Wednesday, March 29, 2017

සිරිපාදේ .. ක්ලීනින් වාරේ.. අත් පටලා යමු ආයේ..

පසුගිය සතියක අපි ගියා දැරණියගල දිහායින් සිරිපාදේ..දැරණියගලින් සිරිපාදේ යනවිට හමුවුනා දිලීප තුවාන් ලක්ෂාන් මංජු ඇතුළු පිරිස. ඔවුන් අපිට ආරාධනා කලා සිරිපාදේ පිරිසිදු කරන ශ්‍රමදානයට පැමිණෙන්නට කියා. ඉතිං අනෙක් අයට බැරි වුනත් මම ජොයින් වුනා වැඩේට. 

යෑම සහ ආරම්භය

තුවාන්ෆේ සහ දිලීප ෆේස්බුක් එකේ ඉවෙනට් එක ගහල තිබුනා..මම ගොයින් එබුවා ඉන් මනත පිටත් වෙන්න කියලා යෙදිලා තිබුන සිකුරාදා රෑ 12ට විතර කොටුව ස්ටේශමට ආවා..ආවා විතරයි සෙට් එකක තරුණ කොලු කෙලි ගැටවු ටිකක් එක්ක ලේලන්ඩ් බස් එකක් නවත්වලා තිබුනා..මම උන්නේ හම්මද බොල කෙල්ලොත් යනවා වගේ..නරකම නැහැ කියලා.ටිකක්ඒරියල් එක දාල බලද්දී උන් කතාවෙනෝ යන පාර බදුල්ල දිහායින් යන්න..බදුල්ල දිහායින් කොහේද හැටන් වලට පාරක්..මට තේරුනා ටිකක් අලවුනා වගේ කියලා..ඒ පාර කෝකටත් කියලා ෆුබ්බෝඩ් හරියෙ ඉදං ‍පොතකුත් අරං ඕගනයිසර් මොඩල් එකක් වගේ හිටපු කෙලිනැට්ටියෙක්ගෙන්‍ඇහුවා.. නංගි මෙක අර සිරිපාදෙ ක්ළීනින් කරන වැඩේද ? කියලා.. 

නංගි නෑ අයියේ..ඒක නෙමෙයි කියලා බොහොම සංතෝසන් කිව්වා.. 
ඉන් පසසේ කොහොම හරි ටිකකින් තුවාන් කාරයා බස් එකක් අරං ආවා පිටකොටුව දිහායින්.. ඒකේ කොටුව ස්ටේසම ගාවින් ඕන්නං 8ක් නගින්න ඇති..ලොකු දොර දෙකේ ලේලන්ඩ් එකක් . ඉතිං හප්පා මරු ආතල් එක.. නිදාගන්නත් ෂීට්..ඉන් පස්සේ කිරිබත්‍ගොඩ කඩුවෙල පැත්තෙන් තව 4ක් විතර එකතු වුනා.. ඉතිං ඔක්කොම 16ක් වගේ.. 
ගිහින් පාන්දරම කාල බීළ අපි මකර තොරණ ගාව වනජීවි කාර්යාලයට එකතු වුනා.. මකර තොරණ ගාව වනජීවි එකේ පැයක් විතර උන්නා ඉදලා අපි වැඩේ පටන් ගත්තා. 

ප්රෝගැම් එක

කුනු එකතු කිරීම..

කුනු එකතුකිරීම ඇවිල්ලා හරි ලේසියි පාර අයිනේම කුනු තියනවා නම්..එහෙම නැහැ..මිනිස්සු කාල ඉවර වෙලා බීල ඉවරවෙලා ඉතුරු වෙන බෝතල් සහ කවර විසික් කරනවා ඈතට..කැලේ ඇතුලේ රිංගලා බෑවුම් වල රූටලා සීත ගගුලේ ගල් උඩ නැගලා අපිට කුනු එකතු කරන්නට වුනා.ඇතැම් විට කිසිම වගවිබාගයක් නැතුව කෑම කොල එක්කම කෑම ආදිය තැන තැන දාල තිබුනා.. සමහර අයට යට ඇදුම පවා අමතක වෙලා ගිහින් දාල ගිහින් තිබුනා.. ඒ අතර සතා සර්පයා පවා හමු වුනා..මගේ පෝන් කැබරාවටත් ලස්සන සර්පයෙක් හම ුවුනා.. 
පසුගිය දිනවලදී කුනු එකතු කරන පිරිස් සිරිපාදයට පැමිණ තිබුනා..ඒ නිසා ඇත්තටම මග දෙපස පේන මායිමේ කුනු තිබුනේ අඩුවෙන්..ඒත් ටිකක් පඳුරු අස්සට රිංගලා පාරෙන් මීටර 20ක් විතර කැලෑව ඇතුලට රිංගුවම නිධන් හම්බෙනෝ වගේ ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සහ අවශේෂ දේවල් හමුවෙනවා.. මුලදී අපිත් පාරදෙපස කුනු එකතු කලත් රක්ෂිත වනයක් තුල ඇතුලට වන්නට ප්ලාස්ටික් බෝතල් තිබීම හොද දෙයක් නෙමෙයි කොහොමටවත්..ඒ නිසා අපි හැකි සෑම තැනින්ම නොදිරන කසල බෑග් වලට එකතු කලා. .

කුනු බෑග් වලට පිරවීම..

ප්ලාස්ටික් බෝතල නම් බෑගයේ කට ගාවටම පිරෙව්වත් ගානක්වත් නෑ..මොකද ඒවායේ බරක් නෑනෙ.. ඒත් වෙනත් කෑම සහ අපද්‍රව්‍ය ආදිය නම් ටිකක් බරයි. මෙහෙම වැඩි බර මලු කුඩා බරක් එන විදියට අප ිමලු දෙක තුනකට දානවා.. ඉන් පස්සේ විශෘල වගේ මලුත් ටිකක් පෙනුමෙන් අඩු වෙන විදියට නැවත පැක් කරනවා.. අපගේ අරමුනු නොදිරන බෝතල් සහ පොලිතින් එකතු කිරිම වුනත් අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් අපි පසුබට වුනේ නැහැ..මන්ද කුනු බහාලන්නට බඳුන් තිබුනාට බඳුන් වලට එකතු වන කුනු? කිලෝමීටර 5ක් දුර ගෙවාන මීටර 1000කට වඩා උසක් නැගගෙන බැහැගෙන නැවත ගෙනියන්නට ඕනි..මේක ලේසි වැඩක්ද? ණෑ කිසිසේත්ම නෑ.. 

බෑග් පහල යන අයට බාරදීම .. 

අපි යොදාගත්ත ක්‍රමය ගැන අපිටත් මුලදී සැකයක් තිබුනා..ඒත් නල්ලතන්නි සිරිපා ඉම බාර අඹගමුව ප්‍රාදේශිය සභාවෙන් ශීත ගගුල පැත්තේ කුනු භාරව පත්කරපු පිරිසිදු කරන මහත්මයා කදිම මාකටින් බුලට් එකක්..පොර කැඩිච්ච සිංහලෙන්..මේ කුනු බෑග්යෙක කූමහරි ගෙනියන්නකූ,.වැඩි බර නේ.. පොඩි පාර්ශලෙයි නේ.. ලොකු අමාරු නෑ මාත්තියා.. කියලා බෑග් එකට පුරවපු බර අඩු කුනු බෑග් පහලට බහින වන්දනා නඩවල අයට දෙනවා.. 
අපේ අයටත් ටික වෙලාවකින් මේ වැඩේ අල්ලාගන්න හැකි වුනා.. අපේ අයනම් දුන්නාට මට නම් මේ කුනු බෑග් දෙන එක කරන්නම අමාරුයි.මොකද මට හිතෙන්නේම මිනිස්සු බැනල එලවයි.උන් අපිට බනියි කියලා.ඒත් එහෙම නැහැ..සැබැවින්ම මේ මිනිස්සුම දාපු කුනු වුනත් ඒ කුනු නැවත රැගෙන යන්නට ඔවුන්ගේ දායක වීම විශිෂ්ඨයි. 

ව්යාපෘතියේ සාර්ථකත්වය

ව්‍යාපෘතියක් සාර්ථකයි කියන එක මනින්න මේ වගේ තැනකදි තරමක් අපහසුයි..අපිට මුලු සිරිපා ඉම සෑම තැනකම එක් ප්ලාස්ටික් කැබැල්ලක් හෝ නැතිවන පරිදි පිරිසිදු කරන්න බෑ.. ඒක කරන්න අමාරු නෙමෙයි කරන්න බැරි වැඩක්.. 
අපේ තුවාන් සහ දිලීප එකතුවෙලා කරපු මේ වැඩේ එයාල කමර්ශල් පෝර සමාගමෙන් මලු 500ක් අරගෙන තිබුනා..එයින් අපි මලු100ක් වනජීවි කාර්යාලයේ තියලා 400ක් විතර වැඩේට අරගෙන ගියා..මලු 500ක් අපි ඔක්කොම 16ක් අමාරුයි නේද? එ්ත් අපි 16 දෙනාට මලු 192ක් පුරවන්න හැකි වුනා..එයිනුත් එක් අයෙක් අපි ඡායාරූප ගන්න‍ යොදවලා තිබුනා.. එතකොට එක් අයෙක්ට බෑග් 13ක් වගේ.. සාර්ථක වැඩක් කියලා තමයි මට හිතුනේ.. 
පිරිසක් ඉහල රතු අම්බලම ලග බෑග් අත ඇරලා ගිහින් තිබුනා..තවත් පිරිසක් සීත ගගුල ලග බෑග් තබලා ගිහින් තිබුනා..තවත් බහුතරයක් මකර තොරණ ගාව..බෑග් 20ක් විතර ඔය හැම බාධකයම පහු කරගෙන ඇවිත් නල්ලතන්නි පාලම ලගට පැමිණ තිබුනා. මකර තොරණ ගාවට බෑග් ගොඩක් එකතු වෙන්න එතන තිබුන මයියොක්කා දංසල හේතුවාසනා වෙලා තිබුනා. 

මේ ව්යෘපාතියේ ඇති විශේෂතා

කෙල්ලො නෑ ආන්ටිලනෑ මුත්තල නෑ..කොල්ල විතරයි.. 

අපේ සෙට් එකේ හිටපු නාකිම බුවා මම වෙන්න ඇති..අනික් උන් ඔක්කොම කොල්ලො ..නිදිමරාගෙන වංගු මැදින් පැද්දි පැද්දි බස් එකේ ගිහින්..එතනින් ගිහින් කන්ද නැගගෙන ඉදිකටුපාන සීත ගගුල වගේ තැන්වල ගල් උඩ අකුල් අස්සේ රිංගමින්..යාන්තම් සරල ආහාර වේලකින් සප්පායම් වෙලා.. වැඩේ තනි කට්ටට කරගන්න මේ කොල්ලා ටික නිසා අවකාශ ලැබුනා..කෙල්ලො සහ වයසක උන්දැලා වැඩේට එකතු වුනානම් ඒ අයට සලකන්න වෙනමම කාලයක් ශ්‍රමයක් අපිට වියදම් කරන්නට වෙනවා. 

ග්ලවුස් බෙදීම සහ බෑග් බාරදීම ..

තුවාන් සහ දිලීප ගේ අදහසක් අනුව අපි බෑගයක් බාර දෙන හැමෝටම එක් රබර් අත්වැසුමක් දෙන්න තීරණය කලා.. එය විශේෂ තිළිනයක් ලෙස ඇත්තටම පිරිස පිලිගත්තා.. ලංකාවේ අයට අත්වැසුමක් හෝ කමක් නෑ නිකං ලැබෙනවා නම් ලොකු දෙයක් නෙව.. ඒ වගේම මේ කුනු බාරදීම කියන කරුණ නිකංම කුනු කේස් එකක් නෙමෙයි.. මිනිස්සු ටිකක් හරි කුනු ගෙනියන ගමන් හිතනවා ඇති..මේ ගෙනියන්නේ අපි ‍ දාපු ප්ලාස්ටික් බෝතල්,‍පොලිතින් කෑලි නොවෙද? මේ අපේම කුනු නෙවද කියලා දුක්වෙන්නත් ඇති කලාතුරකින් කෙනෙක් හෝ. 

පාලු ගෙවල වලං බිදිනවාට වඩා.. 

අපි කැම්පස් කොල්ලෝ (මං නෙමෙ අනික් උන් ) විදියට බැහැල කුනු අදින විදිය..අපි විදින දුක ඒ වන්දනා වල යන ජනතාවට එවෙලේම පේනවා..මට මතකයි එක අවස්ථාවක අපි සාම චෛත්‍යය පසුකරමින් එද්දී මගේ බෙල්ලේ හිස් මලු සෙට් දෙකක් එල්ලිලා , අත් දෙකේ කුනු මලු දෙකක්..කොටින්ම පින්න නිසා නාහෙට එන හොටු ටික පිහගන්න විදියක් නෑ අත් දෙකේම මලු..කොල්ලො දෙන්නෙක් අපිව දැක්කෙ නෑ වගේ පිඹගෙන යන්න ගියේ..ඒත් උන් දෙන්නටම අපි සෙට් එක මලු එක්ක කරන වැඩේ තේරුනා..ඒ දෙන්නා හැරිලා මගේ අතේ තිබුන කුනු මලු දෙක ඇදලා ගත්තා. 
මම හිතන්නේ අවාරේ හෝ මිනිස්සු අඩු වෙලාවට කරනවාට වඩා මිනිස්සු ඉන්න වෙලාවේ එයාලටම පේන්න.එයාල දැනුවත් කරමින් කරන මේ කුනු ඉවත්කිරීමේ ඔන්ලයින් වැඩේ සාර්ථකයි..මිනිස්සු එක්කම එකතු වෙලා කුනු පහලට අදින නිසා ලොකු දැනුවත් කිරීමකුත් ඉටු වෙනවා.. ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අඩු සිරිපා ඉමක් වෙනුවෙන් වන්දනාකරුවන්ගේ නොදිරන කසල භාවිතය අඩු කරන්නට පාලකයින් වැඩපිලිවෙලක් හදන්නට ඕනි. මිනිස්සු කුනු දානවා හැමදාම පිරිස් ගිහින් එකතු කරනවා මේක කරන්න අමාරු වැඩක් නේ.. 

එදා සහ අද

එදා විතරක් නෙමෙයි අද පවා දුන්හිද බලන්න යද්දි ඒ කඩ වල තියෙන්නේ බෙලිමල් සහ ඇඹුල් දොඩම් බීම.. එදා මතක විදියට කලකට පෙර සිරිපාදේත් ඒ වගේ ස්වභාවික බීඹ ජාති තිබුනා..ඒත් අද වෙද්දි බෙලිමල් උගුරක් කහට උගුරක් බොනෝට වඩා මිනිස්සු බෝතල් බීම වලට හුරු වෙලා.. 
ඉස්සර ගලා හැලුනු දිය පහරකට කට අල්ලලා වතුර බොන්න හුරුවුන අපි දැන් දැන් වතුර බෝතල් වලට හුරු වෙලා..වතුරු ෆිල්ටර් අදිය දමලා හොදට ටැප් හදලා තිබුනත් වතුර බෝතල සහ බීම වෙලෙන්දන් වෙන්න ඇති ඒ හැම එකක්ම වගේ කඩල තිබුනා.පොලිස් පෝස්ට් ගාව විතරය් හරිහමන් ටැප් එකක් තිබුනේ.. 
අග්ගලා වෙනුවට විවිධ ආකාරයේ රසකැවිලි කරලියට ඇවිත්.. ටිපිටිප්, බයිට්. මික්සර්, පැණිරස ජාති, ආදී ඒ හැම එකක්ම එන්නේ විශාල පොලිතින් මලු වල..පෙලක් තැන්වල තම්බපු කඩල ඇටේ හෝ ඉරිගු කරල දෙන්නෙත් පොලිතින් උරේක දමලා.. 

මිනිස්සු වසර දහස් ගානක් තිස්සේ වදින පුදන මේ පින්බිමේ ඒ කාලෙ ගලක කොටපු අකුරක් හෝ ගෙවී මැදීගිය ගස් කොටසක් හැර ඒ මිනිස්සුන්ගේ සලකුනු පරිසරයට එකතු වුනේ නෑ.. ඒත් වර්ථමානය බියකරුයි.. සිරිපා මග දෙපස පඳුරු පොඩ්ඩක් මෑත්කර ඔබට කැලය තුල බැලිය හැකිනම් ඒ බව හොඳින්ම පසක් වේවි.. සිරිපා ගමනක යෙදෙනවා නම් අනිවාර්යෙන් ඔබ රැගෙන යන ( මුත්‍රා සහ අශූචි හැර ) කාබනික අකාබනික අපද්‍රව්‍ය සියල්ලම නැවත රැගෙන එන්න. ඔබේ කුනු පාර්සලය ග්‍රෑම් පන්සියයක් බර ඇති..එය ඔබට බරකුත් නැතිව ඇති..එහෙත් එවැනි පිරිස 10,000කගේ කුනු..කොතරම් විශාල ප්‍රමාණයක්ද? ඒවා ඉවත් කිරීම කොතරම් අපහසු ව්‍යායාමයක්ද? 
මදක් සිතන්න. 

5 comments:

  1. අපේ මිනිස්සුංගෙ භුධ්ධාලම්භන ප්‍රීතිය පේනව ඒකෙන්ම.
    අඩුම ගානෙ අර ඉදිකටුපානෙ එල්ලන පැකට් වලටවත් පොලිතින් දාන එක තහනං කරන්න බැරිද? මොකද ඒව කවුරුවත් ඈතින් අරගෙන එන දෙයක් නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අපිට ලේසිම දේ තමයි මිනිස්සුන්ට බැන අඩගැසීම..ඒත් ඔය වෙන විනාසය වලකන්න බෑනෙව ඒකෙන්...ඒ අයට තේරෙන බාසාවෙන් තේරෙන විදියට කියා දෙන්න අපි උත්සාහ ගන්නෝනි... වතුර ඩිංගක් බොන්න ටැප් එකක් නැත්තං..බෙලිමල් කහට තේවතුර ඩිංගක් බොන්න තැනක් නැත්තං මිනිස්සු ප්ලාස්ටික් බෝතල් ගන්නවා කඩ වලින්... ඉන් පස්සේ ඒක දන්නෙම නැතුව කුනු බාල්දියකට හො විසික් කරනවා.. ඉතිං ඔය තැන්වලට හොද වයින් ෆිල්ටර් ටිකක් දාල වතුර බොන තැන් 10-12ක්වත් හදා දෙනෝ නම් සහ ඒවා හොදට නඩත්තු කරනවා නම්.. මිනිස්සු ප්ලාස්ටික් බෝතල් පාවිච්චිය අඩු කරාවි..

      Delete
  2. විශිෂ්ටයි... කිව්වත් වගේ අවාරෙ කරනවාට වඩා වාරය තුළ කරන එක සාර්ථකයි...

    ReplyDelete
  3. බස් එහෙකින් ගිහිල්ලා බහින්න පුළුවන් වගේ තැනක නම් කුණු නෙවෙයි කක්කුස්සි වලවල් හරි අදින්න සපෝට් එකක් දෙන්න පුළුවන්. කඳු නම් නගින්න බෑ ගොයියෝ..

    උඹලගේ වැඩේ එළකිරි! හැමදාම බැරිඋනත් පුළුවන් තාක්කල් කරගෙන යන්න යෝධ බල යෝධ සත්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මචං අපි මේක වාරෙකට එකයි කරන්නේ..ඇත්තටම මේකත් ඒ පරිසරයට කරන හානියක්..අපි ගිහින් පදුරු අස්සේ රිංගලා මල් ගහකොල පොඩි සත්තු පාගලා දාලා කැලේ ඇතුලේ කුනු හොයනෝ කියන්නේ ඒ සිරිපා මග සිට මීටර් 200ක් වගේ ඈතට යනතෙක් ඒ පරිසර පද්ධතියට කරන බලපෑමක්..
      අපේ අරමුණ මේ සිරිපා මාර්ගය නිසා ඒ පරිසරයට වන හානිය අවම කරන්න වැඩපිලිවෙලක් රජයට, බළදාරින්ට ඉදිරිපත් කිරීම...
      පානීය ජල පද්ධතියක් ස්ථාපනය කිරීම, මල අපවහන පද්ධතියක් ඇති කිරීම, කඩවල් නියාමනය සහ කඩවල් ප්‍රමාණය අඩු කිරීම, සිරිපා මාර්ගය සහ වනය අතර අර හයිවේ වගේ වැටක් ගැසීම..
      වගේ වැදගත් යෝජනා කිහිපයක්ම අපි බලධාරින්ට සහ මාධ්‍යයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා..
      සමහර විට අපිට හිතන තරම් ලොකු දෙයක් කරගන්න බැරිවෙයි..ඒත් මොනවාම හරි කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතනවා..

      Delete