1990 දී ඉරාකය කුවේටය ආක්‍රමණය කලා. සදාම් හුසේන් කුවේටය සැලකුවේ බටහිර ජාතින්ගේ බලල් අත යොමුවුන ස්ථානයක් විදියට. සදාම්ට කුවේටය තමුන්ගේ ප්‍රාන්ථයක් කරගන්න ඕනි වුනා. කුවේට යුද්ධය ගැන කියද්දි මම ඒ කාලෙ අහල තියෙනවා අපේ රටෙන් කුවේටය බලා ගිහින් එවකට සේවය කරපු සේවකයින් ගැන. කුවේට් වල ගෘහ සේවිකා සහ එවන් වෘත්තිය වල හිටපු ඇන්ටිලාටත් එකපාර ලංකාවට එන්න වුනා කුවේට යුද්ධය නිසා. ලංකාවෙන් ගිහින් යුද්දෙ වෙලාවෙ කුවේට් හිටපු කස්ටියට නම් පස්සෙ කාලෙක වන්දිත් ලොකුවට ලැබුනා. කුවේට ආක්‍රමණය ඒ සමයේ ලෝකයේ සිදුවෙච්චි ලෝකයම හොල්ලපු එක සිද්ධියක්.
එතනදි ඇමරිකාවේ ජනාධිපති වුනේ ජෝජ් ලොකු බුෂ්..පස්සෙන් පහු ජෝජ් පොඩි බුෂ් ඇවිත් ඉරාකය ම විනාස කරලම දැම්මා. කුවේටය ආක්‍රමනය කරන අවස්ථාව වෙනවිට ලෝකයම ඊට එරෙහි වුනා. මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක් විතරයි සදාම් ට ඉතුරු වුනේ.
මගේ පුද්ගලික මතය අනුව සදාම් කියන්නෙ අයෝමය හස්තයක්. ඔහු හරි හෝ වැරදි වන්නට පුලුවනි. ඔහු මරපු එක සහ ඉරාකය ආක්‍රමනය කරපු එක ඇමරිකාව සහ බටහිර ජාතින් කරපු ලොකු වැරැද්දක්. අනෙක් රටවල ගැටලු වලට වාසි තකා අතදාගන්න ගිය ඒ වැරැද්දේ ප්‍රථිපල ඔවුන් විසින් දැන් විවිධ ආකාරයෙන් භුක්ති විඳිනවා.
1990 දි සදාම්ගේ ඉරාකය කුවේටය ආක්‍රමනය කරද්දි කුවේටයේ විශාල දකුණු ආසියාතිකයින් ප්‍රමාණයක් සිටියා. ඉන්දියානුවන් විතරක් 170,000ක් විතර හිටියාය කියලා තමයි සංඛ්‍යාෙල්ඛන වල දැක්වෙන්නෙ. ගොඩනැගිලි පාරවල් පල්ලි කුඩුවෙන්න කාලතුවක්කු යුධ ටැංකි වලින් ගහනකොට සල්ලි තියෙන හාම්පුතාලා ටත් කරකියාගන්න දෙයක් නැතිවුනා. ඉතිං ඉතිරි වෙච්චි ගෘහසේවිකාවන් රියදුරන් වාගේ අයට වෙන දේ හිතාගන්නත් අමාරුයි නේද යාලුවනේ..
ඉරාක ය විසින් කුවේට ආක්‍රමණය කරද්දි වෙනත් සෑම යුද්ධයකදිම වගේ ඒකට මැදිවෙන මිනිස්සුන්ට බොහෝ කරදර වලට මුහුනදෙන්න වුනා. කුවේට ආක්‍රමනයට ආපු බොහෝ ඉරාක හමුදා අඩුවයස් සෙබලුන්ගෙන් යුක්ත එකක් වුනා. ඒ නිසාම ඔවුන් ආක්‍රමනයෙන් කොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, විනෝදයට මිනී මරන්නන් බවට පත් වුනා.
ඉංදියාව මේ ආක්‍රමණය සිද්ද වෙද්දි රැල්ලට යන්නෙ නැතුව තමුන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් හිතුවා. අනෙක් රටවල් හැම එකක්ම සදාම් එක්ක තරහ වෙද්දි ඉන්දියාව ඒකම කරන්න ගියේ නෑ.. ඒ අවස්ථාවේ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හිටියෙ පසුකාලීනව ඉන්දීය අගමැති ලෙසත් කටයුතු කල ඉන්දර් කුමාර් ගුජ්රාල් මහත්මයා. ඉන්දර් කුමාර් ගුජ්රාල් මහත්මයා මැදිහත් වෙලා ඉන්දීය ජාතිකයන්ට කරදර කරන්න එපා කියලා සදාම්ගෙන් ඉල්ලා සිටියා. එවිට ඒ අවස්ථාවේදී ඉන්දීය විදේශ කටයුතු භාර ඇමති ගුජ්රාල් සදාම් හමුවන්නට ගියා කියලත් ඇතැම් වාර්ථාවල තිබෙනවා.
වෘත්තිකයින් සහ සේවකයින් විදියට වැඩකරගෙන හිටපු ඉන්දීය ජාතිකයින් එක්ලක්ෂ පනස්දාහකට වැඩි සෙනගක් නැවත ඉන්දියාව කරා ගෙන්වාගැනීම ගුජ්රාල් ඇමතිතුමා සහ පිරිස මුහුනදීපු අභියොගය. ඒ වැඩේ එවකට කුවේටයේ සිටි ධනවත් ඉන්දීය ජාතිකයිනුත්, ඉන්දීය නිළදාරිනුත්, රාජ්‍යතාන්ත්‍රික සහ වෙනත් අංශ වලිනුත් දායක වෙලා වැඩේ සාර්ථකව කරනවා.

යුධමය අවස්ථාවක සිය රටේ වැසියන් ගෙන්වාගැනීමට ක්‍රියා කිරීම දියුනු රටවලට සාමාන්‍යයෙන් පහසු කටයුත්තක්. ඉන්දියාව වගේ පසුගාමී රාජ්‍ය සේවයක් තියෙන, යොදන්න විශාල සල්ලියක් නැති රටකට මේ වගේ විශාල සෙනගක් නැවත තමුන්ගේ රටට ගෙන්වාගැනීම ලොකු වැඩක්.
1990 අගෝස්තු සිට ඔක්තෝම්බර දක්වා ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා 170,000ක් වූ ඉන්දීය ජාතිකයින් සිය රටට ගෙන්වාගන්න ඉන්දියාව ක්‍රියාත්මක වෙනවා. මේක ලේසි වැඩක් නෙමෙයි. කුවේටය තුල ඉන්න සෙනග ලගම වෙනත් රටකට ඒ කිව්වෙ කිලෝමීටර දාහක් විතර කුවේටයේ සිට තියෙන ජෝර්දානයේ අම්මාන් නුවරට ගෙන්වාගන්න ඕනි. ඉන් පස්සෙ තමයි එයාල ඉන්දියාවේ දිල්ලි හෝ මුම්බායි වලට ගුවනින් ගෙනියන්න වෙන්නෙ. එයා ඉන්දියා ගුවන් යානා වලින් සැබැවින්ම මේ මගින් ගුවනින් යළි ඉන්දියාවට ගෙනගිය සිද්ධිය මෙතක් එච්චර ලොකුවට සැලකුනේ නෑ.. නමුත් මේ Airlift ෆිල්්ම එකෙන් පස්සේ ඒක ලෝකය පුරා ජනප්‍රිය වුන සිද්ධියක් බවට පත් වුනා. ඒක තමයි සැබෑ සිදුවීම.

යුධමය අවස්ථාවකදී සිය රට වෙත ගුවනින් ගෙන්වාගත් විශාලම පිරිස විදියට වාර්ථා වෙන්නෙ කුවේටයේ හිරවෙල හිටපු මේ ඉන්දීය සේවකයින් පිරිස ගෙන්වාගැනීම.
එයාලිෆ්ට් කියන ෆිල්ම් එක ඒ සිදුවීම පාදක කරගෙන තැනුන එකක්. එතනදි ඉන්න රංජිත් කත්‍යාල් කියල සැබෑ චරිතයක් නෑය කියලා තමයි වාර්ථා වලින් කියවෙන්නෙ. ප්‍රධාන චරිතය නිරූපනය කරන ආක්ෂේ නම් කියනවා එහෙම චරිතයක් තිබුනාය කියලා..ඒත් අධ්‍යක්ෂවරයා කියනවා සිද්ධියක් ෆිල්ම් එක්ක වෙද්දි බොහෝ දේ වෙනස් වන්නට පුලුවන් කියලා. ධනවත් ඉන්දීය ජාතිකයින්, නිළධාරින් සහ දේශපාලනඥයින්ගේ කැපවීම මත මේ ක්‍රියාදාමය ඉතාම ඉක්මනින් සිද්ධ කරගන්න ලැබුනා කියල තමයි ඉන්දීය අතිත වාර්ථා බැලුවාම පේන්නෙ.
ෆිල්ම් එක තුල ඉන්දියාව හංගන්නෙ නෑ.. බොහොම හොද රටක් දියුනු රටක්ය කියලා ඉන්දියාව උලුප්පන්න හදන්නෙ නෑ.. ස්වකීය රට කෙරෙහි ඇතිවන ජාතිආලය වැඩිවෙන ආකාරයට ෆිල්ම් එක අවසාන කලත් නියම ඉන්දීය ජාතිකයින්ගේ ගති සොබාව නිරූපනය කරන්න අධ්‍යක්ෂක වරයාට හැකි වෙලා තියෙනවා. ජනයා විදියට ගත්තාම එක අරමුණකට එකතු කරගන්න තරමක් අමාරු ගතිය මම හිතන්නෙ ලාංකිකයන්ටත් එහෙම්ම තියෙනවා..
මේ අධ්‍යක්ෂවරයා කේරල ජාතිකයෙක්. ඉහත පිංතුරයේ ඉන්න සහාය නිළිය මලයාලම් නිළියක්. දැන් දැන් උතුරු ඉන්දීය ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් දකුණු ඉන්දීය බලපෑම් එන්නට පටන් අරං තියෙනවා. මේ මුසුවීම හරහා වට්ටෝරුගත හින්දි දෙමල ෆිල්ම් වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට එන්නට පටන් අරං තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

මං මේක ඊයෙ රෑ 7 ශෝ එකට රීගල් එකෙන් බැලුවෙ. ලෝකෙ පුරාම ජනප්‍රිය වෙමින් යන අලුත් ජාතියෙ හින්දි ෆිල්ම් එකක් වුනත් මුලු ෆිල්ම් හෝල් එකටම ෆිල්ම් එක බලන්න හිටියෙ 4 දෙනයි.
මේ අපේ චිත්‍රපටි පිස්සෝ ගෲප් එක.. කැමති අයට පුලුවනි රික්වෙස්ට් එ කක් දාල එකතුවෙන්න.
Airlift යන්නට ගගන සෝපානය කීම වැරදියි කියායි මගේ අදහස.
ReplyDeleteලිෆ්ට් එකක් දෙනවා කියන්නේ සෝපානයක් දීම නොවෙයිනේ?
එයාලගෙ ඔපරේෂන් එකේදි වෙන්නෙ රටවල් දෙකක් හරහා විශාල මිනිසුන් ප්‍රමානයක් ප්‍රවාහනය කිරීම..මට ආව අදහස තමයි අපේ කන්තෝරුවෙ එක තට්ටුවක ඉඳලා අනික් තට්ටුවක ට තියෙන ලිෆ්ට් එක වගෙ ඔපරේශන් එකක් වෙන්න ඇති...වරකට එක් ලිෆ්ට් එකක 12බැගින් තට්ටුවක ඉන්න දෙතුන් සීයක් සෙනග පහලට අදිනෝ නෙ හවසට....
Deleteමගේ පයියෙන් රෂිනිට ලිෆ්ට් එකක් දෙන්න කැමති.
Deleteබලන්නම වෙනව නෙහ්.. ආක්ෂේ නෙ.. හෙහෙ
ReplyDelete