Thursday, March 9, 2017

මරල හරි (ආන්ඩුව උපත් පාලනේ,ආගම උපත් වර්ධනේ)

උපත් පාලන ක්‍රමවේදයක් බලෙන් කරන්නට ගිය සිද්ධියක් පසුගිය දිනවල ඇතිවිය. එහිදී පුදුමයකට මෙන් පිරිසක් බලෙන් හෝ උපත්පාලනය කිරීමට පක්ෂව පෙනී සිටියෝය. ඔවුන්ම අතර විටෙක මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය ද සිටියෝය..ඒ අතර මොන අවුලක් වුනත් අපේ පකයා බේරගන්නට පෙනී සිටින දොස්තර හාමුදුරුවෝද ඒ අස්සේ සිටියෝය. 

1600 ගනන් වල සුද්දන්ට යටත්විජිත ගෝත්‍රිකයින්ට සදාචාරය ආගම කියාදෙන්නට උවමනා විය..උන් කලේ එය බලෙන් ගෝත්‍රිකයින්ට කිරීඹට බල කිරිමයි..එසේ නොමැතිවන උන් මරා දැමීමයි..එහෙත් කාලයේ වෙනසත් සමග යටත්විජිතවාදය මෙන්ම ආගම් ව්‍යාප්තියද වඩාත් මෘදු මුහුනුවරකින් කරන්නට මිනිසා පෙළඹී තිබේ.. කොතරම් නරක මිනීමස් කන ජාතියේ අයට පවා අද කාලයේදී කෙලින්ම ප්‍රචන්ඩත්වයෙන් ම පිළිතුරු දීම සාමාන්‍ය දියුනු ලෝකය පිලිගන්නා ක්‍රියාදාමයක් නොවේ. ඉතාම උවමනා අවස්ථාවකදී හැර බලය යොදා බලහත්කාරයෙන් කවර නම් වූ හොද දෙයක් පවා ඇගේ ගැසීම වර්ථමාන මානව දියුනුවට කරන නිග්‍රහයකි. 

එහෙනම් මොකද්ද කරන්න ඕනි 

මා නිතරම මාකටින් කැම්පේන් සදහා උදාහරණයට ගන්නා සාර්ථක ක්‍රියාදාමයකි ඔස්ටේලියානු රජයේ දැන්වීම..එහිදි ඔසියන්ට සිය රටට පැමිනෙන ලාංකිකයින් ෆ්ලයිට් වල පටවා මෙහෙ එවීම හෝ නිව්ගිනියාවේ පදිංචි කිරීම මහ ලොකු කජ්ජක් නොවේ..එහෙත් ඔවුන් දැඩි ලෙස පැතිරුනු මාකටින් කැම්පේන් එකක් ඒ සදහා ලංකාවේදීම දියත් කලෝය. ඔවුන් අවසානයේ ජයග්‍රහනය කලෝය. දැන් ඔසී යන්නට තනන විටම මිනිසුන් කිසිදාක ඔස්ටේලියා පුරවැසිකම නොලැබෙන බවක් යාන්තමින් හෝ මතකයට නගා ගනී. 

අද කාලයේ ලංකාවේ සන්ලයිට් කාරයා සබන් විකුනාගන්නට, ඇංකර් කාරයා කිරි විකුනාගන්නට යොදාගන්නේ වෙළදපොල මාකටින් ක්‍රියාදාමයෝය. එබැවින් රාක්ක උතුරන්නට පාට පාට සබන් තිබුනත් කොතරම් මෝඩ දුප්පත් ගැනු පවා ඉල්ලන්නේ සන්ලයිට්ය.. කන්න බොන්න නැතිවුනත් කිරිපිටි ලෙස ඉල්ලන්නේ ඇංකර්ය..එතරම්ම මිනිසුන්ගේ මනසට කිදාබසින ලෙස මාකට් කිරීඹට එම ආයතන සමත් වී තිබේ.. 

අපේ සෞඛ්‍ය අජ්ජාපනය 

අපේ රට ලොකුයි..අපේ රටේ මාතෘ මරන අඩුයි.. සෞක්‍යය හොදයි.. අපේ රේටින් සංවර්ධිත රටක් වගේ..ඒ ඔක්ක‍ොම සෞඛ්‍ය සේවාවේ හොද නිසා.. ඒ නිතරම අපේ දොස්තරලා ගහන තැටියක්.. ඒ සමස්ථ සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමවේදයම දැන ්දැන් තරමක් යල්පැන යමින් තිබෙනවා.. උදාහරණ විදියට දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ දැනුවත් කරන්න ගෙවල් වලට යන මිඩ්වයිෆ් ඇන්ටිට වඩා ලේසියෙන් ෆේස්බුක් එකේ හෝ ටුයිටර් එක‍ේ පෝස්ට් එකකින් පුලුවන් වෙනවා. 

ඒ වගේම දැඩි ලෙස පැතිරුනු ෆේස්බුක් වැනි සමාජ ජාලයන් සමග ඉතාම දියුනු විදියට ගනුදෙනු කරන්න ක්‍රමයක් අපි හොයාගත්තා නම් අපිට පවුල් සෞඛ්‍ය පණිවුඩ සහ උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කිරීම අදාල තරුණ තරුණියන්ටම හොදින් පෙ‍ේන පරිදි දර්ශනය කරන්නත් හැකියාවක් තිබෙනවා.. 

දෙයියන් බුදුන් ලෙස අදහන ටෙලිනාට්ටි අස්සේ කොන්ඩම් ඇඩ් එකක් පවුල් සෞඛ්‍ය ඇඩ් එකක් ගියා කියලා අනුන්ගේ පවුල් පස්න කට ඇරං බලං ඉන්න පොඩි උන් බඩ වෙන්නේ නෑ.. අපිට සත්‍ය වශයෙන්ම අවශ්‍ය ජනතාව උපත් පාලනයට යොමු කරන්න නම් ඒ කාරණාවට විවිධාකාර මාකටින් ක්‍රමවේද රාශියක් පාවිච්චි කරන්ට හැකියාවක් තිබෙනවා.. 

බලෙන් කිරිමේ අවුල. 

බලෙන් හරි ජනගහනය අඩු කරන්න ඕනි කියන තකතීරු මතේ ඉදගෙන ඉන්න අයට බලෙන් කිරීමේ ආනිසංස මේ දවස්වල සිංහල ජාතිවාදී නිවුස් චානල් බැලීමෙන් ලස්සනට පේනෝ ඇති.. මිනිස්සු තමුන්ග‍ේ උවමනාවෙන් ම උපත් පාලනයට දක්කන්නේ නැතුව බලෙන්ම දොස්තරගොල්ලා ගෝඩ්ෆාදර්ලා වෙන්න ගියාම වෙන්න පුලුවන් දේ අද ලස්සනට වෙලා තියෙනවා.. 

එලොව පෙන්නලා සල්ලි ගරන ආගම් කාරයෝ දැන් උන්ගේ ආගමේ උන්ගේ බෝවීම අඩුකරන්න හදනවා කියලා හතර අතේ බෙරිහන් දෙනවා.. ඒත් මිනිස්සුම ගිහින් දොස්තර මහත්වරුන්ගෙන් උපත් පාලන ක්‍රමයක් ඉල්ලන මට්ටමට මිනිස්සු පෙලගස්වන්න ඔය කෑ ගහන නඩේට සහ රටේ සෞඛ්‍ය අධ්‍යාපනයට පුලුවන් වුනානම්..සිවුරු හොරුන්ට සහ ලෝගුකාරයින්ට අම්මගේ යටිබඩ අස්සේ ලූප් හොයන්න රිංගන්න චා්න්ස් වදින්නේ නැහැ.. 

දැන් ආගම් කාරයෝ මොනාහරි කිව්වම අපේ සිරිසේනලා අනේ හාමුදුරුවනේ ඒම බෑ කියල පස්ස ගහයිද? ඒව හදේ.. චන්ද කෑලි ටිකක් වැටෙන ලෝගු සිවුරු හොරු ගිහින් කිව්වම ඔය මොන සරං කාරයත් නැවෙනවා.. ඉන් පස්සේ දැන් කොරන උපත් පාලන වැඩත් හිටිනවා..දැන් අවසාන පතිපලේ සනීපද ? 

කාලෙට අනුව වෙනස් වීම 

ලංකාව ඉන්නෙ රට මෝඩයෝ උනත් උන් ගෙන් සීයට අනුපහකට වඩා අකුරු ලියන්න කියවන්න පුලුවන් කම තියෙනවා. දුප්පත් වුනත් බොහෝ මිනිස්සුන්ට යමක් වටහාගන්නට හැකි තරම් බුද්ධියක් යාබද ඉන්දියානුවන්ට බංගලින්ට වඩා ලංකාවෙ උන්ට තියෙනවා.. මෙහෙම යම් කිසි මට්ටමක ඉහල ඉන්න ජනතාවකටත් පවුල් සෞඛ්‍යය, ලිංගික අධ්‍යාපනය, උපත් පාලනය වගේ දේවල් ඇගට දැනෙන්න කියා දෙන්න බෑ කියන්නේ තනිකර අපි ෆේල්.. 

අධ්‍යාපනේදි මිනිස්සුන්ට සමාජයට වඩා වැදගත් වෙන දේවල් අපි ප්‍රචාරය කරන්න ඕනි ඒ ප්‍රයෝරිටි ලෙවල් එකෙන්.. දැන් ඉස්සර වගේ මිනිස්සු සංගම් සමිති රැස්වීම් වලට යන්න කැමති නෑ.. හැමදේම ගෙදර දොර ගාවට එනවා.. එතකොට ඒ කාලෙට හරියන්න සෞඛ්‍ය අජ්ජාපනය වැනි දේවලුත් වෙනස් වෙන්නට ඕනි.. 

"මිනිස්සු මුරන්ඩුයි. නේ.එයාල ගෙවල් වල ගිහින් සතියෙන් ආයෙ බඩ ලොඩ් කරන් එනවා.. ඒ නිසා බලෙන්ම උපත් පාලන ලූප් දානවා." . ඒක ඉතාම සරු ගොන් කතාවක්.. සහ ලෙඩේවත් නොකිය රවමින් බෙහෙත් දෙන පැරණි වැඩවසම් මානසිකත්වයේ දොස්තර නඩේ ජනප්‍රියම සිත නිවන කතාවක්. 

2 comments:

  1. චන්දෙ ගන්නකොට විතරක් බුද්ධිමත් ජනතාව. ඊට පස්සේ හැමදේම නොදන්නා අඩුම ගානේ වැසිකිලි ගහින් අත සෝදාගන්නවත් නොදන්නා ජනතාව.

    මගේ අදහස නම්, උගත් කම දැනුම බෙදා-හදා ගන්න තියෙන එකක් මිසක් එකෙන් මිනිස්සු බෙදා තලා-පෙලා දාන්න තියෙන එකක් නෙවෙයි. හැබැයි අද වෙනවිට උගත් කම යෝදාගන්නෙම අනිත් මිනිහව පහත් කරලා තලා පෙලා දාන්න. අනිත් මිනිස්සු ඉගෙන ගන්න එක වැලක්වීමෙන් තමුන්ගේ උගත්කම ආරක්ෂා කරගන්න තැනට ඊනියා උගත්තු පත්වෙලා තියෙන්නේ ඒ නිසා කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  2. ඒ කරපු නොමිනිස් වැඩේ සාධාරණිකරණය කරන්න හදපු සහ හදන මානවහිමිකම් ගැන උනන්දු, මානවවේදී, අවිහිංසාවාදී අහවල් එවුන්ගේ හෙළුව හොඳින් මේ සිද්ධිය හරහා හෙළි උනා...

    ReplyDelete