කොරෝනා හැම කෛනාටම බලපානවා. ගොවිැතන කියන කර්මාන්ත ක්ෂේතයටත් මේක බලපානවා. ගොවියා නිපදවන්නෙක්. ඔහු නිපදවන බඩුව අලෙවි කරගන්න ගැටළුවක් මිහිපිට පේන්න තියෙනවා. ඒක ප්‍රවෘත්ති වලිනුත් පෙන්වනවා. ඒ වගේම එයින් එහාට ගියොත් ඒ බඩු අලෙවිය වගේම තවත් වෙන පස්න කිහිපයක් ගොවියට මේ කොවිඩ් නිසා එනවා.
ඇට හොයාගැනීම
අද වෙද්දි එලවලු වර්ග ගොඩක් ඇට එන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව වගේ රටවලින්. රටවල් අතර ගුවන් ගමන් නැවතිලා. ඒ රටවලත් තියෙන ලොක්ඩවුන් නීති රීති නිසා ඒ රටවලත් මෙ වෙනකොට ගොඩක් කර්මාන්තාදිය නැවතිලා. ඒ නිසා ලංකාවේ ඇට වර්ග කඩවල තියෙන ඒවා මේ දවස්වල ඉවරවේගෙන යනවා විතරයි. අලුතින් පිර වෙන්නේ නැහැ. තායි රට ගත්තොත් මේක ලියන මැයි 10 වෙද්දිත් තායි රටේ ගොඩක් ක්ෂ්ත්‍ර නැවතිලා. ඉන්දුනීෂියාව ඉන්දියාව වගේ රටවලුත් එහෙමයි.
ඇට නැතිවුනාම මොකද?
මේ ඇට වල තිබුන විශේෂත්වයක් තමයි මේ බෝගවලින් සැලකිය යුතු අස්වැන්නක් එනවා. ඒ වගේම ලැබෙන අස්වැන්න සමරූපි විදිහට නිල් කැටේට ලැබෙනවා. සරලව කිව්වොත් අපි අක්කරේක වැටකොළු හිටෙව්වතෝ වරකට මෙට්‍රික් ටෝන එකක් විතර අස්වැන්න නෙලාගන්නත් පුලුවන් ඒ වගේම ඒ නෙලන වැටකොළු දගර ගැහිලා, කහ ගැහිලා අවුල් ගිහින් නැහැ. ඕකකොම අච්චුවේ වැටකොළු වගේ ලස්සනට තියෙනවා. ඉතින් ඇට නැතිවුනාහම මූලිකව ලංකාවේ ඇට නිෂ්පාදනය අඩු නිසා ඇට හොයාගන්න බැරි වෙනවා. අනෙක් අතින් තියෙන ඇට තවත් මිල යනවා. අපේ තංගල්ල ගම දිහා ඇට ඉවර වෙලා දින පැනපු ඇටත් කඩවල හොදට විකිනිලා තිබුනා. ඒ කිය්නේන මේ ැටවල ජීව කාලය හෙවත් ආයුකාලය කියන අවුරුදු දෙක පැනපු ඇටත් කඩවල අර මිලටම විකිනිල තිබුනා.
ඇට නැතිවීම ගැටළුවක් ලෙස තවම හුවා දැක්වෙන්නේ නැහැ. දැනට ලංකාවේ එක පලාතකට විතරයි මහිතේ වැහැල තියෙන්නේ. ඒත් ලංකාවේ අනෙක් පැතිවලට වැහැල බෝග හිටවන්න ගත්ත කාලෙට ආන්න ඇට ගැටුම නැවත එනවා. පැරණි එලවලු බීජ වලින් වගා කරන ගෙවතු වගා කාන්ඩයක් ඉන්නවා. ඔවුන්ගේ ඇට නිෂ්පාදන අර මැලේසියන් ඇට වල ඉලක්ක වලට ගෙනියන්න ආමරුයි. උදාහරණ විදිහට වට්ටක්කඅ ැට හිටෙව්වම රටින් එන ඇට වල වේගවත් වර්ධනයක් තියෙනවා. මාස එක හමාරකින් දෙකකින් ඵල නෙලාගන්න පුලුවන්. ඒත් මේ පරණ ඇට වලින් වෘත්තිය ගොවීන් ඉවත් වෙල ගොඩක් කල් නිසා එයාලට නැවත පරණ දේශීය මාදිලි වලට හුරුවෙන්න සහ ඒ අනුව බෝගයට වතුර, පෝර දාන වැඩ කරන්න කාලයක් ගත වේවි.
පෝර සහ රසායනික ද්‍රව්‍ය
හොද ගොවියෝ පෝර දාන් නැහැ රට පෝර නැතුව කෘමිනාශක වල් නාශක නැතුව එයාල හොද විදිහට වගා කරලා අස්වනු පාරිබෝගිකයාට දෙනවා. ඒත් ඇත්තම තත්වය ගත්තොත් හොද ගොවියෝ ඉන්නේ සුළුතරයයි. නරක ගොවියෝ වැඩියි. මේ එලවලු වලට එකතු කරන කෘමිනාශක වැඩියි කියන එක පොදු චෝදනාවක් විතරයි. වෙළදපොල මට්ටමේදි වෙලදපොලෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කරලා වෙළදපොෙලන් ඒවා ඉවත්කරන ක්‍රමවේදයක් එනකල් ගොවීන් කෘමිනාහක වලින් එලෝලු නාවලා අලෙවි කරාවි. මොකද ගොවීන් එය නරකයිකියලා දැනගෙන හිටියාට එයින් බලපෑමක් එනතෙක් ඔවුන්ගේ භාවිතය සීමා කරන්න අමරුයි.
අනෙක් පසින් නියම ගොවියෙක් කියන්නේ ගේ පිටිපස්සේ මෑ වැල් දෙකක් බණ්ඩක්ක ගස් දෙකක් හිටවගෙන අතින් ඒකට එන මැස්සෝ මරන ඩයල් එකක් නෙමෙයි. හොදට ලාබ අරගෙන කිසි කැතක් නැතුව කරන්න නම් අඩුගානේ අක්කර දෙකක වත් ගොවිතැනක් කරන්න ඕනි. දැන් තියෙන බෝග ජාති ඇට ජාති නිසා ඉක්මන්ට වේගෙන් එලෝලු ගස් වැල් හැදෙනවා. ඉතින් ඒ වේගයට සරිලන ඒ බෝගයට සරිලන අස්වනු දෙන්න නම් අපිට කෘෂි රසායනික සපයන්න වෙනවා. අක්කරේකට සතියට මෙට්‍රික් ටෝන එකක් විතර එලෝලු ලොඩ් එක්ක අදිනකොට සරලව අදහසක් එනවා මේ බෝග ජාති වලින් පසේ සාරය හෙවත් පොහොර ගතිය අදින වේගය ගැන. ඉතින් ඒ වේගයට හරියන්න අපිට රට පෝර හෙවත් කෘතිම පොහොර යොදන්න වෙනවා. ලංකාව කියන්නේ නවසීලන්තය වගේ මීටරයකටත් වඩා උෙසට පෝර තට්ටු තියෙන රටක් නෙමෙ. එතනින් එහාට ලංකාව කියන්නේ ඉන්දුනීසියාව වගේ ගිණිකදු පිපිරිලා ඒ එන සාරය වතුර එක්ක එන රටකුත් නෙමෙයි. ඒ නිසා ලංකාවේ ගොවිතැන් කරද්දි පොලවෙන් අපිට ලබාගන්න ඛනිජ නැවත පොලවට එකතු කලේ නැතොත් වැඩි කලක් යන්නට මත්තෙන් පස නිසරු වෙලා අස්වැන්න සැලකිය යුතු විදිහට අඩු වෙනවා.
පෝර සහ කෘෂි රසායන වලටත් කොරෝනා වලින් තද බලපෑමක් තියෙනවා. ලංකාවේ එප්පාවල තියෙන පොස්පේට් නිධිය හැරුනාම ලංකාවට එන බොහෝ පෝර වර්ගඑන්නේ රටින්. ලංකාවේ පැක් කලාට කෘෂි රසායන ද්‍රව්‍ය එන්නේ ඒත් රටින්. ඒ නිසා රට වලත් තියෙන ලොක්ඩවුන් තත්වයන් නිසා ඉස්සරහට කෘෂි රසායන ලංකාවට ඒමේ ගැටළුත් ඇතිවෙන්න නියමිත වෙලා තියෙනවා.
අපේ රටේ විසදුම් හොයන හැටි
අපේ රටේ පස්න එන්න කලින් විසදුම් හොයන විදිහක් කොහොමත් නැහැ. වලේ වැටුනාට පස්සේ තමයි කට්ටියට වාහනේ උස්සන්න මතක් වෙන්නේ. එතකොට තමයි කාන්ඩේ වාහන තල්ලු කරන්න සෙට් වෙන්නේ. ඒ නිසා අපේ උදවිය මේ ගොවින්ගේ පස්න වලට උත්තර හොයාවිය කියලා ලොකු විස්වාසයක් නැහැ. එක පැත්තකින් මේ ගැන දැඩි අධ්‍යනයක් කරන් නැතුව ගන්න පුලුවන් ක්වික් සොලියුෂන් ඇත්තේත් නැහැ. ගෙිවැතිනකියන්නේ ලංකාවේ ගොවි කටයුතු ගැන ඉන්න බලධාරින් පාලකයින් ආදී පිරිසගෙන් පරිබාහිරව පවතින දෙයක්. ඉතින් බස් වල නොයන අය බස් ගැන සැලසුම් කලා වගේ ලස්සනට අපේ අය මේ පස්නය විසදාවි කියලත් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.
වෙළධපොල පස්නය
ඉස්සරහට කොත්තු කඩයක් කවදා ඇරෙයිද කියලා බයක් අපිට තියෙන්නේ. කෑම කඩ ඇරුනත්කෑම කඩෙන් කන පිරිස අඩු වෙයි. කෑම්ප් වල ඉන්න හොස්ටල් වල ඉ්නන අයෙගත් තත්වය වෙන්ස වෙයි. මිනිස්සු කෑම ජාති කඩෙන් අරගන්නවට වඩා තනියම උයන් කන එක වැඩිවෙයි කියලා හිතන්න පුලුවන්. ලංකාව කියන්නේ සංචාරකයින්ට ජනප්‍රිය රටක් නෙමෙයි. ඒත් සංචාරක හෝටල සහ ඒ ආශ්‍රිතව කැම බීම සදහා නිෂ්පාදනය කරන පිරිසකුත් ඉන්නවා. එයාලගේ ගොවිතැන් ආදියත් මේ වෙද්දි අවධානමකට ලක් වෙලා තියෙනවා.
පහුගිය කාලේ වෙලදපොල හැසිරීම් ඇදිරි නීතිය නිසා උඩු යටිකුරු වුනා.ගොඩක් තැන්වල ගොවීන්ට තමුන්ගේ අස්වනු විකුනාගන්නා ඊලග වෙලෙන්දා හමුවුනේ නැහැ.එලෝලු වෙලදාම තුල ඇතිවෙලා තියෙන අතරමැදියන් වැඩි වීම කියන්නේ සිරා පස්නයක්. ඒත් ඒක විසදන්න තියෙන විසදුම් ප්‍රබල නැහැ. කාගිල්ස් ෆුඩ් සිටි එකේ න්ම එලවලු ලාබයි. ඒ නිසාම පහුගිය දිනවල කාගිල්ස් වල ටිකක් සෙනග ගැවසුනා අපේ පැත්තේ. එත් කීල්ස් වල එහෙම ලාබයක් තිබුන් නැහ. අපේ ගම් පලාතේ පොලවල එලෝලු විකුනන අයගේන කොටහක් පාර දෙපැත්තේ එලෝලු දාගෙන වෙලදාම් කලා. ඒත් පොල දවසේ වගේ හොද වෙලදාමක් නැහැ.
කොහොම වුනත් හිතුවෙ නැති විදිහට සති දෙක තුනක් යද්දි එලෝලු ලාබ වුනා. මැයි මුල වෙද්දි පහතරට පැත්තට රට එොල්ලු ආවා. එලෝලු ලබාගන්න ඇදිරි නිති නැති පලාත්වල අයට ලොකු මහන්සියක් වුනේ නැහැ. එලෝලු ගොවීන් පලතුරු ගොවින් රජයෙන් රැකීම කියන්නේ යම් අවුල් තත්වයක්. ඇත්තටම රජයට මේකටත් කෙලින්ම විසදුම ්නැහැ. හොදට ඒ ගැන අධ්‍යනය කරලා තමයි වෙලදපොල තත්වයන්ටත් විසදුම ්ෙහායාගන්න වෙන්ේන්..
අපි මෙතෙක් කල් බලාපොරොත්තු වුනේ කෙලින්ම විසදුම්. උදාහරණ විදිහට එලෝලු ග්න නැති වුනාම ප්‍රාදේශිය බලධාරින් නිළධාරින් මැදිහත් වෙලා එලෝලු ගත්තා. ඒත් එලෝලු කියන්නේ සමහර වෙලාවට සතියට දෙතුන් වතාවක් අස්වනු නෙලන දෙයක්. ඒකෙදි එකපාර අස්වැන්න මිලදී අරගෙන වී ගැටලුව වගේ මේක විසදන්න බැහැ. ඒ හිතන්න අමරු පැති වලට තීරණ ගන්නනම් ඒ විශය ප්‍රවීණයන්ගෙන් අපිට උපදෙස් ගන්නට වෙනවා. අරගෙන නිදහස් වෙලද පොල තුල ගොවියාත් පාරිබෝගිකයත් ගොඩ යන සාධාරන විසදුම් මාලාවක් හොයාගන්න අපිට අකමැත්තෙන් වුනත් සිද්ද වෙනවා.
මේ වගේ ප්‍රශ්න වර්තමානයේ එතරම් නැහැ. මොකද මෙම ආණ්ඩුව යටතේ කෘෂිකර්මයට විශාල සහයෝගයක් ලැබෙනවා. බටහිර ලැදි එජාප ආණ්ඩු තමයි කෘෂිකර්මය හෑල්ලු කරන්නේ.
ReplyDelete