Friday, September 29, 2017

සාරි ඉස්සීමත් වැරදි නෙ කොහාමද ඉතිං රට නගින්නේ

සාරියක් ඉස්සීම ඔච්චර ලොකුද? 

පාසැලක් කියද්දේ පොඩ්ඩක් ඒක පොදු තැනක් රාජ්‍ය ආයතනයක් කියන එක අපේ ඔලුවට වැටෙනවා.අපි ඕක නිකමට හිතමු ටියුෂන් පන්තියක්. ලමයි යවනවා ඉගෙනගන්න ඔබ විසින් ඔබේ දරුවාගේ අධ්‍යාපනයට රුපියල් දෙතුන් සීයක් ගෙවනවා පැයකට..ඒ පන්තියේ උගන්වන එකාගේ නෑයෙක්ට ඕනි වෙනවා ලෝක වාර්ථාවක් තියන්න සාරියක් ඇදලා..ඉතිං එතනදි ඔබේ අර පැයකට සියේ කොල දෙක තුනක් ගෙවලා යවන දරුවාව අරගන්නවා ටියුෂන් එකේ සර් කාරයා..අරගෙන සාරිය උස්සලා ලෝක වාර්ථාව තියෙනවා? දැන් කොහෙමද ආතල් එක? 

ළමයි ස්කෝලෙදි කොහොමත්  අවුවේ ඉන්නවා.. විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා..දියුනු රටවල නම් දරුවන්ට ලොකු මහත්වෙද්දි තනියම බස් කෝච්චි වල යන්න විතරක්ම නෙමෙ  උයන පිහින ඒවත් හුරු කරවනවා.. කැත්තේ උදැල්ලේ වත්තේ පිටියේ වැඩ දරුවන්ට කියා දීම අද වෙද්දි අපිට අලුත් වුනාට දියුනු අධ්‍යාපන ක්‍රමවලදි දරුවන්ට අත් වල හුරුව, නිර්මාණශිලිත්වයත් හුරු කරන්න ක්‍රියාකාරකම් තිබෙනවා.. එතැනදි අවශ්‍ය නම් සාරියක් ැවඩ දැමීම..සාරියක් ඇදීම වගේ පාඩමක් වුනත් දරුවන්ට යෝග්‍යයයි. මොකද ගැහැනු වගේම පිරිමිත් සාරියක් ඇදගන්න අන්දවන්න ටිකක් දැනගෙන ඉ්නන එක හොදයි.. ඒක හොද කුසලතාවයක්..

ඒත් මෙතනදි වෙන්නෙ ඒකනායක සහ ඒ හිතවත් වූ සැලොන් කාරියකගේ දන්නා අදුරන ගෑනියෙක්ගේ සාරියක් කරගහන්න දරුවන් යොදවනවා.. ස්පෝට් මීට් එකක් හෝ නාට්‍යය්ක වීදි නාටකයක් වගේ දෙයක් නෙමෙයි..එය තනිකරම දරුවන් අයථා ක්‍රියාවක නිරත කිරීමක්.. ඉකොනොමැට්ටා මහතා වරක් ගනන් හදා කියා තිබූ පරිදි නිකම් දුන්නාට අපේ අධයාපනයට..අපේ දරුවාගේ අධ්‍යාපනයට රජය මුදල් අයකරගන්නේ අපෙන්..එවිට එය අපි කොල වලින් මාසෙ අන්තිමට නොගෙවුවත් දරුවා ඉගෙනගන්නේ අපේ සල්ලි වලින්..එහෙම දරුවා ඉගෙනන්න තැනකට යැව්වාම එතන එක එකාගේ පක්කිලි වැඩ කරන්න සාරි උස්සන්න යෑම සාධාරනිිකරනය කරන්න පුලුවන් කියන්නේ..මම හිතන්න් ඒම කෙනෙක් නම් මේක තවත් කියවන්න එපා පහල කමෙන්ට් තීරුවේ මට පරුෂ වචනෙන් බැනල යන එක හොදයි.. ඉගෙනගන්නා දරුවන් වෙනත් පුද්ගලික වැඩකටයුතු පිණිෂ යෙදීම වැරැද්දක් ලෙස දකින්නේ නැත්තං මෙතනින් එහාට මේක කියවනවාට වඩා හොදයි ඇරියස් ටික යන්න කොමෙන්ට් එකකින් බැනල යන එක.. 

එතකොට පස්නයක් එනවා ඇයි මේ ඉහල නිවුස් එකේ විදියට මව්පියෝ ඉල්ලගෙන මුට්ටිය දාගනනේ කියලා.. ඔයාලට මතක ඇති ඇමතිතුමා ඒකිවේව ඒකනායක මහ ඇමති උන්නැහේ ඕක ඉවර වුන ගමන් චැලෙන්ජ් එකක් කලා දෙමාපියෝ පැමිණිල්ලක් දැම්මෝත එයා ඒ ගැන පරික්ෂණයක් කරනවා කියලා..එයාගේ තරම එතනින්ම යම්තාක් දුරට හිතාගන්න පුලුවනි. 

ළමයෙක් ඉස්කෝලෙකට දාගැනිම අමාරුයි. ඊටත් මහ ඇමති වගේ ලොකු තැනකින් ස්කෝලෙකට ලමයෙක් ඇතුලට දාන්න වගේම ඉන් පස්සෙ ලමයෙක් බාර නොගෙන ඉන්නත් හැකියාව තිබෙනවා..සරලවම මේ දරුවන්ගේ දෙමාපියන් අද දවසේ තමුනගේ දරුවන් මේ පාසැලෙන් අයින් කරගත්තොත් ඊලගට තිබෙනා පාසැලත් බොහෝවිට පලාත් සබාවට අයිති පාසැලක්..ඒකට ලිපියකින් දැනුම් දෙන්නට බැරි වුනත් ඇමතිතුමාට බලපෑමක් කරන්න පුලුවනි ඔය අර ඉස්කෝලෙන් ගත්ත ලමයා ඔහෙලයි පාසැල් වලට ගන්න එපා කියලා.. ඒ වගේ මහ ඇමති කෙනෙක් කතා කරලා ඕඩර් එකක් දුන්නාම ඒක නොසලකා ඉන්න පුලුවන් මම වගේ තනිකඩ සැහැල්ලු මිනිහෙක්ට නම්..ඒත් ළමයි ඉන්න පවුල් බර එක්ක ජීවිතේ ගෙනියන විදුහල්පති වරුන්ට ගුරුවන්ට කරගන්න හැකියාවක් නැහැ‍ෙ ඒ තනතුරු වලට ඇතුලින් එබිල බැලුවොත් ඒ ඉන්නෙත් අහිංසක මිනි්සසු.. ඉහලින් එන වාචික ඕඩර් එකක් මිස් කරනවා කියන්නේ එතනින් එහාට ඒ මනුස්සයාට විදින්න වෙන කරදර නිමක් නැහැ. 

මේ නිවුස් එකේම තිබෙන විදියට පාසැලට ලොකු සේවයක් කරන්න විදුහල්පති සමත් වෙලා තියෙනවා..ඒ සේවය සෘජුවම පලාත් සබාවේ බලපෑම් මත සිදුවන්නට බොහෝවිට හැකියාවක් තිබෙනවා..

මේ වගේ තැනකදි මහ ඇමතිතුමා වගේ තැනකට එරෙහිව ගිහින් තමුන්ට යම්කිසි බලපෑමක් කල හැකි වුවත් තමුන්ගේ දරුවා..දරුවාගේ අනාගතය, දරුවාටගේ අධ්‍යාපනය ගැන හිතද්දි ඒ අහිංසක මවුපියන් සැබැවටම අසරණයි.. අපි කොළඹ ඉදගෙන ලැට්ටප් එක ඉස්සරහා හෝ ෆෝන් එකෙන් මේ නිවුස් එක දකිද්දි එන්නේ අනේ මෙහෙම්ත මෝඩ මිනිස්සු ය කියලා..ඒත් ඇත්තම සිද්දිය ඊට වඩා සිරියස්.. වැඩිය ඕනි නෑ කොළඹ ස්කෝලෙක වුනත් විදුහල්පතිට ඇමතිට එරෙහිව ගියොත් වෙන්නේ ළමයා ඉස්කොලෙන් අයින් කරගන්න..අයින් කරගත්තාම තව පාසැලක් හොයාගන්න ඕනි..ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. 

දෙමාපියන් ට  වුවත් දරුවන්ට නොමනා දෙයකට අනුබල දෙන්න බැහැ. පාසැලට පැමිණි දරුවන්ගේ වගකීම පැහැදිලිවම විදුහල්පතිට පැවරෙනවා..ඔහු යම්කිසි අදාල නොවන ජවුසමක් නටනවා නම් එහි වගකීම ආයේ ඒ ජවුසම නැටුමට අපිත් මනාපයි කියලා දෙමාපියන් ලියලා දුන්නට වෙනස් කරන්න බැහැ..එහි වගකීම විදුහල්පතිවරයා ට ම පැවරෙනවා.  

අපේ පැරණි ක්‍රමය

අපි තවමත් පාසැල් පවත්වාගෙන යන්නේ පැරණි වික්ටෝරියා මතිමතාන්තර එක්ක.. තවමත් අපේ පාසැල් වල සැකැස්ම පූර්ව වික්ටෝරියා ගති වලින් ගහනයි. කුඩා පන්තිකාමරයක් තුල සිසුන් විසාල ප්‍රමාණයක් ගාල් කරගැනීම, විශය දැනුමට ප්‍රමුඛතා ලබාදීම, විභාග සදහා දරුවන් මෙහෙයවීම, දැඩි විනයක් පවත්වාගැනීම, දරුවාට මිත්‍රශිලි වටපිටාවක් වෙනුවට දරුවා ඵීඩාවට පත්වන වටපිටාවක් පවත්වා ගැනීම. සහ පාසැල් වල ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට ඇති අධිකාරි බලය එක්ක බැලුවාම තවමත් අපි ඉන්නේ වික්ටෝරියානු අධ්‍යාපන සැකිල්ලක. 

මෙම ක්‍රමය ඇතුලේ තවත් ජනප්‍රිය පාසැල් වගේ සංකල්ප නිසා තවත් දරුවන් සහ දෙමාපියන් හිර කරලා තිබෙනවා.. 

දියුනු රටවල අධ්‍යාපනය ඇත්තෙන්ම කෙබඳුද? සැබැවින්ම එය කෙබඳු නැහැ.එය එබඳුයි.. එහි සම්පූර්ණ අධ්‍යාපන රටාවම මෙහෙට වඩා වෙනස්.. අධ්‍යාපනයෙන් විශය දැනුමට අමතරව විශාල පරාසයක හැකියාවන් ගෙන් දරුවන් සවිමත් කරන්නට ඒ ක්‍රමවේද සමත්.. ඒ තත්වයට යන්න තියා ඒ මොනවාද ඒ කොහොම ද ඒ දියුනු රටවල ස්කෝල සිස්ටම් තියෙන්නෙ කියලා ටික්ක හොයාල බලන්න හරි පුලුවන් නම්.. හොදයි. 

අපිට සර්ල ගහල හැදුවා..අපේ දරුවන්ටත් එහෙම ගහල හදන්න ඕනි.. 
සර්ලට ගුරුවරුන්ට ගරුත්වේ තියෙන්න ඕනි.. ( ටිකක් නෙමෙයි අතිවිසාල ලෙස..කොටින්ම ගුරුවරයා උගන්වන දේ පස්න නොකරන මට්ටමටට) 
ස්කෝලේ කරන්න ඕනි විබාග පාස්කරන්න උගන්වන එක.. (විබාගේ පේල් නම් ඉස්කෝල වැඩක්යැ) 
වගේ පැරණි මතිමතාන්තර ටික්ක ඈත් වේවි..

 ඉගනගන්නවා කියන්නේ සර් කෙනෙක ්වේ,වැලක් පන්තිකාමරයක්, හුනුකොට්ටයක්, කලුලැල්ලක්, ඩෙස් එකක් එක්කම විතරක් කල හැකි දෙයෙක් නෙමෙයි..දියුනු අධ්‍යාපන ක්‍රම ගැන ඉගැනගැනිමත් එක්තරා ඉගැනිමක්ම තමයි. ඉතිං ඕගොල්ලත් වෙන දියුනු රටවල කොහොමද බොලේ පොඩිඋන් ඉගෙනගන්නේ. කියල හොයාල බලන්න. 

Thursday, September 28, 2017

Sentinelese සහ සිංහලීස්

සෙන්ටිනලිස් කියන්නේ අන්දමන් නිකොබාර් දුපත් වල ඉන්න ගෝත්‍රිකයින් පිරිසක්. තවමත් හෙලි අතේ අරං කුඩා දූපතකට කොටු වෙලා ඉන්න මේ පිරිසට පිට මිනිස්සු පේන්නම බැහැ..ගියොත් එඑයාල සැදී පැහැදී ඉන්නවා ඒ පිටස්තර මිනිස්සුන්ව මරන්න. ඒත් එදා සිංහලයා එහෙම නැහැ..

සිංහල මිනිහා ලංකාවට ආව පෘතුගිසි කාරයාට හරක් හමක් එලාගන්න ඉඩ දුන්නා.. ඒක මහා විසාල අඩුපාඩුවක් විදියට දැක්කා වුනත් ඉතිහාසය මැදහත් සිතින් බැලුවාම යුරෝපීයයන් තැනූ රටක තමයි අපි අද ජීවත් වෙන්නේ..අනුරාධපුරේ ගල් කණු තියෙනවා..වැව් තියෙනවා, වැව් වල වතර තියෙනවා..චෛත්‍ය තියෙනවා.ඒත් ඒ ශිෂ්ඨාචාරය තුල නෙමෙයි අපි ඉන්නේ කොළඹ..සුද්දා හදපු කොළඹ ඉදගෙන එදා රජතුමා හරක් හම එලාගන්න දුන්න එකට විරුද්ද වෙන එකත් එක්තරා විහිලුවක්.. හැමදේම දෙපැත්තක් තියෙනවා.. යුරෝපියන්ස්ලා මේ රටෙන් හැදුවේ ලාබගන්න.ඒත් ඉංග්‍රිසි ආන්ඩු කාලෙනම් හිතුව තරම් විසාල ලාබයක් ලංකාවෛන් අදින්න උන්ට ලැබුනේ නෑ.. 

බිස්නස් කියන්නේ බිස්නස්..දෙපැත්තක් තියෙනවා..පාර්ශව දෙකටම වාසි පාඩු වෙනවා.. රජතුමා ඉදිය කාලේ මිනිස්සුන්ට ගෙවල් හදන්න බෑ.. උඩට අදින්න බෑ..නීතියක් නෑ.. හරි පාලනයක් නෑ..ඒත් ඒ යුගේම පහතරට  පැත්තේ එහෙම නැහැ..ඒ මිනිස්සු ලන්දේසි කාරයෝ එක්ක පුලුවන් විදියට සාපෙක්ෂව ඉදිරිගාමිව ජීවත් වුනා..මේ කාලය සරලව හිතුවාට ඇත්තටම සමහර වෙරළබඩ පලාත් අවුරුදු තුන් හාරසියක් තිස්සේම පාලනය වුනේ බටහිර ජාතිකයින් අතින්.. 

වෛරී ඉගැන්වීම් 
අපේ රටේ ඉතිහාසය ඉගැන්වීම් වෛරී සහගතයි.. ඒ තුල අපේ නැති යමක් උලුප්පා පෙන්වන යම් දේශපාලනික නැඹුරුවක් බොහෝවිට පෙන්නුම් කරනවා.යමක් දෙස වඩා සාධාරනව බැලීමක් එතුල නැහැ.. එනිසා අපි නිතරම අනෙකා කෙරෙහි අවිස්වාසයෙන් බලන්නත් හුරුවෙලා.. 

සාගරිකා කෝච්චිය 

සාගරිකා කෝච්චියේ මම සමහර දවසට එනවා ගෙදර ඉදලා.ඒ එද්දි දවසක් අලුත්කඩේ උසාවියේ වැඩකරන නංගි කෙනෙක් හමුවුනා. ලස්සනයි මිටියි කෙල්ල හොදයි. එයා කිව්ව විදියට සමහර දවසට සාගරිකා කෝච්චිය ඔෆිස් කෝච්චියක් කියලා නොදැන සාමාන්‍ය මිනිස්සු ඒවට නැගල සීට් අල්ලගන්නවා..ඉන් පස්සේ අනෙ මහන්සි වෙලා ඉන්න ඔෆිස් කට්ටිය ඇවිල්ලා අර කට්ටිය එක්ක කලහ කරගන්නවා..සීට් අල්ලගන්න පොරකනවා.. ඉන් පස්සේ ගොඩ්ක වෙලාවට සෙට් එකෙන් වැඩි ඔෆිස් සෙට් විසින් අර සාමාන්‍ය මිනිස්සු එලවන වෙලාවලුත් තියෙනවාලු.. 

ඒ අලුත්කඩේ උසාවියේ වැඩකරන ඉටිකිරිස් කෑල්ලට අනුව ඔෆිස් කෝච්චියේ නිතර යන මිනිස්සු ඉන්නේ..ඒ ගොල්ල හැමදාම යනෝ..ඒකට අනික් අයට එන්න දීම වැරදියි.. ඒ මිනිස්සුන්ට වෙන කෝචචි වල යන්න ඇහැකි..ඒත් ඔෆිස් අය යන්න ඕනි මේකේ.. 

උඩට ඇදන් ඉදිය ඇදුන් වලිනුත් පෙනුන විදියට යටට ඇදන් හිටපු ඇදුන් වලිනුත් කෙල්ල නම් පට්ට මොඩ්..ඒත් ආකල්ප..හද් දෙයියනේ.. ඒ මදිවට ඒ කෙල්ල කියනවා (මම ගියේ සෙකන්ඩ් ක්ලාස්) මේක සෙකන්ඩ් ක්ලාස් වුනා ට වැඩක් නෑලු..දැන් හැමෝම මේකට නගිනවාලු..හැමෝම යනනිසා හොද වැදගත් මිනිස්සුන්ට විතරක් යන්න තිබුන මේවා දැන් වැඩක් නැ ිතවෙලාලු.. 

සරලවම ගතහොත් ඒ ගැනිට අනුව සාගරිකා ඔෆිස් කෝච්චියේ සෙකන්ඩ් ක්ලාස් කියල වෙනම කන්ඩායමක් තියෙනවා..ඒ අයට වෙනම යම්කිසි විශෛ්ෂ උවමනාවක් තියෙනවා..ඒ නිසා ඒ අයට දුම්රිය සේවය විසින් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම අනෙක් සාමාන්‍ය ජනතාවට නැතුව මේ ඔෆිස් යන එයට ප්‍රෙයා්රිටි එකක් දෙන්නත් ඕනි.. 

සමස්ථයක් විදියට ජනතාව ඔක්කෝම එකතු කරගෙන දුම්රිය සේවයේ දුම්රිය ගනන, දුම්රිය වල පහසුකම්, කාර්යක්ෂමතාවය, කලට වෙලාවට යන එක, සේවයේ ගුණාත්මක භාවය, වැඩිදියුනු කරගන්න නැතුව මෙයාලට ඕනි මෙයාල යන කෝච්චිය සුපිරි එකක් කරගෙන මෙයාලටම වෙන් කරගනිපු අවකාශයක් කරගන්න. ඒ වගේම සීට් එක මෙයාලට වගේ ලියලා තියාගන්න.. යමෙක්ට සීට් එක්ක බුක් කරගන්න හැකියාව තිබෙන්නට ඕනි.. ඒත් ඒක සාමාන්‍ය වරප්‍රසාදයක් නෙමෙයි..ඒමනම් ඒ අය ඒ වෙනුවෙන් සාමාන්‍ය ගාස්තුව වගේ කිහිප ගුනක් මුදල් ගෙවන්නට ඕනි..ඒකය ිසාමාන්‍යෙයන් ඉන්දීය දුමරිය සේවයේ එහෙම සිද්ද වෙන්නේ.. 

මෙහේ ගාස්තුව පොඩ්ඩක් වත් වැඩිකරන්න ගියොත් ඒකටත් නාහෙන් අඩනවා..ඒත් සීට් බුක් කරගන්න දීලා, ෆෑන් ඔක්කෝම හයි කරලා.. අනික් මිනිස්සුත් එලවලා වැදග්ත් සේවයක් කන්තෝර මහත්වරුන්ට ලැබෙන්න ඕන  කියලා තමයි ඔය කෝච්චියේ යන දෙවන පන්තියේ කන්තෝරු මහත්තුරු බහුතරයකගේ අදහස.. 

රෝහින්ජාන්ස් 

රෝහින්ජා කියන සිද්ධිය ගත්තා වුනත් එතනදි නාවිකා හමුදාව මුලින්ම දකින්නේ බෝට්ටුවක්..එතනදි ඉන්නේ අහිංසක නිරායුධ මිනිස්සු.. ඒ මිනිස්සු තාමත් රටක් නැති පිහිටක් නැත ිඅසරණයෝ ටිකක්.. ඒ අය මනුස්සයෝය කියන මූලික දේවත් සලකන්නේ නැතුව සංඝයෝ ගහන්න යනවා.. මේක සංඝ කෝනෙන් බැලුවොත් උන් ඇවිල්ල මියන්මාරේ බෙෘද්ධයින්ට ගිනි තියපු, අනාගතේ තම්බි වෙලා රට ගිනි තියන, මුස්ලිම් කියන විනාසාකර දහම අදහන, මේ රට අල්ලන්නට බලන, කුමන්ත්‍රන වලින් ආපු, අපේ තම්බි අනුග්‍රහය දක්වන සෙට් එකක්.. 

ඒත් ඔය ඔක්කෝම පැත්තක තියලා ඔය මිනිස්සු ටික වෙන් කරලා බැලුවම ඔය කවුද? අපි වගේම මිනිස්සු. ඔය එලෝපියෝ කියල කෑ ගහන මිනිස්සුම බල්ලොන්ට ඔයිට වඩා හොදට සලකනවා..උන් ට කරුණාව දක්වනවා..ඒත් අ ර මිනිස්සු තන්බි, උන් විනාසකාරින් කියලා කිරි සප්පයන්ට පවා දෙස් තියමින ්බනිනවා.. 

මුස්ලිම් ආගම විනාසකාරී වෙන්න ඇති. ඒ මිනිස්සු ප්‍රචන්ඩ වෙන්න ඇති. ඒත් අපිත් ඒ මට්ටමට වැටිලා ප්‍රචන්ඩ වෙන එකද මේකට විසදුම. 

දැන් අපි හැමෝම නාගරික වටපිටාවකට හුරු වුනත් අපි හැමෝටම පරම්පාරවක දෙකකට හරි කලින් ගමක් තිබුනා. ඒකාලේ ගමක ඉද්දි පිටින් නාදුනන මනුස්සයෙක් ගමට ආවත් ගමේ ඉන්න අය බත් ඩිංගක් තියෙනං බෙදා දීලා..තේ වතුර එක්ක දීල සලකනවා.. රෑක පානක ආවොත් මිනිහාට නවාතැන් දෙන්නත් මැලි වෙන්නේ නෑ.. ඒ කාලේ පාරවල් තොටවල් බහුල නොවූ කාලෙක අපේ මිනිස්සු රට තොට ගියේ පයින්..ඒ යද්දි නැවතුනේ අනික් මිනිස්සුන්ගේ සුහදතාවය මත.. 

අද අපි එන්න එන්නම පටු වෙනවා..මේ මගේ දේ, මේ මගේ රට, මේ මගේ ගම, මේ මගේ ගෙදර, මේ පවුල, මේක ස්කෝලේ ආදි කියලා වෙන්කරගෙන ඒ දේවල් වෙනුවෙන් මහා විසාල විදියට අයිතිවාසිකම් කියාගෙන කාකොටාගන්න තැනට ඇවිල්ලා.. 

සූරප්පපා කතාවේදි එක වරක් බෝට් ටුවක ඉන්න රෝමන් කාරයෝ සෙට් එක්ක ඈතින් එන සූරපප්පා ව දකිනවා..උන් කරන්නේ සූරප්පපා නැව විනාස කරාවිය කියලා එන්න කලිං පොරෝ මුගුරු එහෙම අරං නැව කඩලා නැව ගිල්ලගන්නවා.. අනාගතයේ තම්බි ඒවිය කියාල අපි කරන්න යන්නෙත් ඒකම නෙවෙද? අසරණ මිනිස්සුන්ට හිරිහැර කරලා, ප්‍රචන්ඩ වෙලා තම්බි එන්න කලිං තමබින්ටත් අන්ත විදියට ම්ලේඡ්ච වෙලා මේ කරන්න යන්නේ ඒකම නෙවෙද? 

මිනිස්සු විදියට අපි අවුරුදු දෙතුන් සීය ජීවත් වෙන්නේ නෑ..දැන් ඕගොල්ල දන්නෝද ඔයාලගේ මුත්තගේ සීයගේ නම? නෑනේ..ඒ වගේ තව පරම්පරා ගානකින් මොනා වෙයිද කියන්න අපි කාටවත් බෑ.ඒත් අනික් මිනිස්සු දිහා නිතර වෛරයෙන් බලලා, උන්ව මරාගන්න කැතිගාන්න එලවන්න හදලා හැමතිස්සේම ඔය කියන වෛර චේතනාවේන හැමදාම ඉන්න කොට නැතිවෙන්නේ අපිමයි..අවසානේ අනුන්ට කෙලින්න ගිහින් විනාසවෙන්නෙත් කවුද/ බොහෝවිට අනිකා විනාස වුනා කියල ලොකුවට පෙනුනාට හොදින් බැලවොත් ඔබේ විනාසයත් ඒත් එක්කම දැකගන්න හැකි වේවි. 

Tuesday, September 19, 2017

වාසනාව බෙදන ඇය

කොළඹ තේ වතුර එකක් බොන්න තැනක් හොයාගන්න අමාරුයි. ඇරත් වතුර ටික පවා සල්ලි වලට.. ඒත් කහට ටිකක් උගුර යටින් ගියේ නැත්තං නිකං වරුගානක් කෑවෙ නෑ වගේ හැගීමක් එනවා. ඒ නිසාම පෙට්ටි කඩේට ඔලුව දැම්මා. කැමරාවත් අරං පෙට්ටි කඩේට යද්දි පෙට්ටි කඩේ බුවාල මහත්තයා මොනාද කියන්නේ කියල අහනො කැමරාව කියන්නේ මහ ලොකු උපාංගයක් කියල හිතාගෙන. කමක් නෑ..වෙඩිතියන්නේ නැති වුනාට තුවක්කුවක් තියෙන කෙනාට මිනිස්සු බයයි. කැමරාවටත් ඒ වගේ බයක් ඇති මහිතෙ. 

ටික වෙලාවක් යද්දි මම ඒ කඩේ ඇතුලේ.. කන්න තිබ්බ බිත්තර පාන් එකක් එක්ක තේවතුර එක ගහනවා.. මෙතන ටිකක් කලබල තැන. මිනිස්සු ගොඩයි. මේ මිනිස්සු අතර ඇත්තටම පිරිමි තමයි වැඩි. ඔය පිරිමි ගොඩවෙන පෙට්ටි කඩවලට ගෑනු ගොඩවෙනවා අඩුයි..ආවත් සෝකේස් එකෙන් සෝටිස් එකක් පෙන්වාල ඒක අරගෙන යනවා. ඒත් හිටිවනම ගෑනියෙක් ආව නේ තේ කඩේ ඇතුලට. 

පට්ට ලස්සන ඉටිකිරිස්දා කැල්ලක් හෝ දාර බඩුවක් වගේ කෙල හැලෙන එකක් නෙමෙයි. පෝය දවසක පාන්දර නැගිටල පාරේ යද්දි හම්බෙන උපාසකම්මා වගෙත් නෙමෙයි..කොහොමින් හරි ගෑනියෙක්..වයස 35ක්..බාගෙද ඊටත් අඩු ඇති. ඒත් අවුවේ කැරකිලා දූවිල්ලෙන් පදම් වෙච්ච් ඇගේ වයස වැඩියෙන් පේනවා ඇති. ඒ දාන් උන්නු තොප්පිය ටිකක් පරණයි. තොප්පිය සිරාවටම බස්සන්න ඇත්තේ අවුවට වෙන්න ඕනි. ඒක අවුවට අහුවෙලා ඩෙනිම් නිල් පාට හේදිලා ගිහින් වගේ.. තොප්පිය දාගෙන ගොඩවෙලා ගෑනි හතර අතේ කතාව. 

ඇත්තටම මේ ගෑනිගේ තියෙන විසේසත්වේ තමයි ගෑනි අන්ධයි.. ස්වීප් ටිකට් විකුනන එකියක්. මේ මනුස්සයා අන්ධ නිසා එයා දන්නේ නෑ මේ කඩේ තියෙන පසුබිම. කඩේ ඇතුලේ නැති එකෙක් නෑ..කොන්දොස්තර වරු, යන එන එකේක ඩයල්..සිගා එකක් ගහන්න ආපු උන්.. වර්ග අඩි ගානක බිමේ ඔහේ යාන්තම් බංකු කෑල්ලක හෝ ඇන්ද නැති ප්ලාස්ටික් ආසනේක වාඩිවෙලා තේ බොනවා.. සෝටිස් කනවා .. 

මේ අන්ධ ගෑනිට පේන් නෑ මේකැතුලේ තත්තේ.. බාගෙදා කෑම සුවදට එන්න ඇති. නැත්තං පේනවද දන්නෙත් නෑ. කියන්න බෑනේ..ටිකට් විකිනෙන්නේ අන්ධ වුනාම..කවුරුත් කැමති දුප්පතුන්ට උදව් වෙන්න වාසනාව අතගාන ගමන්.. එක සොට් එකෙන් කුරුල්ලො දෙන්නයි.ස්වීප් ටිකට් ඇදුනොත් මෙලොව ගොඩ..ටිකට් එක නොඇදුනොත් අන්ධ ගෑනිට පිහිට වුන නිසා එලොව ගොඩ. කමල් ලෑ අව්සස තැනට තමයි අවස්ස දේ හැදෙන්නේ. මේ ගෑනිත් එහෙමයි. 

අන්ධයි ගෑනියෙක් ..ටිකට් විකුනනවා..දැන් පෙට්ටි කඩේකටත් ඇවිල්ල.. ආනේ ඊලගට තියෙන්න ඕනි මේ ගෑනි බෙහොම දුක්බර ලීලාවෙන් සෝටිස් එකක් ඉල්ලන කෑල්ලක් වෙන්න ඕනි නේද? 
. නැහැ එහෙම නෑ.. 
මේ කලුමල්ලි.? ගියපාර ආ වෙලාවක දුන්න අර බිත්තර මගුල එපා.. ඒකේ බිත්තරය්ක වත් දාන් නෑනේ.. මට මාලුපාන් එකක් දෙන්න.. අන්ධක්කා ඉල්ලුවා. 

දැන් බාපු රෝල්ස් තියෙනවා.. ඒ කඩේ තේ දාන එකා.. 

දැන් බෑව කිව්වේ ඉයේ බාපු එක ආයෙ දාල බෑවද? හේ හේ හේ.. 

අක්කටත් ඉතිං.අ.ායේ.. අපෙන් අහගන්න තමයි ආයේ ඊයේ බෑවද අහන්නේ? ඒ කලු මුදලාලි. 

හරි හරි එහෙනං දෙනවකෝ ඔය දැන් බාපු රෝල් එක.. ගොඩක් පිච්චෙනව නම් කොලේකුත් දෙන්න. 

ඇය දැන් කඩයටම එක්තරා නාටකයක් මෙනි. මෙවැනි පෙටටි කඩවල ඇති ගතිසිරිත් තිබේ. මේවායේ බොහෝවිට සෝකෙස් එකේ කෑම වර්ග දමා තිබේ. පැමිණෙන අය බනිස් අතගා බලා බනිස් ගනී.. වැඩිය අතගෑම බනිස් ගෙවියන්නට හේතු විය හැකි බැවින් පසුකලෙක බනිස් ඇල්ලීමට කොක්කක් ලැබුනි. එහෙත් බොහෝ දෙනා තවමත් බනිස් අල්ලා බලා බනිස් ගැනීමට යත්න දරයි. කෙසේ හෝ දැන් නම් මුදලාලියා සෝකෙස් එක උගේ පැත්ත හරවගෙන ඇත. ඒ නිසා බනිස ඕනි කෙනා බිත්තරද, මාලුද. ටී ද නිකංම බනිස්ද සීනි ද යන වගද වඩේ නම් සිදුර සහිත උලුදු වඩේද පරිප්පු වඩේද යන්න කිව යුතුව ඇත. එහෙත් තවමත් පැරණි කස්ටලා පැමිණ අත ඈත දුරට දිගුකොට සෝකෙස් එකෙන්ම බඩු ගනිති. 

කෙසේ වුවද කඩේ බඩු හෙවත් සෝටිස් ආදිය හෝ ඉදිආප්පු හෝ උදේට පාන් හෝ කවර නම්ම දෙයක් කඩෙට පැමිණෙන අය කෙලින්ම ඉල්ලයි..ඉන් පසු මුදලාලියා හෝ තේ ගහන එකා හෝ වෙන එකෙක් ඒක දෙයි. ඉන් පසු බුවා කයි.නැතොත් කෑම රැගෙන යයි.  මෙය කාර්යක්ෂම චක්‍රයකි. උදේ අවස්ථාවකදි නම් කැෂියර බුවා කතරගම දෙයියා සේය. හතර අතින් ඉතුරුවා දෙයි, මුදල් ගනී. බනිස් දෙයි, පාන් බාගයායි කිරි හොදි එකායි.. ඉදි අප්ප විස්සායි පරිප්පු එකයි පාර්සාල්.. උපාසක එලෝලු බත් එකයි.. ආදී වසයෙන් වට පිට සිටින උන්ටද කෑ ගැසීමද ඒ අතරවාරයේ කඩේ මුදලාලි අතින් සිදුවේ. මුදලාලි අණ කරන සැනින් පාර්සල් කවුන්ටරයේ සහ බෙදන තැන සිටින බුවා දඩ බඩ ගා මුල් සකසා හෝ කෑමට බඩු රැගෙන දෙයි.. 

උපාසක එලෝලු බත් එක යනු නියමම නිර්මාංශ එලෝලු බත් එකයි. එහි එන සම්බෝල වලට කරවල හාල්මැස්සෝ නැත. බත් එකට මාලු හොදි ටිකක් වත් නැ. එසේ නොවන එලෝලු බත් එකේ කරවල හාල්මැසෝස සහ බොහෝවිට මාලු හොදිද තිබේ. 

තේ වතුර වුවද හදන තැනට ගොස් රැගෙන බීම පෙට්ටි කඩේ සාමාන්‍ය සිරිතයි. එහෙත් අන්ධ අමරක්කා සියල්ල වෙනස් කරයි. ඇයට වෙනම පීරිසියක දා ඇය කියන සෝටිසය ගෙන ආ යුතුය. ඉන් පසු අමරක්කාට තේ එක ලගට ගෙනත් දිය යුතුය. එක් අතකින් ඇය අන්ධ වීමේ වරප්‍රසාදය මැනවින් භුක්ති විඳින්නීය. මුදලාලි සහ කඩේ වැඩට ඉන්න අයද ඇයට ඒ අන්ධ වීමෙ නිසා වූ වරප්‍රසාද අනුව ඇයට අවැසි ලෙස  සාත්තු සප්පායම් කරති.. 

කෝ ඉතිං කලු මල්ලියේ මේක එක උගුර ඇද්ද ගමන් ඉවර වුනානේ..මේ ටික බීල ඇතිය බං.. මට තව ප්ලේන්ටියක් දාහං කෝ.. මුලින් අමරක්කාට උවමනා වූයේ කිරිපැකට් එක්ක බොන්නය. එහෙත් ඇය අදින ස්පීඩ් එකට කිරි පැකට් එක විනාඩියක් යන්නටත් මත්තෙන් බටහේ කෙළවර වාතය ඇතුල්වෙන්නට පටන් ගත්තේය.ඇය ට එය මදි වූ නිසා ප්ලේන්ටියක්ද උවමනා විය. 

ඇගේ කතාවද උස් හඩිනි..එසේම ස්වරයේ යම් රාජකීය අණදෙන ස්වභාවයක්ද ගැබ්ව තිබේ. 

මොකො අමරක්කේ බිස්න්ස එහෙම..යනවයි? 

අලෙ මන්ද බං.. ඔහෙ ඉතිං.දන්නෝනේ.. උඹලට යන දවසමයි මටත් යන්නේ.. බිස්නස් ඉතිං මිනිස්සු ටිකක් ගවසෙන දවසට වැඩියි..නැති දවසට යාන්තං දවස සේප්.. 

මට ඇගේ පිංතුරයක් ගන්නට උවමනා විය . කඩේට කලිං කිහිප වතාවක් පැමිණ ඇති හෙයින් මා තේ දමන කොල්ලා ටිකක් දනී.. මල්ලියා..මේ අක්කගේ පිංතුරයක් ගත්තොත් අවුලක් යයිද? 

පෝඩ්ඩක් ඉ්න්න මාතියා මං අහන්ඩ.. 

අමරක්කේ මේ පොටෝ මහත්තයෙක් ඇවිල්ල පොටෝ එකක් ගන්නද අහනව අමරක්කගේ.. 

මොකටද මගෙ පොටෝ? කොහෙන්ද පත්තර කාරයෙද්ද? නැත්තං සෙල්ලං කැමර් කාරයෙක්ද? 

නෑ අක්කේ මං මේ පොටෝ ගහන කෙනෙක්..විනෝදෙටත් නෙවෙයි.. පත්තරේටත් නෙවෙයි... මම කීවෙමි. 

හා හා.. තාම පොඩි වයස ඉතිං කොලුකමට හොද දෙවල් ඕවා.. ගන්නෙකයි ඇත්තේ හැබැයි ඉතිං මං හරියට මේකැප් දාල ආවෙ නෑ ඉතිං.. මේකප් දාන්න ඕනි නෙ පොටෝ ගන්න.. ඇය කියන්නට විය..ඇගේ උස් හඩ නිසා කඩේම සිනා පැතිරෙන්නට විය. එතැන නාට්ටියක්මෙනි.. 

ඇත්තට අමරක්ක කොහොමද මේකප් ගැන දන්නේ..මොකප් දාල පොටෝ ගහන එක ගැන දන්නේ.. ? ඒ කලු මුදලාලිගේ පස්නයකි.. 

ඈ කලු මල්ලියේ අපිත් මේ පාරෙ ්උන්නට අපිටත් මගුල් තුලා එනවා..උත්සව එනවා..ඒවට යද්දි අපේ ඉතිං කෙල්ලෝ ටික මාව කුලප්පු කරලා මට කියලා පිටෝටුවෙන් සුකුරුත්තං ගෙන්න ගන්නවා.. මෙහෙ ලාබයි ලු නේ.. මටත් ඉතිං උලලා කියනවා. මං නිකං ප්‍රින්සස් වගේ ලු..අනේ උන්ගේ බොරු වෙන්නැති..ඒ ගමන ඒවා උලල උන්ට මා එක්ක පොටෝ ගහන්නත් ඕනි..හරෝනවා..මූන හරෝනවා ගහනවා..මට ඉතිං සටස් සුටුස් සද්දේ විතරයි ඇහෙන්නේ.. උන් ටික්කින් ඒව බලල හිනාවෙනවා..

අමරක්ක හිතන්නේ පොටෝ එක මොන වගේ ඇතිද? කලු මුදලාලි අසයි.. 

කලුමල්ලියා අහල තියෙනවාද ගොලුවාගේ හීනේ ගැන..ගොලුවගෙන් හින ගැන අහල වැඩන් නැනේ බං..මං කොහොමද මට නොපෙන්න ඇස් දෙකෙන් පොටෝ  ගැන කියන්නේ..? ඒකෙන් මේකෙන් තා පරක්කු වෙනො..කෝ මල්ලියා ගන්නවනං අරගන් එකයි ඇත්තේ.. මං මේම හිටියම හරිද ? ඇය කඩයේ කවුන්ටර දොර දෙස හැරුනේ මා සිටියේ ඒ දෙස යැය ිසිතු නිසා විය යුතුය. 

හරි හරි.. මා කීවේය.. මා ඇගේ පිංතුර කිහිපයක් ගතිමි. දුම්දමන තේ කඩය.. සෝකේස් එක.. රැවුල සහිත කලුමුදලාලි. කලක් හෝදන ලද සර්ටයෙන් සැරසුනු තේ දාන කොල්ලා.. ඒ මරු පිංතුර ටිකකි.. 

මල්ලි ඕ පොටෝ හොද නං මටත් කොපියක් ගෙනත් තෝන හොදෙයි.. මං ඉතිං අලාබේ දෙන්නං..මා කඩයෙන් පිටවන විට පොටෝ මල්ලි පොඩ්ඩක් එන්න යැයි ඈ මට කනට කර කීවාය.. මට දාස් ගනන් දෙන්න බෑ..රුපියල් තුන්හාරසියක් දෙතැකි.. මෙතන හොද නැත්තං හොද තැනක පොටෝ ගමු.. මොකො අපේ ඉන්න නැට්ටියො ටිකට පෙන්වන්න ඕනි මල්ලියේ මගේ පොටෝ .

ඉතිං අමරක්කා අමරක්කා කරනනේ උදව්වක් නේ..සල්ලි ඕනි නෑ.. අමරක්කාගේ පොටෝ දෙක තුනක් මම ගෙනත් දෙන්නම්..හැබැයි අමරක්කේ ඉතිං වෙඩින් වල වගේ ගොඩාක් ලස්සන නෑ..
 ඒත් පොටෝ වටිනවා.. මා කීවෙමි. 

ගොඩක් ලස්සන ටිකක් ලස්සන නැත ිලස්සන ඔය මොකවත් මං දන් නෑනේ.. මට ඕනි අපේ කෙලි නැට්ටො ටික මං අල්ලං කෝලං කරනකොටයි අපේ ගෙදර අයටයි ..මෙන්න මගෙ පොටෝ ය කියල පෙන්නන්.. න නේ.. ඇය කිවාය.. 

මං කලක් තිස්සේ හෙව්ව පොටො කාරයෙක්.. මට ඉතිං ස්ටුඩි යන්නත් බෑ..මොකො ඉතිං මිනිස්සු බලනො නෙ මොකො මේ කියල.. 

හරි අක්කේ මං ගෙනත් දෙන්නං එහෙනං.. මා එතැනින් මාරු වීමි. 

Friday, September 15, 2017

ලනු ගිලින ගොබ්බ හැත්ත

දියුනු මිනිස්සු වුනාම මූළික විචාර බුද්ධියක් තියෙන්න ඕන. මිනිස්සු දියුනු නොවන තාක්කල් බැහැ ඒ පද්ධතිය දියුනු කරන්න..උදාහරණ විදියට සුද්දා ඇවිල්ල අපිට සාපේක්ෂව එදා අපිට රට දෙනකොට දියුනුයි..උන් දන්නවා රටක් වුනත් සූරාකන්න ඕනි කොහාමද කියලා.. ඉතිං ඒ සුද්දා කියන අපිට වඩා පොඩ්ඩක් දියුනු බුවා අපේ රටෙන් සහ ඉන්දියාවෙන් ගියාට පස්සේ උන් බෙදිලා මරාගත්තා..අපි බෙදාගන්නවා උතුරු නැගෙනහිර කියලා ඉන්දියාව බංගලිදේශය පාකිස්ථානය විදියට බෙදුනා මරාගත්තා..සුද්දා ඉන්නකල් හරියට තිබුනා..හරියට ලොකු සර් ඉන්නකල් පංතිය නිස්සද්දයි වගේ ආතල් එකක්.. තමයි එදා තිබුනේ.. 


සුනිල් මාධව පේමතිලක චතුරිකාගේ පොතලිව්ව බොරුව 


සුනිල් මාධව කියන්නේ මේවෙද්දි බීල බීළ තවත් බොන්න බැරිනිසා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න හාල් කෑල්ලක්..මිනිහ ලොකු මාධ්‍යවේදියෙක්. ඒවගේ උන් බොනවා..ඌත් බොනවා . බීලම දැන් වැහැරිලා දිරලා ගිහින්..පොරට ඔය ජනාධිපති ගැන දූ ලියපු පොත වගේ එකක් ලියාගන්න දැන් පණ නෑ.. ලෝකේ මොන ජගතා පොත් ලිව්වත් ගොඩක් වෙලාවට ඒවාට සහායවෙන්න සහ ලියන්න පොරවල් ඉන්නවා..ඒහෙම කෙනෙක් ඒක කරන්නේ රහසිගතව. වැඩේ කරල මිනිහා පැත්තකට වෙනවා ලොකු ගානක් අරං. ඕවා මහා මැජික්ස් නෙමෙයි..චතුරිකා සිරිට සල්ලි තියේනං බලය තියේනං සිරිට තව මොනාහරි ලොකුවට තියේනං චතුරිකා සිරි ඒකෙන් පොතක් ලිව්වට අවුලක් නැ.. පොතට වඩා ඔ්ය චතුරිකා සිරිලා කරන කැත වැඩ කොච්චර තියෙනවාද? එක එක බිස්නස් වලට අතදානවා..සිස්ටම් කඩනවා.. ලොකුවට තාත්තගේ පවර් අරං රගනවා..පොත නැතුව ආන්න ඒවා ස්මතු කරන්න තියෙද්දි මේ කොහේහරි යන පොත් කෑල්ලක් ලිව්වේ ඒ ගෑනි නෙමේය කියලා සනාථ කරන්න පට්ට ගේමක් යනවා.. සිගිති ආතල් නේ.. එක එකාගේ.. 

රෝහින්ගා ආවා බොරුව 


රෝහින්ගා සෙට් එකක් කලකට පෙර මෙහේ ආවා..උන්ට කන්න බොන්න දෙන්නත් ලංකාවේ තන්බි ටිකක් හැදිලා හිටියා..උන්ගේ පුක මෙහේ තිබුනාට කොන කැපුවේ අරාබියෙන් ගෙනාපු පිහියකින් විය හැකි නිසා තන්බිට මෙහේ ඉදන් මෙහේ වැවෙන දේව්ල කාලා මෙහේ හිටියත් උන්ට තම්බියෙක් කිව්වාම පොඩඩක් කසනවා.. පකිස්ථානය, සෞදිය, මැදපෙරදිග රටවල් වගේ රටවල් රැසක් තියෙද්දිත් අපේ උන් නිකං පුක දෙන්න යනවා රෝහින්ගා සරණාගතයින්ට.. එතන වැරැද්දක් තියෙනවා.. 

ඒත් ඇත්තටම රෝහින්ගෙක් මේ ලගදි පාත් උනේ නෑ.. එයාපෝට් එකෙන් ආවා කිව්වා ඒක ගල් කෙබරයක්..ඒ ඇවිල්ල තියෙන්නේ දකුනු ඉන්දියාවේ ඉන්න ලංකාවෙ ්සරණාගත සෙට් එකක්..ඉන් පස්සේ ඉතාම සූක්ෂඹ විදියට පරණ මාධ්‍ය වාර්ථා අරගෙන අලුත් වගේ ගහල පෙන්වන්න ගත්තා මෙන්න ඇවිල්ලෝ කියලා..ෆේස්බුක් ඉන්න බහුතර වඳ නලේට දෙයක් දැක්කාම ඇති කොහේන ආවද කියලා හොයන්න ඕනිනෑ සෙයා කරනවා..දැන් ඉතිං රෝහින්ගා ආපු විදියට සිංහල බූරුවො ටික රගනවා.ඉන් පස්සේ ආවොත් අපි පුකදෙන්නත් ලෑස්තියි කියලා තව තම්බි හරක් ටික රගනවා..ඇත්තටම මුන්ට වෙන රටේ පස්න නැද්ද? 

බස් එකේ පොල්ලේ එල්ලිලා දාඩිය පෙරාගෙන හතර වටෙන් දාඩිය ගද ගගහ සයිටම් මාර සේනාව කොළඹට බැහැල ස්ටයික් කරලා බස් එක හිරවෙලා ... ඒක අස්සෙත් පෙලක් උන් කතාකරන්නේ අවුං සාං සුකී තම්බින්ට කෙලපු හැටි.. කඩේට ලගින් යද්දි ආප්පේ සුවද එනවා කොත්තුවේ සුදුලූනු පිච්චෙනවා දැනෙනවා ඒත් ගන්න සතපහක් නෑ, ණය ක්‍රෙඩිට් වලින් ෆේස්බුක් ඇවිල්ල සෙයා කරන්නේ අවුං සාං සුකී බුදුවේවා කියලා.. ඇත්තටම මියන්මාරේ මොකද්ද උනේ? ඔය පරට්ට ගෑනි දැන් ඔය  ජනතාවට විමුක්ති ගෙනල්ලද තියෙන්නේ? තියෙය් තියෙය් මේනන් කියලා.. 

මියන්මාරේ දැන් උඩ ගිහින්ද? 

 

තම්බියාට කෙලියා ය කියලා ලෝකේ රටවල් දියුනු වෙන් නෑ.. ඒක එහෙම කෙලින්න අණ දෙනඋන් හොදින්ම දන්නවා.. නිකමට හිතපල්ල මේ දැන් පොන්න සිරා රනිල් ආන්ඩුව තම්බින්ට කෙලින්න ගත්තා කියලා..උන්ට කිසිම විරෝධයක් නෑ තව අවුරුදු දෙක තුනක් ආන්ඩුවට ඇදගත හැකි ජාතිවාදේ පිහිටෙන්..මොකෝ එතකොට අර චීවර දාන් පාත්තර වලට සල්ලි හිගාකන නලේත් ආන්ඩුව පැත්තේ.. සිංහල හිගන්නෝ ටිකත් ආන්ඩුව පැත්තේ.. බාගෙද දෙමලුත් ඒවි තම්බින්ට ගහනවා කිව්වම.. 

දැන් ඔහොම ගැහුව කියල අවසානේ මොකද්ද ලැබෙන්නේ? අලේ හම්බෙනවද? කන්න බොන්න ලැබෙනවද? ජාතිය උඪ යනවද? රට දියුන වෙනවද? නෑනේ.. වෙන එකම දේ ඉස්සර වගේ ටීවි එක ඉස්සරහට වෙලා වාඩිවෙලා ඉදගෙන එදා එල් ටී ටී බුවාල තුන්සිය විසිපහට එපේ තිස් හතරයි මැරිලතියෙන්නේ කියල ස්කෝර් බලන්න පුලුවන් ආතල් එක්ක අපි ට ලැබෙන එක විතරයි.. එදාටත්අර චැනල් කාරෙයෝ කියන පට්ට පල් ගල්කෙබර යුද පුවත් ආතල් වලට අපේ උන් චූන් වෙලා ඉදීවි.. 

 අපේ ඇත්ත පස්න මොනවද? 


වැස්සම ගලනවා ගැලුවම ආධාර දෙනවා එතකොට ආධෘර ෆන් එක ගන්න පුලුවනි ෆේස්බුක් එකට සහ පිරිසට..අදටත්පොඩි වැස්සට මෙච්චර ගලන්නේ ඇයි? එදා ගැලුවේ ඇයි? මෙච්චර නායෙ යන්නේ ඇයි? ඕවා වලක්වන්න මොනාද කරන්නේ? ස්වාභාවික විපත් කලිං හදුනාගන්න ටෙක්නොලජි අපිට තියේද? ඒවා යූස් වෙනවාද?  ඕවා මතක් වෙන්නේ ආපදාවක් වෙලා තුන් හාරසියක් සෙතපෝච්චි වුනාම විතරයි.. 

කොළඹ සතියේ දවසක ආවොත් කොහොමද පැයකින් මෙහා කිලෝමීටර දහයක් පහු කරන්නේ ට්‍රැෆික් එක..ඕක කොළඹ විතරක් නෙමෙයි ලෝකේ බිහිවුන සෑම නගරයකටම තිබුන ගැටළුවක්..ඒත් බොහෝ නගර ඕවට සාර්තක විසදුම ්ෙහව්වා..අපි තාම අර දිගංචි පාටලී ගේ පසන්ටේසන් බලනවා..තව රනිල්ලා කියන සුරංගනා කතා අහනවා.. 

අපේ ගෑනු ලක්සයක් රට ..පිරිමි බහුතරයක් රට සහ තව ලොකු සෙට් එකක් යන්න බලාන ඉන්නවා.. ඉතිං පවුල් විනාසයි.. අපිට පේන්න හැඩ පොටෝ පේස්බුක් දැම්මට රට ගිය එකා ඉන්නේ මගේ ගෑනි දැන් පිට යනවාද? කියල බයෙන්.. ගෑනි ඉන්ෙන් දරුවෝ කනවද බොනවද මිනිහා කසිය ගහනවද කියලා බයෙන්.. යන උන් යන්නේ එක්සකටිව් ජොබ්ස් නෙමෙයි.. වලං හෝදනවා වගේ පක්කිලි රස්සා වලට.. හොද ඒවට යන සුලු ප්‍රමාණයක් ඇති..ඒත් කොරියා එහෙම යන්නෙම යට ලැවල් රස්සා වලට.. ඒවා පස්න නෙමෙයිද? ඒවත් පස්න තමයි.. 

ඔය වගේ හැම ක්සේත්‍රයකම බැලුවොත් දියුනු වෙන්න දේවල් දියනු විය යුතු දේවල්ෙ ගාඩයි..ඒත් ඒ හැම එකටම වැඩියෙන් දේසපාලුවෝ කන බොන රෙන හැටි සහ උන් කියන දේවල් බලන එකයි.. කොෙහ් හරි යන වරත්තු පස්නයක් උඩ දාගෙන ඒකට තඩිබාන එකයි තමයි අපි දේශපාලනය කියලා කරන්නේ..අපේ ඇත්ත පස්න කවදාවත් අපි හිතන්නේ නෑ..ඒවා දේසපාලුවෝ විසින් විසදිය යුතුයි කියලත් හිතන්නේ නෑ.. චන්දේ ආවම මෙතෙක් කල් බැන බැන හිටපු උන් ටික ගිහින් තමුන්ගේ එකාට කතිරේ ගහල ඇවිල්ල ආයෙමත් බනිනවා..මිනිස්සු පත්කරලා තියේනනේ හරක්  කියලා.. 

ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ.. මාත් යන්න ඕනි තව ෆේස්බුක් සෙයාපාරක් දාල රට ටිකක් ගොඩදාන්න එහෙනං කියව්න්න ආවට තෑන්ස්

පිංතුරය පෝස්ට් එක හිට් කරගැනීමේ පරම පෙරේත චේතනාවෙන් දැමූවකි. 

Tuesday, September 5, 2017

වහං හිටියාම කැලේ රැකෙයිද?

වනාන්තර වලට සංචාරකයින් යනවා එනවා..සතුන්ට කරදර හිරිහැර වෙනවා..සංචාරකයින් බෝතල් ප්ලාස්ටික් ගෙනහින් දානවා..ඒ නිසා සංචාරකයෝ යන එක නවත්වන්නට ඕනි. 

ඒ නිසා යන කට්ටියක් ඉන්නවා ගියාට පොටෝ දාන් නෑ..තව පෙලක් ආන්ඩුවේ සහ ආයතන වල කට්ටිය ඉන්නවා ඒ ගොල්ලා දැන් මේ කදු සහ කැලෑ බඩගාන පිරිස අඩුකරන්න නොයෙක් වැඩපිලිවෙලක් දියත් කරගෙන යනවා. 

ලංකාව වගේ රටවල දේශපාලනයේ සහ මිනිස්සුන්ගේ තියෙන එක පොදු අවුලක් තමයි හැම රෙද්දටම තදබල අන්තගාමී..මැදග් ගැන හිතන පිරිස බොහොම අඩුයි. මිනිස්සු විදියට කැලෑවලට බඩගාන එක මිනිස්සුන්ගේ ආසාවක්..ඒ වගේම කැලෑ ආරක්ෂා කරන එක  කැලෑවලට ආදරේ කරන මිනිසුන්ගේ ගතියක්..කැලෑ ආරක්ෂක පිරිසක් කැලෑවලට යන සේනාව නවත්වන්න ඕනිය කියල කියනවා..ඒත් කැලෑ වලට මිනිස්සු යනවා.. අර කැලෑ නවත්වන පිරිස ඒ වෙනුවෙන් වැඩ කරනවා..ඒත් මිනිස්සු යනවා විනාස වෙනවා.. 

අපි බලමු කැලෑ ආරක්ෂා කරගන්න අපිට කරන්න හැකි දේවල්..

කැලෑ විතරක් නෙමෙයි කොළඹ උනත් මිනිස්සු රටකජු ටික කාල කවරේ පාරේ දානවා..මේක අස්කරන එක මහා වදයක් නෙවෙයි එක දෙකක් වැටෙනවා නම්..ඒත් හෙම නෙවෙයි නේ..වැටෙනවා නේ කොල කැලි කසල සියදහස් ටොන් ගානක්..මේවා සකස් කරන්නම ලොකු වියදමක් රජයට යනවා.. 

අපේ තියෙන්නේ ස්කෝල කියනවාට වඩා ගැලපෙන්නේ අපිට තියෙන්නේ කුකුල් කූඩු අධ්‍යාපන ක්‍රමයක්.. කුකුලා බෙහෙත් ගහලා විටමින් ගහලා කන්න දීල බොන්න දීලා දවස් 45න් එලියට දානවා නෙව.. ඒත් දියුනු රටවල අධ්‍යාපන ක්‍රම ඇතුලේ ගමන් යෑම කියන දේත් පුරුදු කරනවා.. ඒ විදියට අපේ ස්කෝල ක්‍රමයත් වෙනස් කරලා ලමයින්ට තනියම ගමනක් යන්න..බස් එකක් හොයාගන්න,.කෝච්චි අදුරගන්න . පොඩි චාරිකාවක් යන්න..ගහකොල අදුරගන්න අවස්ථාවක් තිබෙන්නට ඕනි.. මේක අර වට වන්දනා වගේ අනුරාධපුර ලමයි මාතර දිහා එනවා වගේවත් මාතර ලමයි අනුරාදපුර යනවා වගේ වත් මෙගා නෙමෙයි.. ඊට වඩා සරලව මාතර උන් ටික මාතර වටේ තියෙන තැන්වලට යනවා..ඒවා බලනවා අධ්‍යනය කරනවා.


එහෙම සංචරනය හුරු කරද්දි දරුවන්ට අධ්‍යාපනය වගේම කොමන් සෙන්ස්, අනික් මිනිහාට ගරු කරන හැටි, පොලිතින් කුනු බාල්දි වල ටදැමීම, දාන්න තැනක් නැත්තං ආයෙත් බෑග් එකට දැමීම ගැනත් කියාදෙන්න පුලුවනි. එතකොට ඒ ලමෝ ලොකු වෙලා ගමන් බිමන් යද්දි කුනු බාල්දිවලට දාවි.. බාල්දි නැති තැන්වල කුනු මලු වල දාගෙන ඒවි.. පරිසරය සහ පරිසරයේ මිනිස්සු ගොඩක් එක්ක පොදු සම්මතේට අනුව හැමෝටම සුබදායි විදියට හැසිරෙන කියන හැටිත් දරුවන්ට ඒත් එක්කම කියා දෙන්න ඇහැකි වේවි. 

අපේ රටේ පරිසරය බැලුවාම හැමෝටම කැලේ පෙනුනාට කසල කියනනෙත් ජාතික පස්නයක්.. පාසැල් මට්ටමෙ ්ඉදලා කසල සහ කසල කළමනාකරන චර්යාවන් දරුවන්ට හුරු කලොත් අනාගතයේ අපේ නිවෙස් වලින් ඉවත ලන කසල අඩුකරගන්න අපිට හැකි වේවි. ඒ වගේම කසල වෙන්කර බාරදීම වගේ දේවලුත් හුරු වේවි. 

කැලෑව අපි ගියේ නැති වුනාම රැකෙයිද? 

සමහර කැලෑ තියෙනවා මිනිස්සු යන නිසාම රැකෙනවා.. මිනිස්සු වැඩිය ගියේ නැත්තං ඒ පැතතේ ඉන්න ජාතික දේශපාලකයෝ, ලොකු කෙරුමෝ අරවා කපල බෙදලා දෙනවා මිනිස්සුන්ට..නැත්තං ඒ කැලෑ වල මැනික් ගරනවා, නිදන් හාරනවා ආදී විනාස ගොඩක් කරනවා කැලෑ ගොඩක් පාලුවට ගියොත්..මිනිස්සු ගියාය කියලා ගොඩක් වෙනසක් වෙන්නේ නෑ..ඒත් අඩුතරමේ පොඩි හරි දැන්විමක් යනවා සමාජයට.. අපි බදුල්ලේ පස්සර අරදුනු ඇල්ල බලන්න යද්දි පොඩි සයිස් මෙගාවොට් එකටත් අඩු ජල විදුලිබලාගාරය්ක එතන.. ලස්සන ඇල්ල කලකදි නවත්වනවා බලාගාරෙට.  ඉතිං දවසෙන් බාගයක් ඇල්ල වහලා ඉතුරු ටික අරින එක පරිසර හිතකාමි වැඩක්ද? නෑනේ.. මිනිස්සු නොයන කොට ිකිසි දෙයක් ලෝකට ආරංචි වෙන් නෑ..කොටින්ම හෝටන් තැන්න වුනත් අර නැන්දා මාලනීගේ සිංදුවේ විදියට මේ රජයවල් ලියල දේවි ක්‍රීඩා පිටිවලට ඕවයේ මිනිස්සු නොගිහින් පාලු පලාත් වෙන්න ගත්තොත්. 

රකින විදිය 

මම නෙපල් ගියාම එහේ කැලේට ඇතුල් වෙන්න වෙනම පර්මිට් එකක් ගන්න ඕනි කැලේ තියෙන කදුවලට යනවා නම්..එතකොට පර්මිට් දෙකක් ඕනි අපි නේපාලේ කන්දක් නගින්න යද්දී..ඒකක් ආන්ඩු අවසර පත්තරේ..අනික වන සංරක්ෂන පලාත් අවසර පත්තරේ.. මීටර 5000ට උස කදුවලට තව පර්මිට් ගාස්තු.. එක පර්මිට් එකක් සුද්දන්ට රුපියල් 1000ක්.. 

පොඩ්ඩක් හිතන්න..දැන් කාලේ සිරිපාදේ යන එකත් ටුවර් බිස්නස් එකක්..රුපියල් හාරදහක් අරගෙන රත්නපුර පැත්තෙන් සිරිපාදේ දක්කන ටුවර් බිස්නසුත් තියෙනවා..ඉතිං ඔය ඩෑල් වලින් එක මිනිහාට රුපියල් 100ක් අයකරන වැඩපිලිවෙලක් තියෙනවා නම්.. අපිට ලොකු ආදායමක් ගන්න පුලුවනි.. සිරිපාදේ ගත්තොත් එක මිනිහාගෙන් සීයක් අයකරනෝ නම් හැටන් පාරේ හැම වැහිකාලේම උතුරා ගලා නැගිලා මුලු සිරිපා අඩවියම ගූ වලින් චූවලින් නහවන පරණ වැසිකිලි හොද සිස්ටම් එකටක දාලා ට්‍රිට් කරන්න මුදල් හොයාගන්න පුලුවන් කීයක් හරි අයකලොත්.. 

කැලෑ තියෙනවා..මිනිස්සු යනවා..එතකොට මිනිස්සුන්ට පහසුකම් ඕනි වෙනවා..ඉතිං සල්ලි කීයක හරි ටිකැට් එකක් කඩලා..නැත්න්ම අර ඉහල කීව වගේ ඒ පැත්තට යනවා නම් පර්මිසන් ගන්න ඕනි වගේ නීතියක් දාලා සුලු මුදලකට පර්මිට් එකක් ඉෂූ කරලා මැප් එක්ක කාරිය දෙනව නම්.. ලොකු වෙනසක් වෙයි..  ඒ සල්ලි වලින් එතකොට වැඩිමනක් මිනිස්සු ගිහින් පස සවුත්තු වෙන කදු වලට පඩිපෙල් හදත හැකි.. මාර්ග වෙන්කරලා තබාගන්න හැකි.. මිනිස්සු අතරමං වෙනවාට බොඩ් ගහල මාර්ග ලකුනු කරත හැකි.. 

අවසාන 

තැනකට යන්න එපා..කියල හෝ ගිය තැන්වල පොටෝ සෙයා නොකර හෝ කරන්න පුලුවන් බලපෑම අඩුයි.. හැමදේම අපි හිතන්නේ නැති කෝණ වලින් ජනප්‍රිය වෙලා වෙලදපොල හැදෙනවා.. දැන් කරන්න පුලුවන් දේ තමයි මේවා ට පර්මිෂන් සිස්ටම් එකක් ගෙනල්ලා සද්භාවයෙන් ඔය නිතර යන කැලෑ වල පාරවල් ටික්ක හොදට හදන එක.. නැත්තං අඩුතරමෙ බොඩ් ටිකක් වත්ගහන එක.. මිනිස්සුන්ගේ කැලෑ ගත විමේ ආසාව නැතිකරන්න බෑ..ඒත් ඒකෙන් ගානක් අයකරලා ඒ සේවය මිනිස්සුන්ට විධමත්ව දෙනෝ නම්..ආන්න එදාට කැලෑ සහ මිනිහා අතර යම් ගැලපීමක් තියාගන්න හැකි වේවි. 

Sunday, September 3, 2017

අරසිමලේ චාරිකාව 1

 අපි කාන්ඩේ චාරිකාවක් ගියා පුල්මුඩේ දිහා තියෙන ආරණ්‍ය සේනාසන පිලිසකර කරන්න සපෝට් එකක් දෙන්න. අපි ඉතිං සිකුරාදා රෑ තමයි පිටත් වෙන්නේ. එතකොට පුල්මුඩෙට කෙලින්ම බස් නෑ..ජනකපුර බස් එකේ ටිකට් බු්ක් කරලා ගියා බෝගස් හන්දියට..බෝගස් හන්දියෙන් අපිව නේවි වාහනේකින් දැම්මා අරසිමලේ අරන්‍ය ජාලයේ ප්‍රධාන මූලස්ථානයට.. 
 මේක බැලූබැල්මට බස්සෝල්ට එකක් වගේ නේද? ඒත් ඉස්සරහින් දොරක් නෑ.. මට හිතෙනනේ මේ අපි හිටපු තැනත් කොටි කලබල කාලේ කෑම්ප් එකක් වෙන්න ඇති ආමි එකේ.. ඒකෙදි මුර කපොල්ලක් විදිහට මේ විදියේ කුටියක් ිතයෙන්නට ඇති.. මේවා ත් ඉතිං කාලෙයක් කොටි කට ගාව තිබුන ගම්මාන ආදිය වෙන්න ඕනි. මේ තැන තියෙන්නේ පුල්මුඩේ ඉදලා බෝගස් හන්දිය දිහාට කිලෝමීටර 6-7ක් ආවම. පාරයිනේ සමාධි පිලිමේ සයිස් පිලිමයක් හිටෝල තියෙනවා පාරෙන් එහා පැතතේ..ඒ නිසා අදුරගන්න ඇහැකි.. 
 මේ පාර උදේ පාන්දර පෙනුන හැටි..මේ පාරේ උදේ පාන්දරය දවල්ය හැන්දෑවය කියල නෑ..බලු බල්ලෙක් නෑ.. පැය ගානකට..වාහනයක් ගියත් සුටු ගාල ගියා ගියාමයි තව වාහනයක් එන්න විනාඩි ගානක් යනවා.යුද්දේ ඉවර වෙල අවුරුදු ගානක් ගියාත් පලාත තාම ජන ශුන්‍යයි. මිනිස්සු තියා හේනක් බෝගයක් වත් පේන්නේ එහෙමත් තැනක. 
 මේ ගහ කොළඹත් තියෙනවා..මම ගිය පන්සලෙත් තියෙනවා..වතුර පෝර ලැබෙන නිසා සරුවට හැදිලා..අපි ගියපු විහාරස්ථානයත් ටිකක් ඒ වගේ.. විහාරස්ථානය කිව්වට ඒක ආරණ්‍ය ජාලයක්.. කොළඹින් ලැබෙන ආධාර හයි හක්තිය නිසා කටුක පලාතේ තිබුනත් බොහොම සරුවට වැඩිලා මලින් බරවෙලා තියෙනවා. 
 වැඩේට යන්න කලියෙන් අපි ලොකු හාමුදුරුවන්ගෙන් සහ අපේ වැඩ පැවරුපු සර් ගෙන් වැඩේ ගැන ඇහුවා..මුලදි තීරණය වුනේ අපි කොටස් බෙදිලා තැන තැන යන්න..ඒත් අවසානේ කාන්ඩ දෙකකට විතරක් අපි බෙදුනා.. ඒකත් හොදයි.නැත්තං 18ක් හිටිය අපේ කාන්ඩේ ආතල් ටිකක් අඩු වෙනවා. 
 මිනිස්සු අතර සංකල්පයක් තියෙනවා පංසලක් කියන්නේ බල්ලෝ පූසෝ ගෙනත්දාන්න මරු පොට් එක්ක කියලා..මේක හරියටම පංසලක් නොවුනත් අනේ මෙතන්ටත් බලු පැටවු පූස් පැටවු ගෙනත් දාල තිබුනා.. බැල්ලියෝ එහෙම හාමුදුරුවන්ට ඇතිකරන්නත් බැහැලු..මොකද බණපොතේ විදියට ගෑනු නම් සතෙක් වත් ඇතිකරන්න බැහැල්ලු. මිනිස්සු තමුන්ගේ කුනු කන්දල් අනුන්ට විසික් කරන එක අනුන්ට කරදරයක්..හාමුදුරු ගොල්ල උනත් කෑම ටිකක් ගන්නේ දානයක් ලැබුනම..ඉතිං මේ පංසල් වලට ගාල් කොරන තවත් සත්තුන්ට කන්න බොන්න දෙන්න කොහොමද උන් වහන්සේලා.. 
 අපිට යන්න ලැබුනේ මහ ටැට්ටර් වල. මහ ටැට්ටර් නැතුව අපිට යන්නත් බැහැ සමහර තැන්වලට. මොකෛා් හරිහමන් පාරවල් නැහැ.. සරලව කිව්වොත් වැඩේ මේමයි. අපි ගිය මූලස්ථානය ආරණ්‍ය කුටි තිබෙන ස්ථාන ගනනාවක් පාලනය කරනවා.. ඒ කුටිවල ටවුමෙන් පාරෙන් බොහෝ ඈත වන මැද ස්වාමින් වහන්සේලා භාවනා කරනවා.අපි ගියේ ඒ විදියේ කුටි තිබෙන තැන්වල තියෙන වැඩප් පලක් කරල දීල එන්න. ඉතිං මේ ඇතැම් කුටි තියෙන්නේ ගල් උඩ..පෙලක්වා මහ කැලෑව ඇතුලේ..ඒ තැන් ආසන්නයට වත් යන්න වෙන්නේ මහටැට්ටර වලින්.. අම්මෝ පුක එපාය කියල හිතුනා පස්සේ දවස්වල නම්. 
 මේ ඉන්නේ අපි වැලි ඇදලා සකසපු මලුව අතුගාන සුදන්ත ස්වාමින් වහන්සේ..අපිට මුල දවසේ පැවරුනු රාජකාරිය වැලි අදින එක. වැලි ඇදලා මේ ස්වාමින් වහන්සේට සක්මන් මලුවක් හදාදෙන්න අපිට හැකි වුනා. ඉන් පස්සේ අපි තවත් තැනකට ගියා හවස ඒ ගිහින් එද්දි රෑ වෙලා..ඒ ගමන ස්වාමින් වහන්සේ වැඩවාසය කරන කුටිය ආසන්නයේ ම අපිත් රැය පහන් කලා. කෑම අපිට සැපයුවා අරසිමලේ ලොකු හාමුදුරුවො සහ සිවිල් ආරක්ෂක මහත්වරු විසින්. එදා රෑ පැය දෙක තුනක පොඩි ධර්ම සාකච්චාවකුත් තිබුනා. ස්වාමින් වහන්සේ වන ගතවුනාට උන්වහන්සේගේ ධර්මය පිළිබද දැනුම නම් වනගත වෙලා නැහැ..සෑම ගැටලුවකටකම ඉතාම සාර්ථක ලෙස පිළිතුරු දුන්නා. ඒ අත ර ඉතිං බණ ට වැඩි හුරුවක් නැති මට දෙතුන් වතාවක්ම නින්ද ගියා ස්වාමින් වහන්සේට අහුවෙන්නම. ඒත් ඉතිං වැඩිමහල්ලා වෙලා ත් නිදාගන්නවා කියලා කිව්වා මිසක වැඩිමනක් දොසක් කිව්වේ නෑ හාමුදුරුවෝ.. 

මෙතැන ආසන්නයේ තිබෙනවා ඔයක්..ඔයෛ් නම මතක නැහැ මට මේ වෙලාවේ. ඒ ඔයේ කිඹුල්ලුත් ඉ්නනවාලු. අපි ඇග හෝදා නා ගත්තේ ඒ ඔයෙන්. ඒකේ කිඹිුල්ල ඉන්නවාය කියලා කට්ටිය බය වෙච්චි නිසා ඔක්කෝම නාල ඉවර වෙනකල් අපේ හාමුදුරුවෝ ඉවුරට වෙලා බලාගෙන උන්නා..යම් විදියකින් කිඹූලා ආව නම් උන්වහන්සේට පැනලා දරුවෝ බේරාගන්න හැකිවේය කියලා සුදන්ත ස්වාමින් වහන්සේ කිව්වා. ඒත් පැනලා බේරාගන්නවාට වඩා කිඹුලා සතා සරුපය ාගැන සුදන්ත ස්වාමින් වහන්සේ ගේ දැනුම නිසා කිඹුලා එන්නට කලියෙන් අපේ අයට ඒ ගැන දැනුම් දෙන්නට නම් උන්වහන්සෙට් හැකියාව තිබෙනවා ඇති. 
 මේ වස්සාන කාලේ නේ. පාන්දරම අපි එක්ක ස්වාමින් වහන්සේ ගමට එන්න පිටත් වුනා අපේ ඊලග මිශන් එකට යන්නට. ඒ කිව්වේ අපි පලමු දිනයේ කලේ කුටි පිිරිසිදු කිරීම සහ මලු ඇමදීම වැලි මලු සකස් කිරීම ආදී රාජකාරි. දෙවන දිනයේදී තිබෙන්නේ වෙනම රාජකාරියක්. මේ තැන් අතර සෑහෙන දුරක් තිබෙනවා..ඉතිං මේ ස්වාමින් වහන්සපෙිටුපස අපි 18 දෙනාත් ආවා.. එතකොට පාන්දරම දානේ රැගෙන කුටියට යමින් සිටි ගම්බද  මහත්වරු දෙපලක් හාමුදුරුවන්ට දානය පිලිගැන්නුවා..මහත් භක්තියෙන් පාන්දරම නැගිටලා දාන වේල උයලා ඒකත් අරගෙන බයිසිකල් එකෙන් සිය සැමියා එක්ක පැමිණිලා ඒ උපාසක මාතාව ස්වාමින් වහන්සේට දන් පිලිගැන්නුවා. 
 ඒක බොහොම කදිම දසුනක්..  දානෙට තිබුනේ පිට්ටු.. හාමුදුරුවෝ සිවිල් ආරක්ෂක නවාතැනට ගිහින් ටිකක් වැලදුවා..ඉන් පස්සේ  පිට්ටු කෑල්ලක් දෙකක් අපිටත් දුන්නා..සා..මරු ඒවනම්.. 
 මේ පලාත්වල ප්‍රවාහන පහසුව අඩුයි. හිල්දානේ පිලිගැන්නුවාට පසු විවේක තැනකට ගිහින් ඒක වලදන එකයි සාමාන්‍ය සිරිත. ඉතිං දන් පිලිගැන්නූ උපාසක මහත්මයාම ස්වාමින් වහන්ස බයිසිකලයට නංගාගෙන නවාතැන කරා ඇදෙන්නට වුනා. මේ පලාත්වල රථ වාහන පහසුව අඩුයි.එක වරක් ස්වාමින් වහන්සේ දෙනමක් අපි එක්කලා වැඩියේ මහ ටැට්ටර් එකේ මහ රෝදේ උඩ.. අනේ එහෙම එද්දි මහා මුරුගසන් වරුසාවක් පහත්වුනා..දැන් ස්වාමින් වහන්සේලායි අපි සැරටම තෙමෙනවා.. ඉන් මනත එතැන යන්නට අපාසු නිසා සුදන්ත ස්වාමින් වහන්සේ වැස්සේම පයින් වඩින්නට තිරණය කලා.. 
ඒ මහා වරුසාවේ අපි කන්ඩායම ටැට්ටරේ ඇතුලේ..තෙමෙනවා තෙමෙනවා ඉවරයක් නෑ..  ඇතිල්ලෙන කටු පදුරු ලදුකැලෑ අස්සෙන් සෑම ගලකදී මුලකදිම පුකට බඩු සවුත්තු වෙන අත්දැකීම නම් වටිනා අත්දැකීමක්.. හරියට ආමි එකේ කොමාන්ඩෝ ටේනින් එක්ක වගේ..යාලුවෝ එහෙමත් කතා වුනා. 

 අපිට පෘතග්ජන ඇත්තො ්විදියට ධර්මය ගැනයි අවසේස කාරනා ගැනයි නිතර ගැටළු . ඉතිං ස්වාමින් වහන්සේ ගේන් ඒවා අසා දැනගන්නට හැමෝම වගේ උත්සාහ කලා. අපි දකින අවකාශයේ ඉන්න පණ්ඩිතම ඩයල් එක තමයි පිටිදුවේ සිරිධම්ම නොහොත් සමන්තබඩ්ඩයා.. ඇත්තමට සමන්ත බඩ්ඩයා ත්‍රිපිටකය ඔක්කොම් දන්නවා මිනිහ හරි උගතාක ියල අපි හිතාන ඉන්නවා..
 මේ ආරණ්‍යවාසී හාමුදුරු ගොල්ල ත්‍රිපිටකය ගැන විශාල පුලුල් දැනුමකින් යුක්තව වැඩ ඉන්නවා..මම මේ කීමට සිරිධම්මයාය කියලා අපහාසෙට කීවට මේ ස්වාමින් වහන්සේලා නම් වදාරන්නේ එහෙම සංඝයාට කුමුන හේතුවක් අරභයා වත් අපහාස කිරීම ගිහියන්ට පව පිරෙන්නට හේතු වෙනවා කියලා. 
 අපිට ඊලගට යන්නට තිබුනේ ලස්සන ගල්තලාවක තිබුන පොකුනක් හිස් කරන්නට..ඒ යන ගමන අතරමැද කදිම වෙල් යායක් හමු වෙනවා..ඒ මැදින් ගමන සුවදායකයි.. 
ගමන් කිව්වාම අපි බොහෝ වෙලාවට කරනනේ කොහේ හරි ගිහින් එකතුවෙලා එතනෝල් ඩිංගක් බඩට දාගෙන මත් වෙලා ඉන්න එක. ඒත් මේ ගමන ඊට වෙනස්..අපි යම් වැඩකටසෙක් කලා..ඒ වගේම අපිට සාමාන්‍ය චාරිකාවකින් ගන්න බැරි විශාල අත්දැකිම් ප්‍රමාණයකුත් ලැබුනා..විවේක ඉඩ පාඩු තිබෙන හැටියට හැකිවුනොත් ඉතිරි චාරිකා විස්තරයත් ලියන්නයි මගේ කල්පනවා.