Saturday, February 13, 2021

වැලන්ටයින් එකට සෙක්ස් කිරීම කැපයිද?


ලිංගිකත්වය කියන්නේ අපිට මැජික් එකක් නේ. අපි බැන්දා උනත නොබැන්දා උනත් බඩු ගැහුවා මසා ගියා වුනත් අපි හැමෝටම ඒක සම්පූර්ණයෙන් විදගන්න බැරි අවුලක් තියෙනවා. බැදපු පලියට ඉතින් ඔය සැටිස් පැක්සන් එක එනවා නම් මේ හන්දියක් හන්දියක් ගානේ මසා වලට බැදපු උන් බඩගාන්න විදියක් නැහැ නෙව. අපේ හිතේ ලිංගික ආසාව ගැන තියෙන ෆැන්ටසීස් ගොඩක් සම්පූර්ණ කරගන්න අපිට ශක්ති ධෛර්ය වාසනාව උදා වෙන්නෙ ් නැහැ. එහම කලාතුරකින් කෙනෙක්ට ලැබුනත් ඒ එක්ක එන කරදර වලට මුන දෙන එක ලේසි නැහැ. උදාහරණ විදිහට අපි හිතමු අපේ ඔය පොදු ප්‍රවාහන බස් එකක කොන්දෙක්. උන්දැල වගේ අයට හොද පහරවල් සෙට වෙනවා. එත් ඉතින් ඌට උනත් කෑල්ලගෙන්ද සමාජයෙන්ද බස් හිමිගෙන්ද? අහල පහල උන්ගෙන්ද? ආද ීවශයෙන් උදලු දාන උන් ගොඩක් ඉන්නවා.

බණ අහමුද සෙස් කරමුද

වැලන්ටයින් දවසට හාමුදුරු ගොල්ලා පුජා දාගන්නවා. පාදිලියෝ තව ඒවා දාගන්නවා. මොකෝ කේස් එක තරුණ තරුණියෝ රුම් අස්සේ ගිහින් සෙස් ආතල් එකක් ගනීවිය කියන බයට. කාලයක් ඔය විශාල පාක් එහෙම බුක් කරගෙන එකඑ ක ආගමික නාට්ටිත් තිබුනා. ඉතින් ඒ වගේම සමරන අය මීඩියා හරහා සෝස මීඩියා හරහා ඉවන්ට ්කරනවා. ඒවට යනවා. ඉතින් පෙම්වතුන්ට තියෙන දවසේ ඒ දවස කොහොමද ඝනගෙඩියෝ ගන්නේ. ලංකාවේ නම් ඝනගෙඩියන්ට නොහොත් ගෞරවනීය සංඝයා වහන්සේට පිස්සු කෙලින්න අවුරුද්දට දවස් 13ක් අඩු ගානේ මාසෙට එක දවසක් පෝය කියලා වෙන් කරනවා. ඉතින් ඒක මදි වෙලාද?

අපි යනවද එයාලට කියා දෙන්න?

දැන් පෝයට කරන්න ඕනි මොකද්ද? නත්තල් දවසට කල නොකල යුතු දේ මොකද්ද කියලා ඒ ඒ ආගමින් අපිට කියනවා. එතකොට ඒවට යන නාකි බැතිමතුන් ටික ඒ අදාලෙ ද්වල් වතාවත් කරනවා. පෝය නම් ආච්චිලා සීයලා ගිහින් පංසලට වෙලා අදේ ඉදන් හවස ්ෙවනකල් පච හල හල අහ අහ ඉන්නවා සිල් ගැනීම කියලා. එක කරන නිවැරදි විදිහ ගැන ධරුමයේ සදහන් වෙලා තියෙන නිසා හාමුදුරුවරු කියනවා. එතකොට ඒ ආගමික ආතල් එක ගන්න විදිහ ගැන එ ඒඅය ආගමෙන්ම උපදෙස් දෙනවා.

පෙම්වතුන් ගත්තාම පෙම්වතුන්ට එහෙම " නිවැරදිව පෙම් කල යුතු විදිහ" කියලා න්‍යායයක් නැහැ. බාගෙදා සමහර කොල්ලෝ ළමයි තුනක් ඉන්න ඇන්ටිලටත් ලෞ කරනවා. සමහර සිදේවි කෙල්ලෝ බැදලා පවුල් වෙලා ඉන්න අංකල්ලා තෝරගන්නවා. අපිට ඉරිසියා තමයි. එත් අපිට ඒවැ හරි වැරැද්ද තෝරාදෙන්න අයිතියක් නැහ. පෙම්වතුන් අයිති වෙන්නේ පුද්ගලික ගොඩට. ඕනිම කෙනෙක්ට අනුන්ට බාදා නොවෙන්න පෙම් කරන්න රූම් යන්න පෙට්ටි කඩන්න කඩාගන්න අයිතිය තියෙනවා. ඒකට ඇවිල්ලා වැරදියි හරියි කියාලා කියාදෙන්න අමාරුයි. 16ට අඩු කෙනෙක්ට නම් ඔන්න වැරදියි කියන්න පුලුවන්. ඒත් ඊට වැඩි හැමෝටම ආදරය කරන්න තමුන් කැමති විදිහට ඒ වැලන්ටයින් සමරන්න ඕනා තරම් ඉඩකඩ තියෙනවා.

ඉතින් උකලා උකලා සමාජය සෞත්තු වුනොත්


අපේ සමාජය සෞත්තු වෙන්න ුපලුවන් රසවත්ම හේතුවක් තමයි අනුන්ගේ ගෑනු එක්ක සෙස් කිරීම, ඝෑනු පිට යැම වගේ දේවල්. අපි රටට නිදහස ගත් කාලේ  මේ දක්වා ගත්තම ගෑනු පිට යෑම රට අවුල් වෙන්න හේතුවක් කියලා ඒ කලේ ඉදන් දෙසනවා. ඒ කාලේ ඉදන් පණ්ඩිතයෝ වටේ යන ගෑනුන්ට පිරිමින්ට දොස් කියනවා.

එහෙම එකක් ඇත්තටම තියේද/ සමාජය අවුල් වෙන්න හේතු ගානක් තියෙනවා. දරුවන් ඉන්න දෙමාපියන් දරුවන්ගේ වගකිම් පසකලා වටේ යෑම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා තමයි. ඒත් ඒවා වුනත් විසදන්න නීති රීති රෙගුලාසි ආදිය හැදෙන්න ඕනි. අදාල විදිහට ඒවා විසදෙන්න ඕනි.

ඉතින් වැලන්ටයින් එකට මොනවද කරන්නේ?

කෙල්ලෝ නැති අය කෙල්ලෝ හොයාගන්න ඕනිද නැද්ද කියන එක එයාල හිතන්න ඕනි. දවස් 365ම ගෑනියෙක් නැතුව ඉදලා එදාට විතරක් ගෑනියෙක් ඕනි වුනා කියලා ඒකට ඉතින් ගෑනුවත් සමාජයවත් පලි නැහැ නේ. නැති උන් හොයාගන්න ඕනි. ඒ වගේම තියෙන උනුත් තමුන්ගේ ආතල් එක ගන්න ඕනි. වැඩිහිටියෙක් වුනාට පසේස් ගෙදර කියන ලබ්බ හැරදාලා කැමති දෙයක් කරන්න ඕනි. කලේ නැත්තං දැන්වත් කරන්න ගන්න ඕනි. පෙට්ටියට වැදගෙන හිටියා කියලා නාකි වෙලා ඉකුවාම පෙට්ටිය බුදු වෙන් නැහැ. විසි ගනන් වල මුල ඉන්නවා නම් යම් ආර්ථික හැකියාවක් තියෙනවා නම් ඒ තීරණ තමුන්ට ගන්න පුලුවන්.

ඉතින් මෙච්චරයි. හැම දෙයක්ම කරන විදිහක් නැහැ. ලවු කිරීම වගේ ඉතාම පුද්ගලික දෙයකට කරන විදිහක් ආරෝපනය කරන්න බැහැ. පෙම්වතුන්ගේ දිනය තියන අය සදාචාර බුවාලගේ අපේ බණ අහන් නැතුව කැමති නම් ඒකේ ආතල් එකක් තියේ නම් ගිහින් සමරහල්ල බන්. අනික් අන් මොක කීවත ්පුකයැ. h

Thursday, February 11, 2021

පහ කිරීම සහ පහ දැමීම

 


ඇගලුම් කම්හලේ මැදින් වැටී ඇති මාර්ගය දිගේ මිතිල සෙමෙන් අඩිය තියයි. මිතිලට අවට පෙනේ. ඇතැම් තැනක වැසි වලින් අවු වලින් මාර්ගයට සෙවන ගැනීමට ද ඇගලුම් කල්හල් තුලින්ද මේ ගමන් මග වැටේ. ඒවා තුලින් ඉදිරියට ඇදෙන විට ගැහැනු ළමෝ රාජකාරි කරන අයුරු පෙනේ. රාජකාරි යනු මිතිලගේ බසේ වදනකි. මේ ෆැක්ටරි වල ගැහැනු ළමෝ නම් කරන්නේ වැඩය. එක් තරා ගැහැනු කිහිපයක් තමා එතැනින් යන විටත් නැවත පැය ගනනාවකට පසු නැවත එන විටත් එකම ආකාරයට සිටගෙන නූල් කපනු මිතිල දැක්කේය. ඒ දකින මූනු මදකට ඔලුව උස්කර බලන්නේ මේ මොකෙද්ද කියාය.  ඒ තවත් එක ටයි කාරයෙකු බව දැක ඔවුන් ඔළුව පාත් කර ගන්නේය. ආදරය කරුනාව ආදී වැදගත් හැගුම් පිරි බැල් මකට වත් ඔවුන්ට වෙලාවක් නැති තරමට වෙහෙස වී ඇති ඇස් ඒ අදෙන කොල්ලා ලස්සන එකෙක් වේ නම් ලග සිටින එකාටද ඇගිල්ලෙන් හෝ වැලමිටෙන් ඇන පෙන්වන්නේය. එහෙත් මිතිල එසේ හැඩ වස්තුවක් නොවේ. 


මිතිල මානව සම්පත් අංශයට ගොඩ වනවිට ඔහුට ෆැක්ටරියට වඩා ශෝබමාන දසුනක් ඒ අංශය තුල පෙනේ.  මේ ෆෑක්ටරිවල කාර්යාල වෙනමත් ෆැක්ටරි වෙනමත් සේවකයින් වෙන් කර තැබීම කලක සිට අනාදිමත් කලක සිට පැවත එන සිරිතකි. එහි කාර්යාලයේ සිටින ගැහැනු පිරිමි ෆැක්ටරිෙය් වැඩ කරන අඩු කුලයේ ගැහැනු පිරිමි වලට වඩා දර්ශනීයව ඇද පැලදෙගෙන සිටී. මදක් කතා බබහ අසා සිටියහොත් ඉංගිරිසි බස කට උල් කර ඔවුන් කතා කරන්නෝය. එයින් ගැහැනු කොන්ඩය හොදින් මැද මේකප් තට්ටු දාගෙන මානව සම්පත් අංශය එලිය කර්නනේය. ඒ කලින් දුටු ෆැක්ටරි ගැහැනු නිල ඇදුමේම ඇතුලත තිබෙන පිලිරූ විලස සිටිනවා විනා එතරම් හැඩය රුවය ගැන සැලකීමක් දක්වන බවක් නොපෙනේ. එහෙත් ෆැක්ටරි වලට වඩා වැඩි වාර ගානනක් චූ කරන්නට යන මේ මානව සම්පත් කාර්යාල වල වැඩකරන අනුහස් ඇති ගෑනු  පිරිස වඩාත් හැඩ වන්නේය. 


ගහලයා පැමිණි කල එදා දංගෙඩියද රාජ සභාවද අවට ජනයාද බයින් පීඩිතව යන්නේය. මිතිල යනු ගහල රැකියාවක් වැනි යමක් කරන අයෙකි. මානව සම්පත් ඒකකය තුල සිටින අය මිතිල ගාමන්ට ්එකට එන්නේ කිහිප දෙනෙකු ඉවත් කරන විනය පරීක්ෂන පැවැත්වීඹට බව දනී. ඔහු පැමිණ ගොස් දින කිහිපයකින් හැඩූ කදුලින් කිහිප දෙනෙකුට වැරදිකරුවන් වී සේවයෙන් ඉවත් වී ගෙදර යන්නට සිදු වෙති. ඇතැම් කෙල්ලෝ නම් සේවයෙන් ඉවත් වීම යනු තවත් නිල ඇදුමක් ලා ගැනීම පමනකි. තවත් පිරිමි නම් මේ ගාමන්ට් රැකියාවේ ගෑනු ගොඩේ සිට දවසම සිටගෙන සිටිම පසෙකලා ගමට යෑමට වීම ගැන ලොකු දුකක් නැත. කෙසේ වෙත්ත රැකියා අහිමිවීමට බලපාන විනය පරීක්ෂන තියන මිතිල ගහලයකුගේ නූතන ස්වරූපය ලෙස දකින්නට කැමති මානව සම්පත් සේවකයෝ සිටියහ. 


ඉදින් ඔහු වාඩි විය. ඒ වන විටත් එතැන වට මේසයට චූදිත සේවක මහතා සහ සමාගමේ නිළධාරි පැමිණ සිටියේය. විනාඩි 20ක් ගතවිය. දෙන කටඋත්තරය සට පට සට පට ගා ලග සිටින පරිගණක ක්‍රියාකරුවෙක් ටයිප් කරන්නේය. 

තමුන් මේකට නිවැරදි කරුද? වැරදි කරුද? 

නිවැරදි කරු සුවාමීනි. 

ඉතින් තමුන්ට මේ ගැන තවත් මොනාහරි කියන්න තියෙනවද? 

නැහැ ස්වාමිනි මම එහෙම හොරකම් කරන කෙනෙක් නෙමෙයි. මම එහෙම වලි දාන කෙනෙක් නෙමෙයි. මම බැන්නේ මට බැන්න නිසා. ආදී උත්තර මේ පස්නවලට එන්නේය. මිතිල ඔහු විසින් සමාගමට නිර්දේශ ඉදිරිපත් කර අවසානයේ එහි වාර්තාව මත ගෑනුන්ගේ වැඩ තහනම් වෙති. පිරිමි ගෙදර යවති. එය එසේය. 


දෙක


මිථිල දවසක් මිතුරන් සමග සාදයක සිටී. බොන්න කැමති අය ගෙවල් වලට බොන්න කතා කිරීම අවුල්ය. එබැවින් මිතිලගේ මිතුරන් බොන අයටම කදිම නවාතැනක බීම තබාගත්තේය. එතැන පූල් එකකි. හොද කාමර දෙකකි. කදිම තැනකි. ඉතින් බොන අතර මිථිලගේ මිතරන් විවිධ අත්දැකීම ්හුවමාරු කරගනී. ඒ අතර බයිට්ද කෝක්ද දුමද හුවමාරු වේ. දුම විවිධ අංශ වලින් වර්ධනය වී දාස් දෙදාස් ගනනේ සිට ඇතැම් විට දසදාස් ගනන් දක්වා මිල අදික වන්නේය. කෙසේ හෝ අවසානයේ වෙරි වැඩි වූ කල සින්දු කියමින් පූල් එකට බැස නාකියාගෙන සිටින අතර කට්ටියට අපූරු අදහසක් ගෙන ආවේ මිතිල ගේ මිතුරෙකි. 


කෑලි දෙකක් ගේමුද බන්? බඩු නම් විස්සක් තිහක් කියයි ඕයි. අපි මසා ටිකක් ගෙන්නමු මසා එකක් දාගත්තම ශේප් නේ..යාලුවෙක් කිව්වේය. ඒ සැනින්ම ලගපාත නොවූවත් ටිකක් දුර තැනකට ඇමතුමක් ගත් මිතුරෙක් සිය මිතුරකුගේ තැනකින් කිහිප දෙනෙකු ගෙන ඒමට උත්සාහ ගනී. තවත් අයෙකු තවත් තැනකට අමතයි. අවසන කෙසේ හෝ හැකි තකින් කිහිපයක් පැමිණියේය. එක් කෙල්ලක මිතිල දැක ඇතිමුත් ඒ කොතැනදැයි ඔහුට නොවැටහේ. 


ඒ මේ නංගිලා බොනවද? නැත්තං සිගා ගහනවද? උඹල නිකං මොකවත් දන් නැති උන් නෙමෙ නේ කියහල්ල බොනව නම් ඈ. එක් කටකාරයෙකු ඒ කෙල්ලන් පැමිණි තැනදි එසේ කිව්වාය. කෙල්ලෝ නම් නමට පමණක් ලැජ්ජා ඇත්තියෝය. ඔවුහු එවර උත්තර නොදුන්නෝය. ඉන් පසු හෙමෙන් කුලුපගුව ඔවුන්ෙගන් එක් කෙල්ලක බියර් පමණක් බොන බවත් අනික් උන්ට විස්කි අවුලක් නැති බවත් කිව්වාය. සිගා මදිවේදැයි සිතා ඉක්මනින් සිගා ගේනන්ටද එකෙක් ගියාය. 


දැන් මුන් එක්කත් බොන්න එපායැයි සිතූ මිතිල තවත් ෂොට් කිහිපයක් කටට හලාගත්තේ අලුත්ම බයිට් එකට පැමිණි පෝක් කැබැල්ලකද රස බලමිනි. ඉන් පසු ටිකක් ලැජ්ජාවෙන් තමා කලින් දුටු යුවතිය ලගට ලං වුනු මිතිල. 

නංගිව දැකල පුරුදුයි? මම හිතන්නෙ ඔයාටත්? 

හුම්ම්.. මතක තියේ නම් හොදයි ඉතින්.. 

ආ.. මිතිල.. මොකද කලින් ගිහිපු තැනක එකියක්ද? මිතුරෙක් ඇසීය. එහෙත් මිතිල ඒට උත්තර නොදීය. 

මිතිල බොස් අපි පැත්තකට යමු නේද? 

ඇය කීවාය. 

මිතිල පැත්තකට යෑමට කැමති වූවාය. මචං මේ මම දන්න කෙනෙක්. අපි පොඩීචැටක් දාන්න අතන්ට යනවා අවුල් වෙන්න එපා ඈ. මම දාඩා්ස් ගාල එනවා ඈ.. මිතිලයා වෙරි පිටම මිතුරන්ට කියා කෙල්ල සමග මදක් ඈත් විය. 

අශී කතාවව ආරම්භ කලේය. 

සමහර විට මිතිල ඔයාට මතක නැතිව ඇති මාව. මම ඔයා තියපු ඉන්ක්වයරි එකකින් වැරදි කාරය වෙලා තමයි මේ තැනට ආවේ. අවුලක් නැහැ. මම ගාමන්ට් එකේ එවුන් එක්ක බුද්යගත්තේ නැහැ මම වැරදි කාරයෙක් වුනාට. ඒ ගැන මට ආඩම්බරයි. ගාමන්ට ්එකේ ගන්න තුට්ටු දෙකට ඒකේ උන්ගේ තුරුල් වෙනවට වඩා මේක හොදයි මිතිල මහත්තයා. මම මුල් දවස්වල මිතිල මහත්තයා හම්බුනා නම් ඔයාට වෙන දේ හිතාගන්න බැරිවෙයි. මොකද මම නොකරපු වරදකට මම නොකරපු අනාචාරයකට තමයි මම වැරදි වුනේ. ෆැක්ටරියේ උන් වැඩේ දැනන් උන්නා. ලොක්කා වෙන තැනක වැඩට ගියත් මොනාහරි කරනවා . ඉතින් මම මේ රස්සාවට වැටුනා. 


ඔයාගේ නම මොකද්ද? මට ඇත්තටම මතක නැහැ. සොරි. සොරි සොරි. ඇත්තමයි. ? 

මම අචිනි  කියන්නෙ ්අශි කියලා. 

හරි අශි. 

ඇත්තටම ඔයාට මොනාහරි වුනානම් සොරි ඈ. ඔයා තේරුම් ගන්නවා ඇති අපි එතන කරන පරීක්ෂන වලට සල්ලි ගෙවන්නේ කවුද? උන්ට ඕනා මොනවද කියලා. සමහර වෙලාවට මම සමහර රිපෝට් නිදොස ්කලා කියලා ගහනවා. ඔයාලගේ පැත්තෙන්. ඒත් කොම්පැනියෙන් මගේ වාර්තාව පිට අස් කලා කියලා මිනිස්සු අයින් කරනවා. ඒක තමයි අශි ඒකේ හැටි. ඔයා මේ වගේ තැනකට ආවේ මම නිසා කියලා හිතනවා නම්.. පස්නයක්. පස්නයක්. අවුලක් කිසි අවුලක් .. මම බීපු නිසා කියනව නේ ඒම මොකුත් මගේ නැහැ. 


මිනිස්සු අශි අලුගෝසුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මම යද්දි සමහර කොම්පැනි වල මිනිස්සුන්ගේ මූනු මලානික වෙනවා. මොකද මම එන්නේ මිනිස්සු අස් කරන්න. වැරදි කාරයෝ නැත ිකරන්න හෝ මොකක් හරි ඒ වගේ දේකට නෙ. ඉතින් මම ඒක දෙනවා. ඉතින් ඒ සල්ලි වලින් මම කනවා බොනව. ඖ සැප විදිනවා. ඒක තමයි අපේ ජීවිතේ. 


හුම්ම්.. ඒනම් ඇති නේද? අපි යමු නේද? අචිනි කියන්නට විය. 


ඕම ඉන්නකො පොඩ්ඩක්.. මේ ඔයා දැක්කම මට මොකුත් හිතුනා නෙමෙයි. මම ආසයි ඔයාට. ඔයා මේ රස්සාව කරන්නේ ආසාවෙන්ද? ඒක මට ඇති. ඔය කුකුල් කූඩුවක් වගේ ටකරං තැන් වලට වඩා මොන රස්සාවත් හොදයි මෙයා. ඒවෑ දි ඔෆිස් ඉන්න පියන්ටත් ෆැක්ටරියේ වැඩ කරන උන් මහත්තයා කියනවා. මොන විකාරද අප්පා ඒ.. ඔයා මේක හොදයි කියලා හිතන්න අශි. මේකෙ හාදයි කියලා හිතන්න ඒ ඇති. 


මහත්තයා හිතන තරම් මේක හොද නැතුව ඇති. ඒත් මට ආයේ ගාමන්ට් එක එපා කරන්න මහත්තයා උදව් කලා නෙ. වැඩ කරලා තව ඵුකත් දෙනවට වඩා අස්වෙලා එන්න පුලුවන් වුනේ මහත්තය නිසා. මේ කන බොන වෙලාවේ මහත්තයා හිත අමනාප කරගන්න එපා. අපි ෆන් එකේ ඉමු. මේ වෙලාවේ ආතල් එක ගමු බොස්. ඔය පරණ දේවල් පැත්තක දාමු. අශි කියන්නට විය. 

ආ.. මේ ඒක නෙවෙ.අශි.. ඔයා මගේ නොම්බර එක දාගන්න. මම ලෝයර් කෙනෙක්. ඉතින් මොනාහරි කතාවක් ආවොත් ඔයා මට කතා කරන්න. එක්කෝ පස්නයක් නැතත් කතා කරන්න කමක් නැහැ. කතාකරන්න ඕනි ඈ.. 


දෙදෙනාම නැවත ප්‍රධාන සමාගමයට එක් වන්නට ගියාය. මොකද අශි.. කලින් ස්පා එකේ කස්ටමර මහත්තයෙක්ද? මිතුරියක ඇසුවාය. නැහැ බං මේ කලින් ෆැක්ටරියකදි හමු වුන අය්ය කෙනක්. අශි උත්තර දුන්නාය. 


කෞද බන්. ඒ කෙල්ල ඒකි කලුයි ඒ වුනාට ගැම්ම නේ. උඹ කොහොමද දන්නේ ඒකිව? මිතිලගෙන් මිතුරන් අසන්නට විය. වැඩක් නැහැ බන්. ඒ මගේ පරණ යාලුවෙක්. යාලුවෙක් කිව්වට පොඩි ඉතින් දන් නැත්ද? මෙව්වා එකක් හොද කෙල්ලෙක් හිත හොදයි. 


අපි එහෙනම් කාමර වලට යමු නේද? දැන් ඉතින් ඔයාලට පුලුවන් අපි වගේ තුන් කුලුදුල් පිිරිමින්ගෙන් ෆන් එකක් ගන්න.. හෝ හෝ..මිතුරකු කෑ ගැසුවේය. 


අඩෝ මිතිල. උඹ කැමති නම් අර නංගිව එක්ක පලයං උඹ කැමති තැනක. අවුලක් නැහැ උඹල දෙන්නගේ ලෟ එකක් තියේ නම් අපි සප් එක දෙන් එපැ. නැත්තං තොපි සාප කරයි අපිට.. 


නැහැ නැහැ එහෙම එකක් නැහැ මිතිල කෙපර බාන්නට විය. 

හරි මම එයා එක්ක යන්නම් අශි කියන්නට විය. 


අඩේ ඒක මාරයිනෙ. මූ කොහොමත් ලැජ්ජ කාරය නංගි ගනන් ගන්න එපා. 


Tuesday, February 9, 2021

අනුන් ගැන වොරිවීමේ පුරාණ චාරිත්‍රය


අබරයියාගේ ලොකු කොලුවා යුද්දෙට බැදිලා

කාටත් නොකියා කොළමින් කසාද බැදලා 

මනමාලි කැරොල් කරත්තයක් කියාලා 

මුන් උඩපැන පැන හිනාවෙනවා ලිද ලග කියලා.. 


ඔය විදිහට ගමේ ඕපදූප කතාකරන ෆ්ලැට්ෆෝම් එදා තිබුනා. ඒත් පස්සේ කාලේක දැන් වෙද්දි ඒවා වෙනස් වෙලා. දැන් ඉතින් ගමටත් වස්සැප් ඉමෝ මැසේජ් කොල් වලින් තමයි තොරතුරු එන්නේ. ඒ තොරතුරු හරිද වැරදිද කොහොමද කියනවාට වඩා මේ තොරතුරු සෙවීම සහ එයට වැයකරන කාලය ශ්‍රමය සහ පදාසය ගැන පොඩියක් අදහස් දක්කන්නයි මට හිතුනේ. 


අපි සුද්දගෙන් ගත්තෙ නාගත්ත දේ 

 

මෙතන සුද්දා කියන්නේ පොදු සුද්දා. සමහර වෙලාව ගෙම් ගදර බල්ලටත් සුද්දා කලුවා කියලා තියෙනවා. මේ ඌ නම් නෙමෙයි මේ සුද්දා අර රට ඉන්න එකා. සුද්දා ගේ සිරිත තමයි වැඩ ිකරීම. සුද්දාලා මේ රටට ආවේ බොහෝම ටිකයි. උන් කරපු වැඩ විදිහට තේ හිටවීම,ෙ පාල් හිටවීම, පාරව්ල හැදීම, කෝච්චි පාරවල් හැදීඹ වගේ ම නීති රීති සැකසීම, සිවිල් ආයතන පද්ධතිය ඇතිකිරීම වගේ කාරනා ගොඩක් තියෙනවා. හරි හරි උන් සුරාකන්න තමයි හැදුවේ. ඒත් ඒ බැලුවාම පේන එක දෙයක් තමයි සූරා කෑම පවා මහා වේගයකින් දඩි බිඩි ගාලා කරන්න උන්ට පුලුවන් වුනා. අද අපි හයිවේ එකක් නුවරට එනකල් අවුරුදු දහයක් විතර දත නියවන් ඉන්නවා. බාගෙදා සුද්දාගේ කෝච්චි පාරත් මීට කලින් කොළඹ ඉදලා නුවරට යන්නට ඇති. 


ඉතින් මේ සුද්දාගේ මම පුද්ගලිකව දැකපු එක දෙයක් තමයි එයාල අපි හොයන පවුල් කේලම් අනුන් ගැන අසල්වාසින් ගැන දක්වන ආකල්ප කෑල්ල වෙනස්. කතාවකට ගියත් පොදු දෙයක් මිසක අල්ලපු ගෙදර එකාට ඉන්න ගෑනු ගාන. ඌගේ තියෙන පොන්න ගති ආදිය මාතෘකා වෙන්නේ අඩුවෙන්. සුද්දෝ ඇවිල්ල නියම වැදගත් දේවල් ම තෙපලන සුපිරි ජාතියක්ෙ නමෙයි. උන් අපිට සාපේක්ෂව ඕප දූප දොඩනවා අඩුයි  කියලා තමයි මට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. 


ඕපදූප නිසා 


ඕපදූප කිව්වම ගොඩක් අයට මතක් වෙනනේ අබිලින්. එහෙම නැතිනම් ඒ වේග කතාවක චිත්‍රපටියක එන චරිතයක්. ඒක පැත්තකින් තියමු අපි දැන් කල්පනා කරමු අපිට අද හෝ ඊයේ දවසට හමුවුන අය සහ එයාල එක්ක අපි කතාකරපු දේවල්. ආං බලන්න ආං බලන්න එතකොට තේරෙනවා නේද අනුන්ගේ වැඩකට නැති සීනි ගොඩවල් කිරන්න දායක වෙන්නේ අබිලිං දයාවති වගේ චරිත විතරක්ෙ නමෙයි සාමාන්‍ය අපිත් අපේ කතා බස් වලින් වැඩිකොටහක් අනුන්ව ජජ් කරන්න ඒයාලව ඇනලයිස් කරන්න පාවිච්චි කරනවා. 


මේක ටෙලිනාට්ටි සිනමාව වගේ දේවලදිත් තියෙන දෙයක්. අනෙක් මිනිස්සුන් ගැන කතා කිරීම වගේම අනුන්ගේ කතා බස් අනුව මිනිස්සු වෙනස් වීමත් දකින්නට තියෙනවා. ඒත් බටහිර කතා වල එහෙම අනුන් ගැන වොරි වෙවී වාත වෙවී ඉන්න කතා එක්කෝ අඩුයි නැතිනම් අපිට පේනවා අඩුයි. ඉතින් මේ අනුන් ගැන සෙවීමේ තියෙන රුචිය අපේ වැඩිය කියලා ඔයාලට ඒකෙන් පේනවා ඇති. 


අදාල වෙන තැන 


අපි හිතමු අපි බොන කන තැනක් කියලා ඉතින් එතැනදි අපි කතාකරන්නේ අපිලග හිටපු දැන් ඉන්නේ නැති යාලුවාගේ පවුල් හුටපටයක් ගැන. අපි ඥඡාති හම්බුනා කියමු ඒත් ඒ විදිහ. ඇතැම් වැඩිහිටි අය ඕ විදිහට එකම කතාව හත් අට වතාව කීප තැනක කියනවා ඒකෙන් ඒ අය මාර ආතල් එකකුත් ගන්නවා. ඒත් මේ සිරිත හෙනම කාලකන්නි වැඩක්. 


අපිට හැම වෙලාවෙම අයින්ස්ටයින් සාපේක්සතාවාදයේ කියන්නේ මොකද්ද? ඇඩම් ස්මිත්ගේ ආර්ථික විග්‍රහය අදට සාර්ථකද කියලා වැදග්ත ද්වල් හිතන්න ම බැහැ. ඒත් එකම සර්කල් එකක් වටෛ් පවුල් ගස් වටේ, නෑයෝ වටේ ගමේ එකාලගේ කිම්බවල් සහ ලිංග අස්සේ රිංගලා කරන මේ විකාර වැඩේ ගම්වල මහා ජනප්‍රිය විනෝදාංශයක්. ඒත් මේක නවතින පාටකුත් නැහැ මම හිතන විදිහට මේක අඩුවෙන් උපයන දුප්පත් පිරිස් අතරේ වැඩි පුරුද්දක්. වැඩියන් උපයන ඇත්තම සල්ලි කාරයෝ අතරේ අනුන්ගේ සීනි කිරන කතා බහ අනුන් ගැන කරන කතාබහ අඩුයි කියලා තමයි මම දැකලා තියෙන්නේ. 

 

 


Thursday, February 4, 2021

නිදහස් හෑල්ල

 

නිදහස නොලැබුනානම් 

 


නිදහස ලැබිල තියෙද්දි නොලැබුනානම ්කියලා රචනා ලියලා වැඩක් තියෙද? මම හිතන්නේ ඒක තේරුමක් නැහැ නෙව. ඩයිනෝසෝර හිටියනම්, පාස්කු ප්‍රහාරෙ ්ආවෙ නැත්තං වගේ රචනා ලියන්න ලැබෙනවා පොඩි පන්තිවල. ලොකු වුනාට පස්සෙත් එහෙම ලියල වැඩක් නැහැ. අපි වගේ උදවිය නිදහසට හෑලි ලියනවාය. දැන් හෑලි බලන්න ඕනිය කියලා දෝසාරෝපනයක් තිබුනා එෆ් බී එකේ. ඇත්ත නෙ. හෑලි ලියන වෙලාවට ලියන්න ඕනි. නිදහස කියන්නේ හෑලි ලියන්න හොද තැනක්. වැඩේ කියන්නේ අපි නම් ටිකක් හරි තරුණ. සැබෑ නිදහස ලැබිලා නැහැය කියලා රටේ ඉහලම පුටුත් අවුරුදු විස්සක් තිහක් තිස්සේ එකම තැටිය ගයද්දි . ඒක ටිකක් බෝරින් නේද? 


නිදහස නොලැබුනානම් මේක මොකක් වෙයිද කියලා කියන්න අමාරුයි. අපි වටේ තියෙන රටවල් බලමු. තායිලන්තය උන්ට නිදහස ගන්න දෙයක් තිබ්බේ නැහැ. අදත් තියෙන්න් හමුදා පාලනයක් වගේ එකක්. ඉන්නේ රජෙක්. හැබැයි රට අවුලක් නැතුව දුවනවා. බලමු මියන්මාරය. ඒකේ ඉන්න හමුදා නායකයා අජපල් රට ඇතුලේ අභ්‍යන්තර කල කෝලහාලා කැරලි ගොඩයි. දැනටත් එහෙ පස්න. බලමු බංගලිදේශය. ඒ රට නිදහස ලැබුවේ අපිටත් පස්සේ ඒත් දැන් නියම ට්‍රැක් එකකට ඒ රට වැටීගෙන යනවා කියලා කියන්නේ. ඒ විදිහට විවිධ අන්දමේ රටවල් ගත්තාම නිදහස ලැබිලා හෝ නොලැබිලා හෝ රටවල් ඒ දැන ්තියෙන තැන් මාර වෙනස්. එකම ලග තිබුනා කියලා රටවල් නිකං මාර මැක්සා වෙලා නැහැ. 


ඒ වගේම ඉතිහාසේ දි නිදහස පරක්කු වෙලා ලැබුනා හෝ ඒ අදාල කාලේ නොලැබුනා කියලත් එහෙමට ලොකු කික් එකක් නැහැ. අප්‍රිකාවේ මලාවි වගේ එකක් ගත්තොත් බොහොම පහු වෙලා නිදහස  ලැබෙන්නේ. ඒත් වැඩක් වුනාද? නැහැ නෙ. ඔය කියන දේහොදයි බොන වෙලාවක වගේ බයිට් එක නැත්තං කතා කරන්න. නිදහස නොලැබී ගියා නම් විය හැකි දේවල්. ඒත් ඒ වුනත් දහ දෙනෙක් ගත්තොත් එක ග වෙන්න අමාරු එකිනෙක පරස්බර අදහස් ගොඩක් විතරයි. 


ඇත්ත පස්න 

ඇත්තටම ලංකාව රටක් විදිහට එදා නිදහස නොලැබුනා නම් කියලා කතාකරනවාට වඩා රටක් විදිහට අද මූන දෙන මාර පස්න තොගයක් තියෙනවා. ඔයාම හිතලා බලන්න ඔයාට පේන රටේ පස්න. ඔවු මටත් පේනවා පස්න. අපේ රටේ ජාතික දිනය දවසෙත් දැන් මාස ගානක් තිස්සේ රටට එන්න නැතුව දුක් විදින මිනිස්සු ටිකක් පිටරට ඉන්නවා. අපේ රටේම රැකියා අහිමි වෙලා ජීවිතේ හිර වෙච්චි මිනිස්සු ඉන්නවා කොවිඩ් නිසා. රටක් විදිහට ණය බරින් මිරිකිලා.. ඔය විදිහට ඔයාට අදාල වටපිටාව ඔයා දකින්න ආස කරන පැති වලත් පස්න තියෙන්න පුලුවන්. අනූ ගන්න වලදි අපි කප් ගැහු ක්‍රිකට් 2015න් වගේ පස්සේ දැන් පල්ලමටම ගිහින්. අපි පහලම අඩයිකට ඇවිත්. රටක් විදිහට අපිට ජාත්‍යන්තරය කියලා හදුන්වන ක්‍රිකට් රටවල් කීපය අතරෙත් අපි චොර වලා ගියා. 


නිදහස සැමරීම 

දවස් කීපකට කලින් නිදහස් දින රියසල් එක තියෙනවා. ආමි එක නේවි එක එයා පෝස් අය ලෑස්ති වවෙනවා. ඒවා නිකං සම්ප්‍රදායවල් වෙලා. හරියට මහ දේවාලෙක අවුරුද පතා තියෙන දේවාල උත්සව කාලේ වගේ නිදහස් කාලෙට වෙනමම ෆෝමැට් එකක් තියෙනවා. 


මෑතදි ලංකාව සම්බන්ධකම් පටන් ගත් ලිච්ටෙන්ස්ටයින් රට ගනිමු. ඒ රටේ නිදහස් දවසේ රටේ බලය හිමි කුමාරයත් මිනිස්සු එක්ක පෝලිමේ බොහොම සරල පෙලපාලියක් යනවා. ඒ රටේ කොහොමටත් හමුදාවක් කියලා එකක් නැහැ. ඉතින් ඒ රටේ නිදහස් දවසේ රජතුමා පේන මානේ බියරක් ගහන්න මිනිස්සුන්ට පුලුවන්. කුමාරයා එක්ක ටෝක් කරන්නත් පලුවන්. යූ ටියුබර්ලා දෙන්නෙක් යනවා මේ රටට නිදහස් දවසේ. ඒ ගිහින් කුමාරයා හම්බෙලා කතා කරලා ඒ කුමාරයා නිකම් දෙන බියර් සහ කෑම බීමත් විදලා තමයි ඒ අය එන්නේ. ඒ තරමට නිදහස් දිනය කියන එක ඒ රටට නිදහස ලැබෙන දිනයක්. 


අපේ නිදහස් දිනය තාමත් සමරන්නේ සුද්දා එදා නිදහස දීලා ගිය දවසේ ඉදන් පැවත  එන ඒ ෆෝමැට් එකකට. ඇත්ත වෙන චීන ඉන්දියා පකිස්තාන් රටවලුත් එහෙම තමයි. ඒත් හමුදා බලය අතින් මහා විසාල බලයක් නැති දැනට යුද්දෙකුත් නැති අපි තීන්ත ගාපු පරණ ආයුද පෙන්වනවා. ඇදලා පෝලිමට යන හමුදාව පෙන්වනවා. ඇත්තටම මේවා අපිට ආඩම්බරයක් ඇතිකරන දේවල්ද? කොටින්ම නිදහස් දිනය කියන සුද්දා දීපු දේ ආතල් එකේ කාල බීලා ඇත්තටම විනෝද වෙලා ෆන් එකක් ගන්න චාන්ස් අපිට තියේද? කොටින්ම බාරුත් වහලා. සාද නවත්වලා හැම එකම නිවාඩු දීලා මිනිස්සු ගෙදර ඉදන් නිදහස බලනවා. ඕකද ඇත්තටම අපි සමරන්නේ. 


උත්සව කියාල මේ දවස්වල කොවිඩ් නිසා හොදයි . නැතිනම් ස්කෝලේ දරුවන් බඩගිනනේ මහ මග දවස් ගනන් ඒවාට මිලිටරි කාරෛාය් වගේ පුරුදු පුහුනු කරලා. දුර ටවුමකට එක්කරං ඇවිත් ලොකු ජවුසමක් නටනවා. ප්‍රාදේශිය වශයෙන්. එහෙම නැතිව බොහොම සරලව සැහැල්ලුව මේ උත්සව සැමරීම කරන්න පුලුවන් නම් එතකොට අඩේ නිදහස කියනනේ මාර ෆන් වැඩක් නේ කියන එක අපිට හිතට එන්නට ගනීවි. ඇති දේකුත් නැතුව බොරුවට නිදහස් දවසේ තියෙන විච්චූරණ වලිනුත් සෑහෙන පිරිසක් ආතල් එකක් ගන්නවා. ඒත් ඒ දේවල් හරිම ව්‍යාජ මවාපෑම්. පවතින යථාර්ත ලෝකය අමතක කරවන චිත්‍රපටි ඩ්‍රාම වගේ දේවල්. 


නිදහස් බයිලා වලින් දැන් ඔයාලගේ ඔලුව පිරිලා ඇති නේ. ඒ නිසා මේ ඇති.