ගෑනුලමයි දෙතුන් දෙනෙක් දැන් මැරිල නේ. ඒ මැරුන ලමයි පේස්බුක් නිසා මැරුනා කියලයි ගොඩක් දෙනෙක් කියන්නෙ. එක අතකින් ඒ දෙමව්පියන්ටත් ඒක මාරම අස්වැසිල්ලක්. ළමයා ගැන බලන්නෙ හොයන්නෙ නැතුව අයාලෙ යන ගොනෙක් වගේ යන්න ඇරලා ගිහින් කොහේ හරි ලනුව පටලෝගෙන බෙල්ල වැලදාගත්තම දැන් එක හේතුවක්,මාරයෙක් තියෙනවා. ඒ හේතුව ෆේස්බුක්. ෆේස්බුක් නොතිබුනා නම් පත්තර කාරයොන්ට සහ හුදී මහජනයාට කෙලින්ම පේන්නෙ දෙමාපියන්ව සහ ගුරුවරු. දැන් මේ දෙගොල්ලන්ටම හොද අතරමැදි විරුද්ධ කාරයෙක් හමු වෙලා එයා තමයි ෆේස්බුක්. මේ ගතවෙන මෙහොතෙ දි බස් වල ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක්ට ඉන්න දෙන්නැති පස්ස මිරිකන්න හදන මහත්වරු ෆේස්බුක් එකටත් අර සිද්දිවල වැරදිකාරයො වෙලා ඉන්න දෙමාපියො සහ ගුරුවරුන්ටත් බනිනවා ඇති. එක අතකින් මේ වගේ චූන් එකක් යන එක හොදයි. නැත්තං කිසි ගතියක් නැති වෙනවා නේ.
අපිට මේ අපි ජීවත්වෙනවාය කාලය ගතවෙනවාය කියල දැනෙන්නෙ කැලැන්ඩරය බැලුවාම විතරයි. එහෙම නැතුවඅපි ඉන්න අපිට අදාල ලාංකිය වටපිටාව වෙනසක් නොවෙන තරම්. ඒ ඒ බලය තියෙන අය ඒ ඒ අයගෙ වැඩටික ඒ ඒ විදියට කරනවා මිසක වෙන දෙයක් සිද්ද වෙන්නෙනැහැ. මට යාන්තමින් මතකයි පේමදාස ජනාධිපති තුමාව. එදා එතුමා හදපු ගෙවල් කඩන එකත් අද ආන්ඩුවට මහ ගැටලුවක්. පේමදාස උන්නැහැ හදපු ගෙවල් පේන්ට් කරන්නත් දැන් වෙනම ඇමතිලා ඉන්නවා. ඒ ගෙවල් හදවන්න එතුමා මොන විදියෙ දේවල් කරන්න ඇතිද? ඒ කාලෙ එක මාසෙට සතියට සිද්දි කියක් වෙනවද? ආන්ඩුව කියන දේ කොයි තරම් නම් තීරණ තීන්දු හරි හෝ වැරදි ඒවා ගන්නවද? ඒත් අද? ආන්ඩුව පැරණි රජ කාලෙට ගිහින්.
සිංහල රජකාලෙ හිටපු රජවරුන්ට ප්‍රශ්ණ විසඳන්න කියල ලොකු අමාරුවක් නැහැ. එයාලට ඕනි එයාලගේ බලය රැකගන්න එක විතරයි. අධිකරණ බලතලත් එයාලටමයි. එතනදි රටේ බලවත් නිළදාරින්ට අධිකාරම්ලට නිලමෙලාට අවාසි වෙන තීරණ රජතුමා ගාවට ගියත් එකයි නැතත් එකයි. කවදාවත් අර ඉහල තලයේ ඉන්න තෝරාගත් ප්‍රභූන්ට අවාසියක් වෙන්නෙම නැහැ. ඒ නිසා ලේසියෙන් තීරණයක් නම් රජතුමා ගන්නෙ නැහැ. ඔක්කොම කැමති වෙන සිද්ධින් විදියට පෙනුන චෛත්‍යක් හදන එක, ලොකු වැවක් ගහන එක, පාරක් හදන එක ඇරුනාම මිනිස්සුන්ගේ ජීවිතය උසස් කිරීමක් ගැන රජවරු හිතන්න නැතුව ඇති. දැනුත් අපිට පහලවෙල ඉන්නෙ ආන්න ඒ වගේ රජෙක් සහ රජයක්.
මේක ඇතුලෙ වැරදි තිරන ගැනිල්ලකුත් නැහැ හොද තීරණ ගැනිල්ලකුත් නැහැ. වැරදි දෙව්ල් ඔක්කොම හොද වගේ පෙන්නල හොරපාරෙන්ම කරගෙන යනවා. කිසිම අවුලක් නැහැ. එහෙම නැතුව තීරණ ගන්න ගියොත් ආන්ඩුව වැටෙනවා. එක අතකින් මේක තමයි ලංකාවෙ අපිට ගැලපෙනම වැඩිම කාලයක් පවතින විශ්වාසදායි ක්‍රමය. තීරණ ගත්තම අනිවාර්යෙන් තීරණය නිසා පොඩි අවාසියක් වෙන සෙට් එකක් ඉන්නවා. ඒ නිසා කාරුවත්ම තරහ කරගන්නෙ නැතුව මොකුත්ම නොකර සංදර්ශන දාන එක වඩාත් ලේසියි. අනික් එක මිනිස්සුන්ටත් එතකොට විරුද්ධ වෙන්න ඕනි වුනත් හේතුවක් නැතිව අසරණ වෙනවා.
ගොවින්ට කලිං තිබුනා විශ්‍රාම වැටුපක් කියල දෙයක්. ඒක නැතිවුනෙත් මේ ජනාධිපති කාලෙමයි. ඒත් ඒ නැතිකරන කාලෙ හිටියෙත් මෙයාමයි කියල දැන් අපේ අයට මතක නැහැ.තිබිල නතර කරපු එක ආයෙත් දෙන එකටත් අපේ අය හුරේ දානවා. ඒ නිසාම වෙන්න ඇති ඔය ඔප්පු තිරප්පු විස්‍රාම වැටුප් ආදිය දෙනකොට ඔය උතුමන්ලා හිටගෙන ඕවා දෙන්නෙ. ආන්ඩුවෙන් අපෙන්ම අරගෙන අපිටම දෙන එකටත් දෙකට හතරට නැමිල වැදගෙන බාර ගන්නකොට දෙන උන්ට හිනායනව ඇත්තෙ සරම අස්සෙ තියෙන පෝට් එකෙන්. ඒ හිනාවලට ඉඩ හසර තියෙන්න ඕන නිසා, නැගිටල මදක් පස්ස පස්සට දාල ඒ උන්නැහෙලත් නැමිලම ඔය දෙන සහනාධාර පිලිගන්වනවා ඇති.
තව එකක් දෙකක් මැරෙනකොට ආන්ඩුවෙ කාරුහරි කියනවා පේස්බුක් තහනම් කරමු කියලා. ඒකට එන ප්‍රතිචාරය ආන්ඩුව බලනවා. ඒ ප්‍රතිචාරය කියන්නෙ පේස්බුක් තහනම් කරන්න කියල නම් ආන්ඩුව වීරයා වෙලා පේස්බුක් තහනම් කරනවා. ඒක කියන්නෙ පේස්බුක් තිබුනට කමක් නැහැ කියල නම් ආන්ඩුව පේස්බුක් එක ඕෆ් කරන්නෙ නැහැ. කොහොම වුනත් ආන්ඩුවෙ ඉන්න මෝඩ ආර්ථික විද්‍යාඥයො නිසා පේස්බුක් තහනම් වෙයි කියල හිතන්න බැහැ. මේ මෝඩ රෑන හිතාවි පේස්බුක් එක කරන්නෙ ඇමරිකාව මූලික සමාගමක්. ඉතිං ඕක තහනම් කරොත් ඇමරිකාව තරහත් වෙයි. කියලා. ඒ වගේ අපේ මහ තැන් ඇමරිකාවට තියෙන හුඹස් බිය නිසා ෆේස්බුක් නම් මේ අවස්ථාවෙ තහනම් වෙන එකක් නැහැ. අනික අපේ රා ජපක්ස රජ පවුලෙන් තුන් දෙනෙක්ම ඇමරිකන් පුරවැසියන් නේ.
මං බ්ලොග් ලියන කෙනෙක්. ඒ කියන්නෙ මේ අන්තර්ජාලය කියන මහා අවකාශයේ සුට්ටි සයිස් දූවිලි කෑල්ලක්. ලංකාවෙ පේස්බුක් තහනම් කලොත් අපි විරුද්ධ විය යුතු ඇති. මොකද අපේ මාධ්‍යයත් ෆේස්බුක් වගේම අන්තර්ජාලිය එකක් වෙන නිසා. නමුත් මම නම් ෆේස්බුක් තහනම ඒ තරං ලොකු දෙයක් කියල හිතන් නැහැ.
ලංකාවෙ ගත්තොත් හෙන බට්ටා පෝන් වල පවා. රුපියල් තුන් හාරදහට තියෙන චීන කෑලිවල පවා පේස්බුක් වලට වෙනම ඇප් එකක් තියෙනවා. ඒකෙන් ජී පී ආර් එස් වලින් ෆේස්බුක් වලට ලොග් වෙන්න දැන් ගොඩක් තරුණ අය පුරුදු වෙල තියෙනවා. ෆේස්බුක් හදපු සකර්බර්ග් සමාජශීලි තරුණයෙක් නෙමෙයි වාගේ පේන්නෙ. ඒ වගේම සාමාන්‍ය සමාජයට බිය පිරිස ෆේස්බුක් එනවා කියල කාරුහරි කිව්වොත් ඒකෙ මහ වැරැද්දකුත් නැහැ. බස්සෙකේ ස්කෝලෙ, පන්තියෙදි, නැත්තං වෙනත් තැනකදි හමුවෙන ගෑනුලමෙයක් පිරිමිලමෙක් එක්ක සුහදව කතාකරලා පස්සෙ ඒක සම්බන්ධයක් විදියට ඉස්සරහට අරං යන්න අවශ්‍ය කරන ශක්තිය අද සමහර තරුණ තරුණියන්ට නැහැ. ඉතිං ඔවුන් දවල් දවස තිස්සෙම ගෑනු එක්ක හැමිනි හැමිනි ඉදලත් උපාසකයො වගේ මොකුත් නොකර ඉදලා රෑට ෆේස්බුක් ගිහින් සෙක්ස් කරන්න හොයනවා.
නංගිලාත් ඒ වගේ. බස් එකක හම්බෙන කොල්ලෙක් ව පොඩ්ඩක් මෝල් කරලා සෙට් කරගන්නෙ නැතුව ගෙදර ගිහින් මහ රෑ අම්මලටත් හොරාට මූන වත් දැකපු නැති හරියට ඇවිදන්නවත් පුලුවන්ද කියල නොදන්න පකිරෙන්තුවො එක්ක චැට් කරනවා. ඒ චැට් කරලා සමාරු මැරෙනවත් එක්ක නෙව.
පේස්බුක් කේස් එකට මම දකින්නෙ විසඳුම් දෙකයි. එකක් තමයි ලමයිට පේස්බුක් සහ අන්තර්ජාලය ගැන පාඩකමක් දහය නවය වසරෙදි දාන්න ඕනි. ඒක ඉතාම අප්ඩේට් විදියට ගෙනියන්න ඕන. හොදට ගුරුවරු පුහුනු කරලා පෝන් ගැනත් ගුරුවරුන්ට කියාදීල. ගුරුවරුන් දැනුවත් නැත්තං වීඩියෝ ලෙසන් විදියට හරි ළමයිට අන්තර්ජාලය සයිබර් සහ පේස්බුක් ගැන හොද අවබෝධයක් දෙන්න ඕනි. පේස්බුක් සෙටිං ගනත් හොද දැනුමක් දෙන්න ඕන. අපි ඉස්කොලේ ගිය කාලෙත් ඔය 10-11 පන්තිවල අපි හිටියා.
ගොඩක් වෙලාවට සර්ලා අපිට ඒ පාරෙන් යන්න කිව්වොත් අපි ඒ පාරෙන් නෙමෙයි යන්න හදන්නෙ බී පාරෙන්. ඒ ඒ වයසෙ තියෙන ඇට්ටර ගතිය.
ළමයිට පේස්බුක් ගැන එසයිමන්ට්, ප්‍රශ්ණ, සෙටිං ගැන හොදට කියල දෙනකොට උන්ට සර්ලා මිස්ලා කියන දේවල් කොහොමත් ඇලජික් වෙන නිසා පේස්බුක් යන එව්වො ටික දෙනත් ඒක අතඇරල වෙන එකක්ට යාවි. නැත්තං පාඩම හොදට ඉගෙන ගත්තෝතින් එයාල පේස්බුක් ගැන සහ සයිබරය ගැන දැනගනීවි.
ඕවා අමාරු වැඩ. පේස්බුක් සමාජය හරහා පැතිරෙන්න තියෙන හැකියාව වැඩි නිසා ආන්ඩුවට පුලුවන් එක පාරින් ඕක තහනම් කරන්න. පොක්සි වලින් යනවනම් ඒවත් ටික ටික ඩවුන් කරගෙන යන්න පුලුවන්. කොහොමත් පේස්බුක් තිබුනා කියල එක සතේක දෙයක් ඒකෙ යූසර්ලාට ලැබෙනවාද? ලංකාවෙදි නම් නිකං කාල නාස්තියක් විතරයි.සමාර වෙලාවට පාක් වල සහ අලුත හදපු වෝකිං ඒරියා වල යනකොට හෙන හැන්සම් කොල්ලන්ට කැත අජූත කෙල්ලො සෙට් වෙලා ඉන්නවා. ඇන්ටිලාට නාඹර වයසෙ කොල්ලො සෙට් වෙලත් ඉන්නවා. මට ඒ වෙලාවට නම් හිතෙනවා ආ මේවනං පේස්බුක් වෙන්න ඇති කියලා. ඒ අතින් නම් සිළුමින පත්තරේ මංගල දැන්වීම් දාන වැඩේට වඩා ලේසියි පේස්බුක් කේස් එක. ඒ්ත ඔය ඇලෙන ඇලිලි ගලෝගන්න බැරුව බලුපූට්ටු වගේ පොලිසි ගානෙ ගියාම පොලිසිය විඳින දහදුක් කන්දරාව..ඒ වගේම සමහර දරුවො ඉන්න පවුල් වල මහ උන් වෙන තැන්වල ඇලිල දරුවො දාල ගියාම දරුවන්ට ලැබෙන ආතල් ...යොවුන් වයසෙ ගෑනු පිරිමි ලමයි ඇත්තටම දිවි නසාගන්න ගත්තහම ඒ දෙමාපියො විදින වේදනාව... ආදී වශයෙන් හිතුවාම අපේ සමාජය ලබන පේස්බුක් ලාබාංශය ඒකද කියලා හිතෙනවා.