අපෙ ්තාත්තා මැහි කාරයෙක්. එලෝලු විදිහට තාත්තා ගොඩක් ෆේවරිට් වුනේ මැහි ගහන ජොබ් වලට. කරිවිල පතෝල වැටකොළු ඒ අතර මූලික තැනක් ගත්තා.
අපිත් මැහි වැඩට අහුවෙනවා ස්කෝලේ නැති දවස්වලට ක්ලාස් නැති දවස්වලට. ඒ කාලේ අපේ ඥාතින් අපිට නිතර සිහිපත කරල දෙනවා. අපිත් ඉගෙනගත්තේ නැතොත් මැහි කාරයො තමයි කියන එක. මැහි කාරයෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි.
මම නම් කවදාවත් පතෝල කඩල නෑ. අපි සට් වෙන්නේ පතෝල කැඩුවට පස්සේ අරං යන වැඩේට. මැස්ස පාත් වෙනවා පතෝල හැදෙනකොට. උදේ පාන්දර සීතලේ කඩපු පතෝල වීල්බැෙරා් එකක පටවල අදින්න ඕනා. වැහි කාලෙට වීල් බැරෝ එක එරෙනවා. මැස්ස නිසා හරියට කොන්ද කෙලින් කරගන්න හැටියක් නෑ. කොන්ද නමාගෙන බැද්ද අස්සෙන් එරෙමින් පතෝල අදිනකොට ඒක සුන්දර වැඩක් නෙමෙයි.
අපේ අයියා ඒ කාලේ ආදරය කලා. ඒ ලියුම් වල තිබුනා මතකයි " බබා ඔයා අදත් පතෝල ඇද්දදද. මගේ සුදු මහත්තයගේ අත් වල පතෝල කිරිත් ඇති නේද? " ආදී වශයෙන් ආදර සටහන්. අපෙන් එහෙම අහන්න කවුරුත් හිටියේ නෑ. ඒත් පතෝල කිරි නන් අපේ අත් වලත් ගෑ වෙනවා.
වැටකොලු වල වෙනම එක්ස්පීරියන්ස් එකක්. හරියට තද කලොත් වැටකොලු දාරෙකට පුලුවන් අපේ අතකට පයකට හොද තුවාලයක් කරන්න. ඇරත් වැටකොලු පතෝල වලට වඩා බරයි. ඒකත් මැස්ස අස්සේ තියෙන ගොඩවල් ගෙනත් එකතු කරන්න ඕනි.
එකතු කරලා මිශන් එක නවතින්නේ නෑ. පතෝල වැටකොලු තෝරනවා. තෝරලා හොද ඒවා උඩටත් තද ඒවා යටටත් තියෙන විදිහට අසුරනවා. අසුරන්න පතෝල වලට වෙනම අච්චුවක් වගේ තියෙනවා. කණු හතරක් තියෙනවා චූටි. ඒ කණු හතර අස්සට පෝර උර කෑල්ලක් හරි ඉස්සර නම් පොල් අතු කෑලි දෙකක් හරි තියලා අපි පතෝල වැටකොලු මිටි වලට දානවා. ඉන් පස්සේ හිර කරලා බදිනවා. වැටකොලු නම් වෙන විදිහටත් පැක් කරනවා. පැක කිරිල්ලත් ලේසි නෑ. කිලෝ හතලිහ විතර පැක් වලට පැක් කරලා ඒවා ටැක්ටරේ පටවලා පාරට ගෙනියනවා.
සමහර දවසට රෑ වෙනකල් ලොරි එනකල් බලා ඉන්නත් වෙනවා පාර අයිනට වෙලා. ලොරියේ උඩම කෑල්ලට පතෝල වැටකොලු පටවන්න සෙට් වුනොත් එතන තව ටොපියක්..
ඉතින් ඔය අස්සේ හිටපු ගමන් පතෝල අදින ටැක්ටර් එක එරෙනවා. ඉතින් එතකොට දඩු මුගුරු ගඩොල් උදලු අරං ගිහින් පාර හදාගෙන එරුනටැක්ටර් එක අපේ ඇගේ මහන්සියෙන් උස්සගෙන තමයි අපි අපේ පතෝල ටික පාරට ගෙනියන්නේ..
පතෝල මැස්සක ඔය කඩන වැඩ විතරක් නෙමෙයි. පෝර දාන කාලෙට අපේ කකුල් කුණු වෙනවා. පෝර දාන්නේ වැහි කාලෙට. වැහි කාලෙට යූරියා මඩ පෝර අපේ කකුල් වලට විස වෙනවා. ඒත් අමාරුවෙන් පෝර දාන්න වෙනවා.
මැස්ස ඇතුලේ බැද්ද වැඩි වුනාම අහින්න ඕනි. ඕකට සිංහෙලන් කියන්නේ උදලු ගානවා. ඒවත් ලේසි පාසු වැඩ නෙමෙයි. වැල් බිම දුවන කාලෙට ඒ බිම දුවන වැල් අල්ලලා අම්මා සහ ගෑනු එකතු වෙලා ඒවා මැස්සට තියල බදිනවා. නැමිලා හිටගෙන හිටවපු කණු වලට පතෝල වැල් තියලා බැදලා වැඩිපුර තියෙන වැල් කඩල දානවා.
ඇට හිටවන කාලෙට ඒකත් තවත් මිෂන් එකක්. තාත්තා මැහි ඇරලා මාසයක් දෙකක් ගිහින් එන වැස්සට වලවල් කපනවා. අඩි එකහමාර එකහමාර වගේ වලවල් මම හිතන්නේ තුන් හාරසියක් වත් කපනවා. ඒ කපලා ඒවා පුරවලා තමයි ඇට හිටවන්නේ.
ඔය එක මෙහෙයුමක් වත් මම දැන් කරන කන්තෝරු වැඩ තරම් ලේසි නෑ. ඔය කිව්වේ මැහි ගහන ගොයිතැන් වල තියෙන එක කොටසක් විතරයි. තව ඉතින් වැඩ ගොඩයි. කරිවිල කඩන එක වෙනම ගේමක්. කරිවිල පොඩියි. පතෝල වැටකොලු වගේ ලාකු නැහැ. ඉතින් අතින්ම කඩන්න ඕනා. වෙනම කූඩා ගෙනිහින් ඒවාට කඩන කරිවිල තව ලොකු බෑග් එකකට දානවා. ඒ මල්ල ගෙනත් ආයේ ගෙදර සිමෙන්ති පොලවේ දාලා අරවාතෝරන්න ඕන.
කන්නන්ගර මහත්තයා නිදහස් අජ්ජාපනේ ගේනන් ඇති. තව ප්‍රේමදාස මහත්තයා රෙදි දෙන්න ඇති. තව මහත්තුරු අපේ නිදහස් අ්ජ්ජාපනේට තව මොනාහරි කරන්න ඇති. ඒ කෙසේ වෙතත් ඒ මහත්තුරු ඒවා දුන්නට අපිලට ඉගෙනගන්න ලොකුම මෝටිවේශන් එක ආවේ පතෝල මැස්සෙන්. පුංචි කාලේ කියල අපිලට නිකං ඉන්න හැටියක් තිබුනේ නෑ. පොඩි එකා වුනාහම සැපේ ඉන්න ඕනි කියන කල්චර් එක නඩත්තු කරන්න අපේ අමම්ල තාත්තලට ඒ හැටි ආර්ථික සක්තියක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් යාන්තං දුවපැන ඇවිදින්න පුලුවන් කාලේ අපේ මැහි වල වැඩ කලා.
දැනටත් කන්තෝරුවලට ගිහාම පියන්ලා එහෙම ලියුමක් ගෙනියන්න කිව්වම කැටයන් දානකොට.. " පුකට පයින ගහල පන්නන්න ඒන මේ ගස් කැරියන්ව" කියන පිං සිතුවිල්ල මට එන්නේ මම හිතන්නේ වැඩ කරනවා කියන එකේ තියෙන කටුක බව අපාසුකම ඒ කාලේ ඉදන්ම දැනුන නිසා. කෝටි ගානක් සල්ලි එකතුකරගෙන නැති නිසා සහ ජීවිතේ දින්නෙ ්නැති නිසා මේ කතා අර ටීවි එකේ දුක දිණා ණය ගත් තීරුවට දාන්න අමාරුයි. ඒත් මිනිස්සු පඩි අරං වැඩ නොකර ඔහේ තැවරි තැවරි ඉන්නකොට මට ඇත්තටම මුන්ව එලවනේන් නැත්තේ ඇයි? කියන එක ගැන එන්නේ ලොකු පස්නයක්.
ටිල්වින් සිල්වා ලොකු අයියා එක්ක පහුගියදා දහවල් කෑම කද්දීත් මම මේ ප්‍රශ්නය කතා කාලා.
ReplyDeleteඅනුර සහෝදරයා එක්ක තේ බොමින් සිටියදීත් මතක් කාලා.
මේකට තමයි අපි අලුත් අධ්‍යාපන ක්‍රමය ගේන්නේ ඉතිහාසය එහෙම අහෝසි කරලා.
ප්‍රයෝගික ක්‍රම ගේනවා.රුසියාවේ අපි ඉද්දි තිබුන දැනුම මම ලබා දෙනවා මාලිමා ආණ්ඩුවට
ANDU WENAS WUNATH, MAS KADA WESUWATH APATA WEDAK WEIDA, APE JOKKU IRILA, PUKA PENI PENI, PADA CHOO, JEE, YANAWANAM. NEDA KAKKO.
ReplyDelete