මරේ වත්ත කියන්නේ නල්ලතන්නියෙන් සිරිපාදේ යද්දි මාවුස්සාකැලේ ජලාශය පහුවුනාට පස්සේ තියෙන තේ වත්ත.. මේ තේ වත්තේ තියෙන ෆිෂින් හට් කියන ලස්සන නවාතැනට තියෙන්නේ මරේ වත්තේ කෙළවරේ. මේ මරේ වත්ත කෙළවරේ සිට සිරිපාදයට තියෙන්නේ පොඩි දුරක්.. පොඩි කිව්වේ කිලෝමීටර 5ක වගේ දුරක්..
මේ සිතියම අනුව නල්ලතන්නිය හැටන් පාරේ ඉදලා ෆිෂින් හට් වලට කිලෝමීටර 8කට වඩා තිබෙනවා. ඒ කිව්වේ සිරිපාදේ යන නල්ලතන්නි පාරේ ඉදලා මරේ වත්ත කෙලවරට කිලෝමීටර 8-9ක් තියෙනවා. ඒ වගේම ගූගල් සිතියමේ නිකමට වර්ගඵලය මැනලා බැලුවොත් පෘෂ්ඨ වර්ගඵලය වර්ග කිලෝමීටර 5ක් ඒ කිව්වේ අක්කර 1200ක් වගේ භූමියක් මරේ වත්තට අයිති වෙනවා කියල පේනවා. එක් පසෙකින් මාවුස්සාකැලේ පෝෂක රක්ෂිතය අනික් පසින් මැප් එක අනුව සිරිපාද හා සමනල අඩවි රක්ෂිත තිබෙනවා .මේ දෙකට මායිම් ප්‍රදේශය විශාල එකක්.. කදු සහිත වටපිටාවකදී අහසින් බලන වර්ගඵලය වැඩිවෙනවාද අඩුවෙනවාද කියල මට නිච්චියක් නෑ..ඒත් කොහොම වෙතත් මරේ වත්ත කියන්නේ අඩු තරමේ අක්කර 1000ක් වත් තිබෙන වත්තක්.
මරේ වත්තේ තේ වගා කරල තිබුනත් ෆිෂින් හට් හරියේ එයාලම කොටසක් පරිසරය වෙනුවෙන් ඉතිරි කරගෙන තියෙනවා.. ඇතැම් විට ඒ කොටස දැන් එක්තරා රක්ෂිතයකට අයිති වෙනවා ඇති. නමුත් එකල සුද්දාගේ කාලේ පටන්ම මේ වනාන්තර කොටස වත්ත අයිති අයම වෙනම වෙන් කොට තිබිල තියෙනවා.. මේ වනාන්තරය තුල අලංකාර දිය ඇල්ලක් වගේම..දොල මතින් දිය ඇල්ලට ඇදෙන බොහොම කුල්මත් වූ චාරිකාවක්ද මා විදගෙන තිබෙනවා.
මම දැක්ක පිංතුර අනුව හම්බයින් හෙවත් අරාබි ජාතිකයින් බැහැල තිබුන හෙලිකොට්ටරුව බාල තිබුනේ මරේ වත්තේ තේ වගා කරන ලද භූමියකට.. තේ වත්ත මරේ වත්ත. එතන සිරිපාද අඩවිය නෙමෙයි.. අක්කර 1000ක විතර තේ වත්තේ ඇත්තටම ඔය හෙලිය බාල තියේනනේ කොහේද? ඒ වගේම හෝටලය හදන්නේ කොතනද කියලා තවමත් හරිහමන් තොරතුරක් නෑ..
දැන් තේ වගාවෙනුත් පස්සේ වැලිමඩ.. බණ්ඩාරවෙල බදුල්ල පැත්තේ ඇතිවෙල තියෙන තත්වය මොකද්ද? මිනිස්සු තේ වලට වඩා එලවලු වලින් ලාබ ගන්න පෙලඹිලා..කුඩා කුඩා පාත්ති හැම තැනකම.. පස ජල වහනය හා ස්වාභාවික පරිසරය ගැන මෙලෝම වගක් නැතුව හැම තැනම ඕනෑම බෑවුමක එලෝලු වවනවා.. මුලින් තේ වගාවන් වලදී ඇතැම් විට කදු වල ඉහලම කොටස් ඉතිරි කිරීම,නිසි පරිදි කානු සහ ජල මාර්ග තැබීම ආදී කදුකර පරිසරයකදී තිබිය යුතු මූලික ක්‍රමවේදයන් ගැන සැලකිලිමත් වුනා.. ඒත් දැන් කුඩා එලවලු වගාකරුවන් ගැන වගේ වගක් නැතුව කදුකරය පුරා හිතුන හිතුනු විදියට ගෙවල් හදනවා..වවනවා..
මේ ආකාරයේ දැන් මේ වැලිමඩ දිහාවේ පාර දෙපැත්තේ තියෙන එලවලු වගාවල අක්‍රමවත් බව දැක්කාම හිතෙන දෙයක් තමයි එක අතකින් තේ තිබුනනම් මීට හොදයි කියන එක..
ජනගහනය වැඩි වෙනකොට ඒ කදුකර අය දල බෑවුම් පවා සකස් කොට වගා කරනවා. ගෙවල් හදනවා.. අපේ රට වගේ දුප්පත් රටකදි මිනිස්සු වගේම දේශපාලකයිනුත් දැක්ම අතින් දුප්පත්.. ඔවුන්ට යන හුළගට ගසාගෙන ගොස් යමක් කමක් කරගන්නවා මිසක ලොකු දැක්මක් නෑ..ඉතිං කදුකරයේ නගර ටිකවත් සැලසුම් සහගතව හදලා ක්‍රමවත්ව ජලවහන පද්ධති සකස් කරන්න ඕනි ..කියල ලියන්න පුලුවනි.. නමුත් කවදා වෙන දේවල්ද ඔව්වා..
දැන් කාලෙ තියෙන සංචාරක රැල්ල තමයි පරිසරයට වැඩිමනක් හිරිහැර නොකර පරිසරයේම ජීවත් වෙමින් අවම කරදරයක් කර පරිසරය විදීම සහ බැලීම.. ඒ අනුව සංචාරක හෝටල හැදීම සහ ඒවා සැලසුම් කිරිමේදී පරිසරය සමග බද්ධ වන අාකාරයට පරිසරයේම කොටසක් ලෙස හැගෙන ආකාරයට ඒවා සැලසුම ්කරන්නත් ඉදිකරන්නත් සංචාරක ව්‍යාපාරිකයින් පෙළඹෙනවා.. සුවිසාල තරු පන්ති හෝටලයක් වගේ නම් අවට පරිසරය ගැන බොහෝිවට ඔවුන් විශේෂයෙන් සැලකිලිම්ත වේවි..
සංචාරකයෙක් හැටන් මස්කෙළිය වගේ දුර පැත්තකට ගිහින්.. පාරවල් වල වෙහෙසකර ගමනකින් පස්සේ ඒ සංචාරකයාගේ අරමුණ වන්නේම කදුකර පරිසරය විදීම.. එහෙම නැතුව කොළඹ තියෙන කැරොකේ, නයිට් ක්ලබ්, වගේ නයිට් ලයිෆ් එකක් වැඩියම ඔ්‍ය වගේ ඈත පලාතකදි වැඩිය මාකට් නෑ.. ඉතිං ඒ වගේ අරමුණකින් හොට්ලයක් හදනවිට බොහෝවිට ඔවුන් ඒ පරිසරය ගැන විශේෂයෙන් සැලකිලිමත් වේවි.
අරාබියේ තෙල් නිසාම කප් ගහල උන්නට මුස්ලිම් අය අතරේ බුද්ධිමතුන් නිර්මාණ ශිල්පින් අඩුයි.. ඔවුන් සියලුම නිර්මාන කටයුතු කරගන්නේ බටහිර රටවල ශිල්පීන්ගෙන්..ඒවා නිමකරන්න දායක වෙන්නේ ලංකාව ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය සහ අප්‍රිකාවේ සිට ආපු වෘත්තිකයින් සහ කම්කරුවන්.. අරාබි කාරයින්ව තම්බලා හොදම මස් කෑළි ටික යුරෝපයේ ඇමරිකාවේ ඉන්න බුවාල ටික ගද්දි කටු ටිකක් ලැබෙනවා අපි වගේ දුප්පත් රටවලට..
එක හෝටලයක් ලොකුවට හැදෙනවා කියන්නේ, ඔය වගේ කදුකර පලාතක ඉන් පස්සේ අර ඇල්ල වගේ හෝටල සහ සංචාරක කර්මාන්තය හොදින් ව්‍යාප්ත වෙලා යාවි.. ඉන් පස්සේ කාලෙකදි තේ වගාවට වඩා සංචාරකයින් හරහා ලොකු මුදලක් උපයාගන්න ඒ පැත්තේ ජනතාවට ඉඩකට ලැබේවි..
ඉඩම් විකුනල තියෙන්නේ මරේ වත්තෙන්..ඒක තේ වත්තක්.. මාවුස්සාකැලේට සහ සිරිපාදේ කියන දෙකටම මේ මරේ වත්තේ මැද සිට කිලෝමීටර 5-6කට වඩා දුරක් තිබෙනවා.. තේ වත්තක හදන්න යන ඉදිකිරීමකට පරිසරය විනාස වෙනවා කියල පැමිණිලි කරන්න නම් අඩුම තරමේ හදන තැන සහ ඉදිකිරීමේ සැලසුම වත් අපි සතුව තිබෙන්නට ඕනි.. ඒ මොකුත් නැතුව හෙලිකොප්ටරයක් බාලා අරාබි ජාතිකයින් දෙතෙුන් දෙනෙක් බැස්ස පලියට කෑ ගහගෙන දුවන මේ පිරිස දැක්කම තල් අත්තට බෙලි ගෙඩිය වැටුන වෙලේ දිව්ව හාවා මතක් වීම හැර වෙන කිසිවක් කියන්න ඉතිරි වෙලා නෑ..
මනරම් කදුකරයේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම් වූ...ලස්සන පරිසරයක හෝටලයක්..දිය ඇලි, ලස්සන දොලපාරවල් සතා සීපාවා අතලගම.... ඕක හැදුනොත්.. මට කාමරයක් ගන්න හැකි වුනොත්.. මමත් අනිවාර්යෙන් ඕකේ එක දවසක් හරි ඉන්න බලාපොරොත්තු වෙනවා.
මරේ වත්තමේ පිංතුරය අනුවශ්‍රී පාද රක්ෂිතභූමිය ඝන කොල පාටිනුත් දුඹුරු සහලා කොල පාටින් මරේ වත්තත් ඔබට පැහැදිලිවම පෙනී යනු ඇත. |
මේ සිතියම අනුව නල්ලතන්නිය හැටන් පාරේ ඉදලා ෆිෂින් හට් වලට කිලෝමීටර 8කට වඩා තිබෙනවා. ඒ කිව්වේ සිරිපාදේ යන නල්ලතන්නි පාරේ ඉදලා මරේ වත්ත කෙලවරට කිලෝමීටර 8-9ක් තියෙනවා. ඒ වගේම ගූගල් සිතියමේ නිකමට වර්ගඵලය මැනලා බැලුවොත් පෘෂ්ඨ වර්ගඵලය වර්ග කිලෝමීටර 5ක් ඒ කිව්වේ අක්කර 1200ක් වගේ භූමියක් මරේ වත්තට අයිති වෙනවා කියල පේනවා. එක් පසෙකින් මාවුස්සාකැලේ පෝෂක රක්ෂිතය අනික් පසින් මැප් එක අනුව සිරිපාද හා සමනල අඩවි රක්ෂිත තිබෙනවා .මේ දෙකට මායිම් ප්‍රදේශය විශාල එකක්.. කදු සහිත වටපිටාවකදී අහසින් බලන වර්ගඵලය වැඩිවෙනවාද අඩුවෙනවාද කියල මට නිච්චියක් නෑ..ඒත් කොහොම වෙතත් මරේ වත්ත කියන්නේ අඩු තරමේ අක්කර 1000ක් වත් තිබෙන වත්තක්.
මරේ වත්තේ තේ වගා කරල තිබුනත් ෆිෂින් හට් හරියේ එයාලම කොටසක් පරිසරය වෙනුවෙන් ඉතිරි කරගෙන තියෙනවා.. ඇතැම් විට ඒ කොටස දැන් එක්තරා රක්ෂිතයකට අයිති වෙනවා ඇති. නමුත් එකල සුද්දාගේ කාලේ පටන්ම මේ වනාන්තර කොටස වත්ත අයිති අයම වෙනම වෙන් කොට තිබිල තියෙනවා.. මේ වනාන්තරය තුල අලංකාර දිය ඇල්ලක් වගේම..දොල මතින් දිය ඇල්ලට ඇදෙන බොහොම කුල්මත් වූ චාරිකාවක්ද මා විදගෙන තිබෙනවා.
හම්බකොප්ටරය බාල තියෙන්නේ කොහේද?
මම දැක්ක පිංතුර අනුව හම්බයින් හෙවත් අරාබි ජාතිකයින් බැහැල තිබුන හෙලිකොට්ටරුව බාල තිබුනේ මරේ වත්තේ තේ වගා කරන ලද භූමියකට.. තේ වත්ත මරේ වත්ත. එතන සිරිපාද අඩවිය නෙමෙයි.. අක්කර 1000ක විතර තේ වත්තේ ඇත්තටම ඔය හෙලිය බාල තියේනනේ කොහේද? ඒ වගේම හෝටලය හදන්නේ කොතනද කියලා තවමත් හරිහමන් තොරතුරක් නෑ..
මොකද්ද හදන්න යන්නේ..
මේ දිනවල තේ වගාවේ නිශ්පාදන වියදම ලැබෙන ආදායමට වඩා වැඩියි. තේ වගාව කියන එක යන්නේ හොද දිශාවකට නෙමෙයි. ඒ නිසාම දෝ හෝ මේ මනරම් භූමි භාගයකට හිමිකම් කියන මරේ වත්තත් හෝටලයක් වෙනුවෙන් විකිනීමට තීරණය වන්නට ඇති.. තේ වගාවක් තියෙන භූමියක් කොහොමටව්ත රක්ෂිතයක් නෙමෙයි... රක්ෂිත වල වගා කරන්නට බැහැ.. මරේ වත්තේ තියෙන අක්කර සිය ගානකින් අක්කර 80ක් තමයි මේ අරාබි ජාතික සමාගමකට විකුනලා තියෙන්නේගොසිප් වලට අනුව..හෝටලය හැදුවොත් රක්ෂිතයට මොකද වෙන්නේ..
උස කදුකරයේ තේ වැවීම තමයි කදුකර පරිසරයට ලංකාවේදී එල්ල වුනු විශාලතම පහර.. මේ තේ වගාව හේතුවෙන් අක්කර දස දහස් ගානක් වනාන්තරය තේ වගාව වෙනුවෙන් එලි වුනා.. ඒ මීට අවුරුදු සිය ගානකට කලින්.. දැන් හෝටල් කියන්නේ මේ කාලයේ ආර්ථික උපාය මාර්ගය. එහි හොදක් තිබෙනවා කියල කියන්නට අමාරුයි නමුත්..තේ සුද්දා හදුන්වා දුන්නයින් පස්සේ මෑතක් වනතුරු ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය තේ..දැන් තේ වගාවෙනුත් පස්සේ වැලිමඩ.. බණ්ඩාරවෙල බදුල්ල පැත්තේ ඇතිවෙල තියෙන තත්වය මොකද්ද? මිනිස්සු තේ වලට වඩා එලවලු වලින් ලාබ ගන්න පෙලඹිලා..කුඩා කුඩා පාත්ති හැම තැනකම.. පස ජල වහනය හා ස්වාභාවික පරිසරය ගැන මෙලෝම වගක් නැතුව හැම තැනම ඕනෑම බෑවුමක එලෝලු වවනවා.. මුලින් තේ වගාවන් වලදී ඇතැම් විට කදු වල ඉහලම කොටස් ඉතිරි කිරීම,නිසි පරිදි කානු සහ ජල මාර්ග තැබීම ආදී කදුකර පරිසරයකදී තිබිය යුතු මූලික ක්‍රමවේදයන් ගැන සැලකිලිමත් වුනා.. ඒත් දැන් කුඩා එලවලු වගාකරුවන් ගැන වගේ වගක් නැතුව කදුකරය පුරා හිතුන හිතුනු විදියට ගෙවල් හදනවා..වවනවා..
මේ ආකාරයේ දැන් මේ වැලිමඩ දිහාවේ පාර දෙපැත්තේ තියෙන එලවලු වගාවල අක්‍රමවත් බව දැක්කාම හිතෙන දෙයක් තමයි එක අතකින් තේ තිබුනනම් මීට හොදයි කියන එක..
ජනගහනය වැඩි වෙනකොට ඒ කදුකර අය දල බෑවුම් පවා සකස් කොට වගා කරනවා. ගෙවල් හදනවා.. අපේ රට වගේ දුප්පත් රටකදි මිනිස්සු වගේම දේශපාලකයිනුත් දැක්ම අතින් දුප්පත්.. ඔවුන්ට යන හුළගට ගසාගෙන ගොස් යමක් කමක් කරගන්නවා මිසක ලොකු දැක්මක් නෑ..ඉතිං කදුකරයේ නගර ටිකවත් සැලසුම් සහගතව හදලා ක්‍රමවත්ව ජලවහන පද්ධති සකස් කරන්න ඕනි ..කියල ලියන්න පුලුවනි.. නමුත් කවදා වෙන දේවල්ද ඔව්වා..
සංචාරක හෝටල කියන්‍ේන පරිසරේ කන්නම ආපු දෙයක්ද?
සංචාරක හෝටල කියද්දි කලකට පෙර තිබුන සංචාරක කර්මාන්තය සහ වර්ථමානය මදක් වෙනස්.. කලකට පෙර සුද්දෝ අැවිල්ල අලින්ගේ පිටේ ගිහින්..අලි එක්ක සෙල්පි ගහලා.. වන සතුන් එක්ක මුහු වෙලා ගෙනියපු ඒ සංචාරක කර්මාන්තයට දැන් දැන් සුද්දෝ කැමති නෑ.. පින්නවල ගැන ට්‍රිප් ඇඩ්වයිසර් සයිට් එකේ තියෙන රිවිව්ස් කියෙව්ව නම් පින්නවල අපිට තියෙන ලස්සන සුද්දන්ට පේන්නේ නෑ කියල සෝක් එකට පේනවා..දැන් කාලෙ තියෙන සංචාරක රැල්ල තමයි පරිසරයට වැඩිමනක් හිරිහැර නොකර පරිසරයේම ජීවත් වෙමින් අවම කරදරයක් කර පරිසරය විදීම සහ බැලීම.. ඒ අනුව සංචාරක හෝටල හැදීම සහ ඒවා සැලසුම් කිරිමේදී පරිසරය සමග බද්ධ වන අාකාරයට පරිසරයේම කොටසක් ලෙස හැගෙන ආකාරයට ඒවා සැලසුම ්කරන්නත් ඉදිකරන්නත් සංචාරක ව්‍යාපාරිකයින් පෙළඹෙනවා.. සුවිසාල තරු පන්ති හෝටලයක් වගේ නම් අවට පරිසරය ගැන බොහෝිවට ඔවුන් විශේෂයෙන් සැලකිලිම්ත වේවි..
සංචාරකයෙක් හැටන් මස්කෙළිය වගේ දුර පැත්තකට ගිහින්.. පාරවල් වල වෙහෙසකර ගමනකින් පස්සේ ඒ සංචාරකයාගේ අරමුණ වන්නේම කදුකර පරිසරය විදීම.. එහෙම නැතුව කොළඹ තියෙන කැරොකේ, නයිට් ක්ලබ්, වගේ නයිට් ලයිෆ් එකක් වැඩියම ඔ්‍ය වගේ ඈත පලාතකදි වැඩිය මාකට් නෑ.. ඉතිං ඒ වගේ අරමුණකින් හොට්ලයක් හදනවිට බොහෝවිට ඔවුන් ඒ පරිසරය ගැන විශේෂයෙන් සැලකිලිමත් වේවි.
හම්බයෝ ගේන හැමදේම එපාද ?
මුස්ලිම් කිව්වාට මුලු ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සු එක වගේ නෙමෙයි... ආකල්ප සමාජ මට්ටම ආදිය විවිධ ජාතිකයින් අතර වෙනස්.. සැබැවින්ම ආවේ අරාබි ජාතිකයින් නම් ඔවුන් මේ අපේ ගමේ ඉන්න සයිබු නානා වගේ නෙමෙයි.. ඊට වඩා වෙනස්..අරාබියේ තෙල් නිසාම කප් ගහල උන්නට මුස්ලිම් අය අතරේ බුද්ධිමතුන් නිර්මාණ ශිල්පින් අඩුයි.. ඔවුන් සියලුම නිර්මාන කටයුතු කරගන්නේ බටහිර රටවල ශිල්පීන්ගෙන්..ඒවා නිමකරන්න දායක වෙන්නේ ලංකාව ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය සහ අප්‍රිකාවේ සිට ආපු වෘත්තිකයින් සහ කම්කරුවන්.. අරාබි කාරයින්ව තම්බලා හොදම මස් කෑළි ටික යුරෝපයේ ඇමරිකාවේ ඉන්න බුවාල ටික ගද්දි කටු ටිකක් ලැබෙනවා අපි වගේ දුප්පත් රටවලට..
එක හෝටලයක් ලොකුවට හැදෙනවා කියන්නේ, ඔය වගේ කදුකර පලාතක ඉන් පස්සේ අර ඇල්ල වගේ හෝටල සහ සංචාරක කර්මාන්තය හොදින් ව්‍යාප්ත වෙලා යාවි.. ඉන් පස්සේ කාලෙකදි තේ වගාවට වඩා සංචාරකයින් හරහා ලොකු මුදලක් උපයාගන්න ඒ පැත්තේ ජනතාවට ඉඩකට ලැබේවි..
නීති මොකුත්ම නැතුව හම්බයින්ට රගන්න දෙන්න..
ගොඩනැගිල්ලක් හදනකොට අපි කාට වුනත් අදාල භූමිය පිහිටි තැනට බලපවත්වන නීති රීති වලට සහ ආයතන වලට යටත් වන්නට සිදු වෙනවා.. මරේ වත්තේ හෝටලයක් හැදුවත් එහෙමම තමයි.. පරිසර වාර්ථා, ඉදිකිරීම ්වාර්ථා, සැලසුම ආදිය නිකංම නිකං පාස් වෙන්නේ නෑ...ඒවා නිකං පාස් වෙනවනම් ඒකෙ වැරැද්දත් අරාබි අයගේ නෙමෙයි අපේම අයගේ..ඉඩම් විකුනල තියෙන්නේ මරේ වත්තෙන්..ඒක තේ වත්තක්.. මාවුස්සාකැලේට සහ සිරිපාදේ කියන දෙකටම මේ මරේ වත්තේ මැද සිට කිලෝමීටර 5-6කට වඩා දුරක් තිබෙනවා.. තේ වත්තක හදන්න යන ඉදිකිරීමකට පරිසරය විනාස වෙනවා කියල පැමිණිලි කරන්න නම් අඩුම තරමේ හදන තැන සහ ඉදිකිරීමේ සැලසුම වත් අපි සතුව තිබෙන්නට ඕනි.. ඒ මොකුත් නැතුව හෙලිකොප්ටරයක් බාලා අරාබි ජාතිකයින් දෙතෙුන් දෙනෙක් බැස්ස පලියට කෑ ගහගෙන දුවන මේ පිරිස දැක්කම තල් අත්තට බෙලි ගෙඩිය වැටුන වෙලේ දිව්ව හාවා මතක් වීම හැර වෙන කිසිවක් කියන්න ඉතිරි වෙලා නෑ..
මනරම් කදුකරයේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම් වූ...ලස්සන පරිසරයක හෝටලයක්..දිය ඇලි, ලස්සන දොලපාරවල් සතා සීපාවා අතලගම.... ඕක හැදුනොත්.. මට කාමරයක් ගන්න හැකි වුනොත්.. මමත් අනිවාර්යෙන් ඕකේ එක දවසක් හරි ඉන්න බලාපොරොත්තු වෙනවා.
චාන්ස් එකක් හම්බ උනොත් මමත් ඉන්නවා ඔය හෝටලේ.
ReplyDeleteඅජපල් කාලකන්ණි හම්බයෝ වගේම ගොඩාක් උදව් කරපු හම්බයොත් මට හම්බ වෙලා තියනවා. හම්බයෝ විතරක් නෙමෙයි සිංහල, දෙමළ, ඉන්දියන් වගේම අනිත් ජාති වලත් අජපල් ඩයල් ඕනේ තරම්...
ඉන්දියන් කාරයෝ බංගලි එහෙමත් සවුත්තුයි බිස්නස් වලදි.. ඒකට අපේ රට ඇතුලේ ආයතන ටික හරියට තියාගන්නට ඕනි.. එහෙම නැතිව ඕනිම ලොකු පගාවකට යට වෙන පද්ධතියක් තියාගෙන අරක මේක රැකගන්න කියලා මොරද දෙන එක තේරුමක් නෑනෙව..
Deleteඇත්තටම විස්තරේ සහ විශ්ලේෂණය හොඳයි. ඔබ අනුමාන කරන විදිහට හැමදේම වෙනවා නම් හොඳයි. එහෙම වෙනවා කියලා හිතලා අපි හිත හදාගෙන සද්ද නැතුව ඉන්නත් පුළුවන්. නමුත් සල්ලි කුට්ටිවලට ගිජු, මරි දේශපාලකයෝ නිසා හැමදේම අනික් පැත්ත ගහන්න පුළුවන්. මේ පැත්තේ මුස්ලිම් ජනපදයක් හදන්න යනවා කියලත් ආරංචියකුත් ආවා. අනික ඉස්සර ඉඳන්ම ආගම් භේදයක් නැතුව කවුරුත් සමනල කන්දට ගියත් මෑතක සිට මුස්ලිම් ජාතිකයන් මේ ගැන වැඩි අයිතියකින් කතා කරන්න පටන් අරන්. මක්කමට බෞද්ධයන්ටත් අයිතියක් තියෙනවා කියලා කාලෙක ඉඳන්ම බෞද්ධයෝ කතා කරනවා. නමුත් බෞද්ධයන්ට ඒ ගැන කතා කරන්නවත් මක්කම ළඟට යන්නවත් ඉඩක් නෑ. අනෙක ඉස්සරට වඩා දැන් පැහැදිලිවම මුස්ලම් ව්‍යාප්තිවාදයත් වැඩියි. වසරින් වසර ලෝක ජනගහනය වැඩිවීමේ සංඛ්‍යාලේඛන අරන් බැලුවාම ඒක හොඳට පේනවා. අරාබි ව්‍යාපාරිකයෝ මෙතන හෝටලයක් හැදීමත් මුස්ලිම් ජාතිකයන් සිරීපාදයට පෙර නොවූ පරිදි අයිතිවාසිකම් කීමත්, ඔවුන්ගේ ව්‍යාප්තවාදී සැලසුම් ආදියත් නිසා මෙතැන අපි නොහිතන දෙයක් සිද්ධ වුනොත්, ඒ වැරැද්ද ආයේ හදන්න පුළුවන් වෙන එකක් නෑ.
ReplyDeleteවිල්පත්තුවේ කැලෑ කැපීම බදියුද්දීන් අතින් සිද්ද වෙද්දිත් කවුද අපේ පාලකයෝ...කලු හෝ සුදු උන් අපි විසින් පත්කරගත්ත උන්..
Deleteවිල්පත්තුවේ මුස්ලිම් ග්මමාන හදනකොට බහුතරය සිංහල බෞද්ධ පාර්ලිමේන්තුවේ.. ඉතිං ඒවායේදී ඒ තැන්වලදි අපේ නියෝජිතයින් ඒ ගැන කතා කලේ නෑ..
මෙතන මට පේන දෙයක් තමයි මේක අරාබි අයට යනවට කැමති නැති ඉතා කුඩා කන්ඩායමක් ඉන්නවා... ඔවුන් තමයි මේ හැම දේම සැරටම ගිනි තියන්නේ.. අපේ කදුකරයට ආදරේ කරන අයට ඔයිට වඩා සැර විපත් මේ මොහොතේම සිද්ද වෙනවා බලාගන්නපුලවනි ටිකක් ඇවිදල බැලුවනම්.. මුස්ලිම් සිද්ධස්ථානයක් නෙමෙයි නිවාඩු නිකේතනයක් කියලා තමයි කියන්නේ.. ඒත් කිසිම විදියකින් එතන සිද්ධස්ථානයක් හැදෙන්න බෑ... ඒත් ඕක රෙගියුලේට් කරන්න ගියොත් තැනින් තැන හැදෙන පංසල් , අසපු ආරාම පවා තහනම් කරන්න වෙනවා.. අපේ අය කැමති පල්ලි විතරක් තහනම් කරනවාට නේ...අලුත් අසපු පංසල් තහනම් කරනකොට ආයිත් රෙද්ද උස්සනවා..එක පැත්තකට විතරක් නීතිය ගේන්න බෑනේ.. ගේනවනම් ඔක්කොන්ටම..සිංහල බෞද්ධ කියලා වෙනම සලකන්න බෑ... ඔක්කොන්ටම එකම අයිතිවාසිකම් තියෙන්න ඕනි..
මම ඊයේ රෑම මේක කියෙව්වා.. ඒත් ඩෝප් මරගාතේ කොමෙන්ට් කලේ නෑ. මේ ප්‍රස්තුතය ගැන ලියවුන ඉතා වටිනාම ලිපිය තමයි මේ. චමීර ජීවන්ත දෙද්දුවගේත් හොඳ සටහන් කීපයක් තබා තිබුනා බුකියේ. අති බහුතරය අමු ගල් වැද්දෝ. ෆෝබියාකාරයෝ. ලොකු හාමුදුරුවන්ට අවුලක් නෑ කියනවා නම්, අනික් උන්ට මොකක්ද තියෙන අමාරුව. හැබයි බයියෝ මේකට එරෙහිව හෙන හඬක් නඟයි. මහ බයියා මොන වගේ තීරණයක් ගනීද දන්නේ නෑ. 56 විප්ලවේ හොඳම දරුවා දැන් තමයි පාලනයට ඇවිත් තියෙන්නේ.
ReplyDeleteමම මේක ෂෙයාර් කරනවා
Deleteඔ්‍ය ලොකු නම ගැන නම් මගේ පැහැදීමක් නෑ..පත්වුන විදියෙ ්ඉදලා.. ඒත් පොර මේ වෙලාවේ කිව්ව කතා ටික නම් පට්ට..
Deleteඒ කිව්වට එයාල ඒක පාස් කරගෙන වෙන එකක් ලු නේ හදන්න යන්නේ..
දැන් කාගෙද වැරැද්ද.. අපිට ලස්සන අක්ක පෙන්නලා කබර හැදුනු කලු නංගිව දෙන්න පුලුවන් වෙලා තියෙන්ේන කාරු නිසාද? අපේ දූසිත නිළධාරින් දේසපාලුවන් නිසා නේද? නිවාඩු නිකේතනයක් පෙන්නලා එතන පල්ලි ගහනවා නම් කවුද ඉතිං ඕකට වග කියන්න ඕනි.. අපේම නිළධාරි තමයි..
මේ ප්‍රස්තුතය ගැන ලියවුන ඉතා වටිනාම ලිපිය තමයි X 1000
Delete+++++++++++++++++++
This comment has been removed by the author.
Deleteමගේ පෝස්ට් එකේ මේ ලිපියට ලින්ක් එකක් දැම්මා
Deleteපල්ලි ගහන්න නම් දෙන්න නරකයි. 7% වන තම්බිත්, 15% වන දෙමළුත්. අති බහුතරය වන හින්ගලයට කෙලින්නේ උන්ගේ වරදකින් නෙමෙයි... හින්ගලයා නියෝජනය කරන නායකයෝ පොන්නයෝ නිසා.. මේක මහින්දට උනත් අදාලයි.. ලෝකේ මොන රටේද සුළුතරයන් කියන විදියට නටන්නේ..
Deleteමේ කොමෙන්ට් එකට ජාතිවාදය ඈදා ගන්න එපා..
ඇත්තටම අමිල ලිපියත් අමිල එකක්. ඔබ විවෘත මනසකින් ප්‍රබුද්ධ සංවාදයකට මග විවර කර තිබෙනවා.
ReplyDeleteහොඳ ලියමනක්! මම ෆිෂින් හට්ස් වල නැවතිල ඉඳල තියනව, මම හිතන්නෙ මේක හෝටලයකට හොඳ තැනක් වගේම දැනට තියන වනාන්තරයට හානියකුත් නැහැ !
ReplyDeleteසිරිපාද ලොජික්..සිරිපාද ලොජික්...සිරිපාද ලොජික්
ReplyDeleteවිවෘත ආර්ථිකය හඳුන්වා දුන් කාලයේදී එය බිල්ලෙකු ලෙස දකිමින්, නරක විතරක් පෙන්වාදුන් ඊනියා වාමාංශිකයන්ගේ ස්වභාවය, දැන් බොහෝ දෙනෙකුට අමතකවී තිබෙන්නේ, විවෘත ආර්ථිකයේ යථාර්ථය සහ එයින් අපේ ආර්ථිකය ශක්තිමත්වීම ගැන ප්‍රාමාණික මෙන්ම ප්‍රායෝගික අවබෝධයක්ද තිබෙන නිසයි.
ReplyDeleteවතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම් තවදුරටත් කලොත් වැවිලි සමාගම්ක් කීපයක් වසා දමන්නට සූදානමක් තිබෙනවා. අසරණ කම්කරුවන් ගොනාට අන්දවා, උන්ගේ කරපිටින් පාර්ලිමේන්තුවට යන දේශපාලුවන්ව, එදාට, උඩරට කඳුකරයේ දිය ඇලි වලින් පහලට තල්ලු කරන්න සිදුවෙනවා.
රැකියා විරහිත කම්කරුවන් දස දහස් ගණනකගේ ජීවිත වලට කරගන්න වෙන්නේ රජයටයි.
එකපාරටම මරේ වත්තෙන් පටන් නොගෙන, බතලේගල වැනි ප්‍රදේශයක (අතීතයේදී යෝජිත) කේබල් කාර් ව්‍යාපෘතියක්, හෝටලයක් සහ ත්‍රාසජනක ක්‍රීඩා කළාපයක් ඇතිකොට, එයින් රටේ ආර්ථිකයට සිදුවන යහපත පෙන්වාදීම වැදගත්.
මම හිතෙන්නේ ඔය ෙවගේ ඇක්වටිවිටිස් වලට ලේසිම තැන කිතුල්ලගල..නමුත් අවාසනාවකට කිතුල්ලගල නවතිනවා බලාගාරය හැදුනාම.. කොළඹට කිට්වටුව ඒ ෙවගේ ෙලොකේසන් එකක් මේ කාෙලේදී බලාගාරයක් වෙෙනුවෙන් යට කරන එක පාඩුයි.. නමුත් ඉතිං ඒවා ත් පාඨ ලී ෙලගේ ෙමොලෙන් ගහපු ඒව නේ..
Deleteඔය ගැන එහෙන් මෙහෙන් අහුලගෙන ලියල තියන ඒවා තමයි ගොඩක්ම අහන්න ලැබුණේ.ඒවා කියවල අපේ මෝඩ රැළ සිම් කඩනවා, එටිසලාට් වහන්න හදනවා,
ReplyDeleteමුස්ලිම් ව්‍යාපාර වහන්න කතාකරනවා.
ඇත්තටම මේ ලිපිය ඒ ගැන මධ්‍යස්ඨව ලියවුනු හොඳ ලිපියක්.
මචන් මේ හොටෙල් එක ගහන්නෙ මරේ වත්තෙ නෙමේ. මම දන්න විදිහට මේක පුද්ගලික ඉඩමක්. මරේ වත්ත කියන්නෙ මස්කෙලිය වැවිලි සමාගමට අයිති වත්තක්. ඒක තවමත් තියන්නෙ ආර්පිකො එකට.
ReplyDeleteලස්සණ පරිසරයක හෝටලයක් හැදෙනවනම් හොඳයි...
ReplyDeleteඑටිසෙලාට් ටයිකෝට් ගහලා ආවනම් ඔය එක බල්ලෙක්වත් බුරන්නෙ නෑ.