Saturday, February 9, 2019

ගල්පාලම අනුරාධපුර Stone bridge Anuradhapura

අනුරාධපුර යුගයේදී හැදුන පාලමක් තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් යාලුවේ මේක ගල්පාලම තියෙන්නේ අනුරාධපුර ගල්පාලම පාරේ. කුට්ටම්පොකුන සමාධි පිලිමේ බලන්න යන මේන් රෝඩ් එකක් තමයි මේ ගල්පාලම මාවත. මේ ගල්පාලම මාවත දිගේ ගියාම අවසානයටම ගල් පාලම හමු වෙනවා. අපි ගියේ බයිසිකල් වල එදා හරිම වැහි දවසක් වුනා. 

ඉතින් ගල්පාලම කිව්වට අද වෙද්දි ඒකෙ බස් වෑන් කාර් යන්නේ නැහැ. රජ කාලේ තිබුන පාලමක්. ඒ කාලේ අස්ස කරත්ත හරක් මිනිස්සු එහෙම මේ පාලමෙන් යන්න ඇති. 

මුලින්ම හම්බෙන්නේ ඇලක් හරහා තියෙන පාලමක්. ඒ ඇලගාව බුවෙක් නානවා. සස් සස් සර බරාස් ගාල ඇගත් අතුල්ලනවා ඇහෙනවා.අපේ දමින්ද ඒ අස්සේ රිංගලා බුවාගෙන් අහනවා මේක මිහින්තලේට යන පාරේ පාලමක් නේද කියලා. දමින්දයා හිතුවද දන් නැහැ මේක දේවානම්පියතිස්ස රජතුමා මුව දඩයමට ගිය පාලම කියලා. කොහොම වුනත් බුවා උත්තර දුන්නා. ඉස්සර කාල රෙුවන්වැලි සෑය සිරිමහා බෝධියට ගියපු පාරක්ය කියලා තමයි පොර උත්තර දුන්නේ. ඒ කාලේ පාර තිබිලා තියෙන්නේ කොහේට යන්නද කියලා පැහැදිලි අදහසක් නැහැ ඒත් ඒ එක්කම ඈතින් මල්වතු ඔයේ තියෙන පාලම සහ මේක අතර සම්බන්ධයක් තියෙන්නට ඇති කියලා හිතන්නට පුලවන්කම තියෙනවා. 

මේ තියෙන්නේ අනික් පාලම. කලින් තිබුන පොඩි පාලම වගේ නෙමෙයි මේක කෙලින්ම වතුරක් ගාව ම තියෙන්නේ. කතා වල තිබුන විදියට මේ යන්නේ මල්වතු ඔය. මෙතන්ට ටිකක් සෙනග එහෙමත් ඇවිත් තිබුනා එදා නිවාඩු දවසක්නිසා. අපි ගියේ සෙනසුරාද දවසක. ඉස්සර නම් මෙතන වාහන හරවන්න එහෙම අමාරුයි. ඒත් දැන් එහා හදලා තියේ බස් එකක් වුනත් හරවන්න පුලුවන් තැනක්. මෙතනින් දැනට පාර ඉවරයි. ඒත් මීට අවුරදු දාස් ගානකට ඉස්සර අපේ මුතුන් මිත්තන් මෙතනින් එතරවෙලා ඈථ ගම් රටවල් බලා යන්නට ඇති. 

මේ පාලම අද තියෙන්නේ නවීකරණය කරලා නැවත පිහිටුවලා. දැක්කම එකපාර හිතෙනවා හම්මට යකෝ..අද පාලමක් ගැහුවම අවුරුද සීයක් තියෙන්නත් නැහැය කියලා.කොහොම හරි ඉතින් ගල් කුට්ටි ටික හරි මෙච්චර කල් තිබුන එකම මැදැයි. මේ ලගම තියෙනවා කඩ ටිකක්. ඒ කඩ වල විකුනනවා බෙලිමල් එහෙම. මහත ඇන්ටි පාරක් සහ සුවිනීත ඇන්ටියෙක් හිටියා බෙලිමල් බිබී. බෙලිමල් දුන්න කෝප්ප වල නෙමෙයි. පොල්කටු වල. පොල්කටු ටික ආයේම කට්ටියක් ආවම හෝදන්නේ නැතුව ම බෙලිමල් දාලදෙයි කියලා තමයි ඒ ඇන්ටිපාර සහ කෙල්ලගේ අදහස වුනේ. අපිත් ඉතින් අඩෝ ගෑනු කිව්වනම් ඒව ඇත්තම වෙන්නැපැ කියලා ඒකට යාන්තම ්හිනාවෙල නිකා උන්නා. 
සුද්දා ගල විද්දේ නැත්තං තාමත් නුවර කෙල්ලොන්ගේ ගල් විදගන්න වෙන්නෙ නැහැය කියලා පැරණි වල් කතාවක තිබුනා. ඒත් සුද්දා ගල විදින්න කලින් අපේ පරණ මුතුන් මිත්තෝ ගල් උස්සලා කපලා ඔපමට්ටම් කරලා ගල් ඇදලා මේ පාලම් හදලා තියෙනවා. නිකං තියෙන ගලේ සිදුර හදපු සුද්දට වඩා අපේ උන්දැලා වටිනවා නේද? යාලුවේ.. අනුරාධපුරය සියවස් ගනනාවක් පුරා ලංකාවේ රාජධානිය වෙලා තිබුනා. මෙ ්පාලම් අනුරාධපුර යුගයේ අවසාන කාල සීමාවට අයිතියි කියලා තමයි පුරාවිද්‍යා ඩෑල් කියන්නේ. අනුරාධපුරයේ සිද්ධස්ථාන දිහා බැලුවම නටඹුන් කාලේ වුනත් මහා පස් ගොඩවල් රැසක් ආරාම නටඹුන ්ගොඩක් තිබුනා. 

නිකමට හිතන්න රුවන්වැලිසෑ්‍ය. අභයගිරිය, ජේතවනේ, ලෝවමහාපාය වගේ විසාල ආරාම ගැන. ගල්කණු 1600ක් පස් ටොන් ගනනක් ඇදලා හදපු විශ්වකර්ම වැඩ අපි පොඩ්ඩක් සයිඩ් කරමු..දැන් ඕ තැන් වලට වදින පුදන සෙනග? ජේතවනේ අභගයගිරි රුවන්වැලි සෑ මළු සම්පූර්ණයෙන් නැතත් හතරෙන් එකක් පුරවන්නත් කොපමණ සෙනගක් ඉන්න ඕනිද? ඒ තියෙන ආරාම සංකීර්ණ වලකොයි තරම් භික්ෂූන් වැඩවාසය කරන්න ඇතිද? ඒ භික්ෂූන්ට දාන මාන කොච්චර දෙන්න වෙන්න ඇතිද? ඒ අනුව අනුරාධපුරයේ රාජධානියේ එක් කාලෙක අනිවාර්යෙයන්ම මම හිතන විදියට අද ජීවත්වෙනවා හා සමාන ජනතාවක් ඔය පලාතේ ජීවත් වෙන්නට ඇති. ඒ ජනතාව බොහොම දියුනු විදියට ජීවත් වෙන්න ඇති. බාගෙදා ළග තියෙන ඉන්දියාව සමග ගනුදෙනු එහෙමත් තියෙන්නට ඇති.. 

අනුරාධපුරය කිව්වම අපි ස්ටෑම්ප් කරන්න බලාගෙන තමයි යන්නේ. ඒ කියන්නේ කන්තෝරුවේ සීල් එක ගහනවා වගේ සිරිමා බෝදිය-- ඕකේ.. රුවන්වැලි සෑය--ආ ඒකත් ඕකේ.. බසවක්කුලමේ නැම..--ආ ඒකත් හරි ආදී වශයෙන් මූලික වැඩ ටිකක් දඩි බිඩි ගාල කරලා අපි එන්නයි බලන්නේ. අපේ ලංකාවේ අය යන එන තැනක් නිසා මහා වැඩි මිලක් යන්නෙ නැහැ අනුරාධපුරයේ සවාරියට..හැම තැනම ගෙවල් වල නවාතැන් දෙනවා. ඉතින් සති අන්තයක ගිහිනි නිවිහැනහිල්ලේ ජනප්‍රිය නැති නටඹුන් ටිකත් අපි බලලා එමු නේද? 





2 comments:

  1. ස්තුතියි අමිල ඔත්තුවට. අර කිව්ව වගේ කී සැරයක් නම් ගිහින් තියෙනවද අනුරාධපුරේ. ඒත් හැමදාම ප්‍රධාන තැන් කිහිපය වැඳගෙන එන එක තමයි කරන්නෙ.

    ReplyDelete
  2. මේ පාලමේ ඉතිහාසය උඹට තව පොඩ්ඩක් උනන්දුවෙන් හොයන්න තිබ්බ ලොක්කා.. ඉස්සරම කාලේ පුල්මුඩේ යාන්ඔය ඉඳල අනුරාධපුරේට කැබිතිගොල්ලෑව හරහා පාරක් තිබිල තියෙනවා.. ඉන්දියාවේ වෙළෙන්දෝ ලංකාවේ අනුරාධපුරයත් එක්ක ගණුදෙනු කරේ මේ රූට් එක හරහා.. මුහුදෙන් ආවත් ගොඩබිමින් (අනුරාධපුර පැත්තේ ඉඳල) ආවත් යාන් ඔය වරාය හොයාගන්න දැන් ගිරිහඬුසෑය පිහිටලා තියෙන කුච්චවේලි වල තියෙන ශේෂ කන්ද තමයි ලෑන්ඩ් මාක් එක වෙලා තියෙන්නේ.. තපස්සු භල්ලුක ජෝඩුව එතන තමයි චෛත්‍ය හැදුවේ කේෂ ධාතු තැන්පත් කරලා වැඩේ තවත් ලේසි වෙන්න.. අන්න ඒ පාරේ නටබුන් තමයි ඔය ගල් පාලම්.. උඹල බලන්න ගිහින් තියෙන්නේ අනුරාධපුර කිට්ටුව කීපයක්.. යාන්ඔය ඉඳල අනුරාධපුරේට එන්රූට් තව ඔය වගේ බර ගාණක් තියෙනවා.. දැක්කම ඇඩෙනවා ඒ කාලේ අපේ අංකල් ලාගේ වැඩ නෙහ්? ජයවේවා!

    ReplyDelete