Thursday, December 5, 2024

කෝ සාන් පාර

35


මම දෙගමනක් කලින් බැංකොක් ඇවිත් තිබුනාට කෝ සාන් පාරට ගිහින් තිබුනේ නෑ. ඒක විනෝද කටයුතු වලට එන අයත් බැක්පැකින් අයත් අතර ජනප්‍රිය වීදියක්. මත් පැන් බොන තැන් තියෙනවා. ක්ලබ් තියනවා. නටන යුවතියෝ ඉන්නවා. එක එක ජාතියේ වැඩිහිටි ශෝ ආදිය තියෙනවා. කෑම ජාති තියෙනවා. කක්කුට්ටෝ ගෝන්ස්සෝ වගේ කෑම තියෙනවා. ඒ අස්සේ සාමාන්‍ය වීදි වෙලන්දෝ ඉන්නවා. අපිත් ගිහින් තැනකට සෙට් වෙලා මත් පැන් පානය කරා.

බියර් දෙකක් ගත්තම එකක් දෙනවා හෝ ඒ වගේ ඔෆර් එකක් තිබුනා අපිත් ගත්තා බියර් අරගෙන බිබී ඉන්නකොට එතනට තව අය ආවා. ඒ ඇවිත් එතැන වාඩිවෙලා කකා බිබී ඉන්නවා. සංගීත කාරයෙකුත් හිටියා. ඔහොම ඉද්දි එකපාර පතබෑවුන් නැතෑ වැස්සක් . ලස්සන රශියන් යුනිට් දෙකක් අපි හිටිය හට් එකට එන්න හැදුවා. අපිත් අනේ හා ගාගෙන හිටියා. ඒත් එයාල අපි හිටිය එකට ආවේ නෑ. වෙන තැනකට සෙට් වුනා.
වේටර් හිටිය ගෑල්ලමයා නම් කණ්නාඩි දාන බොහොම කඩිසර ඩෙනිමක් ටී එකක් ගහල හිටිය ටොම්බෝයි මොඩල් එකක්. එයාගේ ඇක්ෂන් මරු. මුලින්ම අයිස් එපා කියල ටිකකින් අපිලට තේරුනා බියර් වල අයිස් බහිනවා නේ තියෙද්දි ඒ ගමන ආයේම අයිස් බකට් එකක් ඕඩර් කලා. ඒ ගමන එයා ඇවිත් " ඇයි වදේ මම කලින් කිව්වේ අයිස් ගන්න කියල" වගේ කෑල්ලක් කියාගෙන ගිහින් අයිස් ගෙනත් දුන්නා.

මියන්මාර් ඩබල
තව කෙල්ලො දෙන්නෙක් හිටියා ඒ දෙන්නා මියන්මාර්. එහෙ මහ යුද්දයක්. ඒත් මිලියන පනහක් වෙන මියන්මාර් ජනගහනයෙන් වෙඩිල්ලක් දකින්නේ බොහොම සුලු පිරිසක් වෙන්න ඇති නේ. ඒ කෙල්ලො දෙන්න පෙනුමෙනුත් මියන්මාර් පෙනුම ඒ දෙන්නගෙන් කෙනෙක්ට ටිකක් වැඩිවෙලා එයා දැපලා හිටියා මෙසේ උඩ ඔලුව තියාන. අනෙක් එක නම් පන් එකේ හිටියා විඩක් පෝන් එක ඔබනවා විඩක් වටපිට බලනවා. බෑන්ඩ් එක කියන සිංදුව කියවා හරි හුරතල්.. මියන්මාරුත් යන්න ඕන රටක් කියල එවෙලේ අදහසක් ආවා.

අවසාන දවස
ඊලග දවසේ අපි MBK Center ගියා. ඒක බැංකොක් වුනාට අමු ඉන්දියාවක් වගේ. සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ලැප්ටොප් වගෙ ඒව තමයි තියෙනනේ. යක්ස ගනන්. ඊට වඩා අඩුවට බ්‍රෑන්නිව් ගන්නත් පුලුවන් ඔරිජිනල් ස්ටෝ වලින්. ඉන් පස්සේ ඒ යාබද මෝල් දෙකකටත් ගියා. සමහර ඒවා නම් අමු පොශ් ඒවා. තායි රටේත් හොදම සල්ලි කාරයෝ විතරක් වගේ යන ඒවා. හැබැයි ඉතින් එව්වගේ බඩු හොදයි. කොලිටියි. අර ඉන්දියන් එම් බී කේ එකේ වගේ වහන්තරා නැහැ.

ටොපි චොකලට් සහ බඩු

ඇදුම් පැලදුම් ආදිය මුලින් මුලින් රට ගමන් වලදි තොග ගනනන් ගෙනාවා. ගිය පාර තායි ගමනෙදි සෙරප්පු සපත්තු විතරක් කුට්ටං දොලහක් විතර ගෙනාවා. ඒත් කාලෙත් එක්ක මට තේරුනා බැංකොක් ක්වාලලම්පුර් වගේ සිටි එකක ලාබෙට හොදම බඩු තියෙන තැන් හොයාගන්න අපිට බැහැ. අපි ඔය කොහෙහරි තැනකට අහුවෙලා ගන්නවට වඩා හොද බඩු මම හොදටම දන්න පිටකොටුවෙන් ගන්න පුලුවන් අවශය කොලිටියට. අනෙක සපත්තු එහෙම පරණ ඒවා සේල්වලින් බොහොම අඩුවට තිබුනත් අරගෙන තේරුමක් නැහැ. ඊයේ පෙරේදා පෙටා ගිය වෙලාවේ මට හිතුනේ ඊලග පාර ොකහෙ හරි රට ගියොත් ඩොලර් සීයක් වියදම් කරලා තුන්වෙන හරස්වීදියෙන් තොග මිලට රෙදි ටිකක් ගෙදර අයට ගන්න එක ලාබයි රට රට වලින් නොදන්නා අරුමෝසන් ගේනවට වඩා..

අපි එයාපෝට් එකට ඇවිත් ලංකාවට ආවා. ලොකු දෙයක් වුනේ නෑ. හයිලයිට් වෙන්න තරම් දෙයක්. අපේ ගමන සැලසුම් කරල තිබුනට වඩා පොඩ්ඩක් විර දිග වුනා ඩාං ඩූං වුනා. ඒත් ඒ ඔක්කොම අපේ අත්දැකීම් කියන එකට එකතු වුනා. තායිලන්තය වීසා ෆ්‍රී වීම අපිට ලැබුන හොදම චාන්ස් එකක්. ඒ නිසාමදෝ මේ දවස්වල එයාඒසියා කොළඹ බැංකොක් ෆ්ලයිට් එකක් ටිකක් ගනන්.

ඉතින් ආයෙත් ගමනක් ගිහින් ඇවිත් මේ වගේ දිග විස්තරය්ක දාන්නන්. එතෙක් මේක කියවපු කිහිප දෙනාට බොහොම ස්තූතියි. #amila2r




 

6 comments:

  1. බොහෝම ස්තූතියි.
    අැවිදපු , ලබාගත් අත්දැකීමි වලින් අපව දැනුවත් හා රසවත් කලාට.
    මම කියවන පෝස්ට් අතරින් හොයල ඉස්සෙල්ලාම කියවපු පෝස්ට් එක මේ පෝස්ට් එක.
    මියන්මාර් ට්‍රිප් එකත් ඉක්මනටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. ලිපි පෙළ මා කියවනවා. මෙම පින්තුර ආදාල තැන් වල පොස්ට් කරන්න පුළුවන් නං අගෙයි.

    ඒ කියන්නේ අදාල විස්තරය සමග එහි පින්තුරය. වෙනම පින්තුර දැම්මට අපිට අදහසක් එනවට වඩා අර විදියට දැම්මම හොදයි.

    ඔබට නං ඒක කරදර ඇති හැබැයි.

    ස්තුතියි සංචාරක සටහනට.

    ReplyDelete
  3. Aththatama mama meeka mula idanma kiyewwa,
    supiri.aapahu liyamu ikmanatama.

    ReplyDelete
  4. කිසු ගේ රස බලන්න තිබ්බා නං

    ReplyDelete
  5. ලිපි පෙළ අවසන් කියලා දැන ගත්තම පුංචි දුකකුත් නාවාම නොවෙයි

    ReplyDelete
  6. ලෝටස් අජ්ජා පල් හොරා

    ReplyDelete