මේ කඩේ පිහිටලා තියෙන්නේ කෝමරි වල..අපි ආපු බයික් එක තමයි ඔය කඩේ ඉස්සරහ නවත්තල තියෙන්නේ. මේ කඩෙන් තමයි අපි උදේට කෑවේ. උදේ කෑමට ඇඩ්වාන්ස්ඩ් පොල් සම්බෝලයක් එක්ක හොද චිකන් හොද්දක් ලැබුනා.. ආ කියන්න අමතක වුනා කන්න ලැබුනේ පරාටා..පරාට චිකන් හොදි සහ පොල් සම්බෝල අමුතුම රසවත් ආරකට හදලා තිබුනා.. බඩ උල් වෙන්නම කාල අපි ප්ලේන්ටියකුත් බඩට දාගත්තා.. කඩේ නම් දෙමල එකක්..අයියට සිංහල පුලුවනි..එ් කඩේ උන්නු අක්කට නම් සිංහල වැඩියම බැහැ වගේ.. අපිට ගාන කිව්වෙත් කැලිකියුලේටරයේ ගහලා..
ලංකාවේ එහා කොණ ඒ කිව්වේ සංගමන් කන්ද තුඩුව තියෙනවා කියල තිබුනේ මේ යන එන පාරේ.. පොතුවිල් අක්කරෙයි පත්තු පාරේ අතරමග යනකොට අපි දැක්කා සංගමන් කන්ද කියල ගමක් තියෙනවා..නමුත් හැරිල මුහුද දිහාට යන්නට පාරක් තොටක් නෑ.. කොයික වුනත් පහුකරගෙන ගිහින් එහෙම තැනක් නැතිකොට කස්ටිය ගෙන් අහල කියල ආයිම ඇවිත් හරෝල ආවා සංගමන් කන්ද තුඩුව බලන්න..එතන ලයිට් හවුස් එකක් තියේලු..
මේ තියෙන්නේ ලයිට් හවුස් එක.. අපි හිතුව තරම් ලොකු නෑ..දැන්නං වැඩත් නෑ,.අපිට කයියට සෙට් වුන සුද්දෙකුත් කිව්වේ ඌත් හිතාන උන්නේ මෙතන පට්ට ලොකේසම කියලාලු..ලොකු ලයිට් හවුස් එකක් තියෙන..ඒත් ආවම කිව්ව දන්නේ මෙහෙම තැනක් කියලා.. ආරුගම්බේ මාර සෙනග.. ප්‍රධාන බීච ්එකේ නම් බිසි විකන්ඩ් එකක් නිසා පුදුමාකාර විදියට සෙනග පිරිල උන්නා.. ඒ නිසාමදෝ අරුගමබේ ප්‍රධාන බීච් එකේ සර්ෆ් කරන්න අමාරු නිසා සුද්දොෝ පොඩි පොඩි තැන්වලට ඇවිත් තිබුනා..මෙතනත් 15-20ක සුද්දෝ කන්ඩායමක් සර්ෆ් කරමින් සිටියා..මේ පිංතුරුවේ ඉන්න බුවා නම් කින්ඩ්ල් එකක් තියාගෙන හෝ ගාල කියෝනවා..වැල කතාවක්ද දන් නෑ..ඒ තරං උනන්දුවෙන් කියවන්නේ..
ප්ලේවීමේ හැකියාව නම් කොහොමද දන් නෑ..මේ බීච් එකේ දි ගතපු වීඩියෝ කෑල්ලක්.. පොඩි එකෙක් හිටියා මෙහෙ 6-7 වසර විතර..ඌ අර සර්ෆ් තටුව දිගා කරගෙන රැල්ල එනකොටම නැගිටලා පදිනවා පැදිල්ලක් සමහර සුද්දියන්ට වත් බෑ ඌත් එක්ක පදින්න සර්ෆ් බොඩ් එක..
මේ යාලුවයි මායි බයිකකේ යද්දි..කලිසම ඔලුවේ දාං ඉන්නේ ඒක වේලගන්න..මුහුදේ නාල නටල මූදු වතුරෙන් තෙමිල තිබුන කලිසම ඔලුවේ දාං විනාඩි 15ක් ඉතර යද්දි ඒක සෝක් එකට වේලිල ආවා ගාන්ට..
විශාල උක් වතු ආදිය තමයි මේ පේන්නේ..උක් නම් පේන්නේ නෑ..ඒත් ඔ්‍ය තණ ගස් වගේ යායට හැදිල තියේන්නේ උක්..ඒවා කපන්නේත් දැන් සුනාමි මැසින් වගේ අලි විසාල මැසින් වලින්..
සොලොස්මස්ථාන වලින් එකක් ලෙස සැලකෙන දීඝවාපී චෛත්‍යය. මෙය තවමත් හොදින් ප්‍රතිසංස්කරණය කොට නැහැ.. මම නම් වැඩිමනක් ආස මේ විදියට නැවත කඩා වැටෙන්නේ නැති ගාන්ට පුරාණ විදියටම චෛථ්‍ය තිබෙනවා නම්.. මේ අවට තවත් පුරාවිද්‍යා ස්ථාන කිහිපයක්ම තිබෙනවා..නමුත් බොහෝ අය වැදපුදාගන්න යන්නේ දීඝවාපී මහා සෑය පමණයි.
බුද්ධංගල ආරණ්‍ය සේනාසනයක වෙත අපි පැය කිහිපයක් ගෙවා සැපත් වුනා.. බුද්ධංගල දැන් පරණ පෙනුම නැහැ..නවීණ විහාර කර්මාන්ත රැසක් පිළිම රැසක් අපිලිවෙලට ඉදිකරලා එතන පංසලකට වඩා විසිතුරු තොරන් මඩුවක් වගේ පෙනුනේ.. පැරණි ආරන්‍ය සේනාසනයක තිබිය යුතු නිස්කලංක බව තැන තැන කරපු කොන්ක්‍රිට් සිමෙන්ති නිර්මාන නිසා නැතිවෙල ගිහින්..ඒ වගේම මේ පුරාවස්තු ත් දැන් ටිකක් ඈතට වෙලා නවීණ විහාර කර්මාන්ත වලට ඉඩදෙන්න ඕනි නිසා වෙන්න ඇති.
බුද්ධංගලට පස්සේ රජගලතැන්න පුරාවිද්‍යා ස්මාරක බලන්නට යන්නට නියමිත වුනත් රජගල කියන්නේ පැරණි නටඹුන් ස්ථාන 700කට වඩා තිබෙන හවස 3-4ට ගිහින් සුටුස් ගාල බලල එන්න පුලුවන් තැනක් නෙමෙයි.. ඉන් පසුව සමන්ගල යන්න පැමිණියත් එතනත් ටිකක් කන්ද නගින්නට තිබෙනවා.අපි රජගලත් සමන්ගලත් පසුව බලන්න හිතාගෙන අම්පාර නවාතැනට එන්නට ආවා..
අම්පාර පොතුවිල් අක්කරෙයිපත්තු කියන්නේ එතරම් මිනිස් වාසය අඩු පලාතවල්..කුඩා කඩමන්ඩි ටවුන් එහෙම තිබුනාට විශාල භූමියක ගොවිතැන් සහ වනාන්තර තිබෙනවා.. නිවාඩුවක් නිස්කලංකව ගත කරන්න සුදුසු පලාතක් තමයි අම්පාර සහ පොතුවිල් පැත්ත.. අපේ රටේ උදවියට නම් බලාකියාගන්න සිද්ධස්තාන වගේම හොදට නාල සතුටුවෙන්න පුලුවන් වැව් අමුණු සහ මුහුදු වෙරළ කිහිපයක්ම මේ පොතුවිල් අම්පාර දිහා තියෙනවා..
අත්දැකීම් බෙදාගත්තට බොහොම ස්තූතියි ....
ReplyDelete++++++
ReplyDelete:D
ReplyDeleteExcellent +++++++
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තූතියි පොස්ට් එක හරහා එක්කන් ගියාට....
ReplyDeleteට්‍රිප් එක ගියේ දෙන්නෙක් විතරද...
ReplyDeleteඔය පැත්ත හරි පාලුයි, කුමන එහෙම ගියේ නැද්ද...
යන්න ඉන්න තැනක්
ReplyDeleteඅපිවත් ගමන එක්ක යන්න අරන් තියන මහන්සියට බොහොම ස්තූතියි.
ReplyDelete//පරාට චිකන් හොදි සහ පොල් සම්බෝල අමුතුම රසවත් ආරකට හදලා තිබුනා.///
ReplyDelete//තොපි ඉස්කෝලෙ ඇරිය ගමන් හරක් වගේ..කිසිම පිලිවෙලක් නැතුව ගොන් නාම්බො යනහැටි ..//
නියමයි...