Wednesday, March 29, 2017

සිරිපාදේ .. ක්ලීනින් වාරේ.. අත් පටලා යමු ආයේ..

පසුගිය සතියක අපි ගියා දැරණියගල දිහායින් සිරිපාදේ..දැරණියගලින් සිරිපාදේ යනවිට හමුවුනා දිලීප තුවාන් ලක්ෂාන් මංජු ඇතුළු පිරිස. ඔවුන් අපිට ආරාධනා කලා සිරිපාදේ පිරිසිදු කරන ශ්‍රමදානයට පැමිණෙන්නට කියා. ඉතිං අනෙක් අයට බැරි වුනත් මම ජොයින් වුනා වැඩේට. 

යෑම සහ ආරම්භය

තුවාන්ෆේ සහ දිලීප ෆේස්බුක් එකේ ඉවෙනට් එක ගහල තිබුනා..මම ගොයින් එබුවා ඉන් මනත පිටත් වෙන්න කියලා යෙදිලා තිබුන සිකුරාදා රෑ 12ට විතර කොටුව ස්ටේශමට ආවා..ආවා විතරයි සෙට් එකක තරුණ කොලු කෙලි ගැටවු ටිකක් එක්ක ලේලන්ඩ් බස් එකක් නවත්වලා තිබුනා..මම උන්නේ හම්මද බොල කෙල්ලොත් යනවා වගේ..නරකම නැහැ කියලා.ටිකක්ඒරියල් එක දාල බලද්දී උන් කතාවෙනෝ යන පාර බදුල්ල දිහායින් යන්න..බදුල්ල දිහායින් කොහේද හැටන් වලට පාරක්..මට තේරුනා ටිකක් අලවුනා වගේ කියලා..ඒ පාර කෝකටත් කියලා ෆුබ්බෝඩ් හරියෙ ඉදං ‍පොතකුත් අරං ඕගනයිසර් මොඩල් එකක් වගේ හිටපු කෙලිනැට්ටියෙක්ගෙන්‍ඇහුවා.. නංගි මෙක අර සිරිපාදෙ ක්ළීනින් කරන වැඩේද ? කියලා.. 

නංගි නෑ අයියේ..ඒක නෙමෙයි කියලා බොහොම සංතෝසන් කිව්වා.. 
ඉන් පසසේ කොහොම හරි ටිකකින් තුවාන් කාරයා බස් එකක් අරං ආවා පිටකොටුව දිහායින්.. ඒකේ කොටුව ස්ටේසම ගාවින් ඕන්නං 8ක් නගින්න ඇති..ලොකු දොර දෙකේ ලේලන්ඩ් එකක් . ඉතිං හප්පා මරු ආතල් එක.. නිදාගන්නත් ෂීට්..ඉන් පස්සේ කිරිබත්‍ගොඩ කඩුවෙල පැත්තෙන් තව 4ක් විතර එකතු වුනා.. ඉතිං ඔක්කොම 16ක් වගේ.. 
ගිහින් පාන්දරම කාල බීළ අපි මකර තොරණ ගාව වනජීවි කාර්යාලයට එකතු වුනා.. මකර තොරණ ගාව වනජීවි එකේ පැයක් විතර උන්නා ඉදලා අපි වැඩේ පටන් ගත්තා. 

ප්රෝගැම් එක

කුනු එකතු කිරීම..

කුනු එකතුකිරීම ඇවිල්ලා හරි ලේසියි පාර අයිනේම කුනු තියනවා නම්..එහෙම නැහැ..මිනිස්සු කාල ඉවර වෙලා බීල ඉවරවෙලා ඉතුරු වෙන බෝතල් සහ කවර විසික් කරනවා ඈතට..කැලේ ඇතුලේ රිංගලා බෑවුම් වල රූටලා සීත ගගුලේ ගල් උඩ නැගලා අපිට කුනු එකතු කරන්නට වුනා.ඇතැම් විට කිසිම වගවිබාගයක් නැතුව කෑම කොල එක්කම කෑම ආදිය තැන තැන දාල තිබුනා.. සමහර අයට යට ඇදුම පවා අමතක වෙලා ගිහින් දාල ගිහින් තිබුනා.. ඒ අතර සතා සර්පයා පවා හමු වුනා..මගේ පෝන් කැබරාවටත් ලස්සන සර්පයෙක් හම ුවුනා.. 
පසුගිය දිනවලදී කුනු එකතු කරන පිරිස් සිරිපාදයට පැමිණ තිබුනා..ඒ නිසා ඇත්තටම මග දෙපස පේන මායිමේ කුනු තිබුනේ අඩුවෙන්..ඒත් ටිකක් පඳුරු අස්සට රිංගලා පාරෙන් මීටර 20ක් විතර කැලෑව ඇතුලට රිංගුවම නිධන් හම්බෙනෝ වගේ ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සහ අවශේෂ දේවල් හමුවෙනවා.. මුලදී අපිත් පාරදෙපස කුනු එකතු කලත් රක්ෂිත වනයක් තුල ඇතුලට වන්නට ප්ලාස්ටික් බෝතල් තිබීම හොද දෙයක් නෙමෙයි කොහොමටවත්..ඒ නිසා අපි හැකි සෑම තැනින්ම නොදිරන කසල බෑග් වලට එකතු කලා. .

කුනු බෑග් වලට පිරවීම..

ප්ලාස්ටික් බෝතල නම් බෑගයේ කට ගාවටම පිරෙව්වත් ගානක්වත් නෑ..මොකද ඒවායේ බරක් නෑනෙ.. ඒත් වෙනත් කෑම සහ අපද්‍රව්‍ය ආදිය නම් ටිකක් බරයි. මෙහෙම වැඩි බර මලු කුඩා බරක් එන විදියට අප ිමලු දෙක තුනකට දානවා.. ඉන් පස්සේ විශෘල වගේ මලුත් ටිකක් පෙනුමෙන් අඩු වෙන විදියට නැවත පැක් කරනවා.. අපගේ අරමුනු නොදිරන බෝතල් සහ පොලිතින් එකතු කිරිම වුනත් අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් අපි පසුබට වුනේ නැහැ..මන්ද කුනු බහාලන්නට බඳුන් තිබුනාට බඳුන් වලට එකතු වන කුනු? කිලෝමීටර 5ක් දුර ගෙවාන මීටර 1000කට වඩා උසක් නැගගෙන බැහැගෙන නැවත ගෙනියන්නට ඕනි..මේක ලේසි වැඩක්ද? ණෑ කිසිසේත්ම නෑ.. 

බෑග් පහල යන අයට බාරදීම .. 

අපි යොදාගත්ත ක්‍රමය ගැන අපිටත් මුලදී සැකයක් තිබුනා..ඒත් නල්ලතන්නි සිරිපා ඉම බාර අඹගමුව ප්‍රාදේශිය සභාවෙන් ශීත ගගුල පැත්තේ කුනු භාරව පත්කරපු පිරිසිදු කරන මහත්මයා කදිම මාකටින් බුලට් එකක්..පොර කැඩිච්ච සිංහලෙන්..මේ කුනු බෑග්යෙක කූමහරි ගෙනියන්නකූ,.වැඩි බර නේ.. පොඩි පාර්ශලෙයි නේ.. ලොකු අමාරු නෑ මාත්තියා.. කියලා බෑග් එකට පුරවපු බර අඩු කුනු බෑග් පහලට බහින වන්දනා නඩවල අයට දෙනවා.. 
අපේ අයටත් ටික වෙලාවකින් මේ වැඩේ අල්ලාගන්න හැකි වුනා.. අපේ අයනම් දුන්නාට මට නම් මේ කුනු බෑග් දෙන එක කරන්නම අමාරුයි.මොකද මට හිතෙන්නේම මිනිස්සු බැනල එලවයි.උන් අපිට බනියි කියලා.ඒත් එහෙම නැහැ..සැබැවින්ම මේ මිනිස්සුම දාපු කුනු වුනත් ඒ කුනු නැවත රැගෙන යන්නට ඔවුන්ගේ දායක වීම විශිෂ්ඨයි. 

ව්යාපෘතියේ සාර්ථකත්වය

ව්‍යාපෘතියක් සාර්ථකයි කියන එක මනින්න මේ වගේ තැනකදි තරමක් අපහසුයි..අපිට මුලු සිරිපා ඉම සෑම තැනකම එක් ප්ලාස්ටික් කැබැල්ලක් හෝ නැතිවන පරිදි පිරිසිදු කරන්න බෑ.. ඒක කරන්න අමාරු නෙමෙයි කරන්න බැරි වැඩක්.. 
අපේ තුවාන් සහ දිලීප එකතුවෙලා කරපු මේ වැඩේ එයාල කමර්ශල් පෝර සමාගමෙන් මලු 500ක් අරගෙන තිබුනා..එයින් අපි මලු100ක් වනජීවි කාර්යාලයේ තියලා 400ක් විතර වැඩේට අරගෙන ගියා..මලු 500ක් අපි ඔක්කොම 16ක් අමාරුයි නේද? එ්ත් අපි 16 දෙනාට මලු 192ක් පුරවන්න හැකි වුනා..එයිනුත් එක් අයෙක් අපි ඡායාරූප ගන්න‍ යොදවලා තිබුනා.. එතකොට එක් අයෙක්ට බෑග් 13ක් වගේ.. සාර්ථක වැඩක් කියලා තමයි මට හිතුනේ.. 
පිරිසක් ඉහල රතු අම්බලම ලග බෑග් අත ඇරලා ගිහින් තිබුනා..තවත් පිරිසක් සීත ගගුල ලග බෑග් තබලා ගිහින් තිබුනා..තවත් බහුතරයක් මකර තොරණ ගාව..බෑග් 20ක් විතර ඔය හැම බාධකයම පහු කරගෙන ඇවිත් නල්ලතන්නි පාලම ලගට පැමිණ තිබුනා. මකර තොරණ ගාවට බෑග් ගොඩක් එකතු වෙන්න එතන තිබුන මයියොක්කා දංසල හේතුවාසනා වෙලා තිබුනා. 

මේ ව්යෘපාතියේ ඇති විශේෂතා

කෙල්ලො නෑ ආන්ටිලනෑ මුත්තල නෑ..කොල්ල විතරයි.. 

අපේ සෙට් එකේ හිටපු නාකිම බුවා මම වෙන්න ඇති..අනික් උන් ඔක්කොම කොල්ලො ..නිදිමරාගෙන වංගු මැදින් පැද්දි පැද්දි බස් එකේ ගිහින්..එතනින් ගිහින් කන්ද නැගගෙන ඉදිකටුපාන සීත ගගුල වගේ තැන්වල ගල් උඩ අකුල් අස්සේ රිංගමින්..යාන්තම් සරල ආහාර වේලකින් සප්පායම් වෙලා.. වැඩේ තනි කට්ටට කරගන්න මේ කොල්ලා ටික නිසා අවකාශ ලැබුනා..කෙල්ලො සහ වයසක උන්දැලා වැඩේට එකතු වුනානම් ඒ අයට සලකන්න වෙනමම කාලයක් ශ්‍රමයක් අපිට වියදම් කරන්නට වෙනවා. 

ග්ලවුස් බෙදීම සහ බෑග් බාරදීම ..

තුවාන් සහ දිලීප ගේ අදහසක් අනුව අපි බෑගයක් බාර දෙන හැමෝටම එක් රබර් අත්වැසුමක් දෙන්න තීරණය කලා.. එය විශේෂ තිළිනයක් ලෙස ඇත්තටම පිරිස පිලිගත්තා.. ලංකාවේ අයට අත්වැසුමක් හෝ කමක් නෑ නිකං ලැබෙනවා නම් ලොකු දෙයක් නෙව.. ඒ වගේම මේ කුනු බාරදීම කියන කරුණ නිකංම කුනු කේස් එකක් නෙමෙයි.. මිනිස්සු ටිකක් හරි කුනු ගෙනියන ගමන් හිතනවා ඇති..මේ ගෙනියන්නේ අපි ‍ දාපු ප්ලාස්ටික් බෝතල්,‍පොලිතින් කෑලි නොවෙද? මේ අපේම කුනු නෙවද කියලා දුක්වෙන්නත් ඇති කලාතුරකින් කෙනෙක් හෝ. 

පාලු ගෙවල වලං බිදිනවාට වඩා.. 

අපි කැම්පස් කොල්ලෝ (මං නෙමෙ අනික් උන් ) විදියට බැහැල කුනු අදින විදිය..අපි විදින දුක ඒ වන්දනා වල යන ජනතාවට එවෙලේම පේනවා..මට මතකයි එක අවස්ථාවක අපි සාම චෛත්‍යය පසුකරමින් එද්දී මගේ බෙල්ලේ හිස් මලු සෙට් දෙකක් එල්ලිලා , අත් දෙකේ කුනු මලු දෙකක්..කොටින්ම පින්න නිසා නාහෙට එන හොටු ටික පිහගන්න විදියක් නෑ අත් දෙකේම මලු..කොල්ලො දෙන්නෙක් අපිව දැක්කෙ නෑ වගේ පිඹගෙන යන්න ගියේ..ඒත් උන් දෙන්නටම අපි සෙට් එක මලු එක්ක කරන වැඩේ තේරුනා..ඒ දෙන්නා හැරිලා මගේ අතේ තිබුන කුනු මලු දෙක ඇදලා ගත්තා. 
මම හිතන්නේ අවාරේ හෝ මිනිස්සු අඩු වෙලාවට කරනවාට වඩා මිනිස්සු ඉන්න වෙලාවේ එයාලටම පේන්න.එයාල දැනුවත් කරමින් කරන මේ කුනු ඉවත්කිරීමේ ඔන්ලයින් වැඩේ සාර්ථකයි..මිනිස්සු එක්කම එකතු වෙලා කුනු පහලට අදින නිසා ලොකු දැනුවත් කිරීමකුත් ඉටු වෙනවා.. ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අඩු සිරිපා ඉමක් වෙනුවෙන් වන්දනාකරුවන්ගේ නොදිරන කසල භාවිතය අඩු කරන්නට පාලකයින් වැඩපිලිවෙලක් හදන්නට ඕනි. මිනිස්සු කුනු දානවා හැමදාම පිරිස් ගිහින් එකතු කරනවා මේක කරන්න අමාරු වැඩක් නේ.. 

එදා සහ අද

එදා විතරක් නෙමෙයි අද පවා දුන්හිද බලන්න යද්දි ඒ කඩ වල තියෙන්නේ බෙලිමල් සහ ඇඹුල් දොඩම් බීම.. එදා මතක විදියට කලකට පෙර සිරිපාදේත් ඒ වගේ ස්වභාවික බීඹ ජාති තිබුනා..ඒත් අද වෙද්දි බෙලිමල් උගුරක් කහට උගුරක් බොනෝට වඩා මිනිස්සු බෝතල් බීම වලට හුරු වෙලා.. 
ඉස්සර ගලා හැලුනු දිය පහරකට කට අල්ලලා වතුර බොන්න හුරුවුන අපි දැන් දැන් වතුර බෝතල් වලට හුරු වෙලා..වතුරු ෆිල්ටර් අදිය දමලා හොදට ටැප් හදලා තිබුනත් වතුර බෝතල සහ බීම වෙලෙන්දන් වෙන්න ඇති ඒ හැම එකක්ම වගේ කඩල තිබුනා.පොලිස් පෝස්ට් ගාව විතරය් හරිහමන් ටැප් එකක් තිබුනේ.. 
අග්ගලා වෙනුවට විවිධ ආකාරයේ රසකැවිලි කරලියට ඇවිත්.. ටිපිටිප්, බයිට්. මික්සර්, පැණිරස ජාති, ආදී ඒ හැම එකක්ම එන්නේ විශාල පොලිතින් මලු වල..පෙලක් තැන්වල තම්බපු කඩල ඇටේ හෝ ඉරිගු කරල දෙන්නෙත් පොලිතින් උරේක දමලා.. 

මිනිස්සු වසර දහස් ගානක් තිස්සේ වදින පුදන මේ පින්බිමේ ඒ කාලෙ ගලක කොටපු අකුරක් හෝ ගෙවී මැදීගිය ගස් කොටසක් හැර ඒ මිනිස්සුන්ගේ සලකුනු පරිසරයට එකතු වුනේ නෑ.. ඒත් වර්ථමානය බියකරුයි.. සිරිපා මග දෙපස පඳුරු පොඩ්ඩක් මෑත්කර ඔබට කැලය තුල බැලිය හැකිනම් ඒ බව හොඳින්ම පසක් වේවි.. සිරිපා ගමනක යෙදෙනවා නම් අනිවාර්යෙන් ඔබ රැගෙන යන ( මුත්‍රා සහ අශූචි හැර ) කාබනික අකාබනික අපද්‍රව්‍ය සියල්ලම නැවත රැගෙන එන්න. ඔබේ කුනු පාර්සලය ග්‍රෑම් පන්සියයක් බර ඇති..එය ඔබට බරකුත් නැතිව ඇති..එහෙත් එවැනි පිරිස 10,000කගේ කුනු..කොතරම් විශාල ප්‍රමාණයක්ද? ඒවා ඉවත් කිරීම කොතරම් අපහසු ව්‍යායාමයක්ද? 
මදක් සිතන්න. 

Monday, March 27, 2017

අඩෝ මටත් සම්මානයක් ලැබුනා

මෙවර පැවැත්වුනු නෙළුම්යාය බ්ලොග් සම්මාන උලෙලේ කාලීන සංවාද තරග අංශයේ දෙවන ස්ථානය අන්සතු දිනපොත වන මගේ බ්ලොග් අඩවියට ලැබී තිබෙනවා. මම උළෙලට සහභාගී වුනේ නැහැ. මා වෙනුවට හිතවත් දුලිප් සිකුරාජපති විසින් මගේ සම්මානය අරගෙන තිබුනා. මේ සති අන්තයේ මම ශ්‍රී පාදස්ථාන මාර්ගය අවට පිරිසිදු කිරීමේ කාර්යයට උර දුන්නු නිසා සම්මානය ගන්නට මට එන්නට විදිහක් තිබුනේ නෑ..
සිකුරාදා හැන්දෑවේ සෙනසුරාද තිබුන සම්මාන උලෙල එක්ක සම්බන්ධ යාලුවෙක් කතා කරලා කිව්වා මචං ‍උඹේ නම නොමිනේට වෙල තියෙනවා..බොට අනිවා සම්මානයක් ලැබෙයි වරෙං කියලා.. ඒ වෙද්දි සිරිපාද කැම්පේන් එකට මම වැටිල ඉවරයි..ඉතිං මම කිව්වා මචං උඹල මට සම්මානයක් දෙන්න නොමිනෙට් කරපු එකත් ලොකු දෙයක්..මට සතුටුයි..ඒත් මට එන්න වෙන් නෑ..උළෙලට අවුලක් වගේ නම් කිසිම ආබාධයක් නැහැ.. උඹල ඕ සම්මාන තැටිය වෙන කෙනෙක්ට දීපං කියලා.. ඇත්තටම සම්මානයකට ගරුත්වය දෙන්න සම්මාන ලබන එකා එතන ඉන්න ඕනි..නොයා සම්මානයට කෑඹල කමේ කෙල හලන එක යුතු දෙයක් නෙමෙයි.. අනික මම ලංකාවෙ කොළඹම ඉන්න මිනිහ නෙව.. සංවිධායක මන්ඩලේ පැත්තෙන් ඒකෙ ලොකු අවුලකුත් පේනනේ නෑ.. 

ඉතිං මම සහ මගේ දේවල් ගැන ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ වැඩිමනක් නොලියවුනත් මේ සම්මාන උලෙල සහ ඒ‍ක ගැන වචන ටිකක් කියන්න මේක අවස්ථාවක් කරගන්න වෙනවා.. මොකද සම්මානයක් මට ලැබුනා..දැන් ඕක නොලැබි මම බනිනවා නම් ලේබල් වැටෙනවා..අන්න අරූට ලැබිල නෑ ඒක නිසා බනිනවා කියලා.. දැන් ලැබුන නෙව..හිතේ හැටියට බනිත හැකි අවස්ථාව මිස් කරගෙන බෑ.. 


ඉන්විටේශන් නෑ. 

ඕපන් ඉන්විටේශන් තියෙනවා ඔව් තියනවා තමයි ඕයි..කවුද නෑ කිව්වේ..ඒත් වෝටස් එජ් වගේ තැනකට ගිහින් මොකුත්ම සම්මාන කෑල්ලක් ලැබෙන් නැතුව..අදුරන දන්න කියන එවුනුත් නැතුව නිකං කාල බීල එන්න වුනොත් එකෙක් දෙන්නෙක් හරි කියාවි..ආන්න අර පිනට කන්න ඩෑල් එකක් ඇවිත් කියලා..මම පුද්ගලිකව ඒකට ආස නෑ..අනික මොකක් හරි කේස් එකක් ඇවිත් තොට කවුද මේකට එන්න කිව්වේ කියල ඇහුවොත්..*ත්තෝ අපි තොපේ වල්ල කන්න මෙතන්ට ආවෙ නෑ.. මෙන්න තොපි එවපු ඉන්විටේෂම කියලා පෙන්වන්න මැසේජ් එකක්, මේල් එකක්, කෝල් එකක්, ලියුං කරදහියක් හෝ මොකක් හරි තියන්න ඕනි අපේ බ්ලොග් එකට හෝ නමට ඉෂූ වුනු.. 

මෙහෙම එකක් එදා ඉදං බ්ලොග් කේස් වල තිබුනේ නෑ,. ඒත් දැන්වත් හෙට ඉදන්වත් මිනිස්සුන්ට වෙන වෙනම බැරිවුනත් එකම මැසේජ් එක හරි ෆෝවඩ් කරලා ෆේස්බුක් එකෙන්. ට්විටර් එකෙන්. ෆෝන් වලින් එස් එම් එස් එකකින්, මේල් එකකින් ඒ අදාල අයට ව‍ැඩේ ගැන දැනුම් දීමක් කරන්න ඕනි.. සමහර විට ලස්සන කෙලි නැට්ටියො දාල ටීවි වල සාකච්චා වලට යවනවා තරම් ඒ වගේ වැඩ ප්‍රයෝරිටි නැතුව ඇති.. ඒත් මටනම්..ඉන්විටේශන් නැති ඉවෙනට් එකකට පැනලා නිකං කාල එන්න ලොකු චර්ම රෝගයක් නැහැ.. අනෙක් අතට අඩුතරමේ සම්මාන සදහා නිර්දේශිත උන්ට සතියකට පෙර වත් මේල් එකකින් දැනුම් දෙන්න බැරි නම් කොහොමද දෙයියනේ උන් කලිං දවසේ රෑ කිව්වම ඊලග දවසේ සම්මාන උලෙලට එන්නේ.. 

වෝටස් එජ් හප්පා.. කෝට් දාන්නත් වෙයිද? 
කූඩැල්ලො ලැට් එකේ තියන්න පුලුවන් ඒත් මෙට්ට උඩ තියන්න අමාරුයි.. මට මතකයි ඉස්සර කාලේ දවසක දුමීගේ කටකහන කතා ලියන දුමියා..(ඌ ඉස්සර දැන් වගේ නෑ හෝ ඉස්සර දැන් ඉන්න සතා එලියට ඇවිල්ල තිබුනේ නෑ..) ලංකාවට ඇවිත් මචං අපි සෙට් එක සෙට් වෙමුද කියලා ඇහුවා..හුටස්..‍කෝ තැනක්..නෑනේ ඒ හදිසියට තැනක්.. ඉන් පස්‍ේස අපි විහාරමහාදේවි පාක් එකේ නිකංම සෙට් වුනා..ඒ තමයි මගේ පලවෙනි බ්ලොග් සෙට් එකක් හමු වීම වෙන්න ඕනි.. 

පොඩි දැන්වීමකින් එදා දුමියාගේ ලංකාගමනයට කිට් කැට් චොකලට් කන්න තිහ හතලිහක සෙනගල් විහාරමහාදේවී පාක් එකට සෙට් වුනා.. ඇත්තටම නෙලුම් යාය සම්මාන උලෙල වෝටස් එජ් වගේ තැනක තියනෝට වඩා ඕක ඊට පහල බජට් ප්ලේස් එකක තියන්නට තිබුනා..ඉවෙන්ට් වල වියදම් වෙද්දී ඉවන්ට් ස්පොන්සර්ස්ලට කඩේ යන්න වෙනවාත් වැඩියි..ඉන් පස්සේ ඉවෙනට් එක අස්සේ උන්ට දෙන්න ඕනි ඉඩත් වැඩියි..ඒ නිසා මම නම් පුද්ගලිකව ඔය ලොකු තරු හෝටල් ලොකු ඉවෙනට් ඕගනයිසර්ස්ල නැතිව පොඩියට පොතක් එලිදක්වනෝ වගේ සරලව මහජන පුස්තකාලේ හෝ ඒ වගේ තැනක බ්ලොග් ඉවෙන්ට ්තියෙනව නම ්ආසයි.. 

අපි මේවයි ලියනවා පාර්ලිමේන්තුවේ කෑම බීම ගැන..උන්ට කරන අසීමිත වියදම් ගැන..අවසානේ අපි සෙට් වෙන්නෙත් වෝටර්ස් එජ් වගේ සුපිරි තැන්වල..අපිටවත් නෝමල් මිනිහා කන බොන විදියට ඉවෙන්ට ගන්න විදියට හැසිරෙන්න අමාරුයි.. ඉතිං කොහොමද දේසපාලක උතුමන්ලාව යහමගට ගන්නේ? 


බ්ලොග් සහ බ්ලොගර්ස් 

ට්විටප් එස් එල් කියලා ඉවන්ට් එකක් අවුරුදු පතා තියෙනවා ලංකාවේ ට්වීප්ස් ල ගේ. .ඒකත් තනිකර බෙලි කැපිලි සාගරයක්..ඒත් ටුවිට් අප් වල තියෙන එක විශේෂත්වයක් තමයි ..ඒකට එන මෙම්බර්ස්ලා ගනන පාලනය කරන්න වුනා මොකද මෙම්බස්ලා සූ ගාල වැල නොකැඩී ඉවෙන්ට එකට එන්න ගත්තා..ඒ තරම්ම ඒ ඉවෙන්ට ්එක ට්වීටර් සහ අවසේස සෝසල් මීඩියා අතර ජනප්‍රිය වුනා.මේකම ෂෝස්ල මීඩියා ඩේ එකටත් වුනා..ඒ කියන්නේ ඉන්විටේෂන් දෙන්න කලිං ෆිල්ටර් කරන්න වෙන තරම් සෙනගක් ඒ ඉවන්ට් වලට එන්න ගත්තා.. 

ඒත් බ්ලොග් ඉවෙන්ට් එක.. ඕපන් ඉන්විටේෂන් තිබිලත් මිනිස්සු එන්නෙ නැති නිකං පුහු විජ්ජාවක් වගේ එකක් වුනා..ටුවිට් අප් වලට ආන්ඩුවේ ඇමතිල ගෙන්නුවේ නෑ.. ලොකු දේසපාලන පන්ඩිත වාහෙලා කැන්දන් ආවේ නෑ.ඒත් ඉවෙන්ට් විදියට සෝසල් මීඩියා ඩේ කොලම්බෝ සහ ටුවිට් අප් කියන ඉවෙන්ට දෙක ඒ අවකාශය තුල පට්ටම ෆේමස් වුනා.. 

ඉන්විටේෂන් ඕපන් කරලත් ඉතාම අඩු බ්ලොගර්ස්ලා පිරිසක් සහභෘගි වුනේ ඇයි.. බ්ලොග් ලියන උන් සහ වර්ථමාන යූත් සෙට් එක ඔයි ඇට බැහැපු නාකි සෙට් වල උන්  වගේ පොලිටික්කන්ට ආස නැති බව දැන දැනත් ඒ වගේ හාල්පාරුවෝ ගෙන්නුවේ ඇයි.. අජිත් පැරකුම්බා අංකල් වගේ නාකි සෙට් වලට මොකා වුනත් මිනිස්ටර් කියන එකා ලොකු ඇති..ඒත් අපිට නං උන් ගානක්වත් නෑ.. හැබැයි ඉතිං උන් මිනිස්සු ඡන්දේ දීළ පත් කරපු ඩෑල් .. උන්ගෙන් සම්මාන ගන්න බෑ කියල කියන්නත් බෑ..ඒත් ‍ඉවෙන්ට් එකක් විදියට ඔය සරං කාර ගොන් කොට්ටෝරුවන්ගේ ගොං කතා අහං ඉන්නෝට වඩා නීල් වර්ණකුලසූරිය, චාමර රණවක ‍වගේ පොරගක්ගෙන් ශාස්ත්‍රීය සංගීතය ගැන දේශනයක් අහං ඉන්නවා සැපයි.. මට නම්.. 


උඩ බලා කෙල ගැසීම 

මට දුන්න සම්මානේ සහ ඒ උලෙල විවේචනය කිරීම වැරදි ඇති..ඒත් මගේ බ්ලොගොස්පියර් එකේ  මට සම්මානයක් ලැබෙන පලමුවෙනි වතාව තමයි මේ.. සම්මාන නොලැබි සම්මාන විවේචනය කිරීම කරන්න බෑ..නෙව. .. මේ බැනුම් දැකලා "ඕ හිගන හැත්තට සම්මාන දුන්න ඇති" .. කියල නෙලුම් යාය සංවිධායක මණ්ඩලයට හිතෙනවා නම් අනේ කමන් නෑ.. මොකද සම්මානයක වටිනකම තියෙන්නේ ඒකේ දෙන කඩදාසි කෑලි සහ‍තිකේ වත් පුදන දිලිසෙන පාට පාට ලෑලි තහඩු වලවත් නෙමෙයි.. බ්ලොග් ලියන අවකාශය තුල..අවකාශයේ අති බහුතරයක් අකමැති විදියට ඕගනයිස් වෙන සම්මාන උලෙලක් ඇත්තටම වැඩක් තියෙනවද? මට අනුව නම් නම් එහෙම බලෙන් පැනලා කරනවාට වඩා බ්ලොග් අල නොකර වෙන පොලිටිකල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක වැඩිමනක් ලාබ වෙයි.. කොහොමත් ලක්ස දෙක ‍ තුනක් විසික් කරලා මීට වඩා අවුට්කම් එකක් තියෙන පොලිටිකල් ඉවෙන්ට් එකක් ගහන එක ඔය කොයි කාට වුනත් ලොකු අමාරු වැඩක් නෙමෙයි.. 

පිංතුරය ඉස්සුවේ http://cvpsur.blogspot.com/2016/03/blog-post_24.html

Thursday, March 16, 2017

එමා වොට්සන් ඇදුම් මාරුකරන හැටි

පොඩි ලමයි බලන්න එපා..බැලුවයි කියල මහ ලොකු දෙයක් නෑ..ඒත් බලන්න එපා.. 


















දැන් මේ පිංතුර ටික බොහෝ දෙනා දැකල ඇති..නොදැකපු අයට දැකගන්නයි මේ පිංතුර මෙහෙම දැම්මේ.. තොරන් සයිට් වල‍ නොවිදිනා දුක් බලුප් වැල් වලින් වට වෙවී අද හෙට වෙද්දී මේ පිංතුර ටික යාවි..මට උෟමනා වුනේ මම මේ වගේ ආරංචියක් ආවම තොරන් සයිට් වලට වාත වෙලා සර්ච් එන්ජින් වල වාත වෙලා කරන අමාරු ක්‍රියාදාමයෙන් කිහිප දෙනෙක් හෝ ගලවාගෙන පිංතුර ටික බලාගැනීමට ඉඩදීම ..ඉතිං ඔයාලටත් පුලුවන් මේක තමුන්ග‍ේ යාලුවන්ට පේන්න සෙයාකරන්න.. 

මැද තියෙන සීගිරි ලලනාව නාන දර්ශනේ වගේ එක මෙයාගේ නෙමෙයිලු. ඒකේ වීඩියෝ එකකුත් තියෙනවා..ඒත් එමා ද නොවේද කියල හොයලා වාත වෙන එක මහ ඇනයක්.. ඒ එමාමයි කියල හිතාගෙන මම ඒ දෙක බැලුවා. ඒත් ඒ තත්පර කීපය තුල මූන හංගන්න ලොකු ට්‍රයි එකක් දීල තිබුන බවක් පෙනුනා. .ඒ පිංතුරය නිසාම සමහර විට කෙලවිලා යන්නත් ඉඩ තියෙනවා..අපි බලමු..ඉතිං.. මොකෝ වෙන්නේ කියලා.. 

Thursday, March 9, 2017

මරල හරි (ආන්ඩුව උපත් පාලනේ,ආගම උපත් වර්ධනේ)

උපත් පාලන ක්‍රමවේදයක් බලෙන් කරන්නට ගිය සිද්ධියක් පසුගිය දිනවල ඇතිවිය. එහිදී පුදුමයකට මෙන් පිරිසක් බලෙන් හෝ උපත්පාලනය කිරීමට පක්ෂව පෙනී සිටියෝය. ඔවුන්ම අතර විටෙක මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය ද සිටියෝය..ඒ අතර මොන අවුලක් වුනත් අපේ පකයා බේරගන්නට පෙනී සිටින දොස්තර හාමුදුරුවෝද ඒ අස්සේ සිටියෝය. 

1600 ගනන් වල සුද්දන්ට යටත්විජිත ගෝත්‍රිකයින්ට සදාචාරය ආගම කියාදෙන්නට උවමනා විය..උන් කලේ එය බලෙන් ගෝත්‍රිකයින්ට කිරීඹට බල කිරිමයි..එසේ නොමැතිවන උන් මරා දැමීමයි..එහෙත් කාලයේ වෙනසත් සමග යටත්විජිතවාදය මෙන්ම ආගම් ව්‍යාප්තියද වඩාත් මෘදු මුහුනුවරකින් කරන්නට මිනිසා පෙළඹී තිබේ.. කොතරම් නරක මිනීමස් කන ජාතියේ අයට පවා අද කාලයේදී කෙලින්ම ප්‍රචන්ඩත්වයෙන් ම පිළිතුරු දීම සාමාන්‍ය දියුනු ලෝකය පිලිගන්නා ක්‍රියාදාමයක් නොවේ. ඉතාම උවමනා අවස්ථාවකදී හැර බලය යොදා බලහත්කාරයෙන් කවර නම් වූ හොද දෙයක් පවා ඇගේ ගැසීම වර්ථමාන මානව දියුනුවට කරන නිග්‍රහයකි. 

එහෙනම් මොකද්ද කරන්න ඕනි 

මා නිතරම මාකටින් කැම්පේන් සදහා උදාහරණයට ගන්නා සාර්ථක ක්‍රියාදාමයකි ඔස්ටේලියානු රජයේ දැන්වීම..එහිදි ඔසියන්ට සිය රටට පැමිනෙන ලාංකිකයින් ෆ්ලයිට් වල පටවා මෙහෙ එවීම හෝ නිව්ගිනියාවේ පදිංචි කිරීම මහ ලොකු කජ්ජක් නොවේ..එහෙත් ඔවුන් දැඩි ලෙස පැතිරුනු මාකටින් කැම්පේන් එකක් ඒ සදහා ලංකාවේදීම දියත් කලෝය. ඔවුන් අවසානයේ ජයග්‍රහනය කලෝය. දැන් ඔසී යන්නට තනන විටම මිනිසුන් කිසිදාක ඔස්ටේලියා පුරවැසිකම නොලැබෙන බවක් යාන්තමින් හෝ මතකයට නගා ගනී. 

අද කාලයේ ලංකාවේ සන්ලයිට් කාරයා සබන් විකුනාගන්නට, ඇංකර් කාරයා කිරි විකුනාගන්නට යොදාගන්නේ වෙළදපොල මාකටින් ක්‍රියාදාමයෝය. එබැවින් රාක්ක උතුරන්නට පාට පාට සබන් තිබුනත් කොතරම් මෝඩ දුප්පත් ගැනු පවා ඉල්ලන්නේ සන්ලයිට්ය.. කන්න බොන්න නැතිවුනත් කිරිපිටි ලෙස ඉල්ලන්නේ ඇංකර්ය..එතරම්ම මිනිසුන්ගේ මනසට කිදාබසින ලෙස මාකට් කිරීඹට එම ආයතන සමත් වී තිබේ.. 

අපේ සෞඛ්‍ය අජ්ජාපනය 

අපේ රට ලොකුයි..අපේ රටේ මාතෘ මරන අඩුයි.. සෞක්‍යය හොදයි.. අපේ රේටින් සංවර්ධිත රටක් වගේ..ඒ ඔක්ක‍ොම සෞඛ්‍ය සේවාවේ හොද නිසා.. ඒ නිතරම අපේ දොස්තරලා ගහන තැටියක්.. ඒ සමස්ථ සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමවේදයම දැන ්දැන් තරමක් යල්පැන යමින් තිබෙනවා.. උදාහරණ විදියට දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ දැනුවත් කරන්න ගෙවල් වලට යන මිඩ්වයිෆ් ඇන්ටිට වඩා ලේසියෙන් ෆේස්බුක් එකේ හෝ ටුයිටර් එක‍ේ පෝස්ට් එකකින් පුලුවන් වෙනවා. 

ඒ වගේම දැඩි ලෙස පැතිරුනු ෆේස්බුක් වැනි සමාජ ජාලයන් සමග ඉතාම දියුනු විදියට ගනුදෙනු කරන්න ක්‍රමයක් අපි හොයාගත්තා නම් අපිට පවුල් සෞඛ්‍ය පණිවුඩ සහ උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කිරීම අදාල තරුණ තරුණියන්ටම හොදින් පෙ‍ේන පරිදි දර්ශනය කරන්නත් හැකියාවක් තිබෙනවා.. 

දෙයියන් බුදුන් ලෙස අදහන ටෙලිනාට්ටි අස්සේ කොන්ඩම් ඇඩ් එකක් පවුල් සෞඛ්‍ය ඇඩ් එකක් ගියා කියලා අනුන්ගේ පවුල් පස්න කට ඇරං බලං ඉන්න පොඩි උන් බඩ වෙන්නේ නෑ.. අපිට සත්‍ය වශයෙන්ම අවශ්‍ය ජනතාව උපත් පාලනයට යොමු කරන්න නම් ඒ කාරණාවට විවිධාකාර මාකටින් ක්‍රමවේද රාශියක් පාවිච්චි කරන්ට හැකියාවක් තිබෙනවා.. 

බලෙන් කිරිමේ අවුල. 

බලෙන් හරි ජනගහනය අඩු කරන්න ඕනි කියන තකතීරු මතේ ඉදගෙන ඉන්න අයට බලෙන් කිරීමේ ආනිසංස මේ දවස්වල සිංහල ජාතිවාදී නිවුස් චානල් බැලීමෙන් ලස්සනට පේනෝ ඇති.. මිනිස්සු තමුන්ග‍ේ උවමනාවෙන් ම උපත් පාලනයට දක්කන්නේ නැතුව බලෙන්ම දොස්තරගොල්ලා ගෝඩ්ෆාදර්ලා වෙන්න ගියාම වෙන්න පුලුවන් දේ අද ලස්සනට වෙලා තියෙනවා.. 

එලොව පෙන්නලා සල්ලි ගරන ආගම් කාරයෝ දැන් උන්ගේ ආගමේ උන්ගේ බෝවීම අඩුකරන්න හදනවා කියලා හතර අතේ බෙරිහන් දෙනවා.. ඒත් මිනිස්සුම ගිහින් දොස්තර මහත්වරුන්ගෙන් උපත් පාලන ක්‍රමයක් ඉල්ලන මට්ටමට මිනිස්සු පෙලගස්වන්න ඔය කෑ ගහන නඩේට සහ රටේ සෞඛ්‍ය අධ්‍යාපනයට පුලුවන් වුනානම්..සිවුරු හොරුන්ට සහ ලෝගුකාරයින්ට අම්මගේ යටිබඩ අස්සේ ලූප් හොයන්න රිංගන්න චා්න්ස් වදින්නේ නැහැ.. 

දැන් ආගම් කාරයෝ මොනාහරි කිව්වම අපේ සිරිසේනලා අනේ හාමුදුරුවනේ ඒම බෑ කියල පස්ස ගහයිද? ඒව හදේ.. චන්ද කෑලි ටිකක් වැටෙන ලෝගු සිවුරු හොරු ගිහින් කිව්වම ඔය මොන සරං කාරයත් නැවෙනවා.. ඉන් පස්සේ දැන් කොරන උපත් පාලන වැඩත් හිටිනවා..දැන් අවසාන පතිපලේ සනීපද ? 

කාලෙට අනුව වෙනස් වීම 

ලංකාව ඉන්නෙ රට මෝඩයෝ උනත් උන් ගෙන් සීයට අනුපහකට වඩා අකුරු ලියන්න කියවන්න පුලුවන් කම තියෙනවා. දුප්පත් වුනත් බොහෝ මිනිස්සුන්ට යමක් වටහාගන්නට හැකි තරම් බුද්ධියක් යාබද ඉන්දියානුවන්ට බංගලින්ට වඩා ලංකාවෙ උන්ට තියෙනවා.. මෙහෙම යම් කිසි මට්ටමක ඉහල ඉන්න ජනතාවකටත් පවුල් සෞඛ්‍යය, ලිංගික අධ්‍යාපනය, උපත් පාලනය වගේ දේවල් ඇගට දැනෙන්න කියා දෙන්න බෑ කියන්නේ තනිකර අපි ෆේල්.. 

අධ්‍යාපනේදි මිනිස්සුන්ට සමාජයට වඩා වැදගත් වෙන දේවල් අපි ප්‍රචාරය කරන්න ඕනි ඒ ප්‍රයෝරිටි ලෙවල් එකෙන්.. දැන් ඉස්සර වගේ මිනිස්සු සංගම් සමිති රැස්වීම් වලට යන්න කැමති නෑ.. හැමදේම ගෙදර දොර ගාවට එනවා.. එතකොට ඒ කාලෙට හරියන්න සෞඛ්‍ය අජ්ජාපනය වැනි දේවලුත් වෙනස් වෙන්නට ඕනි.. 

"මිනිස්සු මුරන්ඩුයි. නේ.එයාල ගෙවල් වල ගිහින් සතියෙන් ආයෙ බඩ ලොඩ් කරන් එනවා.. ඒ නිසා බලෙන්ම උපත් පාලන ලූප් දානවා." . ඒක ඉතාම සරු ගොන් කතාවක්.. සහ ලෙඩේවත් නොකිය රවමින් බෙහෙත් දෙන පැරණි වැඩවසම් මානසිකත්වයේ දොස්තර නඩේ ජනප්‍රියම සිත නිවන කතාවක්. 

Monday, March 6, 2017

අපිට රාවනා මෙච්චර ලොකු ඇයි?

කාම්බෝජයේ 1439 දී රජකරපු රජතුමා කවුද? කාරුහරි දන්නෝද? මං දන්නෙත් නෑ.. මට වැඩකුත් නෑ..මං හිතන්නේ කාම්බෝජේ ඉන්න ඉතිහාසේ ඉගෙනගන්න කීපදෙනෙක් හැර ඕ පස්නේ ලෝකේ දන්න මිනිස්සු ගාන්ට වඩා නොදන්න අය ගාන වැඩියි. 


අපේ ඉන්න පැරකුම්බා, දුටුගැමුනු, විජයබා අපිට ලොකුයි..‍මොකෝ අපේ මහ පොතේ ඒ අය ගැන පරිච්චේද වල පට්ට විස්තර තියෙනවා නේ.. ඉතිං අපිට ලොකුයි. ඒත් ඉන්ටනැෂනලි ගත්තෝතින් ඕ ඩෑල් එකක් වත් මේ දූපතෙන් පිට එක දසමයක් වැඩක් තියේද? නෑ..

පැරකුම්බා බුරුමෙ ඇල්ලුවා කියලා මෙහෙ මහාවංස පොතේ තියෙනවා..එත් එහේ එකේ නෑ.. ඌ සැරට ගැහුව නම් එහේ පොතේවලත් තියෙන්න එපැයි..මම හිතන්නේ පොඩ්ඩක් ගිහින් වරායකට දෙක්කට සද්දයක් දාල එන්න ඇති. ඒ හැර ඉතිහාසයේ අපි ගිහින් ජාත්‍යන්තර ගේම් දීල රටවල් දේශ අල්ලගෙන මංකොල්ල කාගෙන ආපු ඉතිහාස කතාවක් නැති තරං..

තියෙන එකම ලබ්බ තමයි රාවණා.. වාල්මිකිගේ හිතේ තිබුනු කතාවක් වුනත් රාවණා රාමා කතාව මුලු ලෝක ජනගහනයෙන් අඩුම තරමින් සියයට විසිපහක් වත් යාන්තමින් දන්නවා. ඒ අනුව සිංහල දේශේ හිටපු රාවණ කියන ඔලු ගානක් තිබුනු දඩ බුවා ගිහින් සීත උස්සගෙන ඇවිත් ලංකාවේ හිරකලා..ඉන් පසු අවසාන සටනෙදි රාවණා මැරුනත් පොර ටික කාලයක් වත් සීත තියාගෙන ඉන්දියාවේ රාමාට අභියෝග කලා..

මේ රාමායනය ලංකාවේ ඉන්දියාව‍ෙ ්විතරක් නෙමෙයි. කාම්බෝජය, බුරුමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ගනනාවක ජනප්‍රිය කතාන්දරයක්. ඉතිං ඒ හැම එකකම රාමෙක් සීතෙක් සහ රාවනෙක් සහ හනුමෙක් ඉන්නවා..එක එකපැතිවල කතාව වෙනෙස් වුනාට මුලු හරය සාමාන්‍යයෙන් එකම ස්වභාවයක් ගන්නවා.

වර්ථමානයේ හෝ අතීතයේ ලංකාවෙන් ජාත්‍යන්තරට බලපෑම් කරපු මිනිස්සු අඩුයි.. ඇත්තටම ලෝකෙම සැලකුවොත් ඇත්තේම නැහැ වගේ..තියෙන්නේ ඉන්ටර්නල් පොරවල් වල පොරකතා ටිකක් විතරයි..

උන් ආවට අපි ගියාද නිකංවත්..


ඉතිහාස කතා බැලුවාම පේනවා.. ලොරන්සුද අල්මේදා ලංකාවට ගොඩබහින්න කලිං ලංකාව චීන ග්‍රීක වෙලදුන් ආදිය ආපු මධ්‍යස්ථානයක්. චීන්නුන්ගේ චීන මැටිබදුන්, රෝම කාසි වලින් කියන්නේ උන් නැව් හදාගෙන සැතපුම් දාස් ගනන් ගෙවාගෙන කොහොම හරි මෙහෙට ඇවිල්ල තියෙනවා.. අපි? අපි එදා පටන් අද දක්වා ලෝකෙන් උතුම ්එක දෙක තුන ඔක්කොම මෙහේ කියලා පොයිය කියෝ කියෝ ඉන්නවා.

මුලින්ම යුරෝප් කාරයෝ මේ ඉන්දියාව පැත්තට ආවේ සූවස් ඇලෙන් නෙමෙයි.. පෘතුගාලය, නෙදර්ලන්තය, එංගලන්තය වගේ බටහිර යුරෝප් රටවල් ඉන්දියාව පැත්තට එන්නේ මහ තඩි අප්‍රිකානු මහද්විපය වටේ ගිහින්. අප්‍රිකානු මහද්වීපයත් වටේත් ගිහින්..එහේ ඉදපු ගෝත්‍රික හැත්ත බුරුත්තත් විනාස කරගන. ඉන්දියාවට ගිහින් එහෙ ඉන්න උන්ටත් ‍මොනා හරි කරගෙන අහක්වෙලා බලද්දි ඔන්න පොඩි ලබ්බක් වගේ ඉන්දියාවට යටින් එල්ලෙන ලංකාව සුද්දට පෙනුනා.. උන් ආවා..ඇවිත් මේක කැවා..

සත්‍ය වශයෙන්ම ලංකාව ඇතුලේ ඉදගෙන ලංකාව ගැනම පොයිය කෙලිනවාට වඩා අවට රටවල, ලෝකයේ ශිෂ්ඨාචාර දියුනුව, නවීන තාක්ෂණික දියුනුව වර්ථමාන නූතන කාර්මීකරණ තොරතුරු විප්ලව..ඔය කිසිම එකකට අපේ පොයි ඉතිහාසේ තඹේක දායකත්වයක් නැහැ. තිබෙන එකම විශාල වැඩේ වාරිකර්මාන්තය පමණයි.ඒක වුනත් එදා තිබුනා කිව්වට අද ඒ වැව් රෙපයාර් කරන්නෙත් සුද්දගේ ක්‍රමේට..අපෙන් සුද්ද ඉග‍නගත්ත මහ දෙයක් නෑ..

ඉන්දියාව චිනේ ගැන කියද්දි උන්ගෙන් හොරකං කරපු ගොඩද් දේ සුද්දා ගෙනිහින් ඩිවලොප් කරලා තියෙනවා.. ඉන්දුනීසියාව පැත්තේ සිරිවිජය වගේ රජගොල්ලා වර්ථමානයේ සිංගප්පූරුව වගේ දියුනු නගර සහිත නාවික නගර පවත්වාගෙන තියෙනවා..දේශපාලනික, ආර්ථික, තාක්ෂණික අතින් අපි ආක්‍රමණශීලි ජාතියකට වඩා ගෙනත් දෙන දේ කාල වෙන දේ ඔහේ බලාගෙන ඉන්න ජාතියක්..

අපි කොච්චර පොයි කෙලියත් ධම්මික පෙරේර හදන මුලු ලෝකෙම ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් තියෙනවාද? ලෝක ආර්ථිකයට දේශපාලනයට බලපාන දෙයක් කොරගන්න තරම් වැ‍ඩ්ඩෝ හෝ කම්පැනි හෝ මෙලෝ සම්මජ්ජාතියක් අපිට තියෙනවාද? නෑ..

මුකේෂ් අම්බානිල අපේ උන්ව හයර් එකට ගත්තාට අපේ ලංකාවෙ ක්‍රිකට් ප්‍රිමියර් ලිග් එකක් තියලා විරාත් කෝලි මැදමුලන ගංකබරයන්ස් පිලට ගන්න අපිට පුලුවන්ද? බෑනෙ..

ඇත්තටම ලිංගෙම්බො වගේ පිම්බිලා අපි ගැනම ආඩම්බරෙන් උන්නට අපි පොඩියි.. අනික් රටවල් වල ට සාපේක්ෂව ලෝකෙට සාපේක්ෂව අඩුමතරමෙ අපේ තත්වය තේරුම් ගන්නවත් අපිට ඇහැක් වෙනෝ නම්.. මං හිතන්නේ දියුනු වෙන්න ඕනි..නෑ .අපි පුංචියි කියල හරි වැ‍ටහෙනෝ නම් ඒකම ලොකු දෙයක්..

හරක් ඔලුවට උඩින් රාවණගේ වෙස්මූණ දාගත්තට අපිට ලෝකේ එක්ක හැරෙන්න බෑ..අපි වටහාගන්න ඕනි අපි කොච්චර පොඩිද? ඒ පොඩි සයිස් එකත් එක්ක අපිට ලෝකේ එක්ක ගැටෙන්න ඇහැක්වෙන්නේ කෝමද කියන එක.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...