ඇයි එක්ස් පී(Windows XP) හරි නැද්ද?
මයික්‍රොසොෆ්ට් එක්ස් පී යනු බොහෝ කලක් කප් ගසාගෙන සිටි දැනටත් ලංකාවේ බොහොමයක් පරිඝනක වල ඇති ජනප්‍රිය වටිනා උපාංග වලින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි(Operating system)..නමුත් අවාසනාවට දැන් දැන් එන නව මෘදුකාංග නව භාවිත මෘදුකාංග සහ නව උපාංග බොහොමයක් එක්ස් පී වලට සහාය දක්වන්නේ නැත..දැන් දැන් එන කැමරා ප්‍රින්ටර් ආදිය පවා දැන් එක්ස් පීවලට ඩ්‍රයිවර්ස්(drivers) ලබා නොදෙයි..අනෙක් කරුණ නම් වෙබ් භාවිත(web applications) වලදී ඇතිවෙන අධික වෛරස් ආසාදන අවධානමයි.එක්ස් පීවලට අනෙක් නව වින්ඩෝස් වලට වඩා ලේසියනේ වෛරස ආසාදනය(virus effect) විය හැක..දැන් එක්ස් පී යනු තවදුරටත් මයික්‍රොසොෆ්ට් සමාගම මගින යාවත්කාලීන(Update) නොකරනු ලබන මෙහෙයුම් පද්ධතියක් වන නිසා වෛරස ආරක්ෂන මෘදුකාංග(Anti virus or Internet security) ස්ථාපනය කලත් සමහර අවස්ථාවලදී අසාර්ථ ක වෙන සම්භාවිතාවය වැඩිය..
ඇය සෙවන්(Windows 7) දාත හැකි වෙයි නේ
සෙවන් හොඳය නමුත් සෙවන් වලටත් අපි අමුතුවෙන් වෛරස් ගාඩ් ආදිය දැමිය යුතුය..අපි මේ කතාකරන්නේ නවතම පරිඝනක ගැන නොවේය පරණ පරිඝනක ගැනය..පරණ පරිඝනක(Old PC) වලට මෙසේ සෙවන් දැමීමේදී රැම් මතකය මදි වීමේ ගැටලුව එයි..අනික් කරුණ නම් සෙවන් නම් මෙහෙයුම් පද්ධතියේ අඩුමිල සංස්කරණයක් පවා රුපියල් පන් හයදාහක් වීමයි..දැන් වෙළඳපොලේ ඇති තත්වමත නව පරිඝනකයක් මිලදී ගැන්ම පවා රුපියල් පන් හයදාහකින් කල හැක..එබැවින් මුදල් යහමින් නැති කෙනකු නම් මේ සඳහා මුදල් ගෙවීම යනු අවාසියකි.එසේම කෙසේ උවත් සෙවන් අමාරුවෙන් මැසිමට රිංගා ගත්තත් යම් යම් වැඩ කරගැන්මේදී ගැටලු මතුවිය හැක..
ඇපල් දාගන්න බැරිවෙයිද?
හොඳ ඇපල්(apple) සාමාන්‍යනේ ලංකාෙව් නාරං අඹ වලට වඩා තරමක් ගනන්ය..මෘදුකාංග සහ අනෙක් දේබැලුවත් ඇපල් ගනන්ය..එසේම භාවිතයට ඇවැසි හාඩ්වෙයාර් උපාංග ප්‍රමාණයද(hardware requirement) ඇපල් වල වැඩිය එනම් පී පෝ (pentium 4) වැනි මැසිමක මුල් කාලයේ ආ උපාංගවලට නව ඇපල් කිට්ටු කරගැන්ම අවාසිය..මන්ද මැසිම ධාවනය වීමටම විශාල ප්‍රමාණයේ හාඩ්වෙයාර් ප්‍රමාණයක් භාවිත කරන හෙයින් වෙන වැඩක් කරගන්නට ඉතිරියක් නොවන බැවිනි..
ඉතින් විකල්පය මොකද්ද කියල ඔයාලට දැන් තේරෙනව ඇති නේ... ආයෙම මම ලිනක්ස්(linux) වල තියෙන වාසි විස්තර කරන්න ඇවැසි නෑ මේන් මෙතනට. ගිහින් බලාගන්න පුලුවන් ලිනක්ස් වල වැඩ කිඩ..පත්තරේක ගිය ලිපියකට පිළිතුරු විදියට ලියපු මේ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්න ඒ රාවය පත්තරේ සමත් උනේ නෑ කියලත් මම කියන්න කැමතිය් මේ වෙලාවෙ..
අඩු හාඩ්වෙයාර් ඇති පරිඝනක සඳහා සුදුසු ලිනක්ස් වර්ග කවරේද?
මෙහෙමයි ලිනක්ස් කිව්වම ඒක සාගරේ වගේ එයින් ෆෙඩෝර,උබන්තු,සූස්,මැන්ඩ්‍රිවා කියන්නෙ කීපයක් විතරයි තව බෝම ගානක් තියෙනව අපිට ලේසියනේම භාවිත කරන්න පුලුවන් වෙන ලිනක්ස් වර්ග..
මේ ලිනක්ස් උනත් දැන් දැන් තැනෙන්නෙ නවීන පරිඝනක වලට ඇවැසි වෙන විදියෙ නවීන ක්‍රමවේද වලට ගැලපෙන අයුරින් එතකොට අර රැම් වී ජී ඒ වගේ දේවල් වැඩිපුර භාවිත වෙන නිසා නවතම උබන්ටු සහ ෆෙඩොර සංස්කරණ වල සාමාන්‍ය ස්වරූපයම පරණ පෙන්ටියම් පරිඝනක සඳහා සුදුසු වෙන්නෙ නෑ..පෙන්ටියම් ෆෝ වර්ගයේ පරිඝනක වල මුල් කාලීන ඒවට නම් මේ ෆෙඩෝර වගේ එකක් දමන්ට ටිකක් අමාරුයි මොකද එයාල ඒ පරිඝනකයට මේ මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන්න ඉල්ලන අවම තාවකාලික මතකයම(RAM) එක ගිගාබයිට්ටුවකට(1Gb) වඩා වැඩිවෙන නිසා..
පරණ පරිඝනක සහ කුඩා පරිඝනක වලට ගැලපෙන ලිනක්ස්...
සාමාන්‍යයෙන් අපිට පපී ලිනක්ස් මැන්ඩ්‍රිවා වගේ පොඩි සයිස් ඕඑස් එකක් දාල බූට් කරල යන්න පුලුවන් ඒත් පපී ලිනක්ස් මුලු මෙහෙයුම් පද්ධතියම රැම් මතකය මත දුවන තරමට ම බරින් අඩු උනත් නවතම ඇප්ලිකේෂන්ස් ගොඩක් අඩුයිමේ පපී ලිනක්ස්(puppy Linux) වල..අනික් එකතමා පපී වැනි ඉතා කුඩා මට්ටමෙ(small Linux) ලිනක්ස් බෙදාහැරීමවලදි(distros) ඒවාට නව භාවිත මෘදුකාංග ඇතුලත් කිරීමට ඇති අපහසුව..මේ මෙහෙයුම් පද්ධති එක්කම එන සීමිත මට්ටමේ මෘදුකාංග කීපයක් ඇරුනම නව මෘදුකාංග ඇතුලත් කරගැන්ම ඇතිතෙන්ම අපාසුයිමේ පපී පෙන්ඩ්‍රයිව් ලිනක්ස් වගේ පොඩි ලිනක්ස්මෙහෙයුම් පද්ධතිවල..තවත් දෙයක් තමා මේ ලිනක්ස් පරිඝනකයේ දෟඩ තැටියට ස්ථාපනය කරගත්(hard drive installation) නොහැකිවීම..පෙන් එකක් සහ සීඩි එකකින් බූට් වෙන පරිදි සකස් කල හැකි උවත් අපිට අවැසි ලෙස වෙනස් කම් කරගෙන එය දෟඩ තැටියේ ස්ථාපනය කිරීමනම් මේ පපී ලිනක්ස් වල අමාරු වෙන දෙයක්..
බරින් අඩු එහෙත් කල්පවතින ස්ථාවර භාවිතයට සුදුසු ලිනක්ස්...(light weight Linux)
මේ ගැන කතාකරනවිට බර අඩු ඩෙක්ස්ටොප් එඩිෂන්ස් ගානකින් මේ ලිනක්ස් එනව..
මේ එල් එක්ස් ඩී ඊ(LXDE) කියන නමින් හඳුන්වන ඩෙක්ස්ටප් හෙවත් තිර තාක්ෂණය එන්නෙ බොහොම අඩු තත්ව සහ බලයක් යටතේ විශාල වැඩ සුමටව කරගැන්මේ ව්‍යාපෘතියක් ලෙසයි..ඒ හරහා නිකුත්වුන අඩු බල අඩු හාඩ්වෙයාර් භාවිත මෙහෙයුම් පද්ධති කීපයක් ම තිබෙනවා.මේවා අපිට අර උබන්ටු වින්සෙවන්,එක්ස් පී වගේම හාඩ් එකේ ඉන්ස්ටෝල් කරගෙන නිරන්තර අප්ඩේට් කරගෙන නිතර එන නව තාක්ෂනයත් එක්ක සමගාමීව යන්න පුලුවන් විදියට වැඩ කරනව..උදාහරණ ගත්තොත් දැන් මේ අවුරුද්දට ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් බ්‍රව්සර කීප වතාවක් නව සංස්කරණ එළිදැක්වුවා..මේ සංස්කරණ ස්ථාපනය කරගන්න තරම් යාවත් කාලීන නොවන මෙහෙයුම් පද්ධතියක සිටින කෙනෙක්ට වෙබ් අවකාශ හරහා ලැබෙන සමහර සම්පත් ලබාගැන්මේ නොහැකියාවක් ඇතිවන්නට පිලිවනි..ඒ වගේමයි ඕඩියෝ වීඩියො පැත්ත ගත්තත් දැන් අර ඉස්සර ෆෝමැට් නෙමෙය සපෝට් කරන්නෙ පරණ කොම්පියුටර්ස් වලට කන්වර්ට් කර කර දඟලනවට වඩා ඒවට මේ වගේ නව දේට නම්‍යශීලි මෙහෙයුම් පද්ධතියක් ස්ථානපය කරගැන්ම වටිනවා..
ලිනක්ස් මින්ට් එල් එක්ස්ඩී ඩෙක්ස්ටප් එකක්(1.8GHz,384Ram,30HDD) |
1. ලිනක්ස් මින්ට් එල් එක් ස් ඩී(linux mint LXDE)
ලිනක්ස් මින්ට් කියන්නෙ උබන්ටු වලම සමාන්තර වගේ එන සංස්කරණයක් ඒ වුනත් උබන්ටු තරම්වත් තද නැති ඉතාම පහසු විදියෙ වැඩකෑලි සහ ලස්සන පසුබිමක් තියෙන මෙහෙයුම් පද්ධතියක් තමා ලිනක්ස් මින්ට් මේ අඩුබර සංස්කරණය..මේ හරහා මේ මෘදුකාංගය ස්තාපනය කරගන්නා ඔබට නිකම්ම වගේ සොට්වෙයාර් ගානක් ලැබෙනව ඇවැසිනම් ඔපන් ඔෆිස් වී එල් සී වගෙ ඒව දාගන්නත් පුලුවනි..මෘදුකාංග ස්ථාපනය පහසු කරගන්න සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකකුත් තියෙන නිසා හරිම ලේසියි..
2.ලුබන්ටු සහ එක්ස් උබන්ටු..(Lubuntu or Xubuntu)
මේ ලුබන්ටු කියන්නෙත් එක්ස් උබන්ටු(Ubuntu) කියන්නෙත් උබන්ටු කොම්පැනියටම අනුබද්ධව අඩුබර පරිඝනක සඳහා සංස්කරණ නිකුත්කරන තැන් දෙකක් මේ හරහාත් උබන්ටු වලට සමාන්තරවම ඒ බොහොමයක් මෘදුකාංග වලට සපෝට් කරන මට්ටමක් සහිත දිෙනන් දින යාවත්කාලීන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඔබට ලබාගන්න පුලුවනි.
3.ෆෙඩෝර එල් එක්ස් ඩී ස්පින්ස්..(Fedora LXDE spins)
ෆෙඩෝර වලට විශාල රැම් මතකයක් සාමාන්‍යන් අවැසියි..නමුත් මේ එල් එක්ස් ඩී ස්පින් එක ඉතා අඩු මට්ටම්වලදී කිසි ගේමක් නැතුව වැඩ කරනව කියල තමා මේ ෆෙඩෝර අය කියන්නෙ..
ලිනක්ස් කියන්නෙ වෙනමම ඕ එස් එකක් ඒකට හුරුවෙනව කියන්නෙත් ටිකක් අමාරු වැඩක්ම තමා..ඒත් පොඩ්ඩක් හිතන්න ඔයාල ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් තියෙන ෆෝන් වලට මාරුවෙනව තව ස්මාට් ෆෝන් එකක් ආවොත් කිසි ගේමක් නෑ ඒකටත් සෙට් වෙනව..හැමදාම හොර කොපි හොර ක්‍රම පස්සෙම දුවන්නෙ නැතුව තමුන්ගෙ මැසිමට නවතම නීත්‍යානුකූල මෙහෙයුම් පද්ධතියක් දාගන්න උත්සාහ කරන එක වැදගත් අඩු තරමෙ වෛරස් නිසා නාස්තිෙවන ඔබේ වටිනා කාලය හරි ගොඩක් ඉතිරි කරගත හැකිවෙයි මේ ලිනක්ස් වලට ඔබ පුරුදු උනොත්..
ලිනක්ස් වලට ගේම්ස් සපෝට් නෑ තමයි..ඒත් ලිනක්ස් වලත් තියෙන ලස්සන ගේම්ස් ටිකක් තියෙනව..කස්ටියට පුලුවන් ටිකක් ඒව ට්‍රයි කරල බලන්න..
හැමදාම පුරුදු සොෆ්ට් වෙයාර් අස්සෙම රිංගල ඉන්නෙ නැතුව පාටිෂන් එකකට හරි ලිනක්ස් දාගෙන උත්සාහ කරනවනම් අපිට තනියම හරි අමෙරිකාවට කියන්න පුලුවන් අපි හොරු නෙමෙයි යකෝ..අපි මේ ලිනක්ස් භාවිතා කරන අය කියල..ලිනක්ස් කේතයේ නිර්මාතෘ ආසියාතිකයෙක්..අමෙරිකාව යුරෝපය හරහා විහිදුනු මිලියන ගණනක ලිනක්ස් ලෝලින් ඔබට ගැටලුවක් ආ පසු එය නිරාකරණය කරගන්න පෙලගැසී ඉන්නවා..ඒ ගැටලු ඒ අදාල බග්ස් රිපෝට් කරන තැන්වලට හරි නැත්තං ෆෝරම් වලට හරි දන්න කැඩිච්ච ඉංගිරිස් වලින් ගැහුවම ඒ අය අපිට තේරෙන සරල ඉංගිරිස් වලින් උත්තර එවනව.ලංකාවෙ සමාරු කතාකරන අමු ඉංගිරිස් තරන් ඔය පිටරට සමාර අයගෙ ඉංග්‍රීසි අමාරු නෑ.