Tuesday, July 22, 2025

අප ඉගනීමට දිරිමත් කල තාත්තාගේ පතෝල මැස්ස



අපෙ ්තාත්තා මැහි කාරයෙක්. එලෝලු විදිහට තාත්තා ගොඩක් ෆේවරිට් වුනේ මැහි ගහන ජොබ් වලට. කරිවිල පතෝල වැටකොළු ඒ අතර මූලික තැනක් ගත්තා. 


අපිත් මැහි වැඩට අහුවෙනවා ස්කෝලේ නැති දවස්වලට ක්ලාස් නැති දවස්වලට. ඒ කාලේ අපේ ඥාතින් අපිට නිතර සිහිපත කරල දෙනවා. අපිත් ඉගෙනගත්තේ නැතොත් මැහි කාරයො තමයි කියන එක. මැහි කාරයෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. 


මම නම් කවදාවත් පතෝල කඩල නෑ. අපි සට් වෙන්නේ පතෝල කැඩුවට පස්සේ අරං යන වැඩේට. මැස්ස පාත් වෙනවා පතෝල හැදෙනකොට. උදේ පාන්දර සීතලේ කඩපු පතෝල වීල්බැෙරා් එකක පටවල අදින්න ඕනා. වැහි කාලෙට වීල් බැරෝ එක එරෙනවා. මැස්ස නිසා හරියට කොන්ද කෙලින් කරගන්න හැටියක් නෑ. කොන්ද නමාගෙන බැද්ද අස්සෙන් එරෙමින් පතෝල අදිනකොට ඒක සුන්දර වැඩක් නෙමෙයි. 


අපේ අයියා ඒ කාලේ ආදරය කලා. ඒ ලියුම් වල තිබුනා මතකයි " බබා ඔයා අදත් පතෝල ඇද්දදද. මගේ සුදු මහත්තයගේ අත් වල පතෝල කිරිත් ඇති නේද? " ආදී වශයෙන් ආදර සටහන්. අපෙන් එහෙම අහන්න කවුරුත් හිටියේ නෑ. ඒත් පතෝල කිරි නන් අපේ අත් වලත් ගෑ වෙනවා. 


වැටකොලු වල වෙනම එක්ස්පීරියන්ස් එකක්. හරියට තද කලොත් වැටකොලු දාරෙකට පුලුවන් අපේ අතකට පයකට හොද තුවාලයක් කරන්න. ඇරත් වැටකොලු පතෝල වලට වඩා බරයි. ඒකත් මැස්ස අස්සේ තියෙන ගොඩවල් ගෙනත් එකතු කරන්න ඕනි. 


එකතු කරලා මිශන් එක නවතින්නේ නෑ. පතෝල වැටකොලු තෝරනවා. තෝරලා හොද ඒවා උඩටත් තද ඒවා යටටත් තියෙන විදිහට අසුරනවා. අසුරන්න පතෝල වලට වෙනම අච්චුවක් වගේ තියෙනවා. කණු හතරක් තියෙනවා චූටි. ඒ කණු හතර අස්සට පෝර උර කෑල්ලක් හරි ඉස්සර නම් පොල් අතු කෑලි දෙකක් හරි තියලා අපි පතෝල වැටකොලු මිටි වලට දානවා. ඉන් පස්සේ හිර කරලා බදිනවා. වැටකොලු නම් වෙන විදිහටත් පැක් කරනවා. පැක කිරිල්ලත් ලේසි නෑ. කිලෝ හතලිහ විතර පැක් වලට පැක් කරලා ඒවා ටැක්ටරේ පටවලා පාරට ගෙනියනවා. 


සමහර දවසට රෑ වෙනකල් ලොරි එනකල් බලා ඉන්නත් වෙනවා පාර අයිනට වෙලා. ලොරියේ උඩම කෑල්ලට පතෝල වැටකොලු පටවන්න සෙට් වුනොත් එතන තව ටොපියක්.. 


ඉතින් ඔය අස්සේ හිටපු ගමන් පතෝල අදින ටැක්ටර් එක එරෙනවා. ඉතින් එතකොට දඩු මුගුරු ගඩොල් උදලු අරං ගිහින් පාර හදාගෙන එරුනටැක්ටර් එක අපේ ඇගේ මහන්සියෙන් උස්සගෙන තමයි අපි අපේ පතෝල ටික පාරට ගෙනියන්නේ.. 


පතෝල මැස්සක ඔය කඩන වැඩ විතරක් නෙමෙයි. පෝර දාන කාලෙට අපේ කකුල් කුණු වෙනවා. පෝර දාන්නේ වැහි කාලෙට. වැහි කාලෙට යූරියා මඩ පෝර අපේ කකුල් වලට විස වෙනවා. ඒත් අමාරුවෙන් පෝර දාන්න වෙනවා. 


මැස්ස ඇතුලේ බැද්ද වැඩි වුනාම අහින්න ඕනි. ඕකට සිංහෙලන් කියන්නේ උදලු ගානවා. ඒවත් ලේසි පාසු වැඩ නෙමෙයි. වැල් බිම දුවන කාලෙට ඒ බිම දුවන වැල් අල්ලලා අම්මා සහ ගෑනු එකතු වෙලා ඒවා මැස්සට තියල බදිනවා. නැමිලා හිටගෙන හිටවපු කණු වලට පතෝල වැල් තියලා බැදලා වැඩිපුර තියෙන වැල් කඩල දානවා. 


ඇට හිටවන කාලෙට ඒකත් තවත් මිෂන් එකක්. තාත්තා මැහි ඇරලා මාසයක් දෙකක් ගිහින් එන වැස්සට වලවල් කපනවා. අඩි එකහමාර එකහමාර වගේ වලවල් මම හිතන්නේ තුන් හාරසියක් වත් කපනවා. ඒ කපලා ඒවා පුරවලා තමයි ඇට හිටවන්නේ. 


ඔය එක මෙහෙයුමක් වත් මම දැන් කරන කන්තෝරු වැඩ තරම් ලේසි නෑ. ඔය කිව්වේ මැහි ගහන ගොයිතැන් වල තියෙන එක කොටසක් විතරයි. තව ඉතින් වැඩ ගොඩයි. කරිවිල කඩන එක වෙනම ගේමක්. කරිවිල පොඩියි. පතෝල වැටකොලු වගේ ලාකු නැහැ. ඉතින් අතින්ම කඩන්න ඕනා. වෙනම කූඩා ගෙනිහින් ඒවාට කඩන කරිවිල තව ලොකු බෑග් එකකට දානවා. ඒ මල්ල ගෙනත් ආයේ ගෙදර සිමෙන්ති පොලවේ දාලා අරවාතෝරන්න ඕන. 


කන්නන්ගර මහත්තයා නිදහස් අජ්ජාපනේ ගේනන් ඇති. තව ප්‍රේමදාස මහත්තයා රෙදි දෙන්න ඇති. තව මහත්තුරු අපේ නිදහස් අ්ජ්ජාපනේට තව මොනාහරි කරන්න ඇති. ඒ කෙසේ වෙතත් ඒ මහත්තුරු ඒවා දුන්නට අපිලට ඉගෙනගන්න ලොකුම මෝටිවේශන් එක ආවේ පතෝල මැස්සෙන්. පුංචි කාලේ කියල අපිලට නිකං ඉන්න හැටියක් තිබුනේ නෑ. පොඩි එකා වුනාහම  සැපේ ඉන්න ඕනි කියන කල්චර් එක නඩත්තු කරන්න අපේ අමම්ල තාත්තලට ඒ හැටි ආර්ථික සක්තියක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් යාන්තං දුවපැන ඇවිදින්න පුලුවන් කාලේ අපේ මැහි වල වැඩ කලා. 


දැනටත් කන්තෝරුවලට ගිහාම පියන්ලා එහෙම ලියුමක් ගෙනියන්න කිව්වම කැටයන් දානකොට.. " පුකට පයින ගහල පන්නන්න ඒන මේ ගස් කැරියන්ව" කියන පිං සිතුවිල්ල මට එන්නේ මම හිතන්නේ වැඩ කරනවා කියන එකේ තියෙන කටුක බව අපාසුකම ඒ කාලේ ඉදන්ම දැනුන නිසා. කෝටි ගානක් සල්ලි එකතුකරගෙන නැති නිසා සහ ජීවිතේ දින්නෙ ්නැති නිසා මේ කතා අර ටීවි එකේ දුක දිණා ණය ගත් තීරුවට දාන්න අමාරුයි. ඒත් මිනිස්සු පඩි අරං වැඩ නොකර ඔහේ තැවරි තැවරි ඉන්නකොට මට ඇත්තටම මුන්ව එලවනේන් නැත්තේ ඇයි? කියන එක ගැන එන්නේ ලොකු පස්නයක්. 



Monday, July 21, 2025

කතාවට අකමැති වීමේ ලෙඩ


අපේ අයියලාගේ ගෙදර හෝ අපේ ගෙදර තීන්ත ගාන්නට මේසන් වැඩට, වඩු වැඩට, ටැක්ටර් හදන්න ආදී නොයෙක් කාරණා වලට ගොඩවෙන විවිධාකාර මිනිස්සු ඉන්නවා. අපේ තාත්තා මුලදි ටිකක් හිමීට මුට්ටිය දානවා ඉන්න ගම එහෙම අහලා.. තව පැය කීපෙකින් බලද්දි අපේ ඉඩන් කේස් පවුලේ දික්කසාද පලහිලව් අල්ලපු ගෙදර එකා අපිට කරන වෙනස්කම් ආදියත් තාත්තා අර මනුස්සයාට කියනවා.


අම්ම වුනත් වැඩි වෙනසක් නෑ හිටි කාලේ. ඒ කාලේ බස් එකක ගමනක් ගියත් අම්මට ඉන්ස්ටන්ට් යාලුවෝ මිත්‍රයෝ සෙට් වෙනවා. ඒ වගේම හොද නෙට්වර්ක් එකක් තිබුනා එයාගෙම. පොලේ ගියත් පොලේ හැම තැනම නවත්ත නවත්ත යන තෙල් කරත්තයක් වගේ. අපිට එපා වෙනො අම්ම එක්ක සති පොලට ගියොත්. බඩු ගන්නවට වඩා නවත්ත නවත්ත කතාව.


ඒ ඩබලගේ ආගන්තුක සත්කාර වුනත් හරි විවෘතයි. ආයේ පිට මිනිහා කියල වෙනස් කිරීමක් නෑ. දවසක් මම රෑ වෙල ගෙදර යන දවසක තාත්තා පොල් කඩන්න ආපු සෙට් එකක් එක්ක බීලා තාත්තත් වැටිලා අනික් උනුත් තැන තැන විකාර විදිහට ගේ ඇතුලෙම දොයි.


මගේ ෆෝන් බාවිතයේ තියෙන සමහර විකාර ගතිගුණ වලට ඒ ආබාසය ආවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ගෙදර අනෙක් අය මම තරම් අහසින් වැටුන වගේ ගතිගුණ නැහැ. මිනිස්සු එක්ක ෆෙෘ්න් වලින් කතා කරනවා. විස්තර අහනවා. ආදී වශයෙන් එයාල නෝමල්..


මම කෝල් කරන්න කම්මැලි එක. අනුන්ගේ විස්තර අහන්න කම්මැලි එක සුවිසේසී උතුන් මානවීය ගුණාංගයක් එහෙම නෙමෙයි. ඒක විකෘතියක්. මටම හිතාගන්න බැහැ ඒක හොද එකක්ද නරක කක්ද කියලා. යම් ගතිගුණ වලින් අපිට මට පිහිටන ඒවා සුපිරි හොදම ඒවා කියල එකක් නෑ. ඩිසයින් එකේදි අපිට හොද වගේම නරක ගතිගුණත් පිහිටලා තියෙන්න පුලුවන්. 

සාමාන්‍ය කතා බහේදී ගනුදෙනු වලදි විසාල කුලෑටි ගතියක් අවුලක් මට නෑ. ගොඩක් ෆෝවඩ්ම නොවුනත් එහෙම කොන් වෙලා අයින් වෙන මොඩල් එකත් නෙමෙයි. ඒත් සම්බන්ධතා වැඩිදුර ගෙනියන්න මේ යුගේදි මිනිස්සු කෝල් කරන් ඕනා. මට ඒක නෑ. ඒක ඇවිත්ම නැහැ.

ලගදි දවසක නිතර යන එන තැනක සුන්දර යුවතියන් වැරදිලා වගේ මගේ දිහා හත් අට වතාවක් බැලුවා. එයා කැමැත්තකින් බැලුවාද නැත්නම් වෙන ඇදුනුම්කමකට බැලුවාද මම දන්නේ නෑ. හැබැයි ටික වෙලාවකින එයාගේ පෝන් එක මල්ලෙන් එලියට ඇවිත් එයාගේ අත උඩට එනවා දැක්කා. එතකොට මට ඒකත් හමාරයි කියන මෙව්වා එක දැනුනා.

මොකද මම කෝල් ගන්න අලි කම්මැලියි. අවසාන වතාවට දෙවනි රාජසිංහ කාලේ වගේ තිබුන රිලේශන්සිප් වල කෝල් වලින් සීයෙට අනූවකට වඩා අරං තියෙනේන් ගෑනු ළමයාගේ පැත්තෙන්. සමහර වෙලාවට මම කෝල් එකක් ගන්නේ අත්‍යාවශ්‍ය දෙයක් දැනගන්න යමක් කෙලින්ම අහනන් ඕන වෙලාවට විතරයි.

සෝසල් මීඩියා වල ලියන ඒවාට. වීඩියෝ දාන ඒවාට මම මනාපයි. ඒවගේ අඩුපාඩුවක් නෑ. ඒත් මිනිස්සුන්ට කෝල් කරන එක හම්මෝ එපාවෙන බෝරින් වැඩක්..

ඒ කාලේ කොහොමද?

අපේ අයියලා ආදරය කරපු 90 දශකය කාලේ ලියුන් තිවුනා. ලියුම් වලින් තමයි ආදරේ කලේ. ඉන් පස්සේ ෆෝන් ආවා. ෆෝන් වල මොන ඇඅප් තිබුනත් කට්ටිය කතා කරන එක ආදරේ මුල් සාදකයක් විදිහට ගත්තා. මට හිතෙනේන් සමීක්ෂණයක් කලොත් එහෙම ලංකාවේ ජෝඩුවක් මුලින්ම ලිංගිකව හැසිරෙන අවස්තාවක බොහෝ වෙලාවට අඩුම වශයෙන් එයාල දෙන්න පැය දහයක් වත් කෝල් කරගෙන ඇති. කතාකරලා ඇති.

ඉතින් මම කැමති ඉතා පරණ විදිහට. මිනිස්සු ගෑනු අදුරන්නේ මූණු වලින්. අපි එකිනෙකා හමුවෙන හැම වෙලාවකම අපේ මුහුන අනෙකාට පේනවා සරුවාංගය පේනවා. ඉන් පස්ස් අපි කතා රනවා. කතරකරන අතරත් සම්පූර්ණම නැතත් අවදානයෙන් වැඩි කොටහක් අනෙකාට දනේනම වෙනවා.

ආදරේ කිරීම චැට් සහ කෝල් වලට පරිවර්තනය වෙලා ඒ මගින් රිලේසන්සිප් වැඩිදියුනු වීම ආයේ රිවස් එකකට යන්නේ නෑ. ඔහොම තමයි. ඒත් ඉන්දියාවේ සමහර පැතිවල දැන් ආයෙමත් නාදුනන මිනිස්සු එකතුවෙන විවිධ ඉවෙන්ට් තියෙලු. ඒවගෙන් ගෑනු පිරිමි සෙට් වෙනවාලු. උදාහරණ විදිහට වෝකින් ක්ලබ් වගේ ඉවෙන්ට් වලට ගෑනු පිරිමි දෙපාර්ශවයම සහබාගී වෙනවා. ෆුල් ඔෆ්ලයින් සීන් එකක් වෙන ඒකෙදි කෙලින්ම කට්ටිය සෙට් වෙලා කතාබහ කර කර යනවා.

ඉතින් මේ විදිහේ කෝල් වලට අකමැති කට්ටිය ලව් කරන්න ෆෝන් එක කට ඇතුලේ දාගෙන කුටු කුටු ගාන්න අකමැති කට්ටිය තවත් ඇති. සමහර විට ෆෝන් එක නැතිව රිලේශන්සිප් පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. බාගෙදා එහෙම සමාජයක් හදාගත්ත නම් ඒකෙත් යම් වෙනසක් ගතියක් ඇති. ඒ කියන්නේ ඉස්සර වගේ ෆේස්ටු ෆේස් පමණක් මීට්.. ඕන නම් දවස තැන විතරක් අපි වෙනත් තැනක හුවමාරු කරගන්නවා.

Monday, July 7, 2025

රිවස්ටන් ගමන

රිවස්ටන් ඉදන් පිටවල පතනට පයින් 

රිවස්ටන් ඉදන් පිටවල පතන ලගට කිලෝමීටර් 6ක් විතර තියෙ. අපේ බස් එක කැඩුනා රිවස් එක වැටෙන් නැතුව රිවස්ටන් වල. රිවස්ටන් වල රිවස් එක වැටෙන් නැති වීම අසිරිමත් සිදුවීමක්. ඉතින් එතන ඉදලා පහලට යන්න විදිහක් නෑ. අපි චාරිකාව අවසානේ බොන්න ගත්ත මත් පැන් බෝතලය රිවස්ටන් වලදිම බොන්න පටන් ගත්තා. ඉතින් වෙරිපිට අපි බහින්න සෙට් වුනා. ශා..ඒ මත් පැන් වල සැර උඩට එද්දිම සීතල සුලග ඇගට වදිනවා. එදා හුලං තද දවසක් නිසා කදිමයි. රිවස්ටන් ඉදන් පිටවලට බහින ටිකට ලස්සනම ලස්සන වීව් පොයින්ට් තුනක්ම තිබුනා. අපි ඒවා දැකබලාගෙන වැදපුදාගෙන පහලට බැස්සා. බැස්සා කිව්වට පැයක් දෙකක් විතර අපි ගෑටුවා. මගක් බහිද්දි අපේ බස් එකේ රිවස් එක හදාගෙන ආවා. 



රිවස්ටන් 

රිවස්ටන් කියන්නේ මොකක්ද ? ඇත්තටම ඒක අවසානයේ තියෙන්නේ ටවර් එක. මගදි එදා හුලං හමලා පොඩි මනුස්සයෙක් වැටෙන්නත් ගියා. ඒ තරමට හුලග. උඩට ගිහාම වලාකුලු දඩි බිඩි ගාල තම්බි මිනී ගෙනියනවා වගේ ඉක්මනින්ම යනවා පෙනුනා. අපි රිවස්ටන් විසාල ටවර් එකයි පොඩි ටවර් එකයි දෙකම කවර් කලා. ඒ හුලං කපොල්ලට හුලං හමද්දි එන රූං රූං සද්දේ බයංකාර එකක්. ඒ වගේම ඈතින් ඉදන් රිවස්ටන් ටවර් එක බැලුවාම පේන දර්ශනය රෝන් ටර්න් ෆිල්ම් එකක දර්ශනයක් වගේ. 



රිවස්ටන් යද්දි

කොච්චර හුලං තිබුනද කිව්වොත් අපේ කෙනෙක්ගේ තොප්පියක් හුලගේ ගිහින් පදුරක් උඩ රැදුනා මම ගිහින් ඒක අරං දුන්නා. තව පොඩි ළමෙක් වඩාගෙන ආපු කෙනෙක්කුත් හුලං සැරට ගිහින් පස් කන්ඩිය අයිනේ වැදුනා. ඒ සද්දේ එක්ක එන හුලං අත්දැකීම සැරටම තිබුනා. 



පිටවල පතන 

පිටවල පතන බලන්න අපි යද්දි ඉර බහින වෙලාව. ඉර බහින දර්ශනය කදිමෙට ගන්න අපිට පුලුවන් වුනා. කදුවල ලස්සන තියෙන්නේ ඉර නගිද්දියි බහිද්දියි. ඒ වෙලාවේ එතන ඉන්න ලැබුන එක වාසනාවක්. 



කාර්මික දෝශය 

අපේ බස් එක මගදි කැඩුනා. රිවස්ටන් වලදි රිවස් එක වැටෙන් නැති එක තමයි අවුල. ආයේ එතනදි බස් එක හදාගෙන එද්දි තව තැනක වංගුව ගන්න බැරිව හිට්ටා. එතන හිටිය ඔක්කම එකතු වෙලා තල්ලු කරගෙන ආයේ බස් එක ගොඩදාගත්තා. කාර්මික දෝශ කියන්නෙ කලින් කාටවත් හිතන්න බැරි දෙයක්. රිවස්ටන් වගේ රිමෝට් තැනකදි කාර්මික දෝශයක් කියන්නේ තවත් අමාරුවේ වැටෙන වැඩක්. අපිට මේ පාර ඒ අත්දැකීමත් ලැබුනා. 



මාතලේ අලුවිහාරේ 

අපි අලුවිහාරේ ගියේ උදේම. ඒ යද්දි අලුවිහාරය උදේම අතුපතුගානවා. පරණ නුවර යුගේ චිත්‍ර සහ පිලිම වහන්සේලා අලුවිහාරේ තියෙනවා. තව අපායක් එහෙම බලන්න යන්න තිබුනා. මම අපාය බලන්න ඒ හැටි මනාප නැති නිසා ඒක මග ඇරියා. අලුවිහාරේ තමයි ත්‍රිපිටකය පොත් වල ලිව්වා කියන්නේ. ඒ පුස්කොල සම්බන්ධ පුස්තාකාලයකුත් අලුවිහාරේ තියෙනවා.



සෙට් එක 

අපේ කන්ඩායමේ කලින් අය කවුරුත් මාව හදුනන්නේ නෑ. ඒත් එයාල ඉක්මනින්ම මිතුරු වුනා. අපි එකම පිරිසක් වගේ කෑම බීම සහ සංචාරක කටයුතු කලා. විනෝද වුනා. කාලයක් දන්න අය වගේ විහිලු තහලු කරගත්තා. පොඩි පොඩි කාර්මික දෝශ වුනත් අපි ඒවා නිසා අපේ ෆන් එක මිස් කරගත්තේ නෑ. ඉතින් තවත් ආතල් සවාරියක් ඒ විදිහට ඉවර වුනා.