Friday, May 10, 2013

මනමේ ඇයි මටමේ ම කලේ (hi Maname)

දියවී යන වියැකී කුනු වෙන ගත

මෙතරම් ලස්සන කෙරුවේ මොකෝ..

හැඩකාර ඇස් දෙකක් දීලා මදිවට

තඹවන් කෙහෙ රැලි දුන්නේ ඇයි..

දෙයියනේ..



සිනා නොවන රවනා බැල්මේ හිඳ

කතා නොකර තරහින් බලමින්

ගියත් ඇලෙනවා මගෙ හිත ඔබ ලඟ

සුපර් ග්ලූ ගාලදෝ මගෙ හිත යට..

කියාපන් කෝ නගෝ..//



 

පිම්බිලා පපුව ඇත පිට්ටු දෙකක් වාගේ මට අල්ලන්නට බැහැ හීනයකින් හෝ..

දෙපස වැනෙන පැද්දෙන කළවා වන් පෙනේ යසට එකළඟ යන පියවර.

දිවිය සිරිය වන් ඔබ මුහුනේ....සුද..වගේ පාලොස්වකට නගින අහසෙ හඳ

ජම්බු ගෙඩිය වාගේ දෝ....නැහැ තක්කලි ගෙඩියක් වාගෙද මන්දා..

පිරිපුන් සිරුරින් මා කළඹා ...ඈතින් ඈතට යාවී..



සොරදෙටුවෙක්..මං පහරන්නෙක්..හෝ අඩුතරමේ වැදිරජෙක් වත් ....වුනානම්..

ඔබ තැඹිලි වන් රුවට ළඟින් ඇදී යන කළු පරපුටුවා මරා දමා වනසාලා....කර ඝෝෂා..

අත ගන්නෙමි..මා..ගෙන යන්නෙම් ඈතම ලෝකෙකට...කාටවත් නොපෙනෙනා තැනකට..

ගිහින් හඩන නෙත් පිසලා..දෙතොල් පෙති ඔබේ සිපලා...ඇඳක් හොඳට මම හදලා..සතපන්නම් ඉන්න තුරා...



එම්බා. කුමරියේ.... එකවතාවක් වත් බලාපංකෝ..

මේ වැදිරජා උඹ හිතන තරං කැත නැතුව ඇතී..

Thursday, May 9, 2013

The dreamers (සිහින දකින්නෝ)

මං කුනුහබ්බ කෑලි හෙලුවෙං ඉන්න ගෑනු ඉන්න දර්ශන තියෙන ෆිල්ම් එකක් බැලුවා.ඒකෙ නම ද ඩ්‍රීමර්ස්. ඒක යාලුවො එක්ක බෙදාගන්න කලියෙං ඒගැන සුට්ටි විස්තරයක් කරලා ඉන්න එක හොඳයි කියලා හිතුනා. මේ ෆිල්ම් එක අපේ අය ගොඩ දෙනෙක් දැන් බලලා ඇත්තෙ. ඒත් කමක් නැහැ බලලා තියේ නං විචාරෙ බලලා වෙනමම වින්දනයක් ගන්න පුලුවන් වෙයි නෙව.

බැල්කනි ජනතාවට..

මචං සිරා ෆිල්ම් එකක් ලැබුනා. ඒකෙ සිරා පාරක් ඉන්නවා. සිරාවටම ඒකි ඔක්කොම ඇඳුන් ගලවනවා. මරු.. ! සවුත් ඉන්ඩියන්, සිරි ලංකන් තප්පදෝරු වගේ නෙමෙයි නියම කෑල්ල. අර ග්‍රීසියෙන්ද රෝමෙන්ද හොයාගෙන තිබුන අත් දෙක නැති පිලිමෙ වගේ ලස්සනයි. සෙක්ස් කෑලි නං හෙන අමුවෙන් තියෙන්නෙ. ඒ වුනාට නෝටි අමරිකා වලට වඩා ගතියක් තියෙනවා. ස්ටෝරිය කිව්වොත් මචං ඇමරිකන් කොල්ලෙක් හෙන විප්ලව තිබුන කාලෙක එනවා ප්‍රංශෙට ඉගෙනගන්න . එහේදි ඌට කෑල්ලක් සහ කොල්ලෙක් සැට්වෙනවා. මේ කෑල්ල සහ කොල්ලා ඇවිල්ලා සහෝදරයො. නිවුන් සහෝදරයෝ. උන් දෙන්නා නිදාගෙන්නෙත් එකට. පස්සෙ අර අමරිකන් ශිෂ්‍යයා යනවා අර දෙන්නා එක්ක එකට ජිවත් වෙන්න. උන් තුන්දෙනා සෙට් වුනා විතරයි. ඒ ගෙදර අම්මලා තාත්තල කොහේද ගමනක් යනවා දුරක.

ඉතිං අර අමරිකාවෙන් එන එකාට අර දෙන්නා සෙට්වෙලා පස්සෙ අර කෙල්ලයි අමරිකන් කොල්ලයි ලවු කරන්න සෙට් වෙනවා. ඇමරිකන් උන් දෙන්නාගේ ලවට අර අනික් පිරිමි සහෝදරයා කැමති නැති වෙන්න ඕනි හරිනං. අඩේ බං හෙම වෙන්නෙත් නැහැ. උන් තුනම ඇඳුං නැතුව පුල් නිරුවස්තරෙන් නාන බේසමේ බැහැල නානවත් එක්ක. කොහොම වුනත් නිර්වස්තර දර්ශන ටිකනම් සිරා.

හැබැයි අර අම්මයි තාත්තයි කාලෙකින් ගෙදර එනකොට මුං තුන්දෙනා කූඩාරමක් වගේ එකක් කාමරේ මැද ගහං. ඒකෙ ඇතුලෙ අමුම අමු නිරුවස්තරෙන් නිදාගෙන ඉන්න හැටි නං කුජීතයි. වැඩිය මොකද්ද කියලා තේරෙන්න නැති වුනාට ගතියක් තියෙනවා. මං හිතන්නෙ අවසානෙ කෙල්ල මැරෙන්න ඇති.

ඕ ඩි සී ජනතාවට.

අපි සිනමාව තුලින් වඩාත්ම දකින්න ආසා කරන්නෙ මොනවද? කලාත්මක සිනමාව හැර වාණිජ සිනමාව කියන පැත්තෙන් බැලුවොත් අපි ආශා කරන්නෙ අපිට ලේසියෙන් දකින්න නොලැබෙන සිහින දකින්න. අපිට සැබෑ ජිවිතය ඇතුලෙ විඳගන්න බැරි දේවල් ගොඩාරියක් ෆිල්ම් එකක් හරහා අපි විඳගන්න පුලුවනි.

හිතන්න සනී ලියොන් වගේ හරිම කඩවසම් ලස්සන සුදු යුවතියක් ඉන්නවා අපි වැඩකරන තැන. අපි ආසයි එයත් එක්ක ලස්සන තායි මුහුදු වෙරලක තියෙන කුඩයක් යටට වෙලා තේ වතුර එකක් බිබී පොඩි චැට් එකක් දාන්න. අපි කොයි තරම් ආශා කරත් අපිට ඒක කරගන්න ලැබෙන්නෙ නැහැ. කොටින්ම අපිට කැන්ටිමේ එක මේසෙ වාඩිවෙලා තේ වතුර එකක් බොන්න බැරිතරමටත් අපි දුරස්ථ වෙන්න පුලුවනි. ඒ වගේ වෙලාවට අපිට ෆිල්ම් එකක් බලලා ඒ චරිතවලට ආරූඩ වෙලා අර ආතල් එක හීනියට ගත හැකි වෙනවා.

මම හිතන්නෙ ඒ නිසා තමයි බොහොම සැපවත් ජීවිත වල පොඩි අවුල් ගැන කියවෙන ඉන්දියානු බොලිවුඩ් සිනමාව ඉන්දියානු දුප්පතුන් අතර වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ.

දැන් අපි ඩ්‍රීමර්ස් ෆිල්ම් එකට ආවොත් එතනදි ඒ කොල්ලට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා ඉගෙනගන්න කාලෙදිම. ලව් කරන්නත් කලියෙං සෙක්ස් කරන්නත් ලැබෙනවා. ඒ අස්සෙ ඒ අයට පොඩි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලන්න ඒවායේ විචාරය කරන්න අවස්ථාත් ලැබෙනවා. එකට හිතන පතන යාලුවො තුන්දෙනෙක් එකතු වෙනවා. නමුත් අමරිකන් කාරයා ටිකක් වෙනස්. අර දෙන්නා තමුං අදහන දේවල් තුල ජීවත්වෙන්න හදන කොට අමරිකන් කාරයා වෙනස්ම මතයක ඉන්නවා.

කොහොම වුනත් අපි ෆිල්ම් එකක් බලලා ඒකෙ චරිත වලට ආසා කරලා අපි ගන්න යන්නෙ එක්තරා ආතල් එකක්. ඒක මේ ෆිල්ම් එකෙන් ඒ වගේ ආතල් එකක් ඇත්තටම ගන්න පුලුවනි. අපි ආසයි අපි ලව් කරනකොට අපේ තරහ කාරයා අපිට අවි අමෝරාගෙන එන්නෙ නැතිනම්. අපි ආසයි ආදරය කියන දේ ඇඟෙන්ම විඳින්ට.. මං හිතන්නෙ ප්‍රංශ විදිය ඒක වෙන්න ඇති. මේ ෆිල්ම එක ප්‍රංශ කාරයො බලනකොට එක විදියකටත් ඇමරිකන් කාරයො බලනකොට තවත් විදියටත් අපි බලනකොට අපිට වෙනමම මැජික් ලෝකයක් විදියටත් පේනවා ඇති.

අන්තර්ජාලයේ තිබුන විදියට මේක අමරිකාවෙත් එහේ තියෙන ලිංගික දර්ශණ ආදිය ගැන සීමා නිසා සම්පූර්ණ ෆිල්ම් එකම තිරගත කරන්න බැරිවුන ෆිල්ම් එකක්.

 
ගැලරියේ ජනතාවට.

අපි හැමෝටම යෞවන කාලයක් තියෙනවා ගෙවාදමන්න. ඒ යෞවන කාලෙදි අපිට එක එක දේවල් උණ ආකාරයෙන් එනවා. කස්ටියකට එනවා ලව් මාන්දම, කස්ටියකට සමාජවාදය. තව අයට දර්ශනය. තවත් අයට ආගම ඔය විදියට අපි මොකක් හරි සෙට් එකකට සෙට් වෙලා ඒක ඇතුලෙ අමුතු ලෝකයකට වෙලා සිහින දකින්න පුරුදු වෙනවා. සමහර විට ඒ සමාජවාදී, දර්ශනවාදි අදහස් ලියපු ප්‍රකාශ කරපු අයටත් වඩා මේ තරුණ වයසෙ ආසන්නයේ ඉන්න ශිෂ්‍යෙයා් ඒ අදහස් විස්වාස කරනවා. උදාහරණ විදියට තනිකර මනෝරාජිකයි කියලා දැනෙගෙනම ජේ වී පී එකෙන් අන්තරය හරහා යවන වාමාංශික තෙල් මේ මෑතක් වෙනතුරුම ගිලගත්ත සිසු ප්‍රජාවක් කැම්පස් වල සිටියා.

ඔවුන්ට අනුව එය අමුතු ලෝකයක්. ඒ තුල ඒ උගන්වන දර්ශනය හෝ මතවාදය ප්‍රශ්ණ කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. බෞද්ධ උපාසකයා ශ්‍රද්ධාවෙන්ද, දෙවියන් අදහන්නා භක්තියෙන්ද ඒ ආගම් කෙරෙහි බන්දලා තියෙනවා වගේ අවිඥාණිකවම ඔවුන්ට ඒ පෙන්වන ලෝකය විශ්වාස කරන්නට ඒක යථාර්තය කියලා හිතන්නට පොළඹවලා තියෙනවා ..ඒ පෙන්වන නව ලෝකයන් සත්‍යයි ඇත්තම ඇත්තයි කියලා විශ්වාස කරන ගතිය උසස් අධ්‍යාපනය ලබන යොවුන් කාලෙදි වැඩිවෙනවා කියලයි මට හිතෙන්නෙ.

මේ ෆිල්ම් එක ඇතුලෙත් වෙනමම ලෝකයක ජීවත් වෙන අර ප්‍රංශ සහෝදරයා සහ සහෝදරියට අමරිකන් බෝයිව හමු වෙනවා. ඔවුන් විසින් සමාජවාදය සහ ඔවුන් ආශා කරන සිනමාව මත ගොඩනගාගත්ත එක්තරා රාමුවක අධිරංගනයෙන් ජීවත් වෙනවා. ඔවුන් එයම සත්‍යයක් ලෙස අදහනවා. ඒ ප්‍රංශ තරුණ යුවල මවාගත් ලෝකය විනාශ කරගන්නට ඔවුන් දෙදෙනාම කැමති නැහැ. නමුත් අමරිකානු තරුණයා මීට වඩා වෙනස්. ඔහු ඇතුලතින් මේ දේවල් අර දෙන්නා එක්කම විඳින්නට සැරසුනාට පිටින් ඉන්න අය දකින විදියටත් දකින්න උත්සාහ කරනවා.

තරුණ සිතිවිලි වල පවතින මායාකාරී බැඳෙන ගතිය චමත්කාර ලෙස මේ සිනමාපටය තුල දකින්නට ලැබෙනවා.

අවසානය. 

IMDB Link

The Dreamers

මේ සිනමාපටය ගැන වැඩිදුර තොරතුරු හරේ කියන සහෝදරයා බයිස්කෝප් එල් කේ එක හරහා කියලා තියෙනවා.

විචාරය කියන්නෙ කවදාවත් ඒ කෘතිය කියවන්න පුලුවන් කන්නාඩියක් නෙමෙයි. කොහේද යන මනුස්සයෙක්ගේ ඔලුවට ආපු සිතුවිලි ගොඩක් විතරයි. හරිම විදියනං කුමන කෘතියක් වුනත් විඳින්න කලිං විචාර කියවන්න හොඳ නැහැ. විචාර කියවලා තියෙනං ඒවා අමතක කරලා කෘතිය විඳින්න පුලුවන් නම් ඒක තමයි හොඳ. මොකද අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි.

Wednesday, May 8, 2013

ලයිට් බිල සහ කතාන්දර (Elec bill & Nonsense)

ලයිට් අඩු තැනක ගත් පින්තූරයක්

මට මතක හැටියට මා පස් වන වසර තෙක්ම ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එළියෙනි. මගේ අයියලාගේ අතීතය බැලූ විට ඔවුන්ට උසස් පෙ දක්වාම ඉගනගන්නට ලැබුනේ කුප්පි ලාම්පු චිමිනි ලාම්පු එළියෙනි. අද වන විට ලාම්පු එළියෙන් පොත් බැලීම ඇස් වලට නරක දෙයක් ලෙස තැන් තැන්වල දැක්වුනත් අපිට එකල වෙනත් විකල්පයක් තිබුනේ නැති නිසා හෝ දැන් සෙයාගෙන ඇති අැස් රෝග එවිට සොයාගෙන නොතිබූ නිසා අපි ඇස් වලට වද දිදී පොත් බැලුවේ චිමිනි ලාම්පු එලියෙනි.

කුඩා කල චිමිනි ලාම්පු ආදිය පත්තුකරගෙන මහ රෑ ගනන් හදන්න ගන්නවාට වඩා දෙමාපියන් කරන්නේ අප දවාලියෙන් ගනන් සහ ඉස්කෝලෙ වැඩ කරන්නට පුරුදු කරවීමයි. එවිට රාත්‍රි ලාම්පු එලියේ පාඩම් වැඩ කිරීමට එන බාධා ආදිය නැතිවෙන බව ඔවුන් දැනසිටියා වන්නට ඇත. හත හමාර අට විතර වෙනකොට රෑට කාලා රේඩියෝ එකේ නාට්ටියක් ගියොත් ඒකත් අහලා..නැත්තං පසුකාලෙක නම් කොහේ හරි කාර් බැට්රියකින් දුවන ටීවි එකක් තියෙන තැනකින් ටීවිත් බලලා අපි නමයට විතර දොයියනවාය.

ආයි අපි ඊළඟ දවසේ පාන්දර එළිය වැටෙනවිට ම නැගිටින්නට හුරුව සිටියෙමු. දැන් නම් රෑට ෆිලුම් බලාල චැට් කරලා උදේ හයහමාරට නැගිටින්නටත් අමාරු මුත් එකල පහමාර හය වෙනකොට යසට ඇස් ඇරලා සිටිය හැක. ඉස්කොලෙ නොයන දවසකනම් මම අයියා හෝ තාත්තා අම්මාට උයන්නටද උදව් දෙයි. අපේ ගෙදර ඉවීම ජනසතු කාර්යක් විය. එය අම්මාම කල යුතු දේවකාරියක් නොවීය. උදෑසන ආහාරය අම්මා පිළියෙල කලත් අපි සැවොම ඒ වෙනුයෙන් පොල් ගෑම, ලූණු සුද්ද කිරීම කුස්සිය අස් පරස් කිරීම කල යුතු විය.

අපේ ගෙදර තිබුනේ ගොවි පසුබිමක් නිසා එලිය වැටෙන්නට රස්නෙ වැටෙන්නට කලියෙන් කොරටුවලට යාගන්නට ලැබුනොතින් එය හොඳය. එවිට අපිට ඉර හොඳින් රැස් විහිදන දවල් එකොළහ විතර වෙනකොට වැඩ ගොඩක් කරලා ඇවිත් නිදහස් හෙවනේ ගිමන් හැරිය හැක. නැවත අපි කෑම කා පොඩි පහෙ නින්දක් දාලා හෝ පත්තරයක් පොතක් නවකතාවක් කාරිය කියෝල දාලා වැඩට යන්නේ හවස තුනට විතරය. හවස තුනට විතර කොරටු යන අපි රෑ හත විතර වෙනතුරු කොරටුවේ වැඩ කරලා ඇවිත් යලිත් රෑට කා නින්දට යමු. අපි යැයි මෙතැනදී මමද අයිතිව කිවු මුත් මා මේ ආකාරයට එකල ගතකලේ මාසෙකටම දවසක් හෝ දෙකකි. මාගේ පාඩම් වැඩ අතපසු වෙනවාය කියලා අම්මා ඉස්සර මා කොරටු වැඩට සම්බන්ධ කරගන්නවා අඩුය.

එකල අපි රෙදි මදින්නේ සතියකට වරකි. ගෙදර ඇති පොල්කටු අඟුරු ඉස්තිරික්කයට පොල්කටු දාලා ඒක රත්වෙනතුරු එලියෙ තියං පිඹිමින් පසුව අපි රෙදි ඉස්තිරික්ක කරමු. එය වෙහෙසකර කාරියකි. නමුත් අපේ තාත්තාගේ අදහස නම් තවමත් පොල්කටු ඉස්තිරික්කය විදුලි ඉස්තිරික්කයට වඩා සුපිරි බවය. සමහර විට ලයිට් බිලට යන ගාන ගැන පෙරේත සිතක් තාත්තාගේ සිතේ කොණක උපදින්නට ඇත. නමුත් කොලටි එක අතින් යම් කිසි තැනක් පොල්කටු ඉස්තිරික්කයේද තිබුනි. නමුත් එවිට කට ඇරගෙන ටීවි දිහා බලං හෝ රේඩි එකේ යන කතාවක් අහමින් අපිට රෙදි ඉස්තිරික්ක කරන්න අවස්ථාවක් ලැබෙන් නැත. එහෙම කලොත් රෙදි පිච්චෙනවාය. අප රෙදි ඉස්තිරික්ක කල යුත්තේ යම්කිසි සංයමයකිනි. පිඹලා වැරදිලා හෝ අඟුරු කැටයක් වැටුනොත් ඉඳලා හමාරය.

ලයිට් අවුල් තවත් පින්තූරයක්..

අදටත් මම පංකා භාවිත නොකරන අතර බිම නිදාගැන්මට ආශා කරමි. අද වනවිට බිම නිදාගන්න විට මෙට්ටයක් භාවිත කලත් මා බොහෝ කලක් නවලෝක ප්ලාස්ටික් පැදුරක් දාගෙන බිම නිදාගෙන ඇත. එකල පොඩි ලමයි වූ අපිට බිම නිදාගන්න එක මහා ලොකු දෙයක් වුනේ නැත. සිමෙන්ති දමා තිබෙන පොලොවේ සීතල නිසා බොහෝ විට එකල රස්නයක් දැනුනේ නැත. නමුත් අද දින ලේයර් කිහිපයක් ඇඳේ සිටද ඇති මෙට්ටයට උඩින් පංකාවක් නැතුව නින්ද නොයෑ ම නම් පුදුමයක් නොවේ. අපට ඒවා එතරම් වගේ වගක් නැති කාරණාවක් වුවත් එකල මගේ දෙමාපියෝ මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් ඇඳන් ලබාදීම සුවපහසු ආකාරයට විදුලිය ලබාදීම ආදිය ගැන බොහෝ විට සිතුවෝය. ඔවුන් ඔවුන්ට හැකි පමණ වේගයෙන් අපිට ඒ හැමදේම ලබා දුන්නෝය. අපි ඒ ගැන ඔවුනට කෘතඥ විය යුතුය.

දැන් අපි වර්ථමානයට එමු. මේ ළඟදී අපේ බොඩ්මේ කුඩා මත ගැටුමක් ගියෝය. රෑට උයන්නට අපි සියලු බඩු බාහිරාදිය තනාගෙන ඇති නමුත් බොහෝ දිනවල උයන වැඩය හරියට කෙරෙන්නෙ නැත. එනම් උයන එක සිද්ද වෙන්නෙ නැත. එයට හේතුව ලෙස විවිධාකාර හේතු දක්වතත් මගේ නම් අත්දැකීම වන්නේ සියල්ලෝම පැමිණ ඇඟපත සෝදාගත් පසු පේස්බුක් හෝ ගොසිප් බැලීමට ලැප්ටප් ඇද ගනිති. නැතහොත් මැච් හෝ ෆිල්ම් බැලීමට ටීවි එක අටෝගන්නට හදයි.පෙම් හබ ඇත්තෝ මල් කඩන්ට සැරසෙති .එක්කෝ එහෙමත් එකෙක් පාඩම් කරයි. ඉතිං මේ හේතුව නිසා සියලු ඇඟපත වාත වේදනා උයන වෙලාවට පහල වීම නිසා අප මිතුරන් කැල සිරිත් පරිදිම අදත් කඩෙන් කමු බාං..යන විසඳුමට එයි. එහෙත් සැබවින්ම අප උයන්නේ නැතුව ඉන්න වෙලාවේ අපි කරන වැදගත් රාජකාරියක්ද නොමැත. මෙලෝ සතෙක්ට වැඩක් නොවෙන ලැප්ටප්, ටීවි, කොම්පියුර, පෝන් ගත රාජකාරියකය අපි හැමෝම නිරතවෙලා ඉන්නේ. නමුත් එලියෙන් සිටින අයකුට පේන විදියට අපි පට්ට ලෙස බිසීය.

එහෙත් මීට සය වසකට එපිට අපි හොස්ටල් සිටි සමයේ හවස පහට හයට අධ්‍යයන ආයතනයෙන් පැනගෙන කඩේ ගොස් බඩුද රැගෙන වීරයින් මෙන් හොස්ටලපැමිණ ඉව්වෙමු. එකල උයන තෙක් තිබුනේ මාර හදිසියකි. ඒ කාලයේ උයන්නට නියමිත ඩයල් එක උයන්න හිටියේ නෑ කියන්නේ ඌට විශ්වාස බංග ගේන්න තරම් වෙන වැඩකි. එකල උයනවා කනවා, පොත් බලනවා, වැල පත්තර කියවනවා, මල් කඩනවා වැනි සීමිත රාජකාරි කීපයකි අපිට හොස්ටල් එකේ තිබුනේ. අද මෙන් එකල ලැප්ටප් ටීවි හෝ ස්කයිප් යන්න ඉස්මාට් පෝන් ආදිය තිබුනේද නැත. ඊට අමතරව අපේ ගෝතයන් බොහෝ දෙනකුට එකල කෑලි සෙට්වෙලාද හිටියේ නැත.

ලයිට් බිල් වැඩිවීම හේතුවෙන් අපි පරිණාමයේ ආපස්සට යා යුතු බවක් දැක්වෙන කාටුනයක් මනුපොතේ එහා මෙහා වනු මා දිටිමි. මට සැබැවින්ම එවිට කල්පනා වූයේ අපේ විදුලි පරිභෝජනයේ පවතින කළමනාකරණ දුර්වලතාවයයි.

ගම් බද ගෙවල්වල පවා අද කාලේ ශිතකරණ ඇත. එලෝලු මාලු ගන්නට කඩේට පොලට යන්නට විනාඩි දහයක් හොයාගන්නට නැති ගෑනු ටෙලිපෝං වලිං රට විස්තර පවා කතා කොර කොර පැය ගනන් නාස්ති කරයි. අදටත් ගම්බද පැතිවල මාලුකාරයා. පලා විකුනන ඇන්ටිලා එලෝලු කූඩ කරුවන් ආදිය දකින්නට ඇත. ශීතාගාරයක බහා කුනු වනතෙක් තබා නරක් කොරමින් කනවාට වඩා ලයිට් බිලටත් සීතල වන පරිදි අපිට නැවුම් එලවලු පලතුරු මාලු ආහාරයට ගත හැකිය.

නාගරික මනුෂ්‍යයින්ට වුව පසු දිනට පමණක් සරිලන පරිදි එලවලු ස්වල්පයක් මිලදී ගෙන එය හීත පෙට්ටියේ තියන්නේ නැතුව ආහාරයට ගත හැකිනම් සෞඛ්‍යය පැත්තෙන්ද වැදගත් වෙනු ඇති බව මගේ අදහස වෙයි. බොහෝ නිවෙස්වල පාසැල් යන තරමක් වැඩිමහලු දරුවන් සිටිතත් ඔවුන් උපන්තේකට උදේ පාන්දර නැගිටින්නෙ නැත. අම්මා සහ තාත්තා උදේ නැගිට උයලා බාත් රූම් හෝදලා රෙදි මැදලා ඔක්කොම කල පසු අර ඉස්කෝල යන හාමුලා දෙන්නා හෝ තුන්දෙනා නැගිටලා ඉස්කෝලෙ යන්නට සැරසෙති.

දරුවන් යනු හැමදා දරුවන්නොවේ. ඔවුන් පුංචි සයිස් එකේ සිටියත් ඉදිරියේදි විශාල මනුෂ්‍යයින් වීමට නියමිත නිසා ගෙදර දොරේ වැඩකට බෝංචි කරලක් කඩාගන්නට පොඩියක් තමුංගේම ඇඳුමක්හෝ තනිව අයන් කරගන්නට පුරුදු කරවීම ඔවුන්ටද කරන සෙතකි. එසේම අවසන එය නිවසේ පිරිවැය පාලනය බලශක්ති පාලනයටද වැදගත් වෙන දෙයකි.

බොහෝ නිවෙස්වල විදුලි බිල වැඩිවන්නට එක්තරා ප්‍රධාන හේතුවක් නම් විදුලි පංකාය. නිවෙස් තනන විට නානා මාදිලියේ ප්ලෑන් ඇතුව ලක්ෂණයට ගෙවල් තැනුවත් බොහෝ දෙනා වාතාශ්‍රය සිසිල ගැන සිතන්නේ නිවස තනා ඇඳන්ද දමා නිදාගන්නටද ගිය පසුය. නිවෙස් තැනීමේදීත් කාමර කුලියට ගැනීමේදීත් වාතාශ්‍රය ගැන සැලකිලිමත් විය හැකිනම් පසු කලෙක විදුලි පංකා වලට යන වියදම අඩු කරගත හැකි වෙනු ඇත.


 අපේ ජීවිත ගෙවෙන්නන් වාලේ අයාලේ ගෙවෙන්නට දුන්නොත් අපේ ලයිට් බිල් වතුර බිල් සහ අනෙකුත් බිල් ඉබේම අයාලේ යනු ඇත. ඒවා වෙන්ස කරගන්නට නම් අපි විසින් යම් කිසි වෙනස් කම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරගත යුතුව ඇත. නැතහොත් බලශක්තිය සහ ආර්ථිකය යන රැලිවලට හසුව අපේ පඩිපතෙන් ලොකු කොටසක් බිල් ගෙවීම පිණිස වැයවෙනු ඇත. 

අපි වැනි දුප්පත් වෙනත් රටවල් වලට සාපේක්ෂව බැලුවත් අපේ රටේ විදුලි බිල මෙතෙක් වැඩිවීමට හේතුව දැනගන්න මේන්න මේ රාවය ලිපිය කියවන්න.. 

බිල් වැඩිවෙන කාලෙ ටිකකින් හරි බිල් අඩුකරගන්න හැටි දැනගන්න මේන්න මේ සිළුමිණ ලිපිය කියවන්න...  

Sunday, May 5, 2013

ජාති‍යේ මහා ලොකු බැංකු (Our Nations Great Banks)


පුරාණ බැංකුවක් නොවේ....
ආයතනයේ අලුත් පරිඝනක ගත පද්ධතියක් ස්ථාපනය කරලා. ඒ මගින් තමයි අපේ අතිකාල දීමනා සහ වැටුප් ආදිය ගෙවෙන්නෙ. ලොකු තැන් වල අනුමැතිය ගන්නෙත් මේ පද්ධතිය හරහාමයි. ඉස්සර වගේ කොළ අරගෙන අතන මෙතන යන්න ඕනි නැහැ කියල තමයි මහත්වරු කිව්වෙ. ඒත් ඒ පද්ධතිය ආවට පස්සෙ මටත් මගේ යාලුවොන්ටත් නියම පරිදි වැටුප් ලැබුනෙ නැහැ. ඒ ඒ ලොකු මහත්වරුන්ට ඔබන්න ටික් කරන්න අමතක වුනාම අපෙ අතිකාල දීමනා වල කොටස් අඩුවෙනවා.

ඉතිං සමහර වෙලාවට මේන් මේ ගාන ඔහේට දැන් ගෙවිලා කියලා පද්ධතියෙ පෙන්නුම් කලත් බැංකුවට ගිහිං බැලුවම තියෙන්නෙ පුරුදු ගානමයි. එතකොට අපි විසින් ඒක පැමිනිලි කරලා පලෝ කරලා පඩි ටික දාගන්න ඕනි..

ඒ නිසා මම තීරණය කලා පොතෙන් සල්ලි ගන්න. එතකොට පොතට කොයි තරං සල්ලි වැටිලා තියෙද මගේ ලෝං වලට කොයිතරං කැපිල තියෙද? මේ අපේ පඩි ගැන පද්ධති වල තියෙන ගානම බැර වෙලා තියෙද කියලා බලාගන්න පුලුවනි.

මං සාමාන්‍ය යෙන් පොතෙන් සල්ලි ගන්න යන්නෙ නැහැ. මොකද මගේ අස්සන හැමදාම වරදිනවා. එහෙම වැරදුනාම බැංකුවල ඉන්න ගෑනු මගේ දිහා බලන්නෙ හොරෙක් දිහා බලනවා වගේ. කන්නාඩි දාපු මැදිවයසෙ අංකලෙක් ඇවිල්ලා කන්නාඩියට උඩින් මගෙ දිහා බලනවා. යකෝ මගේ එකවුන්ට් එක මගේ කියලා අදුනගන්න බැරි එක මගේ වැරැද්දක්ද? අනේ මන්දා.

මං සතියකට සමහර කාලවල අස්සන් දෙතුන් සීය ගහනවා. මොකද කන්තෝරු රාජකාරි වලදි අස්සන් ගැහිල්ල තාම ජයට යන නිසා. ඉතිං සදුදා ගහන අස්සන සිකුරාද වෙනකොට වෙනස් වෙනවා පොඩියක්. ඉතිං මාස ගානක් ගියාම ටිකක් අස්සන වෙනස් වෙනවා. බැංකු වල තියෙන බංකු ආදිය එක එක උස...අස්සන ටෙස් කරන තැනදි අපි අස්සන ගහන උසේදි නෙමෙයි සල්ලි ගන්න තැනදි අස්සන ගහන්න තියෙන්නෙ. මේක විහිලු කතාවක් විදියට පේන්න පුුලවන් කෙනෙකුට..ඒත් එක එක උස වලදි ගහන අස්සන් වල ස්වභාවය වෙනස් වෙනවා කියලා මට දැනිලා තියෙනවා.

ඉතිං සල්ලි ගන්න බැංකු පොත අරං ගියාම සල්ලි ගන්න ස්ලිප් එකේ තැන් තුනක් අස්සන් කරන්න ඕනි...මට මතකත් නැහැ කලිං ගැහුවෙ දිග අස්සනද කොට අස්සනද පලල් එකද කියලා.මේ පාර කොට එක ගැහුවා. ඒ කැසියර් කෙල්ල මහත්තයා ගාවට ගියේ මොන්ටිසෝරි පන්තියෙදි කෙල්ලන්ගෙ පුක මිරිකුවාම දුවල ගිහින් ටීචට කියන්න යනවා වගේ. ලොකු මහත්තයා ආවා.මම කලින්ම අත්සනගහපු එකවුන්ට් එක ඕපන් කරපු සාකාවටම ගිහින් සල්ලි ගන්න කිව්වා. ඉතිං මං බොහොම සංවර විදියට හිනාවෙලා බැංකුවෙන් එලියට බැහැලා අනික් සාකාවට ගිහින් පැය බාගයක් විතර පෝලිමෙ ඉදලා..හරි අස්සන විය හැකියැයි කියන එක හොදට හිතලා ගැහුවා..

සල්ලි ලැබුනා. මට හරි සන්තෝසයි. මං වචනයක් වත් කාටවත් කිව්වෙ නැහැ. බැංකුවට බැන්නෙ නැහැ. බනින ටික මං ඉන්ටනෙට් එකේ පෝස්ට් දාන්න ඉතුරු කරගත්තා. මොකද අපි සයිබර් කාඩ්බෝඩ් විරයොනේ..අපේ අනන්‍යතාවය අපි ඉතිරි කරගන්න ඕනි. නැත්තං එතනම බැනලා කරදර කරන්න ගියාම අපි නාට්ටාමිලා ගානට වැටෙනවා.

ඉස්සර කාලෙ කණ අස්සන කියලා එකක් තිබුනාලු..ඒකෙදි කරන්නෙ ඇගිලි සලකුන අස්සන් කරන්න ඕනි තැන තියන එකලු. ඒහෙම තිබුනනං කොයි තරං නම් ලේසිද? අස්සන් ගහන්න හිතන්න ඕනි නැහැ. ගිනුම් අංකෙයි, ඕනි සල්ලි ගානයි ඇගිලි සලකුනයි විතරයි තියන්න ඕනි. නම ගම විස්තර ගිනුම් අංකයෙනුයි ඇගිලි සලකුනෙනුයි සර්ච් කරලා ගන්න පුලුවන් නේ. එතකොට අපේ අකුරු දන්නෙ නැති නැන්දලා මාමලාට අයියලා අක්කලාටත් ලේසියෙන්ම සල්ලි ගන්න පුලුවන්.

අස්සන නං හොරාට වුනත් ගහත හැකි. මං දන්න ලොක්කෙක් ඉන්නවා තැනක. එතන ඉන්න පියන් උන්නැහැ සෝක් එකට බොසාගෙ අස්සන ගහනවා. හොයන්න හරිම අමාරුයි.අපි නිතර දෙවේලෙ දකින අත්සනක් තියෙන මහත්තයෙක් ගමු. ඒ මහත්තයා බැංකුවෙ වැඩට පාවිච්චි කොරන්නෙත් ඒ අස්සනමයි. ඉතිං ඒ වගේ වෙලාවට අපිට අස්සන පැක්ටිස් වෙලා වෙලා ගිහින් මහත්තයාගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න ඇහිකි නේ. මොකෝ අස්සන තියාල අනික් අස්සනත් තියාල ඉස්කැන් කොරලා බලන්නෙ නැහැනේ. බැලු බැල්මට හරි නං එච්චරයි. අයිඩන්ටි කාඩ් හදන තැන් නං ඉතිං කොයි තරං නං සුලබද මේ කාලෙ ...


මේ වගේ වෙලාවට අර ඇගිලි සලකුනු ක්‍රමය එනවනම් පංකාදු පහයි. බැංකුවටත් අපිටත් ලේසියි. මං කලින් කිව්ව කණ අස්සන ක්‍රෙම් නැත්තං පොස් විදියට පිංගර් ස්කෑනර් තියන්න පුලුවන් කවුන්ටර් වල. එතකොට අපිට හිටගෙන නිදාගෙන නෙමෙයි පෙරලීගෙන අත පය කඩාගෙන ආවත් අර ඇගිල්ල චුට්ටක් මැසිමට තියලා සල්ලි ගන් ඇහැකි. අමාරු ලෙඩෙක් වගේ ඉන්නවා නං පෝටබල් මැසිමක් ගෙනියලා ලෙඩාගෙ ඇගිලි සලකුනු අරං ලග ඉන්න නෑයොන්ටත් ලෙඩාගේ එකවුන්ට් වල සල්ලි ගත හැකි එතකොට. කොයි තරං ලේසිද?
බැංකුවකට අදාල නොවන ගල් කණුවක්..
අකුරු දන්නෙ නැති නැන්දිලා මාමලා අයියලා ඉන්නවා කියලා ගොඩක් අය දන්නෙ නැහැ. ලංකාවෙ සාක්සරතාවය මෙච්චරයි කියලා කියනවා. ඒත් සාක්සරතාවය මනින්න බුවෙක් මගේ උපන්තෙකට අපෙ ගෙදරට බෝඩිමට ඇවිල්ලා නැහැ. මගේ යාලු මිත්‍රෙයන්ටත් එහෙම සාක්සරතා පරීක්ෂකයෙක් ආවද කියලා මතකයක් නැහැලු. අකුරු දන්නවද කියලා නං අහනවා සංගනනන වලදි. යකෝ එහෙම අහනකොට කවුද නොදන්නවා කියන්නෙ. ඉලක්කං දන්නවා වුනත් අකුරු සාස්තරේ දන්නෙ නැති අයට ඒ ටී එම් මැසිම හොද තැනක්. ඒත් මට වගේ සල්ලි කොච්චර තියෙද ලෝන් වලට කොච්චර කැපෙනවද කියලා බලාගන්න ඕනි මිනිහෙක් ඒ වෙලාවෙදි අසරණ වෙනවා.

එහෙමත් තැනක සාර්ථක බැංකු මැනේජර් මහත්තුරු ඉන්නවා. ඒ අය මිනිස්සුන්ගේ ඇදුම අමුඩෙ දිහා බලන්නෙ නැතුව සලකනවා. ඒඅයට නම මල් මිටියක් නෙමෙයි බොකියක් දුන්නත් වැඩි වෙන්නෙ නැහැ. නමුත් සමස්ථ ලංකාවෙ බැංකු පද්ධතියම තියෙන්නෙ දුප්පත් සාමාන්‍ය ජනතාව බයකරන මුහුනතකින්. සුහද බව තියෙන්නෙ ලේබල් වල විතරයි.

අප්‍රිකාවෙ ඉන්න සිංහල බ්ලොගර් කෙනෙක් ඉන්නවා. මිනිහා කියලා තිබුනා එයා ඉන්න අප්‍රිකානු රටේ ඒටී එම් මැසිමක් ලග තියෙන්නෙ හෙන දිග පෝලිමක්ලු. එක තැනකින් සල්ලි ගන්න පෝලිමෙ ඉන්නකොට එකපාර සල්ලි නැතිවෙනවාලු.. ඊලග මැසිම හොයාගන්න ගොඩක් දුර යන්න ඕනිලු. ඒ වගේම ඒ පරණ මැසින් වල කාඩ් බොහොම ඉක්මන්ට හිර වෙනවාත් එක්කලු.

ඉතිං අප්‍රිකාවෙ ඒ රටවලත් ලංකාවෙ වගේම බොහොම හොඳ විදේස උපාදි ගහපු අය ඇති. එහෙත් හොඳ මැනේජ්මන්ට් කොස් අනං මනං ගොඩක් තියෙන නමේ අකුරු ගාන්ටත් වැඩිය දිග සුදුසුකං තොගයක් තියෙන මහත්තුරු බැංකුවල ඇති . ඒත් වැඩ සිද්ද වෙන්නෙ අර විදියට.

ඒ අතිං අපි බංගලාදේසෙට අප්‍රිකාවට වඩා හොදයි කියලා සතුටු වෙන්න ඕනි. ඒගැන ආඩම්බර වෙලා සිංහයාගේ ලෝම ගැන ආඩම්බර වෙන්න ඕනි. ජයවේවා.

Friday, May 3, 2013

මඩ ගොඩේ මල් හීන

මල් කඩන අපිට කොයින්
 
මල් ගන්න අයියලා,මාමලා

 
විල් තෙරේ මඩ ගොඩේ

මල් එක්ක අපි තනිවෙලා..


කවි හඩින් මල් ගන්න කියන්න

සවි තියෙනවා අපිට.

ඡවි පාට නැතත් සම

අවි තරම් දරුනු නැහැ අපි.


මඩ දිගේ ඇවිදගිය

පසු තෙමුනු ඇඳුමින්

මා ඇවිද යන දසුන වෙත

නුරා ඇස් වැටෙයි

විල නාන කොල්ලන්ගේ


නෙතින් පිනලා දසුන

පසුව රෑ සිහිනයෙන් මාව

නිරුවත් කරාගෙන

සැප ගනීවි..උන්...සිතින්..


දෙන්න දෑවැද්ද නැති..

ඉන්න තැන හරියට නැති

කන්න බොන්නෙත් අමාරුවෙන්..

එහෙව් අපේ පැලට

ඉර විතරයි නෙව එබෙන්නේ..


වතුරට නිතර තෙමී

මඩ වතුර ගෑවි ගෑවි....

සිටින නාරි ලතා මල..

ඔන්න ඔහෙ හිටපං


තිහත් පැනලා ගියාට.

එකෙක් නැති වුනාට

රොන් ගන්න..

මට උඹව වැඩි නැහැ.

Thursday, May 2, 2013

බරං ගෛ මැයි දින දේශාටනය (Voyage of berg)


හම්බේ උදේ පාන්දරින් නැගිටින්න තිබුන අමාරුව. අපරාදෙ කියන්න බැහැ සෝමක්කා නම් පාන්දරම නැගිටලා තිබුනාය. ඒ ගෑනිට මෙච්චර රෑ වෙලාත් නින්ද යන් නැද්ද මන් දන්න නැත. ඒත් නැගිට්ටුව එක හොදය. නැත්තං මැයි දවසේ එක බස් එකකටවත් සීට් අල්ලලගන්න බැරිවෙනවා ඇත. මැයි දවසේ නිකං යන්න තිබුනාට බස් වල සීට් අරගන් හරි අමාරුය. මං ඊයෙ හවස බොරු නොන්ඩියකුත් තියාගෙන හිටියේ මං සීට් එකක වාඩි වුනත් ආච්චි පතයක් හෝ සීය පොරක් ඇවිත් සිට් එක ගනීවිය කියලාය. මං මැට්ටා වුනාට සමහර දේවල් වලට දක්සයා බව මුදලාලියාද(පුංචි මහත්තයා) ඉදහිට කියයි.

මගේ නම ෂකරබර්ග් ය. අපේ අමරිකන් බාප්පා තිබූ *කන නමකි ඒක. ඌ අමරිකාවෙ නං මොකට තිව්වද මන් දන් නැත. ෂකර හැලී දැං ගමෙ උන් කියන්නෙ බරං කියලාය. බරං වරෙං ආතල් එකක් ගන්න මැයි දවසෙවත්..තෝ හැමදාම තේ හදල හරියනවයි..? මේ මට මැයි දවසේ යන්න ලැබුන ආරාධනයයි. කාලයක් අංගොඩ සහ මුල්ලේරියාවේ සිටි මට හැමදාම පිස්සු බව මුං හිතයි. ඒත් නිකං යන මැයි දවසේ ටිප් එක මරුය. එය මගඅරින්නට හොද නැත.

රතුපාට නාකි සමග ගිය විට ලැබෙන හත්වලාමක් නැත. මහින්ද ලොක්කට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය කියලා උන් මහ හයියෙන් කෑ ගහයි.. ඒ වුනාට ඒවා කාටවත් වැදෙන් නැත. ගිරිය තුවාල වෙනවා විතරය. කොලපාට උන් සමග යනවිට සෝමසිරි අයියා ඒ සෙට් එකේ ඇත. සෝමසිරි අයියා එන පාට හොඳ නැත.ඌ බුරිය අල්ලයි. තව ටිකක් බිව්ව විට පයියෙනුත් අල්ලයි. මිරිකයි. ඇයි වදේ සෝමසිරි අයියටද ඇත්තෙ එකම මට වගේම මැන්ටල් කෑල්ලකි. ඒත් උගේ ලයින් එක අමුතුය. උගේ පක්සේ ලොකු උන්ටද එහෙම ලයින් එකක් ඇති බව මං ඒක පුංචි මහත්තයාට කිව් විට ඔහු කිව්වේය. ගොඩක් බිව්ව විට සෝම සිරි මගේ චූ කෑල්ලෙන් අල්ලලා මිරිකයි. චික් වනචරයා.. මට උගේ පක්සෙත් එක්ක එපාවිය. ලබ්බෙ පක්සෙ කවදාවත් බලේට එන්නෙ නැත.

මේ නිල් කුට්ටිය එක්ක ගියද එකෙක් දෙන්නෙක් නිකමට වගේ චූ කෑල්ලෙන් අල්ලලා අමුතු විදියට හො හෝහ් ගායි. ඒත් ඒ තරං වදයක් නැත. ඉඳහිට එකෙක් මගේ කිචි පින් එකෙන් ද අල්ලයි. බඩ දෙපැත්තෙන් ඇල්ලුවාම මා හට හිකිස් ගා හිනා පනී.එතන හරි කිතිය. විටෙක අම්ම මූ නැතිව කුනුහබ්බද කටට එයි. දවසක් පංසලේදී මොකෙක්ද වාහෙ කෙනෙක් මගේ බඩ දෙපැත්ත අල්ලුවේ හාමුදුරුවො පංසිල් දෙන විටය. බොලෑ අම්මට...කියා පටන් ගත්විට වටපිට සිටි කී සියක් උන් මගෙ දිහා බැලුවෝය. ඒ බඩ දෙපැත්ත ඇල්ලූ විට සිනා යන එකට පුංචි මහත්තයා කියන්නේ බරං ගේ කිචි පින් එක කියලාය.

ඔය බරංගෙ කිචි පින් එක අතෑරපල්ලා...තොපේ තියෙන ලබ්බක් අල්ලගනිල්ල ඔය බරං කාරයට ඉන්න ඇරලා. අනික බොලා ගේ බාප්පලෑ වයසෙ එකෙක් නෙව බරං කියන්නෙ. ඕක නිකං බරං නෙමෙයි ෂකරබරං... තොපි කුනුහබ්බ බලන්න යන පේස්බුක් එක හදල තියෙන්නෙත් සකරබරග් කෙනෙක්ලු... ඒ අපේ පුංචි මහත්තයා මගේ කිචි පින් අල්ලන්නට ආවිට ස්කෝලෙ සහ පන්ති යන කොල්ලන්ට බනින්නෙ එහෙමය. ඉස්කොලේ සහ පන්ති යන කොල්ලෝ කියන්නනෙ පේස්බුක් එකෙ කුනුහබ්බ නැහැයි කියලාය. ඒ වුනාට කඩේ පුංචි මහත්තයා දෝනියැන්දාට පේස්බුක් යන්නට දෙන්නෙ නැත. ඒකෙ කුනුහබ්බ ඇතැයි පුංචි මහත්තයා සිතයි.

කුනුහබ්බ කෑලි බලන්න මක්කටෙයි කොම්පිතර...අර බෝක්කුව ගාව හැන්දෑවට ඉන්න උන් පෝං ඔබ ඔබ බලන්නෙ ඕව නෙව. මුං මට ඒව පෙන්නලා ටික වෙලාවක එනවා මගේ චූ කෑල්ල අල්ලන්න..ඒක මහත් වෙලානං මුං හිනාවෙනවා හොක හොක ගගා... ඒ නිසා මං ඒ හෙලු කෑලි බලන්නට පනින්න යන්නෙ නැත. “පරං බක ලොකු වෙලා නෙව මේ ඩිංගට“ඒ වෙලාවට බෝක්කුඩ(බෝක්කුව උඩ) ඉන්න උන් කියයි.

බස්තුනක් ආව අතර මට යන්න ට ලැබුනේ හොද වෙලාවට ගෑනු ඉන්න බස් සෙකකය. ගෑනු කීවාට උන් අම්මන්ඩිලාය. ඇහට කණට පේන උන් නැත. මැයි පලවෙනිදා තියෙන වැඩේ නාකින්ගේ වැඩක් විය යුතුය. යන තරමක් පස්ස වලිං යන්නේ නාකි හැත්තය. මං කොලපාට රතුපාට නිල්පාට තුනටම එකේක (එක එක ) අවුරුදු වල ගිහිල්ල තිබුනාට ඒ හැම එකේම වැඩි නාකින්ය. නාකි වෙන්නට ඔන්න මෙන්න ගෑනුද එයි. ගෑනු බස් එක එක අතකින් හොඳය. අරක්කු හෙම බොනවිට එතරම් වදයක් නැත.හිමීට හැංගිලා වගේ බොයි.

යකෝ කාටවත් කියන්න එපා...තොපි දන්නවනේ අපේ කඩේ වැඩකොරන සෝමා...අර කඩේ ගෙදරයි වැඩකරන්නෙ..ඔන්න ඕකිත් අරක්කු බොනවලු ...මටනං අහුවල නැහැ. ඒත් අරක්කු ටිකක් වද කොරලා පොවාගත්තනං සැපක් ගන්න ඇහැකි වෙයි කියලා දෙන්නෙක් කතාවෙනවා ඇහුනා. ඔය ගෑනිගෙන් මොන සැපද.? අනේ මන්දන් නැහැ. ඒකි මේ බස්සකට නැගල නැහැ. මට අහුවෙයි කියලා වෙන්න ඇති අරක්කු බිව්වම.

දැන් බස්සෙකට නැග්ග වෙලාවෙ ඉදලා පක්සෙ ගැන වරුණාව කියවන්නට එකෙක් දෙන්නෙක් පටන් ගනී. ඒත් ඒවා වැඩිවෙලාදුවන්නෙ නැත. පාරවල්, වරාය, ආයි පාරවල්, ආයි වරාය, ආයි අලුත් ගුවන් තොටුපල, ආයි නෙලුම්පොකුණ ආයි වෙන එකක්...ඔය ටික හැමතිස්සෙම ඇහිලා දැන් අතිවෙලාය. කඩේට තේවතුර බොන්න එන නිල් පාට උන්ද ඔය ටික පස්ට ගහයි.




පිස්සං කොටුවෙ ඉදලා එනකොට වැඩිය මේ ගමන හොදය. මටද අරක්කු ටිකක් ලැබෙයි. මේ පාරනං කෑමත් හොඳය. ඉඳලා හිටලා අපේ වීල්ගොඩ මහත්තයා පැමිණ ආයිබෝං කියලා යයි. වීල්ගොඩ...අපි වීල්ගොඩට වීල්ගොඩ අපිට. වීල්ගොඩ එනවිට පස්සෙන් අරක්කු කොක කෝලා පැනි බීම *ංජා ආදියද එයි. අනේ වීල්ගොඩ මහත්තයා දෙයියෙක්... විටින් විට බස්රිය නවත්ව නවත්වා යන අතර සමහර තැන්වලදි නගරවලදී බස්රියෙන් ඔලුව එලියට දාගත් සමහර අය ජයවෙවා ජයවෙවා යයි කෑ ගසති. මාද නිකං යන ට්‍රිප් එකේ ආතල් එකක් තියෙන්න ඕන නිසා ඔලුව එලියට දමා කෑ ගැසුවේය.

මුලින් දේසාබිමානී සිංදු කියන අතර ඒවායේ පද වැඩිය කට්ටිය දන්නෙ නැත පස්සෙ පට්ට ගහන්න ගන්නේ ජෝතිපාලය. මං කැමති අජිත් මුතුකුමාරණ දමිත් අසංක චාමර ගේ සිංදු කියන්න ලැබෙන්නේ ලොක්කො ටික හෙම්බත් වුනාමය. මං සිංදු කියනවා ලස්සන නැත.ඒත් හොද අනාගතයක් තියෙනවා යැයි ඇන්ටිලා කියති. අනේ උන්දැලෑ අනාගතේ. දැං ඉතිං මුකුත් කොරගන්න බැරි කාලෙ යනවා ටිප්..පුලුවං කාලෙ ගෙවල් ඇතුල ඉදලා..

මෙය ආන්ඩුවෙ වැඩක් නිසා කට්ටිය වැඩිය.හැමපැත්තෙන්ම බස් එනෝ අපි දැක්කෝය. ගොඩක් සී ටී බී බස්ය. අපෙ ගමටත් උඩහා ගම් වලට යන බස් අද නැත. ඒ පැත්තේ උන් කලිං දවසේ ටවුමට යන ඒවා ඔක්කොම කොරගන්න ඕනය. නැත්තං බස් නැිත එකට බැනලා වැඩක් නැත. පුංචි මහත්තයාද පුංචි මහත්තයාගේ පියාද කියන පරිදි ඒ ගොල්ල දන්නා කියන කාලෙ ්ඉදලා මැයි දවස එහෙමය. මිනිස්සු බුරුතු පිටින් වන්දනාව යන්න මෙන් කොළඹ ගොස් පෙලපාලි යයි.

ඇත්තටම පාරවල් නම් ඉස්සිලාය. නැගුම නිසා නැගලා ඇති බව මටද පෙනෙයි. නැග්ගාට පාරවල් පලල් වෙලා නැතැයි කොල පාටියේ කට්ටිය කඩේට තේ බොන්න ආවිට කියයි. අනේ උන්ගේ කුනුහබ්බ. මග නැග්ගුවම කියනවා නැග්ගුව විතරයි පලල් කලේ නැහැ කියලා. මග පලල් කලොත් කියයි කෝ පලල් කොරල විතරයි නේ මග නග්ගල නැහැ කියලා. ඔය කියන කියන විදියට කොරන්න ඇහැක ආන්ඩුවට.

කොළඹට කිට්ටු විය. මට හොඳ නින්දකුත් ගියේය. මගදී දුන්න බත් එකත් වැරැද්දක් නැත. මාලු කෑල්ල නම් පොඩි වුනාට වීල්ගොඩ මහත්තයා කෑම හොඳට තෝරලා ඇත. මක්ක නැතත් කන්න ටික නං දුන්නා හොදයි..නාකි ගෑනු ටිකද කිව්වෝය. කන්න ටික විතරක් නැතුව බොලාට ඉතිං මේ නහින කාලෙ වෙන මක්ක දෙන්නද? යැයි අහන්ට කටට ආවත් මට ගුටිකන්න බැරි නිසා නිකං හිටියේය.


කොළඹ වෙල් මැද පාරවල් හදලා ඇත. ඒවායේ අර ගැංගම් ඉස්ටයිල් සිංදුවේ ගෑනු වගේ ලස්සන ගෑනු බාගෙට හෙලුවෙන් දුවන බව කොළඹ පුරුදු එකෙක් කීවේය. ගැංගම් ඉස්ටයිල් සිංදුව හැම චීන පෝං එකේම ඇත. මට පෝං එකක් ගන්න ඕන නැත්තේ මට කෝල් එන්න නැති නිසාය. ඔය සිංදු වීඩියෝ නං අනික් උන්ගෙ පෝං වලිං අහන්න බලන්න ඇහැකිනේ. පුංචි බබා (බබා කිව්වාට මේකි ලොකුය..ඒත් පුංචි මහත්තයාගේ දුවට පොඩිකල සිට කියන්නේ පුංචි බබා කියලාය) ද මගෙන් පෝන් එකක් නැ්තතේ මොකෝ යැයි අසුවාය. මට කෝල් කරන්න කාරුත් නැහැ යි කිව්වාම..


ඇයි බරං අයියගේ ගේල් පෙන් කෙනෙක් නැද්දැයි අසුවාය. අනේ මගෙ කට...කටේ පැණි සුවද යන්නට කලිං ඒකි කොල්ලො අමාරුවෙ දැම්මට මට කොහේද ගෑනු. බස් එක මැද අරක්කු සුවඳ සිගරට් සුවඳ එහෙ මෙහෙ යන්නට විය. මටද ගමේ උන්දැ කෙනෙක් වරෙං බං බරං...තොගෙත් තියෙන ආලපන. කියලා කතාකලේය. බරංටද සොට් දෙක තුනක් වැටුන විට සිංදු ආදිය එලියට ආවේය. ටිකකින් සොට් පහක් විතර ගත් පසු මා බස්සෙකේ මැද බාර් එක අල්ලං නැටුව බව පසුව ආච්චිලා ටික දැන්නුවාය.


මේ යන ගොඩක් උන් පවුල් කාරයෝය. වීල්ගොඩ මහත්තයා ගෙන් පුතාට දුවට රස්සාවක් ගන්නට සමහර එවුං යති. තව සමහර උන් මේක චාරිත්තරයක් විදියට ගෙන හැමදාම යයි. මං වැනි කිසිම වැඩකට නැති හාල් කෑලි මිනිස්සු තවත් ඔලුවක් වෙනුවෙන් යනවා නොවේදැයි දවසක් ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය. ඈ බං බරං...තෝ රතු පැත්තෙ වැඩවලටත් යනවා..නිල් පැත්තෙ වැඩවලටත් යනවා..කොළ එවුං කතා කලොත් ඒවටත් යනවා...තෝත් හරියට අර පඳුරක් ගානෙ රුපියල් පන්සීයට නිදාගන්න ගෑනු වගෙ නේ බං..

ඉතිං ඉස්කෝලෙ මහත්තයො ඔය පාට තුනේම උන්ට තේ බොන්නයි පච හලන්නයි අපේ කඩේට රිංගන්න හොදයි. උන් තුං ගොල්ලන්ටම අපේ සෝමක්කයි පුක මිරිකන්න විහිලු කරන්න හොදයි. ආප්ප තැම්බෙනකල් පච කිය කිය බංකුවෙ ඉන්න හොදයි. ඉතිං ඒ කඩේ ඉන්න මං තුන් ගොල්ලගෙම මිටිං වලට ගියාං හොද නැහැ කියලා ස්කෝල මහත්තයා කියනවා. ඉස්කෝලයා වැඩිය මං කතාකරනවාට ආස නැත. ඌ කියන පන්ඩිත කමක් කට බලියං ගහගෙන අහං ඉන්නවාට ඉස්කෝලයා ආසය. මං අනික් උන් කියනකොට කට වහං හිටියාට කෝපි කඩේ කුරුමා වැනිව පන්ඩිතයා වෙන්න හදන ඉස්කෝලයා ගේ වචන වලට මට තරහ යයි.

ඒ බං කඩේ තියෙන පණ නැති ඒව නේ හැමෝම පාවිච්චි කරන්නෙ..උඹට පණ තියෙනව නේ.. ඉස්කෝලයා පිලිතුරු දෙයි...
හුම් හුම් ඉස්කෝලෙ මහත්තයාත් කොල පාටියෙන් රස්සාව අරගෙන පිංසිපල් කම ගන්න නිල් පාටිය පස්සෙ යනවා කියලා මිනිස්සු කියනවා..අනේ මන්දා ඉස්කෝලෙ මහත්තයො අපි ඉතිං පොඩ්ඩක් පාට තුනටම ගියාම තමයි පස්නෙ..මහත්තැලා ඉතිං...

කියලා කියනකොටම ඉස්කෝලෙයා කොහේද මක බෑ වෙලාය. මිනිහා පේන තෙක් මානෙක නැත. දැන් ඉස්කෝලයා මං වැනි පිස්සෝ එක්ක කතාකොරන එක මෝඩකමක් යැයි කාටහරි කිය කියා යනවා ඇතිය. මට පිස්සුයැයි ලෝකෙට පෙන්වන්න හදන එකෙකි ඔය ඉස්කෝලයා. ඌ හිතන්නේ හැමදාම ගෙනියන පොත් ටික උස්සගෙන ගිහිං හැමදාම උගන්නන බොරු ටික ලමයිට කියලා ආවම ඌට කඩෙං නිකං තේ වතුර දෙන්න ඕනිය කියලාය. ඒවා මං එක්ක නැත..ඉස්කෝලයාගෙන් වුනත් ආප්පෙට හරියන ගාන ඉල්ලගන තේවතුර එකට හරියන ගාන ඉල්ලගෙන මිස මම පස්ස බලන්නෙ නැත. පුංචි මහත්තයා එහෙම කොරන්න එපාය කියන තුරු මම එහෙමය...

දැන් ඉස්සර වගේ පක්ස කෙරුවාව කරන්න බැරිය. මිනිස්සු වැඩිමනක් එන්න බැරි යැයි කියයි. පහුගිය දොහක රුපියල් පන්සීය ගානෙ දීලා ගල් බෝතල් බාගෙකුයි බත් පැකට් එකකුයි දීලත් මිනිස්සු බස් දෙකක් හොයාගන්න දහ දුකක් වින්ද බව වීල්ගොඩ මහත්තයාගේ කකුලක් වෙන පැන්ටිස් අයියා කිව්වේය. ඒ වුනාට මැයි දවස නිවාඩු නිසාත් කලිං ලෑස්ති වෙන්න ඇහැකි නිසා කොළඹටම යන නිසාත් කට්ටිය මැයි දවසේ නම් වැඩිය එන්න බැහැයි කියන්නෙ නැත.

දවල් දොලහ එක විතර වෙනකොට මැයි පෙලපාලි පටං ගනී. එතකොට නෙලුම් පොකුණ ලගට යන්න ඕනලු. හා හා අන්න අර බස් සෝල්ට් එක..අර වීරවංශයා හදපු එක..ඕක සල්ලි ගහගන්න ඇති හොද ගානක්..

ඒ වුනාට ඒක ලස්සනයි අනේ අපේ ගම් ඔල කොහොමයි ඔහොම ලස්සන ඒවා තියාගන්නෙ...කොල්ලයි බල්ලයි ඇවිත් ලගින්න ගන්නවනේ......කොළපාට ඉටිකොලයක් වගේ එකක් ගහපු යූ ඇන් පී පාට පක්ස කාර්යාලයක් වගේ මොකද්ද මඩුවක් වගේ එකක් පෙන්න පෙන්න පෙන්න බස් එකේ උන් මොකක් ද කියවයි. මම දැන් අමුතු වෙලාය.මට අනික් උන් කියන ඒවාද කොරන ඒවාද කැරකිලා පෙනෙයි.ඩෝප් එක ඇගට දැනෙමින් එයි...

ඔන්න පොකුනට ගෙනත් බැස්සුවාය. පොකුණ කිව්වට ඒකෙ වතුර නැත. බිත්තර ආප්පයක් වගේ ලොකු බිල්ඩිමක් තිබුනි. කොළඹ අලුතින් බිල්ඩින් හැදිලා ඇති බව ඒවායේ වැඩකොරන කොල්ලෙක් කිව්වේය. බිල්ඩින් වල වැඩකරනෝය කිව්වේ උන් බිල්ඩිමේ මහත්තුරු නොවේය. ගමෙන් කලිසම ගහලා ආවට උන් ඒවායේ කම්බි අමුනයි නැත්තං සිමෙන්ති අනයි.

මෙච්චර ලස්සනට මේ ටවුං තියෙනව..හැම තැනම පේමන්ට් පවා හදල නෙව. බලන්න පාරවල් වල බත් දාං කන්න ඇහැකි..එහෙමට තියාගෙන මේ කොළඹ හැත්ත තාම යූ ඇප් පීනෙ... මුං ඔක්කොම තම්බි එලවන්න ඕනි රටටම. මුංට ඇස් දෙකට පේන කන් වලට ඇහෙන දේවල් විස්වාස කරන් බැරි හැටි. සික් අම්මපා..මිනිස්සු වුනා ට මුං මහ කුඩුකේඩු ජාතියක්.

එකෙක් කුඩුවෙන්න ගහලාද කොහෙද ආන්ඩුවෙ හොඳ කියයි.

සහෝදරවරුනි මේ ලස්සනට තිබුනාට මේ ව චීන බඩු ..මේ චින සල්ලි නැත්තං අමරිකන් සල්ලි.. මේ හැම එකකටම අපි නයයි. මේ පාගන ටයිල් කැටයක් මේ පාගන පාරක ගලක් ගලක් ගානෙ අපේ පරම්පරා ගානකට අපි ණයයි. අපිට මේ ධනපති ආන්ඩුව එක්ක තවත් දීග යන්න අදහසක් නැහැ. තවත තවත් ජනතාව ණය බර තුල සිරවෙලා..අද කන්න බොන්න නැතුව ජනතාව ඉන්නකොට මේ අය කොළඹ අමුතු සුරපුරයක් හදලා තමුංගෙ පන්තිය නඩත්තු කරන්න යනවා..

මීට පෙර අවුරුද්දක රතුපාට කට්ටිය එක්ක ආවම එකෙක් කියපු කතාවක් බරං ට මතක් වුනා..

මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සරවෙලා අපි ආන්ඩුවට කියනවා ජනතාවට සහන දෙන් කියලා..අද ජාත්‍යන්තරය පවා මේ රට ගැන කළකිරිලා ඉන්නෙ.. අද හැමදේම එක නමකට යට වෙලා..නීතිය වල් වැදිලා.. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. ඒත් අලුත් වංචාකාරයො ටිකක් හදලා ඒගොල්ල රේස් යනවා..

ඒ පහුගිය පාර කොළපාට කට්ටියගේ මැයි දවසේ කතා කෑල්ලකි.

මේවා කියන විට මොන තැනදී අත්පුඩි ගහන්න ඕනදැයි කතාවෙන්ම අල්ලා ගන්නට දැන් බරංට හැක. මුල් දවස්වල චන්ද රැස්වීම ්වලට යනවිට බරං අනික් අය දෙස හොඳින් බලං ඉන්නේ කොයි වෙලාවෙ අප්පුඩි ගහන්න ඕනද කියලාය. දැන් නම් බරං කටහඩින්ම කොතැන අත්පුඩි වැදිය යුතුදැයි දනී.

එකපාර කඩාපාත්වුන වැස්සට බරං තෙමුනේය. සමහර ගම්වල ගෑනුන්ගේ පිටට පේන සාරි බෑය හෝ හැට්ට කෑල්ලට යටින් ඇති ගෙවී ගිය එල්ලෙන බොඩි කෑලි පේන්නට විය. ඒත් ඒ තෙමුන හැට්ට අතරින් පේන පරණ බොඩි කෑලි ටීවි වල පෙන්නුවේ නැත. වතුර බේරි බේරි ඇදෙන සුදු සරං අස්සේ තියෙන සීයට තුනේ ජොක්කු ද ටීවි එකේ පෙන්නුවේ නැත. අරක්කු උඩින් කෑ ගහ ගහ ඉදිරියට යන රැලට බරං ද එකතු විය. මේ කියන්නේ මක්කාද කියා දන්න මුත් හැමදාම කියන ඒවා කිය කිය පස්සෙං ගියේය..

සමහර එකෙක් කියන ගමං නටයි. තවත් එකෙක් උගුර දෙක වෙන්නට මහ හඩින් කෑ ගසයි. බත් එකටත් අරක්කු බාගෙටත් පන්සීයටත් එහා ගිය අනාගත අරමුණු මේ මනුස්සොයොන්ට තියෙන්නට ඇතිදයි දන්නෙනැත. එකෙක් ජාතිය ගලවගත්ත එක ගැන ස්තූති කරයි. තව එකෙක් සංවර්ධනය ගැන ඉස්තුති කරයි.

ඒත් බරංට කල්පනා වුනේ මේ බරං ලගින් යන කමලක්කා ජාතිය ගැලවෙන්නට පෙරත් ඉදි ආප්ප හදා කෙල්ලො දෙන්නාට උගන්වන්න මාන්සි ගත්තේය. දැනුත් ඉදිආප්ප ආප්ප තම්බලා උන් දෙන්නාගේ පුකවල් ලොකු වෙලා තියෙද්දිත් කමලක්කා උන්ට රස්සා අරං දෙන්නට මාන්සි වෙයි.. සමහර විට රස්සා ගත්ත විට කමලක්කාගේ දුවලා කොළම හෝ කොහේ හෝ ගොස් ජීවත් වෙන්න යනු ඇත. එත් කමලක්කා පුරුදු විදියට ඉදිආප්ප අරං කඩගානෙ යනවා ඇත. සංවර්ධනේ වුනත් නැතත් අපි අපිමය. ජාතිය තිබුනත් අපි අපිමය. යුක්තිය සාධාරනේ නීතිය තිබුනත් නැතත් අපෙ ගමේ උන්ට වෙන ලොකු විසාල වෙනසක් නැත.

ලයිට් බිල වැඩියැයි කඩේගාව එකෙක් දෙස් තියන විට අපේ පුංචි මහත්තයා ඇසුවේ බොට ලයිට් බිල කීයක් එනවාද කියලාය. රුපියල් තුන්සියක් විතර එනවායැයි ඌ කිව්වේය. දැන් ඒහෙනං බොට පන්සියක් එයි ලයිට් බිල. කියා පුංචි මහත්තයා කිව්වේය. ඌට රුපියල් එක්දාස් දෙසියක් වැඩකරන දවසකට ලැබෙන බවත් ඌ ආන්ඩුවට බනින්න කසිප්පු බොන්නම රුපියල් දෙතුං දාහක් මාසෙට වියදං කරන බවත් පුංචි මහත්තයා පසුව වෙන එකකුට කිව්වේය.

අපි එනගමනුත් නැවති නැවති අතන මෙතන ඉද ඉද ආවේය.බස් පෝලිං තිබුනේය. කොළබඳ බැලුවේය. කතා ටිකත් අහගත්තේය. ටීවි එකෙන් බලනවාට වඩා හොද පෝර්ති ටිකක්ද බලාගත්තේය. සීට් එකේ නිකංම පුක තියාගෙන ගොස් දෙන අරක්කු ටික බීලා බත් ගෙඩිද කාලා හොද දවසක් ගත කර ආවේය.

අපෙ කඩේ සෝමක්කාට පහල වත්තේ පොල් කඩන සයිබුවා සෙට් වී සිටියේය. සයිබුවා සහ සෝමා කපල් එක වගේ හැමිණි හැමිනි පෙලපාලි ගියෝය. සයිබුවාගේ ගෑනි දන්නවනං සෝමක්කා ඉදලා හමාරය. සමහර විට සෝමක්කාද බීල ඉන්න ඇත. වන්දනා ගමං ගියාට කවදාවත් සෝමක්කාට බොන්න ලැබෙන්නෙත් නැත. ඒ අතින් සෝමක්කාට නම් මේ ටිප් එක මරුය.

පුංචි බබාට විස්තරය කියන විට ඇයට ඉරිසියා හිතෙන්න ඇත. පුංචි මහත්තයා කාර් රෙකේ යන පංසල් ගමන වන්දනා ගමනට වඩා පන් එකක් තිබුන මේ ගමන ගැන පුංචි බබා ඉරිසියා කරන්නට ඇත. පුංචි බබාටට මං සෝමා ගැන කිව්ව එක වැරදි වෙන්න ඇත. ඒත් පුංචි නෝනා ඒක කාටවත් කියන එකක් නැත. පුංච් නෝනා කොළඹ ගොස් හෝ ටවුං ගොස් දැක්ක දේවල් පොඩිකාලෙ ලොකු කර කර කියනවා වගේ මමද කොළඹ ලස්සන පුංචි නෝනට කිව්වේය. ලබන අවුරුද්දෙත් නිල්පාට උන් එක්කම යන්න ඕනි..කෑමත්හොදයි අරක්කු ටිකත් හොදයි..බස් එකේ ඉඩත් තිබුනා... නෙලුං පොකුනත් බැලුවා. ටිකක් වැස්ස තිබුනාට පංකාදු ටිප් එක..

Wednesday, May 1, 2013

සෙලවෙන ස්පර්ශය (vibrative touch)

සාදු වෙව්ලන්නේ බය නිසාදැයි නාලිකා දන්නේ නැත. නමුත් සෙම පිරුණු වැහැරුනු පපුව මත ඇති කාලයාගේ නෂ්ඨාවශේෂ බඳු නාලිකාගේ පියොවුරු මඟ අරිමින් ශාන්ත සාදු තෙල් අතුරා හොඳින් අතගායි. ශාන්ත සාදු ගේ වයස අවුරුදු හැට පහකට ආසන්න වුවත් වයසට වඩා වයස්ගත පෙනුමක් ශාන්ත සාදුට ඇත. ශාන්ත සාදු හා නාලිකා අතර සම්බන්ධය ගමේ කලෙක පටන් ඇති ජනප්‍රිය නවකතාවකි. විටින් විට අලුත්වන නව පරිච්චේද අතරින් ඔවුන් දෙදනා අතර අන්දරය වසර ගනනක සිට ඇදී යයි.

සමහර කොල්ලන් කුඩා කල අම්මලා මේ සම්බන්ධය ගැන කුනු කුනු ගගා සෙමෙන් කතාකරනු ඇසුන අතර දැන් ඔවුන්ගේ බිරින්දෑවරුද මේ සම්බන්ධය ගැන කටකතා සෙමෙන් කියනු ඔවුන්ට ඇසෙයි. දුරුවර්ණ වූ පොත් අතර පරණ අච්චුකන්තෝරු අකුරු වලින් ඇති පැරණි ගම ගැන විස්තර දැන් කාලයේ වැලිතලාවට යට වී හමාරය. නාගරික පරිසරයේ ඇති ගාලගෝට්ටිය ඇරුන කොට මෙහි ඇති ග්‍රාම්‍ය බවක් තවදුරටත් නැත. පොඩි හාමුදුරුවන් ඉගනගන්න කැම්පස් යෑම. එහිදී කෙල්ලන් හා සම්බන්ධව සිවුරු හැරීම. නැත්තං මැටි කමට පංසලේම හිටපු හාමුදුරුවෝ පවා මොකක් හරි වහතුවක් සෙට් කරගෙන පැනලා යෑම ආදිය ගම් වලට අලුත් දේවල් නොවේ.

කෙමෙන් වියැකී වඳවී යන සිල්වත් හෝ සිල්වත් නොවූ සාදුලා අතර අප ශාන්ත සාදුද සිටියේය. සමහරුන්ට අනුව ශාන්ත සාදු හා නාලිකා අතර ඇත්තේ හුදෙක් බැඳීමක් පමණි. එහෙත් හංදියේ ගංජා ගහමින් කතා කරන කොල්ලන් අතර නම් කියවෙන පරිදි පංසලේ හදිසි අවස්ථාවල ඝන්ටාව නාදවන අයුරින් ශාන්ත සාදු ඉල ඇදෙන තෙක් රෑට රෑට නාලිකාට යහමින් සත්කාර කරයි. ඒ කිනම් කථාව සත්‍යදැයි දන්නේ උඩ ඉන්න දෙවියනුත් පංසලේ නිදන බල්ලනුත් පමණි.

කැමරා පෝන් එකක් අතැතිව ශාන්ත සාධුගේ හොර හොයන්නට කවුලුවකින් එබී කොල්ලෝ බලා සිටියේ සාදු සහ නාලිකා සිපගන්නා හෝ ඔවුන් වැලඳගන්නා සුන්දර දසුන බලාගැන්මටයි. නමුත් වරු ගනන් පංසල් බිත්තියේ එල්ලී සිට අවසන ශාන්ත සාදුට ඔවුන්ව අතටම අසුවන තෙක් ඔවුන්ට එවන් දසුනක් නාලිකා සහ ශාන්ත සාදු කෙරෙන් දැකගත නොහැකි විය. ඔවුන් දෙදෙනා බලාගත් අත බලාගෙන කතා කරයි. නැතිනම් පොත් කියවයි. විටෙක අයෙක් කවි කියයි. අනෙකා අසා සිටියි. කවිවල තේරුම් කියයි.

නමුත් ජනේලයෙන් බලා සිටින කොල්ලන් සිතන පරිදි නාලිකා කවි කියන්නේ ශාන්ත සාදු ගේ සිවුරු කොණ උඩ ඉඳගෙන නොවේ. එසේම ශාන්ත සාදුද කවි වල තේරුම පහදන්නේ නාලිකාව සාදු සැතපෙන ඇඳ උඩ තබාගෙන නොවේ. නාලිකා ශාන්ත සාදු සිටින අවාස ගෙයි පඩිය මත හෝ ඇතුලත පැදුරු කඩමාල්ලකට වි සිට ගෙන සිටින අතර ශාන්ත සාදු වයස තවත් වැඩිකර පෙන්වන්නටදෝ කන්නාඩි කූට්ටමක් දාගෙන පොත් පත් බලයි. නැත්නම් නාලිකා හා සාමීචියෙහි යෙදෙයි.

බොහෝ ශ්‍රද්ධාව ඇති පුරුශයෙක් හෝ උපාසිකාවක් මෙය දුටුවොත් එකල බුදුන් දවස වැඩවිසූ භික්ෂූණීන් වහන්සේලා ආනන්ද හිමිගෙන් ධර්මය උගත්තා වැනි දසුනක් පෙනෙන්නට හැක. නමුත් බුදුරජානන් වහන්සේ යැයි කියන විට සාදු කාර දීමට සැරසුනු පරම්පරාවෙන් චාරිත්‍රෙයන් පැමිණි නිසා පංසල සහ වතාවත් කරන්නට එන අය එසේ දකින්නේ නැත. මොඩර්න් ලෝකයට අනුව වෙනස් වී සංකර වී ඇති තමුංගේ ජීවිත තුල ඇති ඉහවහා ගිය ආසාව ශාන්ත සාදුගේ සිවුර තුල ඇති යැයි ඔවුන්ද සිතති. එසේම නාලිකාගේ පුරුශයින් විසින් සූරා කාබාසිනියා  කරන ලද වියැකුනු ශරීරය තුල කුමක් හෝ ඉතිරි වූ දෙයක් ශාන්ත සාදු විසින් සුප්පු කරනවා යැයිද ගම්වැසියෝ සිතති.

නාලිකාට උණ ගැනී ඇති යැයි ශාන්ත සාදුට ආරංචි විය. පංසලේ සිටින බල්ලන්ට අමතරව තමුං ළඟ තනි නොතනියට කතාකරන්නට හෝ අනුන්ගේ දුක් ගොඩවල් ඇසීමේන හෙම්බත් වූ කන් වලට දුක නැති සරල ජීවන පුවතක් වශයෙන් ද වූ නාලිකා නැති පාලුව පංසල පුරාම ඇතැයි ශාන්ත සාදුට සිතුනේය. ගම් වැසියන්ගෙන් පැරණි සමහර අයෙක් තමුංට ඇති ප්‍රශ්ණ රැගෙන පංසලට එති. කෙතෙක් කයි කතාන්දර ඇසුවත් ඇසු පිරූ තැන් ඇති ශාන්ත සාදු සමඟ කතාවෙන්ම යම් යම් සහන ලැබෙන බවට ගමේ යමක් කමක් තේරෙන ගැමියෝ සිතූහ.

පැමිණෙන පිරිස බොහෝ උපදෙස් අනුශාසනා රැගෙන නික්මුනත් ශාන්ත සාදුට අවසන උරුම වන්නේ විවිධාකාර දුක්ඛ දෝමනස්සයන් ගොඩක් පමණි. ඔවුන්ගේ සංකීර්ණ ජීවිත වල ඇති සංකීර්ණ ගැටලු වලට විසඳුම් ශාන්ත සාදු තුල නැත. නමුත් ධර්මය තුල ඇති සරල බව ඔවුන්ට පෙන්වීමට ශාන්ත සාදු සමර්ථ වූහ. වැඩිහිටියෝ කුඩා ළමුන් බලන කාටුන් විර කතාදියට ද ආශා කරති. ධර්මය තුලද ඇති එවන් වූ නොපෙනෙන නොපවතින යථාර්තයට බොහෝ බෞද්ධයෝ ආශා කරති. ආශාව අතහැර යන්නට තබා තමුං ළඟ සිටි දුවනිය දීග යනවිට ඇය ගැන සති ගනන් දුක්වන පුද්ගලයින්ට  තමුන්ට අයිති කිසියම් දෙයක් තවත් හරහා බෙදෙනු දකින්නට අකමැති අයට කිනම් වූ නිර්වාණ දේශනාදැයි ශාන්ත සාදුට සිතුනේ වරක් දෙවරක් නොවේ. නමුත් කිසිදා නොලැබෙන එහෙත් සුන්දර  දෙයක් මෙනෙහි කිරීම තුල ඔවුන්ට මනා සහනයැක් ඇතැයි ශාන්ත සාදුට සිතුනි.

නාලිකා බලන්නට ගිය ශාන්ත සාදුට ඇය සිටින තත්වය මැනවින් වැටහුනි. ඇයට කෑම බීම සහ ඇගේ වෙනත් ඕනා එපාකම් අසල ගෙදරකින් වෙලාවට සැපයේ. ඔවුන්ගේ නෑයෙක් වන නාලිකා විසින් නාලිකාට හැකි කලෙක ඔවුන්ට සලකා ඇති නිසා කන්න බොන්න ටික නාලිකා ලෙඩවුන විට ළඟටම ලැබෙයි. ඔවුන්ටද නාලිකාගේ හොඳ ගතිගුණ පිහිටා ඇතිවා වෙන්නට ඇත. නැත්නම් පෙර සැලකුවාට එක් වේලක් දෙවේලක් දෙනවා හැර හැමදාම තුන්වේල කන්න දෙන්නට අපිට සල්ලි නැතැයි කියන්නට තරම් මනුෂ්‍යෙයෝ සාමාන්‍යෙයන් නරුම වෙති.

නාලිකා ඇයට පුළුවන් කල මිලදී ගත් ඉඩකඩම් ආදිය ඇයට ලැබුන දේපල ආදියට ලෝල සිතින් ඒ අල්ලපු ගෙවල් වල උන් සලකනවා වන්නට පුලුවන. නමුත් මෙවන් බැරි අමාරු දවසක කන්න වේලක් හෝ පිටින් ලැබීම නාලිකා විසින් කර ඇති මහත් වූ පුණ්‍ය කර්මයක් බව ශාන්ත සාදුට සිතුනි.

කැස්ස සහ සෙම ගතිය විසින් දුබල වි සිටින ඇයට වැළඳී ඇත්තේ වෛරස උනක් බව ශාන්ත සාදු සිතීය. දොරකඩින් ඇතුල්වන කහ පැහැති වස්තුව දුටුවනම නාලිකාගේ මුවගට සිනා රැල්ලක් සහ මුහුනට පුදුමයක් එකතු විය. ආ සාදු ආවද? පොඩ්ඩක් ඉන්න මං පිරුවටයක් එලලා ආසනයක් හදනකල් යැයි. ඉතා අපාසුවෙන් ඉස්සී නාලිකා ඇගේ අල්මාරිය හැර පිරුවටයක් ගෙන අසුන මත එලුවාය.


මෙවන් විටක ශාන්ත සාදු විසින් ඇය වැලැක්විය හැකිව තිබුනත්, ගම්වැසියන් විසින් මෙවැනි සැලකිම් මහත් කොට තකන බවත්. එසේ පිරුවටය එලන තෙක් නොසිටියේ නම් යම් අමනාප සහගත බවක් ඇතිවිය හැකි බවත් ශාන්ත සාදුට සිතිනි. නාගරික මොඩලය තිබුනත් ආගන්තුක සත්කාර ආදියේ නශ්ඨාවශේෂයන් තවමත් ගම තුල ඉතිරිව පවතී. ගෙදරක අලුත් ගසක පළතුරක් සැදුන කලෙක, කොහෙන් හෝ රට සිට කෙනෙක් ලොකු චොකලට් පාර්සල රැගෙන පැමිනි කලෙක සාදුටත් එයින් කොටහක් දීමට ගම්වැසියන් සමහරක් පුරුදුව සිටිති. ඒ කුමක් නිසා දෙනවාද යැයි අවබෝධයක් ඇතුව හෝ නැතුව ඔවුන් ඒ චාරිත්‍ර කරති. එවන් විටක ඒ චාරිත්‍ර වලට රැඩිකල් අදහස් එකතු කොට ඒවා වෙනස් කරන්නට යෑම වූ කලී ගම්වැසියන් තුල පංසල ගැන ඇති සාම්ප්‍රදායික ශ්‍රද්ධා සංකල්ප බිඳ හෙලීමක් විය හැකි බව ශාන්ත සාදුට සිතෙයි.

ඒ නැතත් මනුෂ්‍යයා යනු ලොකුවට අපිට අවැසි ලෙස හැඩය වෙනස් කල හැකි මැටි ගොඩවල්  නොවන බවත් තමං වැනි යැපෙන්නකු ඒ සියලු දේ ඉවසා වදාරා සිටිය යුතු බවත් කාලයා විසින් ශාන්ත සාදුට උගන්වා තිබුනි.

ඉතින් දැං කොහොමද නාලිකා?
ශාන්ත සාදු ඇසීය. සාමාන්‍යෙයන් උපාසිකා මාතාවය යැයි ව්‍යවහාර කල යුතු වුවත් බොහෝ කලක් දන්නා අදුනා ගෙන ඇති නාලිකාට උපාසිකා මාතාව යැයි කිමට ශාන්ත සාදුගේ සිත නොදේ.

ඔන්න ඔහෙ දැන් ටිකක් හොඳයි සාදු. මට ඊයෙ පල්ලෙහා ගෙදර කට්ටිය වීල් එකකින් ටවුමට ගෙනියලා බේත් ටිකක් අරං දුන්නා. අර අලුත් දොස්තර මහත්තයා නම් හොඳයි වගේ. ඒත් ඒ බෙහෙත් බිව්වම ටිකක් නිදිමත එනවා.

ඉතිං මගෙන් මොනවද කෙරෙන්න ඕනි නාලිකා...(සාදු දුර බලයි..නාලිකා සාදු දෙස බලයි.)

සාදු චර්යාවෙන් කුලෑටි සහගත අයෙකු බව නාලිකා දනී. නාලිකා තරුණ කලදී දඩබ්බර කෙල්ලකි. ඒ දඩබ්බර නාහෙට නාහන ගතිය නිසාම ඇයට සැමිවරුන් ගනනාවක් විවිධ කාලවලදී සිටියෝය. අහල ගම් හත අටකම නාලිකා යනු ප්‍රසිද්ධ ගණිකාවකැයි යන මතය පැවතිනි. නමුත් රූපයෙන් මනා රාගික පෙනුමක් සහිත වූ නාලිකා රුපියල් පන්සීයට පහන් කණුව යට සේල් වන ගණිකාවක ලෙස කිසිදිනෙක සේවය කොට නැත. ඇගේ කපට බව විසින් ඇය යම් කිසි තැනක සිට සැප විකුනමින් ජීවිතය ගෙවා දැම්මාය. ඇය තමන් සතු කොට ගන්නට බොහෝ දෙනෙකු වැට කඩුලු බැන්දත් නාලිකා ඒ විපත්තියෙන් ගැලවුනාය. ඇයව දැලේ දාගෙන ගෙදර යන්නට බැරි වුන බොහෝ පිරිමි ඇය ආහාරයට ගත නොහැකි තරම් අපුල දනවන මහ වල් මාලුවෙක් ලෙස දුටුවේය.

තමුංට අල්ලා ගත නොහැකි කුරුල්ලාට වෛර කිරීමට බොහෝ දඩයක්කාරයෝ පෙළඹුනහ.. නමුත් එවිට නාලිකා නැමැති කිරිල්ලිය වෙනත් යහපත් දඩයක්කාරයෙකුට හසුවී උන් සෙවනේ සිටියි. නැතිනම් දඩයක් කාරයින් කිහිප දෙනෙකුට ගිජු ලිහිනියක සේ සේවය සපයමින් සිටියි. ඇය ෙදතුන් වතාවක් නොව හත් අට වතාවක්ම මට්ටු වන්නට ඇත. ඇගේ ශරීරය රාගයේ ගින්නෙන් පමණක් නොව දරුණු පහරදීම් වලින්ද දැවෙන්නට ඇත. නමුත් අවසන දක්වා ඇගේ අන්තය වෙනම තබාගන්නට ඇය සමත් විය.

නවකතාවක් ලෙස ගතහොත් එක් පැත්තකින් නාලිකා නම් විරවරියක් ලෙසත් අනික් අතකින් ඇය යනු තවත් එක අමන සැතිරියක ලෙසත් යන දෙපැත්තටම ලිවිය හැක. එසේම ඇය ගැන ගමේ තැපැල් කන්තෝරුව වැනි හොද ලියුම් නරක ලියුම් දෙකම ලැබෙන  සේවා ස්ථානයක් ගැන ලියනවා වැනිව ලිවිය හැක. කතාකාරයන්ගේ අතිශයෝක්ති පිහි පහරවල් වලට ලක්වී මේසයට කෑමට ලැබෙන නවකතාව නැමැති චිකන් කරියෙකින්  නාලිකා වැනි මනරම් ගිනි කිකිලියකගේ චරිත විග්‍රහ කිරීමට අමාරුය. මනුෂ්‍යයින් මේ මෙහොතේ කැමති වන දේට ඊළඟ මොහොතේ අකමැති විය හැක. මේ මෙහොතේ සාධාරන යැයි සිතන දෑ ඊළඟ මොහොත තුල අසාධාරන වෙයි.

නාලිකාද විටෙක ඉතාම හොඳ යැයි සිතන පුරුෂයා තුල යමක් නැතැයිද ලිංගික ක්‍රියාව පිණිස ඇති ආයුධය සෙලවීම පමණක් ඔහුගේද පරම අරුමුණ යැයිද ටික දවසක ඇසුරින් පසු නාලිකාට සිතුනි. සියලුම පිරිමින් තුල ඇති කෑදර කමට වහල් වෙන අවස්ථාවන් වලදී චුවින්ගම් සපනවාක් වැනි යම් තාවකාලික රසයක් නාලිකාගේ සිරුර විනිවිද ගියත් ඒ පිරිමින් සමඟ ඇසුර ඔවුන් සමග කතා කිරීම ඔවුන් සමග එක වහලක් යට සිටීම බොහෝ අමාරු බව නාලිකාට සිතුනි.

ඉතිං මගෙන් මොනවද කෙරෙන්න ඕනි නාලිකා...(සාදු දුර බලයි..නාලිකා සාදු දෙස බලයි.)

යලිත් වරක් සාදු එය නොඅසන ලද අතර සාදු විසින් නාලිකා දෙස කරුණාබර බැල්මක් හෙලන ලදී. නාලිකා විසින් සුසුමක් පිට කරන ගමන් සාදු දෙස නොව වෙනත් දිශාවක් බලාගෙන ..

සෙම කැඩිලා ගියාට සිංහල බේත් තරං ගුණයක් නැහැ. මේ කෝල සෙලෙස්මාව තෙල් අවුංස දෙකක් විතර මං ගෙනාව ගාගන්න කියලා. ඒකත් දැන් රුපියල් එකසිය ගානක්..
කොහෙද දැං හැදෙන කොල්ලො කෙල්ලො තෙල් ටිකක් අතේ ගාගන්න කැමතියැ..
අල්ලපු ගෙදර ළමෝ කෑම එක අරං සුරුස් ගාල ආවා. පිඟාන තිව්වා..ආච්චියෙ මොකද වෙන්න ඕනි..නැන්දෙ අමාරුද කියලා ඇහුවා..පැන්න සුටුස් ගාල. උන්ට තෙල් ගාන් කිව්වම පස්සෙ එන්නං කියනවා...ඕහෙ නැහැ නෙව..ආයි උන් අල්ලන්න..

මට මෙ ඉංගිරිසි බේත් වලට වඩා සිංහල බේත් අහනවා..සාදු.. සාන්ත සාදුට ඉතිං මට කියන්න ඇහැක තෙල් ටිකක් ගාන්න කියල.. ඒත් ඉතිං ඒකට වත් එකෙක් නැති එක ගැන කියන්න හරි සාන්ත සාදු මං බලන්න ආව නේ..

ශාන්ත සාදු ගේ සිරුර කිළිපොලා ගියේයැ. නමුත් තමා ලෙඩ වී සිටි කලෙක සිවුරු ආදිය පවා අනෙක් ගම් වැසියනට සොරෙන් සෝදා දීමට නාලිකා ක්‍රියා කල බව සාදුට මතක් විය. ගම්වැසින් විටින් විට පැමිණ ඒ ලෙඩ කල උපස්ථාන ආදිය කලත් නාලිකා ගේ රුව දැකීම තරම් සැනසීමක් ශාන්ත සාදුට එකල නොවීය. බොහෝ ගරුසරු කතාව නැතුව ආවුසෝ වාදයට ආසන්නයෙන් වචනයක් කතාකරන්නට හෝ ශාන්ත සාදුට ලැබෙන්නේ නාලිකා සමඟ පමණි.

නාලිකා කාරුවත් එන එකක් නැහැ නේද? මම ඉන්නකොට..මෙතන?..සාදු ඇසීය..
අපෝ සාදු ඉතිං කවුරුත්  ආවත් මොකද? කොහොමත් ඉතිං අපි දෙන්නා හැරුනත් ගමේ උන් දැන් කතා හදලා ඉවරයි නේ..ඕවා දැන් නවත්වන්න බැහැ නෙ..නාලිකා කීවාය.

නහැ ඒවගේ එකක් නෙමෙයි. ඔය තෙල් ටික ගාන එකනං මටත් කොරන්න ඇහැකි. නාලිකා ඉස්සර මට සැලකුවා නෙව දෙයියන්ට වගේ.ඒත් ඉතිං තෙල් ගෑව වගේ නෙවෙයි කොල්ලො කැමර පෝන් වලිං ඕවා වීඩියො කොලොත්. පංසල් ජනේලෙ ගාව මුං පැල් බැඳං ඉදලා තිබුනෙ අපි දෙන්න මක්ක කොරනවද කියලා බලන්න..

හුම්.. යැයි නාලිකා කීවේය. මඳ වෙලාවක් දෙදෙනා අතර නිහඬතාවය ඇති විය...
ඉන් පසු යලිත් ශාන්ත සාදු කතා කරන්නට පටන් ගත්තේය.

ම්ම්...කොහෙද ඔය කෝල සෙලෙස්මා තෙල තියෙන්නෙ..රුපියල් එකසිය ගානක් දීල ගෙනාපු නිසා අල්මාරියෙවත්ද?
නාලිකාට මඳක් සිනා ආවත් එය වහං කරගෙන...

අපෝ නෑ අපේ සාදු ඒක තමයි ඔය මේසෙ උඩ අර රෝසපාට කෝප්පෙට එහා පැත්තෙ තියෙන්නෙ.. යැයි කීවාය.

සිත දැඩිකරගත් සාදු කෝල සෙලෙස්මාව සොයාගෙන එය විවෘත කර බිංදු කීපයක් අතට දාගත්තේය.
ඉන් පසු වෙවුලන දෑතින් නාලිකාගේ බෙල්ලේ තෙල් තවරන්නට විය. දෑස් පියාගත් නාලිකා විසින්...

සාදු තෙල් ටික පපුවට වැටුනොත් තමයි හොඳ කමක් නැහැ ඉතිං බෙල්ල ට ගියාත් ඇති යැයි කීවාය..
මඳක් සිට ඇසිපිය හැර සාදු දෙස බැලූ නාලිකාගේ සිත මඳක් වෙනස් විය. ඇය හැට්ට කටු දෙක ගලවා...

සාදු මේ කරන්නෙ උපස්ථානයක්... මං ඒක ගැන වැරදියට හිතන්න ඕනි නැහැ.. ඔන්න සාදු ඔය පපු කැවුත්ත තියෙන හරියෙත් ටිකක් අතුල්ලලා දාන්න යැයි කීවාය.

වසර ගනනාවක් පුරා මොවුන් දෙදෙනා තුල මනසින් වූ බැඳීම් ජාලය අනුව එකිනෙකා වරදවා වටහා ගැන්ම යනු මුලාවකි. ඔවුන් වචන පිටකරන්නට පවා කලින් එකිනෙකා සිතන්නේ කිමෙක්ද යන බව කියවා ගැන්නට තරම් ඔවන් ඔවුන් ගැන අවබෝධයක් මේ දෙදෙනාටම විය.

සැට්ටයේ බැඳීම් ඉවර වූ තැන වැහැරී ගිය පියොවුරු නාලිකාගේ  පපුව මත විසිරී ගියෝය. ඒවා මඟ අරිමින් වෙවුලන අතින් කැළඹුනු මනසින් ශාන්ත සාදු තෙල් ගායි. ස්වල්ප වේලාවකින් මේ කරන්නේ පුණ්‍ය ක්‍රියාවක් බව සිතන්නට ශාන්ත සාදුට සිත එකතැන් කරගන්න හැකි විය. නමුත් මතක ඇති කාලෙක මනුෂ්‍ය ශරීරයක් අත පත ගා නැති සාදුගේ අත් දෙක තුල ඇති ගොරසැඬි බව නාලිකාට දැනෙන්ට විය.

බොහෝ පුරුෂයන් විසින් ස්ත්‍රී ශරීරයේ තැන් නොතැන් බලා ස්ත්‍රින් සතුටු කර ඇති පලපුරුද්දෙන් කරනු ලබන රාගික ස්පර්ශයත් තැනින් තැන වේදනා දෙමින් පලපුරුද්දකින් තොරව බේකරියේ පාන් තැනීමට පිටි අනනවා වැනිව කරන ශාන්ත සාදුගේ ස්පර්ශයත් සංසන්දනය කරන්නට නාලිකාගේ සිත යොමුවිය. ශාන්ත සාදු කෙරෙහි දැඩි ආදරයක් අනුකම්පාවක් ඇතිකරවන්නට එය හේතුවිය. තෙල් තැවරීම පමණක් පලක් නැති බවත් තෙල් දමා හොඳින් අතගෑමෙන් ඵල ප්‍රෙයා්ජන ලැබෙන බවත් ශාන්ත සාදු දනී.එනිසා සාන්ත සාදුගේ පිරිමි ඇඟිලි නාලිකාගේ පපුව මත දැඩිව ස්පර්ශයට ලක්විය.

ශාන්ත සාදු ගේ ද විවිධ මස්පිඩු වේදනාදිය පැමිණි කල පොඩි හාමුදුරුවන් ලවා අතගාගත් පසු සහනයක් ලැබෙන බව ශාන්ත සාදු පසක් කරගෙන සිටියේය.
පපු පෙදෙස හොඳින් ඇඟිලි වලින් අල්ලා ඉල ඇට තෙරපමින් තෙල් ගල්වා ඉන් පසු සාදුට හැකි පමණ හැට්ටයේ පලු දෙක එකතු කර තබා ඉතිරි වූ තෙල් ටිකක් ඇත්න්ම එය සිය අත්වල සාදු විසින්ම තවරාගන්නා ලදී. පියාගත් නෙතින් සාදුගේ අපිලිවෙල ස්පර්ශය මෙනෙහි කරමින් සිටි නාලිකාට සාදු පියොවුරු සැට්ටයෙන් වසාලන අයුරුද අත්වල තැවරුනු තෙල් ඔහුගේම අත්වලම පිසදාගන්නා අයුරුද පියවූ දෑසින්ම දකින ලදී.

වැහැරී ගිය පියොවුරු වුවත් යම් කිසි ඉඩෝරකාලයකට පැමිණි පසු එලඹෙන පොද වැස්සකින් පිබිදෙනවා වැනිව මඳක් පිබිදී ගියේය. ශරීරයේම රාග ගින්න මඳකින් ඉහල ගිය බව නාලිකාට පසක් විය. නමුත් සිය මනසේ සිටි යක්ෂ ආශාවට වඩා ශෘන්ත සාදුගේ කරුණාබර සිත සමඟ සිතින් වෙළීම ආශ්වාද ජනක බව නාලිකාට පසක් විය.

නාලිකාගේ තරුණ කල පටන්ම තම ජීවිතයේ නොසිඳෙන පිරිමි පරමාදර්ශය වූ ශාන්ත සාදු තමුංගේ වැහැරුනු ලිංගික ආයුධ වලින් තෙරපී ගොස් සාමාන්‍ය පිරිමියෙකු වීමට වඩා එසේ ශාන්ත සාදු ඈත්වීම මනායැයි නාලිකාට සිතුනි. විවිධාකාර පිරිමි ගොඩක් මැද දිවි ගෙවූ නාලිකාට සරණ වූයේ ශාන්ත සාදුය. ඇයට පිරිමි මනස පිරිසිදු පිරිමි සිත හමුව තිබුනේ ශාන්ත සාදු තුල පමණි. යන්තම් කිට්ටු වූ විට හරවා පෙරලා පහර දී රස බලන්නට හදන හදිසි පිරිමියාට වඩා අවස්ථා දෙද්දී නොදැක්කා සේ සිටින ශාන්ත සාදුගේ සිතට නාලිකා ගරු කළාය.

ශාන්ත සාදු සිතින් වික්ෂිප්තව සිටියත්, වයස්ගත වීම නිසාත්, කාලය විසින් පුරුදු කරන ලද නිසාත් මේ අවස්ථාවේ කළබලය නැවත මෙනෙහි කිරීම නොකිරිමට සිතා ගත්තේය. නාලිකා විසින් ඇතිකරන ලද මානසික සතුට හැමදාම තියාගන්නට හැකිවන්නේ ඔවුනොවුන් අතර ජාගර ලිංගික සම්බන්ධයක් නැතිවුවොත් පමණැකැයි යන්න ශාන්ත සාදුටද සිතුනි. නමුත් මෙවන් අවස්ථාවන් ලබාදෙද්දීත් ඒවා හැර යන තමා ගැන කුමක් සිතනවාදැයි ශාන්ත සාදුට යම් පසුතැවීමක් තිබුනි.

ජීවිතයේ තරුණ කලත් මැදි වියෙත් නොලැබුන බැලුම් බෝල මේ ජරාවට පත්වීගෙන යන කාලය තුල ලැබීම තමාගේ අවාසනාව ක් විය හැකි බවද සාදුට සිතුනි. සිය උදාසීන සිත තුලට තවත් ඒ වැන්ම උදාසීනත්වයේ රී ලෝඩ් ටිකක් ධර්මය තුලින් දාගත යුතුයැයි උන්වහන්සේට සිතුනි. බාගෙදා මේ නාලිකාගෙන් නිවසින් නික්මී පංසලට යන ශාන්ත සාදු ලොකු පොත් කිහිපයක් ගෙන තව පැයකින් විතර කන්නාඩි දාගෙන ධර්මය හදාරනවා විය හැක.

නාලිකා විසින් නොයෙක් පින් දෙනු ලදුව ඇගේ වැඳුම්ද ගෙන ශාන්ත සාදු විහාරයට නික්මුනේය. එකිනකාගේ ස්පර්ශීය නොවන මානසික බැඳීමෙන් ඔවුන් මනසේ තැනූ සයන තුල ලිංගික සුව විඳින්නට ඇත. එකිනකාගේ වචනය හැඟීම ආශ්වාදය කොට ගන්නටද ඇත. ඔවුනොවුන් වෙන වෙනම බිත්තිය දෙස අහස දෙස පංසල් වත්ත දෙස බලා සුසුම් හෙලීම සුරතාන්තය වන්නට ද ඇත. ශරීරයේ ලිංගික ව්‍යායාමයක් මගින් පසුව ඇතිවන මානසික හිස්බවද කිසිවක් නැතැයි මේවා වැඩක් නැතැයිද ඇතිවන චිත්තාපර සිතුවිලි නම් ඔවුන්ට කවදාවත් හමුවන්නේ නැතුවා වන්නට ඇත.