ශ්‍රී ලංකාවෙ වැජඹුණු ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ද, ශ්‍රී සුමංගල ශබ්ධකෝෂයේ කර්තෘ වූ ද, ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (දැන් ශ්‍රී ජයවර්ධනපුර) උප කුලපතිව වැඩ සිටියා වූ ද වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ 1956 දී මෙසේ වදාලහ:
“............අනවශ්‍ය
නීති රීති වැඩි වීම භාෂාවක්
ඉගෙන ගන්නන්ට මහත් කරදරයකි;
එමෙන්ම
භාෂාවේ දියුණුවට බලවත් වූ ම
බාධාවකි. භාෂා
නීති පරමාර්ථ ධර්ම මෙන් හැමදා
එක ලෙසින්ම නොසිටී;
ක්‍රමයෙන්
වෙනස් වෙයි. එසේ
ස්වභාවයෙන් වෙනස් වන වෙනස
බලාපොරොත්තුවෙන් නිහඬව සිටීම
දැන් ලෝකය ගමන් කරන තත්වයට
නොගැලපේ. එහෙයින්
අපේ භාෂාවේ තිබෙන අත්‍යවශ්‍යක
නොවන නීති රීති සියල්ල වහා ම
අත් හැර දැැමීම භාෂාව දියුණු
කිරීමට කැමති කාගේත් යුතුකමකි.
වර්තමාන
භාෂාවට නුවමනා අක්ෂර වර්ණ
මාලාවේ තිබේ නම්,
එය
හැර දැමිය යුතු ය.
එසේ
ම අනවශ්‍ය ව්‍යාකරණ ක්‍රම
තිබේ නම් අත් හළ යුතු ය.
“අකුරු
යනු ව්‍යක්ත (-ප්‍රකට)
ශබ්ධයකින්
වෙන් කළ හැකි කුඩා ශබ්ධ කැබලිය.
ඒ
ශබ්ධ කැබලි හැඳින්වීම සඳහා
යෙදෙන ලකුණු ද අකුරු නමින්ම
හඳුන්වනු ලැබේ.
වර්තමාන
සිංහල හෝඩියේ අනවශ්‍ය අකුරු
තිබේදැයි පරීක්ෂා කර බලතොත්
ණ, න
යන දෙකින් එකක් ද ළ,
ල
දෙකින් එකක්ද අනවශ්‍ය බව කාටත්
වැටහෙනු ඒකාන්ත යි.
ණ,
න
යන දෙකෙක් හෝඩියේ තිබෙතත් ඒ
දෙකින් ම දැන් හැඳින්වෙන්නේ
එකම ශබ්ධයකි. ඒ
දෙකෙහි වෙනස ප්‍රකට වන සේ
කියවන්නට සමර්ථයෙක් අද සිංහලයන්
අතර නැත. ළ,
ල
දෙක ද එසේම ය.
පුරාතනයෙහි
මේ අක්ශරයන්ගේ උඡ්චාරණ භේදය
ප්‍රකටව පෙනුන හෙයින් මේ සඅයලු
අක්ෂර රූපම පුරාතන භාෂාවට
අවශ්‍ය විය. උච්චාරණයෙහි
වෙනසක් දැන් දක්ණට නොලැබෙන
මේ අක්ෂරයන් පුරාතන ක්‍රමය
අනුව නිසි සේ යෙදීම අන්‍ය ජාතිකයන්ට
තබා සිංහලයන්ට ද අතිශය දුෂ්කර
ය. එහෙයින්
මේ අක්ෂර යුග්ම දෙකින් එකක්
පමණක් ව්‍යවහාරයට ගැනීමට ජන
සම්මතයක් වහා ම ඇති කර ගත යුතු
ය. මීට
පටහැනි වන අතිපණ්ඩිතයන් ද
සිටින බව අපි දනිමු.
ඔවුන්ගේ
මෝඝ තර්කයන් නො සැලකිය යුතු
ය. හෝඩියෙන්
අක්ෂර රූප දෙකක් වත් අඩුකර
ලීම ටයිප් රයිටරය හා මොනෝ
ටයිප් නම් සීඝ්‍ර මුද්‍රණ
යන්ත්‍රය ද සෑදීමේ දී පහසුව
පිණිස වෙයි.
“මෙසේ
අනවශ්‍ය අක්ෂර රූප ආදිය නැති
කර ලීමෙන් භාෂාව වැනසී යතැයි
බව විය යුතු නොවේ.
සියම්
රටේ දැන් ව්‍යවහාර කරන්නේ
පැරණි සියම් හෝඩිය නො වේ.
පැරණි
සියම් හේඩියෙහි සිංහල හෝඩියේ
මෙන් ම ඈ, ඉ,
උ
ආදි වෙන් වෙන් වූ ස්වර රූප
තිබුනු නමුත් දැන් තිබෙන්නේ
ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයකිනි.
දැන්
සියම් හෝඩියේ ඉ යන්න අ යන්නට
ඉස්පිල්ල යෙදීමෙන්ද,
උ
යන්න අ යන්නට පාපිල්ල යෙදීමෙන්
ද, එ
යන්න අ යන්නට මුලින් කොම්බුව
ලිවීමෙන්ද හඳුන්වන බව සියම්
අකුරෙන් මුද්‍රිත පාළී පොත්
කියවන හැම දෙනා දන්නා කරුණකි.
එයින්
මුද්‍රණ කාර්යයන්ට මහත්
පහසුවක් වී ය. භාෂාවට
ස්වල්ප වූ ද හානියක් නො වීය.
“
සෝරත
නාහිමියන් දැන සිටියේ ටයිප්
රයිටරය හා මොනෝ ටයිප් මුද්‍රණ
යන්ත්‍රය පමණි.
දැන්
පරිඝනක තනා ඇත. පද
සදනයක් (Word Processors) සාදා
ඇත. එහෙයින්
උන් වහන්සේගේ යෝජනාව සිය ගුණයක
කාලෝචිත භාවයක් ඇතිකර ගනී.
විද්වතුන්ගේ
අවධානය මීට යොමු වේවා.
එසේ
යොමුවන තෙක් අන්‍ය යෝ බාන්
කඩාගෙන නො දුවත්වා.
මේ
කොටස උපුටා ගත්තේ සුචරිත
ගම්ලත් මහාචාර්ය තුමාගේ සුබස්
මිණි ආර නම් වූ තීරු ලිපි
එකතුවෙනි.
එහි
මහාචාර්ය තුමා විසින් ලියන
ලද අර්ථවත් ලිපි රැසක් ආකර්ශනීය
ආකාරයට ඉදිරිපත් කොට ඇත.
මහාචාර්යවරු
ලියන ලිපි සාමාන්‍යෙ වැසියන්ට
නොතේරෙනවා යැ යි පොදු මතයක්
ඇතත් මේ ලිපි එකතුවේදී ගම්ලත්
මහාචාර්යතුමා මිනිස්සුන්ට
වඩාත් තේරෙන ලෙස කරුණු ඉදිරිපත්
කිරීමට අපමණ වෙහෙසක් ගෙන ඇත.
සරලව
ගතහොත් අද ලියවෙන සරල බ්ලොග්
එකක ෆේස්බුක් පේජ් එකක ඇති
බසට සමාන විදියක් මේ ලිපි වල
ඇත.
පොත
:- සුබස්
මිණි
ආර
කර්තෘ
:- මහාචාර්ය
සුචරිත
ගම්ලත්
මිල
:- රු
150/= (1997 ප්රථම
මුද්රණය)
පිටු
:- 139
ලිපි
:- 92
ප්රකාශකයෝ
:- ඇස්
ගොඩගේ
සහ
සහෝදරයෝ
අංකය
:- ISBN : 955-20-2453-6
සිංහල
බස මිනිසුන් අඩුතරමේ මිලියන
දාසයක් අදහස් හුවමාරු කරගන්නා
ජීවමාන බසකි.
එහි
නව යෙදුම් එකතු වීමද පැරණි
සමහර යෙදීම් අභාවයට යෑමද සිදු
වේ.
ගලගොඩඅත්තේ
ඥාණසාර ස්ථවිර විසින් පසුගිය
කළෙක අබ සරණ යැයි අලුත්
පදයක්ද හෙළ බසට එකතු කරන ලදී.
විවිධ
පුද්ගලයින් විසින් එය අර්ථ
ශූන්‍ය වදනකැයි හෙළා දුටුවද
ඒ වදන මගින් ජනතාව ප්‍රමෝදයට
පත් වුනාහු ය.
ඉන්
පසු මේ තම්බි නසම් හැ යි පෙළගැසුනු
ජනී ජනයෝ විවිධ ක්‍රියාකාරකම්
හී නිරත වූහ.
ඉදින්
අබ සරණ නොතේරෙන නොවැදගත් වදනක්
නම් එසේ ජනතාව ප්‍රකෝප වූයේ
කිම?
එසේ
ඥාණසාර ස්ථවිර යොදන ලද අබ සරණ
පදය මා දැනුවත් ආකාරයට යෙදෙනුයේ
“ අනතුරු අඟවා තිබියදීත් යම්
අවධානම් කටයුත්තක නිරත වීමේ
දී ඒ පිළිබඳ වූ අපේ නොකැමැත්ත
ප්‍රකාශ කරන“ තනි පදයක්
ලෙසයි.
පෙර
කළෙක 1956
තරම්
ඈත කලෙක සෝරථ ස්ථවිර විසින්
ටයිප් රයිටරයේ යතුරු යෙදීමට
අපහසු තරම් විශාල අක්ෂර මාලාවක්
සිංහලයේ පැවතීමත් එය සරල
කිරීමේ වාසියත් පහදා ඇත.
ඉන්
පසුකලෙක 1995
පමන
කාලයේ සුචරිත ගම්ලත් මහාචාර්ය
විසින් පරිඝනකයේ මුල් අවධිය
දැක අපේ බස පරිඝනක ගත කිරීමේදී
බසේ ඇති සංකීර්ණ අක්ෂර මාලාව
එලෙසම යෙදීමේ අපහසුව දැක එය
සරල කල යුතු මනා යැයි අදහස්
දක්වා ඇත.
අද
පැමිණ ඇත්තේ ජංගම දුරකථන,
ටැබ්ලට්
පරිඝනක,
ආදී
අතේ ගෙනියන මෙවලම් හි ද අපේ
බස රිසි සේ මුසු විය යුතු
කාලයයි.
පෙර
කී යුග දෙකටම වඩා ෆේස්බුක්
ටුවිටර් ආදියෙහි අන්තර්ජාලයීය
යෙදීම් ලෙසද අද විශාල වශයෙන්
හෙල බස යෙදේ.
එබැවින්
සිංහල බසෙහි ඇති විශාල අකුරු
ගණන අඩුකොට වඩාත් සරල ලෙස බස
සැකසීම කාලෝචිත බැව් මගේ ද
අදහස වෙයි.
අලුත්
අලුත් දෑ නොතනන ජාතියට ලොවෙත්
නොනගී..
ණයට
කෑම බැරිවුන තැන ලගී ගයා පොර
ගී.