Thursday, February 4, 2021

නිදහස් හෑල්ල

 

නිදහස නොලැබුනානම් 

 


නිදහස ලැබිල තියෙද්දි නොලැබුනානම ්කියලා රචනා ලියලා වැඩක් තියෙද? මම හිතන්නේ ඒක තේරුමක් නැහැ නෙව. ඩයිනෝසෝර හිටියනම්, පාස්කු ප්‍රහාරෙ ්ආවෙ නැත්තං වගේ රචනා ලියන්න ලැබෙනවා පොඩි පන්තිවල. ලොකු වුනාට පස්සෙත් එහෙම ලියල වැඩක් නැහැ. අපි වගේ උදවිය නිදහසට හෑලි ලියනවාය. දැන් හෑලි බලන්න ඕනිය කියලා දෝසාරෝපනයක් තිබුනා එෆ් බී එකේ. ඇත්ත නෙ. හෑලි ලියන වෙලාවට ලියන්න ඕනි. නිදහස කියන්නේ හෑලි ලියන්න හොද තැනක්. වැඩේ කියන්නේ අපි නම් ටිකක් හරි තරුණ. සැබෑ නිදහස ලැබිලා නැහැය කියලා රටේ ඉහලම පුටුත් අවුරුදු විස්සක් තිහක් තිස්සේ එකම තැටිය ගයද්දි . ඒක ටිකක් බෝරින් නේද? 


නිදහස නොලැබුනානම් මේක මොකක් වෙයිද කියලා කියන්න අමාරුයි. අපි වටේ තියෙන රටවල් බලමු. තායිලන්තය උන්ට නිදහස ගන්න දෙයක් තිබ්බේ නැහැ. අදත් තියෙන්න් හමුදා පාලනයක් වගේ එකක්. ඉන්නේ රජෙක්. හැබැයි රට අවුලක් නැතුව දුවනවා. බලමු මියන්මාරය. ඒකේ ඉන්න හමුදා නායකයා අජපල් රට ඇතුලේ අභ්‍යන්තර කල කෝලහාලා කැරලි ගොඩයි. දැනටත් එහෙ පස්න. බලමු බංගලිදේශය. ඒ රට නිදහස ලැබුවේ අපිටත් පස්සේ ඒත් දැන් නියම ට්‍රැක් එකකට ඒ රට වැටීගෙන යනවා කියලා කියන්නේ. ඒ විදිහට විවිධ අන්දමේ රටවල් ගත්තාම නිදහස ලැබිලා හෝ නොලැබිලා හෝ රටවල් ඒ දැන ්තියෙන තැන් මාර වෙනස්. එකම ලග තිබුනා කියලා රටවල් නිකං මාර මැක්සා වෙලා නැහැ. 


ඒ වගේම ඉතිහාසේ දි නිදහස පරක්කු වෙලා ලැබුනා හෝ ඒ අදාල කාලේ නොලැබුනා කියලත් එහෙමට ලොකු කික් එකක් නැහැ. අප්‍රිකාවේ මලාවි වගේ එකක් ගත්තොත් බොහොම පහු වෙලා නිදහස  ලැබෙන්නේ. ඒත් වැඩක් වුනාද? නැහැ නෙ. ඔය කියන දේහොදයි බොන වෙලාවක වගේ බයිට් එක නැත්තං කතා කරන්න. නිදහස නොලැබී ගියා නම් විය හැකි දේවල්. ඒත් ඒ වුනත් දහ දෙනෙක් ගත්තොත් එක ග වෙන්න අමාරු එකිනෙක පරස්බර අදහස් ගොඩක් විතරයි. 


ඇත්ත පස්න 

ඇත්තටම ලංකාව රටක් විදිහට එදා නිදහස නොලැබුනා නම් කියලා කතාකරනවාට වඩා රටක් විදිහට අද මූන දෙන මාර පස්න තොගයක් තියෙනවා. ඔයාම හිතලා බලන්න ඔයාට පේන රටේ පස්න. ඔවු මටත් පේනවා පස්න. අපේ රටේ ජාතික දිනය දවසෙත් දැන් මාස ගානක් තිස්සේ රටට එන්න නැතුව දුක් විදින මිනිස්සු ටිකක් පිටරට ඉන්නවා. අපේ රටේම රැකියා අහිමි වෙලා ජීවිතේ හිර වෙච්චි මිනිස්සු ඉන්නවා කොවිඩ් නිසා. රටක් විදිහට ණය බරින් මිරිකිලා.. ඔය විදිහට ඔයාට අදාල වටපිටාව ඔයා දකින්න ආස කරන පැති වලත් පස්න තියෙන්න පුලුවන්. අනූ ගන්න වලදි අපි කප් ගැහු ක්‍රිකට් 2015න් වගේ පස්සේ දැන් පල්ලමටම ගිහින්. අපි පහලම අඩයිකට ඇවිත්. රටක් විදිහට අපිට ජාත්‍යන්තරය කියලා හදුන්වන ක්‍රිකට් රටවල් කීපය අතරෙත් අපි චොර වලා ගියා. 


නිදහස සැමරීම 

දවස් කීපකට කලින් නිදහස් දින රියසල් එක තියෙනවා. ආමි එක නේවි එක එයා පෝස් අය ලෑස්ති වවෙනවා. ඒවා නිකං සම්ප්‍රදායවල් වෙලා. හරියට මහ දේවාලෙක අවුරුද පතා තියෙන දේවාල උත්සව කාලේ වගේ නිදහස් කාලෙට වෙනමම ෆෝමැට් එකක් තියෙනවා. 


මෑතදි ලංකාව සම්බන්ධකම් පටන් ගත් ලිච්ටෙන්ස්ටයින් රට ගනිමු. ඒ රටේ නිදහස් දවසේ රටේ බලය හිමි කුමාරයත් මිනිස්සු එක්ක පෝලිමේ බොහොම සරල පෙලපාලියක් යනවා. ඒ රටේ කොහොමටත් හමුදාවක් කියලා එකක් නැහැ. ඉතින් ඒ රටේ නිදහස් දවසේ රජතුමා පේන මානේ බියරක් ගහන්න මිනිස්සුන්ට පුලුවන්. කුමාරයා එක්ක ටෝක් කරන්නත් පලුවන්. යූ ටියුබර්ලා දෙන්නෙක් යනවා මේ රටට නිදහස් දවසේ. ඒ ගිහින් කුමාරයා හම්බෙලා කතා කරලා ඒ කුමාරයා නිකම් දෙන බියර් සහ කෑම බීමත් විදලා තමයි ඒ අය එන්නේ. ඒ තරමට නිදහස් දිනය කියන එක ඒ රටට නිදහස ලැබෙන දිනයක්. 


අපේ නිදහස් දිනය තාමත් සමරන්නේ සුද්දා එදා නිදහස දීලා ගිය දවසේ ඉදන් පැවත  එන ඒ ෆෝමැට් එකකට. ඇත්ත වෙන චීන ඉන්දියා පකිස්තාන් රටවලුත් එහෙම තමයි. ඒත් හමුදා බලය අතින් මහා විසාල බලයක් නැති දැනට යුද්දෙකුත් නැති අපි තීන්ත ගාපු පරණ ආයුද පෙන්වනවා. ඇදලා පෝලිමට යන හමුදාව පෙන්වනවා. ඇත්තටම මේවා අපිට ආඩම්බරයක් ඇතිකරන දේවල්ද? කොටින්ම නිදහස් දිනය කියන සුද්දා දීපු දේ ආතල් එකේ කාල බීලා ඇත්තටම විනෝද වෙලා ෆන් එකක් ගන්න චාන්ස් අපිට තියේද? කොටින්ම බාරුත් වහලා. සාද නවත්වලා හැම එකම නිවාඩු දීලා මිනිස්සු ගෙදර ඉදන් නිදහස බලනවා. ඕකද ඇත්තටම අපි සමරන්නේ. 


උත්සව කියාල මේ දවස්වල කොවිඩ් නිසා හොදයි . නැතිනම් ස්කෝලේ දරුවන් බඩගිනනේ මහ මග දවස් ගනන් ඒවාට මිලිටරි කාරෛාය් වගේ පුරුදු පුහුනු කරලා. දුර ටවුමකට එක්කරං ඇවිත් ලොකු ජවුසමක් නටනවා. ප්‍රාදේශිය වශයෙන්. එහෙම නැතිව බොහොම සරලව සැහැල්ලුව මේ උත්සව සැමරීම කරන්න පුලුවන් නම් එතකොට අඩේ නිදහස කියනනේ මාර ෆන් වැඩක් නේ කියන එක අපිට හිතට එන්නට ගනීවි. ඇති දේකුත් නැතුව බොරුවට නිදහස් දවසේ තියෙන විච්චූරණ වලිනුත් සෑහෙන පිරිසක් ආතල් එකක් ගන්නවා. ඒත් ඒ දේවල් හරිම ව්‍යාජ මවාපෑම්. පවතින යථාර්ත ලෝකය අමතක කරවන චිත්‍රපටි ඩ්‍රාම වගේ දේවල්. 


නිදහස් බයිලා වලින් දැන් ඔයාලගේ ඔලුව පිරිලා ඇති නේ. ඒ නිසා මේ ඇති. 

4 comments:

  1. මේක මහා පුකේ රටක් බං. මේ හුත්තේ ඉපදුනු අපිත් පව් කාරයෝ. වෙන කියන්න දෙයක් නැහැ. නත්තල් දවසට වයින් බෝතලයක් ගන්න තැනක් නැහැ. නිදහස් දවසේ කරන්න තියෙන්නේ ටීවී එකේ හුත්තේ පෙළපාලියක් බලලා බත් ටිකක් ගිලලා බුදිය ගන්න.
    අවුරුද්ද දවසේ මදුවිත ටිකක් ගන්න තැනක් නැහැ.

    හරක් මස් කෑල්ලක් ගන්න වෙලා තියෙන්නේ කුඩු ටිකක් ගන්නවා වගේ හොරෙන්.

    පට්ට සෙක්ස් ඇරියස් එකේ ඉන්න උන්. වැඩක් නෑ කතා කරලා. මේ හුත්තේ රට අපි වගේ නිදහසේ හිතන උන්ට සෙට් වෙන්නේ නෑ අමිල.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් මිනිස්සුත් එතනින් එහා හිතන් නැහැ නෙ. මිනිස්සුන්ට ඕනි මේ තද මිරිකගෙන ඉන්න විදිහ දිගටම තියාගෙන යන්න. ලංකාවේ තියෙන නිවාඩු කැලැන්ඩරෙයි බාර් වහන කැලැන්ඩරෙයි දෙකම එකයි.. නිවාඩු දවසක බොන්න බෝතලේ ගෙනත් බොක්කේ හංගගෙන තියාගන්න ඕනි.

      Delete
  2. උඩින් ඇනෝ කියල තියෙන එකට මාත් එකගයි ...
    ඔසී වගේ පැනගන්න පුළුවන් නම් එල.

    ReplyDelete
    Replies
    1. අපිටත් කියන්නකෝ මල්ලි පනින විදිය.
      උස පැනීමද? දුර පැනීමද? රිටි පැනීමද? ඔය කොයි එකද මල්ලි අපි පුරුදුවෙන්න ඕනේ?

      Delete