අබරයියාගේ ලොකු කොලුවා යුද්දෙට බැදිලා
කාටත් නොකියා කොළමින් කසාද බැදලා
මනමාලි කැරොල් කරත්තයක් කියාලා
මුන් උඩපැන පැන හිනාවෙනවා ලිද ලග කියලා..
ඔය විදිහට ගමේ ඕපදූප කතාකරන ෆ්ලැට්ෆෝම් එදා තිබුනා. ඒත් පස්සේ කාලේක දැන් වෙද්දි ඒවා වෙනස් වෙලා. දැන් ඉතින් ගමටත් වස්සැප් ඉමෝ මැසේජ් කොල් වලින් තමයි තොරතුරු එන්නේ. ඒ තොරතුරු හරිද වැරදිද කොහොමද කියනවාට වඩා මේ තොරතුරු සෙවීම සහ එයට වැයකරන කාලය ශ්‍රමය සහ පදාසය ගැන පොඩියක් අදහස් දක්කන්නයි මට හිතුනේ.
අපි සුද්දගෙන් ගත්තෙ නාගත්ත දේ
මෙතන සුද්දා කියන්නේ පොදු සුද්දා. සමහර වෙලාව ගෙම් ගදර බල්ලටත් සුද්දා කලුවා කියලා තියෙනවා. මේ ඌ නම් නෙමෙයි මේ සුද්දා අර රට ඉන්න එකා. සුද්දා ගේ සිරිත තමයි වැඩ ිකරීම. සුද්දාලා මේ රටට ආවේ බොහෝම ටිකයි. උන් කරපු වැඩ විදිහට තේ හිටවීම,ෙ පාල් හිටවීම, පාරව්ල හැදීම, කෝච්චි පාරවල් හැදීඹ වගේ ම නීති රීති සැකසීම, සිවිල් ආයතන පද්ධතිය ඇතිකිරීම වගේ කාරනා ගොඩක් තියෙනවා. හරි හරි උන් සුරාකන්න තමයි හැදුවේ. ඒත් ඒ බැලුවාම පේන එක දෙයක් තමයි සූරා කෑම පවා මහා වේගයකින් දඩි බිඩි ගාලා කරන්න උන්ට පුලුවන් වුනා. අද අපි හයිවේ එකක් නුවරට එනකල් අවුරුදු දහයක් විතර දත නියවන් ඉන්නවා. බාගෙදා සුද්දාගේ කෝච්චි පාරත් මීට කලින් කොළඹ ඉදලා නුවරට යන්නට ඇති.
ඉතින් මේ සුද්දාගේ මම පුද්ගලිකව දැකපු එක දෙයක් තමයි එයාල අපි හොයන පවුල් කේලම් අනුන් ගැන අසල්වාසින් ගැන දක්වන ආකල්ප කෑල්ල වෙනස්. කතාවකට ගියත් පොදු දෙයක් මිසක අල්ලපු ගෙදර එකාට ඉන්න ගෑනු ගාන. ඌගේ තියෙන පොන්න ගති ආදිය මාතෘකා වෙන්නේ අඩුවෙන්. සුද්දෝ ඇවිල්ල නියම වැදගත් දේවල් ම තෙපලන සුපිරි ජාතියක්ෙ නමෙයි. උන් අපිට සාපේක්ෂව ඕප දූප දොඩනවා අඩුයි කියලා තමයි මට නිරීක්ෂණය වෙලා තියෙන්නේ.
ඕපදූප නිසා
ඕපදූප කිව්වම ගොඩක් අයට මතක් වෙනනේ අබිලින්. එහෙම නැතිනම් ඒ වේග කතාවක චිත්‍රපටියක එන චරිතයක්. ඒක පැත්තකින් තියමු අපි දැන් කල්පනා කරමු අපිට අද හෝ ඊයේ දවසට හමුවුන අය සහ එයාල එක්ක අපි කතාකරපු දේවල්. ආං බලන්න ආං බලන්න එතකොට තේරෙනවා නේද අනුන්ගේ වැඩකට නැති සීනි ගොඩවල් කිරන්න දායක වෙන්නේ අබිලිං දයාවති වගේ චරිත විතරක්ෙ නමෙයි සාමාන්‍ය අපිත් අපේ කතා බස් වලින් වැඩිකොටහක් අනුන්ව ජජ් කරන්න ඒයාලව ඇනලයිස් කරන්න පාවිච්චි කරනවා.
මේක ටෙලිනාට්ටි සිනමාව වගේ දේවලදිත් තියෙන දෙයක්. අනෙක් මිනිස්සුන් ගැන කතා කිරීම වගේම අනුන්ගේ කතා බස් අනුව මිනිස්සු වෙනස් වීමත් දකින්නට තියෙනවා. ඒත් බටහිර කතා වල එහෙම අනුන් ගැන වොරි වෙවී වාත වෙවී ඉන්න කතා එක්කෝ අඩුයි නැතිනම් අපිට පේනවා අඩුයි. ඉතින් මේ අනුන් ගැන සෙවීමේ තියෙන රුචිය අපේ වැඩිය කියලා ඔයාලට ඒකෙන් පේනවා ඇති.
අදාල වෙන තැන
අපි හිතමු අපි බොන කන තැනක් කියලා ඉතින් එතැනදි අපි කතාකරන්නේ අපිලග හිටපු දැන් ඉන්නේ නැති යාලුවාගේ පවුල් හුටපටයක් ගැන. අපි ඥඡාති හම්බුනා කියමු ඒත් ඒ විදිහ. ඇතැම් වැඩිහිටි අය ඕ විදිහට එකම කතාව හත් අට වතාව කීප තැනක කියනවා ඒකෙන් ඒ අය මාර ආතල් එකකුත් ගන්නවා. ඒත් මේ සිරිත හෙනම කාලකන්නි වැඩක්.
අපිට හැම වෙලාවෙම අයින්ස්ටයින් සාපේක්සතාවාදයේ කියන්නේ මොකද්ද? ඇඩම් ස්මිත්ගේ ආර්ථික විග්‍රහය අදට සාර්ථකද කියලා වැදග්ත ද්වල් හිතන්න ම බැහැ. ඒත් එකම සර්කල් එකක් වටෛ් පවුල් ගස් වටේ, නෑයෝ වටේ ගමේ එකාලගේ කිම්බවල් සහ ලිංග අස්සේ රිංගලා කරන මේ විකාර වැඩේ ගම්වල මහා ජනප්‍රිය විනෝදාංශයක්. ඒත් මේක නවතින පාටකුත් නැහැ මම හිතන විදිහට මේක අඩුවෙන් උපයන දුප්පත් පිරිස් අතරේ වැඩි පුරුද්දක්. වැඩියන් උපයන ඇත්තම සල්ලි කාරයෝ අතරේ අනුන්ගේ සීනි කිරන කතා බහ අනුන් ගැන කරන කතාබහ අඩුයි කියලා තමයි මම දැකලා තියෙන්නේ.
++++
ReplyDelete