ කාවන්තිස්ස රජුටයැ කියන්න වෙනත් සාධක උන් වහන්සේ සතුව තිබුනෙත් නැහැ කියලයි ඒ පොඩි බණ කෑල්ල අහං හිටියාම වැටහුනේ. 
මේ නවීණ විහාර කර්මාන්තය පිහිටුවලා තිබෙන්නෙත් මුහුද පේන තෙක් මානයේම තමයි.. මුහුද අසල තිබෙන නිසා හොදට හුලං කාරිය වදිනවා.. එකල බොහොම කදිම භික්ෂු විවේක ස්ථානයක් වන්නට ඇති මේ මුහුද මහා විහාරය. 
මේ පලාත් වල ජනයා සිංහල දෙමල මුස්ලිම් යන වර්ග තුනෙන්ම සමන්විත වෙනවා. සමන්තුරේ පැත්තේ බොහෝ ජනතාව ගොවිතැන් බත් වලින් තමයි ජීවිකාව සරිකරගන්නේ. ඔවුන් සිය අත් ටැක්ටරය බඩු ප්‍රවාහනය සහ ගමන් බිමන් සදහාද යොදාගන්නා වාහනයක්. ඈත පලාත්වල පාරවල් ආදිය ප්‍රධාන පාරින් දුරට යන විට හොදට නැහැ..තිබුනත් බස් නිතර දෙවේලේ නෑ..ඉතිං බයිසිකලේක බයික් එකක හෝ මේ වගේ නිතරම පාහේ යන අත් ට්‍රැක්ටරයක නැගලා ටික දුරක් යන එක පයින්ම යන කකුල් දෙකට ගෙන එන්නේ අමතර සනීපයක්. 
මේ කඩේ පිහිටලා තියෙන්නේ කෝමරි වල..අපි ආපු බයික් එක තමයි ඔය කඩේ ඉස්සරහ නවත්තල තියෙන්නේ. මේ කඩෙන් තමයි අපි උදේට කෑවේ. උදේ කෑමට ඇඩ්වාන්ස්ඩ් පොල් සම්බෝලයක් එක්ක හොද චිකන් හොද්දක් ලැබුනා.. ආ කියන්න අමතක වුනා කන්න ලැබුනේ පරාටා..පරාට චිකන් හොදි සහ පොල් සම්බෝල අමුතුම රසවත් ආරකට හදලා තිබුනා.. බඩ උල් වෙන්නම කාල අපි ප්ලේන්ටියකුත් බඩට දාගත්තා.. කඩේ නම් දෙමල එකක්..අයියට සිංහල පුලුවනි..එ් කඩේ උන්නු අක්කට නම් සිංහල වැඩියම බැහැ වගේ.. අපිට ගාන කිව්වෙත් කැලිකියුලේටරයේ ගහලා.. 
ලංකාවේ එහා කොණ ඒ කිව්වේ සංගමන් කන්ද තුඩුව තියෙනවා කියල තිබුනේ මේ යන එන පාරේ.. පොතුවිල් අක්කරෙයි පත්තු පාරේ අතරමග යනකොට අපි දැක්කා සංගමන් කන්ද කියල ගමක් තියෙනවා..නමුත් හැරිල මුහුද දිහාට යන්නට පාරක් තොටක් නෑ.. කොයික වුනත් පහුකරගෙන ගිහින් එහෙම තැනක් නැතිකොට කස්ටිය ගෙන් අහල කියල ආයිම ඇවිත් හරෝල ආවා සංගමන් කන්ද තුඩුව බලන්න..එතන ලයිට් හවුස් එකක් තියේලු.. 
මේ තියෙන්නේ ලයිට් හවුස් එක.. අපි හිතුව තරම් ලොකු නෑ..දැන්නං වැඩත් නෑ,.අපිට කයියට සෙට් වුන සුද්දෙකුත් කිව්වේ ඌත් හිතාන උන්නේ මෙතන පට්ට ලොක‍ේසම කියලාලු..ලොකු ලයිට් හවුස් එකක් තියෙන..ඒත් ආවම කිව්ව දන්නේ මෙහෙම තැනක් කියලා.. ආරුගම්බේ මාර සෙනග.. ප්‍රධාන බීච ්එකේ නම් බිසි විකන්ඩ් එකක් නිසා පුදුමාකාර විදියට සෙනග පිරිල උන්නා.. ඒ නිසාමදෝ අරුගමබේ ප්‍රධාන බීච් එකේ සර්ෆ් කරන්න අමාරු නිසා සුද්දොෝ පොඩි පොඩි තැන්වලට ඇවිත් තිබුනා..මෙතනත් 15-20ක සුද්දෝ කන්ඩායමක් සර්ෆ් කරමින් සිටියා..මේ පිංතුරුවේ ඉන්න බුවා නම් කින්ඩ්ල් එකක් තියාගෙන හෝ ගාල කියෝනවා..වැල කතාවක්ද දන් නෑ..ඒ තරං උනන්දුවෙන් කියවන්නේ.. 
ප්ලේවීමේ හැකියාව නම් කොහොමද දන් නෑ..මේ බීච් එකේ දි ගතපු වීඩියෝ කෑල්ලක්.. පොඩි එකෙක් හිටියා මෙහෙ 6-7 වසර විතර..ඌ අර සර්ෆ් තටුව දිගා කරගෙන රැල්ල එනකොටම නැගිටලා පදිනවා පැදිල්ලක් සමහර සුද්දියන්ට වත් බෑ ඌත් එක්ක පදින්න සර්ෆ් බොඩ් එක.. 
තොපි ඉස්කෝලෙ ඇරිය ගමන් හරක් වගේ..කිසිම පිලිවෙලක් නැතුව ගොන් නාම්බො යනහැටි ..බලාපිය අර ගරල් ස්කූල් එකේ කෙල්ල‍ො යන ලස්සන..‍ඒකට මේ මීහරක්.. ඉස්සර අපි ඉස්කෝල යනකාලේ එහෙම බැනුං අහල තියෙනවා..ඒ වුනාට කිසිම පින්සිපල් කෙනෙක් නැතුව මේ සංගමන් පැත්තේ මී හරක් හරි ලස්සනට පෝලිමට යනවා නෙව.. මේ පැත්ත ටිකක් ලංකාව නෙමෙයි ත් වගේ..වැලි පසක් තියෙන්නේ ..පෑවුමට ගොඩක් තැන් වේලිලා ගිහින්.. මේ පැත්තේ පවා ගල් උඩ පොඩි ගඩොල් ගොඩවල්.. නටඹුන් කෑලි තියනෙවා අපි ඈතට දැක්කා.. 
මේ යාලුවයි මායි බයිකකේ යද්දි..කලිසම ඔලුවේ දාං ඉන්නේ ඒක වේලගන්න..මුහුදේ නාල නටල මූදු වතුරෙන් තෙමිල තිබුන කලිසම ඔලුවේ දාං විනාඩි 15ක් ඉතර යද්දි ඒක සෝක් එකට වේලිල ආවා ගාන්ට.. 
විශාල උක් වතු ආදිය තමයි මේ පේන්නේ..උක් නම් පේන්නේ නෑ..ඒත් ඔ්‍ය තණ ගස් වගේ යායට හැදිල තියේන්නේ උක්..ඒවා කපන්නේත් දැන් සුනාමි මැසින් වගේ අලි විසාල මැසින් වලින්.. 
සොලොස්මස්ථාන වලින් එකක් ලෙස සැලකෙන දීඝවාපී චෛත්‍යය. මෙය තවමත් හොදින් ප්‍රතිසංස්කරණය කොට නැහැ.. මම නම් වැඩිමනක් ආස මේ විදියට නැවත කඩා වැටෙන්නේ නැති ගාන්ට පුරාණ විදියටම චෛථ්‍ය තිබෙනවා නම්.. මේ අවට තවත් පුරාවිද්‍යා ස්ථාන කිහිපයක්ම තිබෙනවා..නමුත් බොහෝ අය වැදපුදාගන්න යන්නේ දීඝවාපී මහා සෑය පමණයි.
බුද්ධංගල ආරණ්‍ය සේනාසනයක වෙත අපි පැය කිහිපයක් ගෙවා සැපත් වුනා.. බුද්ධංගල දැන් පරණ පෙනුම නැහැ..නවීණ විහාර කර්මාන්ත රැසක් පිළිම රැසක් අපිලිවෙලට ඉදිකරලා එතන පංසලකට වඩා විසිතුරු තොරන් මඩුවක් වගේ පෙනුනේ.. පැරණි ආරන්‍ය සේනාසනයක තිබිය යුතු නිස්කලංක බව තැන තැන කරපු කොන්ක්‍රිට් සිමෙන්ති නිර්මාන නිසා නැතිවෙල ගිහින්..ඒ වගේම මේ පුරාවස්තු ත් දැන් ටිකක් ඈතට වෙලා නවීණ විහාර කර්මාන්ත වලට ඉඩදෙන්න ඕනි නිසා වෙන්න ඇති. 
බුද්ධංගලට පස්සේ රජගලතැන්න පුරාවිද්‍යා ස්මාරක බලන්නට යන්නට නියමිත වුනත් රජගල කියන්නේ පැරණි නටඹුන් ස්ථාන 700කට වඩා තිබෙන හවස 3-4ට ගිහින් සුටුස් ගාල බලල එන්න පුලුවන් තැනක් නෙමෙයි.. ඉන් පසුව සමන්ගල යන්න පැමිණියත් එතනත් ටිකක් කන්ද නගින්නට තිබෙනවා.අපි රජගලත් සමන්ගලත් පසුව බලන්න හිතාගෙන අම්පාර නවාතැනට එන්නට ආවා.. 

අම්පාර පොතුවිල් අක්කරෙයිපත්තු කියන්නේ එතරම් මිනිස් වාසය අඩු පලාතවල්..කුඩා ‍කඩමන්ඩි ටවුන් එහෙම තිබුනාට විශාල භූමියක ගොවිතැන් සහ වනාන්තර තිබෙනවා.. නිවාඩුවක් නිස්කලංකව ගත කරන්න සුදුසු පලාතක් තමයි අම්පාර සහ පොතුවිල් පැත්ත.. අපේ රටේ උදවියට නම් බලාකියාගන්න සිද්ධස්තාන වගේම හොදට නාල සතුටුවෙන්න පුලුවන් වැව් අමුණු සහ මුහුදු වෙරළ කිහිපයක්ම මේ පොතුවිල් අම්පාර දිහා තියෙනවා..  

Tuesday, October 25, 2016

රොබෝ අත්, කරත්ත, සබ්මැරීන් කැම්පස් චූටි බබාල

පහුගිය කාලේ තරගයට වගේ කැම්පස් වල අයියලා අලුත් ඒවා හොයාගන්න සමත් වුනා. ඒ අතර දිය යට යන්න පුලුවන් සබ්මැරීන් කිහිපයක්, රොබෝ අත් කිහිපයක් කුඩා කාර් ආකෘතියක් වගේ කිහිපයක්ම තිබුනා මතකයි. දැන් මේක එක්තරා ෆැෂන් එකක් වෙලා වගේ.. හැම කැම්පස් එකකම ඉන්ජිනියරින් කම්පියුටර ලමයි එකතු වෙලා මේ වගේ මොකක් හරි හත්වලාමක් හදනවා..ඉන් පස්සේ කොහේටහරි දාල සම්මානයක් ගන්නවා. ඉන් පස්සේ අනේ අපේ නිර්මාණයට තැන නෑ කියල අඩන ගමන්ම ඒව පත්තර වල දානවා..නැත්තං අන්තරේ පිකට් එකක් වයිරල් වෙද්දි අපි පාරේ ඉන්නෑ කරන්නේ මේවා කියලා පේන්න දානවා පත්තරේ හෝ සයිට් වල‍ හෝ පේස්බුක්.. 

ඇත්තටම මේ රොබෝ අත් කරත්ත සබ්මැරින් හදන එක හොදයි.. වැරැද්දක් කියන්න බෑ.ඒත් කැම්පස් සිසුවෙක් කියන්නේ කැම්පස් ලමයෙක්..ඌ ඇවිල්ල ඉස්කෝලෙ යන සුප්පං බබෙක් නෙමෙයි.. එංගලන්ත රටේ රාස්බෙරි පයි කියන පොඩි මයික්‍රො කොම්පියුටරේ තියෙන්නේ පුංචි ලමයින්ට සෙල්ලම් කරන්න..උන් ඇවිල්ල එකේන් කරත්ත හදනවා, රොබෝ අත් හදනවා..යානා හදනවා..ඒක තුලින් ලමයින්ගේ හැකියාවන් දියුනු වෙනවා.. ඒ එංගලන්තේ නේ.. මෙහෙ කැම්පස් උන් කැම්පස් අවිත් අපේ දූපත් වාසින්ට මැජික්ස් පෙන්වන්න කොරන්නෙත් අර එංගලන්තේ 8 වසර සී පන්තියේ ළමෝ කරන ජාතියේ වැඩ.. කිඩ.. 

කැම්පස් කියන්නේ අපේ රටේ අවුරුදු 20 පනිනකල් ඉගෙන ගන්න ඩෑල් එකක්..ඒ වගේ එකක් කියන්නේ සමාජය එක්ක ගැටිලා සමාජයට ඕනි දේවල් හිතලා සප්ලයි කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි.. 

හනේ අපිට මාකට් එකක් නෑ.. 

ඕ ගොල්ල අහල තියෙනවාද මුලින්ම සකරබරග් ෆේස්බුක් එක හදලා ආන්ඩ‍ුවෙන් ඒක මාකට් කරන්න ආදාර ඉල්ලනවා.. ඇපල් හැදුව ස්ටිව් ජොබා අාන්ඩුවෙන් හරි වෙන කාගෙන් හරි ආදාර ඉල්ලුවද? මයික්‍රොසප්ට් හදපු බිල් ගේට්ස් ආන්ඩුවෙන් හරි කාගෙන් හරි හිගාකෑවද ඒව හදලා වෙලදපොලට දාන්න? නෑනෙ.. දක්ශයෙක් කියන්නේ කෑල්ලක් හදාගෙන ඒක පත්ත‍ේරේ හෝ නිවුස් වලට දාගන්න මනුස්සයෙක්ම නෙමෙයි..එතනින් එහාට තමන් හදන දේ තමුන්ගේ සංකල්පය මාකට් කරගන්න හැකියාවක් තියෙන්නට ඕනි.. හිතන්න හොද පෝගැමර් බුවෙක් ඉන්නවා..පොර ට ගොඩක් දේවල් පුලුවන්..ඒත් මිනිහා ලොකු කමට ඉන්ටවිව් වලට යන් නෑ.. 

ඉතිං ඉන්ටවිව් වලට ලොකු සබා වලට පීචං වෙවී හරි ඌ යන්නේ නැත්තං කොහොමද මිනිහට ලොකු ටැලන්ට් එකක් තියෙන වගක් ලෝකයා දන්නේ? එතකොට ඌ කැපෙනවා.. කැපිල වන වෙලාම යනවා.. වෙලදපොල කියන්නෙත් ඒ වගේ අරුමැති තැනක්... මගේ යාලුවෙක් උන්නා මිනිහ ඉලෙක්ටොනික් වැඩ වලට දක්සයා..පස්සෙ කාලෙක පී ඇල් සී, ඵී අයි සී වගේ අයි සී වැඩ කිඩ ප්‍රෝගැමිනුත් ඉගෙන ගත්තා.. ලගදි මෙයා අලුතින් එල් ඊ ඩී බල්බ් එකක් හැදුවා ස්මාට් විදියට වැඩ කරන..ඒ කිව්වේ පෝන් එකෙන් පුලුවනි ලයිට් එක කොන්ටොල් කරන්න..මේක හිතුවට වඩා සංකීර්ණයි.. බල්බ් එක..සර්කිට් එක.. කල්පවතින විදියට හදන්න ඕනි වුනා..පස්සෙ මේ යාලුවා ඒ තමුන් හොයාගත්ත තාක්සනේ විකුන්නා බලුප් කම්පැනියකට..කුනු කොල්ලෙට දුන්නේ.. නමුත් ඉතිං මිනිහ තියාගත්තා කියල පොරට මේක තනියම හදන් අමාරුයි.. ඒ නිසා විකුනල දැම්මා.. 

අපි ඉන්න තැන හා නිර්මාණ 

ඉන්දියාවේ රාජස්ථාන් කියන්නේ කාන්තාර වගේ වේලෙන පලාතක්..ඕකට ගිහිපු එක මිනිහෙක් වතුර එක්කරාසු කරන්න වැඩ පිලිවෙලක් දියත් කරලා..මිනිස්සු එක්ක එක්කහු වෙලා වේලි බැදලා වතුරු ඉතුරු කරගත්තා.. ඒ වගේම සමහර රාජස්ථාන් පැතිවල වැහි ජලය එකතු කරන්න වැඩ පිලිවෙලවල් හැදුනා.. ඉතිං ඒ ගම්මාන වල මිනිස්සු අර පිටින් ආපු මිනිහට දෙයියොන්ට වගේ සලකන්න ගත්තා.. මේක ටිකක් ජනප්‍රිය කතාවක්.. 
ඒ වගේම ලංකාවේත් බුවාල හිටියා..අත් ටැක්ටර් එක..කොන්ක්‍රිට් තාක්ෂණය, විදුලි සම්ප්‍රේෂණ සැලසුම් වගේ ඒවා නිර්මානය වුනේ අපේම අය අතින්.. 

අද කාලේ වෙද්දි තනි පුද්ගලයින්ට අර ඉස්සර කාලේ එඩිසන් වගේ දේවල් හොයාගන්න අමාරුයි...ඒම හොයාගත්තා වුනත් ඒවා සමාජගත කරගන්න විකුනගන්න ගියාම කේස්.. ඒ නිසා ඒ අය එකතු වෙනවා.එකතු වෙලා විවිධ නිර්මාණ ආදිය කරනවා.. අපේ රටේ බහුතරයකට බලපාන ප්‍රශ්ණ තියෙනවා.. ගොවි ජනතාවට අදාල පස්න තියෙනවා.. වැඩට යන මිනිස්සුන්ට එහෙන් ප්‍රවාහන පස්න තියෙනවා.. ගාමන්ට් වල හිටං මහන අයට වෙනමම පස්න තියෙනවා.. මාලු අල්ලන මිනිස්සුන්ට වෙනමම තාක්ෂණික පස්න තියෙනවා.. 

සමහර පස්න වලට ඇත්තටම විසදුම් නැතුවාම නෙමෙයි.. එක යාලුවෙක් උන්නා ගමන්ට් ෆැක්ටරියක.. ඒකෙදි ඉස්සර විවිධ ඩිසයින් වල ඇදුම් ආවම ඒවා මැසිමෙන් අමාරුවෙන් මහන්න වුනාලු.. පස්සේ මේ යාලුවා ඒකට මැසිමට විවිධ කෑලි බෑලි සෙට් කරලා අලුත් මැසින් කෑලි හදලා දෙනවාලු..ඒ වගේම එක එක විච්චූරන ඇදුම් කෑලි සකසාගන්න අවශ්‍ය කරන කුඩා නිර්මාණ මේ යෝදයා නිතරම කරලා ඒ සේවකයින්ට සහනයක් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා.. 

නිර්මාණ කියන්නේ හැම නිර්මාණයම බැලූ බැල්මට වටිනවා කියල පෙනුනට මාකට් කරන්න අමාරුයි.. හැම එකම ප්‍රායෝගිකත් නෑ.. මොනවා හරි නිර්මාණ කරන එක වැදගත්..ඒ රොබෝ අත් කරත්ත, සබ්මැරින් වගේ සුට්ටි සුට්ටි ස්කෝල ගෙදර වැඩ වලින් එහාට අපේ කැම්පස් ලමයි යන්නට ඕනි. විශාල සැලසුම් හදන්නට ඕනි.. ඒවායේ ආදර්ශ හදන්න ඕනි.. ලොකු කම්පැනි සහ ආයතන වල ක්‍රමවේද වල දුර්වලතා වලට විසදුම් දෙන්නට ඕනි.. අලුත් යාන්ත්‍රික කොටස් ගේන්නට ඕනි.. එහෙම නැතුව ඉස්කෝලෙ හදපු ගැජට් ටිකම කැම්පස් එකේ ගිහිල්ල හදල පදර්ශන වලට නිවුස් වලට ඒවා ගැහුවම රටක් දියිනු  වෙයිද් ආයිබොවන්ඩ.. 

Monday, October 24, 2016

Great Western තරණය

Great Western Railway Station යනු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් වලට පසු තලවකැලේ නානුඔය අතර පිහිටි කුඩා දුම්රිය ස්ථානයකි. ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය මනරම් පරිසරයක පිහිටා ඇත. අවට වතුවල කුඩා ලැයිම් කිහිපයක් පමණක් ඇති පාලු භූමිභාගයක පිහිටි ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොල නිතරම පාහේ පාළු ස්වභාවයක් උසුලන අතර ශීතල සුලං සුව විදිමින් පොතක් පතක් කියවමින් ඇබ ගසාගෙන ගීතයක් අසමින් කාලය ගතකිරීමට කදිම ස්ථානයකි.
හැටන් තලවකැලේ සිට නානුඔය දක්වා යන විට මෙම දුම්රිය පොල ආසන්නයේදී වම්පසින් උස කදුවැටියක් පෙනේ.  එම කදුවැටියේ ඉහලම මුදුන ලංකාවේ 6 වන  උසම කන්ද වේ. එම කදුවැටියේ නම ග්‍රේට් වෙස්ටර්න් වෙයි. යටත්විජිත සමයේ වගාවට යොදාගත් මේ කදුකර බිම් එංගලන්ත ජාතිකයින් විසින් ඔවුන්ට සමීප නම් වලින් හදුන්වන්නට ඇත. මධ්‍ය කදුකරයේ එසේ ඉංග්‍රීසි නම් වලින් හදුන්වන පලාත් සහ කදුවැටි බොහොමයක්ම වෙති. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වූ අපි ලක්දසුන් අඩවියේ රෙකමදෝරු කර තිබූ මෝගන් අයියාගෙන් පාර අසාගන්නට පෙර සිටම තීරණය කොට තිබුනෙමු. දැන් නම් කාලයාගේ ඇවෑෙමන් මාර්ගය පැහැදිලි වුවත් නිසිආකාර නවාතැන් කෑම බීම, වතුර රැගෙන යෑම මෙන්ම වැසිකිලි පහසුකම් ආදියත් පැහැදිලිවම මෙම හුදකලා කදුවැටි අතර සොයාගන්නට අපහසුය. සැලකිය යුතු තරම් පහසු මිලකට අපිට අවශ්‍ය සියලුම සේවාවන් සතුටුදායක මට්ටමින්ම සපයන්නට මෝගන් මහතා සමත් විය. මෝගන්  - 077 079 1002
මෝගන් මහතා වනාහී ලොකු උගතෙකු නොවූවත් , අපට නිතර අසන දකින ප්‍රකට අන්තර්ජාලයීය චාරිකා මගපෙන්වන පුද්ගලයින්ට වඩා මහත්මා ගති වලින් යුක්ත අයෙකි. අපි පාන්දර 3.30ට දුම්රිය පොලට ළගාවන විට එක් ඇමතුමකින්ම මෝගන් මහතා අපිට පාර පෙන්වන්නට පෙර මගට පැමිණියේය. ඉන් පසු ඔහුෙග් කුඩා නිවසේ බ්ලැන්කට්ටු, කොට්ට පැදුරු සහිතව සැලකිය යුතු තරම් හොද මට්ටමකින් අපිට පෑ දෙක තුනක් නිදාගන්නට අවකාශ සලසා දුන්නේය. සීතල ආගන්තුක අපිට ගැහෙන සීතලේ ඔහුගේ බ්ලැන්කට් තුල නිදාගැනීමට ලැබීමම එවෙලේ මහත්වූ භාග්‍යක් ලෙස හැගුනි. එසේම මෝගන් මහතා විසින් ඔහුගේම නිවසේ පිලියෙල කරන ලද රසවත් කෑමවේල් තුනට සහ මගපෙන්වීම පිණිස සුළු මුදලක් අයකරනු ලැබූවත් ඔහුගේ  නිවසේ නවාතැන් ගැනීම, වැසිකිලි සහ නෑමට, තේවතුර කිරි තේ ලබාදීම ආදිය වෙනුවෙන් කිසිදු වැඩිපුර මුදලක් අය කලේ නැත. 

මේ දිනවල නම් සති අන්තයේදී කුඩා කන්ඩායම් වලට ග්‍රේට් වෙස්ටර් තරණයට මග පෙන්වන මෝගන් මහතා සතියේ දිනවලදී දුම්රියේ වඩේ විකුනමින් සිය ජීවිකාව සරිකර ගනී. සිය පියා දුම්රිය සේවයේ කැපීපෙන මාර්ග කම්කරුවක බවපැවසූ මෝගන් මහතා දුම්රිය සේවාවට එකතු වීමට සෑහෙන කලක් තිස්සේ උත්සාහ කොට ඇත. සැබැවින්ම කදුකර පලාතේ දුම්රිය මගට ඉතාම ආසන්නව ජීවත් වන මෝගන් මහතා වැනි දුම්රියට සහ මගීන්ට ආදරේ අය එහි සේවයට පැමිණේ නම් එය මනාය. ඔවුන්ගේ බූදලයක අපි බලෙන් ගමන් කරනවා වැනිව මගීන් දෙස අප්‍රසන්නව බලන ඇතැම් දුම්රිය සේවකයින් නිසා දුම්රිය සේවාවම මගීන්ට එපා වන අවස්ථාද තිබේ. 

උදෙන්ම පිටත් වීම අපේ අරමුණ වුවත් වේල් දෙකකට කෑම පිළියෙල කරගෙන රැගෙන යෑමට සිදු වූ නිසා අප ගමන ආරම්භ කරන විට උදේ 08.30 පමණ වන්නට ඇත. 
කන්ද තරණය කිරීම පිණිස අපි ඇරඹීමට මත්තෙන් කන්දට පිවිසීමක් සොයාගන්නට දුම්රිය මග දිකේ කිලෝමීටර 2-3ක් ගමන් කල යුතුය. මේ එසේ ගමන් කරද්දි නැවත හමු වූ දුම්රිය ස්ථානයේ වූ මල් ටිකකි. 
මල් වවා කදිමෙට තිබෙන දුම්රිය ස්ථානය කුඩා මල් වත්තක් වැනිය. එහි වූ දුම්රිය සේවකයෝ විශේෂ වැරවෑයමකින් දුම්රිය ස්ථානය අලංකාරව පවත්වා ගනිති. 
දුම්රිය පාර දිගේ ගමන්කොට කන්දට පිවිසෙන්නට නම් යකඩ පාලමට ප්‍රථමයෙන් වම්පස කන්ද දෙසට ඇති දේවාලයට ඇති පරේ ගමන් කල යුතුය. මේ දුම්රිය මාර්ගයේ යකඩ පාලමේ සිට අවට පෙනෙන ආකාරයයි. 
දේවාලයට පසෙකින් ඇති පාර දිගේ ඉහලට ගමන් කල යුතු වූ අතර එම මාර්ගය බොහෝ තැන්වලදී දැඩි බෑවුම් සහිත එකක් විය. ඇතැම් තැන් වලදී එකිනෙකාට උදව් කරගනිමින් අවට වූ ගස් වැල් මුල් ගල් වල වාරුවෙන් යාන්තම් ඉහලට නැගුනෙමු. යකාගේ පඩිපෙල තරනයේදී තනිකර සෙරෙප්පු දෙකෙන්ම තරනය කල මුත් මේ ග්‍රේට් වෙස්ටර්න් නම් සපත්තු රහිතව නැගීම නම් තද අමාරු කාරියකි. එසේම ගෙවී ගොස් ඇති සපත්තු ඇතිව නැගීම ද දල බෑවුම නිසා අනතුරු දායක වැඩකි. 

අවට බොහෝ ලක්ෂන කදුකර වෘක්ෂලතා තිබුනි. මුල් කාලයේ මෙම ගේට් වෙස්ටන් කදුවැටියේ අපි තරණය කරන පැත්තේ ද බොහෝ දුර යනතෙක් තේ වගාකොට තිබී ඇත. දැන් නම් ඒ තේ වගාවන් වල් බිහි වී තිබේ. 

කදුකරයේ දර්ශණීය භූමි භාග රැසක්ම මේ ගමනේදි අපිට විටින් විට දර්ශනය විය. 

කුඩා සහ විශාල මල් රැසක්ම වූ අතර බොහෝ මල් වල කුඩා කණ මී වැනි මීමැසි විශේෂයක්ද විය. අපගේ කන්ඩායමේ 7ක් පමණ සිටි අතර අප සමග එක් වු තවත් කන්ඩායමක 5-6 දෙනෙක්ද අපි සමගම නගින්නට වූයේය. කිසිදු ගෑනු පරාණයක් රැගෙන ගියේ නැති නිසා ගස් වැල් කොල මල් ආදියේ පොටෝ වැඩිමනක් මෙවර සියල්ලන්ගේම ඡායාරූප ඇල්බම වල දකින්නට තිබේ. 

නම නොදන්නා කුඩා තුරුලතා රාශියක්ම කදුකර බිමේ යන අතරමග අපිට මුන ගැසුනි.. ඌරන් නම් යහමින් සිටින්නට ඇති බව තැන තැන සාරා තිබූ පස් කදුවලින් අපි නිගමනය කලෙමු. සුවිසල් ගෝනුන්ද තවමත් නිරුපද්‍රිතව මේ බිමේ සැරිසරන බව මෝගන් මහතා අපිට දැන්වීය. 


පැය තුනකට ආසන්න ගමනකින් පසු අපි යා හැකි මුදුනේ දර්ශණ තලයට පැමිණියෙමු. තද බෑවුමක් සහිත කුලක් මතට නැංග විට දුම්රිය ස්ථානය, දම්රිය මාර්ගය, ඈථ පිහිටි දිය ඇලි, විදුලි බලාගාර, මාර්ග ආදී විශාල පදාසයක භූමි දර්ශනයක් අපගේ නෙත් වලට හසුෙව්. දුම්රිය එකිනෙක මාරු වනතෙක් මද වේලාවක් සිටින්නට විය. නමුත් අවාසනාවට වාගේ දුම්රිය දෙක මාරුවන්නට ආසන්න වෙත්ම කාලකන්නි මීදුමක් පහත් වී එම දර්ශනයේ වැඩි කොටසක් අපේ නෙත් වලින් බොද කරන්නට විය. 

යට ඉතා කුඩාවට ඔබට පනුවෙක් වැනි යමක් පේනෝ ඇත. එය වනාහි දුම්රියයි. 
අපේ වාසනාවට මෙන් වැස්සක් ඇදහැලෙන්නට වූයේ අපි සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගය තෙක් බැස අවසාන වූ පසුය. ඊට පෙර වැස්ස ඇද වැටුනි නම් දල බෑවුම් වල මඩ සමග සටන් කොට කන්ද බැසීමට සිදු වන්නේ විශාල පරිශ්‍රමයකිනි. මැදදී වැස්සේ නම් එය අපගේ ගමනට එක් කරන්නේ තද අවධානමකි. තදින් වැසි තිබෙන දිනවල පලපුරුදු මෝගන් අය්යා පිරිස කන්ද මතට රැගෙන යෑම ප්‍රතික්ෂේප කරන්නේ එහි ඇති දැඩි අවධානම සලකා බලා විය යුතුය. 
යකඩ පාලමට මදක් එපිට දුම්රිය කාමර පේලි පිහිටි තැන කදිම පිහිල්ලක් තිබුනි. එයින් විශාල ජලකදක් පතිත වෙයි..අපි එයට ඔලුව අල්ලා හොදින් නාගෙන මෝගන් නිවස ට පැමිනෙන්නට දුම්රිය මාර්ගයේ සිටියදී ම තද වැස්සක් පතිත වන්නට විය. දුම්රිය ස්ථානයේද ස්වල්ප වේලාවක් සිට වැසිබර ගතිය හේතුවෙන් තව දුරටත් තැන තැන යෑම පලක් නැතිවිය හැකි හෙයින් පැය කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදී රාත්‍රී තැපැල් දුම්රියේම කොළඹට පැමිණියෙමු. 


ග්‍රේට් වෙස්ටන් වෙත තලවකැලේ හැටන්පාරෙන් පැමිණ ලගාවිය හැකි වුවත් උස කුඩා වාහනයකට හැර වෙනත් වාහනවලට ලගාවීම අපහසු විය හැක.දුම්රිය ඔස්සේ ග්‍රේට් වෙස්ටන් පැමිණීම වඩාත් ලෙහෙසි කාර්යයකි. 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...