පහුගිය සතියෙ ්ඒ කිව්වේ මැයි 20 වෙනිදා විතර මම උන්නේ කොළඹ. තංගල්ලෙන් බස් එක්ක නැගල ගාල්ලට ගියා ගාල්ලෙන් කොළඹට ගියා. ගාල්ල කොළඹ බස් එකේ නැග්ගහම කළුතරින් හිරු මාධ්‍යවේදියෙක් නැගලා ඒ වෙද්දි පටන් අරගෙන අලුත් දෙයක් වුන අන්තර්පලාත් බස් සේවාව ගැන විස්තර ඇහුවා. ඉතින් ඒ බස් කොළඹට ආවට ඒවායේ දි මොකුත්ම බැලුවේ නැහැ.මගදි චෙක් කලෙත්නැහැ උණ බැලුවෙත් නැහැ අයි ඩී නොම්බර බැලුවෙත් නැහැ. බබා වාගේ අපි කොළඹට ආවා.
කන්තෝරුව
කන්තෝරුවට ඇතුල් වෙද්දි සපත්තු වලට විසබීජ නාසක ඉස්සා. ඉන් පස්සේ ඇතුලට ගියාම අත හෝදන බේසම් තියලා තිබුනා.සමස්තයක් වසයෙන් කොළම ගොඩක් තැන්වල අත හෝදන බේසම් සවිකරලා ටැප් හරහා වතුරදීල තිබුනා. අපේ කන්තෝරුවල හැම තට්ටුවකම පඩිපෙල ගාව හෑන්ඩ් සැනිටයිසර බෝතල සවිකරලාත් තිබුනා. කන්තෝරුවල වෙනදා වගේ අස් පරස් කරන්න ක්ලීනින් ස්ටාෆ් එන් නැහැ.. අපේ කොළඹ නගරයේ ෆ්ලැට් කීපයකට කොරෝනා බෝ වුනා නේ. ඒ නිසා ඒවායේ ඉදලා මිනිස්සු එනවා ඇතිය ක්ලීනින් සර්විස් වලට කියලා සැක හිතල වෙන්න ඇති ඔෆිස් ඇතුල ක්ලීන් කරන්න දැන් එලියෙන් ස්ටාෆ් එන් නැහැ. අපිටම ක්ලින් කරගන්න වෙලා. ඊට අමතරව විෂබීජ නාශක දියර ඔෆිස් එක ඇතුලට ඉහින්නත් කට්ටිය ආවා.
සමස්තයක් විදිහට කන්තෝරු සංකීර්ණයේ මැයි මස 20 වෙනිදා වෙද්දිත් වෙනදා එන සෙනගෙන් සියයට 20ක් විතර තමයි වැඩ කලේ. කට්ටිය බයට ගෙදර. සමහර කෝල් සෙන්ටර සහ වෙනත් ඔපීසි වල කට්ටිය ගෙදර ඉදන් වැඩ කරනවා කියලා තිබුනේ. අපේ මූලස්තානයේ පොඩි කැන්ටින් 3ක් තියෙනවා.එ තුනෙන් 1යි වැඩ. ඒකෙත් බේසික් කෑම තමයි තිබුනේ. අප්‍රේල් මාසේ ඉදලා තිබුනේ එක කැන්ටින් එකක් විතරයි. කට වහගෙන ආරක්සිතව ගියත් කෑම කන්න කැන්ටිමට ගියාට පස්සේ මුව වැස්ම අයින් කරන්න වෙනවා.
බස් සේවාවන්
මම පලවෙනි දවසේ ස්ටාෆ් ට්‍රාන්ස්පෝට් වලින් කන්තෝරුවේ සිට බෝඩිමට ආවා. ඒත් ඊෙලග දවසේ උදේ බස් එකේ එන්න සෙට් වුනා. කෝච්චියේ එන්න තිබුනත් මම පරක්කු වුන නිසා බස් එකටම සෙට් වුනා. බස් නම් ආවා. මට ඒ ලගපාතින් හරවන බස් එකක් සෙට් වුන නිසා නැගලා වාඩිවෙන්න ලැබුනා. බස් වල සීට් ගාන්ට විතරයි. තොටළග බස් නැවතුමේ බස් එක නවත්වන්න හදන්නත් කලින් කාන්ඩේ නගින්න පොරකෑවා. මොකද සීට් ගාන්ට විතරක් සෙනග නිසා ඒ නැවතුමෙන් බහින පිරිසකට අනුව ඉඩ ලැබෙන සුලු පිරිසකට විතරයි බස් එකට නගින්න ලැබෙන්නේ. මේකම එද්දිත් වුනා. එද්දි කොටුවෙන්ම බස් එක පිරුනා. කඩවත කොටුව බස් එක පිටකොටුවට එද්දිම පිරිල ඉවරයි. මරදාන, ආමර් වීදිය, ඉගුරු කඩේ, ස්ටේඩියම් වගේ ගොඩක් තැන්වල බස් වල යන්න සෙනග පිරිලා හිටියා බස් හෝල්ට් වහගෙන. සමහරු පාර මැදට පැනලා. ඒත් බස් එක නවත්වන් නැහැ. මොකද කොටුවෙන් නැගපු අයගෙන් බස් එකේ සීට් පිරිලා ඉවරයි.
සමහර මිනිස්සු පැය ගනනක් ඒ තැන්වල බස් නැතුව ඉන්න බව තමයි ඒ විඩාබර මූනු වලින් පෙනුනේ. දැනට තියෙන සිස්ටන් එක අනුව බස් ඔක්කොම දිව්වත් බස් වලට පාඩුයි. මොකද බස් සේවාව හැදිලා තියෙන්නේම එයාලට ලාබය නැගිටලා ඉන්න මිනිස්සුගෙනුත් එන විදිහට. දැන් බස් එකම පිරුනාට පස්සේ මගින් නැගිලි බැහිලි නැහැ. මේක පාඩුවක්. සාධාරනව බැලුවොත් සීට් ගාන්ට පමණක් නම් මගීන් ගන්නේ එතැනදි අනිවාර්යෙන් බස් ගාස්තු වල වැඩිවීමක් වෙන්නට ඕනි. . අනෙක් පැත්තෙන් ගමන් වාර ඉක්මන් වීම සහ අලුත් රූට් ප්ලෑන් හදුන්වා දීමත් කරන්නට ඕනි. මේ වගේදේවල් වලට තාක්ෂණය පාවිච්චි කරලා ඉන්ටෙලිජන් දත්ත ආදාරයෙන් අලුතින් බස් මාර්ග බස් සේවාව ප්ලැන් කරන්න පුලුවන් නම් වටිනවා. නැත්නම් මම ගිය දවස් වල විදිහටම බස් වල යන අතරමගින් බස් වලට නගින ජනතාව ලොකු අපහසුතාවයකට ලක් වෙනවා.
දුම්රිය
කෝච්චියේ ගියේ දෙවනි දවසේ. එදා වැඩට යන්න ටිකක් උදෙන් ඉස්ටේශන් එකට ගියා. ඉස්ටේශන් එකට ගියාම එතනදි ස්ටේශන් මාස්ටර තුමා වගෙන් වැඩට යන්න තියෙන ලියුම තියෙනවාද කියලා ඇහුවා. ඇත්තටම මට එහෙම එකක් නැහැ. මම ඒ එපාර රාජකාරි හැදුනුම්පත ස්ටේශන් මාස්ටර තුමාට පෙන්වලා ගමනට අදාල තුන්ඩුවක් ගත්තා. ඒ තුන්ඩුවට ටිකට් එකක්නැහැ. අපි සල්ලි ගෙවන්න ඕනි නැහැ. ඒ වෙද්දි ගිය විශේෂ දුම්රිය එකකටවත් මුදල් අය කලේ නැහැ. කෝච්චි වලින් මිනිස්සු වැඩට යනවා හෝ වෙනත් වැඩකට යනවා හෝ ඒ දුම්රිය වලින් අපි ගන්නේ සේවාවක්. ඒකට සෘජුවම ගෙවන්න තියෙනවා නම් තමයි වටින්නේ. ඉස්සරහට තවදුරටත් සීට් ගාන්ට විතරක් මගීන් ගන්නවා නම් තවත් මේ සේවාවනුත් ස්මුත් කරන්න වෙනවා තාක්ෂණය එක්ක. එතනදි ගෙදර ඉදන් වැඩකරන්න සේවකයින් දිරිගන්නවා වගේම වැඩට යන දුම්රිය සේවාවේ මඝීන් සහ මගී අවශ්‍යතා තාක්ෂණය ඇසුරෙන් සොයාගෙන ඒ අනුව එහි පද්ධති තොරතුරු තාක්ෂනය අනුව නවීකරණය කරන්න පුලුවන්නම් වටිනවා. එහෙම නැතුව මේ පරණ විදිහට නම් කලින් ගිය මඝීන්ට තියා ඒ මඝී ප්‍රමාණයෙන් සියයට පනහකටවත් සේවාව සලසන්න අමාරුයි.
ටිකට් එක ගත්තත් වෙනදා තරම් සෙනගක් ස්ටේශන් එකේ නැහැ. මම බෝඩින් වෙලා ඉන්න ඉස්ටේශන් තියෙන්නේ කොළම ඉදලා ස්ටේශන් 4-5ක් දුරින්. මේ දුප්පත් බව වැඩි පලාත්වල වැඩිපුරම බෝඩින් වෙල උන්නේ රාජ්‍ය අංශයේ වැඩි වත්කමක් නැති පිරිස්. ඒ අය ොගඩක් වැඩකට ඇවිත් තිබුන් නැහැ. හංදියේ කඩත් ගොඩක් වහලා.ඉතින් කෝච්චියට අදාල තුන්ඩු කෑල්ලේ දුරකතන අංකය ජා හැ අංකය හෙම ලියාල දුන්නා අපිට. ඉන් ප්සසේ කෝච්චියට ඇවිත් නැග්ගට පස්සේ ආයෙම දුම්ිය ආරක්ෂක අංශයෙන් ඇවිත් උණ බැලුවා. ඊට අමතරව ආමි එකේ හතර පස් දෙනේ ඇවිත් නැවත ඒ වාඩිවෙල ඉන්න පිලිවෙලට අයි ඩී අංක ලියාගෙන ගියා.
ඒ කාර්යයට ආමි එකේ අය 7-8ක් එක පෙට්ටියක ගැවසුනා. ඔවුන් මාස්ක් එකකට එහා දෙයක් ආරක්ෂාවට පැලදගෙන හිටියේ නැහැ. නිතර එහා මෙහා පෙට්ටි දිගේ ඇවිදින ආමි එකේ සෙනග ලොකු වෙපන් එහෙමත් අතේ අරං හිටියා. එක ආමි එකේ අයටත් අලුත් අත්දැකීමක්. රස්සාවක් අලුතින්ම ගියා වගේ නුහුරු ගතියක් එයාලටත් තිබුනා.
දක්ෂින ඉන්ටසිටිය
දක්ෂිණ ඉන්ටසිටිය යනව ාකියලා හා හූවක් තිබුන නිසා මම ගෙදර එන්න ඒකේ පහසුව ගන්න හිතුවා. හිතලා බෝඩිමට ගිහින් කඩිමුඩියේ මල්ලත් අරං ආවා. බෝඩිමට ගිහින් එන්න දවල් වෙලාවේ ඌබර් එකක් ගැහුවා. ඌබර් එකේ හිටියේ තන්බි ජාතිකයෙක්. මිනිහා කොටුවේ සල්ලි මාරුකරන ඔපිසියක අයිතිකාර බුවෙක්. එහව් මිනිස්සුත් කොරෝනා නිසාද මන්දා ඌබර සේවාවට වැටිල තිබුනා. මම කාඩ් එකෙන් ගෙවලා යන ගමන ගියත් එන්නත් තිබුනේ ඒ ආසන්න පාරක්නිසා එන ගමන් මරදානට ආවේ මිනිහට කලින් ගිය ගානම අතින් ගෙවලා.
දක්ෂිණ ඉන්ටසිටිය ගැනවිස්තර අහන්න ගියාම හවස 2.30ටත් ස්ටේශන් එක වහල තිබුනේ. 3ට අරිනවා කිව්වේ එයාෆෝස් එකෙන් ආවට පස්සේ. ඒක ටිකක් දියුනු ඇප්‍රොච් එකක්. අපේ විස්තර ගන්නවා කොල කෑල්ලකින්. ෆෝම් එකක් ආධාරයෙන්. ඉන් පස්සේ අපිට අපේ අයි ඩී නො එක. දුරකතන අංකය වගේ විස්තර ඇතුලත් කොම්පියුටර ආශ්‍රිත මුද්‍රිත ටිකැට් එකක් දෙනවා. එ ටිකැට් එක කලින්ට වඩා ගනන්. වෙනදා ඉන්ටසිටියේ බෙලිඅත්තට තු්නේ පංතියේ ටිකැට් එක රුපියල් 300ක්. මේ ගමන ඒක 400ක්. වෙලා. ඒත් මගේ පුද්ගලික අදහස එහෙම වීම හරි. මිනිස්සු සීට් ගාන්ට යද්දි ආදායම අඩුයි ඒක මගීන්ගෙන්පියවන්න වෙනවා. මිනිස්සුන්ට එහා මෙහා නිකං යන්න දෙන්න ගියොත් වෙන්නේ ඕනි එකටයි එපා එකටයි කොල්ලයි බල්ලයි හැම එකාම යන්න එන්න ගන්නවා. අනෙක් පැත්තෙන් මේ ප්‍රවාහනය පාඩුපිට දුවනවා කියන්නේ අමාරුවෙන් දුවන රජයට තවත් අනවශ්‍ය වියදමක්. මිනිස්සුන්ට කෝච්චි බස් වලට සහන දෙනවා කියන්නේ තවදුරටත් නගරයට නගරය දෙසට ඇදෙන පිරිස වැඩිවෙනවා කිසිම තේරුමක් නැතිව.
කොහොම හරි ඒකෙදි ආමි එක හෝ එයා ෆෝස් එක කලේ බොහොම සුලු දෙයයි. එනම් ස්ටේෂන් එකට ඇතුල්වෙන තැනදි එයාල අර වතුර තුවක්කුව වාගේ උණ බලන ගැජට් එකෙන් මගින්ගේ උණ බැලුවා විතරයි. ඉන් පස්සේ කෙලින්ම දුම්රිය ආවා. මගීන්ට සීට් හොයාගන්න දුම්රිය ආරක්ෂකඅ ංශ උදව් වුනා. ඉන්පස්සේ මගීන් වාඩි වුනා.මේක හරි සරල වැඩක්. ඒකට ඉන්පස්සේ කවුරුත් අඇගිලි ගහන් ඕනා නැහැ. දත්ත ටික ඕනි හැටියේ ටිකට් වෙන් කරගන්න පරිගණක පද්ධතියේ සටහන් වෙලා ඇති. මේ විදිහට නැතුව ඉන්ටසිටි දුම්රියේ නිකන් සාමාන්‍ය මගීන් නැගලා වාඩිවෙලා හිටියෝත් ඒ අයට දඩ ගහන්නත් සෘජු බලතල දුම්රිය ආරක්ෂක අයට තියෙනවා.
දුම්රිය ටිකට් සේවාව ඉන්ටනෙට් එකෙන් සහ ස්වයං ක්‍රිය මැෂින් වලින ්තමයි වෙනරටවල ටිකට් ගන්න තියෙන්නේ. ඉන්දියාවේ දුර ගමන් සේවා දුම්රිය බොහොමයක ටිකට් වෙන්කරන්න පහසුව තියෙනවා ලෙසටම. තායි රටෙත් එහෙම ඉන්දුනීසියාවෙත් එහෙම. අපෙත් එහෙම එක් පුද්ගලයෙකුට අයි ඩී නම්බරය සහ දේතා පාවිච්චි කරලා දුම්රිය ටිකට් වෙන්කරගන්න පහසුව එන්වා නම් වටිනවා. ලොකුදෙයක්නැහැ. යම් අයෙක් වංචා කලොත් ඉන් පස්සේ අර අයි ඩී නොම්බර අනුව අපිට ලේසියෙන්ම හොයාගන් පුලුවන් වෙනවා. තවත් දුරට ගියොත් ටිකැට් මැසින් කියන්නේ දැන් මැජික් නෙමෙයි. අපි යන එන තැන අනුව සල්ලි ගෙවලා ටිකැට් අරගන්න තිබුනත් ඒකත් හොද වැඩක්.
දුම්රිය වල මෙහෙම මොනාහරි මිනිස්සු අදුරගන්න පද්ධති තිබුනාට බස් වලනම් මෙලෝ දෙයක් නැහැ. බැලිල්ලක් නැහැ. අපේ ඔන්ලයින් පේමන්ට ්වල කේස් එක්ක තියෙනවා. දැන් ඉන්දියාවේ මොබයිල්ෙ පා්න් වලින් ගෙවන්න පුලුවන්. චීනෙත් පුලුවන්. එත් අපේ මොබයිල් පේම්නට් ඇප් වලට තියෙන රජයෙන් ඒ බැංකු නිති රෙගුලාසි ආදියෙන් යම් බාධාවන් තියෙනවා නීතිමය බාදා වන් තියෙනවා. ඒ වගේම ඒවා ජනප්‍රිය නොවීමේ ගැටුමකුත් තියෙනවා. මේවා හදුනාගන විසදුම් ගේන්න පුලුවන් නම් හැම අතකින්ම අතට අත මාරුවෙන සල්ලි හරහා සිදුවන ගනුදෙනු අපිට අවම කරගන්න පුලුවන්. ඒ වගේම සිස්ටම් වයිස් මිනිස්සු ඉබේම හැමදේටම හුරුවෙන් නැහැ. ඒවා දියුනු කරන්න පුලුල් වැඩපිලිවෙල් අවශය වෙනවා. ඒක ස්ටඩි කිරීම ලොකු වැඩක්. විසදුම් ගෙන ඒමත් ලේසි නැහැ.
කොරෝනා වෙලාවේ ඉක්මන්ටම වෙනත් රටවල පද්ධති හැදුනා. හැදුනා කිව්වට ඒ වෙද්දිත්තිබුන දේවල් වැිඩිදියුනු වුනා. අපේ සමහර මොබයිල් පේමන්ට් වගේදේවල් වැඩිපුර තිබුනේම නැහැ. කාඩ් පේමන්ට් වුනත් සුලබ නැහැ. ඒ වගේ වටපිටාවක අපි කොරෝනා ඊලග වේව් එකකට මුහුන දෙන්නේ කොහොමද? හරිම සරලව කියන්න පුලුවන් ඊලග වේව් එකක් එන එකක් නැහැය කිලා.ඒත් ඒක හීනයක් විතරයි. . ඒත් මේ සිස්ටම් අපේඩ්ට් කරන එකෙන් සමස්තයක් විදිහට සමාජයට ලාබයි. මිනිස්සු නිස්කාරනේ ටවුන් වලට ගාල් වෙන් නැතුව ගෙදර ඉදන් වැඩ කරගන්න හැකිනම් බඩු බාහිරාදියවිස්වාසනීයව ගෙදට්ටම ගෙනාගන්නහැකි නම් ඔන්ලිය්න පෝන් එකෙන්ම ගෙවන්නත් හැකි නම් ඒ පසුබිම මිනිස්සුන්ට වඩාත් හිතකර වෙයි.
අපේ මරණ ප්‍රමාණය අඩු වීම එක පැත්තකින් හොදයි. ඒත් අනෙක් අතකින් අපි අලුත් තත්වයට ඉක්මනින් වෙනස් වන ස්වභාවය දැන් අඩුවෙලා පෙූර්ව කොරෝනා අවධියටම සෙමෙන් සෙමෙන් කිසි ගානක් නැතුව අපි ඇදෙමින් තියනවා. කාර්යක්ෂමාතව අඩු වීම වැටෙන අපේ ආර්ථිකයට හොද දෙක්ෙ නමෙයි. ඒ වගේම කොරෝනා වලටත් විසදුම් නැති වුනා කියලා හෝ අපි ලොඩේ වලක්වාගන්න සූදානමක් නැහැය කියලා ලෙඩේ අපිට විසේස අනුකම්පාවක් දක්වන්නෙත් නැහැ.
ඔන්න ඕහොමයි මම කොළඹ ගිහින් දවස් තුනක් විතර ඉදලා ගත්ත තොරනේ විස්තරේ මගේ ලයිටුත් දාල ගත්ත හම පේන්ෙන්.