බඩේ අමාරුව
ත්‍රීකුණාමලය බීච් එකට ඇවිත් මගේ බැංකු කාඩ් නැතිවෙච්ච කේස් එක ගැන බැංකුවට දැනුම් දෙන්න කතා කලා. ඒ එක්ක බඩ ගොර ගොර ගාන්න වුනා. අර පයිනස් ගස් තියෙන හරියේ පාරෙන් එහා පැත්තේ තියෙනවා කෝනේෂ්වරම් දේවාලේ හෙඩ් ඔෆිස වගේ එකක්. ඒ ළගමතියෙනවා දේවාලෙන්ම කරන වැසිකිලියක්. ම්මට මරු තැන. මම කලිනුත් එතන රීල තියෙනවා. ඉතින් ඒක ඇතුලට යන්න ඕනි කකුල් හෝදගෙන. පුදුම නීති තමයි කකුල් හෝදලා රුපියල් පනහක් දීලා ගිහින් වාඩිවුනා කොමඩ් එකේ.. බර බර ගාල ගියා. හම්මෝ උඩ බඩ යටි බඩ මැද බඩ තිවුන ඔක්කොම හෝදගෙන ගියා.
මෝරු කිරි කඩේ
වෙලාව වැඩියි. කාඩ් එක නැතිවෙලා බැංකවට කම්පෙලෙන් කරලා ක්‍රෙඩිට් කාඩ් එක කැන්සල් කලා. ඒත් පස්සේ දැක්කේ බැංකු කාඩ් එක මිසින්. ඒකෙන් තමයි හොරා පේමන්ට් එක කරන්න ට්‍රයි කරන්න ඇත්තේ. මගේ ෆෝනමට ආවා මැසේජක් මෙන්න පේමන්ට් එකක් කරන්න ඕනි ඒකට ඕ ටී පී එක කියල. ඒ ගමන කලබල වෙල මුලින්ම ක්‍රෙඩිට් කාඩම කැන්ස කල. ඉන් පස්සේ අනෙක් කාඩ් එකත් කැන්සල් කරලා මේ මොන වින්නැහියක්ද කියල කල්පනා කරන ගමන් ටවුන් එක දිහාට එන්න ගත්තා බීච් එක පැත්තේ ඉදන්.
ඒ එද්දි තිෙයනවා නගර සබාව සහ ඒ එක්කම පොඩි ළමා උද්‍යානයක්. ඒ ළග තියෙ කඩයක්. කඩේ හිටියා කෙල්ලො දෙකක්. බෝඩ් එකේ තිබුනා බටර් මිල්ක් තියෙනවා කියලා. මට ඒ වෙලාවෙත් ටිකක් බඩ අමාරුව තිබුනා. මම ඇහුවා බටර් මිලක් හොදයිද බඩේ අමාරුවට කියලා. ටිකක් වයස වැඩි කලු ඒත් ලස්සන එකී. ඔදයි ඔදයි කිව්වා. මමත් ඉතින් බටර් මිල්ක් ඉල්ලුවා. ආවා. වාඩිවෙලා ඒක බොන ගමන් මේ දවස්වල හරියට වැස්ස නේ කියල කෙල්ලො දෙන්න කතාවට අල්ලගන්න ගියා. ම්හු..නෝ රිප්ලයි. උන්ට සිංහල කදුලක්වත් බෑ. මම අහපු බඩේ අමාරු කතාවටත් ඔහෙ ඔලුව වනන ගමන් ඔදයි කියන්න ඇති..
කොහොම හරි බටර් මිල්ක් කියල කියන්නේ මෝරු කිරි වලට. ඒවා ලුණු ළූණු සහ හීනියට කපාපු අමුමිරිස් දාල හදල දෙනවා. වරදක් නෑ. සුපිරිම කියන්න්නත් බෑ. ඒ වටේ ගහල ආවා මුලින්ම ආපු ත්‍රිකුණාමල බස් නැවතුම්පොලට.
අනිල් අයියා
අනිල් අයියා හම්බුනේ කෝච්චියෙදි. සෙනසුරාදා දවසම වැස්ස. බෝඩිමේ ඉදලා එපා වෙලා. අනික මගේ ඇස් කේස් එකක් එනවා. නිතර ෆෝන් බලනකොට ඒ නිසා මම කෝච්චියට ගොඩ වුනා. මේ දවස්වල උතුරු පාර හදන නිසා යාල්දේවිය මහවින් හරවලා යනවා ත්‍රිකුණාමලේ. කට්ටිය නෑ. ඉතින් ඔය ගමනෙදි මගදි හම්බුනා ලොකේශන් ඩිටෙක්ටර් නාකියෙක්.
දන්නැද්ද ඉතින් නාකි හම්බුන ගමන් කොහෙද අහනවා. එයාගේ ඥාති කවුරුහරි ගැන අහනවා. වැඩකරන තැන අහනවා. ඔහොම ලග ඉන්න බුවාගෙනුත් නාකියා විස්තර ඇහුවා. ලග හිටියේ අනිල් අයියා ැවඩ සංස්කෘතික අරමුදලේ. කෝනේෂ්වරම් දේවාලේ කිට්ටුව කොටුවේ තමයි ඔෆිස් තියෙනවා කිව්වේ.
පසසේ කිව්ව විදිහට අනිල් අයියා වැපිරුවා වැහි බීරානිය තියෙද්දිම සෙනසුරාදා. රෑ මහ හයියෙන් වැස්සා. අර වපුරපු ළුී ටිකට මොකක් වුනාද දන් නෑ. කුඹුරු පලාතෙවත් නොගිය අනිල් අයියා උදේම කෝච්චිය නැගලා වැඩට යන්න පිටත් වුනා. පහුවෙන්දා සදුදා එදා ඉරිදා ඒ වුනත් ඉතින් වැඩි ලේසියට කෝච්චියෙන් ගමනට සෙට් වුනා. ඒ අනිල් අයියා තමයි මට හමුවුනේ.
ත්‍රින්කො බැසීම
ට්‍රින්කො වල කෝච්චි ස්ටේශන් එකේ ඉදලා බස් ස්ටෑන්ඩ් එකට දුරයි. දැන් පයින් එනවා. අනිල් අයියයි මමයි. මගදි සුද්දො ඩබලකුත් ආවා. හප්පේ උන්ට දෙන වදේ. ත්‍රිවිල් කාරායෝ වඩාගෙන ය්නන හදනවා. ඒ අස්ස් නිලාවැලි පැතතේ වෙලෙන්දෙක් උන්ව නිලාවැලි එක්කගෙන යන්න හදනවා. සාමාන්‍ය වැසියෙක් විදිහට හරිම අපුලයි ඒ සුද්දන්ට දෙන වදේ නම්.
අපි බස් නැවතුම්පොලට ආවා. අර කරවල කඩ තියෙන බීච් එකට සහ ොකා්නේශ්වරම් යන පාරේ තියෙනවා කෙළවරම බස් නැවතුම්පොලට කිට්ටුව බත් කඩයක්. එදා ලයිට් නෑ. කලුවරේම වගේ බෙදාගෙන කෑවා. කෑම ටික නම් ඒ හැටි වරදක් නැහැ. ඒත් එතනින් තමයි මම හිතන්නේ බඩ අමාරුවට පටන් ගත්තේ.
කොනේෂ්වරම්
මම කෑම කඩයක් හොයන්න කිලින් අනිල් අයියා නම්බර් එක දීලා මිසින් වුනා. ඉන් පස්සේ ගොඩ වුනා කන්න කඩේකට. ඒක ත්‍රින්කො වල කෝනේෂ්වරම් යන පාරේ කරවල කඩ පේලියට කලින් තියෙන සිංහල කඩේ. කෑම නම් පංකාදුයි. මම යනකොට කඩේට ලයිට් නැහැ. ඒ නිසා කලුවරේ ඉදගෙන තමයි කන්න වුනේ. කලුවරේ කෑම අමාරුවක් නැහැ. එලෝලු පේන්නේ නැති ටික විතරයි නෙ. කට පේන් නැහැ කියල අවුලක් නැහැ.
ඒ කාල කරල වැඩිය ගිමන් අරිනන් හිටියේ නෑ. කෑම නම් ටිකක් මිල වැඩියි. මාලු කෑම එකටම පන්සියක් ගත්තා. පෙලක් දා ඒක බෆේ නිසා වෙන්න ඇති. මම ඉතින් පයින්ම කෝනේෂ්වරම් යන්න ගත්තා කෑම කඩේ ගාව ඉදලා. ඒ යනකොට මගදි මුවො හිටියා. ෂැහ්. මුවො බලු වෙලා. වෙන ටවුන් වල බල්ලො ඉන්නවා වගේ ත්‍රිකුණාමලයේ මුවො ඉන්නවා. මොන රෙද්දකට ඉන්න වසංගතයක්ද මන්දා. මම හිතන්නේ උන් ඉන්න ඇත්තේ ඒ කාලේ මසට .. කොටුවේ කොටු වෙලා හිටියොත් මරාගන්න කියල මුවෝ ඇතිකරන්න ඇති කොටුව තිබුන කාලේ.
ගමන
ඒ කරලා ඉතින් හෙමි හෙමින් කොටු දොරෙන් ඇතුල් වෙලා ඇතුලට ගියා. මේෙ කාටු දෙොෙරන් කිහිප වතාවක් කලින් ඇතුලට ගිහින් තියෙනවා.