Tuesday, November 29, 2016

ගණීකාව හා රාජ්‍ය ආදායම්

අයවැය හදන්නේ කොහොමද කියල ඇහුවොත් හැමෝම කියන්නේ වියදම් කරන හැටි ගැන.. සැබැවින්ම මේ ලංකාව කියන රට අද මුහුනපාන්නේ සල්ල ිවියදම් කිරිමේ ගැටලුවකට නෙමෙයි..මුදල් උපයන්නේ කොහොමද? ධනපතින්ට රිදෙන්න..උත්සාහවන්තයින්ට නොරිදෙන්න...වැඩකට නැති දේවල් නැතිවෙන්න කොහොමද බදු ගහන්නේ.. බදු නැතුව අපිට විදෙස් ණය ගෙවන්න බෑ..ඒ වගේම රටේ පාලනය කරගත යුතු නියාමනය කල යුතු අංශ ගනනාවක් තවමත් එසේම තිබෙනවා. 

මට අනුව අලුත් බදු 


විශාල විවාහ මගුල් අධෛර්යමත් කිරීමේ අරමුණින් විවාහ බද්දක්.. විවාහයකට වියදම් ‍වෙන විශාල මුදල නැවත කිසිසේත් අපේ ආර්ථිකමය වැදගත් දෙයක් නෙමෙයි..ඒකෙන් පොටෝ කාරයෝ අන්දන උන් හොටල් කාරයෝ හැදෙනවා නමුත් ඒකෙන් ඇතිවන හොදක් නෑ. ජෝඩුව අවසානේ අවුරුදු ගානක් යනකල් කිසිම තේරුමක් නැතුව ණය ගෙවනවා මේ කෝලම් විවාහ නිසා.. මෙය පාලනය කරන්න අමාරුයි..නමුත් බදු එකතුකරලා පැනලා යන අයට සහන දෙනවානම්..එය බොහොම ආකර්ෂණීය වැඩපිලිවෙලක් වෙයි. 

සැලොන් සහ රූපලාවන්‍ය බද්දක් 
පහුගිය කාලේ සැලොන් කේ්ස් එකක් නිසා කවුද ගෑනු කෙනෙක් මිය පරලොව ගියා..කපටි ආන්ඩුවක් නම් ඊලග අයවැයෙන් අනිවාර්යෙන් ඔය සැලුන් නියාමනය කරලා බද්දක් එකතු කරන්නට ඕනි..නමුත් එහෙම වුනේ නෑ.. අද බැලුවාම හැම කුඩා ටවුමකම සැලුන්.රූපලාවණ්‍ය වැඩකිඩ හැමතැනම..මේවා අත්‍යාවශ්‍ය දේවල්ද? 

හැම ගෑනිම එකම වගේ මූන හූරගෙන සුදුවෙලා..හැමෝම එකම වගේ කොන්ඩේ මැදලා..ලිප්ස්ටික් ගාලා..පුසප් බ්‍රාස් දාලා..දැන්‍කොල්ලොත් ඇතැම් වෙලාවට කොන්ඩේ කපන්නත් දාහ දෙදාහ වියදම් කරනව.. රුපියල් දාස් ගන්න වල පේසල් දානවා.. ටැටූ ගහනවා.. ඇත්තටම මේවා නැතිවුනා කියලා මිනිස්සු ආපහු කැලෑවට යන්නේ නෑ..ඔයාලට අපිට උගන්වන්න, බේත්ගන්න, යන්න එන්න පාරවල් හදන්න හැමදේටම ආන්ඩුව වියදම් කරනවා.ඉතිං ඔය හැඩ වැඩ වෙන්න වියදම් වෙන ගානින් 20%ක් වගේ ආණ්ඩුව අයකරන එකේ මහ ලොකු වැරැද්දක් නෑහැ නේද? 

මසාජ් ස්පා නියාමනය හා බදුකරනයට ලක් කිරීම ... මසාජ් කියන්නේ ලිංගිකමය උත්තේජන ලබාදීමේ කුප්‍රකට මධ්‍යස්ථාන බව හැමෝම දන්නවා..මේ තැන්වල අය කිරීම් ලේසි නෑ..ඉතිං මේ තැන්වලට උවමනාවට ගියා වුනත් ඒක අවශ්‍යම එකක් වුනත් මේ ගන්න විශාල මුදල් වල හැටියට බදු ගහන එක  කල යුතු දෙයක්..ඒ වගේම අඩුම තරමේ මූලික අවශ්‍යතාවයන් ටිකවත් සම්පූර්ණ වෙනවාද කියලා හොයල බලල නියාමනය වෙනෝ නම් ඒත් පංකාදුයි.. 

ගොඩක් ස්පා වල තියෙන්නේ සීමිත ඉඩක්..ඒකෙ කෙල්ල සහ ආතුරයට හැරෙන්නත් ඉඩ මදි..බාත් රූම් අජපල්..පුද්ගලිකත්වය ආරක්ෂා වෙන්නෙත් නෑ.. මේවා මිනිස්සු සල්ලි දීල යන තැන්..ඒවා ගැන බැලීමත් සැබැවින්ම සෞඛ්‍ය සේවාවන් වල එක්තරා වගකීමක්. 

ටියුෂන් බද්ද.. පාසලේ උගන්වන කෙහෙම්මලම ආයෙත් උගන්වන තැන් වලට ටියුෂන් කියනවා..එක අතකින් නැවත ඉගැනීම් දරුවාට අපහසුතාවයක්..ඒ වගේම ‍ාබෙහෝමයක් ටියුෂන් වල නියමිත වැසිකිලි සහ ආසන පහසුකම් වත් නැහැ..ඒ වා නියාමනය කරලා ඒ සදහා සැලකිය යුතු බද්දක් පනවන්නට ඕනි..ඉ්න පසු දෙමාපියන් තීරණය කරයි එක්කෝ ටියුෂන් එකට යවලා පාසල්‍නොයාවාම ඉන්නෝද නැත්තං ස්කෝලේ යවනෝද කියලා. 

ගුප්ත විද්‍යා සහ ආගමික බදු .. 
ආගම පාවිච්චි කරලා රටවල් සමාජ හදන වැඩේ පරණ එකක්. වැඩිය ඕනි නෑ මේ අච්චර මෙච්චර සුන්දරයි කියන ථෙරවාද බුද්ධාගම ගනිමු..ඔය ආගම තියෙන මූලික රටවල් 3වන මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව කියන රටවල් තුනේම හාමුදුරුවරු අමු පිස්සු කෙලිනවා ක්‍රමයට දරාගන්න බැරිවෙන්නම .. තායිලන්තයේ පන්සල් වල තියෙන කලු සල්ලි අදින එක සහ රජයට කරන අනිසි බලපෑම් නවත්තන්න රජයටවත් බෑ.ඒ වගේම නිතරම අන්‍යාගම් වලට ගරහන වෛරය පතුරුවන බුරුම හාමුදුරුවරු අවි ආයුධත් අතට අරං ඉවරයි.. 

. වර්ථමාන ලෝකයේ දියුනු රටවල් වල තියෙන විනය, හැදියාව, මිනිස්සුන්ගේ අනෙකාට ගරු කිරීම ආදිය ලබාගන්න ඒ මිනිස්සුන්ට හැකි වුනේ අවුරුදු දාස් ගනන් පරණ ආගම් වලින් නෙමෙයි..හැමෝටම ගරු කරන්න පුලුවන් පොදු නීති වලට සමාජය යටත් කරමින්..අපේ රටෙත් විවිධ ගුප්ත විද්‍යා කාරයොත් ආගම් කාරයොත් සල්ලි එකතුකරනවා නොයෙක් ආකාරයට..

ඒ අයට පුදුමකට වගේ ටැක්ස් නෑ..සමහර විහාර දේවාල වලට ටැක්ස් ඇත්තේම නෑ..  කතරගම තියෙන පූජවට්ටි කොලේ සිට ආසිරි ගේ ෆෙන්ෂුයි වාලම්පුරි අණවින කොඩිවින වශී ආදී තැන්වලටත් විහාර දේවාල සහ කෝවිල් පල්ලි වලට ලැබෙන විශාල ආධාර ආදිය නියාමනය වන විදියක් එන්න ඕනි සහ ඒවාට බදු එකතු වන්නට ඕනි..

 අපි යන්නේ රටවලින් ණයට සල්ලි අරං හදපු පාරවල් වල.. අපි බොන්නේ පිටරටින් ණයට සල්ලි අරං හදපු ජල ව්‍යාපෘති වල වතුර. විවේකට එක්සයිස් එකට දුවන්නේ විදෙස් ණය වලින් හදපු ට්‍රැක් වල.. .පොදු ගොඩනැගිල්ලක් වැසිකිලියක් හදාගන්න ගියාම පවා ලෝකයට ණය වෙනවා..ඒත් පංසල්,පල්ලි,කෝවිල්,දේවාල වල උන් අපිට සුන්දර ජිවිතයක් දෙන්න කියලා එලොව පරලොව පෙන්වලා අපෙන් සල්ලි ගරාගන්නවා. 

පංසල් පල්ලි කෝවිල් දේවාල යාතිකාගාර වල කෝටි ගනන් සල්ලි තියං මිනිස්සුන්ට සහනය සලසන්න කියල එක එක බහුබූත කරනවා..කොන්ක්‍රීට් ගොඩවල් හදනවා..මාලිගා ගහනවා. ඇත්තටම මේ සල්ලි රජයට අරං විදෙස් වලට ණය නොවී මොනවාහරි වැදගත් දේවල් ටිකක් කරන්න පුලුවන් නම් ඒකෙන් අර බුදුන් දෙය්යෝ හෝ වෙන ආරක්ෂාවල් වල් වලට ආයෝජනය කරනවාට වඩා මිනිස්සුන්ට වැදගත් වෙයි.. ඒ වගේම සෑම අදෘෂමාන යැදීමකදීම මුදල් ගෙවන්න වන අවස්ථාවක රජයට බදු මුදල් ගෙවන්නට වන පද්ධතියකුත් තිබීම බොහෝම වැදගත් දෙයක්. 

නොමිලේ සේවා ගැන නැවත සිතීම දුම්රිය සේවාව පාඩුයි..නමුත් බස් එකටත් වඩා දුම්රිය ගාස්තු අඩුයි.. ඇයි ඒක වැඩිකරන්න බැරි..මිනිහෙක් වැඩට යද්දි තමුන් ඒ වැඩට යෑම සහ ගිහින් කාල බීල ඒමවත් පාඩු නැතුව කරගන්න බැරිනං..කරන්න යන රස්සාව තේරුමක් තියෙනවාද? නෑනෙව.. ප්‍රවාහනය වගේම සෞඛ්‍ය සහ අනෙකුත් හැමදේම විශාල වශයෙන් බදු ගහලා තමයි ආයිමත් අපිට දෙන්නේ..සම්පූර්ණයෙන්ම නොමිලේම නැතුව අඩුම තරමේ සියයට 10ක් වත් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වලදී අයකරගන්නවා නම්..ඒක වැදගත් පියවරක්.. 

ගණිකාව සහ බදු 

ටොපික් එක නිසා ගණිකාව ගැනත් කියන්න එපැයි. ගණිකාවන් 12775ක් විතර ලංකාවේ ඉන්නවාලු. ඒ 12775 අතර ඉන්නවා රුපියල් 15000ට 30,000 වගේ විසාල ගනන් වලට යන ඒවත්..මධ්‍ය අගය විදියට එක් අයෙකුගේන දවසට 500ක  බද්දක් ආවත්? රාජ්‍ය ආදායම කොච්චර වෙයිද? 6,387,500 බදු මුදලක් රජයට එනවා. රු මිලියන හයක්..දවසට.. 

පන්සීයක්  කියන්නෙ ලොකු අගයක් තමයි..එත් රුපියල් 6,000ක් ගොනාට වියදම් කරන්න පුලුවන් එකාට 500ක් ආන්ඩුවට ගෙවාගන්න බැරිවෙන් නෑනෙ.  අරක්කු බෝතෙලේට 820ක් විතර බද්දක් වදිනවා නම් ගණිකාවට ඉතිං 500ක් ගණිකා බද්දත් මදි වාගේ නේද? ඔ්‍ය මොක කරන්නත් කලිං ඕක නීතිගත කරලා ලිංගික අධ්‍යාපනය හෝ කොන්ඩම් පාවිච්චිය ගැනවත් කියලා දෙන්න ඕනි.. 

12775ක් ඕ වැඩේ නිරත වෙලා ඉන්නෝ නම් නිතිගත කරාම අපේ රජයට ඒකෙන් බදු පාරක් ගන්න හැකියාව ලැබෙනවා..ණීතිගත නොකර හිටියාම ඔය මොකුත්ම නෑ.. නිකං හොරාට හොරාට තමයි වැඩේ යන්නේ. 

ගොඩක් තිබුන නම් අහක්(මෙහෙක්) කරන්නට තිබුනා.. 

ඉතාම ලේසි දේ තමයි වියදම් කල යුතු දේ තීරණය කිරීම. ඕක ඉතිං අපිටත් පුලුවන් නේ. "තිබුනානම් හුගක් ලොකු මිල මුදල් මගෙ අතේ.". කියන්නේ අපි හැමෝම ලියන්න ආස රචනාවක්..නමුත් මිනිස්සු විදියට වගේම රටක් විදියටත් අපි අලුත් ආදායම් හොයන්නේ කොහ‍ොමද  ? හැමෝම ගොලුයි ඒ පස්නයේදී.. 

Thursday, November 24, 2016

රාජපක්ෂ මත්තල ද? MRIA turn profits ?

මත්තල පාඩුයි..එ් මේ රජය පත්වෙන්නට පෙර ඒ කිව්වේ වර්ශ දෙකකට පෙර සිට අද දක්වාම ගහන තැටියක්. වරක් මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කරන්න උත්සාහ කලාට අමතරව මත්තල ගැන ලොකු කතාවක් කවුරුත් කියන්නේ නෑ..කරන පාටකුත් නෑ..
අපි බලමු මත්තල ගොඩගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන


ගුවන් යානා ඉංජිනේරු මධ්‍යස්ථානයක් පිහිටුවීම 

එයාබස් සමාගම පසුගිය කාලයේ ඉන්දියාවේ දිල්ලි එයාපෝට් එක කිට්ටුව ඉඩමක් සොයමින් හිටියා එයාලගේ ගුවන් යානා නඩත්තු කරන්න..එයාපෝට් එක ගාව ඉඩම් හිගයි ලු..තිබුනත් ඒවා රජයෙන් රිලිස් කරන්න තරමක් අදිමදි කරන කතාවක් තමයි මම දැක්කේ.. 

දැනට එයාබස් සමාගමේ ගුවන් යානා 500කට වඩා මේ දකුනු ආසියානු සීමාවේ පමණක් ධාවනය වෙනවා. මේ ඔක්කෝම එයාබස් ලගේ මවු සමාගම වෙත යවන්න ගියොත් ඒක සමාගමට පාඩුයි.. ලංකාව කියන්නේ ඉංජිනේරු වගේම අනික් ස්කිල් සහිත ශ්‍රමිකයින් සාපේක්ෂව අඩු මිලට ගන්න පුලුවන් තැනක්..ඒ වගේම ලංකාවේ මත්තල වගේ එයාපෝට් එකකුත් එයාලට පෙන්වලා කොහොම හරි දහං ගැටයක් දාල මෙහෙට අඩුතරමේ වරකට ප්ලේන් 5-6ක් වත් හදන යාඩ් එකක් අපේ වියදමෙන්හරි හදා දුන්නොත්..? 

ඉන් පස්සේ ඒක බොහොම ලේසියෙන් ඉදිරියට යාවි.. ඉන් පස්සේ ලංකාවේ ඉන්න දක්ෂ ඉංජිනේරු තාක්ෂණ ශිල්පීන් ඒ වැඩ කිඩ හොදට කරලා එතැන ස්ථාවර කර ගනීවි..වැඩේ තියෙන්නේ ඕව ලේසියෙන් කරන්න බෑ.ඉන්ටනැසනල් ගේම්ස් තියෙනවා පිටිපස්සේ..ඒව කරන්න පුලුවන් වෙන්නේ එක්තරා මට්ටමක ඉහල ලෙවල් එක‍ේ පිරිසකට විතරයි..  ඒ වගේ යම්තාක් හැකියාවක් තියෙන පිරිසක් එකතුකරගන්න එජාපයට බැරිනම් ඒ වැඩේ ජේවීපි කාරයින්ටවත් රාජපක්ෂලාටවත් කරන්න කොහොමටවත් බෑ.. අදහසක් විදියට ආන්ඩුවේ ඉන්න ආර්ථික වෙළඳ මූල්‍ය පණ්ඩිතයින් උන්ගේ වියදමින් හරි එයාබස් හෝ එවැනි ගුවන් සමාගම් එක්ක පිංසේන්ඩු වෙලා මේක හදා දුන්නොත්.. ඒකෙන් ඒ දේසපාලුවන්ටත් ඔය කී්‍යක් ඕනි නම් හරි ගසා කෑවත් අපි හැමෝටමත් වැදගත් වැඩක් වේවි. 


ටුවර් ඩෙස්ටිනේසන් එකක් විදියට 

දැන් මේ කතරගම ඉන්න දෙයියෝ කාගෙද? ආයෙත් අහලා ඔය ඉන්නේ බෞද්ධ සම්‍යක් දෘෂ්ඨික අපේ පොරක් නේ.. නෑ යකෝ නෑ..ඕ දෙයියා ඇවිල්ල සවුත් ඉන්දියන් ඔරිජින් එකක්..මම දෙමල චිත්‍රපටියක දැක්ක විදියට ඔය කතරගම ඉන්න කන්දසාමියා දකුනු ඉන්දියාවෙත් සැරට පුදන ඩයල් එකක්..ලංකාවට බෝට්ටුවෙන් එන්න පුලුවන් උනු ඉස්සර කාලේ දකුනු ඉන්දියා දෙමලු බෝට්ටුවලින් මන්නාරම් ඇවිල්ල එතනින් මාතරට කෝචිචයේ ඇවිල්ල කතරගම කන්දසාමිය බලන්න ගියාලු.. 

කතරගමට පැයේ විතර දුරක් තියෙන්නේ මත්තල ඉදලා.. අපිට මුලින් ඉන්දියාවේ සිට මත්තල ප්ලේන් අමාරු වුනත් කටුනායක ඉදලා මත්තල පටන් ගන්න පුලුවනි. කතරගම දේවාලෙටම ටුවර් බස් සර්විස් එකකුත් අටවන්න පුලුවන් දැන් සී ටී බී තියෙන සැප බස් දෙක තුනක් දාල උනත්.. 

යාල උඩවලව ලුණුගම්වෙහෙර වගේ ජනප්‍රිය පාක් දෙකක්ම මත්තල කිට්ටුව තියෙනවා..ඒ තැන්වලට සංචාරකයින් කොපමණ එනෝද කියනවා නම් යාල රෙජිස්තර වෙච්චි සංචාරක කැ්බ් විතරක් 600++ තියෙනවා ලු. ඉතිං මේ තරං පිරිසක් එන යාල සහ කතරගම පලාතට දවසට එක බජට් එයාලයින් එකක් රුපියල් 5000ක ටිකට් එකකට තිබුනත් මිනිස්සු යන්නේ නැද්ද? මම හිතන්නේ හරියට මාකටින් පාරක් දීල 

දේවාලේ අතේ දුරින් 
යාල හූවෙ බල්ටියෙ දුරින්..
එතැන් සිට ඒ සී බස් එකේ සැපෙන්

වගේ කියල මාකට් කලොත් ඕක හොද රූට් එකක් වෙයි කටුනායක සිට මත්තලට ගුවන් ගමන.. 

එක අතකින් අපි දේසපාලුවන්ගෙන් විතරක්ම නෙමෙයි බිස්නස් කාරයින්ගෙනුත් දුප්පත් රටක්..කොරන බැංකු, ඉන්සුවරන්ස්, අරක්කු, ෆුඩ්සිටි වගේ බිස්නස් ටිකෙන් එලියට හිතන උන් අඩුයි.. අවුරුද්දක් දෙකක් පාඩුවට දුවලා රිස්ක් එක ගන්න පුලුවන් සහ එහෙම හිතන උන් අඩුයි.. හැමෝටම ඕනි පලවෙනි ටර්ම් එකේ සිට ලාබගන්න.. 

පොඩි සයිස් පාවිච්චි කරපු ප්ලේන් කෑලි දෙකක් අරං තීන්ත ගාල ලස්සන කරලා..ඔ්‍ය ලාබෙට නැට්ටිච්චියො ටිකක් බදෝගෙන කටුනායක මත්තල පොඩි බජට් ටයිප් එයාලයින් එකක් කරන්න මහා විසාල මෙව්වා එකක් ඕනි නෑ,.හැබැයි බිස්නස් එකක් විදියට කරන්න නම් ටිකක් ඉතිං මාකටින් පැත්ත පුලුවන් වෙන්න ඕනි.. එ වගේම රුපියල් 12500ට මැලේසියා බහින්න පුලුවන් කම තියෙද්දි කවුරුවත් රුපියල් 10000ක් දීළ මත්තල යන්නෙත් නෑ..බජට් එයාලයින් එකක් විදියට ඔ්‍ය පැය බාගේ ටුවර් එකට ඉන්දුනීසියා පැත්‍ේත් නම් ගන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 4000කටත් අඩු ගානක්..ඒ තරම්ම අඩුවට බැරි වුනත් 5000කට එක පැත්තකට ටිකට් මිල තිබුනත් ඒත් මීගමු පැත්තේ ඉන්න ටික දෙනෙක් හරි වැඩේට සෙට් වෙයි.. 

අසාර්ථක වෙයිම කියලා හිතෙනාව නම් කතරගම උත්සව කාලෙට..ඉස්කෝල නිවාඩු කාලෙට වත් පොඩි ට්‍රයි එකක් දීල බලනවා නම් මම හිතන්නේ බොහෝදුරට හරියන්න ඉඩ තියෙනවා. 

අපි හැමතිස්සේම පරණ ආන්ඩුවට බැනල වැඩක් නෑ..පුලුවන් තරම් විකල්ප හිතන්න ඕනි..මම හිතන්නේ එතකොට තමයි අපිට ටිකක් හරි ඉස්සරහට යන්න ලැබෙන්නේ. 

Friday, November 18, 2016

ලාබ වතුර cheap water

නියං සමයේ පොලොන්නරුව දිඹුලාගල 

ලෝකෝත්තර තත්වය
ලංකාවෙන් තුනෙන් දෙකකට වඩා වපසරියකට මිලිමීටර 1500ට වඩා වර්ෂාපතනයක් ලැබේ. මුලු මහත් ඉන්දියානු උප මහද්වීපයම සැලකුවත් එසේ මිලිමීටර 1500ට වඩා වැඩි වර්ශාපතනයක් ලැබෙන භූමිභාගය ඉතාම කුඩාය. 

මේ සිතියම දෙස බැලීමෙන් ඉන්දියාවට වඩා අපිට කොච්චර වහිනවාදැයි දල අදහසක් ඔබට ගන්නට හැකිය. නිල්පාටින් දැක්වෙන්නේ වර්ෂාපතනයේ තීව්රතාවයයි. 

අපිට මෙච්චර වැහැලත් පැරකුම්බා ගේ පුක ඉඹින්න වගේ හැමතිස්සේම අහසින් වැටෙන එක මූදට යන්න දෙන්න එපා කියල ගිරව් වගෙ  කියද්දිත් අපේ රටේ මාස තුනක් කොහේ හරි පලාතකට පෑව්වම නියං.. මිනිස්සු ආන්ඩුවට සහ හතර වටේටම බනිනවා නියගයක් ආවම..හරියට වතුර නැතිකලේ ආන්ඩුව වගේ තමයි මිනිස්සුන්ගේ බැනීම. ඇමරිකාවේ පවා ගම්බද පැතිවල මිනිස්සු වැහි වතුර එකතු කරනවා..ඉන්දියාවේ රාජස්ථාන් වගේ කාන්තාබද පලාත්වල මිනිස්සු මහා ටැංකි පොලව යට ගහගෙන වැහි වතුර එකතු කරනවා..ඒ ගැන මම ලියපු ආටිකල් එකක් තියෙන නිසා වැහි වතුර එකතුකිරීම ගැන වැඩිය කියන් නෑ මේක බලන්න..වැඩි විස්තර වලට.. (http://sinhala.roar.lk/srilanka-life/the-importance-of-conserving-rain-water/) 

ලංකාවටම ජලය සැපයීමට
 රජය වසරකට වියදම් කරන මුදල රු මිලියන 20,000
එක් පවුලකට ජලය සැපයීමට
 රජය දරන ප්‍රාග්ධන වියදම - රු 175,000-රු 300,000 අතර මුදලක්.. 
ජලසම්පාදන මණ්ලයෙන් ජලය සපයන ජනගහනය - 43.4% 
අනෙක් යෝජනා ක්‍රම හරහාත් ඇතුලුව 
සමස්ථ ජලය ලැබෙන ප්‍රමාණය ජනගහනයෙන් - 65%
දිනකට නිපදවන ජලය ප්‍රමාණය - මිලියන 1.5 ඝනමිටර

දිනකට ලාංකික ජල පරිභෝජනය 1%කින් අඩුකරගත හැකිනම් ඒ තුලින් තවත් පවුල් 20,000කට ජලය ලබාදිය හැකි අතර ඒ තුලින් රජයට ඉතිරිවන මුදල  රුපියල් මිලියන 3000කි..එනම් 1%ක් ජලය ඉතිරිකගරන්නේ නම් අපිට නව ජල සම්පාදන ක්‍රම හදුන්වාදීමකින් තොරවම තවත් පිරිසකට ජලය සපයා රජයට විශාල මුදලක් ඉතිරිකර දිය හැකිවනු ඇත. 

ලංකාවට බොහෝවිට විශාල ජල සම්පාදන ක්‍රම ලැබෙන්නෙ ණය ආධාර වශයෙනි.ඇතැම් විට ඒවා විදෙස් ආධාර ලෙස ලැබුනු අවස්ථාද තිබේ. ජල සම්පාදන මණ්ඩලයෙන් සපයන ජලය නිරන්තර පරීක්ෂාවකට ලක් කරන අතර ප්‍රමිතිකරණයෙන් යුක්තව ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලය බැඳී සිටී. 

ජලය ඝන මීටරයක් පිරිසිදු කර ඔබ වෙතට දීමට ජල සම්පාදන මණ්ඩලය සියලුම වියදම් ලෙස රුපියල් 160ක මුදලක් වියදම් කරනු ලබන අතර එයින් බොහෝවිට බිල් මගින් අයකරගනු ලබන්නේ රුපියල් 40ක මුදලක් පමණි. එවිට ඔබට ලැබෙන ජලයට ඔබ ගෙවනු ලබන සැබෑ මුදල සමස්ථ වියදමින් 25%ක් වන අතර ඉතිරි 75%ක මුදල රජය මගින් ඔබ වෙනුවෙන් දරනු ලැබේ. 

රජය කොච්චර මුදලක් අපිට වතුර සපයන්න වියදම් කරනවාද කියලා ඔබට ඉහත සටහන් වලින් පේන්නට ඇති. මේ දත්ත  2014 වර්ශයේ ජල සම්පාදන මණ්ඩලයේ වාර්ථාවකින් ගත් ඒවා..වර්ථමානය මීට වඩා අදුරු වන්නට හැකියි. 
අඹතලේ 

ජල ගාස්තු අයකරන ක්‍රමවේදය අනුව මුල් ඒකක කිහිපයට රජය සපයන සහනාධාරය අති විශාලය.ඒකකයක් මුල් ඒකක වලදී ඒකකයක් සදහා බිල මගින් අයකරන මුදල රුපියල් 20-35ත් අතර තරම් අඩු අගයක් ගනී. 

ඉහල දත්ත අනුව පේනවා ලංකාවෙන් 45%ටයි මණ්ඩලයෙන් වතුර ලැබෙන්නේ. එතකොට ඒ අයට වතුර දැන් දෙන්නෙත් අති විශාල සහනධාරයක් සහිතව.ඒ තියාගෙනත් වතුර බිල ටිකක් වැඩිකරන්න යද්දි ආණ්ඩුව නැවතත් සහනාධාර නිකුත් කරන්න තීරණය කරලා හමාරයි..

ඈත ගම්වල ජනයා වතුර පොදක් හොයාගන්න මහා දුරක් පයිං යනවා ඇති.. අහිංසක දුප්පත් පියවරු බයිසිකල් එකක පිටිපස්සෙ ලොකු බූලියක් ගැලුම් කීපයක් බැදගෙන පැයක් හමාරක් බයිසිකල් පදිනවා ඇති බොන්න වතුර ඩිංග ගෙදරට අරං එන්න. ඉතිං ඒ දුක්පත් මිනිහා ගමනක් යනකොට, සිනි පරිප්පු තුනපහ ගන්නකොට සහ එකී මෙකී නොකී මොනවාහරි දෙයක් කරද්දි ආන්ඩුව බදු ගහනවා..ඒ බදු සල්ලි වලින්, බට වලින් හරි ලස්සනේට ගෙදරට වතුර ගන්න උන්ට වතුර නිකංම වගේ දෙනවා.. දැන් ඔබට පේනවා ඇති හොරු ටිකක්..ඒ අය ඔක්කෝම පාර්ලිමේන්තුවෙද? රාජ්ය සේවයේද ඉන්නේ සහෝදරවරුනි? නෑ නේද? 

Wednesday, November 16, 2016

ටැබ්

ඉස්කෝලෙ වල ඉගෙනගන්න දරුවන්ට ටැබ්ලට් පරිගනක දෙනෝ කියල කතාවක් ඇදිල ආවා. හිතුවෙ නැති විදියට මිනිස්සු ඒක ට විරුද්ධයි..අපි මේ ගැන කාරණා කාරණා සලකා බලමු.. 

වැල බලාවි ස්කෝලෙත්. 
අසභ්‍ය දේවල් වලට දරුවන්‍කොයි කාලෙදිත් ආසයි..වීඩියෝ තිබුන කාලේ වීඩියෝ පීස් සහ සීඩි ජනප්‍රිය වුනා..දැන්න්ම පෙන් ඩ්‍රයිව් සහ අන්තර්ජාලය..ඊට කලිං යුගවල වල් පත්තර සහ පිංතුර ආදිය ජනප්‍රිය වුනා. ඉතිං මේ ළමෝ මොන ක්‍රමයෙන් හරි ඔය අවශ්‍යතාවය සම්පූර්ණකරගන්න වා නේ.. ටැබ් තිබුනා කියලා ඕකේ ටිකක් පැතිරීමක් තියේවි..එ්ත් ලිංගික ආසාව කියන දේ නැතිකරන්න අමාරුයි..ටැබ් වලින් ගන්න ඇහැක් හොද එක්ක බැලුවාම වැල බැලීමේ අවධානම කියන්නෙ තරමක් නොසලකා හරින්න පුලුවන් දෙයක්. 

ඈත ඉස්කෝලෙට පුටු නෑ..මුන් ටැබ් කතාව
හැම ස්කෝලෙටම හැම ලමයටම සමාන අයිතිය තියෙන්න ඔනි පොතේ විදියට. ඒත් ප්‍රායෝගිකව යම් යම් දුර්වලතා තිබෙනවා..ඈත සෑම ස්කෝලෛකටම ඔක්කෝම දීල අහක් වෙලා ටැබ් දෙන්න ගියොත් අපිට දෙදාස් කීයෙදි විතර ටැබ් දෙන්න පටන් ගන්න ඇහැක්‍ වෙයිද ආයිබොවන්ඩ? 

ආන්ඩුව ගසා කන්න හදන්නේ
ටැබ් ගන්න දෙන සල්ලි වලින් පුටු ගන්න හිතුවා කියමු. ආන්ඩුව පුටු වලින් ගසා කන්නේ නැද්ද? කනවා පිංවතුනි කනවා..දරුවන්ට රටට ජාතියට ආදරෙයි කියලා නිළධාරි බළධාරි කිව්වට ඇහැක් නං මුන් අපේ ඉහ මොල ටික හරි විකුනං උන්ගේ සැප පිණිස වැඩ කරනවා ඒක මෙහෙ අයගේ ජාතික ගතිය...ඉතිං ඔය ටැබ් ගන්න සල්ලි වෙන ඕනිම වැඩකට යෙදෙව්වත් කෑම සහ ගසාකෑම ස්ථිරයි. 

ටැබ්ලට් දීම ගැන තියෙන වැරදි මත නැතුව අපි දැන් සලකා බලමු ටිකක්හොද පැත්තකින්.. 

පොත් ප්‍රින්ට් කරන්න ආන්ඩුව වසරකට සෑහෙන මුදලක් වියදම් කරනවා.ඒ කලත් පොතක් කියන්නේ තරමක සීමිත අවකාශයක්.. පොතකට බෑ වීඩියෝ එකක් පෙන්වන්න..පොතකට බෑ යම්කිසි චලනයක් විදහා පෙන්වන්න. පොතකට බැහැ අපිට ඕඩියෝ මාර්ගෙන් දෙයක් කියාදෙන්න. 

සැබැවින්ම පොත් වලට වඩා වැඩි යමක් කරන්න හැකියාව තියෙනවා ටැබ් එකෙන්..පිංතුර චලන චිත්‍ර, ඕඩියෝ වැනි දේ හරහා අපිට පුලුවනි සම්පූර්ණ මල්ටිමීඩියා වලින් දරුවා ට අවැසි දේ ලබාදෙන්න.. සරලවම හිතමු ලක්ෂණ කවි පංති අපේ සිංහල‍පොත් වල තිබුනා..ලස්සන ගායනා තිබුනා..අපේ පංතිවල කවි කියන්න දන්න මම වගේ පොරවල්..(ඇත්තටම මම ඉස්සර සිංහල ‍ පොතේ කවි ගායනා කරපු ඩෑල් එකක් ) අපිට හිතුන තාලෙකට කවි කියනවා..ඒක කියන්න ඕනි කරන තාලේ.. අපිට වැටෙන්නේ නැ හරියට.. සිංහල ගුරා දන්නවයි සංගීතයක් ඉතිං..

ඔය වගේ දෙයක් වුනත් ඕඩියෝ ක්ලිප් එකකින් ලේසියෙන්ම දරුවන්ට කවන්න හැකියාව තියෙනවා ටැබ්ලට් හරහා අධයාපනය කටයුතු කලොත්.. 

අනාගතයට සිංකි කිරිල්ල.

අද වෙද්දි ලංක බැංකුව බොහොමයක් ශාඛා වල ඔවුන්ගේ සල්ලි දාන මැසින් හයි කරලා ඉවරයි..ඒ කියන්නෙේමීඨ කලිං කාඩ් එකනේ සල්ලි ගන්න විතරක් පුලුවන් වුනාට දැන් සල්ලි දාන්නත් හැකියාව ලැබෙනවා ලංකා බැංකුවේදි..ඒක ඔපරේට් කරන්න ිතයෙන්නෙත් බොත්තම් ඔබලා..මේක හැමදාම එතන ඉන්න සිකුරිටි ට කියා දෙන්න අමාරුයි.. මේ වගේ ‍දැන් දැන් හැමදේම ලෝකය තුල ඩිජිටල් වේගෙන එනවා..පොත් පත් ඈත් වෙනවා වැසිකිලි යනකොටත් ඉස්සරහට ටච් ස්කිරින් එකකින් ඔබලා සල්ලි දාන්න තිබුනොත් අපි ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ.. 

දියුනු රටවල් එක්ක අපි මුහුන් වෙන්න නං අපෙ දරුවන්ට ටැබ්ලොට් එකක් වත් ඕන..නැත්තං ඉස්සර අර බැද්දේගම එකේ සිලිදු වගේ කොම්පියුටර ටැබ් පාවිච්චි කරන අස්සේ අපේ පොත් පාඩං කරපු අය ගිහින් නිකාං පීච්චං වෙලා වගේ තමයි ඉන්න වෙන්නේ. 

අලුතින් එන හැමදේම අවුල් කියල හිතන්න නරකයි..ඕක දැන් කොළඹ 7 රෝයල් එකේ වත් පටන් ගත්තෝතින් ලබන අවුරුද්ද වෙද්දි ඕක පොලොන්නරුව රෝයල් එකට යාවි..ඉන් පස්සේ තා අවුරුදු තුනකින් වත් ගොංකටුආර කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් දෙතුන් දෙනෙක්ට එක ගානෙවත් ටැබ්ලට් ලැබෙයි..එහෙම නැතුව හැමදාම ගල් යුගේ වගේ පොත් බදාන ස්කෝලෙ යන්න බලාන හිටියොත් ලෝකේ එහේ යනෝ අපේ පොඩි උන් කිලෝ පාලහේ මල්ලක් කරගහං පරණ ස්කෝලේට යනෝ.. 

දැන් මම සිංහල රෝර් සයිට් එකටත් ලියනවා.එතන ගුණාත්මක ලිපි යනවා. කැමති කෙනෙක්ට ඒතැනට ඇවිත් ඒවත් බලාගන්න පුලුවනි. 
http://sinhala.roar.lk/

Tuesday, November 8, 2016

අමද්දියප වියාපාරේ (රැ තෙන්නකෝන් )


දැන් අපේ රටේ අමද්දියප වියාපාරෙ කියන එකක් බොහොම අඬ සැරේට කෙරීගෙන යන බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ අහු අස්සේ පටන් ගැනුණු මද්දිය වියාපාරෙ ගෝසාව නම් ඒ තරම් හයියෙන් ඇහෙන්නට නෑ. එහෙත් “පිරුණු කළේ දිය දිය හෙල්ලෙන්නේ නැති, නොපිරුණු ක‍ලේ දිය තිස්සෙම කච කච ගා හෙහල්ලනවාය “ කියන කතාවක් රටේ රටේ තියෙන්නා වාගේ මේ බොහොම සද්දෙට කෙරෙන අමද්දියප වියාපාරෙට වඩා කිසි අඩහැරයක් නැතුව කෙරෙන මද්දිය වියාපාරෙන් හුගක් වැඩ කෙරීගෙන යන බව අවුරුදු පතා මාස්පතා හින්දවෙන රා අරක්කු කල ගණනෙන් බෝතල ගණනෙන් පෙනී යනවා.

මේ අස්සේ අමද්දියප ව්‍යාපාර හමුදාවේ එක බළඇණියක උදවිය මද්දිය වියාපාරෙටත් යටි පිටින් හවුල් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ අමද්දියප වියාපාරෙක තැබෑරුම් වැසීමේ උස්සවයකට ගිය අපේ රතු මාමා රෑ ගෙදර ආවේ හරි හැටිම අමද්දියප සංගරහ විඳලා සිහසන් නැතුවයි. රෑ එළිවෙන කල් උන්දැට සාත්තු සප්පායම් කළ අපට සිදු වුණේ උන්දෑ ගේ කොළ බොක්කේ පිරී තිබුණු අමද්දියප පල් අරක්කු නැළි හතරක් විතර බස්සා හැරීමයි. එහෙත් ඒ වැඩේට මෝඩ ඇළ ඉඩ මදිවුණු නිසා පාන්දර වන විට මේ අරක්කු කොළ බොක්කෙන් පිට බින්දලා වාන් කටත් බිඳගෙන උතුරා ගියා.

උදේ සීසන් ලැබුනු රතු මාමාගෙන් “ ඇයි මාමණ්ඩියෙ අමද්දියප මංගල්ලෙට ගිහින් ඔහොමත් නොසෑහෙන්න ‍භීවෙ” කියලා අප ඇහුවාම උන්දෑ කීයේ පුදුම කතාවක්. මේ ළඟදී පොරසිද්ද තැබෑරුම් ගණනාවක් වස්වාදැමූ අමද්දියප නායකයකු මුඩුක්කු හයක හොර අරක්කු වෙළඳුන්ට තෑග්ගට දුන් අරක්කු බෝතල තිහ දුසිම් ගණනක් කරන්න හිතාගෙන අමද්දියප පෙර පෙරහැරේ නටන්නටත් එක්ක විළිලජ්ජා දෙක හේදිලා යන කල්ම රතු මාමයි අර අමද්දියප වීරයයි තවත් දෙන්නෙකුයි හින්දෙව්වාලු බෝතල පහ හයක්ම. මේ විදියට බැලුවාම අමද්දියප වියාපාරෙත් ඒ හැටි පාඩු වැඩක් වෙන්නට පිළිවන්කමක් නෑ.

වස්වන වස්වන එක එක පෙරසිද්ද තැබෑරුමට අප්පොරසිද්ද තැබෑරුම් පහ බැගින් විවුරුත වෙන නිසා මේ එළිපිට කෙරෙන අමද්දියප වියාපාරෙන් ඒ හැටි පාඩුවක් වෙන්නේ නෑ. ඇරත් මේ ආවරණ තැබෑරුම් විවුරුත කරන්නෙත් අමද්‍යප වීරයන් ම නිසා ඒකට තොරණ හේවිසි, පාවාඩ, මල් මාලා ආදී ඕනෑ කරන්නෙත් නෑ. පොරසිද්ද තැබෑරුම්වල තිබෙන පල් අමු අරක්කුව මිනිස්සුන්ගේ පානයට සුදුසු නැති නිසා මේ හොර තැබෑරුම්කාරයන් ඒවා මිනිසුන් හට දෙන්නේ ගම්මිරිස් මුල් කසාය, පින්න මුල් කසාය, කුනුදිය බාල්දි කසයා වගේ එකකින් බාල කර විස මරාලයි. ඒ අතින් බැලුවාම අමද්දියප විජ්ජාව රජයේ අමද්දියප විජ්ජාවට වඩා සැනසිලි දායකයි.

මේ අතරතුරේ කෝපි අවදියේ මහා අමද්දියප සේනාපතියකු වී සිටි අපේ මහ අධිකාරම් තුමාගේ රජය එදා පොරසිද්දියේ කල අමද්දියප වියාපාරේ දැන් පෝරිසාද රජ්ජුරුවන්ගේ මස් කෑම වාගේ රහසින් කරගෙන යන බවක් පෙනෙන්නෙ. අමද්දියප වීරයන් දන්නවාට වඩා බණ දහම දන්නා අපේ මහ අදිකාරම්තුමා හොඳ හැටි තේරුම් ගෙන තිබෙනවා තැබෑරුම් වස්සනවාට වඩා කටවල් වස්වන එක හොඳ බව. වස්වන කට ආයේ අරක්කුවට විතරක් වස්සවන්නේ මොකටද කියලා හිතූ අපේ නිදහස් ආණ්ඩුව දේසපාලන ගෝසා, නැති බැරිකම් කියා කෑ ගහනගෝසා ආදී කොයි එකටත් එක්ක කටවල් වස්සවන්නට පටන්ගෙන තිබෙන බවයි පෙනෙන්නෙ. දරුණු විස නො මැරූ අමු අරක්කු ඇරගෙන ඒවාට ඒවාට නොඑ‍ක් පොරමාණෙට පල් දියර හාමු කරලා ගිනි වතුර පදමට ආවාම බෝතලවල අහුරා තැබෑරුම්වලටත් ඒ තැන් මගින් හොර අරක්කු ගබඩාවලටත් යැවීම තමා ඒ අමද්දියප වියාපාරෙ. මේ ගිනි වතුර අරක්කු ටික දවසක් බීගෙන යන කොට මිනිසුන් ගේ කටවල් විතරක් නෙවෙයි ඇස් කන් නාස් ආදිය ද ආයේ නෑරෙන හැටියට වැහිලා යන බව ඒ රජ මහ අමද්දියප වීරයන් දන්නවා. තමන්ගේ සියලු ආරස්සා සංවිදානේ රජයට පවරා රජය අදහාගෙන හිටලා පුරුදු වූ රට වැසියා “ දැන් ඇත්තේ නිදහස් රජයක්ය,” කියන එකක් ගැන කල්පනාවක් නොකොට වෙනදා පුරුද්දට මේ ඇට්ටකුනා කරපු විස අරක්කු බොනවා. එයින් ඔහුගේ කට වැහෙන එක කියන්න ඕනෑ යැ?

මේ රටේ අමද්දියප වියාපාරෙ සිදුවෙන්නට ඉඩ ඇරලා පිට රටේ ඇවිදීමට වැඩ වදාළ අපේ මහ අදිකාරම් තුමා වැඩ කරන්නේ ඒ පිළිවෙළට ද? ලක්වැසියා වෙනුවෙන් බුරුමයේ පෙනී සිටිනා ‍බවුද්ද මහෝපාසක ලංකා තානාපති තුමා අපේ මහ අදිකාරම වෙනුයෙන් පැවැත්වූයේ කොක්ටේල් ද ද මොන ටේල්ද මා දන්නේ නෑ, ඔන්න ඔහොම නමක් ඇති සැලැකිල්ලෙකි. ඒකට මද්දිය සංගරහය කියන බව මේ ලංකාදීප පත්තරෙන් මා ඉගෙන ගත්තා. ඉතින් බලමු බුරුම විහාරයක් ළඟ දී සිගරැට්ටුවක් නූරන තරමට දමනෙ වෙච්ච අපේ ම‍හෝපාස මහ නිලමේ තිමු ගියේ ඒ වගේ සිල්වත් බවුද්ද මහෝපාසක තුමකු විසින් පවත්වන ලද මද්දිය මංගල්යකටයි. ඇයි බුදුනුත් දවසක් දා හාමුදුරු කෙනෙකුගෙන් ඇහුවා නොවැ. “උන්නාන්සේ හිතා ගෙන ඉන්නෙ මා සික්කා පද පමුණුවන්නේ මටත් එක්කය කියලා ද “ කියා ඒ වගේ අපේ මහ අදිකාරම් තුමාටත් අහන්නට පිළිවන් “ අපි අමද්දියප වියාපාර කරන්නේ අපිටත් එක්කද? “ කියාලා අපේ රතු මාමා ගේ පශු පශ්චාත් අමද්දියප ගෝසාව ඇහිලා එතනට පැමුණුණු ටිකිරි මාමා දෙසන්නට පටන් ගත්තා දිගට හරහට, අනේ ඇත්තට මා ඒ වෙලාවේදී සිටියෙ කනේ ඇඟිල්ල ගසාගෙනයි. උන්දෑගේ දේසනාවෙ අග හරියෙන් ටිකක් මෙන්න මෙහෙමයි. 


මේ අමද්දියප වීරයන් කියන ... .. න් දන්නේ නෑ උන් කරන්නේ මොනම ආගමක වත් නැති පිස්සු වැඩක් බව. හොර හරක් මැරීම, සිය දිවි නසා ගැනීම, ගෑනු දරුවන් හට වද හිංසා පැමිණවීම. කට්ට කයිරාටික කම, ආදී ජන සමාජය නැති කරන ඇඳ මකුණන් වැනි දහසක් දුසිරිත් ඉහ වසා බෝවෙද්දී අරක්කු කඩයක් රා මඩුවක් වැස්සීමේ තේරුම මොකද්ද? මුන් කියනවා සියලුම පව්වලට මුල සුරාව ය කියාලා. එහෙත් බුදුන් වදාරනවා ඒ සියල්ලට මුල අවිජ්ජාව ය කියන එක. ඉතින් කොයි එකද අපි බාරගන්නෙ, මුන් කියන එකද ? එහෙම නැත් නම් බුදුන් වදාරන එක ද? බුදුන් හටත් ‍වඩා බුදු ඇස පෑදුණ මුං බුදු තාත්තලා ද ඒ පුතාගේ කීම අහක දමා මේ බුදු තාත්තලා කියන එක අහන්න.? එහෙත් කොයි රුසියාට ද කොයි අමද්දියප වීරයාට ද කොයි පැවිද්දා ට ද පිළිවන් බුදු වදන අමුතු කරන්නට? බුදුන් කී ලෙසකට පිළිපැදලා අන්ත දෙකට නොගොහින් සිටිනා එක නේද බුද්ධාගම් කාරයෝ කරන්නට ඕනෑ? එහෙම නැති ව නිකම්ම බුදුතාත්තලා වෙන්න හැදුවාට වැඩේ හරි යයි ද? මොකද්ද‍ බොල රත්තො , ඔය වැඩේ තේරුම? ඕක හරියට අතීසාරෙට අමුඩ ගැසිල්ල වාගේ එකක් නේද? ඒ මදිවාට රජයේ තවත් අමද්දියප වීර උස්සවේ. දැන් මානුස්සයෙකුට සැකක් බියක් නැති ව බොන්නට තියෙන්නේ පිටරටකින් එන බීමක් විතරයි. ඒ වායිනුත් හොඳම එක තමා විස්කි කියන ජාතිය. ගහේ බඩු ළඟට හොඳම එක තමා ඒ. ඉතින් ඒකත් මිනිහාට සුළුපටු මුදලකට ඇරගෙන බොන්නට ඉඩ තුබුයේ නෑ. මේ අමු අරක්කු රජය මොකක් දෝ එකකින් රේගුවේ රැඳී තිබුණු විස්කි බෝතල ගණනකට ම රජයේ මුලාදෑනීන් කලා යයි කියන නිග්ගරහය ඇහුවාම කවුරු ද අපට හිනා නොවෙන්නො? ඔන්න ඔහොම වැඩවලට තමා බල්ලා පිදුරු කන්නෙත් නෑ කන එකෙකුට දෙන්නෙත් නෑ කියන කතාව කියන්නෙ. හැබෑටම විස්කි බෝතල චීන පටස් ගැහිල්ලේ තේරුම මොකද?

මේ අමු අරක්කුව නොබී ඒ හොඳ විස්කි ටිකක් කලාතුරකින් වත් ඉඩක් පෑදුණු වෙලාවේ අඩු මුදලකට ඇරගෙන මානුස්සයෙකුට බොන්නට ඉඩ දුන්නා නම් ඇතිවන පාඩුව මොකක් ද? බොන මිනිහාත් අඩු මුදලට හොඳ දෙය ඇරගෙන බොනවා. රජයටත් ඒකෙන් කීයක් හරි ලැබෙනවා. කාටත් ඒකෙන් හොඳක් මිස නරකක් සිදු වන්නේ නෑ. ඒ ඔක්කොම තියෙද්දි රජයේ නිලදාරීන් කලේ මක්කා ද? දුප්පතකු අඩු මුදලට හොඳ දෙයක් ලබාගන්නවා උහුළන්නට බැරි ඉරිසියාව පිරිමසාගන්නට අර වටිනා දේ වනසා දැමුවා. මෙහෙම ඉරිසියාකාර කුඩු කේඩු මිනිසුන් ලොකු කම් කරන රටේ නොවැ හැබෑටම අපත් සිටින්නේ. ? සී සී අනේ හැබෑටම මට ‍හෙම බලයක් තිබුණා නම් කරන්නේ ඒ විස්කි බෝතල වරායේ කොටු තාප්පේ ගහන වෙලාවේ දී අමු අරක්කු බෝතල ටික්ක ඇන්න ගොහිල්ලා ඒවා එක එක ඒ උදවිය ගෙ ඔළුවෙ ගහන එකයි. බලමු පරිස්සමට තුබූ යකඩෙ ඈලියාවට හිටිය වගේ මහජනයා ගේ යහපතට සුබ සිද්දියට තිබාගත් රජය මහජනයාට විපතට හිටි හැටි! !

දැන් ඉතින් කරන්නට තියෙන්නෙ මද්දිය ඕනෑ කරන උදවිය එකතු වෙලා වෙන වෙනම ජනපද පිහිටුවා ගැනීමයි. ඒ ජනපදවලට අමද්දියප වියාපාර කාරයන් වැද්ද නො ගෙන මැලේරියා මදුරුවන් දුරු කරන්නා වාගේ උන් පළවන්නට ඕනෑ. ඉරිසියා, කොරෝද, මද, මාන, තණ්හා ආදියෙන් බරිත වෙවී සුරාව පමණක් දුරු කරවීමෙන් මිනිසුන් දැන්ම නිවන් දක්වන්නට හදන මේ බුදු තාත්තලට නිවන පැත්තෙන් අඩවියක් පිහිටුවා ගන්නට කියන්න ඕනෑ. ඒ අයගේ හිතේ ඒ අය පමණයි බණ දහම දන්නෙ කියා, තමන් අදහන ආගම හැමෝටම බලෙන් ගැන්නීමට හිතීම තදබල වරදයි. හැමෝටම ඇත්තේ එක තාත්තයි හැමෝටම ඇති විය යුතු එක ආගමයි කියන මිනිසුන්ගේ කාලෙ ගෙවුනෙ බුදුන් උපදින්නටත් ඉස්සර වෙලායි.

ටිකිරි මාමා මේ විදියට දේසනාව කරගෙන යන කොට රතු මාමා අමද්දියප මංගල රුදාව ටිකක් බාල වුනු බව පෙන්නා හේන පැත්තට ගිය නිසා මාත් ඒ පැත්තට ගියා.

1950 දශකයේ ලංකාදීපයේ පළ වූ රැ තෙන්නකෝන් මහතාගේ ලිපියකි.