Thursday, May 2, 2013
බරං ගෛ මැයි දින දේශාටනය (Voyage of berg)
හම්බේ උදේ පාන්දරින් නැගිටින්න තිබුන අමාරුව. අපරාදෙ කියන්න බැහැ සෝමක්කා නම් පාන්දරම නැගිටලා තිබුනාය. ඒ ගෑනිට මෙච්චර රෑ වෙලාත් නින්ද යන් නැද්ද මන් දන්න නැත. ඒත් නැගිට්ටුව එක හොදය. නැත්තං මැයි දවසේ එක බස් එකකටවත් සීට් අල්ලලගන්න බැරිවෙනවා ඇත. මැයි දවසේ නිකං යන්න තිබුනාට බස් වල සීට් අරගන් හරි අමාරුය. මං ඊයෙ හවස බොරු නොන්ඩියකුත් තියාගෙන හිටියේ මං සීට් එකක වාඩි වුනත් ආච්චි පතයක් හෝ සීය පොරක් ඇවිත් සිට් එක ගනීවිය කියලාය. මං මැට්ටා වුනාට සමහර දේවල් වලට දක්සයා බව මුදලාලියාද(පුංචි මහත්තයා) ඉදහිට කියයි.
මගේ නම ෂකරබර්ග් ය. අපේ අමරිකන් බාප්පා තිබූ *කන නමකි ඒක. ඌ අමරිකාවෙ නං මොකට තිව්වද මන් දන් නැත. ෂකර හැලී දැං ගමෙ උන් කියන්නෙ බරං කියලාය. බරං වරෙං ආතල් එකක් ගන්න මැයි දවසෙවත්..තෝ හැමදාම තේ හදල හරියනවයි..? මේ මට මැයි දවසේ යන්න ලැබුන ආරාධනයයි. කාලයක් අංගොඩ සහ මුල්ලේරියාවේ සිටි මට හැමදාම පිස්සු බව මුං හිතයි. ඒත් නිකං යන මැයි දවසේ ටිප් එක මරුය. එය මගඅරින්නට හොද නැත.
රතුපාට නාකි සමග ගිය විට ලැබෙන හත්වලාමක් නැත. මහින්ද ලොක්කට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය කියලා උන් මහ හයියෙන් කෑ ගහයි.. ඒ වුනාට ඒවා කාටවත් වැදෙන් නැත. ගිරිය තුවාල වෙනවා විතරය. කොලපාට උන් සමග යනවිට සෝමසිරි අයියා ඒ සෙට් එකේ ඇත. සෝමසිරි අයියා එන පාට හොඳ නැත.ඌ බුරිය අල්ලයි. තව ටිකක් බිව්ව විට පයියෙනුත් අල්ලයි. මිරිකයි. ඇයි වදේ සෝමසිරි අයියටද ඇත්තෙ එකම මට වගේම මැන්ටල් කෑල්ලකි. ඒත් උගේ ලයින් එක අමුතුය. උගේ පක්සේ ලොකු උන්ටද එහෙම ලයින් එකක් ඇති බව මං ඒක පුංචි මහත්තයාට කිව් විට ඔහු කිව්වේය. ගොඩක් බිව්ව විට සෝම සිරි මගේ චූ කෑල්ලෙන් අල්ලලා මිරිකයි. චික් වනචරයා.. මට උගේ පක්සෙත් එක්ක එපාවිය. ලබ්බෙ පක්සෙ කවදාවත් බලේට එන්නෙ නැත.
මේ නිල් කුට්ටිය එක්ක ගියද එකෙක් දෙන්නෙක් නිකමට වගේ චූ කෑල්ලෙන් අල්ලලා අමුතු විදියට හො හෝහ් ගායි. ඒත් ඒ තරං වදයක් නැත. ඉඳහිට එකෙක් මගේ කිචි පින් එකෙන් ද අල්ලයි. බඩ දෙපැත්තෙන් ඇල්ලුවාම මා හට හිකිස් ගා හිනා පනී.එතන හරි කිතිය. විටෙක අම්ම මූ නැතිව කුනුහබ්බද කටට එයි. දවසක් පංසලේදී මොකෙක්ද වාහෙ කෙනෙක් මගේ බඩ දෙපැත්ත අල්ලුවේ හාමුදුරුවො පංසිල් දෙන විටය. බොලෑ අම්මට...කියා පටන් ගත්විට වටපිට සිටි කී සියක් උන් මගෙ දිහා බැලුවෝය. ඒ බඩ දෙපැත්ත ඇල්ලූ විට සිනා යන එකට පුංචි මහත්තයා කියන්නේ බරං ගේ කිචි පින් එක කියලාය.
ඔය බරංගෙ කිචි පින් එක අතෑරපල්ලා...තොපේ තියෙන ලබ්බක් අල්ලගනිල්ල ඔය බරං කාරයට ඉන්න ඇරලා. අනික බොලා ගේ බාප්පලෑ වයසෙ එකෙක් නෙව බරං කියන්නෙ. ඕක නිකං බරං නෙමෙයි ෂකරබරං... තොපි කුනුහබ්බ බලන්න යන පේස්බුක් එක හදල තියෙන්නෙත් සකරබරග් කෙනෙක්ලු... ඒ අපේ පුංචි මහත්තයා මගේ කිචි පින් අල්ලන්නට ආවිට ස්කෝලෙ සහ පන්ති යන කොල්ලන්ට බනින්නෙ එහෙමය. ඉස්කොලේ සහ පන්ති යන කොල්ලෝ කියන්නනෙ පේස්බුක් එකෙ කුනුහබ්බ නැහැයි කියලාය. ඒ වුනාට කඩේ පුංචි මහත්තයා දෝනියැන්දාට පේස්බුක් යන්නට දෙන්නෙ නැත. ඒකෙ කුනුහබ්බ ඇතැයි පුංචි මහත්තයා සිතයි.
කුනුහබ්බ කෑලි බලන්න මක්කටෙයි කොම්පිතර...අර බෝක්කුව ගාව හැන්දෑවට ඉන්න උන් පෝං ඔබ ඔබ බලන්නෙ ඕව නෙව. මුං මට ඒව පෙන්නලා ටික වෙලාවක එනවා මගේ චූ කෑල්ල අල්ලන්න..ඒක මහත් වෙලානං මුං හිනාවෙනවා හොක හොක ගගා... ඒ නිසා මං ඒ හෙලු කෑලි බලන්නට පනින්න යන්නෙ නැත. “පරං බක ලොකු වෙලා නෙව මේ ඩිංගට“ඒ වෙලාවට බෝක්කුඩ(බෝක්කුව උඩ) ඉන්න උන් කියයි.
බස්තුනක් ආව අතර මට යන්න ට ලැබුනේ හොද වෙලාවට ගෑනු ඉන්න බස් සෙකකය. ගෑනු කීවාට උන් අම්මන්ඩිලාය. ඇහට කණට පේන උන් නැත. මැයි පලවෙනිදා තියෙන වැඩේ නාකින්ගේ වැඩක් විය යුතුය. යන තරමක් පස්ස වලිං යන්නේ නාකි හැත්තය. මං කොලපාට රතුපාට නිල්පාට තුනටම එකේක (එක එක ) අවුරුදු වල ගිහිල්ල තිබුනාට ඒ හැම එකේම වැඩි නාකින්ය. නාකි වෙන්නට ඔන්න මෙන්න ගෑනුද එයි. ගෑනු බස් එක එක අතකින් හොඳය. අරක්කු හෙම බොනවිට එතරම් වදයක් නැත.හිමීට හැංගිලා වගේ බොයි.
යකෝ කාටවත් කියන්න එපා...තොපි දන්නවනේ අපේ කඩේ වැඩකොරන සෝමා...අර කඩේ ගෙදරයි වැඩකරන්නෙ..ඔන්න ඕකිත් අරක්කු බොනවලු ...මටනං අහුවල නැහැ. ඒත් අරක්කු ටිකක් වද කොරලා පොවාගත්තනං සැපක් ගන්න ඇහැකි වෙයි කියලා දෙන්නෙක් කතාවෙනවා ඇහුනා. ඔය ගෑනිගෙන් මොන සැපද.? අනේ මන්දන් නැහැ. ඒකි මේ බස්සකට නැගල නැහැ. මට අහුවෙයි කියලා වෙන්න ඇති අරක්කු බිව්වම.
දැන් බස්සෙකට නැග්ග වෙලාවෙ ඉදලා පක්සෙ ගැන වරුණාව කියවන්නට එකෙක් දෙන්නෙක් පටන් ගනී. ඒත් ඒවා වැඩිවෙලාදුවන්නෙ නැත. පාරවල්, වරාය, ආයි පාරවල්, ආයි වරාය, ආයි අලුත් ගුවන් තොටුපල, ආයි නෙලුම්පොකුණ ආයි වෙන එකක්...ඔය ටික හැමතිස්සෙම ඇහිලා දැන් අතිවෙලාය. කඩේට තේවතුර බොන්න එන නිල් පාට උන්ද ඔය ටික පස්ට ගහයි.
පිස්සං කොටුවෙ ඉදලා එනකොට වැඩිය මේ ගමන හොදය. මටද අරක්කු ටිකක් ලැබෙයි. මේ පාරනං කෑමත් හොඳය. ඉඳලා හිටලා අපේ වීල්ගොඩ මහත්තයා පැමිණ ආයිබෝං කියලා යයි. වීල්ගොඩ...අපි වීල්ගොඩට වීල්ගොඩ අපිට. වීල්ගොඩ එනවිට පස්සෙන් අරක්කු කොක කෝලා පැනි බීම *ංජා ආදියද එයි. අනේ වීල්ගොඩ මහත්තයා දෙයියෙක්... විටින් විට බස්රිය නවත්ව නවත්වා යන අතර සමහර තැන්වලදි නගරවලදී බස්රියෙන් ඔලුව එලියට දාගත් සමහර අය ජයවෙවා ජයවෙවා යයි කෑ ගසති. මාද නිකං යන ට්‍රිප් එකේ ආතල් එකක් තියෙන්න ඕන නිසා ඔලුව එලියට දමා කෑ ගැසුවේය.
මුලින් දේසාබිමානී සිංදු කියන අතර ඒවායේ පද වැඩිය කට්ටිය දන්නෙ නැත පස්සෙ පට්ට ගහන්න ගන්නේ ජෝතිපාලය. මං කැමති අජිත් මුතුකුමාරණ දමිත් අසංක චාමර ගේ සිංදු කියන්න ලැබෙන්නේ ලොක්කො ටික හෙම්බත් වුනාමය. මං සිංදු කියනවා ලස්සන නැත.ඒත් හොද අනාගතයක් තියෙනවා යැයි ඇන්ටිලා කියති. අනේ උන්දැලෑ අනාගතේ. දැං ඉතිං මුකුත් කොරගන්න බැරි කාලෙ යනවා ටිප්..පුලුවං කාලෙ ගෙවල් ඇතුල ඉදලා..
මෙය ආන්ඩුවෙ වැඩක් නිසා කට්ටිය වැඩිය.හැමපැත්තෙන්ම බස් එනෝ අපි දැක්කෝය. ගොඩක් සී ටී බී බස්ය. අපෙ ගමටත් උඩහා ගම් වලට යන බස් අද නැත. ඒ පැත්තේ උන් කලිං දවසේ ටවුමට යන ඒවා ඔක්කොම කොරගන්න ඕනය. නැත්තං බස් නැිත එකට බැනලා වැඩක් නැත. පුංචි මහත්තයාද පුංචි මහත්තයාගේ පියාද කියන පරිදි ඒ ගොල්ල දන්නා කියන කාලෙ ්ඉදලා මැයි දවස එහෙමය. මිනිස්සු බුරුතු පිටින් වන්දනාව යන්න මෙන් කොළඹ ගොස් පෙලපාලි යයි.
ඇත්තටම පාරවල් නම් ඉස්සිලාය. නැගුම නිසා නැගලා ඇති බව මටද පෙනෙයි. නැග්ගාට පාරවල් පලල් වෙලා නැතැයි කොල පාටියේ කට්ටිය කඩේට තේ බොන්න ආවිට කියයි. අනේ උන්ගේ කුනුහබ්බ. මග නැග්ගුවම කියනවා නැග්ගුව විතරයි පලල් කලේ නැහැ කියලා. මග පලල් කලොත් කියයි කෝ පලල් කොරල විතරයි නේ මග නග්ගල නැහැ කියලා. ඔය කියන කියන විදියට කොරන්න ඇහැක ආන්ඩුවට.
කොළඹට කිට්ටු විය. මට හොඳ නින්දකුත් ගියේය. මගදී දුන්න බත් එකත් වැරැද්දක් නැත. මාලු කෑල්ල නම් පොඩි වුනාට වීල්ගොඩ මහත්තයා කෑම හොඳට තෝරලා ඇත. මක්ක නැතත් කන්න ටික නං දුන්නා හොදයි..නාකි ගෑනු ටිකද කිව්වෝය. කන්න ටික විතරක් නැතුව බොලාට ඉතිං මේ නහින කාලෙ වෙන මක්ක දෙන්නද? යැයි අහන්ට කටට ආවත් මට ගුටිකන්න බැරි නිසා නිකං හිටියේය.
කොළඹ වෙල් මැද පාරවල් හදලා ඇත. ඒවායේ අර ගැංගම් ඉස්ටයිල් සිංදුවේ ගෑනු වගේ ලස්සන ගෑනු බාගෙට හෙලුවෙන් දුවන බව කොළඹ පුරුදු එකෙක් කීවේය. ගැංගම් ඉස්ටයිල් සිංදුව හැම චීන පෝං එකේම ඇත. මට පෝං එකක් ගන්න ඕන නැත්තේ මට කෝල් එන්න නැති නිසාය. ඔය සිංදු වීඩියෝ නං අනික් උන්ගෙ පෝං වලිං අහන්න බලන්න ඇහැකිනේ. පුංචි බබා (බබා කිව්වාට මේකි ලොකුය..ඒත් පුංචි මහත්තයාගේ දුවට පොඩිකල සිට කියන්නේ පුංචි බබා කියලාය) ද මගෙන් පෝන් එකක් නැ්තතේ මොකෝ යැයි අසුවාය. මට කෝල් කරන්න කාරුත් නැහැ යි කිව්වාම..
ඇයි බරං අයියගේ ගේල් පෙන් කෙනෙක් නැද්දැයි අසුවාය. අනේ මගෙ කට...කටේ පැණි සුවද යන්නට කලිං ඒකි කොල්ලො අමාරුවෙ දැම්මට මට කොහේද ගෑනු. බස් එක මැද අරක්කු සුවඳ සිගරට් සුවඳ එහෙ මෙහෙ යන්නට විය. මටද ගමේ උන්දැ කෙනෙක් වරෙං බං බරං...තොගෙත් තියෙන ආලපන. කියලා කතාකලේය. බරංටද සොට් දෙක තුනක් වැටුන විට සිංදු ආදිය එලියට ආවේය. ටිකකින් සොට් පහක් විතර ගත් පසු මා බස්සෙකේ මැද බාර් එක අල්ලං නැටුව බව පසුව ආච්චිලා ටික දැන්නුවාය.
මේ යන ගොඩක් උන් පවුල් කාරයෝය. වීල්ගොඩ මහත්තයා ගෙන් පුතාට දුවට රස්සාවක් ගන්නට සමහර එවුං යති. තව සමහර උන් මේක චාරිත්තරයක් විදියට ගෙන හැමදාම යයි. මං වැනි කිසිම වැඩකට නැති හාල් කෑලි මිනිස්සු තවත් ඔලුවක් වෙනුවෙන් යනවා නොවේදැයි දවසක් ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය. ඈ බං බරං...තෝ රතු පැත්තෙ වැඩවලටත් යනවා..නිල් පැත්තෙ වැඩවලටත් යනවා..කොළ එවුං කතා කලොත් ඒවටත් යනවා...තෝත් හරියට අර පඳුරක් ගානෙ රුපියල් පන්සීයට නිදාගන්න ගෑනු වගෙ නේ බං..
ඉතිං ඉස්කෝලෙ මහත්තයො ඔය පාට තුනේම උන්ට තේ බොන්නයි පච හලන්නයි අපේ කඩේට රිංගන්න හොදයි. උන් තුං ගොල්ලන්ටම අපේ සෝමක්කයි පුක මිරිකන්න විහිලු කරන්න හොදයි. ආප්ප තැම්බෙනකල් පච කිය කිය බංකුවෙ ඉන්න හොදයි. ඉතිං ඒ කඩේ ඉන්න මං තුන් ගොල්ලගෙම මිටිං වලට ගියාං හොද නැහැ කියලා ස්කෝල මහත්තයා කියනවා. ඉස්කෝලයා වැඩිය මං කතාකරනවාට ආස නැත. ඌ කියන පන්ඩිත කමක් කට බලියං ගහගෙන අහං ඉන්නවාට ඉස්කෝලයා ආසය. මං අනික් උන් කියනකොට කට වහං හිටියාට කෝපි කඩේ කුරුමා වැනිව පන්ඩිතයා වෙන්න හදන ඉස්කෝලයා ගේ වචන වලට මට තරහ යයි.
ඒ බං කඩේ තියෙන පණ නැති ඒව නේ හැමෝම පාවිච්චි කරන්නෙ..උඹට පණ තියෙනව නේ.. ඉස්කෝලයා පිලිතුරු දෙයි...
හුම් හුම් ඉස්කෝලෙ මහත්තයාත් කොල පාටියෙන් රස්සාව අරගෙන පිංසිපල් කම ගන්න නිල් පාටිය පස්සෙ යනවා කියලා මිනිස්සු කියනවා..අනේ මන්දා ඉස්කෝලෙ මහත්තයො අපි ඉතිං පොඩ්ඩක් පාට තුනටම ගියාම තමයි පස්නෙ..මහත්තැලා ඉතිං...
කියලා කියනකොටම ඉස්කෝලෙයා කොහේද මක බෑ වෙලාය. මිනිහා පේන තෙක් මානෙක නැත. දැන් ඉස්කෝලයා මං වැනි පිස්සෝ එක්ක කතාකොරන එක මෝඩකමක් යැයි කාටහරි කිය කියා යනවා ඇතිය. මට පිස්සුයැයි ලෝකෙට පෙන්වන්න හදන එකෙකි ඔය ඉස්කෝලයා. ඌ හිතන්නේ හැමදාම ගෙනියන පොත් ටික උස්සගෙන ගිහිං හැමදාම උගන්නන බොරු ටික ලමයිට කියලා ආවම ඌට කඩෙං නිකං තේ වතුර දෙන්න ඕනිය කියලාය. ඒවා මං එක්ක නැත..ඉස්කෝලයාගෙන් වුනත් ආප්පෙට හරියන ගාන ඉල්ලගන තේවතුර එකට හරියන ගාන ඉල්ලගෙන මිස මම පස්ස බලන්නෙ නැත. පුංචි මහත්තයා එහෙම කොරන්න එපාය කියන තුරු මම එහෙමය...
දැන් ඉස්සර වගේ පක්ස කෙරුවාව කරන්න බැරිය. මිනිස්සු වැඩිමනක් එන්න බැරි යැයි කියයි. පහුගිය දොහක රුපියල් පන්සීය ගානෙ දීලා ගල් බෝතල් බාගෙකුයි බත් පැකට් එකකුයි දීලත් මිනිස්සු බස් දෙකක් හොයාගන්න දහ දුකක් වින්ද බව වීල්ගොඩ මහත්තයාගේ කකුලක් වෙන පැන්ටිස් අයියා කිව්වේය. ඒ වුනාට මැයි දවස නිවාඩු නිසාත් කලිං ලෑස්ති වෙන්න ඇහැකි නිසා කොළඹටම යන නිසාත් කට්ටිය මැයි දවසේ නම් වැඩිය එන්න බැහැයි කියන්නෙ නැත.
දවල් දොලහ එක විතර වෙනකොට මැයි පෙලපාලි පටං ගනී. එතකොට නෙලුම් පොකුණ ලගට යන්න ඕනලු. හා හා අන්න අර බස් සෝල්ට් එක..අර වීරවංශයා හදපු එක..ඕක සල්ලි ගහගන්න ඇති හොද ගානක්..
ඒ වුනාට ඒක ලස්සනයි අනේ අපේ ගම් ඔල කොහොමයි ඔහොම ලස්සන ඒවා තියාගන්නෙ...කොල්ලයි බල්ලයි ඇවිත් ලගින්න ගන්නවනේ......කොළපාට ඉටිකොලයක් වගේ එකක් ගහපු යූ ඇන් පී පාට පක්ස කාර්යාලයක් වගේ මොකද්ද මඩුවක් වගේ එකක් පෙන්න පෙන්න පෙන්න බස් එකේ උන් මොකක් ද කියවයි. මම දැන් අමුතු වෙලාය.මට අනික් උන් කියන ඒවාද කොරන ඒවාද කැරකිලා පෙනෙයි.ඩෝප් එක ඇගට දැනෙමින් එයි...
ඔන්න පොකුනට ගෙනත් බැස්සුවාය. පොකුණ කිව්වට ඒකෙ වතුර නැත. බිත්තර ආප්පයක් වගේ ලොකු බිල්ඩිමක් තිබුනි. කොළඹ අලුතින් බිල්ඩින් හැදිලා ඇති බව ඒවායේ වැඩකොරන කොල්ලෙක් කිව්වේය. බිල්ඩින් වල වැඩකරනෝය කිව්වේ උන් බිල්ඩිමේ මහත්තුරු නොවේය. ගමෙන් කලිසම ගහලා ආවට උන් ඒවායේ කම්බි අමුනයි නැත්තං සිමෙන්ති අනයි.
මෙච්චර ලස්සනට මේ ටවුං තියෙනව..හැම තැනම පේමන්ට් පවා හදල නෙව. බලන්න පාරවල් වල බත් දාං කන්න ඇහැකි..එහෙමට තියාගෙන මේ කොළඹ හැත්ත තාම යූ ඇප් පීනෙ... මුං ඔක්කොම තම්බි එලවන්න ඕනි රටටම. මුංට ඇස් දෙකට පේන කන් වලට ඇහෙන දේවල් විස්වාස කරන් බැරි හැටි. සික් අම්මපා..මිනිස්සු වුනා ට මුං මහ කුඩුකේඩු ජාතියක්.
එකෙක් කුඩුවෙන්න ගහලාද කොහෙද ආන්ඩුවෙ හොඳ කියයි.
සහෝදරවරුනි මේ ලස්සනට තිබුනාට මේ ව චීන බඩු ..මේ චින සල්ලි නැත්තං අමරිකන් සල්ලි.. මේ හැම එකකටම අපි නයයි. මේ පාගන ටයිල් කැටයක් මේ පාගන පාරක ගලක් ගලක් ගානෙ අපේ පරම්පරා ගානකට අපි ණයයි. අපිට මේ ධනපති ආන්ඩුව එක්ක තවත් දීග යන්න අදහසක් නැහැ. තවත තවත් ජනතාව ණය බර තුල සිරවෙලා..අද කන්න බොන්න නැතුව ජනතාව ඉන්නකොට මේ අය කොළඹ අමුතු සුරපුරයක් හදලා තමුංගෙ පන්තිය නඩත්තු කරන්න යනවා..
මීට පෙර අවුරුද්දක රතුපාට කට්ටිය එක්ක ආවම එකෙක් කියපු කතාවක් බරං ට මතක් වුනා..
මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සරවෙලා අපි ආන්ඩුවට කියනවා ජනතාවට සහන දෙන් කියලා..අද ජාත්‍යන්තරය පවා මේ රට ගැන කළකිරිලා ඉන්නෙ.. අද හැමදේම එක නමකට යට වෙලා..නීතිය වල් වැදිලා.. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. ඒත් අලුත් වංචාකාරයො ටිකක් හදලා ඒගොල්ල රේස් යනවා..
ඒ පහුගිය පාර කොළපාට කට්ටියගේ මැයි දවසේ කතා කෑල්ලකි.
මේවා කියන විට මොන තැනදී අත්පුඩි ගහන්න ඕනදැයි කතාවෙන්ම අල්ලා ගන්නට දැන් බරංට හැක. මුල් දවස්වල චන්ද රැස්වීම ්වලට යනවිට බරං අනික් අය දෙස හොඳින් බලං ඉන්නේ කොයි වෙලාවෙ අප්පුඩි ගහන්න ඕනද කියලාය. දැන් නම් බරං කටහඩින්ම කොතැන අත්පුඩි වැදිය යුතුදැයි දනී.
එකපාර කඩාපාත්වුන වැස්සට බරං තෙමුනේය. සමහර ගම්වල ගෑනුන්ගේ පිටට පේන සාරි බෑය හෝ හැට්ට කෑල්ලට යටින් ඇති ගෙවී ගිය එල්ලෙන බොඩි කෑලි පේන්නට විය. ඒත් ඒ තෙමුන හැට්ට අතරින් පේන පරණ බොඩි කෑලි ටීවි වල පෙන්නුවේ නැත. වතුර බේරි බේරි ඇදෙන සුදු සරං අස්සේ තියෙන සීයට තුනේ ජොක්කු ද ටීවි එකේ පෙන්නුවේ නැත. අරක්කු උඩින් කෑ ගහ ගහ ඉදිරියට යන රැලට බරං ද එකතු විය. මේ කියන්නේ මක්කාද කියා දන්න මුත් හැමදාම කියන ඒවා කිය කිය පස්සෙං ගියේය..
සමහර එකෙක් කියන ගමං නටයි. තවත් එකෙක් උගුර දෙක වෙන්නට මහ හඩින් කෑ ගසයි. බත් එකටත් අරක්කු බාගෙටත් පන්සීයටත් එහා ගිය අනාගත අරමුණු මේ මනුස්සොයොන්ට තියෙන්නට ඇතිදයි දන්නෙනැත. එකෙක් ජාතිය ගලවගත්ත එක ගැන ස්තූති කරයි. තව එකෙක් සංවර්ධනය ගැන ඉස්තුති කරයි.
ඒත් බරංට කල්පනා වුනේ මේ බරං ලගින් යන කමලක්කා ජාතිය ගැලවෙන්නට පෙරත් ඉදි ආප්ප හදා කෙල්ලො දෙන්නාට උගන්වන්න මාන්සි ගත්තේය. දැනුත් ඉදිආප්ප ආප්ප තම්බලා උන් දෙන්නාගේ පුකවල් ලොකු වෙලා තියෙද්දිත් කමලක්කා උන්ට රස්සා අරං දෙන්නට මාන්සි වෙයි.. සමහර විට රස්සා ගත්ත විට කමලක්කාගේ දුවලා කොළම හෝ කොහේ හෝ ගොස් ජීවත් වෙන්න යනු ඇත. එත් කමලක්කා පුරුදු විදියට ඉදිආප්ප අරං කඩගානෙ යනවා ඇත. සංවර්ධනේ වුනත් නැතත් අපි අපිමය. ජාතිය තිබුනත් අපි අපිමය. යුක්තිය සාධාරනේ නීතිය තිබුනත් නැතත් අපෙ ගමේ උන්ට වෙන ලොකු විසාල වෙනසක් නැත.
ලයිට් බිල වැඩියැයි කඩේගාව එකෙක් දෙස් තියන විට අපේ පුංචි මහත්තයා ඇසුවේ බොට ලයිට් බිල කීයක් එනවාද කියලාය. රුපියල් තුන්සියක් විතර එනවායැයි ඌ කිව්වේය. දැන් ඒහෙනං බොට පන්සියක් එයි ලයිට් බිල. කියා පුංචි මහත්තයා කිව්වේය. ඌට රුපියල් එක්දාස් දෙසියක් වැඩකරන දවසකට ලැබෙන බවත් ඌ ආන්ඩුවට බනින්න කසිප්පු බොන්නම රුපියල් දෙතුං දාහක් මාසෙට වියදං කරන බවත් පුංචි මහත්තයා පසුව වෙන එකකුට කිව්වේය.
අපි එනගමනුත් නැවති නැවති අතන මෙතන ඉද ඉද ආවේය.බස් පෝලිං තිබුනේය. කොළබඳ බැලුවේය. කතා ටිකත් අහගත්තේය. ටීවි එකෙන් බලනවාට වඩා හොද පෝර්ති ටිකක්ද බලාගත්තේය. සීට් එකේ නිකංම පුක තියාගෙන ගොස් දෙන අරක්කු ටික බීලා බත් ගෙඩිද කාලා හොද දවසක් ගත කර ආවේය.
අපෙ කඩේ සෝමක්කාට පහල වත්තේ පොල් කඩන සයිබුවා සෙට් වී සිටියේය. සයිබුවා සහ සෝමා කපල් එක වගේ හැමිණි හැමිනි පෙලපාලි ගියෝය. සයිබුවාගේ ගෑනි දන්නවනං සෝමක්කා ඉදලා හමාරය. සමහර විට සෝමක්කාද බීල ඉන්න ඇත. වන්දනා ගමං ගියාට කවදාවත් සෝමක්කාට බොන්න ලැබෙන්නෙත් නැත. ඒ අතින් සෝමක්කාට නම් මේ ටිප් එක මරුය.
පුංචි බබාට විස්තරය කියන විට ඇයට ඉරිසියා හිතෙන්න ඇත. පුංචි මහත්තයා කාර් රෙකේ යන පංසල් ගමන වන්දනා ගමනට වඩා පන් එකක් තිබුන මේ ගමන ගැන පුංචි බබා ඉරිසියා කරන්නට ඇත. පුංචි බබාටට මං සෝමා ගැන කිව්ව එක වැරදි වෙන්න ඇත. ඒත් පුංචි නෝනා ඒක කාටවත් කියන එකක් නැත. පුංච් නෝනා කොළඹ ගොස් හෝ ටවුං ගොස් දැක්ක දේවල් පොඩිකාලෙ ලොකු කර කර කියනවා වගේ මමද කොළඹ ලස්සන පුංචි නෝනට කිව්වේය. ලබන අවුරුද්දෙත් නිල්පාට උන් එක්කම යන්න ඕනි..කෑමත්හොදයි අරක්කු ටිකත් හොදයි..බස් එකේ ඉඩත් තිබුනා... නෙලුං පොකුනත් බැලුවා. ටිකක් වැස්ස තිබුනාට පංකාදු ටිප් එක..
Subscribe to:
Post Comments (Atom)
එක උස්මට කියෙව්වා පට්ටම පට්ට
ReplyDeleteහාස්‍යයට එකතු වෙන යතාර්ථය උපරිමයි
meka thamai yatharthaya ban oya awai
ReplyDeletekiyana laksha 20 ma...
++++++++++++++++++++++++++++
එළකිරි මචෝ කියවලා අඬන්නද හිනා වෙන්නනද කියලා හිතා ගන්න බැ.
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
කියන්න ඕන කාරණා ටික අඩුනැතුව කියලා තියනවා.ලේඛන කලාවේ තිබෙන එක්තරා රටාවක් තමයි උපහාසය තුලින් ගෙන එන සමාජ පණිවුඩය.අවාසනාවකට අපේ සමාජය උපහාසයට හිනාවෙනවා ඒ තමන්ටම හිනාවෙන බැව නොදැන නමුත් ඒ තුලින් දෙන පණිවුඩය ග්‍රහණය කරනගන්නේ නෑ
ReplyDeleteඉස්තරම්!
ReplyDeleteපස්ටයි ...සැබෑ උපහාසය.
ReplyDelete