Friday, January 29, 2021

එන්නත් බෙදීමේ නාටකය

මොන එන්නතද හොද?

ලංකාවට එන්න නියමිතව දැනට තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා සහ ප්ෆයිසර් එන්නත. ඒත් සයිනොවැක් චීනෙන් එන කතාවකුත් පහුගිය දවසේ ගියා. ඉතින් මේ එන්නත් කීපය ගත්තාම එකඑක ගතිලක්ෂන කතාන්දර ගොඩක් තියෙනවා. මෙයින් අමරිකාවේ සහ ජර්මනියේ හදපු ෆයිසර් සහ මොඩර්නා එන්නත් දෙක එම් ආර් එන් ඒ කියන ආර් එන් ඒ කේත වෙනස්කරලා හදපු අලුත් තාක්ෂනයක් පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඒ එන්නත් රෝගයට සියයට අනූවකට එහා සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. ඒත් ෆයිසර් සහ මොඩර්නා ඒ ඒ රටවලට පවා ගහගන්න අමාරුයි.ෙ මාකදඒ එන්නත ගබඩා කරන්න සහ ප්‍රවාහනය කරන්න සෙල්සියස් අංශක සෘණ විස්සකට වඩා පහල උෂ්නත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සාමාන්‍ය ශීතකරණ වලත් ගබඩා කරන්න පුලුවන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත ජනප්‍රිය වුනා.


මේ එන්නත ඉතින් ටෙස් කරලාද?


මේ කොරෝනා හැදිලා තවම අපිට අවුරුද්දක් විතර වෙන්නේ. එන්නත් ඇවිල්ලා ඒ තරම් වත් කාලයක් නැහැ. මේ එන්නත් දැනට හැදිලා තියෙන එකක්වත් සියලුම අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි සියයට සියයක් හරියටම ටෙස් වෙලා නැහැ. ඒ නිසා විවිධ අසාත්මිකතා එන්නට සුලු අවධානමක් තියනවා. ඇරත් ලෝකේ කොයි බේතක් හැදුවත් සියලු ලෝක සත්වයාටම හරියටම ගැලපෙන්න හදන්න අමාරුයි. ඉතින් ඉතාම කලාතුරකින් කෙනෙක්ට මේ බේත් නිසා අසාත්මිකතා සහ අතුරු ආබාධ එන්නට හැකියාවක් තියෙනවා.


මේ ඔක්ස්ෆ්ර්ඩ් අස්ට්‍රාසෙනකා එන්නතත් අනෙක් එන්නතුත් යම් කිසි අනුමත ක්‍රමවේදයකට තමයි නිපදවන්නේ. මේ එන්නත හොයාගන්නේ එංගලන්තය මූලික පර්යේෂනාගාර වල වුනත් දැනට මේ එන්නත අපිට එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව එහෙම ඖෂධ වර්ග අඩු මිලට තොග වශයෙන් නිපදවන්න නම්දරාපු රටක්. ඔක්ස්ෆර්ඩ් එන්නත විතරක්ෙ නමෙයි වෙනත් එන්නත් සහ බේත් ආදියත් ගොඩක් ඉන්දියාවේ මහා පරිමාණයෙන් නිපදවන්න තමයි කොරෝනා පැතිරෙද්දිම ලෑස්ති වෙලා හිටියේ. මේ කොවිඩ් එන්නත ඉන්දියාවෙන් ආවට මේක ඉන්දියාව හොයගත් එහි වැඩිදියුනු කරපු ඉන්දියින් කෝචචියක් බස් එකක් ත්‍රිවිලර් එකක්, බයික් එකක් වගේ ඉන්දියන් බඩුවක් නෙමෙයි. මේක කෙලින්ම සැකිල්ල සහ සියලු කාරණා වෙන රටක හොයාගෙන මහා පරිමාණයෙන් නිපදවීම විතරක් ඉන්දියාවෙදි අධීකෂණය ඇතුව සිද්ද කෙරෙනවා.

ඇයි මේ දියුනු රටවල් ගොඩ ගහගෙන

මේ එන්නත් වල අවශ්‍යතාව ගොඩක් තියෙන්නේ රෝගේ අම්බානකට පැතිරුණ රටවල. අර කතාවක් තියෙනවා නේ තුවාලේ තියෙන එකාට තමයි වේදනාව වැඩි. ඉතින් මේ එන්නත් නිපදවීමේ වැඩ සටහන් වලින් මුලට ආපු එන්නත් කිහිපයකටම අමරිකාව තමුන්ගේ ඇනවුම් දැම්මා. ඒ අනුව ඇමරිකාවට තමුන්ට අවශය ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර එන්නත් ලැබෙනවා ඒ ඇනවුම් සම්පූර්ණ වුනොත්. එංගලන්තෙත් එහෙම එංගලන්තේ හෙවත් එක්සත් රාජධානිය දැනට මිලියනයකට සිදුවුන කොරෝනා මරණ වැඩිම රටක්. ඒ නිසා එංගලන්තයත් ැවඩිපුර අඇනවුම් කරලා ඒ ඇනවුම් සියල්ල ලැබුනොත් එයාල ලග අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක එන්නත් අතිරික්තයක් ඉතුරු වෙනවා.

කැනඩාවෙත් ඒ විදිහට ඇනවුම් කරපු පස් ගුණයක එන්නත් තියෙනවාලු. ඒ රටවල පැතිරීම වැඩි වීම එක්ක එයාලා එන්නත් වලට කරන ආයෝජන වැඩි කලා. එන්නත් හොයාගැනීම් දිරිමත් කරන්න ඇනවුම් කලා. ඉතින්මේ එන්නත් වල සාර්ථකත්වයක් ගැන වැඩිමනක් තොරතුරු නැති කාලෙක ඒ මුදල් විද්‍යාඥයින්ට පර්යේෂණ කටයුතු කරන්නට සහාය වුනා. දැන් ඒ ඇතැම් එන්නත් අසාර්ථක වෙලා. ඒත් අර සාර්ථක එන්නත් වලින් ලැබෙන එන්නත් ඇනවුම් ප්‍රමාණත් මේ රටවලට අතිරික්තයක් වෙනවා. එතකොට අපේ ලංකාව වගේ හිගන රටවලට මේ එන්නත් ලැබේවිය කියලා තමයි ලෝකයේ දුප්පත් රටවල අනුන්ගේ කාලා පුරුදු රටවල් සෙට් එක දත නියවාගෙන ඉන්නේ.

මිනිස්සු ගහගන්න යයිද ඕක?

මේක විශේෂ තත්වයක්. අපිවත් හරියට නොදන්නා කාලේ ගලපටලය, කක්කල්කැස්ස, රුමේනියාව වගේ රෝග වලට අපිට එන්නත් විදිනවා. එතකොට සමාජ සම්මතයක් විදිහට පොඩි උන්ට එන්නත් දීම අනිවාරයෙන් සිද්ද වෙනවා. ඉන් පස්සේ බල්ලෙක් කෑවම ජලභීතිකා එන්නතතත් තව යකඩ ඇණ අදිය ඇනුනම පිටගැස්ම එන්නතත් විදිනවා. තවත් අපි ඉස්පිරිතාල ගත වෙලා බේත් ගනිද්දි එක එක එන්නත් විදිනවා. ඒ පසුකාලීනව අපිට හමුවෙන එන්නත් බොහොමයක් යම් සිදුවීමක් ලෙඩක් හා සම්බන්ධයි. ඒත් මේ එන්නත වෙනස්.

මෙතනදි එන්නත විදින්නේ බොහෝවිට වරක් වත් කොරෝනා වැලදුනේ නැති ඒත් අවධානම තියෙන පිරිසකට. සරලව හිතුවොත් අපේ ගෙදර ඉන්න සීයා ආච්චි අම්මා තාත්තා අපිට මේ එන්නත විදින්න කිසි ගේමක් නැතිව ඉස්පරිතාලෙට ගෙනියන්න පුලුවන්ද? ඔවු කියලා කියන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට මේ වයසක උදවිය ඔය බම්බුව ගැහුවට ප්සසේ නැති ලෙඩත් හැදෙයිද දන් නැහැ කියලා එන්නත ගන්නට නොය ඉන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් වැඩේ බඩු සවුත්තු වෙනවා.



හැමෝම එන්නත් වෙන්න ඕනිද?

මේ කොරෝනා වල විශේෂත්වය තමයි නාකි අයට ටිකැට් එක ඇදෙනවා වැඩියි. එතකොට නාකි අය බේරාගන්න එයාලට මුලින්ම එන්නත දෙන්න වනෙවා. ඒ වගේම අපේ ලංකාවේ මරණ ගත්තා වුනත් වෙනත් නිධන්ගත නිව්මෝනියා, කැස්ස, හෘද රෝග දියවැඩියා වගේ රෝග දැනටම තියෙන අයට මේ කෝවඩි් තත්වය වැඩි වෙනවා. ඒ නිසා ඒ විදිහට ැවඩිපුර සෞඛ්‍යුමය අවධානම තියෙන අයට මූලිකත්වය දෙන්නට වෙනවා. ඊට අමතරව වෘත්තිය විදිහට සෞඛ්‍ය අංශයේ අයට එන්නත දෙන්නම වෙනවා. මොකද එයාල කෙලින් කටින් හිටියොත් තමයි අනික් අයටත් දෙයියන්ගේ පිහිටෙන් ඉස්පිරිතාලගත වෙන්නට ලැබෙන්නේ. ඊයේ පෙරයිදා ගුරුවරුත් ඉල්ලලා තිබුනා. ඒත් මම හිතන්නේ ගුරුවරු කියන්නේ ඕඩර් එක පන්නලා දෙන්න ඕනි පිරිසක් නෙමෙයි. ගුරුවරුන්ගෙත් වැඩිහිටි අවධානම ැවඩි ගුරුවරුන්ට සාමාන්‍ය ක්‍රමය යටතේ මුලින්ම එන්නත් ලැබේවි.

කොහොම වුනත් අපි හිතමු මේ සරලව අපේ කොන්ඩේ තියෙන අයට බෝවෙන ලෙඩක් තිබුනා කියලා. එතකොට තට්ටයින්ට කොන්ඩ ලෙඩේ හැදෙන් නැහැ. ඉතින් තට්ටයෝ වැඩිවන තරමට කොන්ඩෙ ලෙඩේ හැදීම අඩු වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නැති වෙන් නැහැ. ඒ වගේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් කෝවිඩ් නැති වෙන්න නම් අවධානම තියෙන අය වැඩි වශයෙන් එන්නත් කරනයට ලක් වෙන්නට ඕනි. එතකොට අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා මාමලා බාප්පලා ගැන අවධානම අඩු වෙද්දි අපිට වෙනදා වගේම අපේ වැඩකටයුතු ටික කරගන යන්නත් පුලුවන් වේවි. ඉතින් සමාජයෙන් හොදටම ප්‍රතිශක්තිය එන්න පහලම ඉන්න අවරුදු විස්සේ හොද නිරෝගි සෙට් එකට එන්නත එන්න නම් තව මාස ගානක් යයි. ඒත් අවධානම තියෙන අය ටික හරි අපිට මාස දෙක තුනකින් කවර් කරගන්න හැකි වුනොත් ඒක ලොකු ජයග්‍රහනයක් වෙනවා.

අභියෝග ජය ගමු

මීට වසරකට පෙර මේ කාලය සැලකුවොත් මේ කාලේ අපේ නිවුස ්ටීම් කොරෝනා හැදෙන ගෙවල් අස්සට රිංගලා ඒ මිනිස්සුන්ගේ ආත්මය හූරගෙන කෑවා. ඒ ලෙඩ්ඩු නිකං තමුන් වැරදි කරලා ලෙඩේ හදාගෙන වගේ මවා පෑවා. දැන් පාර්ලිමේන්තුවේ අයට හැදුනාම ඒ අයගේ ගෙවල් වල වැරදි කරන හැටි. එයාල පරිස්සම් නොවන හැටි නම් ඒ හැටි වා්ර් තා වෙන්නේ නැහැ. මේ විදිහට අපේ වානර මාධ්‍ය නඩය හොරු අල්ලන්න වගේ එන්නත විදගන්න යන් නැති උදවිය හොයාගෙන ගිහින් ඩෙගා නටන්න ගත්තෙතා් මිනිස්සු කොහොමත් එන්නත විදගන්න නැතුව හැංගෙයි.

මට මිතුරකු කිව්ව විදිහට ඔස්ත්‍රේලියා අගමැති ගරු මොරිසන් මහතා නම් ඒ රටේ ජනතාව එන්නත ගැන බයවෙයිය කියලා එන්නත ගැන තියෙන බය නැති කරන්න වෙනමම ප්‍රචාරක වැඩිපිලිවෙලකට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රචාරක වැඩ හරහා මිනිස්සු එන්නත විදගන්න ආකර්ශනය වේවිය කියලා ඒ මහත්තැන් හිතනවා ඇති. අපි ඉතින් වලේ වැටුනම වැඩේ ගැන බලන නිසා මුලින්ම එන්නත විදගන්නට එන්න කියලා ආවේ නැති වුනාම ඒ මිනිස්සුන්ට පස් පඩංගුවේ බැනලා ෆක් කරලා ඉවර වෙලා අවසානෙට බලාවි ප්‍රචාරක වැඩ පිලිවෙල ගැන.

අපිත් ගන්න ඕනිද?

අපි එන්නත ගත යුතුයි කියලා තියෙන සෙට් එකට අයිති කාලේ වේදිද අපි හැමෝම එන්නත ගන්න ඕනි. එතකොට තමයි සියලු දෙනාට මේ ලෙඩෙන් ඉක්මන්ට ගැලවෙන්නට පුලුවන් වෙන්නේ. ඉතින් මේ එන්නත ඉන්දියාවේ ජරාවක්ය, කියන පදනමක් නැති කතාවට නම් අහු වෙන්න හොද නැහැ.

ස්පුට්නික් සහ සයිනෝවැක්

මේ එන්නත් දෙකේම පොඩි කොස්සක් තියෙනවා. සාර්ථකයි කියලා විශ්වාස කලත් ඒ සදහා අවශ්‍ය කරන දත්ත වල අඩු පාඩු තියෙනව කියලා තමයි බටහිර රටවල් කිය්නනේ. චීන එන්නතේ සාර්ථකත්වය සියයට පනහක් කියලත් වාර්තා වෙනවා. මේ එන්නත් වල අතුරු ආබාධ වැඩියි කියලත් චෝදනාවක් තියෙනවා. චීනය මේ එන්නත් ලක්ෂ තුනක් දීලා එයින් යම් පිරිසකට හෝ සුලු අසාත්මික තා ඇති වුනත් චීනය වගේ සියලු දේ වහපු රටකදි වගේ අපේ ලේසි වෙන්නෙ ්නැහැ ඒවා සගවන්න. ඉතින් ඒ මගින් එන්නත් කරන වැඩපිලිවෙල දුර්වලෙ වනවා.

එන්නත් ඡීනයෙන් දෙනවා කිව්වත් එව්වා ගන්නවාද? අරගෙන කාට දෙනවාද? කියලා හරි යමන් අදහසක් නැහැ. ඉතින් ඒ එන්නත් ලැබුනත් අපිට ඒවා ගැන විශ්වාසය තබා කොරෝනා අවධානම වෙනුවෙන් යම් කිසි සුලු කැපකිරීමක් කරන්නට වේවි.ෙ ම් එන්නත් දෙකේම සුලු සුලු අඩුපාඩු තිබුනත් ඒවා මගින් යම් පමණක කොරෝනා රෝගයට ප්‍රතිරෝධයක් නිර්මාණ්‍ය කරනවා කියන එකනම් සර්වලෝක සත්‍යයක්. 


2 comments:

  1. හොඳ, කාලීන ලිපියක්.

    ReplyDelete
  2. අමිල මේ ලිපිය ලිය ඇත්තේ විපක්ෂ දේශපාලන කෝණයකින් බව පේනවා. ඒ උනත් වත්මන් රජය පැවති රජයට වඩා සාපේක්ෂව මේ රෝගී තත්වය පාලනයේදී ඉදිරියෙන් ඉන්නවා කියන එක පිළිගන්න ඕනා දෙයක්.

    අනික තමයි එන්නත ලබා ගැනීම අනිවාර්යය නැහැ ලංකාවේ. කැමති අයට ලබාගන්නේ නැතුව ඉන්නට පුළුවන්. රජයේ බලපෑමක් නැහැ ඒකට. ඒ වගේම තමයි ඉන්දීය එන්නතේ අතුරු ආබධ තිබුනොත් ඒවා ලංකා රජය භාර ගන්නවා. ඒ ගැන බිය වන්නට අවශ්‍ය නැහැ ඒ නිසා.

    රංග තේනුවර

    ReplyDelete