Tuesday, September 5, 2017

වහං හිටියාම කැලේ රැකෙයිද?

වනාන්තර වලට සංචාරකයින් යනවා එනවා..සතුන්ට කරදර හිරිහැර වෙනවා..සංචාරකයින් බෝතල් ප්ලාස්ටික් ගෙනහින් දානවා..ඒ නිසා සංචාරකයෝ යන එක නවත්වන්නට ඕනි. 

ඒ නිසා යන කට්ටියක් ඉන්නවා ගියාට පොටෝ දාන් නෑ..තව පෙලක් ආන්ඩුවේ සහ ආයතන වල කට්ටිය ඉන්නවා ඒ ගොල්ලා දැන් මේ කදු සහ කැලෑ බඩගාන පිරිස අඩුකරන්න නොයෙක් වැඩපිලිවෙලක් දියත් කරගෙන යනවා. 

ලංකාව වගේ රටවල දේශපාලනයේ සහ මිනිස්සුන්ගේ තියෙන එක පොදු අවුලක් තමයි හැම රෙද්දටම තදබල අන්තගාමී..මැදග් ගැන හිතන පිරිස බොහොම අඩුයි. මිනිස්සු විදියට කැලෑවලට බඩගාන එක මිනිස්සුන්ගේ ආසාවක්..ඒ වගේම කැලෑ ආරක්ෂා කරන එක  කැලෑවලට ආදරේ කරන මිනිසුන්ගේ ගතියක්..කැලෑ ආරක්ෂක පිරිසක් කැලෑවලට යන සේනාව නවත්වන්න ඕනිය කියල කියනවා..ඒත් කැලෑ වලට මිනිස්සු යනවා.. අර කැලෑ නවත්වන පිරිස ඒ වෙනුවෙන් වැඩ කරනවා..ඒත් මිනිස්සු යනවා විනාස වෙනවා.. 

අපි බලමු කැලෑ ආරක්ෂා කරගන්න අපිට කරන්න හැකි දේවල්..

කැලෑ විතරක් නෙමෙයි කොළඹ උනත් මිනිස්සු රටකජු ටික කාල කවරේ පාරේ දානවා..මේක අස්කරන එක මහා වදයක් නෙවෙයි එක දෙකක් වැටෙනවා නම්..ඒත් හෙම නෙවෙයි නේ..වැටෙනවා නේ කොල කැලි කසල සියදහස් ටොන් ගානක්..මේවා සකස් කරන්නම ලොකු වියදමක් රජයට යනවා.. 

අපේ තියෙන්නේ ස්කෝල කියනවාට වඩා ගැලපෙන්නේ අපිට තියෙන්නේ කුකුල් කූඩු අධ්‍යාපන ක්‍රමයක්.. කුකුලා බෙහෙත් ගහලා විටමින් ගහලා කන්න දීල බොන්න දීලා දවස් 45න් එලියට දානවා නෙව.. ඒත් දියුනු රටවල අධ්‍යාපන ක්‍රම ඇතුලේ ගමන් යෑම කියන දේත් පුරුදු කරනවා.. ඒ විදියට අපේ ස්කෝල ක්‍රමයත් වෙනස් කරලා ලමයින්ට තනියම ගමනක් යන්න..බස් එකක් හොයාගන්න,.කෝච්චි අදුරගන්න . පොඩි චාරිකාවක් යන්න..ගහකොල අදුරගන්න අවස්ථාවක් තිබෙන්නට ඕනි.. මේක අර වට වන්දනා වගේ අනුරාධපුර ලමයි මාතර දිහා එනවා වගේවත් මාතර ලමයි අනුරාදපුර යනවා වගේ වත් මෙගා නෙමෙයි.. ඊට වඩා සරලව මාතර උන් ටික මාතර වටේ තියෙන තැන්වලට යනවා..ඒවා බලනවා අධ්‍යනය කරනවා.


එහෙම සංචරනය හුරු කරද්දි දරුවන්ට අධ්‍යාපනය වගේම කොමන් සෙන්ස්, අනික් මිනිහාට ගරු කරන හැටි, පොලිතින් කුනු බාල්දි වල ටදැමීම, දාන්න තැනක් නැත්තං ආයෙත් බෑග් එකට දැමීම ගැනත් කියාදෙන්න පුලුවනි. එතකොට ඒ ලමෝ ලොකු වෙලා ගමන් බිමන් යද්දි කුනු බාල්දිවලට දාවි.. බාල්දි නැති තැන්වල කුනු මලු වල දාගෙන ඒවි.. පරිසරය සහ පරිසරයේ මිනිස්සු ගොඩක් එක්ක පොදු සම්මතේට අනුව හැමෝටම සුබදායි විදියට හැසිරෙන කියන හැටිත් දරුවන්ට ඒත් එක්කම කියා දෙන්න ඇහැකි වේවි. 

අපේ රටේ පරිසරය බැලුවාම හැමෝටම කැලේ පෙනුනාට කසල කියනනෙත් ජාතික පස්නයක්.. පාසැල් මට්ටමෙ ්ඉදලා කසල සහ කසල කළමනාකරන චර්යාවන් දරුවන්ට හුරු කලොත් අනාගතයේ අපේ නිවෙස් වලින් ඉවත ලන කසල අඩුකරගන්න අපිට හැකි වේවි. ඒ වගේම කසල වෙන්කර බාරදීම වගේ දේවලුත් හුරු වේවි. 

කැලෑව අපි ගියේ නැති වුනාම රැකෙයිද? 

සමහර කැලෑ තියෙනවා මිනිස්සු යන නිසාම රැකෙනවා.. මිනිස්සු වැඩිය ගියේ නැත්තං ඒ පැතතේ ඉන්න ජාතික දේශපාලකයෝ, ලොකු කෙරුමෝ අරවා කපල බෙදලා දෙනවා මිනිස්සුන්ට..නැත්තං ඒ කැලෑ වල මැනික් ගරනවා, නිදන් හාරනවා ආදී විනාස ගොඩක් කරනවා කැලෑ ගොඩක් පාලුවට ගියොත්..මිනිස්සු ගියාය කියලා ගොඩක් වෙනසක් වෙන්නේ නෑ..ඒත් අඩුතරමේ පොඩි හරි දැන්විමක් යනවා සමාජයට.. අපි බදුල්ලේ පස්සර අරදුනු ඇල්ල බලන්න යද්දි පොඩි සයිස් මෙගාවොට් එකටත් අඩු ජල විදුලිබලාගාරය්ක එතන.. ලස්සන ඇල්ල කලකදි නවත්වනවා බලාගාරෙට.  ඉතිං දවසෙන් බාගයක් ඇල්ල වහලා ඉතුරු ටික අරින එක පරිසර හිතකාමි වැඩක්ද? නෑනේ.. මිනිස්සු නොයන කොට ිකිසි දෙයක් ලෝකට ආරංචි වෙන් නෑ..කොටින්ම හෝටන් තැන්න වුනත් අර නැන්දා මාලනීගේ සිංදුවේ විදියට මේ රජයවල් ලියල දේවි ක්‍රීඩා පිටිවලට ඕවයේ මිනිස්සු නොගිහින් පාලු පලාත් වෙන්න ගත්තොත්. 

රකින විදිය 

මම නෙපල් ගියාම එහේ කැලේට ඇතුල් වෙන්න වෙනම පර්මිට් එකක් ගන්න ඕනි කැලේ තියෙන කදුවලට යනවා නම්..එතකොට පර්මිට් දෙකක් ඕනි අපි නේපාලේ කන්දක් නගින්න යද්දී..ඒකක් ආන්ඩු අවසර පත්තරේ..අනික වන සංරක්ෂන පලාත් අවසර පත්තරේ.. මීටර 5000ට උස කදුවලට තව පර්මිට් ගාස්තු.. එක පර්මිට් එකක් සුද්දන්ට රුපියල් 1000ක්.. 

පොඩ්ඩක් හිතන්න..දැන් කාලේ සිරිපාදේ යන එකත් ටුවර් බිස්නස් එකක්..රුපියල් හාරදහක් අරගෙන රත්නපුර පැත්තෙන් සිරිපාදේ දක්කන ටුවර් බිස්නසුත් තියෙනවා..ඉතිං ඔය ඩෑල් වලින් එක මිනිහාට රුපියල් 100ක් අයකරන වැඩපිලිවෙලක් තියෙනවා නම්.. අපිට ලොකු ආදායමක් ගන්න පුලුවනි.. සිරිපාදේ ගත්තොත් එක මිනිහාගෙන් සීයක් අයකරනෝ නම් හැටන් පාරේ හැම වැහිකාලේම උතුරා ගලා නැගිලා මුලු සිරිපා අඩවියම ගූ වලින් චූවලින් නහවන පරණ වැසිකිලි හොද සිස්ටම් එකටක දාලා ට්‍රිට් කරන්න මුදල් හොයාගන්න පුලුවන් කීයක් හරි අයකලොත්.. 

කැලෑ තියෙනවා..මිනිස්සු යනවා..එතකොට මිනිස්සුන්ට පහසුකම් ඕනි වෙනවා..ඉතිං සල්ලි කීයක හරි ටිකැට් එකක් කඩලා..නැත්න්ම අර ඉහල කීව වගේ ඒ පැත්තට යනවා නම් පර්මිසන් ගන්න ඕනි වගේ නීතියක් දාලා සුලු මුදලකට පර්මිට් එකක් ඉෂූ කරලා මැප් එක්ක කාරිය දෙනව නම්.. ලොකු වෙනසක් වෙයි..  ඒ සල්ලි වලින් එතකොට වැඩිමනක් මිනිස්සු ගිහින් පස සවුත්තු වෙන කදු වලට පඩිපෙල් හදත හැකි.. මාර්ග වෙන්කරලා තබාගන්න හැකි.. මිනිස්සු අතරමං වෙනවාට බොඩ් ගහල මාර්ග ලකුනු කරත හැකි.. 

අවසාන 

තැනකට යන්න එපා..කියල හෝ ගිය තැන්වල පොටෝ සෙයා නොකර හෝ කරන්න පුලුවන් බලපෑම අඩුයි.. හැමදේම අපි හිතන්නේ නැති කෝණ වලින් ජනප්‍රිය වෙලා වෙලදපොල හැදෙනවා.. දැන් කරන්න පුලුවන් දේ තමයි මේවා ට පර්මිෂන් සිස්ටම් එකක් ගෙනල්ලා සද්භාවයෙන් ඔය නිතර යන කැලෑ වල පාරවල් ටික්ක හොදට හදන එක.. නැත්තං අඩුතරමෙ බොඩ් ටිකක් වත්ගහන එක.. මිනිස්සුන්ගේ කැලෑ ගත විමේ ආසාව නැතිකරන්න බෑ..ඒත් ඒකෙන් ගානක් අයකරලා ඒ සේවය මිනිස්සුන්ට විධමත්ව දෙනෝ නම්..ආන්න එදාට කැලෑ සහ මිනිහා අතර යම් ගැලපීමක් තියාගන්න හැකි වේවි. 

7 comments:

  1. මේ ගැන මගේ අදහස නං මේකයි. අපිට තියෙන්නේ මේ එක ජිවිතයක් විතරයි. ඉතිං ඉන්න කාලේ පුළුවන් තරං ජොලි කරලා, අධි පරිභෝජනයෙන් ජිවත් වෙන්න ඕනි.

    පරිසරය රකින්න ඕනි අරක මේක පුකේ බයිලා කතා. අපිට පස්සේ එන එවුන් මොක කලත් අපිට මොකද? අපේ ආතල් එක අපි අරං ඉවරනි. මොකද අපිට කලිං හිටපු එවුන් අපි ගැන හිතපු එකක් ඇයි. ඒ නිසා මේ අනාගත ලෝකයට වනාන්තර, අරක මේක සුරකිමු වගේ බොරු බයිලා නැතුව පුළුවන් තරං අධි පරිභෝජයෙන් ඉන්න එකයි කරන්න ඕනි. මොකද මනුස්සයෙක් උපරිම ඉන්නේ අවුරුදු හැට හැත්තෑවක් විතරයි. ඔකෙනුත් පොඩි කලේ, හද්ද නාකි කාලේ එහෙම අත්හැරියම ආතල් එකක් ගන්නත් තියෙන්නේ අවුරුදු කීයද? පුළුවන් තරං සල්ලි හොයලා, ඒවා වියදං කරන් ආතල් එකේ ඉන්නවා හලෝ. ඒකයි මගේ තියරිය.

    ReplyDelete
    Replies
    1. මේක බොහොම පටු ආකල්පයක්. අපි පරිසරය රස විදින ගමන්, ඒක අනාගත පරම්පරා වලට ආරක්ශා කරන්න ඕනේ.

      Delete
    2. වනාන්තරය ආරක්ෂා කරන්න සුද්දෝ මූලික වෙලා කටයුතු කලේ නැත්තං බොහෝවිට අපිට වනාන්තර දැකබලා ගන්න වෙන රටකට යන්න වෙනවා.. කාලාන්තරයක් තිස්සේ අපේ අය සැලකිය යුතු තරමින් ඒවා රැකබලාගත්තා.. ඒත් මේ සිස්ටම් එකත් තව ටිකක් දියුනු වෙන්නයි ඕනා..

      Delete
  2. 'වහං හිටියාම කැලේ රැකෙයිද? '

    රැකෙයිද? රැකෙයි අම්මගේ හුත්ත.

    ReplyDelete
  3. අද පුන් පෝය දවසේ සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ සෙට් එකක් මට පුකේ ඇරලා ගියා? මහත්තයට කවුරුත් පුකේ ඇරලා නැද්ද?

    ReplyDelete
  4. ඔබේ යෝජනාවන් හා එකඟ වෙමි. පර්මිට් ක්‍රමය වගේම ඒ අයකරන මුදලින් ජනතාවට සේවයක් වෙන නිවැරදි මාවතට ජනතාව හුරුකරවන ක්‍රියාකාරකමුත් තිබිය යුතුයි. විශේෂයෙන්ම වැසිකිළි කැසිකිළි පහසුකම් වගේම අපද්‍රව්‍ය බැහැරකිරිමට නිසි වැඩපිළිවලක් තිබිය යුතුයි.

    ReplyDelete