Sunday, January 17, 2016

ඇඹිලිපිටියෙ වැටිල මැරුනෙ මොකක්ද?

පිංවතුනි මනුස්ස ආත්ම භවයක් ලැබීම දුර්ලභයි.. එහෙව් මනුස්ස ආත්මයක් ලබපු අපි......... ඔය ජාතියෙ බණ පද සෙට ්එක බෞද්ධ බොහෝ දෙනාට හුරුයි. මම දන්න විදියට අනෙක් දේව ආගම ්වල පවා මනුස්ස ආත්මයක් ලැබීම ගැන බොහෝ දේශනා තියෙනවා. 

සමාජයක් දියුනුය කියන්නෙ තියෙන මිල මුදල් යාන වාහන දේපල වලට වඩා මිනිස්සුන්ට තියෙන වටින කම අනුව. නමුත් අපේ රටේ කොයි තරං යාන වාහන දේපල ආදිය වැඩිවුනත් සාමාන්‍ය මිනිහාට තියෙන වටිනකම වැඩිවුනේ නෑ.. 

1971 දි කොල්ලො මැරෙද්දි උන් අයිති වුනේ කැරලි වලට...83දි දෙමල මිනිස්සු මැරෙද්දි උන් ජාතිවාදීන් හෝ දෙමලු.. 89දි ආයෙත් කොල්ලො මැරෙද්දි උන් එක්කො ආමි එකේ නැත්තං කැරලි කාරයො.. 83-2009 කාලෙ ඇතුලත රටේ දේශපාලනය විසින් නිර්මාණය කරපු මහා ත්‍රස්ථවාදී උවදුර සහ එය මැඩපවත්වන්නට දේශපාලනය විසින්ම දියත් කෙරුන යුද්දෙදි මිනිස්සු ජාති දෙක්ක මලා...එකක් එල් ටී ටී කාරයො..අනික් පැත්තෙ හමුදා කාරයො.. ඒ අස්සෙ යුද ගැටුම ්වලට මැදිවුන සහ එල් ටී ටී ඇරියස් කවර් කරන්න ගොඩක් සාමාන්‍ය වැසියොත් මලා.. 

එදා වගේ අද බෝම්බ පිපිරෙන්නෙ නෑ.. පාරෙ බැහල යන්න පුලුවන්..ඒ නිසා අපි අපේ ආමි එකට ගරු කල යුතුයි.. අවසාන ප්‍රතිපලේ විදියට හරි.. නමුත් සැලකිල්ලෙන් බැලුවොත් පොඩි පොඩි ජාති අතර තිබුන නොහොද නෝක්කඩු වලට මොකුත්ම නොකර තමුන්ගේ පැත්තේ උන්ගේ ඡන්ද ටික කඩාගන්න බලාගෙන හිටපු දේශපාලන හස්තයන් ඔය ප්‍රශ්ණ ඔහේ දිග ඇදෙද්දි බලාගෙන හිටියා.. එයාලට කොහෙන් හරි ලකුනු ගොඩක් ලැබෙන වෙලාවල් වල විතරක් ඒවට මැදිහත් වුනා.. 

දැන් යුද්දේ කියන මහා බියකරු දෙේත් ඉවරයි.. එල් ටීටී කාරයො කියන්නෙ අපේ රටේම මිනිස්සුය..උනුත් අේප රටටම අයිති එහෙත් කවර හෝ හේතු නිසා නොමගගිය උන්ය කියලා හිතන්න හැකියාව මේ සිංහල කියවන ගොඩක් අයට නෑ.. එයාල කැමතිම උන් උපදින කොටම එල් ටී ටී විදියට ජාතක වෙලා දැනටත් ඇවිදින කොටත් පුල්ලි තියෙන ජාතියෙ උන් කියලා දකින්න. 

කාලාන්තරයක් තිස්සෙ යුධමය මානසිකත්වයකින් හිටපු අපිට තාමත් මරණයක් කියන්නෙ වෙරි සිම්පල් දෙයක්. මිනිහෙක් ගේ මරණය කියන දේ කොයි තරම් සරල විදියට සේල් වෙලා විකිනෙනවද අද සමාජ ජාල වල.. ඇඹිලිපිටියෙ සිද්ධිය විතරක් නෙමෙයි කොටදෙනියාවෙදි වුනත් ඒ කෲර ඝාතනය පසුව ඇති වූ බොහෝ සිදුවීම් වලින් යටපත් වුනා.. මිනිසුන්ට අවසානෙ තමුන් අඩන්න ඕනි දේවල් වලට හිනාවෙනවා කියල තේරෙන්නෙත් නැති තරං සිද්දි සංකීර්ණ වෙනවා.. 

මිනිහෙක් මලාම ඒක පවුලේ සමීප අයට ගොඩක් දුකක්..ඇරත් තරුණ වයසක කෙනෙක් මැරෙනවා කියන්නෙ එයා දන්න කියන විශාල සමාජයටම විශාල තැතිගැන්මක් ඇති කරන සිදුවීමක්. ඒ වගේ තැනකදි පොලිසිය අධිකරණය කියන නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ සිදුවීමේ මානුෂිය මුහුනුවර ගැන හිතන්න ඕනි.. අනික ඒ ඇඹිලිපිටි සිද්ධියෙදි එ අම්මා තවමත් ගැබිනියක්.. ඇගේ සැමියා තමයි නැතිවෙලා තියෙන්නෙ..බොහෝ කටකතා සහ ඇහෙන දේවල් අනුව එයට කෙලින්ම පොලිසිය සම්බන්ධයි.. 

මෙය පොලිසිය මගින් සිදුකල තල්ලු කිරීමක් නම් එය තවදුරටත් විහිලුවක් නෙමෙයි බරපතල මට්ටමේ මිනිමැරුම් අපරාධයක්.. එවැන්නකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ වැදගත් තනතුරක් පොලිසිය සුද්ද කරන්න යෑම කියන්නෙ විකෘතියක්.. සංවේදී තැන්වලදි ප්‍රකාශ නිකුත් කරන්න බැරිනම් අඩුතරමෙ සද්ද නැතුව ඉදලා සිද්ධිය නිවෙනකල් ඉන්න ඕනි කියන බේසික් නොලේජ් එකවත් මුන්ට නැද්ද කියල හිතෙනවා පොලිස් මාජ්ජ ලොක්කගේ කතාන්දර ඇහුවාම.. 

පොලිස් මාධ්‍ය ඒකක හෝ කිනම් හෝ පොලිස් ඒකකයකින් අවසානයේ විය යුත්තේ ජනතාව සාමකාමී කිරීම. පොලිස් මාධ්‍ය ලොක්කාම ජනතාව ප්‍රකෝපවෙන තාලේ මීඩියා කතාන්දර කියන එකෙන් වැඩේ තව ටිකක් අල වෙනවා.. 

සමහර විට සාක්කි වල පරස්පරතා.. සිදුවීම සිදුවී ඇති ආකාරය ගැන තීරණය කරලා අවසානයේ අධිකරණය පොලිසියට පක්ෂ තීරණයක් දෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වගේ පොලිසියට වාසි තීරණයක් ලබාගන්න මාධ්‍ය ප්‍රකාශක ලොක්කත් ලොකු වෙහෙසක් ගන්නවා පේනවා.. 

මේ මැරුන මනුස්ස ජීවිතය ආයෙත් ඔ්‍ය පරීක්ෂණ නිසා ගොඩ එන්නෙ නෑ..නමුත් දෙනෝ දාහක් හොදින්ම දන්න සිද්ධියකදි අපේ යුක්තිය පසිදන යාන්ත්‍රනය මහජනතාවගේ බුද්ධියට අභියෝග කරන තීන්දු තීරණ ගත්තාම මිනිස්සු අපෙ පොලිසි ගැන අධිකරණ ගැන තියෙන ගරුත්වය අඩු වෙනවා.. පොලිසියට යන්න කලින් අධිකරනයට යන්න කලිං හැකි පමණ ගැටලු විසදගන්න හදනවා.. 

ඕක හරියට විසදුනේ නැත්තං මගුල් ගෙදරක් ගාවින් වෙන ගමනක් යන පොලිස් මාමලා පවා ඉදිරියේදි ගුටිකන්න ඉඩ ප්‍රස්ථාවක් තියෙනවා.ඒ වගේමයි අනාගතේ ඇත්තටම සමාජයේ වැඩවලට පොලිස් මැදිහත් වීම්ක එද්දි මිනිස්සු ඒකට දැඩි ප්‍රතිරෝධයක් දක්වන්නත් පටන් ගන්නවා..ඇත්තටම පොලිසිෙය තියෙන ආයුධ වලට වඩා බලවත් වෙන්නෙ පොලිසිය සතුව තියෙන නීතිමය සහ ආයතනික රාමුව.. ඒවා කඩාගෙන බිදගෙන තමුන්ගේ ලග ඉන්න කුක්කො බල්ලො ටික නාවන්න ලේස්ති වුනොත් ජනතාව හැම දේටම පාරට බහින දවස වැඩි ඈතකනෑ.. 

එදාට එන්රික්ට විසික් කරපු බ්‍රා එකට විරුද්ධ වෙනවා වගේ ප්‍රශ්ණය ලේසි වෙන එකක් නෑ.. අනික තමයි එක මනුස්සයෙක් නිරපරාදෙ කිසිම පැමිණිල්ලක් චෝදනාවක් වත් නැතිව පොලිසිය නිසා මැරෙද්දි අපි හැමෝටම ලයික් කරනවාට ෂෙයා කරනවාට වඩා මානුෂිය වගකීමක් බැර වෙනවා.. ඇඹිලිපිටියෙ ජනතාව තමුන්ගේ විරෝධය පාරට බැහැලාපල කලා.. අපෙත් ෆේස්බුක් දේශපාලනය මින් අඩියක් දෙකක් වත් ඉස්සරහට යන්න ඕනි.. 

3 comments:

  1. උනුත් අේප රටටම අයිති එහෙත් කවර හෝ හේතු නිසා නොමගගිය උන්ය කියලා හිතන්න හැකියාව මේ සිංහල කියවන ගොඩක් අයට නෑ.
    ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. ඒ මිනීමැරුම ගැන මිය ගිය අයගේ ඥාතින්ට සාක්ෂි දීම තහනම් කරලා උසාවි නියෝගයක් දීල තියෙනවා...
    ඇසින් දුටු සාක්ෂි සියල්ල තියෙන්නේ ඔවුන් අතේනම් ඒ සාක්ෂි යටපත් වෙලා හරි කරලා හරි මිනීමරුවෝ නිදහස් කරගන්න කරපු යටිකුට්ටු වැඩක්ද කියල සැකයක් මතු වෙනවා...
    ඒ සම්බන්ධව බුකියේවත් මුකුත් තිබුනේ නැහැ...
    දැන් නම් නීතිය ඉස්සරටත් වඩා ස්වාධින වෙලා...
    පට්ටය එළය...

    ReplyDelete
  3. පැහැදිලිවම මෙතන වැරැද්ද කරලා තියන්නේ පොලිසිය, ඒක වහන්ඩ තමයි මාද්‍ය ප්‍රකාසකත් කොට් එකක් දාගෙන උසාවි යන්නේ, කලකිරෙනවා ලංකාව ගැන.

    ReplyDelete