Tuesday, October 21, 2014

බලු ගැටළුව විසදන්න බල්ලො මරමු




 ඉස්සර බල්ලො මැරුව. පාරෙ ඉන්න බල්ලො බලුවෑන් එකෙන් ගෙනියනවා. බලු වෑන් එක, බල්ලො අල්ලනඉස්පැක්ටර් ලා ඉස්සර කාලෙ ඉදලා තියෙනවා. දැන් බල්ලො ඉන්නවා. නමුත් මරන්නෙ නැහැ. 
අයාලෙ යන බල්ලො නිසා අනතුරු වෙනවා වැඩියි. ප්‍රධානතම අවධානම තමයි ජලභීතිකාව. ජලභීතිකාව ඇතිවෙන්න එක මූලික හේතුවක් බල්ලෝ අපිව හැපීම. පාරෙ ඉන්න බල්ලො නාන්නෙ නැහැ. උන්ගේ ඇගේ මැක්කො,කිනිතුල්ලො, සහ ඇහැට නොපෙනෙන රෝගකාරකයින් බොහොමයි. ඒ බල්ලන්ගෙන් ඒ ආකාරයේ රෝග ආදිය බෝ වෙන්නත් පුලුවනි. 

මේ ඉහත වීඩියෝවෙ තියෙන බස් නැවතුම මේ ආන්ඩුවෙන් ලක්ෂ ගානක් වියදම් කරල හදපු එකක්. ඒ බස් නැවතුමට මම යනකොට බල්ලො හත් අටදෙනෙක්ම වැස්සට ඇවිත් තිබුනා. මිනිහෙක්ට එතන ඉන්න අමාරු තරං ගදයි සමහර බල්ලො. සමහර උන් කසනවා කසනවා ඉවරයක් නැහැ. 

ඒ මදිවට බල්ලො පොරකනවා. බල්ලන්ට සහ සත්තුන්ට ආස අය එකතුවෙලා තමයි මේ බල්ලො මරන්න බැහැ කියන නීතිය ගෙනල්ල තියෙන්නෙ. මට අනුව ඒක ඕනි නැති නීතියක්. බල්ලො වුනත් සමාජයට ප්‍රජාවට වැඩි නම් උන් අයින් කරන්න ඕනි. බල්ලො උපරේෂන් කරලා උන්ගේ අනාගත කූට්ටම අයින් කරන එක හොදයි. නමුත් ගංතුලානෙ පොඩි ටවුන් වල හෙම ඔය වැඩ වෙන්නෙ බොහොම මන්දගාමීව. ඒ නිසා ලේසිම වැඩේ වැඩි බල්ෙලා මරන එක. 

ඔයාගේ ආච්චිහෝ පවුලේ කෙනෙක්ගෙදර ටවැඩියි කියලාඔයා මරල දාන්න හිතනවද? නැහ නේද? කියලා කෙනෙක් මට බනීවි. නමුත් අපේ ආච්චියි බල්ලයි කියන්නෙ වස්තු දෙකක්.මේ බල්ලො වැඩිවුනාම පාරට යනවා. පාරට ගියාම බයිසිකල්පදින අයට වාහන පදවන අයටමේ බල්ලො පුදුම ඇනයක් වෙනවා.ඒ වගේම ජලභීතිකාවබෝ කරන්නත්මේ අය ලොකු දායකත්වයක් සපයනවා. 

ඉස්සර එස්කිමෝ වරු තමුන්ගේ පවුලේ ඉන්න වයසක සහ ඉතා කුඩා ලමයි වැඩියි කියල හිතුනාම හිම තියෙන එලියේ දානවලු. ආයිත් පැය ගානකින්ඇරලා බලනකොට ඒ අයජීවත් වෙලා හිටියොත් ඇතුලට ගන්නවලු. දැන් එස්කිමෝවරු එහමෙ කරන් නහැ. එයාලට උපත් පාලනය ගැන හොද අවබෝධයක් ප්‍රායෝගිකව තියෙනවා. 

නමුත් බල්ලන්ගේ උපත් පාලන වැඩ හරියට පිලිවෙලට වෙන්නෙ නැහැ. ඒ අපිලිවෙල වැඩෙන් අසරණ මිනිස්සු අපි වගේකාර් බාර් නැතුව පාරෙ පයින් යන බයිසිකල් වලින් යන මිනිස්සුන්ට තියෙන්නෙ හද්ද වදයක්. ඔය බල්ලෙක් කාල සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න වුනාම ඒ පවුල වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්න නැහැ.. අර බල්ලා වෙනුවෙන් නම් කස්ටිය පෙනී සිටීවි. 

මට අනුව බල්ලනට් වඩා මිනිස්සු වටිනවා. විශේෂයෙන් පාරෙ පයින් යන මගේ මට්ටමේ පහල මධ්‍යම පාන්තිකයින් වටිනවා. අපිට බල්ලෙන් නිසා සිදුවෙන රෝගයකින්, අනතුරකින් දවස් හතර පහක් ඉස්පිරිතාල ගතවෙලා ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා කාර් තියෙන හොද පොස් අයට ඕනි නං බල්ලො ටික ගාල්කරගන්න පුලුවනි. අපිට අපේ ප්‍රාදේශීය සබා වලට, පි ඇච් අයි මහත්වරුන්ට බල්ලො මරන්න පුලුවන් වෙන්න විධිවිදාන ටික හදලා දෙන්න ක්‍රියාකරනවා නම් ලොකු දෙයක්.

13 comments:

  1. ඔයාගේ ආච්චිහෝ පවුලේ කෙනෙක්ගෙදර ටවැඩියි කියලාඔයා මරල දාන්න හිතනවද? නැහ නේද?//
    නැත්තෙ නෑ ඔවු.

    මේ ලිපිය කියවනකොට මට මතක් වුනේ හිට්ලර් යුදෙව් සංහාරයට යොදා ගත් තර්ක.හිට්ලර්ට අනුව යුදෙව්වන්ට අයිතිවාසිකම් නෑ.
    වරෙක ජෝෂප් මෙන්ගෙල් මෙහෙම කිව්වා.මෙන්ගෙල් කියන්නෙ හිට්ලර්ගෙ වධකාගාර වල මෙහෙයුම් කළ වෛද්‍යවරයා
    "ඔබලා යුදෙව්වන් ගැන කණගාටුවෙනවා.එහෙත් සමස්ත යුරෝපා ජීවිතයට යුදෙව් විශබීජයෙන් වී ඇති හානිය සළකන්නේ නෑ.අප කරන්නේ එම විශබීජ ඉවත් කර යුරෝපය සුවපත් කරන්නයි"
    මේ චින්තනය ඉදිරියට ගොස් මිනිස් කණ්ඩායම්ද මෙලෙස ජීවත්වීමේ අයිතියෙන් බැහැර කළ හැකියි.
    මේ තමයි නියම ධනපති චින්තනය.ධනපතියාට හිත සුව පිනිස හෝ විනෝදය සදහා නොවන සියල්ල විනාශ කළ හැකියි.ලාභ නොලබන සියල්ල වැඩක් නැත.
    මගේ එජාප මිතුරෙක් වන අලින්ගේ ප්‍රහාරවලට ලක්ව මිය යන ජනතාව එසේ මියගියාට කමක් නැතැයි කීවා.හේතුව අලියා සම්පතක් නිසයි.අලියා සම්පතක් වන්නේ මධ්‍යම පාන්තිකයාට.මෙහිදී අලියාගේ වටිනාකම රැදී ඇත්තේ ඌ මධ්‍යම පාන්තිකයාට විනෝදය සපයන නිසයි.මෙහිදී අලින්ගෙන් පීඩාවට ලක්වන ගම්වැසියන්ගේ ජීවිතවල වටිනාකමක් නෑ (අලින්ට සාපේක්ෂව )
    මේ ලිපියත් මානව කේන්ද්‍රවාදී ,අධිපතිවාදී අදහසක්.
    එහෙත් බ්ලොග්වල හැම මතයකටම ඉඩ තිබෙන්නට ඕන.

    ReplyDelete
    Replies
    1. මේ බල්ලො මරන එක අදවත් ඊයෙවත් ආපු දෙයක් නෙමෙයි. පරණ දෙයක්. යම් පද්ධතියක එක්තරා සත්ව ගහනයක් අවශ්‍ය ප්‍රමාණයට වැඩි නම් සහ උන් අපේ පැවැත්මට අභියෝගයක් නම් අපි දැඩි තීරණ ගන්න ඕනි. අලි වුනත් යම් කිසි සංවිධානයකින් හොයාගන්නවා නම් මුන් ලංකාවෙ වනාන්තර වලට වැඩියි..කියලා අලි හීලා කරන්න බලපත් දිම වරදක් නැහැ.

      මිනිස්සු ජීවත් වෙද්දි මිනිස්සුන්ට තමයි ප්‍රමුඛත්වය හම්බෙන්න ඕනි. ලංකාවෙ බල්ලො වැදගත් නිසා බල්ලන්ට හිතුන තැන්වල රෙන්න බල්ලොන්ට ඕන විදියට කෑ ගහන්න පුලුවනි. නමුත් දියුනු රටවල බල්ලෙක් පාරෙ ජරා කලත් අයිතිකාරය වග කියන්න ඕනි..බල්ෙලා අනික් අයට ඇහෙන්න බිරුවොත් ඒකට අයිතිකාරය වග කියන්න ඕනි..

      බල්ලන්ට ආදරේ කරන අයට පාඩුවෙ ඒක කරගන්න බැරිනම් අනික් මුලුමහත් ප්‍රජාවම ඒකට වගකියන්න ඕනිද?

      Delete
    2. //බල්ලන්ට ආදරේ කරන අයට පාඩුවෙ ඒක කරගන්න බැරිනම් අනික් මුලුමහත් ප්‍රජාවම ඒකට වගකියන්න ඕනිද? //

      ආදරේ කරනවනම් පැටව් පාරෙ දානෙ නෑ. අනවශ්ය බෝවීම වලක්වනව.
      පාරෙ ඉන්න බල්ලො මරල ඉවර කලත් අපේ මිනිස්සු ගිහිල්ල දානව ආයිත්. තමන්ගෙ බල්ලො පාරෙ යන එක නවත්වන්න ඕනෙ, එහෙම යවනවනම් වඳ සැත්කම කරන්න ඕනෙ

      Delete
  2. ඔය සමහර බලු අනාතාගර කියලා ඒවා තිබ්බට ඒවායේ වෙන්නෙත් වෙන වෙන සීන්

    ReplyDelete
  3. ඔටාරා වගේ බල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න උදවියට මේ බල්ලෝ ඔක්කොම අල්ලගෙන බලාගන්න බැහැනේ.
    ඒ නිසා බල්ලන්ගේ බෝවීම සීමා කල යුතුය සහ පාරේ තැන තැන බලු රංචු ගැවසීම පාලනය කල යුතුයි කියන මතයේ තමයි මමත් ඉන්නේ.
    බල්ලෝ මරනවට විරුද්ධ උන් එකෙක්වත් ඒ බල්ලව ගෙදර ගෙනිහින් හදා ගන්නේ නැහැ
    ඒ වගේම පාරේ තැන තැන ලෙඩ බෝ වෙලා කන්න නැතුව දුක් විඳින එක ගැන බලන්නෙත් නැහැ
    ඒ නිසා පරණ ක්‍රමවේදයට ආපසු යා යුතුයි කියල මමත් හිතනවා

    ReplyDelete
  4. ඔටාරා මැඩම් දෙයි විසඳුමක්

    ReplyDelete
  5. බෝවීම සීමා කිරීමට වඳ සැත්කම ( එන්නත නොව සැත්කම ) බල්ලන්ගහණය පාලනය පමණක් නොව ඒ සතාගේ ජීවිතයටද හොඳයි. ඒත් ලංකාවෙ මුදල් හිඟකම හෝ කරදරවීමට ( ටික දවසක් පරිස්සම් කරන්න වෙනව ) අකමැත්ත නිසා ඇති කරන බල්ලන්න්ටත් ඒක සමහරු කරන්නෙ නෑ . පව් කියල ඒක නොකර ඉන්න අයගේ මානසිකත්වය ගැන නොකියා සිටීම වඩා හොඳය
    ( අපහාසයක් නොව කියල වැඩක් නැති නිසා )

    ReplyDelete
  6. අපේ බල්ලට ඔපරේෂන් එක කරනවද නැද්ද කියල ඔන්න අපි කතා වෙවී ඉන්නව. ඩයල් එක කන් පාත් කරල බලන් ඉන්නකොට පව් කියලත් හිතෙනවනෙ. ඔය අතරෙ අපේ ගෙවල් පාරෙ ඉන්න බැල්ලියෙක්ගෙ (ස්කූබී වටේ ගෙවල්වල ඇති කරන බල්ලො තුන්දෙනෙක් කැරකෙනව.

    පාරෙ යන අංකල් කෙනෙක් අපේ ගේට්ටුව ගාව නතරවෙලා කතා කරල යන්න හදද්දි අර බල්ලො සෙට් එක දැක්ක.

    "අහා අද සිල්වා මහත්තයයි, ජයතුංග මහත්තයයි දෙන්නත් ස්කූබි බලන්න ඇවිත් ඉන්නෙ. හෙහ් හෙහ්." කියලා හිනා උනා.

    අපේ තාත්තා පව පැත්තක තියල එදාම බල්ලව අරන් ගිහින් ඔපරේෂන් එක කරවගෙන ආව.

    (නැත්තම් ඊගාවට ඔය @#$%ලා කියකි අන්න ***** මහත්තයත් රැලේ ගිහින් ඉන්නව කියල.)

    ReplyDelete
    Replies
    1. බස්සි තාවකාලික එන්නත හානිකරයි. පිලිකා හැදෙන්න පුලුවන්. සැත්කම නිසා සතාගෙ quality of life වැඩි වෙනව ලෙඩ අඩුයි. බෝවීමත් නෑ.

      අයිතිකරයින්ගෙන් ආදරේ ලැබෙනවනම් පැටව්නෑ කියල ඌට දුකක් නෑ. බල්ලො ලමයි වගේ. උන් ආසා හුරතල්වෙවී ඉන්න මිසක් උන් හිතන්නෙ නෑ අනාගත්යට පැටව් හදන්න ඕන කියල ( ඒත් සමහර මිනිස්සු තම හැඟීම් හා සංස්කෘතිය උන්ට ආරෝපණය කරල හිතනව සැත්කම පව් කියල )

      කවුරුවත් උදව් කරන්න කැමතිනම් තියනව adopt a dog කියල සංගමයක්. (FB බලන්න.) ඒ අය අඩු සම්පත් වලින් ලොකු වැඩක් කරනව පාරෙන් බල්ලො අයින් කරන්න . (මං සාමාජිකයෙක් නෙමෙයි ඒත් මං ඒගොල්ලන්ට උදව්කරල තියනව)

      Delete
  7. ඇත්ත... ලංකාවේ බලු ගහනය වැඩි. බෝවීම නවත්තන්න ඕනෑ.. ඒ වගේම බල්ලෝ ඇති කරන අය පැටවු පාරේ දාල යන එකටත් නීතිමය පැත්තෙන් මොනව හරි කරන්න ඕනෑ කියන මතයේ මමත් ඉන්නවා. හැම තැනම සත්ව අවිහිංසා වාදියෝ ගැන කතා කරන උදවිය දඩාවතේ යන බල්ලෝ උස්සන් ගෙදර යන්නේ නෑනේ..

    ReplyDelete
  8. Mini Maranna,deparak hithnne nethi minissu ballan maranawata wiruddawa neethi gena rata meka.

    ReplyDelete
  9. පුදුම දරුනු මනුස්සයෙක්...
    දෙවියන්ට නම් බල්ලොයි මිනිස්සුයි එක සමානවට පේනවා ඇති...
    ඔයා ලබන ආත්මේ බල්ලෙක් උනොත් අනේ මාව මරන්න කියලා කියනවාද... දෙයක් විවේචනය කරන්න කලින් තමන්ට උනොත් කොහොමද කියල හිතන්න බලන්න.
    ඒක තමයි එහෙනම් කොවිඩ් ආවේ මිනිස්සු වැඩි නිසා.. බල්ලො වැඩි නම් සොබාදහමෙන් පාලනය වෙයි.

    ReplyDelete
  10. අඩෝ කාලකන්නිනෙ බන් උඹල. තමන්ට කරදරයිකියල එහෙම මරලදාන්න?. මම නැවත ඉපදීම කියල එකක් විස්වාසකරන්නෑ නැත්තන් අනිවාර්යයෙන්ම උඹ මැරිච්ච හිට්ලර්ගෙ නැවත ඉපදීමක්🤗

    ReplyDelete