Wednesday, February 15, 2023

ලාබෙට කරන පිංකම් සහ සංවිධානාත්මක පින්කම්



 

නිවාඩු දවසක කරවල කටු ටිකක් දාල බත් ඒකක් උයාගන්නවා. ඉන් පස්සේ කපුටු කාක් කාක් කියාගෙන යනවා. බල්ලෝ ඉදි කියල සැක කරන තැන්වල සහ බල්ලො ඉන්න තැන්වල කැන්ද කොල පත්තර කොල සහ වෙනයම් කොලයක් දාල බත් දාගෙන යනවා. ඉතින් සමහර වෙලාවට නිවාඩු දවසට ඔය ආතල් ඒක ගන් කැමති ටිම් දෙක තුනක් ඒනවා. ඒතකොට ඒ් අදාල පාරේ තැන් තැන්වල බත් ගොඩවල් පිරෙනවා. බල්ලො නැහැ කපුටො නැහැ කියල අපේ අදවිය ආතල් ඒක මග ඇරගන‌ේන් නැහැ. ඒ් නිසා බත් ගොඩවල් තැන් ැන් වල විසිරෙනවා. ඉතින් ඒ් කාලේ වැහි කාලයක් වුනොත් බත් උඩින් වැස්ස වැටිලා චොර වෙලා ගලාගෙිහින් ඒකම චොර විකාරයක් වෙනවා.


ඊට අමතරව ඉතින් බල්ලෝ මිනිස්සු වගේ කන්නේ නැහැ නෙව. උන් ටිකක් කනවා දොර වහනවා ආයේ වෙන ඒකකට යනවා නැත්නම් මාලු කටු කරවල කටු තෝරගෙන කනවා. ඒතනින් උන්ගේ ආතල් ඒක ඉවරයි. හැබැයි ඔයා බල්ලෙකුට දහ වතාවක් කෑම දාලා 11 වෙනි වතාවේ පිගානක් අරගෙන ආවත් ඌ නැට්ට වනනවා බත් ඇටයක් කල්පෙකට දැක්කේනැහැ වගේ. ඒ්ක තමයි බලු ගතිය ඒ්ක අපිලට වෙනස් කරන්න බැහැ නෙව.


ඔ්ක කොහොමද සංවිධානාත්මකව පිලිවෙලට කරන්නේ කියන ඒක ඒ් වචන ටිකවත් අපේ හාන්නැහේලට තේරුමක් නැහැ. අපේ රට විතරක් නෙමෙයි විදි බලු කරදරය තියෙන්නේ. ඒතකොට ඒ් බලු ලෝලි අය කරන්න‌ෙ බල්ලෝ පාරේ ඉන්න අය වෙනම තැන්වලට ගෙනිහින් කන්න බොන්න දිලා නඩත්තු කරන ඒක. අපෙ ්ඉතින් ඒ්කත් ආන්ඩුවට පලාත් පාලන ආයතන වලට දාලා තව අමතර බරක් ඒකතු කරන්න තමයි අපේ බලු ලෝලීන් කැමති. ඒ් කියන්නේ පාරේ ඉන්න බල්ලෝ නඩත්තු කරන්න ඔ්නි ආන්ඩුව නැත්නම් පලාත් පාලන ආයතන.


ඉතින් බලු හිතවතුන්ට ඒචච්ර කැක්කමක් තියෙනවා නම් මහලු නිවාස ලමා නිවාස වගේ බලු නිවාස හදාගෙන ඒ්වායෙ ්ගාල් කරගෙන ක්‍රමවත්ව මේ වැඩේ කරන්න පුලුවන්. ඔ්ක විතරක් නෙමෙයි අපේ ඉතින් ක්ෂනික මෝචන පිං ආතල් ගොඩක් තියෙනවා. කෝච්චියට ගොඩ වෙන ඔ්නිම‌ෙ බාරු කාරයෙක්ට අත පිරෙන්න සල්ලි ගන්න පුලුව්න හොද කරුණාබර හදවතක් තියෙන මිනිස්සු මෙහෙ ඉන්නවා. කෝච්චියේ යන ඒකෙක්ට රුපයිල් සියක් දුන්නහම වටේ උන් බලනවා. ලකුනු ලැබෙනවා හිතටත් සනීපයි. ඒ්ත් ඔ්ක පිලිවෙලට කරන්න දායක වෙනඒක අමාරුයි..


උදාහරණ විදිහට මහලු නිවාසයක් ළමා නිවාසයක් අනාථ නිවාසයක් සංවිධානය වෙලා හදලා ඒ්වට දාන මාන දීලා ආධාර උපකාර කරන ඒක ලේසි වැඩක් නමෙයි. ඉතින් මිනිස්සු අර ලේසියෙන් කරන පිංකම් සහ දෙන කියන වැඩ වලට කැමතියි. ඒ් කරලා ඔන්න ඒ්වැයෙ වැරැද්දක් කිව්වොත් දෙන‌ේනත් නැහැ දෙන අයටත් ගරහනවා කියල කෑ ගහනවා.


ලංකාවේ මිනිස්සු හිතන් ඉන්න‌ෙ ්පාර කියන්නේ බල්ලගේ ටොයිලට් ඒක කියලා. පාරේ පෝස්ටර ගහන්න පුලුවන්. බල්ලන්ට කෑම දානන් පුලුවන්. ඔ්න විදිහක කෑ ගහගෙන හූ කියාගෙන‌ෙ පෙරහැර යන්න පුලුවන්.ඒ්ත් පාර කියන්නේ ඒහෙම වල්බූරු නිදහසක් තියෙන තැනක් නෙමෙයි. ඒ් මාර්ගය භාවිතා කරන අයගේ සුවපහසුව කියල දයෙකුත් තියෙනවා. ඒ්ක ආරක්ෂා කරන්නත් පාරේ වැඩ දාන බත් දාන අය වගබලාගන්න ඔ්නි.


පාරේ ඉන්න බල්ලො කියන්නේ ලංකාවට පස්නයක්. ලංකාවේ ඔ්නිම නගරයක ගමක රෑට වැදගත් ගමනක් මනුස්සයෙක්ට පයින් යන්න නැහැ ැමේ බලු හැත්ත නිසා. ඒ් වගේම පාරේ සිදුවෙන රිය අනතුරු ආදියටත් මේ බලු සතුන් වැඩි දායකත්වයක් දක්වනවා. ඔ්නවට වඩා වැඩි ඒක අපේ හැමදේකම තියෙනවා. බල්ලොත් ඒහෙම. බලු හිතවාදීන්ට නඩත්තු කරන්න පුලුවන් බල්ලෝ ටිකතියාගෙන ඉතුරු ටිකට ශෝට් ඒක දෙන්න ්නි. ඒ්ත් දැන් කාලේ ඒ්ක කරන්න ආමරු. ඒහෙම නම් කට්ටිය සංවිධානය වෙලා බල්ලන්ට මොකක්ද කරන්න ඔ්නි කියල කතා කරන්න ඇක්ෂන් ගන්න ඔ්නි.


නිවාඩු දවසට බත් ඒකක් උයාගෙන ඒ්ක හල හල ගියා කියල බල්ලන්ටවත් මිනිස්සුන්ටවත් ඇති සෙතක් නැහැ. ඔය බල්ලො නැට්ට වන වන ආවට ගොඩක් බල්ලන්ට කෑම බීම නිතර ලැබෙනවා.

11 comments:

  1. බල්ලෝ අල්ලාගෙන ගිහින් මරන එක සිදු වුනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ ලංකාවේ ක්‍රියාත්මක වූ ජලභීතිකා රෝග මර්දන ව්‍යාපෘතියක කොටසක් ලෙසයි. මේ ව්‍යාපෘතියේ බල්ලන් ඉලක්ක කළ ක්‍රියාමාර්ග තුනක් තිබුණා. ජලභීතිකා රෝගයට එරෙහිව බල්ලන් එන්නත් කිරීම, බල්ලන් වඳ කර බලු උපත් පාලනය කිරීම හා දඩාවතේ යන බල්ලන් ඉහත කී ආකාරයෙන් මරා දැමීම මේ කොටස් තුනයි. ඊට අමතරව බල්ලන් විසින් සපා කනු ලබන මිනිසුන්ට ජලභීතිකා රෝග තත්ත්වය ඇති වීමට පෙර ඔවුන්ව එන්නත් කිරීමද සිදු වුනා.

    ව්‍යාපෘතිය ආරම්භ වී තිබෙන්නේ 1975 වසරේදී. එහෙත් ව්‍යාපෘතියේ මූලික වැඩ නිම වී බලු වෑන් ක්‍රමය හරියටම ක්‍රියාත්මක වුනේ 1977 වසරේදී පමණ වෙද්දී වෙන්න ඇති. මේ විදිහට බල්ලන් මැරීමෙන් බලු ගහණය අඩු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයන වලින්ම පෙනී යාමෙන් පසුව 2005දී ලංකාවේ දඩාවතේ යන බල්ලන් මරන එක නැවතුනා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර සතියකට හමාරකට සැරයක් බලු වෑන් එක ඇවිත් පාරේ ඉන්න බල්ලෝ කුදලන් ගිහින් ඉන්ජෙක්ශන් එකක්ද කොහෙද ගහලා මරලා දානවා. ැඑ කාලේ ඇත්තටම පාරේ එහෙම බල්ලෝ හිටියේ නෑ. මට හිතෙන්නේ ලෝසෞසංවිධනයේ ඇජෙන්ඩා එක චේන්ජ් වෙන්න ඇති, නැත්නම් මරන්න මරන්න බල්ලො අඩු නොවෙන්න හේතුවක් නෑ.

      Delete
    2. බලු වෑන් එක ආවේ බල්ලෝ අල්ලන්නයි. ගම වටා හෙමිහිට කැරකෙන බලු වෑන් එක පාරේ දඩාවතේ යන බල්ලෙක් දැක්කහම පැත්තකට කරලා නවත්තනවා. ඊට පස්සේ බලු වෑන් එකේ සහායකයා වාහනෙන් බැහැලා බල්ලාව අල්ලගන්න ඇමක් විදිහට මස් කටුවක් වීසි කරනවා. මස් කට්ට කන්න එන බල්ලාව තොන්ඩුවක් විසි කරලා අල්ල ගන්න බලු වෑන් එකේ සහායකයා බල්ලාව වෑන් එකට දාගන්නවා.

      මේ වෑන් එක එහි පිටුපස මුළුමනින්ම ආවරණය කර තිබුණු ටිකක් අමුතු වෑන් එකක්. වෑන් එකට දමා ගන්න බල්ලන්ගේ ඉරණම ගැන අපි දැන ගෙන හිටියේ එක එක්කෙනා කියපු දේවල් විතරයි. මම අහල තිබුණු විදිහට බල්ලෝ යම් කිසි ප්‍රමාණයක් එකතු කර ගත්තට පස්සේ වාහනයේ ස්විච් එකක් ඔබලා ගෑස් එකක් යවලා බල්ලන්ව මරනවා. ඔය කතාවේ ඇත්ත නැත්ත තවමත් දන්නේ නැතත්, බල්ලන්ව අල්ලාගෙන ගියේ මරන්න කියන එක අපට ඒ දවස් වල ඉතාම පැහැදිලියි.

      දඩාවතේ යන බල්ලෝ කියා කිවුවත් ඔය ගොඩක් බල්ලන්ට නිල හෝ නිල නොවන අයිතිකාරයෝ හිටියා. ගෙවල් වල බල්ලෝ පූසෝ හදන එක ඒ දවස් වල සාමාන්‍ය දෙයක්. ඔය සත්තු හිටියේ කූඩු වල නෙමෙයි. ඒ වගේම බල්ලන්ට දම්වැල් දාලා බැඳලා තිබුණෙත් නැහැ. උන් හිතේ හැටියට පාරේ තොටේ රස්තියාදු ගහනවා. නැත්නම් පැත්තක ඇණ බාගෙන ඉන්නවා. කෑම දෙන වෙලාවටනම් කොහේ හිටියත් එන්න ඉවක් මේ සත්තුන්ට තිබුණා.

      හැබැයි මේ බල්ලන්ට එන්නත් කර තිබුණේ නැහැ. කර පටි දමා තිබුණේ නැහැ. බල්ලන්ට වුවත් තිබුණේ ගෙදර අනෙකුත් සාමාජිකයන්ට තියෙනවා වගේ තැනක්. ඔවුන් ගෙදරම සාමාජිකයෝ මිසක් ගෙදර සාමාජිකයින්ට "අයිති" සත්තු වුනේ නැහැ. කැමතිනම් ගෙදර සිටීමේ හෝ කැමතිනම් දඩාවතේ යාමේ නිදහස ඔවුන්ට තිබුණා.

      ඒත් බලු වෑන් එකටනම් මේ බල්ලෝ දඩාවතේ යන බල්ලෝ. එසේ නොවුනේ කර පටියක් පැළඳ සිටි බල්ලන් පමණයි. නමුත් බල්ලෙක්ට කර පටියක් තිබුනේ කලාතුරකින්. ඒ නිසා, බලු වෑන් එක එද්දී පාරේ හිටියා කියන්නේ අනිවාර්යයෙන්ම බඩු ෂුවර්! බලු වෑන් එක එන ආරංචියට බල්ලන්ටත් වඩා කලබල වෙන්නේ බල්ලන්ගේ අයිතිකාරයෝ. අයිතිකාරයෝ කියා කිවුවත් බල්ලන්ගේ ගෙවල් වල සාමාජිකයෝ.

      බලු වෑන් එක එන ආරංචිය ගම පුරා පැතිරෙන්නේ බලු වෑන් එකේ වේගයට වඩා ගොඩක් වැඩි වේගයකින්. ඊට පස්සේ ඉතිං ගෙදර බල්ලෝ ටික ඉන්න තැන් හොයන්න ගම පුරා දුවන්න ඕනෑ. උන්ව ගෙදර ගෙනහල්ලා වෑන් එක යනකම් පරිස්සම් කර ගන්න ඕනෑ. හරියටම මෙයින් දශකයකට පස්සේ ජවිපෙ තර්ජන වලට ලක් වූ අය ජවිපෙ අලුගෝසුවන්ගෙනුත්, එයින් පසුව ජවිපෙ සාමාජිකයින්ව හා එසේ සැක කරනු ලැබ සිටි අය නිල හා නිල නොවන හමුදා වල අලුගෝසුවන්ගෙනුත් ආරක්ෂා කර ගන්න ඔවුන්ගේ පවුල් වල අය මහන්සි වුන විදිහටම තමයි.

      Delete
  2. මට පේන්න බැරි උන් දෙජාතියක්.. පර බල්ලොයි.. හිඟන්නොයි. :)

    ReplyDelete
    Replies
    1. ඇයි දෙමල්ලු.

      Delete
    2. ඇයි ගුවංහමුදා කප්පිත්තෝ

      Delete
  3. මචන් බලු වැඩ කරන්නේ නැතුව අර පටන් ගත්තු කතාව ලියලා ඉවර කරපන්. මොනව වෙලාද මන්ද මුට....

    ReplyDelete
  4. මේ බ්ලොගයේ පළ කළ මුල්ම සටහනත් බල්ලෙකුගේ පුකේ තෙල් ගෑම ගැන නේද?

    ReplyDelete
  5. ඔය ක්ෂණික මෝචන වෙන්නාහෙ පහළ වෙන සත්ත කරුණාව පොටෝ ගන්නයි ආතල් ගන්නයි අන්තිමට බොන්නයි විතරයි. කොල්ලන්ට මිස බල්ලන්ට ඇති සෙතක් නෑ

    ReplyDelete
  6. පුසී රයිට් සංගීත කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හොර පුසී

    ReplyDelete
  7. ගූ කන හැත්ත

    ReplyDelete