Monday, December 2, 2024

කඩාවැටුන යුවතිය

33

හීන් හිරිපොද වැස්ස එක්ක අපි බැංකොක් වල හොස්ටල් එකට ගොඩ වුනා. හොස්ටල් එකක තියෙන සෙපරේට් කාමරයක් අපි අරං තිබුනේ. ඒත් බාත්රූම් එහම කොමන් ඒවා තමයි පාවිචච් කරන්න වුනෙ. අපි රෑ බෝවෙල ගිය නිසා වැඩි සද්ද බද්දයක් නැතුව සෝදාගන්න වැඩකටයුතු කලා.


රෑ වෙලා 12ත් පහුවෙලා. ඒ ළගම නයිට් ක්ලබ් ආදී විනෝදකටයුතු තියෙනවා කියල මිතුරා කතාකලා යන්න. මමත් හා කිව්වා. ඒ යන්න පටන් ගත් තැනම ලාවට වගේ වහින්න ගත්තා. කිලෝමීටරයක් විතර ගියාට පස්සේ ඔන්න තැන් තැන්වල බඩු අකුලනවා. නයිට් කෑම කඩ ස්ට්‍රිට් මාකට් අකුලනවා. ඒවා අස්සනේ යනකොට බිල්ඩින් අස්සේ තියෙන විවිධ ක්ලබ් වල කැරෝකේ වල මරගන රැගුම් පේනවා.

කහපාට සුදුපාට ජංගි කෑලි බ්‍රා කෑලි ඇදගත් තායි යුවතියෝ අපිලටත් කතා කරනවා. හතරපෝයට සිල් ගන්න අප ඒ කෙලෙස් දෙස නොබලා ඉස්සරහට යනවා. පිම්පියෝ අපි ඉන්දියන් කියල හිතාගෙන නමස්තේ බ්‍රො. ඩු යූ වෝන්ට් සම් ෆන්. කියල උන්ගේ බඩු විස්තර පටන් ගන්නවා. අපිටත් කොහේ යනවාද මොනා ගන්නවද කියල හරිහමන් අදහසක් තිබුන් නෑ. ඔහේ ඇවිදගෙන ගියා.


වැස්ස වැඩි වුනා. ඒ ගමන රිංගුවා සෙවන් ඉලවනමක් ඇතුලට. රිංගලා ඒකෙන් ගත්තා බර්ගර්. අරගෙන රත් කරලා කෑවා. ඒක අස්සෙම කෝපි එකකුත් හදාගෙන එලියට ඇවිත් පඩිපෙලේ වාඩිෙවලා කන්න බොන්න ගත්තා. එතකොට වැස්ස ටිකක් තුරල් වෙලා..

ඒ එද්දි මෙන්න තියෙනවා කෑම කඩ. අපි හිතුවේ රෑ 1ට විතර වහල ඇති කියල. වහමින් තිබුනේ ඒත් ඇරපු ඒවා දෙක තුනකුත් තිබුනා. ඒරියල් එක නම් සුකුම්විට් හරිය.

මේ තායි වීදි වල බහින බඩු මම දැනගෙන හිටිය විදිහට මිල අධිකයි. බාත් දෙතුන් දාහක් ලංකාවේ සල්ලි අනුව රු විසි තිස් දාහක් ගැලවෙනවා ඒ එකකට ඇනගන්න ගියොත්. ඒ තිබුන කැරෝකේ සහ බාර් වල බීමත් ඒ වගේ. සැරට පර්ස් එකට දැනෙනවා. ලෝබකමම නෙමෙයි. ඒ මට්ටමට උපයන වියදම් කරන්න පුලුවන් අයට ඒ විනෝද කටයුතු හොදයි. අපි ඕව අස්සට රිංගලා බිල බල බල හැමදේම ඕඩර් කරලා හමෝ සල්ලි කියල හිතින් අඩ අඩ බීලා ෆන් අරගෙන වැඩක් නෑ. බහිනවා නම් නයිට් එකට පනහක් වුනත් කමක් නැ කියල තමයි බහින්න ඕනා.
 

ලාඕස් වල ගිය බාර් දෙකේම ප්‍රයිස් ලංකාවේ ගම්වල බාර් වලටත් වඩා මිල අඩුයි. එහේ ඉතින් වෙනත් විනෝදත් ගනන් අඩුයි නේ. එතොකට ඉතින් කිසි අවුලක් නෑ බැහැලා විනෝද වෙන්න පුලුවන්. ඒත් බැංකොක් හැම දෙයක්ම මිඩ් ආතල් රේන්ජ් එක අපිලට ටිකක් විතර මිල වැඩියි

කඩාවැටුන යුවතිය

අපි එනකොට ආයෙම වැස්ස වැඩි කලා. ඒ වෙද්දි බාර් කැරෝකේ ආදියත් වහමින් යන වෙලාව එකත් පහු වෙලා. කෑලි නම් ඉතින් බලද්දි ආස හිතෙනවා. ඒත් ලේඩි බොයිස්ලා නම් අපි දිහා බලලා ඉගි කරනකොට නිකං මොකද්ද වගේ අමුත්තක් දැනෙනවා. ඉතින් ඒ එක තැනක කඩ පිලක අපි වැස්සට ඉන්නවා. දැන් එතනටම ආවා තව තායි චීන පෙනුම තියෙන ජෝඩු දෙකක්. ඇවිත් විනාඩියක් ගියෙ නෑ එතන හිටිය මහත කෙල්ල දොන්ත පතං ගාල බිම පතබෑවුනා. ඒකිට පොඩ්ඩක් වැඩියි. කොල්ලො දෙන්නත් හිටිය නිසා අපි වැඩිය ඇගිලි දාන්න ගියේ නෑ. අපි දිහා බලලත් කෙල්ල සොරි කියල වෙරිමතින් කිව්වා. පෙනුන විදිහට කරමුලටම බීලා. අපි එතන ඉදන් ඇප් ටැක්සියක් ගහගෙන නවාතැනට ආවා.

ලංකාවට බැනීම

මම එහෙට ගියාට පස්සේ දැක්ක දෙයක් තමයි කියලා එහෙ ගියාම දකින දකින හැමදේම ලංකාව එක්ක කම්පෙයා කරලා බනින එකත් එක්තරා ආතල් වැඩක්. අපේ ආගමික පොත පත වල තියෙනවා නන්ද කුමාරයා වගේ හයික්ලාස් පොරක් බුදුහාමුදුරුවෝ ආගමික නායකයකුගේ පස්සෙන් වැටිල යද්දිත් පුරගනක් එයාට කතා කරනවා. තායිවලත් එහම අපි වගේ ඉන්දියන් පෙනුම තියෙන අයට වගේම නාකි සුදු ජෙන්ටා මොඩල් වලටත් ඒ අභිසාරිකාවන් බැල්ම දානවා පිම්පියො කෑලි සෙට් කරන්න යනවා. ඒක එලෙස තමයි. #amila2r

Sunday, December 1, 2024

ප්ලෑන වෙනස් වුනා

32

ලාඕ පැත්තේ ස්පීඩ් ට්‍රේුන් එක තිබුන නම් පැය දෙකට යන ගමන ඒක නැතිවුන නිසා පැය 16ක් විතර ඇදුනා. ඒ එක්ක අපේ පිරිස පොඩ්ඩක් අන්කම්ෆටබල් වුනා. මේ උදොන් තානි කොන්කේන් ආදි ඉසාන් පලාතේත් ලස්සන සංචාරක ස්ථාන තියෙනවා. විසේසයෙන් කියන්ටෝන ඩයිනෝසෝර ඇටසැකිලි හොයාගත් තැන් තියෙනවා කොන්කේන් වල. මට ආසාවක් තිබුනා ඒ තැන් බලන්න. ඒ වගේම කොන්කේන් සූ එකත් දැක්ක විදිහට හැපනින් තැනක්. සහ ආපිට එනකොට හමුවෙනවා නකොන් රත්සිමා නැතිනම් කොරාට් කියල තායි ඉන්ඩස්ට්‍රියල් සිටි එකක්. සැලකිය යුතු අඩුමිලට හෝටල් නයිට්ක්ලබ් ආදියත් එහෙ තියෙන බවත් මම මාක් කරගෙන හිටියා. ඒත් අපේ මිතුරන් කිව්වේ අපි දන්න කියන බැංකොක් එකටම යමු ආයේ මෙහෙ තැන් තැන්වල නවතින්න ඕන නැහැය කියල. මම තනියෙන් ගිය සවාරි වල නම් ඕන ඕන තැන්වල නැවතිලා කිසිම සංචාරක ස්ථානයක් නොබලා රෙස්ටෙකේ ඔහේ ගතකරපු දවසුත් තිබුනා. ඒත් මෙව්වැ එහෙම බෑ අපි කාන්ඩේ තිරණය ගැන හිතන්න එපැ. අනික බැංකොක් කියන්නෙත් හැපනින් තැනක් නෙව. ඒ නිසා ඔන්න බැංකොක් වලට එන්න පිටත් වුනා.

තායි බස් සේවාව

තායිවල බස් කොම්පනි කිපයක් තියෙනවා. උදොන් වල නම් නකොන් චායි එයා කියන ප්‍රයිවෙට් කම්පැනි එකට වෙනම බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඒ නකොන්චායි එයා බස් ටිකක් විතර මිල වැඩියි. අනෙක ගමන ලං වෙද්දි සිටුත් බුක්වෙල ඉවර වෙනවා. මොකද ඒ බස් අලුත් සහ ගමන සනිපයි. අපි ඉතින් පරණ තාලේ තායි සීටී බී බස් එකකට ගොඩ වුනා. සීටිබී කියල නැහැ ඒ බස් ඒුසී සහ තට්ටු දෙක.

තායි බස් කතාව

තායි බස් දුවන්නේ ගෑස් වලින්. පිටිපස්සේ තියෙනවා විසාල ගෑස් එන්ජිමක්. ඒකෙන් ඉලෙක්ටික් කරන්ටම හදලා ඒ හරහා බස් එක දුවනව කියල තමයි අපෙ ේයාලුවෝ කිව්වේ. තායි රටට අයිති ගල්ෆ් මූදේ තියෙනවා ගැස්. ඒ නිසා තායි රටේ ගෑස් බයික්. ගෑස් ත්‍රිවිල් වගේම ගෑස් වලින් දුවන බරවාහනත් බොහොම සුලබ දර්ශනයක්. ගෑෂ් අඩු වුනාට පස්සේ පෙට්‍රල් ගහනවා වගේ ගෑස් තියෙන ස්ටේශන් වලට ගිහින් ගැස් ගහගන්නවා.

හැපනින් නැති ගමන

තායි රට දියුනුයි. මිනිස්සු වඩාත් නිවුන ගති පැවතුම් තියෙන අය. පැය තුනක් හතරක් ගියා. මට දැන් චූ බරයි. ම්හු. බස් එක නවත්තන පාටක් නැහැ. ඔන්න පැය හයක් විතර ගිහින් තමයි බස් එක නැවැත්තුවේ. ඒ ගිහින් චූ දාන තැනට ගිහින් සිප් එක ඇරල බිජු වහන්සේ එලියට දාල සිරව තිබූ චූ ටික දානකොට නිර්වාණෙට ගියා වගේ සනීපයක් දැනෙන්න ගත්තා. ලාඕ බස් එකේ වගේ මිනිස්සු එකිනෙකා කතාකරන්නේ හෝ බස් එක හිටපු ගමන් නවත්තගන්නේ එහෙම නැහැ. මිනිස්සු කේක් ගෙඩි ටික වගේ වාඩිවෙල කන්වල ඇබ ගහගෙන තම තමන්ගේ වැඩ කරගෙන යනවා. අපි ඉතින් ඇරියේ නෑ, ලාංකික සක්කිලි ගතියට සද්දෙන් යාලුවො එක්ක කතාබහ කරමින් එහෙම ආවා. පුදුමේ කියන්නේ පැය හයක් විතර ගියත් ඒ බස් එකේ ගිය තායි එකෙක්ටවත් චූ බරක් හැදුනෙත් නැ.

තඩි ට්‍රැෆික් එක

අපි ඉතින් කොන්කේන් ආදි සිටි පහුකරගෙන කොරාට් පහුකරගෙන බැංකොක් කරා ආවා. ඒ එද්දි කිලෝමිටර් තිහක විතර තඩි ට්‍රැෆික් එකකට සෙට් වුනා. අපි ගිය කාලේ ඒ තායි ලාඕස් දෙපලාතටම තඩි කුණාටු වැසි තත්වයක් තිබුනා. ඒ එක්ක පාරක් හදන තැනක වැඩ අල වෙලා තමයි ඒ විදිහට පැය දෙකක් තුනක් විතර තඩි ට්‍රැෙෆික් එකක ඉන්න වුනේ.

කෑම නැවතුම

ලංකාවේ බස් නවත්තනවා වගේ හුජ්ජ ගද දසත පැතිරෙන මැස්සො ඇහිරෙන කෑම තියෙන තැන්වල ලාඕස් වලවත් බස් නැවැත්තුවේ නෑ. තායි වල නැවැත්තුවේ නිකං වෙනමම වයිබ් එකක් තියෙන පොශ්මය කඩමණ්ඩියක් වගේ තැනක. මිනිස්සුන්ට තමුන් කන බොන කෝපි කඩය, කෑම කඩය සුපර්මාර්කට් එක සිලෙක්ට්ු කරගන්න පුලුවන්. ඒ තැන්වල වැසිකිලි පහසුකම් ආදියත් ගුවන්තොටුපලක වගේ බොහොම කදිමෙට තියෙනවා. සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු ඔන්න සුද්දෝ මිලියන බාගයක් ආවා ආදි දේ ගැන නිතර නිවුස් යනවා ලංකාව. ඒත් ලංකාවේ වැසිකිලි පහසුකම් ආදිය වැඩිදියුනු කරන එක නම් අපිලැ රට එහෙමට තදින් සලකා බලලා නෑ. ඒත් තායි රටේ ලාඕස රටේ එහෙම පොදුවේ වැසිකිලි පිරිසිදුයි. පිලිවෙලයි.

ආ කියන්න අමතක වුනා. මේ වෙද්දි අපි අර ඉමිග්‍රේෂන් එකේ වෙච්ච නාට්ටිය නිසා බැංකොක් වලටත් හොටල බුක් කරල ඉවරයි. ඉතින් ඒ හොටල් චාජස් ගැනත් පොඩි සැලකීමක් තිබුනා අපි බැංකොක් වලට එන්න. ඉතින් අපි හිතුවට වැඩිය රෑ වුනා. හැන්දැවේ හත විතර වෙද්දි බැංකොක් බහින්න තිබුන එක ලොකු ට්‍රැෆික් සින් එක නිසා රෑ 11 විතර වෙද්දි බැංකොක් වලින් බැස්සා. බැංකොක් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් හැමදාම වැඩිදියුනු වෙනවා. 2017 එක්ක බැලුවාම බැංකොක් වල අලුත් නවින කෝච්චි ස්ටේශන් එකක් තියෙනවා. ඒ වගේම අලුත් මෝ චිට් 2 කියල බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඉතින් අපි පුරුදු විදිහට කැබ් එකක් ගහගෙන හොස්ටල් එකට ගියා.